" My little boy... "
"මොකද මේ ආහ් ... මගේ පුංචි කුමාරයෝ ...කෝ මෙහෙ බලන්න පොඩ්ඩක් අයියා දිහා. ම්ම්ම්.."
මං මොකුත්ම කීවේ නෑ. ඒ වෙනුවට කලින් විදියටම shutter එකෙන් එළිය බලාගන හිටියා. මේ වෙලාවේ මට දැනෙන කිසිම දෙයක් මම පෙන්න දුන්නේ නෑ. ඒත් එච්චර වෙලා මට ඒ විදියට ඉන්න වුනේ නෑ. මොකද නිෂ් මගේ මූණ ඒ පැත්තට හරවගත්තා. ඒත් මම නිෂ් දිහා බැලුවේ නෑ. නෑ ! මට බලන්න බෑ. කොහොමටවත් බෑ.
" මොකෝ ආහ්... මේ ටික කාලෙට ඔක්කොම අමතකද? අයියව අමතකද ම්ම්.."
නිෂ් එහෙම කීවෙම හෙමින් වගේම ඒ ඇස් දිහා බලන්න පුළුවන් වෙන විදියට නිෂ් මගේ නිකටට ලගින් ඉස්සුවා. දැන් මං ඉන්නේ ඒ ඇස් දිහා බලං. නිෂ්ට තිබ්බේ dead eyes. ඒවා කවදත් සාමාන්‍ය මනුස්සයෙක්ගේ ඇස් වල තරමට වඩා අඬවන් වෙලයි තිබ්බේ. ඒක නිෂ් ට සරාගී පෙනුමක් ගෙනාවා. ඒත් ඒ කළු ඇස් වලට මං කවදත් වෛර කරා. එදා වගේම අදත්.
" දන්නවද කොච්චර මගෙ prince ව මට මතක් උනාද කියලා ම්ම්ම් ... ඉඳලා ඉඳලා ආවමවත් warm welcome එකක් දෙන්න ඕනනේ. "
" I'm your big brother, remember ? "
එහෙම කියන ගමන් මගෙ කම්මුල නිෂ් එක අතකින් පිරිමැද්දා. ඒ සීතලයි. ගොඩක් ගොඩක් සීතලයි.
ඒ එක්කම නිෂ් මගේ මූනට බර උනේ මගේ තොල් ඒ සීතල තොල් අතරට ගන්න ගමන්මයි. නිෂ් හිටියේ ඇස් වහගන මාරුවෙන් මාරුවට මගෙ තොල් සිපගන්න ගමන්. නිෂ් ගේ එක අතක් මගේ කලවා උඩ එහේ මෙහේ යද්දී අනික් අතින් මගේ බෙල්ලත් එක්කම මූන අල්ලන් හිටියා.ඒක ෆිල්ම් වල තියනවා වගේ උණුසුම් හාදුවක් උනේ නෑ. කවදාවත් ඒවා soft slow සිපගැනීම් උනේ නෑ. අදත් ඒ වගේමයි. වෙනදා වගේ aggressive නොවුනත් hard. මං හරිම අපහසුතාවෙන් හිටියේ. ඒත් මං නිෂ්ව තල්ලු කරේ නෑ. එහෙමයි කියලා කිස් බැක් කරෙත් නෑ. මගේ හිතේ දෝංකාර දුන්නේ මේ වෙනදේට මං අකමැතී. ඒක විතරමයි. එකපාරටම මගේ කලවා උඩ තිබුන නිෂ් ගේ අතකට මගේ සංවේදීම තැනක් තදවෙද්දී ඒ වේදනාවෙන්ම මගෙන් කෙදිරියක් පිට උනා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරං නිෂ් සිප ගැනීම ගැඹුරටම අරං යද්දී ඒ වේදනාවටම මගේ ඇස් මං තද කරලා පියාගත්තත් නිෂාන්ට මගෙන් හම්බවුන reaction එකට ඒ මූණේ කට කොනේ ඇඳුනු හිනාව මට මග ඇරුනේ නෑ. විනාඩි ගානක වේදනාත්මක සිප ගැනීමකින් පස්සේ නිෂ් මගෙන් ඈත් උනා.
ඌ තාමත් ඉන්නෙ මගේ මූනට හුස්මක දුරකින්. ඇස් ඇරියේ නැති උනත් මට ඒක දැනුනා. ඒ හුස්ම දැනුනා.
" I missed this so fucking much baby .....
Mmmm ....look at me little prince "
මං ඇස් ඇරියේ ඒ ඇස් දිහාම කෙලින් බලාගන. නිෂ් ඇගිල්ලක් මගේ මූණ පුරා අරන් යන ගමන් මං දිහාම බලං හිටියා. ඒක හරියට අපහසු හැඟීමක්. මෙතනින් ඈතට පැනලා දුවන්න තියේ නං. මගේ හිත දහස් වාරයක් මිමිණුවා. ඒ හුස්මක් වදින වදින ගානේ දැනුනේ එහෙම හැඟීමක්.
ඇත්තම කීවොත් මට පුදුම හිතුනා. ඇයි අද මගින් නතර කරේ? පුදුමෙටත් වැඩිය මගේ හිත බය උනා. කවදාවත් නැතුව මෙහෙම වෙද්දී බය උනා. වෙනදා තරම් රිදෙව්වෙ නැති උනාම සැනසිල්ලක් වෙනුවට මට දැනුනෙ බයක්. අද ගෙදරදිත් මට පාඩුවේ ඉන්න දුන්නනේ. But why?මගේ හිතේ කොච්චර දේවල් තිබුනත් මං ඒවා පෙන්නුවෙ නෑ. මං කරපු එකම දේ නිෂ් දිහාම බලන් හිටිය එක. මම වෛර කරන ඒ ඇස් දිහාම.. ඒ වගේම ඒ ඇස් නතර වෙලා තිබුනෙත් මගේ හැඟීමක් නැති ඇස් වල. තප්පර ගානක් ගත උනා ඒ විදියට. ඒත් එකවරම,
.
.
.
.
නිෂ් හිනා උනා. . .
.
.
.
හයියෙන්ම. . .
***
මම හිටියෙ නුවර වැව රවුමේ බෙන්ච් එකක් උඩ වාඩිවෙලා. නිෂ් මාව ක්වීන්ස් එක ලගින් ඩ්‍රොප් කරපු ගමන් මං දුවගන ආවේ මෙතනට.
මට හැංගෙන්න ඕන.
මට එතනට යන්න ඕන.
මගේ හිත කෑගැහුවේ එහෙම. මට පිස්සු වගේ. මට බයයි. මේ වගේ දාහක් දේවල් මට හිතෙද්දී.. ඒ පීඩනය හිර කරන් මං ඔලුව අත් දෙකෙන්ම අල්ලන් හිටියා. මං කොච්චර වෙලා එහෙම හිටියද කියන්න මං දන්නේ නෑ ඇත්තටම. මං ෆෝන් එක අරං කැම් එක ඔන් කරලා මගේ බෙල්ල දිහා බැලුවා. තාම හොඳටම රතු පාටයි. නිෂ්ගෙ අත්වල පාර තදින්ම හිටලා තියනවා. මගේ කොන්ඩෙත් අවුල් වෙලා පිස්සෙක් වගේ. මං ෆෝන් එකෙන් බලන්ම කොන්ඩේ හදා ගත්තා. ෂර්ට් එකේ උඩම බට්න් එක ඉතුරු වෙන්න අනික් එක දාගත්තා. දැන් පොඩ්ඩක් විතර ෂේප් වගේ. ඒත් පේනවා. කරන්න දෙයක් නෑ. හැබැයි ඉස්සරලා තරම් නෑ.
අද සෙනඟ වැඩී මෙහෙ. මට හරි අපහසුයි. මිනිස්සු හැමෝම මං දිහා අමුතු විදියට බලනවා වගේ මට දැනෙනවා. ඇත්තටම එහෙමද කියන්න මං දන්නෑ. ඒත් මට හැමවෙලේම හිතෙන්නේ එහෙම. දැනෙන්නේ එහෙම. අනිත් එක නිෂ් කොහෙන් හරි මතු වෙයිද කියලා කියන්නත් බෑ. මොකද මට යාළුවෝ නෑ කියලා මටත් වඩා හොඳට නිෂ් දන්නවා. මට බයයි.
ඉක්මනින්ම මට එතනට යන්න ඕන... පුලුවන් තරම් ඉක්මනට... සැනසීමෙන්... සැනසීමෙන් හුස්ම ටිකක් ගන්න....
වැව රවුමේ ඉඳන් මම ආවේ ඔරලෝසු කණුව පැත්තට. ගිනි කාෂ්ඨක අව්වයි. එහෙ මෙහෙ යන මිනිස්සු කඩිගුල වගේ. මිනිස්සු පිරුණු මේ වගේ තැන් වලට කොහොමත් මම අකමැතියි. ඒ නිසාම එක එක්කෙනාගේ හැප්පි හැප්පී ඇවිත් මගේ ඔළුවත් කැක්කුමයි. බෙල්ලත් නිකන් දැවිල්ලයි වගේ ඒ අස්සේ. ගුඩ්ෂෙඩ් එක හදන ගමන් නිසා කඩුගන්නාවට යන බස් දැන් නවත්තන්නේ පොලීසිය ලඟ රේල් ගේට් එක හරියේ. මං කොහොම හරි ඇවිත් බස් එකට නැගලා පිටිපස්සහම සීට් එකට ඉස්සරහ සීට් එකේ ඉදගත්තා. බස් එක තව විනාඩි පහකින් දහයකින් යන්න පටන් ගනීවි. මම ෆෝන් එක අතට ගත්තේ එයාට මැසේජ් එකක් දාන්න. ඊටපස්සේ ආයෙම මම shutter එකට ඔළුව තියාගන ඇස් පියා ගත්තේ දැනුන තෙහෙට්ටුවට මයි.
මං බලාගන වයසක අත්තම්මා කෙනෙක් ආවා තව ගෑණු කෙනෙක් ලඟට. මං හිතන්නේ ඒ ගෑණු කෙනාගේ අතේ එල්ලිලා ඉන්න ඇත්තේ එයාගෙ පුතා වෙන්න ඇති. අවුරුදු නවයක දහයක විතර ළමයෙක්. අර අත්තම්මා ඇවිත් මොනාහරි කීවා. බැගෑපත් වෙලා වගේ. මට හිතෙන්නෙ මොනාහරි ඉල්ලන්නවත් ඇති. එතකොට අර ගෑණු කෙනා ඒ අත්තම්මාට මොනවා හරි කීවා. මට හරියට ඇහුනේ නෑ ඒ මිනිස්සු කතාවෙන ඒවා. මං හිතන්නේ බනින්න ඇති. ඒ අත්තම්මා හිනා වෙලා එතනින් ගියා.
මට හරි දුකක් දැනුනා. මිනිස්සු කොච්චර නං අසරණද? ඇත්තටම බැලුවොත් ඒ ගෑණු කෙනා එයාගෙ දරුවට දුන්න ආදර්ශේ? ඒක කොච්චර නරකද? ඒ ලමයා කවදාවත් මනුස්සයෙක්ගේ දුකක් තේරුම් නොගනීවි කියල මට හිතුනා. ඒත් එක අතකට දැන් කාලේ මිනිස්සු විස්වාස කරන්නේ කොහොමද? බොරුව හැමතැනම. ඒ වගේ බස් වල එහෙම සල්ලි ඉල්ලං එන අය අපිටත් වඩා පෝසත් ඇති සමහරවිට. ඒත් අපි කොහොමද දන්නෙ ඒ ඇත්තටම අසරණ මනුස්සයෙක්ද කියලා? සමහර විට ඒ ඇත්ත නම් ඒ මනුස්සයා කොච්චර නං පව් ද? ඒ අත්තම්මගෙ මූණේ බොරුවක් වංචාවක් පෙනුනේ නෑ මට නං. ගොඩක් පව්. බොරුව නිසා ඇත්තටත් දැන් මේ ලෝකෙ තැනක් නැති වෙලා. බැටළු හම පොරවගත්ත වෘකයෝ හැම තැනම. ඇත්ත බොරුව තේරුම් ගන්න බැරි තරමටම ඒ රගපෑම් තාත්විකයි. ඉතිං අපි කාටද වැරදි කියන්නේ? එහෙම බැලුවම සමාජයක් විදියට අපිට කොතන හරි වැරදිලා. කවුරු කොහොම මොනව කරත් මං නං හිතන්නෙ මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවාම අපිට පුලුවන් දෙයක් නම් කරන්න ඕන. ඒක රැවටීමක් නං ඒක ඒ කරන කෙනාට තියෙයි. අනික් එක මිනි-
" මේ මලිලි කොහෙටද? "
.
.
.
" ගලහ හංදියට "
එකේක දේවල් හිත හිත ආව මම හරි සිහියට ආවේ කන්ඩක්ටර්ගෙ සද්දෙට. දන්නෙම නැතුව පොලීසිය ලගටත් ඇවිල්ලා. මට ගානක් ගියේ වත් නෑ. ටිකට් දීලත් මේ මනුස්සයා මං දිහා අමුතුවට බලන් ඉද්දී තමයි මට තේරුනේ මොකක් හරි අවුලක් තමා කියලා. ඒක ගානක් නෑ වගේ ඉඳලා ඩයල් එක ඉස්සරහට යනවා දැක්ක ගමන් මං බැලුවෙ මං දිහාම ආපහු. බට්න් එක ඇරිලා. රතු පාට වෙලා තිබ්බ එක දකින්න ඇති ඇගිලි පාරත් එක්කන්. මං කෝකටත් ෆෝන් එක අරං ආපහු සෙල්ෆ් කැම් එකෙන් බැලුවා.
" ෆක් "
හරිනේ අමාරුව. තොලේ කොනක් අර මිනිහා හැපුවනේ ඒක ඉදිමිලා හොඳටම. Shit ! ඉස්සරලා බලද්දී තිබ්බේ නෑනේ. මං දැන් නිකන් මදාවියෙක් වගේ. විනාඩියක් ඒක අමතක උනොත් පැය ගානක් යනකන් මතක් වෙලා ඔළුවත් එක්කන් ෆක් වෙනවා. නිෂ් උඹට නං හොදක් වෙන් නෑ ! මං දත් මිටි කෑවා. ඒ මූණ මතක් වෙන ගානේ මට මරන්න තරං කේන්තියි. ඒ හිනාව ඒ බැල්ම මේ ඔක්කොටම මං වෛර කරනවා.
බස් එකෙන් බැස්ස මම එතනම තියන පුංචි කඩේට ගියා. මෙහෙට එන හැම දවසකම මම මෙතනට එනවා. ඒ නිසා කඩේ මාමා මාව හොදට අඳුරනවා. මාව දැක්ක ගමන් කහට බැදුනු දත් පෙන්නලාම කඩේ මාමා හිනා උනේ මාත් ආපිට ලාවට හිනාවක් දුන්නම.
" අප්පේ පුංචි මහත්තයනෙ මේ .. ටික දවසකින් ආවෙත් නැති හින්දා මං ඒත් අපෙ ගෙදර උන්දැ එක්කනුත් කතා උනා "
මං මොකුත් නොකියා හිනා වෙද්දී අහන්නත් කලින් කඩේ මාමා හිනාවීගනම මට දුන්නේ මාරි බිස්කට් එකක්. හැමදාම මෙතනින් ගන්න එකම දේ මේක වෙද්දී අදත් ඕන මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන උනේ නෑ මට. මං සල්ලිත් දීලා කඩෙන් එළියට ඇවිත් බිස්කට් එක දාගත්තා කලිසමේ පිටිපස්සෙ සාක්කුවට. එතනම තියන කහ ඉරෙන් මං පාර මාරු උනා. ඒකල්ලා මං ෆෝන් එක අතට ගන්න ගියේ එයාට කෝල් එකක් දෙන්න හිතාගන. ඒත් එතකොටම,
"තේව්.....
ඇයි පරක්කු උනේ ...."
_________________________________________________
හෙලෝ කොහොමද ඔයාලාට?
~ නිෂ් ගේ වාහනේදී මොනවා වෙන්න ඇතිද?
~ කවුද මේ නිෂ්? ඔයාලා මොකද හිතන්නේ?
~ අන්තිමට තේව්ට කතා කරේ කවුරු වෙන්න ඇතිද?
එහෙනම මම ගිහින් එන්නම්.. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.. මතක ඇතුව comment කරන්න, share කරන්න, මාව follow කරන්න.. ( මාත් follow back කරනවා හොදේ )