මන්ත්‍රීකාරයගෙ කනට කොදුරපු මන් තව චුට්ටක් ඒ මූන බෙල්ල පාමුල කනගාවම නැවතිලා උන්නා...අඩුම තත්පර දෙක තුනක් වත්........
මේ තත්පර ගාන ඇතුලත මන් හිතන්නෙ මේ හතරවටම උන්න එවුන් මා දිහාවත් මන්ත්‍රිකාරයා දිහාවත් බලාගන උන්නෙ ගල්ගැහිලා වගෙ වෙනකොට අවසානෙදි මන් මිනිහගෙ හුස්ම මෙච්චර ඉක්මනට නවත්තන එකම බරපතල අපරාදයක් වගෙ දැනුන හන්දා අඩියක් පස්සට උනා...
අඩියක් පස්සට උන මන් එහෙම්ම ඒ මූන දිහා බලාගන උන්නා...එකම එක අංශුමාත්‍රයක් වත් අත්නෑරම මන් ඒ මුලු මූනෙම තිබුන හැම බිම් අගලම දිහා මන් මැගෙ ඇස් හීන් කරගන බලාගන උන්නා...........අවසානෙදි මමම ඒකගෙ නැශනල් කිට් එකෙ කුර්තා කමිසෙ හැදුවා...පපුව හරිය මගෙ ඇගිලි වලින් පිරිමැද්ද........
..................මේක තව ටික් දවසක් අනිවාර්‍යෙම්ම ගැහෙන්න ඕන රඹුක්වැල්ල......
මේ පපුව හිතන තරම් ලේසියට මන් නවතින්න දෙන්නෙ නෑ.....එහෙම උනොත් කාටත් වඩා මට දුක හිතෙයි........කාටත් වඩා මට පාලු හිතෙයි.....ඒක වෙන්න දෙන්න බෑ...එහෙම වෙන්න බෑනෙ රඹුක්වැල්ල නේ......උඹ ජීවත් වෙන්න ඕන........හැබැයි මට හිතුනොත්.....මට උඹ නැතුවත් ජීවත් වෙලා බලන්න ඕනයි කියලා....අන්න එදාට මීට වඩා ලස්සන නැශනල් කිට් එකක් අපි ඇදලා බලමු ම්ම්ම්ම්...
ඇත්තට...හහ්....හැන්නදිගෙ....හැන්නදිගෙ....සමුද්‍ර හැන්නදිගෙ ...දික්වැල්ලෙ ස්කීපර් අයියා....උඹ කෙරුමද....මගෙම ගෙදරට ඇවිත් මටම සද්දෙ දාන්ඩ උඹ කෙරුමද කියපන්.....????මේ රඹුක්වැල්ලට උඹ තවම කිරිදරුවෙක් විතරයි හැන්නදිගෙ....උඹ කෙරුමෙක් කියන එකද මේ නොකියා කියන්නෙ....හහ්...හහ්....හහ්.....
රඹුක්වැල්ල මේ දකුනෙ රජකරන්නෙ අදක ඊයෙක ඉදන් නෙවෙ යකො........මේ
රඹුක්වැල්ල මේ දික්වැල්ලෙ රජකරන්ඩ පටන් ගන්නකොට උඹ උඹගෙ මහ එකාගෙ ඇටේ වත් නෑ.......
රඹුක්වැල්ල කාරයා හිනා වෙනවා...මොන තත්පරේ මොන මගුල වෙයිද නොදැන කොයි වෙලෙ කොයි පැත්තෙන් කොයි වෙලා පාරක් වදිද...මොන පැත්තෙන් මූනිස්සමක් පියාඹයිද නොදැන ඔය මොන දේ මොන පැත්තෙන් ආවා උනත් තමන්ගෙ හුස්ම දෙවනි කරන් රඹුක්වැල්ලයගෙ හුස්න රකින්ඩ කැපවීගන ඉන්න ඒකගෙ කලු බලල්ලු රැල හතර වටෙ ඉදගන මගෙ දිහා බලාගන උන්නෙ ඇහිපිල්ලමත් නොගහන වෙනකොට අරකගෙ රංගනෙ දිහා මන් වගේ වගක් නැතිව බලාගන ඉන්න ගමන් තඹපාට ගැහුන මගෙ කොන්ඩෙ ඇගිලි තුඩුවලින් අවුල් කර කර ඉදලා එහෙම්ම ඒ අතින්ම මගෙ බෙල්ල පිටිපස්ස හීන් සීරුවට පිරිමැද්දා....
මේ යක්කු කොහොම මෙච්චර එක දිගට කතා කරනවද මන්දා......උපන්දා ඉදන් ශබ්දකෝශෙටම "ම්න්" කියන වචනෙ විතරක් අයිතිකරගන්න හිතාගන උන්න මාව මෙවුන් මෙච්චර කතා කරවන එකට....ම්ම්ම්න්න්...ම්න්......කමක් නෑ අපි තව චුට්ටක් වචන නාස්ති කරමු සමුද්‍ර......බස්සෙක් වෙන්ඩ හිතන් උන්න උඹට අවසානෙදි හිමි උනෙත් ගිරාපැටියෙක්නෙ ම්ම්ම්....නෑ....මොනර පැටියෙක්!
"මම මේ දික්වල්ලෙ රජකරන්ඩ ගන්නකොට උඹ මහ එකාගෙ ඇටේ වත් නෑ....."ඒක මරු ඩයලොග් එක.....ඒක ඇත්තටම මරු ඩයලොග් එක රඹුක්වැල්ල........රයිගම් සම්මානයක් අනිවාර්‍යෙම්ම හම්බෙයි....හැබැයි උල් කරපු එකක්......
රඹුක්වැල්ලයා හෑල්ලක් තරම් දිගට කියවගන ගියපු කතාවෙ හැම තැනටම වඩා අවසානම හරිය විතරක් මගෙ හිතට වදිනකොට ඒම වචන ටික මට ඇහෙන ගානට විතරක් මුමුනගත්ත මන් අවසානෙදි අඩමානෙට පහත් කරන් උන්න ඔලුව උස්සන්නෙ නැතිවම මගෙ ඇස් විතරක් උස්සලා ඒ මුන දිහා බලලා දිවෙන් කටකොන පිරිමැද්දා..........
රඹුක්වැල්ල හිතනවද මන් මගෙ මහ එකාගෙ ඇටේ ඉන්ඩ නැතුව ඇති කියලා ම්ම්ම්.....රඹුක්වැල්ලට ශුවර්ද...ම්ම්ම්ම්.....මන් අහන්නෙ හන්ඩ්‍රන්ඩ් ප්‍රසන්ට් ශුවර්ද මම උන්නෙ නෑමයි කියලා......ඒත් මන් හිතනවා මම උන්නමයි කියලා....ඇරත් මිස්‍ටර් රඹුක්වැල්ල කියනවා රඹුක්වැල්ල දික්වැල්ලෙ රජකරනවා කියලා.....දික්වැල්ල කියන්නෙ එක්තරා රාජධානියක් නම්....උඹයි මායි මේ රාජධානියෙ උරුමෙ වෙනුවෙන් සටන් වදින එවුන්ද ම්ම්ම්ම්ම්?????
................සටන් වදින්ඩ....සටන් වදින්ඩ දෙයක් ඉතිරිවෙලා නෑ හැන්නදිගෙ ...ඔහොම්ම ඇස් ඇරලා හොදට වටපිට බලපන්..........මේ රඹුක්වැල්ල පිටිපස්සෙන් හිටන් ඉන්නෙ කව්ද කියලා.......උඹට යටත් වෙනවා ඇරුනම කරන්ඩ දෙයක් නෑ.....එක රාජ්‍යක්ට රජවරු දෙන්නෙක් ඕන නෑ පුතා!ඉස්සර උන්නා වගේ කන් පාත් කරලා සර් කියාගන ඉමු නේ....
ඇත්තට ........??ආසයිද ම්ම්ම්.....මන් හිතන්නෙ මටත් අඩුම ගානෙ නොබෙල් සම්මානයක් වත් දෙන්න ඕන.....කන් පාත් කරලා සර් කියාගන ඉමු....හීන දකින එක සීමා කරමු නේ මහත්තයො ම්ම්ම්ම්ම්ම්????
රඹුක්වැල්ලයා මට කියනවා හොදට ඇස් ඇරලා බලන්ඩලු...උගෙ පිටිපස්සෙන් හිටන් ඉන්නෙ කව්ද කියන එක ඇස් ඇරලා බලන්ඩලු....මගෙ මාමන්ඩියා ඇරුනම රඹුක්වැල්ල පිටිපස්සෙන් හිටගන උන්නෙම දිවුරුම් පිට දිවුරුම් දීලා බලයට ඇවිදින් ජරාව කන බත්බැලයො වෙනකොට වෙන්දකඩුවගෙ ඉදන් මන් පිලිවලට ඒ මූනු ටික දිහා බලාගන ඇවිදින් ආයම රඹුක්වැල්ල කාරයා ගාව නැවතුනා...මට හිනහ යන්ඩ එනවා...ඒකත් මහම කැත විදිහට වෙනකොට මහෙ ඇතුලාන්තෙන් වෙව්ල වෙව්ල උන්නත් මගෙ ඉස්සරහා පට්‍ටම confidence පිට ඉන්න රඹුක්වැල්ලට හිනා උන මන් අනිත්පාර කුඩු ගැහුව එකා වගෙ එක නාස් සිදුරක් වහලා අනිත් නාස් සිදුරෙන් මහ සද්දෙන් හුස්ම ගන්න ගමන් ලාවට ඔලුව වැනුවා...
රඹුක්වැල්ල හරි...එක රාජ්‍යකට රජවරු දෙන්නෙක් ඕන නෑ.....රඹුක්වැල්ල කියන විදිහට රඹුක්වැල්ල පිටිපස්සෙන් හුගක් දෙනෙක් හිටන් ඉන්නවා...මෝඩ රැලක්....!!! One idiot is idiot two idiots are two idiots ten thousand idiots are political party....
Mr rambukwella the throne means nothing without someone to kneel at it....විහිලු කෙරුවට කමක් නෑ....ලිමිට් පන්නලා විහිලු කෙරුවම කිඩ්නි වලට ඩැමේජ් වෙන්න පුලුවන් ..මොකද ඇඹරෙන වේගෙ කාටවත් හිතන්න බැරිවෙයි.........ඔය තරන් වේගෙන් දුවන්ඩ එපා කකුල් පැටලිලා වැටෙයි....මොකටද දුවන්නෙ ම්ම්ම්ම්.......???
රඹුක්වැල්ලට විතරක් ඇහෙන තරමට කොදුරපු මන් අවසානෙදි සරමට යටින් ඇදන් උන්න කලිසම් සාක්කුවෙන් අතදාලා වොච් එක අරගත්තා....අරගන ඒ අල්ල උඩ මිටමෙලෙව්වා විතරයි මන් බලාගන රඹුක්වැල්ලයගෙ මූන තවත් සුදුමැලි වෙලා යනවා.....
.......................සාක්ශි ඉතුරු කරලා එන රීලා හත්පොලෙ ගාගන්නවට හපන් වැඩක් රඹුක්වැල්ල......නිවාඩු පාඩුව කපලා එන්ඩ තිබ්බනෙ හදිස්සියට හදිස්සියට කපලා දුවලා තියෙන්නෙ ම්ම්ම්....යන ගමන ඔය තරම් හදිස්සියෙන් යන්ඩ ඕන නෑ.......රඹුක්වැල්ල...රඹුල්වැල්ල...මන් හිතනවා උඹ දික්වැල්ලෙ රගන්ඩ ගන්නකොට මන් මගෙ මහ එකාගෙ ඇටෙන් එලියට ලීක් වෙලත් සෑහෙන දුර ගමනක් ගිහින් ඉදලයි කියලා.......

රඹුක්වැල්ලයා මන් උගෙ අතට තියාපු ඔරලෝසුව මිරිකගන ඉන්නවා....මිනිහා දත්මිටිකනවා...ෆ්‍රී ශෝ එක බලන එවුන්ට කරන්ඩ තිබුන එකම දේ කටපියාගන රනගනෙ රසවිදින එක විතරක් වෙනකොට මන් බලාගන මගෙ සෝලන්ගයා ජවනිකාවෙ තියන උනුසුම දරාගන්නම බැරිකමටද කොහෙද තවත් ඩන්හිල් එකක් පත්තු කරගන්නවා...නොහිතන වෙලාවක තවත් බෝම්බයක් පත්තු කරපු මන් ඊලගට දාන්න ඕන මොන වචනෙදි කිය කිය හිත හිත උන්න රඹුක්වැල්ලයගෙ උරහිසට අත තියලා ඒකගෙ ඇග වටෙන්ම වටයක් කැරකිලා ගිහින් තේජක සෝලන්ගාරච්චි ගෙ දෙතොලට හිරවෙලා තිබ්බ ඩන්හිල් එක ඇදලා ගත්තා....
දුම්බීම ලින්ගික අප්‍රානිකත්වය ඇති කරයි...ගවර්මන්ට් මැසේජ් එක....දුම්බීම පිලිකා ඇතිකරයි ගවර්මන්ට් මැසේජ් එක.....කෙලින්ම තහනම් කෙරුවා නම් ගවර්මන්ට් එකට මෙහෙම මැසේජ් කොට කොට ඉන්න ඕනත් නෑ සෝලංගාරච්චි ....ඒත් ආදායම එනවා නම්.....පිලිකාව හරි ඉම්පෝර්ට් කරන්නයි එක්ස්පෝර්ට් කරන්නයි ගවර්මන්ට් එක උනත් දෙපාරක් හිතන් නෑ...
උගුරෙන් පහලට ගියපු ඩන්හිල් දුම ආපිට නාස් කුහරවලින් එලියට එන්නවත් වෙලා තිබුන් නෑ.....ඔරලෝසුව දිහා බලාගන තවමත් දත්මිටි කන රඹුක්වැල්ලයට මන් වෙනුවෙන් වචනයක් කියාගන්න වෙලා තිබුන් නෑ.....ගේට්‍ටුවෙන් එපිට බයික් එකක් නවත්තන සද්දෙත් දොර බෙල් එක වදින සද්දෙත් ඇහුනත් එක්කම තක්කු මුක්කු වෙලා බලාගන උන්න දයාසිරියා පියවිසිහියට ඇවිදින් ගේට්ටු පියන අරින්ඩ දිව්වා...
ඩිලිවරි සර්වීස් එකෙන්....
මහත්තයා ඩිලිවරි එකෙන්....
දයාසිරියා තනිකරම සින්හකූඩුවට වැටුන හා පැටියෙක් වගෙ ගැහි ගැහි මහත්තයා ඩිලිවරි එකෙන් කියනවා එක්කම රඹුක්වැල්ලයා මිනාලයා දිහාවට හැරුනා...හරියටම උඹ මොනවා හරි මගුලක් ඕඩර් කෙරුවද අහන්න වගෙ වෙනකොට වොලට් එක අතට ගත්ත මන් අලුත්ම පන්දහෙ පටියක් අතට අරගත්තා...
දයාසිරි ....ඉතුරු තියාගන්ඩ කියනවා...
මන් හිතන්නෙ දයාසිරියගෙ ආත්මෙ මේ වෙනකොටත් යුනිවර්ස් එකෙම්ම ලෙෆ්ට් වෙලා ඇති....උගෙ දිහාවට දික්කරපු සල්ලි වලින් ඩිලිවරියෙ අයිතිය තියෙන්නෙ වෙනකාටවත්ම නෙවෙ මට විතරයි කියන්න ඌටවත් තේරුම් ගන්න තරම් හොද සිහියක් නැති උනත් මොකද මේ දැන් නින්දෙන් නැගිට්‍ට එකා වගේ ඌ අතෙ තිබ්බ පන්දහෙ කොලෙත් අරන් එලියට ගිහින් ආපිට ඇතුලට ආවා...නිකන් නෙවෙ....අත්දෙකම රෙස්ට්‍රොන්ට් නම ගහපු පෙට්‍ටි දෙකකින් පුරවගන ....
සුශි........
මගෙ දිහා කීදෙනෙක් බලන් උන්නත් මොකද ගානකට නොගන උන්න මන් දයාසිරියගෙ අතින් ඒ පෙට්ටි දෙක අතට නොගෙනම පෙට්ටි දෙක උගෙ අතේ තියෙද්දිම එකක් ඇරියා...එක පෙලට තියාපු සුශි රෝල් ගොඩක් එක්ක පැත්තක සෝස් වර්ග දෙක තුනක් දාපු පුංචි පුංචි ඩප්පි දෙක තුනක් වෙද්දි මන් වෙනම පැක් කරලා තිබ්බ හශිය අන්පැකින් කෙරුවා....
ඩිප් ඩිප්!!!
ම්ම්ම්ම්.......
මමම ඇහන නෑහෙන ගානට ඩිප් ඩිප් ගාන ගමන් සුශී රෝල යන්තමට ඩ්‍රෙසින් එකෙ තවරගන රහ බැලුවා.....රඹුක්වැල්ලයට මාව මෙතන මරන්ඩ පුලුවන් නම් මෙතනම මරලා දාන තරම් තරහවක් ඒ මූන පුරාවටම ලියවිලා තිබුනා...ඒත් මන් නෙවෙ ගනන් ගත්තෙ....තඹ සතේකට හතර වට එවුන් ගැන මායින් කෙරුවෙ...දෙවනි වතාවටත් තව රෝලක් ගත්ත මන් ආයම ඩ්‍රෙසින් එකෙ තැවරුවා...හැබැයි දෙවනි එක මට නෙවෙ දයාසිරිට....
ඩිප් ඩිප්....කෝ ආ....
මට...එ..මට එ.....
ශ්ශ්....ශ්ශ්...කනවට වඩා කවනකොට රසයි දයාසිරි......කෝ ආ......
ඩිප් ඩිප්....
තුන් වෙනි වතාව ..හතරවෙනි වතාව....
හිතෙන හිතෙන එකාට එකින් එක කටට ඔබපු මන් අවසානම දෙකම එකට තියලා සෝස් එකෙ ගිල්ලෙව්වා...
ඩිප්....ඩි....ප්!!
මටත් නොදැනිම මගෙ ඇස් තව හීන් වෙනවා.....යන්තමට කෙවීගන ආව ඇස්වල ඇස්කොන් වලින් ගින්දර පිට වෙන්නා හා සමානව උනුහුමක් පවා දැනෙනකොට මටත් නොදැනිම මට දත්මිටි කැවුනා...අවසානම රෝල් දෙක වෙනකාටවත්ම නෙවෙ රඹුක්වැල්ලට වෙනකොට මන් බලෙන් වගෙ කට ඇරලා සුශි රෝල් දෙකම කටට එබුවා........අරකා මාව කනවා කියලා හිතාගනද කොහෙද එක වතාවක් දෙවතාවක් හපපු සුශි රෝල් දෙක උගුරෙනුත් පහලට යනවත් එක්කම මන් දයාසිරියා අතේ තිබ්බ අනිත් පෙට්ටි පියන ඇරියා.....කාටත් වඩා මහ සද්දෙට මට වෙන්දකඩුවගෙ හීල්ලුම ඇහුනා...
හැන්නදිගේ...උඹ!!
අතක් ....නෑ...අත් දෙකක්....!!මැනික් කටුව ගාවින්ම දෙකට වෙන් උන අත් දෙකක්........පෙට්ටිය අල්ලන් උන්න දයාසිරියගෙ අත් දෙකම වෙව්ලලා අතෙ තිබුන සුශීපෙට්ටියත් අනිත් පෙට්ටියත් බිම වැටිලා ගියා වගෙම මැනික් කටු ගාවින් වෙන් වෙලා තිබුන තවමත් අමු ලේ කුයිලෙ කාන්දුවෙන අත් දෙක සිමෙන්ති ගල් පොලවෙ රෝල් උනා.....
බ්වෑ...
දයාසිරියා ඔක්කාර කරනවා.....ලේ බිදක් දැක්කත් ඌට කලන්තෙට එනවා....ගමකට ගහන්ඩ කතාව එ උනාට......අරූ හැන්නදිගෙ විතරයි කිව්වෙ....ඉන් එහාට කෙරුවෙම දත්මිටි කාගන අත්දෙකෙම ඇගිලි දහයෙම පුරුක් පවා කැඩිලා යන තරමට තදින් මිරිකගත්ත එක වෙනකොට කොච්චරවත් අවදානෙ ඉල්ලන පොඩි ගෝඩ බැරල් එක අතේ තිබ්බ පිස්ටල් එක කරකව කරව ඇවිදින් අර බිම තිබ්බ අතක් උගෙ කකුලෙන් එහා මෙහා පෙරලලා කට කොනින් හිනා උනා...හිනා වෙලා මගෙ දිහා බලලා මන් කරන්නා වගේම යටි තොල දිවෙන් තෙත් කරන ගමන් මගෙ ගාවට ඇවිදින් හිටගත්තා....
තමුසෙ අත් දෙකම කැපුවද...??? Experience තමයිනෙ.....තමුසෙ දන්නවද....නෑ එක්කො කියන්ඩ ඕන නෑ....ඒක මගෙ හිතෙ තිබ්බ දෙන්.......
හ්ම්.....හිතේ තියාගනින්....මන් කිව්වනෙ කියලා කරන කිසි දේක අගයක් නෑ....
හැ න් න දි ගෙ.....
අරකව වෙව්ලනවා.... ...මිනාලයා ගානක් වත් නැතුව අර බිම තිබ්බ අත් දෙක කකුලෙන් එහා මෙහා තල්ලු කරනකොට අනිත් එවුන් නම් උන්නෙ නොබලා බැරිකමට බලාගන උන්න එක වෙනකොට දයාසිරියා මුලු දික්වැල්ලටම ඇහෙන්න ඔක්කාර කරන සද්දෙත් අහ අහම මන් රඹුක්වැල්ලයග් වෙව්ලන අතක් අරගන උඩට ඉලිප්පිලා තිබුන නහරයක් හීන් සීරූවට පිරිමැද්දා...ඒ එක්කම ඒකා ගස්සල වගේ උගෙ අත මගෙ අතින් ගත්තා....ඒ අතේ තිබුන මුදුවට මගෙ ඇගිල්ලක් හීරීගන ගියා.....
..........ඇයි මේ කේන්ති ගිහින් ම්ම්ම්ම්ම්........මැරුවෙ නෑ.....හැබැයි ආය ඔරලෝසු දාන්ඩ අත් දෙකක් නෑ.......... රඹුක්වැල්ල දන්නවද සාක්ශියක් හැලෙනවා කියන්නෙම මිශන් එක ෆේල් වෙන්ඩ තියන ප්‍රතිශතෙ එන්ඩ එන්ඩ වැඩි වෙනවා කියන එක....අපරාදෙ .... රඹුක්වැල්ල තමුන්ට දෙයක් මන් කිව්වනෙ ම්ම්ම්....මන් කිව්වෙ නැද්ද...??මන් උඹට එදත් කිව්වා...උඹට සදාකාලිකවම හැන්ගෙන්ඩ හම්බෙන්නෙ නෑ කියලා......you cant hide from the night mares you've created ....උඹගෙන් මන් හැමදාම එක ප්‍රශ්නයක් අහනවා...උඹ අද වෙනකන් දන්නෙ නෑ මන් මෙ ප්‍රශ්නෙ අහන්නෙ ඇයි කියන්ඩ.....කමක් නෑ...උඹ කරපු පව් කීයක් කියලා මතක තියාගන්ඩද නේ....ම්ම්ම්....මන් අදත් ඒම ප්‍රශ්නෙ අහනවා.....ඇයි උඹ එහෙම කෙරුවෙ ම්ම්ම්ම්ම්.....ඇයි????? මන් අහන්නෙ ඇයි......?????.
සෝලංගාරච්චි .....
ශ්ශ්...ශශ්.....do not break eye contact .....අපෙ සමාගම තාම ඉවර නෑ....රඹුක්වැල්ල හිතන්නෙ රඹුක්වැල්ලගෙ හැම ඕඩරේම ස්ටේශන් එකට එන හැම ඕඅයිසි කාරයෙක්ම අහයි කියලද ම්ම්ම්ම්....ශ්ශ්....dont call my father in law...okay...
මන් අදත් ඒම ප්‍රශ්නෙ රඹුක්වැල්ලයගෙන් ඇහුවා...අදත් මන් උඹ එහෙම කෙරුවෙ ඇයි කියලා ඇහුවා....මන් ඇයි එහෙම කෙරුවෙ කියලා අහන්ඩ හේතුව වත් තේරුම් ගන්ඩ බැරි රඹුක්වැල්ලයා පුපුර පුපුරම මගෙ මාමන්ඩියට අනක් නොදි අනක් දෙනවා එක්කම මන් ඒකව නැවත්තුවා කොටින්ම ඒ ඇස් වලින් සෝලංගාරච්චි දිහා බලන්ඩවත් නොදි මන් ඒ ඇස් ඉස්සරහින් ආය ආයම හිටගත්තා...
ආයමත් පරන ප්‍රශ්නෙ.....ආයමත් පරන කතාව...මගෙ හදවත තනිකරම පුපුරන්ඩ ඔන්න මෙන්න තියන බොයිලේරුවක් වගෙ...ගෙවෙන තත්පරයක් තත්පරයක් ගානෙම මගෙ තරහව එන්ඩ එන්ඩම වැඩිවෙනකොට රඹුක්වැල්ලයගෙන් ඇයි උඹ එහෙම කෙරුවෙ කිය කිය අහන මන් අදත් උගෙන් ඒ දේම ඇහුවා....
හැන්නදිගෙ උඹ තවම ජිවත් වෙනවා නම්...ඒ මගෙ ඉවසීම තවම පැන්නෙ නැති හන්දා......
Are your sure.....???ඒකමයි හේතුව මන් තවම ජීවත් වෙන්න??? නෑ රඹුක්වැල්ල උඹට වඩා මන් ඉස්සරහින් හන්දා.....උඹට වඩා මන් හැමදාම ඉස්සරහින් උන්න හන්දා...උඹට මාව මරන්ඩ ඕන නම්...වරෙන් අපි මැරෙමු...මා එක්කම එකට මැරියන්.....ම්ම්ම්....මොකද අවසානෙදි උඹ මැරෙනවමයි.......රඹුක්වැල්ල...ඇයි උඹ එහෙම කෙරුවෙ ම්ම්ම්...ඇයි ඒ ....???????
මේක පටන් ගැම්ම විතරයි රඹුවැල්ල.....මේක පටන් ගැම්ම.....මින් ඉස්සරහට උඹට මේ වගෙ තව ජී ජාතියක් ඩිලිවරි වෙයිද කියන්ඩ වයිමා වත් දන්නෙ නෑ......මගෙ ඉස්සරහින් අයින් වෙයන්.....උඹගෙ එකවුන්ට් එකෙ පරන කුනු නොසෑහෙන්ඩ තියනවා........ම්ම්ම්ම්ම්....රඹුක්වැල්ල....
dont make me a villain you made this monster i only learned how to wear this name...for god sake...ඇයි උඹ එහෙම කෙරුවෙ ම්ම්ම්????what am i to you a disgrace ???a failure ???a mistake ????
අම්මටම සිරි....කඩ්ඩෙම්මයි කොටන්නෙ...දවසින් මැජික් අරිශ්ටෙ වත් ගැහුවද...නැත්තන් උඹ ඉන්ග්‍රීසි පොත් දෙක තුනක් කැද හදල බිව්වද හහ්....මොනවා උනත් හොද ප්‍රගතියක් පෙන්නවා......මේ ඔක්කොම උඹ නූගත් ලේබලෙන් ගැලවෙන්ඩනෙ ....
පොඩි ගෝඩා බෝතලෙ.....ඩෝන්ට් අන්ඩ්‍රෙස්ටිමේට් මයි සන් ඉන් ලෝ..... සුදුපුතා......වරෙන්....ඇති දැන් ඔය.......වචන නාස්ති කරන්ඩ එපා ........බල්ල හැපුවට උඹ බල්ලව හපන්ඩ ඕන නෑ....(හැබැයි මග රැකලා...මරපන්)
මන් මගෙ යටි තොල් ලේ රහවෙනකම්ම හපාගත්තා....කොටින්ම තේජක සෝලන්ගාරච්චි ඇවිදින් ඇතුලාන්තෙන් වෙව්ල වෙව්ල පුපුරන්න හදන මගෙ උරහිසට අතතියලා මාව එක්කන් යන්න හදනවත් එක්කම මන් සෝලංගාරච්චි ගෙ අතට නොරිදවා ඒ අත අහකට කෙරුවා.....
සෝලන්ගාරච්චි ...ඔය ඇස්වලයත් මාව villain කෙනෙක් නම්....dont forget villain's have family too....මේක මගෙයි රඹුක්වැල්ලගෙයි බිස්නස් එක......දැන දැන ගින්නට පනින මෙරුවෙක් වෙන්ඩ එපා......උත්තර නැති ප්‍රශ්න එක්ක මැරෙනවට වඩා උත්තර දැනන් මැරෙන යුද්දෙ මට දිනුමක්....
මන් සෝලංගාරච්චිව පැත්තකට කෙරුවා.....ආපිට මගෙ ප්‍රශ්නෙට ආව මන් රඹුක්වැල්ලයගෙ ඇස් දිහා බලාගන ඉදල ඉදලා ඌටවත් හිතන්න වෙලාවක් නොදි මන් ඒකව ඇදලා අරන් බදාගත්තා...හැබැයි ඒ බදාගත්තා විතරයි මන් බලාගන ඒකව වටකරගන උන්න රඹුක්වැල්ල සේනාංකෙම එක සින්ගනල් එකෙන්ම මාව කම්මුතු කරන්ඩ බලාගන පිස්ටල් එක පෙලට මගෙ දිහාවට එල්ල කෙරුවා...ඒ එක්කම සෝලංගාරච්චි සාක්කුවට අතදාලා හෑන්ඩ් කෆ් දෙකක් අරන් උන් හැමෝටම පේන්ඩ උස්සලා පෙන්නුවා.....අවසානෙදි මහ සද්දෙන් බිමට වීසි කෙරුවා.....
තියලා බලපන්.......නීති ඇහිලි නෑ........උන්ඩෙ යන වේගෙට කලින් මට පුලුවන් එම්බාම් එක ගස්සවලා දෙන්ඩ...
මන් තවම රඹුක්වැල්ලව කිටි කිටියට බදාගන.....සෝලංගාරච්චි ගෙ වචන ටික කියන්නෙත් මට මහ පර්වතයක් හා සමානව දැනෙනකොට රඹුක්වැල්ලව බදාගන උන්න මන් මගෙ ඇස්වලින් වැටෙන්ඩ ගියපු කදුලු බින්දුවට ඇහි ගැට්‍ට පහු කරන්ඩ නොදි තව තවත් ඒකව ඇගට තියලා හිරකරගත්තා....
උඹ මොන විදිහටද මාව දකින්නෙ ම්ම්ම්....මොන විදිහට දැක්කත් වැඩක් නෑ...මන් ආසයි උඹගෙ ඇස්වලට මාව මිස්ටේක් එකක් විදිහට පේනවා නම්...උඹගෙ මුලු ජීවිත කාලෙටම උඹගෙ අතින් උන විශිෂ්ටතම මිස්ටේක් එක වෙනමොකක් වත් නෙවෙ... මේ හැන්නදිගෙ!!
රඹුක්වැල්ල im going to hell i know it but im bringing you all with me.....come burn with me.....උඹට වගෙමයි මටත් ...ලේ ගැලුමක බැහැල උන්නත් ගානක් නෑ රඹුක්වැල්ල....ලේ ගැලුමක් මගෙ ඉහට හැලුවත් වැඩක් නෑ...මොකද මටත් දැනෙනෙන්නෙ නෑ රඹුක්වැල්ල....සීනු සද්දෙ ඇහනකොට මොනවා හරි මතක් වෙනවා නම්......ඊලග තත්පරේදි මාවත් මතක් කරගනින්!
සුදු පුතා වරෙන් ....දැන් ඔය ඇති ....වරෙන්.......කිව්වම අහල වරෙන්...
සෝලංගාරච්චි මාව අදිනවා....ඇද ඇද වරෙන් වරෙන් ගානවා......අවසානෙදි රඹුක්වැල්ලගෙන් අහක් උන මන් යන්ඩ හැරුනා.....ඒ හැරුනත් මන් ආයම පොඩි ගෝඩා බෝතලෙ දිහා බැලුවා........ඒකා මගෙ දිහා බලාගන ඉන්නවා.......ඒකගෙකටින් පිට උන හැම වචනයක් ගානෙම මගෙ පපුව පුරාවටම කෙටිලා තියෙද්දි මන් කරපු එකම දේ නම් උගෙ ගාවටත් ගිහින් ආපහු උගෙ ඔලුව අතගාපු එක
වැඩක් නෑ...ඔය වැඩෙ නවත්තපන්.......පොඩි රඹුක්වැල්ල.....දාන්ඩ පුලුවන් උපරිම රංගන දැම්මත් no means no!!උඹ ආසම උඹව එපාමයි කියන එවුන්ට ඒකනෙ උඹගෙ ටේස්ට් එක...වැඩක් නෑ...උඹට හැමදාම හම්බෙන උත්තරෙ බෑමයි කියන එක.....ආහ් අනික.....උඹට මගෙ කඩ්ඩ ගැන පොඩි අවුලක් ආවනෙ.......උඹ නොදන්නවා උනාට මගෙ ඩිග්‍රිය සෑහෙන්ඩ පරනයි...පරිස්සම්න් තේරුනාද...ම්ම්ම්.....
වරෙන්...වරෙන් ඔය ඇති.....පොඩි බොසා....අප්පච්චිට පොඩ් ඇඩ්වයිස් ටිකක් දුන්නා...අහලා දැනගන පාඩුවෙ වැඩක් කරන් ඉමු තේරුනාද......මේ කොහෙවත් ලගකදි දෙන අවර්ඩ් සෙරමනියක් නෑ...ඒ හන්දා රංගනෙ නවත්තමු......නැත්තන් උඹව සමානවලින් දමලා ගහන්ඩ වෙයි.....සමුද්‍ර වරෙන් යන්ඩ උඹත් අර ගෙම්බා වගේ තවත් පුම්බනවා.....
මගෙ මාමන්ඩියා මගෙ අත කිටිකිටියට අල්ලගත්තා....තවත් පුම්බන්නෙ නැතුව වරෙන් වරෙන් ගෑවට මගෙ ඇස් තවමත් තිබුනෙම රඹුක්වැල්ල ගාව වෙද්දි මාව ඉස්සරහට ඇදිලා ගියත් මිසිස් රඹුක්වැල්ල උන මන්ත්‍රී මැනිකෙගෙ වාහෙන් සද්දෙ ඇහුනත් හරි ගේට්ටුවෙන් එලියට යන්න ගිහිනුත් මන් ආයම නැවතුනා...
ආය නැවතුනා....ඒපාර මොකද....කිව්වම අහල වරෙන්....
ඒහ්....රඹුක්වැල්ල......ක්ලබ් එකක් ගහන්ඩ ඉඩමක් ගන්ඩ යනවලු නේ...ම්ම්.....දූපතක් හරි අරන් දෙන්නම්....ඔය ඔප්පුව පැත්තකට දාමු ම්ම්ම්ම්....තව දෙයක්....මල්වානට යනකොට රඹුටන් අරන් ගියෙ මොකො...දැන් සිකියුරිටි එක සෑහෙන්ඩ තද හින්දද?????? රඹුටන් අරන් ගියාට කමක් නෑ...හිටවලා එන්ඩ හදන්ඩ එපා.....පස්සෙන් පහුවෙනකොට ඔව්වා හෙන කේස්...
ඇති බන්...ඇති ඔය.....තවත් කියෝනවා......වරෙන්කො.....කිව්වම අහල වරෙන් යන්ඩ.....
මාමන්ඩියා මාව අදිනවා.....මට ගහගන්ඩ බැරුවද.....මන් කියන දේට ආපිට කියන්න උත්තර දීගන්න තරම් ඉවසීමක් නැතිකමටද කොහෙද රඹුක්වැල්ලයා සාරි ගප්පි පීන පීනවා ඉන්නවා දැක දැකම සිමෙන්තියෙන් හදාපු පොඩි පොඩ්න් එක උස්සලා පොලවෙ ගහලා පොඩි පට්ටම් කරලා දැම්මා...
වරෙන්....තවත් බලන් ඉන්නවා.....කිව්වම අහලා වරෙන් සමුද්‍ර...මන් නෙවෙ උඹගෙ නැන්දම්මා ඉන්ඩ තිබ්බෙ මෙවුන් ඔක්කොටම හනසු පාර තමයි.....
ගෙට්ටුපියන ගාව හිටගන එලියටත් නැතිව ඇතුලටත් නැතුව උන්න මන් සිමෙන්ති පොලව උඩ පන අදින තැඹිලිපාට මාලු අහුර දිහා බලන් ඉදලා අනිත්පාර මගෙ අත මිරිකන් උන්න සෝලංගාරච්චි ගෙ අත මගෙ අතින් අහකට කරලා දැම්මා...
ඌට පව් කරලම ඩිග්‍රියක් තියනවා සෝලංගාරච්චි .............
වරෙන් යන්න....
සෝලංගාරච්චි ආයම මගෙ අත අල්ලගත්තා...හරියට නිකන් මන් ආපිට ගිහින් අරකගෙ මූනට දෙකතුනක් කෙලලා එයිකියලා හිතලද කොහෙද මිනිහා මගෙ අත තදකරලම අල්ලගන්නවත් එක්කම ගේට් එක ගාව කැබ් එක නතරකරලා සෑහෙන වෙලාගියත් වාහෙන් එලියට බහින්නෙ නැතුව උන්න මිසිස් රඹුක්වැල්ල...රඹුක්වැල්ලත් ඵෝන් එක කනේතියාගනම එලියට බැස්සා.....
ගෑනි කෝල් එකක.....තනිම සුදු කපු සාරියට මෙ ගිනි මද්දහනෙ කරත් වහලා අතත් දිගට දාපු සාරි ජැකට් එකක් ඇදන් උන්න රඹුක්වැල්ලයගෙ ගෑනි උන්න කෝල් එකෙ බරපතල කමටමද කොහෙද ගෑනිට පහු වෙන මාවත් සෝලංගාරච්චිවත් ගානක් නැතිවේගෙන ගියා...
මිස්ටර් දහනායක චෙයාවුමන්ගෙ වචනවල වෙනසක් නෑ කියන්න මිස්ටර් දහනායක දන්නෙ අදක ඊයෙක ඉදන් නෙවෙනෙ.......තියටර් එකෙ කව්ද ෆෆෝම් කෙරුවෙ????
..............සාරි බාරි ගහන් මේකි මහිලා සමිතියක රැස්වීමකට වත් ගිහින්ද...බාර් වලට සාරි ගහන්ඩ ඕන නෑනෙ බන්.....???
ඵෝන් එක කනේ තියාගනම කතාවෙ සිහියෙන්ම ආව සිරිනි ඇතුලට යන්න ගියා...මෙච්චරවෙලාම මගෙ අත මිරිකල වගේ අල්ලන් උන්න සෝලංගාරච්චි මේ වෙනකොට උන්නෙ මගෙ අත අතැරලා පපුවට අත්දෙකම බැදගන මෙතින් පාස් උන ගෑනි දිහා බලාගන මුමුන මුමුන වෙනකොට මන් බලාගන මිනිහගෙ යටිතොල හැපෙනවා...ඒ විතරක් නෙවෙ පපුවට බැදගන උන්න අත්වලින් අත් ගොබ මිරිකගන්නවා.......
සෝලංගාරච්චි ...සෝලංගාරච්චි ...........
මන්ත්‍රී දේවි දැක්කම ඇයි සෝලංගාරච්චිට දත්මිටිකැවෙන්නෙ.....ම්ම්ම්ම්ම්.....
මෙච්චරවෙලාම මාව ඇද ඇද යන් කිය කිය නටපු මගෙ මාමන්ඩියට සිරිනිව දැක්ක තත්පරේ ඉදන් අර යන්න තිබ්බ හදිස්සිය නැතිවෙලා ගියාද කොහෙද....වතාවක් දෙවතාවක් මුමුනපු සෝලංගාරච්චි අනිත්පාර කෙරුවෙ එක අතකින් නලල මිරිකගත්ත එක වෙද්දි මන් ඒ හැම ඉරියව්වක් දිහාම රඹුක්වැල්ලයා දිහා බලාගන උන්නටත් වඩා වැඩි අවදානයක් දීලා බලාගන උන්නා.....
රාජකාරි මට්ටම් තරහවක්ද....???.නැත්තන් පුද්ගලික තරහවක්ද ම්ම්ම්.....උඹ ආවෙත් දඩුවම් මාරුවකින් නෙවෙ කිව්වනෙ.....ඒ කොහොම උනත්....සිරිනි කියන්නෙ උඹගෙ ලිස්ට් එකට වඩා මගෙ ලිස්ට් එකේ ඉන්න මේන් කැරක්ටර් එකක් සෝලංගාරච්චි ...රාජකාරි මට්ටමෙ තරහවක් නම්....කමක් නෑ...වාට්ටුව පැත්තට දාලා මොකක් හරි ගේමක් ගස්සලා දෙන්නම්....හැබැයි පුද්ගලික තරහවක් නම්...ගෑනිව වාට්ටුවට දැම්මත්....මට සිද්ද වෙනවා...
ඉන්ධී.....වර්....
මෙච්චරවෙලාම සෝලංගාරච්චි දිහාව බලාගන සිරිනි ගැන කල්පනා කර කර උන්න මගෙ කල්පනාව නම් වෙච්ච බැලුමට කවුරු හරි කට්ටකින් ඇන්නා...කොටින්ම මන්වත් නොහිතන වෙලාවක....
මාව ගැස්සිලා ගියේ නෑ කියලා කිව්වොත්....
නෑ....ඒක විස්වාස කරන්න එපා...ඒක බොරුවක්.....මහපරිමාන තරහවක් හිත ඇතුලෙ තද කරන් නිසල මුහුදකට අන්තව නිවිලා වගෙ පිටට පෙන්න පෙන්න උන්න මාව ගැස්සිලා ගියා....
ඉන්ධීවර්....
සමුද්‍ර නොකියම ඉන්ධීවර් කියන මගෙ නමෙ අවසානම කොටස ඇහෙන නෑහෙන වගේම අඩමානෙට වෙව්ලන කටහඩක් මගෙ පිටිපස්සෙන් ඇහෙනවත් එක්කම මන් එහෙම්ම පිටිපස්ස හැරුනා......
ඉන්ධීවර්....වෙන කවුරුත් නෙවෙ මට ඉන්ධීවර් කියලා කතා කරලා තිබුනෙ ඕඅයිසි වෙන්දකඩුවගෙ පුතා!
ඔයා මෙහෙ.....??
ම්න්....
මන්...හිතුවෙ නෑ ඔයාව මේවෙලාවෙ මෙහෙම දකින්න වෙයි කියලා.....
ම්න්...ඇයි මට මෙහෙ ඉන්න බැරිද??
(සුදු පුතා වරෙන්....????)
...............අංකල් සෝලංගාරච්චි ...
..............????
අංකල්....අංකල් මෙහෙ???ඉන්ධීවර් ඔයා ආවෙ අංකල් සෝලංගාරච්චි එක්කද ???
ම්න්....
රොලීන්......!
ඉශිත....!!
කාගෙ ප්‍රශ්නෙට මුලින් කවුරු උත්තර දෙන්නද????
තත්පරයක් දෙකක් ඇතුලත මන් හිතන්නෙ මගෙ මාමන්ඩියටත් මටත් කවුද මුලින් මොන ප්‍රශ්නෙටද උත්තර දෙන්නෙ ඕන කියලා හිතාගන්න බැරිව ගියා....හිතුවෙ වත් නැතිම විදිහට මගෙ පිටිපස්සෙන් මතු උන වෙන්දකඩුවගෙ පුතා ඉශිත ඉන්ධීවර් කියන ගමන් මාව අල්ලගත්තා මදිවට ඔයා ආවෙ සෝලංගාරච්චි එක්කද අහනකොට අපි දෙන්නටම උත්තර බදින්න ඉඩක් නොතියම මගෙ ගාව උන්න කොල්ලට තව එවුන් දෙන්නෙක් කතා කෙරුවා...ඒකත් එකම වෙලාවෙ.....
දොඩම්තැන්න වගේම රඹුක්වැල්ල....මිනාල් රඹුක්වැල්ලත් ඩෙලාම් දොඩම්තැන්නත්.....මන් හිතන්නෙ අද අපායම හිස් ඇති...මොකද මුලු අපායම අද රඹුක්වැල්ලයගෙ දොරකොඩ ගාවනෙ.....
කාන්දම් වලට කාන්දන් ඇලෙන්නා හා සමානව දොඩම්තැන්නත් රඹුක්වැල්ලත් කොල්ලා දිහාවට ඇවිදන් එනකොට මොනවත්ම නොකියා උන් දිහා බලන් උන්න මගෙ මාමන්ඩියා කැබ් එකට නගිනවත් එක්කම ඉන් එහා තත්පරයක් උන්නෙ නැති මමත් එහෙම්ම කැබ් එකට නගින්න යනවත් එක්කම මට තේරුනා කවුරුම හරි එකෙක් මගෙ වැලමිට ගාවින් අල්ලගන්නවා....කැබ් එකට නගින්න හදපු මන් ආපහු පස්ස හැරිලා බැලුවා....
වෙන කවුරුත් නෙවෙ පොඩි වෙන්දකඩුව!
...........ඉශිත....ඉශිත......මන් හිතන්නෙ ඉශිතට සෑහෙන ලොකු තරගයක් දෙන්න වෙයි .......මට හිතාගන්න බැරි එන එන ඕඅයිසි කාරයගෙ පුතාගෙ හිත මේ මාලු කෑල්ල ගාවම නවතින්නෙ ඇයි කියලා...සමුද්‍ර...මට හිතාගන්ඩ බැරි ඕයි එන එන කෑල්ල තමුසෙටම වැටෙන්නෙ ඇයි කියලා...ඒකත් ඕඅයිසි කෑලිමයි.......
...........................
ඉශිත...මිනිහා දැන් ටේකන්!!! ඕඅයිසි සෝලංගාරච්චි ගෙ පුත්‍ර රත්නෙ එක්ක මිනිහා ගලවන්න බැරි තරමට ප්‍රේමයෙන් බැදිලා හමාරයි......
but මන් අහල තියනවා try and try one day you can fly කියලා කතාවක්....කලින් පාරට වඩා උනන්දු උනොතින් මන් හිතන්නෙ ඉශිතට මොකක් හරි වෙනසක් කරගන්න පුලුවන් වෙයි...එහෙම උනොත්...එක ගලයි....කුරුල්ලො දෙන්නයි.....එහෙම නේ හැන්නදිගෙ .....මන් හිතන්නෙ මන් යන පාත් එක තව ටිකක් ක්ලියර් කරලා දෙන්න දෙවියො මට සුරලෝකෙන් සුරදූතයෙක් එවලා වගෙ......
.....
මන් නෙවෙ වචනයක් කිව්වෙ...පොඩි එවුන්ගෙ කමකට නැති විහිලු ඉස්සරහා වචන නාස්ති කරන එකත් අපරාදෙ වෙද්දි තවමත් මගෙ වැලමිට ගාවින් අල්ලගන මගෙ දිහා ඇහිපිල්ලමක් වත් නොගහම බලාගන උන්න ඉශිතගෙ ඇස්වල තිබුනෙම උඹ ඇත්තටම දැන් වෙන කාටහරි අයිතිවෙලා ඉවරද අහන්නා හා සමාන හැගීමක් වෙනකොට ඒ අත් දෙකම මගෙ අත්වලින් අහකට කරපු මන් පොඩි ගෝඩා බෝතලේට උගෙ සිගිති ආතල් එක ඇතිවෙන තරමට ගන්න දුන්න එක වෙද්දි ආයම වතාවක් වෙන්දකඩුවගෙ කොල්ලා මාව නවත්තගන්න හැදුවා විතරයි නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න නොදි නියපොත්තෙම්ම කැපුවෙ එදාම බව මන් තව පාරක් මතක් කරලා දුන්නා....
මිනාල්ගෙ කතාව.....ඒක...ඒක ඇත්තද ඉන්ධීවර්???මන් අහන්නෙ... සෝලංගාරච්චි ගෙ පුතා එක්ක සම්බන්දයක් තියනවා කියන කතාව ඇත්තද.....??නෑනෙ....ඒක මිනාල්ගෙ බොරුවක් නේද ඉන්ධීවර්?????
.........නෑ ඒක ඇත්තක්......එතන කිසි බොරුවක් නෑ...හැබැයි පොඩි ගෝඩා බෝතලෙ කියපු කතාව ඇතුලෙ බොරුවක් තිබ්බා.....try and try one day you can faly!!මේක මට සෙට් වෙන්නෙම නෑ...මොකද දස දහස් වතාවක් ට්‍රයි කෙරුවත් වෙන්නෙ නැත්තන් වෙන්නෙ නෑමයි ...අනවශ්‍ය කතා කියන්නෙ අනවශ්‍ය හිත් රිදීම්.....අනවශ්‍ය උත්සහ කිරිම් කියන්නෙ අනවශ්‍ය කඩාවැටීම්...මන් මෙච්චර කියවන්ඩ ආස මනුස්සයෙක් නෙවෙ.......ාඅස නෙවෙ කොහොමත් කියවන්ඩ ආස මනුස්සයෙක් නෙවෙ.....වචනෙන් දෙකෙන් මගෙ කතාව හමාරයි...අතගන්ඩ පුලුවන් .....
මන් ඒ අත අහකට කෙරුවා...මිනාල් වගේම ඩෙලාම්ගෙ ඇස් තිබුනෙත් මගෙ මූන පුරාවටම විතරක්ම වෙනකොට මන් බලාගන එකාට එකාගෙ මුනවල් රතු වෙනවා......උඹලා කොච්චර රතු උනත් මේ හැන්නදිගේගෙ නලලෙ කොටලා ඉන්නෙ මොනරපැටියෙක් නම්.....උඹලා රතුවෙන්ඩ බැරි නම් පිපිරුවත් මට මොකද බන් ම්ම්ම්ම්....??
.............උඹ කොහොමද මට එහෙම කෙරුවෙ......ආ ඉන්ධීවර්????උඹ මට මෙහෙම කෙරුවෙ කොහොමද?????
මන් හිතන්නෙ දෙවියන්ට මගෙ ඉවසීම දරුනුවටම පරික්ශා කරනවද කොහෙද....මට මතක ඇතිදා ඉදන් දෙවියො කෙරුවම මට දරන්න අමාරු යුද්ද වලදි දරුනුවටම සටන ඇවිලෙන තැන් බලල හිටගස්සවපු එක වෙනකොට අද ඇතුලත මේ තරම් ප්‍රමානෙකට මගෙ ඉවසීම පරික්ශා කරන්නෙ දෙවියන්ටත් අද වෙන එවුන්ගෙ කන්නලව් ගැන බලන්ඩ හිතක් නැතිවද කොහෙද....
ඉශිත වෙන්දකඩුව ආයම පරන ප්‍රශ්නෙ අහනවා....දන්න දා ඉදන් එකම උත්තරෙ දීලා දිලා තිත්ත වෙලා උන්න මගෙන්ම ඇයි මන් එහෙම කෙරුවෙ අහනවා......කොහොම????
කොහොම කෙරුවෙද අහන්නෙ.....?ඇයි මන් මොනවද කෙරුවෙ.....ඇයි මගෙ අතින් ඌට මොනවද උනේ??මගෙ අතින් ඌ බඩ උනාද....නෑ....මන් ඌට බලාපොරොත්තු දීලා තියනවද....ඒත් නෑ......මේ මොන මගුලවත් කරලා නැත්තන් ඇයි එහෙම කෙරුවෙ අහන්නෙ මොන රෙද්දටද????????
දඩාස්!!!!
යකො දොර....උඹ දොර කන්ඩද යන්නෙ???
මගෙ මාමන්ඩියා මැරෙන්ඩ හදනවා...ගෑනුන්ගෙ මේකප් සෙට්වල පියනයි පිරිමින්ගෙ වාහන දොරවලුයි දෙජාතියෙම පනවල් කියනවලුනෙ......කැබ් එකට නගින්ඩ ඔන්න මෙන්න ඉදපු මට නොහොතන මොහොතෙ ආයම හම්බ උන පොඩි වෙන්ද කඩුව හන්දා මට මගෙ තරහව මාමන්ඩියගෙ වස්තුවක් පිටින් යවන්න සිද්ද උන....
වාහනේම දෙදරලා යන සද්දෙන් දොර වැහිලා යනවත් එක්කම මන් අනිත් පාර මෙච්චරවෙලාම උන්න සන්සුන් ඉරියව්වටම ආපිට ආවා....ෆූජිය නේවෙ වියුරු උන විසුවියස් කන්ද පපුව ඇතුලෙ තිබුනත් මේ හැන්නදිගේගෙ නියම ස්වරූපය් කියන්නෙම අතපය සන්සුන් කරන් ඇස්දෙකෙනුත් කටිනුත් විතරක්වැඩගන්න එක වෙද්දි දත්මිටි කාගනම මන් පොඩිවෙන්දකඩුව දිහාවට හැරුනා....
කටින් පිටවෙන වචනයක් ගානෙම පිට උනේම කිටි කිටියට මිටිකාගන උන්න දත්වලටත් ඉරීගන වෙනකොට හීන් වෙලා ගියපු රතු ඇස් හන්දමද කොහෙද වෙන්දකඩුව පැටියව යන්තමට පස්සට වීසි උනස්.....
කොහොමද දෙයක්ද ම්ම්ම්ම්.....???
කොහොම දෙයක්ද පොඩි වෙන්දකඩුව ....මගෙ අතින් තමුන්ට මොනවගේ දෙයක්ද උනෙ...?????
............මෙච්ච්ර ආදරෙ කරන මට අකමැති වෙලා වෙන එකෙක්ට ආදරෙ කරන්න තරම් උඹට මගෙන් පෙනුන අඩුපාඩුව මොකක්ද ඉන්ධීවර්?????උඹ මට මෙහෙම කෙරුවෙ ඇයි...
..............වයසෙ වැරද්දද මේක ම්ම්ම්....
අරූට කොච්චර කිව්වත් තේරුම් යන්නෙ නෑ වගේම උඹටත් එකම දෙ කියලත් තේරුම් නොයන්නෙ මේක උඹලගෙ ජෙන් එකෙ වැරද්දද?????පොඩිවෙන්දකඩුව...උඹ තව අවුරුදු දහය පහලවකින් ආවත්.....රත්තරන් නැවක් මගෙ අතට් දීලා ආදරෙ කරමුද ඇහුවත් මට එදාටත් තියෙන්නෙ මේ උත්තරේමයි....ආදරෙ කියන එකෙ තේරුම අස්සෙ කරන එක වගේම ලැබෙන එකත් තියෙන්ඩ ඕන.....කාලෙ නොකා වචන නාස්ති නොකර පැත්තකට වෙයන් පොඩි එකා...මේ හැන්නදිගේට තියන ප්‍රශ්න ඕනාවටත් වැඩී....නිස්කාරනෙ තව ප්‍රශ්න එකතු කරන්ඩ එපා ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඇත්තට උඹ හිතන්නෙ මන් උඹගෙ උත්තරෙ පිලිගන්න ඕන කියලද...????උඹ මට ආදරෙ කෙරුවෙ නැ කියන එක...????
මන් මගෙ නලල මිරිකගත්තා....බොඩි ගෝඩා බෝතලෙට හපන් වෙච්ච වෙන්දකඩුව ජූනියර් කෙරුවෙත් මිනාලයා වගේම එකම දේ ආය ආයම රිපීට් කර කර වදයක් වෙන්න ගත්ත එක වෙනකොට අරූ එකම දිගට කියවන් යද්දි මන් මගෙ නලල මිරිකගත්තා වගේම අහගන සෝලංගාරච්චි ආයම දොර ඇරන් එලියට එනවා...
මට මේ යකාගෙන් ආයම ගුටිකන්ඩ වෙනවා....
සුදු පුතා.....මොනාද මේ පොඩි කඩුව කියන්නෙ???
ඔහෙට ඇහෙනවනෙ......ඒ ඇහෙන දේමයි මටත් ඇහෙන්නෙ...
උඹ මට ආදරෙ කෙරුවා...ඉන්ධීවර්...උඹ මට ආදරෙ කෙරුවා....කොච්චර නෑ කිව්වත් පිලිගනින් ...උඹ මට ආදරෙ කෙරුවා.....
...........ඔව්ව ඔච්ච්ර කම්ෆිඩන්ඩන්ස් පිට කියන්ඩ එපා බන්...මගෙ මෝඩයා පිලිගනී ඕකත්.....ආතල් ගනින් ලිමිට් පන්නන්නෙ නැතුව....
........ආතල්...උඹට මාවයි මගෙ ආදරෙයි විහිලුවක්ද හැන්නදිගෙ...උඹ මට ආදරෙ කෙරුවෙ නැත්තන් ඇයි කියපන් මන් යන හැම තැනකම උඹ උන්නෙ...???
..........වැරදිලා.....මන් උන්න හැම තැනකටම උඹත් ඇවිත් උන්නා...
උඹ මාව අනන්ත අප්‍රමාන උඹගෙ වාහනෙ දාගන ආවා....
.........පාරෙදි දැක්කොත් මන් ඕන එකෙක් දාගන එනවා...මන් උඹට ආදරෙ කෙරුවා කියලා ඔප්පු කරන්න මේ වගේ පොයින්ට් ගන්න එපා බන්....
එතකොට මේක...මෙ කැලල...මේකට උත්තරෙ ආදරෙ නෙවෙද ඉන්ධීවර්????
මට නිකන් ඉහරදෙට වගේ......මන් ඌට ආදරෙ කෙරුවෙ නැත්තන් අරහෙම මෙහෙම දේවල් කෙරුවෙ කොහොමද අහ අහ දාහක් ජාති කිය කිය නහින්ඩ හදාපු පොඩි කඩුවා ඇවිදින් මගෙ අත ඇදලා අරන් වැලමිට ගාවම තිබ්බ තුවාල කැලල පෙන්නුවා...
උඹ මට ආදරෙ කෙරුවෙ නැත්තන්....ඇයි කියපන් උඹව තුවාල කරගන මාව පරිස්සම් කෙරුවෙ...???මට උත්තර දියන්......උඹ තවටත් කියනවා මට ආදරෙ කෙරුවෙ නැ කියලා....
තත්පර ගානක් මගෙ වැලමිට දිහා බලාගන උන්න මන් අවසානෙදි ඉශිතගෙ උරහිස් දෙකෙම්ම අල්ලගත්තා....
ඉශිත.......මන් දැන් කතා කරන්නෙ නොසෑහෙන්න හොදින් තේරුනාද....මන් කැමති නෑ අපි අතරෙ මොනවත් අපහැදිලි තැන් තියනවට...වැලමිටෙ තුවාලෙ පෙන්නලා එහෙම කෙරුවෙ උඹට මන් ආදර්‍ර් කරපු හන්දයි කියනවා නම්....එදා උඹ වෙනුවට එතන මිනාල් උන්නත් ඌ මා එක්ක මොන තරම්.ඇරියස් කාරයෙක් උනත් මන් ඌව බේරගන්නවා.......කරුනාවන්තකම ආදරේ කියන කාරනාව එක්ක පටලගන්ඩ එපා තේරුනාද...ම්ම්ම්ම්.....අනික ලැබෙන්නෙ එකම උත්තරෙ බව දැන දැන ආය ආය එකම ද්‍ර්‍ර් අහන්ඩත් එපා....මනුස්සයෙක් විදිහට මන් උඹට සමහර තැන්වල උදව් කෙරුවා.....හැබැයි වාත වෙන්ඩ එපා ...තේරුනාද......ම්ම්ම්ම්..මනුස්සකම එක්ක මන් උඹට ආදරෙ කෙරුවා කියලා හිතන්ඩ එපා......අර අතන ඉන්න එකත් සිම්පල් සින්හල නොදන්න එකෙක්.....උඹත් ඒ ගොඩට වැටෙන්ඩ එපා....මේක රික්වෙස්ට් එකක්........ඒ කියලා ඒකපාර්ශවීය ප්‍රේමය තෝරගන්නත් එපා...ඒක ඔය කියන තරන් සුන්දර නෑ...poetry වලට විතරයි ඔව්වා සෙට් වෙන්නෙ.......ආදරෙ කරන එක වගේම ආදරෙ ලබන එකත් අනිවාර්‍යයි....මන් ඔය දෙකම කරනවා....ආය ආය තේරුමක් නැති ප්‍රශ්න උඩට අදින්ඩ එපා.....තෙරුනාද ම්ම්ම්ම්ම්....
උ...ඹ.....කොහොමද මට මෙහෙම කරන්නෙ......හැන්නදිගෙ.....උඹ.....ඇයි වෙන එකෙක්ව තෝරගත්තෙ....උඹ....උඹ ඇවිදින් දුශ්ටයෙක් බන්.....උඹ...දුශ්ටයෙක් හැන්නදිගෙ.....
........thank you....i mean....ආයම මට මන් දුශ්ටයෙක් කියලා මතක් කෙරුවට.......අපි හැමෝම කාගෙම හරි කතාවල දුශ්ටයො වෙනවනෙ....ම්ම්ම්ම්.....උඹගෙ point of view එකෙන් කතාව යනවා නම්.....මන් දන්නවා මට දෙන කැරක්ටර් එක ඇක්ට් කරන්න.....හැබැයි මගෙ pov එකෙන් ස්ටෝරිය යනවා නම්....මට පුලුවන් ඔය කැරක්ටර් දෙකම ඇක්ට් කරලා එකම වෙලාවෙදි දුශ්ටයටයි වීරයටයි දෙන්නටම ආදරෙ කරන්න මිනිස්සුන්ව පොලඹවගන්න.....
.....................
මිනාලයගෙ කට සම්පූර්නයෙම්ම වැහිලා ගිහින් තිබුනා...මෙච්චර වෙලාම නාහෙන් අඩාපු පොඩි වෙන්දකඩුවගෙ කම්මුලට රිදි නොරිදෙන්න තට්ටුවක් දෙකක් දාපු මන් ඌව මගෙ ඉස්සරහින් පැත්තකට තල්ලු කරලා කැබ් එකට නගින්ඩ යනවත් එක්කම මට මගෙ මොනරපැටියගෙ හිනාවයි ඇස් දෙකයි මතක් උනා විතරයි ඉස්සරහට තියාපු අඩිය මන් ආපිට පස්සට් ගත්තා.....
ම්ම්ම්....තව දෙයක්.......මෝඩ වැඩ කරන්ඩ හිතන්ඩවත් එපා....තේරුනාද....මන් අදහස් කරන දේ දන්නවනෙ නේ............නොලැබුන පලියට රිදවන්ඩ හිතන්ඩවත් එපා....එහෙම උනොත් උඹටත් නොදැනුවත්වම උඹ අතුරුදහන්වෙයි...අන්න එදාට වෙන්දකඩුවටත් කේස් එක ඉන්වෙස්ටිගේට් කරන්න යනකොට ඕනකරන camera footage මිසින් කියලා අහන්ඩ සිද්දවෙයි......මිනිහට ඔය වචන අමුතු නෑ.....මිනිහට ඔය වචන සැහෙන්ඩ පුරුදුයි......මිනිහා ඔය ගේම් එක ප්ලේ කරන්නෙත් අදක ඊයෙක නේවෙනෙ....ඒ වචනම ආපිට තමුන්ට කැරකුනාම උගෙ ගාව කවුරු හරි ඉදන් karma is real මුමුනන්නත් කෙනෙක් උන්නා නම්.......
ජීවත් වෙන්ඩ තියෙන්නෙ එකපාරයි......හැඩි කරගන්නෙ නැතුව හැඩකරන කෙනෙක් හොයන් ජීවත් වෙමු තේරුනාද ම්ම්ම්ම්ම්.......යන්නම්...
සමුද්‍ර.....
තරහව පාලෙනෙ කරගන්න බැරිම තැන මන් මගෙ ඇස්පියාගන කැබ් එකෙ දොර පියන මිරිකගත්තා....දහපාරකට වඩා මන් මගෙ සමාගම මෙතනින් අහවර කරන්න හැදුවත් කවුරුම හරි ඇවිදින් කෙරුවෙම මාව නවත්තගත්ත එක වෙනකොට මෙච්චර කියලත් පොඩි වෙන්දකඩුව කෙරුවෙ මගෙ උරහිසට අත් තියලා මාව නවත්තපු එක....
ඒක සියුම්ම සියුම් ස්පර්ශයක්ද...ම්ම්ම්...නෑ...මිනිහගෙ හිතේ තියන හැගීම්වල තත්වෙ අනුව ඒ ස්පර්ශය පුරාවටම දෘඩ බවක් පිරිලා තිබුනා වගේම ඒ ඇගිලි පහම මගෙ උරිස් මස මිරිකුවා....
තව මොනවද ම්ම්ම්ම්ම්??
මන් අඩමානෙට හැරුනා....හැරිලා කෙලින්ම කොල්ලගෙ මූන දිහා බලාගන උන්නා....ඒත් එක්කම ඒකා මේ හැමෝම බලාගන ඉන්නකොට.ඇදලා අරගන මාව බදාගත්තා...බදාගත්තා කියන්නෙ ඒ නිකට මගෙ උරිස්සට තියලා තද කරගත්තා...
samudra i cant stop loving you but i must to save you....maybe in another life.....??
මට හිනහා යන්න ආවා........පොඩි එකාගෙ වචන වලට මට හිනහා වෙනවා ඇර වෙනකරන්න දෙයක් නැතිව යනකොට යන්තමට හිනාඋන මන් කොල්ලව මගෙ ඇගෙන් අහකට කෙරුවා...ආදරෙ කරන එක නවත්‍තන්න බෑලු.....මිනිහට මාව රකින්න ඕනලු......ඇත්තට....????මොනවයින්ද??????කාගෙන්ද??????ඇයි මගෙ වචන මටත් නොකියා හොරකන් කරලා මටම කියන්නෙ....චුක්..චුක්........ඊලග ජීවිතයක් ගැන....නෑ ඕන නෑ.....
Another life?? What if i dont want that other life buddy mmmmmmm???
දඩස්!!!
___________________
සුදු පුතා.....
ම්න්....
කන්දකාඩු කෑල්ල උඹට ලව්ද....මට ඇත්ත කියපන් ආ...ඩබල් ගේම් ගහලා වටපප්පෙක් වෙලා මොනරව අනාත කරන්ඩ නම් හිත්න්ඩවත් එපා පුතො....මරලා හන්ගලා අඩ අඩ හොයනවා දැනගනින්...මට පේන්නෙ පොර බොක්කෙම්ම උඹට ලව්ද මන්දා.......උඹත් ඌට කැමතිද????
පිස්සුද ....නැත්තන් හැටිද ම්ම්ම්????
පිස්සුත් නෑ....හැටිත් නෑ...ඒත් මට අහන්ඩ අයිතිය තියනවනෙ හැන්නදිගෙ.....
ම්න්......
ඒක නෙවෙ උඹ මොකක්ද අර දාපු වචනෙ....
.......
අර මල්වානෙ සීන් එක????
........
ආ බන්.....මොකක්ද ඒ.....??කතා කරපන්කො බන්.....ගල් ගිලලා වගේ ඉන්නෙ..සුදු පුතා...අවදානෙ දියන්කො.......උඹ මේ සුදු අප්පච්චිට සලකනවා නම් හොදටම මදි.....කියපන්කො......
......හ...හ් මට දැන් තේරෙනවා පොඩි මොනරට කොහොමද මෙච්චර කතා කරන්ඩ පුලුවන් කටක් හම්බ උනේ කියලා....රිදෙන්නෙ නැද්ද??
සුදු පුතා....මල්වානෙ කතාව කියපන්කො....අරූට ඇයි උඹ එහෙම කතාවක් කිව්වෙ...
මන් අහක බලාගත්තා...අරුන් එක්ක කියවලා කියවලා හකු ගෙවිලා වගෙ කැක්කුමෙ උන්න මට මගෙ මාමන්ඩියගෙනුත් බේරුමක් නැතිව යනකොට තනි අතින් ස්ටියරින් වීල් එක අල්ලන් වෙනම කල්පනාවක උන්න මට තේජක සෝලංගාරච්චි වද දෙන්න ගත්තා....
........මල්වානෙ මොනවද තියෙන්නෙ ම්ම්ම්...
රඹුටන්....
ම්ම්න්....මල්වානෙ තියෙන්නෙ රඹුටන් කියලා දැන දැන පිටින් යන එවුන් මල්වානට රඹුටන් අරන් ගිහින් හරියනවද.....ම්ම්ම්ම්????
.......වැටහුන් නෑ......අප්පච්චිට වැටහුනෙ නම් නෑ හැන්දො..........
මිනිහා ලගදි තායි ගිහින්.....
ඉතින්.....
ඉතින් අහන්නෙ.......මොනව හරි කන්න ඕනද ම්ම්ම්ම්....බඩගිනි නැද්ද????
මේ ගිනි මද්දහනෙ....ඇරත් මේ දවල්‍ට කන වෙලාව කටෙ තියාගන මොනරි මාව කයි බන්....පිටින් කාලා ආවම මුට්‍ටිය පිටින් මන් කන්ඩද අහලා.......උඹ ඉතින් කියන එක හරියට කියන්නෙ නෑනෙ....තායි කතාව කියපන්කො...
.......මන් හිතන්නෙ මගෙ මාමන්ඩියත් එක්කො අත උස්සලා ඕඅයිසි වෙලා.....නැත්තන් මෙච්චර සිම්පල් කතාව නොතේරෙන්නෙ...
මිනිහගෙ පුරුද්දක් තියනවා තායි බඩගාන එක...ඒක නිකන් උගෙ ජීවිතේ කොටසක් වගේ සෝලංගාරච්චි ...මොකද ඌට වැඩි හරියකට වැඩ තියෙන්නෙම තායි උන් එක්ක....සෝලංගාරච්චි හිතනවද මිනිහට මන්ත්‍රීකම ඔය තරම් වටිනවා කියලා...මන්ත්‍රීකම ඇවිදින් ඌට නිකන් ටයිට්ල් එකක් විතරයි....ඒක නිකන් මාස්ක් එකක් විතරයි.......සමාජෙ පිලිගත්ත වෙස් මුනකට පිටිපස්සෙ ඉදන් ඕන ජඩවැඩක් කරගන්න පුලුවන් සෝලංගාරච්චි ...ඌට මන්ත්‍රී කියන ටයිට්ල් එක යුස් කරලා ඕන වැඩක් කරගන්න පුලුවන් ...ඒක මිසක් නැතුව ගම හදන්ඩවත් රට හදන්ඩවත් උවමනාවක් නෑ......මල්වානට රඹුටන් අරන් යනවා වගේ තමා තායි යනකොට ගෑනු අරන් යන එක.......ඕන තරම් කෑලි ඔය පාර දෙපැත්තෙ ඉන්නෙ .....මිනිහා මෙච්චර කාලෙකට ඔහෙ ගියෙ උගෙ සොම්බි පිරිවර එක්ක උනාට....ලගදි ගියපාර මන්ත්‍රිදේවි ගියා කියලා ආරන්චියක් ආවා...
උඹත් නොදන්න දෙයක් නෑනෙ...??
.....ඔව්වා අමුතුවෙන් ඉගනගන්ඩ දේවල් නෙවෙ සෝලංගාරච්චි .....
එතකොට අර ඉඩම් කතාවක් ගැන.....
සෝලංගාරච්චි .....සෝලංගාරච්චි ....මේ මාලුකාරයව ඉන්වෙස්ටිගේට් කරනවද ම්ම්ම්ම්ම්ම්??? Give information get information ....
මගුලක් කියනවා....උඹමනෙ කිව්වෙ මන් දන්න මගුලක් නෑ....මේ කාවවත් විශ්වාස කරන්ඩ එපා උඹ තරම් දන්න එකෙක් නෑ මගුලක්...දැන් ඇහුවම වෙන ටෝක් දෙන්නෙ....මන් කිව්වෙ උඹ කැරියෙක් සුදුපුතා.......
සෝලංගාරච්චි නහයෙන් අඩනවා...ඉඩම කතාව මොකක්ද අහ අහ ඌරගෙ මාලු ඌරගෙම ඇගේ තියලා කපන්ම ගද්දි මගෙ කල්පනාව වෙන අතකට පාවෙන්න හැදුවා....
උඹ මේපාර එසෙ මෙසේ නාඩගමක් නෙවෙ නටන්න හදන්නෙ.......
සෝලංගාරච්චි
උඹ මොකද දැන් මට නම කියලම කතා කරන්නෙ....ඇරත් මොකක්ද බන් අර අත් දෙක.....???ඇත්ත කියපන් සමුද්‍ර උඹ ඌව මැරුවද....කාගෙද අත් දෙක.....උඹගෙ මගෙ පුද්ගලික සම්බන්දතා වෙනයි....මෙව්වා වෙනයි කොල්ලා.........මට කියපන් උඹ ඌව මැරුවද...
............ම්ම්ම්....තාම නෑ.......කොටස්වෙලද පොලට දැම්මා වගෙ මන් ඌව තාම කොටස් කරන ගමන්.....අත්දෙක අදාල තැනට ආවා වගෙම...සෝලංගාරච්චි ගෙ සායන් මහත්තයගෙ ගෙදරටත් මොනවා හරි යවලා වර්නින් ලෙටර් එක දෙන්ඩ එපැයිනෙ නේද.....ම්ම්ම්ම්ම්...ඒක නෙවෙ...අප්පච්චිගෙ motto එක මොකක්ද???
Motto එක....උඹ මෙච්චර දෙයක් කරලා ඔහොම ගානක් නැතුව කතාකරන්නෙ කොහොමද සමුද්‍ර....???????උඹ කිසිම ගානක්.නැතුව කතා කරන්නෙ කොහොමද???????
ඇයි හිරිගඩු පිපෙනවද????ම්ම්ම්ම්ම්?????මාව දුශ්ටයෙක් වගේ පේනවද අප්ප්ච්චිට???හැම කතාවකටම දුශ්ටයෙක් ඉන්න ඕන කියනවනෙ සෝලංගාරච්චි .......බට් මේකෙ හැමෝම වීරයගෙ චරිතෙ ගන්න පොරකෑවා මිසක් දුශ්ටයගෙ චරිතෙ ගන්න කවුරුත් ඉදිරිපත් උනෙ නෑ....ඉතින් මන් ගත්තා!!!
මන් හිතන්නෙ මගෙ මාමන්ඩියගෙ මූඩ් එක පොඩ්ඩක් අවුල් ගියාද කොහෙද......මගෙන් අහනවා උඹ එහෙම දෙයක් කරලා ගානක් නැතුව කතා කරන්නෙ කොහොමද කියලා......එතකොට උන් මට එහෙම කෙරුවෙ කොහොමද????? කෝ උත්තර????
උඹට සෙල්ලම් සුදුපුතා.....උඹ මහ වීරයා වගේ අරුන් ඉස්සරහා උඹගෙ හපන් කම පෙන්නුවා....උඹ හිතනවද උන් උඹට රිටර්න් එක නොදී ඉදී කියලා....උඹගෙ වැඩ හින්දා කවුරුත් නෙවෙ අඩන්නෙ මගෙ කොල්ලා.....එතකොට අර පොඩි එකා.....සමුද්‍ර උඹට පවුලක් තියනවා........උඹ තනි එකෙක් නෙවෙ.....උඹ හිතනවද......අනික උඹ මෙච්චර මගුල් මැද ඔහොම ගානක් නෑ වගේ ඉන්නෙ කොහොමද...උඹට මගෙ කොල්ලා ගැන ගානක් නැද්ද කියපන්....තියන මගුල් මදිවට කන්දකාඩුවත් ඒ අස්සෙ උඹට කෙලහලනවා......ඕක ඕකා දැනගත්තොතින් තව නඩුවක්.......පිස්සෙක් වෙන්ඩ එපා සමුද්‍ර....උඹ අයියද????
...................නෑ....මන් හිතන් නෑ.....මට එහෙම අමුතුවෙන් හිතන්න දෙයක් නැ සෝලංගාරච්චි ......සෝලංගාරච්චි ....
සෝලංගාරච්චි .....you have no idea how much
I 've suffered ....සෝලංගාරච්චි ට කිසිම අයිඩියා එකක් නෑ.....
මිනිස්සු හැමෝම විදවපු අතීත තියනවා සුදුපුතා...ඒත් මන් උඹගෙන් සමහර දේවල් අහන්නෙ ඇයි කියන්ඩ උඹ දන්නවා.....මේක උඹගෙ පෞද්ගලික කෝන්තරයක් කියන එක ඇත්ත....ඒත් අමතක කරන්ඩ එපා...කාටත් වඩා උඹ පරිස්සමට ගෙදර එනකන් බලන් ඉන්න එවුන් දෙන්නෙක් ඉන්නවා කියන්ඩ...සුදුපුතා....මන් මේ අත්දැකීම් පිට කතා කරන්නෙ...
........අප්පච්චි හිතනවද අරකගෙ අතින් වොච් එක ගැලවිලා වැටුන එක නිකන් නෝමල් දෙයක් කියලා....ම්ම්ම්......මිනිහා අතින් උගෙ අතේ තිබ්බ දෙයක් නැති උනා කියන්නෙ ඌ දැනගන්ඩ ඕන වැඩේ ගැස්සුන ඊලග තත්පරේදි ඌ කපෝති කියලා....හැබැයි වොච් එක මමම හොයාගන්නකන් ඌ ආවෙ නෑ කියන්නෙ...ස්වීට් හාර්ට්.....මිනිහෙක්‍ට පුංචි පුංචි ඩීටේල්ස් අමතක වෙනවා කියන්නෙ....මිනිහගෙ මයින්ඩ් එක මීට වඩා ලොකු බ්ලාස්ට් එකකට ෆෝකස් වෙලා තියනවා කියන එක....මට අනුව හැම ඩීටේල් එකක්ම වැදගත් ....ඒ උනාට මිනිහට මෙතනදි මෙක මගෑරුනා කියන්නෙ...ඊලග සුනාමිය මීට වඩා ලොකුයි කියන එක....හරි.....
දෙවනි කාරනාව...සෝලංගාරච්චි අත උස්සලාද ඕඅයිසී උනේ ම්ම්ම්ම්ම්???
සමුද්‍ර.......
මාමන්ඩියට කෑගැස්සුනා...කොටින්ම මිනිහට තරහා ගියා.....ඕඅයිසි පට්‍ටම ගත්තෙ අත උස්සලද අහන ගමන් ආයම පාරක් වේප් එක අතට ගත්ත මන් නිවාඩු පාඩුව දුම් උගුරක් අදිනකොට බාගෙ සයිස් රතුපාට කන්ටේනර් අපිව පහු කරගන යන්න ගියා...තත්පර ගානක් සද්ද නැතුව උන්න මන් අනිත්පාර ආයම කතාවට වැටුනා
හැම වෙලාවෙම මට මගෙ ලමයවයි...මගෙ කොල්ලවයි මතක් කරන්ඩ එපා....request එකක් හරි........අප්පච්චි හන්දා මන් මගෙ ඇත්ත ඇගීම් පෙන්නනවා....දඩුවම් මාරුවකින් නෙවෙ ආවෙ කිව්වට තමුනුත් මට මෙ තත්පරෙ වෙනකන් හේතුව කිව්වෙ නෑ...හැබැයි මන් පන්න පන්න අහන්නෙත් නෑ.....ඕඅයිසි මහත්තයට පුලුවන් ඕ අයිසි මහත්තයගෙ පාඩුවෙ වැඩකරගන යන්න....මට පුලුවන් මගෙ වැඩටික කරගන යන්න...එකපාරකුත් අපායට ගිහින් ආව කතාවක් කිව්ව හන්දා මන් මේ කියන්නෙ......dont show your weakness not even your friend dont let people use it against you....තේරුනාද???හැම වෙලාවෙම මට උන් දෙන්නව මතක් කරන්ඩ එපා.....මොකද මේ සමුද්‍ර හැන්නදිගෙ කියන්නෙ එහෙම ලේසියට උගෙ දුර්වල තැන් පෙන්නන එකෙක් නෙවෙ....හැබැයි උඹ අප්පච්චි හින්දා ඉවසනවා තේරුනාද......ඔව්වා මාර්ක් කරගනින් සෝලංගාරච්චි ...මොකද දික්වැල්ලට ආවකාරනාව අනුව තවපාරක් අපායට යන්න වෙයිද කව්ද දන්නෙ.....ම්ම්ම්....
උඹ පිස්සෙක් සුදු පුතා......උඹ දන්නවද උඹගෙ මේ අහංකාර වැඩ හින්දා මට දැන් උඹව හිසරදයක් කියන්ඩ......
කියවන එක පොඩ්ඩක් නවත්තනවද ම්ම්ම්....
කියවන එක නවත්තන්ඩ......????උඹ මගෙන් අහගන්ඩ එපා සමුද්‍ර...අනික දැන් උඹ මහලොකුවට මගෙන් උඹගෙ ජීවිත් ආදර්ශපාටෙ ඇහුවනෙ....ඒකත් කියපන්කො බලන්ඩ......
Hell is nothing ....
අම්මගෙ රෙද්ද...තොට පිස්සු සුදුපුතා...තොට මේ මූදු හුලන් වැදිලා පිස්සු හැදිල.....සමුද්‍ර උඹ දන්නවා මන් උඹට ආදරෙයි කියන්ඩ....ඉදලා හිටලා කෑ ගැහුවට මන් මගෙ කොල්ලට වගේම උඹට ආදරෙයි ඒක උඹ දන්නවා....හැබැයි උඹගෙ මේ අනවශ්‍ය confidence එක මට දිරවන්නෙ නෑ....මට ඒක අල්ලන්නෙම නැ සමුද්‍ර.......උඹ දන්නවා මොන මගුල උනත් මන් උඹට ඉන්න්වා කියන්ඩ...
ම්න්......දන්නවා...දැනට මෙහෙම යන්.....හැබැයි තමුන් මගෙ ඔලුව කන්ඩ හදන හන්දම මන් අද මේ ටික කියලා ඉන්නම්.......හුගක් පිරිමි තනියම විදවනවා ඇරුනම උදව් ඉල්ලන්නෙ නෑ සෝලංගාරච්චි .....but if he asked for help it means you are his last hope.....අමතක කරන්න එපා....දවසක මන් උදව්වක් ඉල්ලුවොත්...මගෙ අන්තිම බලාපොරොත්තුව සෝලංගාරච්චි විතරයි කියන්න....මට බඩගිනි ... තවත් වාත නොවි මොනවා හරි කන්ඩ යන්ද...ඇහුනනෙ රෙසිපිය....
*
*
*
සුදු පුතා...
ම්න්...
උඹ මොකටද බන් මෙච්චර spoken english ඇප් බාගන ඉන්නෙ....??අම්මට සිරි ගේමුත් තියනවා...උඹ මේවා ගහනවද????
මන් හිනා උනා.....තමන්ගෙ ඵෝන් එක තියාගන සෝලංගාරච්චි කෙරුවෙම මගෙ ඵෝන් එක අරගන සෙල්ලම් දාපු එක වෙනකොට දික්වැල්ලෙම තිබුන පුරුදු ජැපනීස් රෙස්ට්‍රොන්ට් එකටම ගියපු මන් ඕඩර් එක ගෙනත් දෙනකන් අයිස් කැට බාල්දියෙ ඔබලා තිබ්බ බියර් ටින් එක කඩලා මගෙ ග්ලාස් එකට දාගත්තා...
කොයි ප්‍රශ්නෙටද මුලින්ම උත්තර දෙන්න ඕන ම්ම්ම්?? එකද දෙකද......
දෙකටම....මේකෙ කෑම හොදද බන්???
........ම්න්....මට වරදක් නෑ.....පලවෙනි ප්‍රශ්නෙට උත්තරෙ ඕඅයිසී මාමන්ඩියා උනත් මන් හින්දා ලැජ්ජ වෙන සීමාවක් තියෙන්ඩ එපැයිනෙ නේ...නූගතා නූගතා කියනකොට අරූටත් ලැජ්ජයිනෙ.....දෙවනි එක...ඕක පසනා ආස ගේම් එකක්....තව අහන්ඩ තියනවද.......????
.............
අහපු හැම ප්‍රශ්නෙකටම මන් උත්තර දිඔලා තව ප්‍රශ්න තියනවද අහනකොට තව ප්‍රශ්න නෑ කියලා කියන්ඩද කොහෙද සෝලංගාරච්චි ඔලුව වැනුවා........
මුහුදු රැල්ල ගොඩට ගහනවා...ගල්වල හැප්පෙනවා.....පෙනබිදිති වීසි වෙනවා.....ගිනි මද්දහන උනත් ඒසි එකෙන් එන සීතලත් එක්කම ඇහෙන නෑහෙන ගානට දාලා තිබුන ජැපනීස් සින්දුවත් කුසිය දිහාවෙන් කාන්දුවෙන නානාප්‍රකාර කෑම සුවදත් මගෙ කලබල හිතට මහලොකු නැති උනත් අංශුමාත්‍රීක සැනසීමක් ගෙනාවා...
මට මගෙ පොඩි එකා මතක් වෙනවා....මට මගෙ ලමයා මතක් වෙනවා....උන් දෙන්නා මොනවා කරනවා ඇතිද කල්පනා වෙනවා.....තව දවසයි...මන් ආපිට ඌව පරිස්සමට බාරදෙන්න ඕන කියලා හිතෙනකොට මගෙ පපුව කඩාගන යන්න එනවා.....මාමන්ඩියා එක්ක කතාබහ කරලා එක්කගන ආවෙ වෙන හේතුවක් උඩ උනත් මට දැන් හිතෙනවා ඌට පාඩම් උගන්නනවට වඩා මන් පාඩමක් ඉගනගත්තදො කියලා....
සෝලංගාරච්චි ......
කියපන්....
මට හිතෙනවා ජීවිතෙ බරපතල කම උගන්නන්න කොල්ලව පන්න ආවට....අවසානෙදි මන් පාඩමක් ඉගනගත්තා කියලා....
...........
මට ඌව ආපිට දෙන්ඩ හිතෙන් නෑ...ඒත් මන් ඌව නොදී බෑ....පන ගැහෙනකොට හදවත ගලවලා දෙනවා වගෙ වැඩක් බන් මට උනෙ...
උඹ ඌට ඔය තරම්ම ආදරේද සමුද්‍ර???......
අප්පච්චි...
නෑ එක්කො උත්තර ඕන නෑ.....උඹගෙ ඔය සුදු මූන ඔක්කොම කතා කියනවා.....ඌ ගැන අහනකොටත් කම්මුල් ලේ පාට වෙනවා....මට උත්තර ඕන නෑ බන්.......එක පොරොන්දුවක් කැඩුවා මදිවට තව කඩන්ඩ එපා සමුද්‍ර.....මගෙ ලමයව හෙට ගෙනත් දියන්...
සී වීව් එක පේන විදිහට ගහල තිබ්බ වීදුරු බිත්තියෙන් එපිට පේන මහ මුහුද දිහා මන් බලාගන උන්නා.....ඈතම ඈත දියඹෙ නැවල්ද කොහෙද සීනි කන්දක් උඩ ඇවිදන් යන කූඹියෙක් හා සමානව පාවෙද්දි මන් බලාගන තනිම කලු ඇදුමට රත්තරන් පාටින් ජපන් අකුරෙන් රෙස්ට්‍රොන්ට් එකෙ නම ලියලා තිබුන යුනිෆෝම් එක ඇදන් උන්න වේටර් කොල්ලා සෝලංගාරච්චිගෙත් මගෙත් ඇනවුම අරගන එනවා.....
ස්...සුදු පුතා.......
ම්න්...
උඹ කොහොමද.......උඹ කොහොමද බන් ඕක කන්නෙ.....මුන්ට පනයිනෙ බන්....
ම්න්......
වේටර් කොල්ලා ඇවිදින් බෝල් දෙක මේසෙ උඩින් තිබ්බත් හරි මන් බලාගන මගෙ මාමන්ඩියගෙ මූන සුදුමැලිවෙලා යනවා
සුදුමැලි වෙලා යන එකත් එක අතකට අහන්න දෙයක් නෑ හැබැයි.....
රතුම රතුපාට සෝස් ඩ්‍රෙසින් එකෙ ගිලිලා උන්නෙ පන ඉස්සො වෙනකොට පැත්තක තිබ්බ චොප්ස් පැත්තක තිබ්බ චොප්ස්ටික් දෙක ගත්ත මන් අර පන ගගහා උඩ පැන පැන ජීවිතෙ ඉල්ලන ඉස්සො අහුර චොප්ස්ටික් දෙකෙන් එහා මෙහා කර කර සුදුමැලි මූනකින් මගෙ දිහාවත් බෝල් එක දිහාවත් බලාගන උන්න මාමන්ඩියා දිහා බලලා ලාවට හිනා උනා....
......................පුලුවන්.....
උබ මහ මොකෙක්ද මන්දා බන් සමුද්‍ර....පව් නැද්ද යකො ....
.......මොකද නැත්තෙ.....ජීවත් වෙන උන් කොහොමත් මැරෙන්ඩම එපැයිනෙ.......පව්....ඒක හරි....
මන්දා බන් මට කන්ඩ බෑවගෙ....
ම්න්....කැමැත්තක්....
දත්වලටතදවෙලා ඇඹරිලා ඉරිලා ගියපු අර පුංචි පුංචි පන ඉස්සරන්ගෙ ලේ රහ වගෙම සෝස් එකෙ තිබුන රස මේ හැම දේම කලවම් වෙලා මගෙ උගුරෙන් පහලට ගියා...සෝලංගාරච්චි මගෙන් ඉස්සො පව් නැද්ද අහනවා.....
පව් කියලා තව කතාව දික් ගස්සගන්නවට වඩා මේ ක්‍රමෙ හොදයි කියලා හිතුන මම ඒ මූන දිහාවත් නොබලම සයිඩ් එකෙ තිබ්බ දෙකය මැදින් කපලා තිබ්බ දෙහි ගෙඩියෙන් බෑවක් අරගන අර පන ගහන ඉස්සන් අහුර උඩට මිරිකන් චොප්ස්ටික් එකෙන් කලවම් කරන්න ගන්නවත් එක්කම මාමන්ඩියා ගාව තිබ්බ මගෙ ඵෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා....
ම...මගෙ වස්තුව....ටම සිරි සුදුපුතා....අපෙ එකා..... පොඩි මොනරා....ආන්ස්වර් කරලා ස්පීකර් ඔන් කරපන්...මූ කුසිය වත් ගිනිතියලද දන්නෙ නෑ.....
ම්න්.....
ඵෝන් එක දබරැඟිල්ලෙන්ම මගෙ ගාවට ඇදලා ගත්ත මන් එහෙම්ම මගෙ වස්තුව කියලා සේව් කරන් උන්න නම්බරෙන් ආව කෝල් එක ආන්ස්වර් කෙරුවා...
ම්න් සුදු චූටි...
තාත්තෙ....මේ පසනා තාත්තෙ....කැතයා අම්මා නෙවෙ....
නම්බරෙත් නමත් දැක්ක මගෙ කන්දෙකත් මගෙ හදවතත් අහන්න පෙරුම්පිරුවෙ මගෙ අම්බරේගෙ කටහඩ උනත් මට ඇහුනෙ තාත්තෙ කියලා කතා කරන මගෙ පසනගෙ කටහඩ වෙනකොට මන් ඇගිලි දෙකට හිරවෙලා තිබ්බ චොප්ස්ටික් දෙක පැත්තකින් තියලා හරිබරි ගැහුනා...මොකද මට දැන් ඉවෙන් වගේ තේරෙනවා මෙතන අම්මලා පුතාලගෙ නඩුවක් මග කියලා.......
ම්න්...පසනා ඇයි?
තා....ත්තෙ....ඔහෙ එන්නෙ නෑ...විගහට එනෝකො තාත්තෙ....මට කැතයා අම්මා එක්ක ඉන්ඩබෑනෙ....
පසනට ඉන්ඩ බෑ.....ඇයි ඒ ම්ම්ම්...
එයැයිගෙ වැඩේම චක්කරෙ පාඩන් කරවන්ඩ කියන එක.......කොයිවෙලෙත් පාඩන් කරන්ඩ කියන එක........ඔහෙගෙ පසනට පිස්සු හැදෙන්ඩ එන්නෙ තාත්තෙ...මාව මගෙ ටිකිරියා ගාවට ගිහින් දාපල්ලකො අඩෙ....
(පසනා......පසනා කොහෙද ඉන්නෙ.....ඇයි යකො මූ ආයම මාරු වෙලානෙ....ආයම මාරු වෙලානෙ....ඇත්‍තමයි පසනා උඹව මන් හමගහනවා...යකො කන්ඩ දෙනවා නම් බොන්ඩ දෙනවා නම් ඉගනගනියව්කො....ආ දෙන්කො මහ එකා.....යෝහ්...මගෙ පතෝල හොද්ද කරවෙනවා යකො මේ කොල්ලා.මට දෙන වදයක්...ඇයි බොල පසනා වරකො.....)
යෝහ්....ආයෙත්...අනෙ තාත්තෙ...පසනට බෑ...පසනට බෑ.....කැත අම්මව විහික් කරලා මට වෙන අම්මෙක් ගෙනත් දිය අඩෙ......පසනට පිස්සු හැදෙන්ඩ එන්නෙ.......පසනට මූව එපා ...චක්කරෙ චක්කරෙ...චක්කරෙ....කොච්චරවාත් චක්කරෙ මූට පිස්සු අඩෙ....තාත්තෙ ඉන්න තැනකින් වරකො තාත්තෙ.....
(ඇත්තමයි පසන් මන් හනස්සක් ගත්තොතින් උඹගෙ පුක පුපුරන්ඩ ගහනවා.....ඇයි යකො එක විනාඩියක් එක තැනක නෑනෙ....එක විනාඩියක් එක තැනක නෑනෙ....අර පතෝල එක එහෙම්ම....කඩල එක වතුරෙ.....පොල්කටු කෑල්ලක් මුට්ටියට දාන්ඩ ගිය ටිකට මූ මාරුවෙලානෙ....උඹ හදන්නෙ අපෙ මූනෙ දැලි ගාන්ඩද කොල්ලො එහෙමවත් අහන්ඩ...තාරුක....තාරුක...කූකූ...කොහෙද ඔය යන්නෙ...යෝහ්....මට ඉහරදෙ වගේ යකො...කොල්ලොයි බල්ලොයි දෙකම එකයි.....අපි නුවර මිනිස්සු දෙයියනෙ....මෙහෙම ලැජ්ජා වෙන්නෙ නැ.....අත්තමයි සමුද්‍ර උඹ මහ පිස්සෙක් මිනිහො....මන් උඹව ඩිවෝර්ස් කරනවා...වරෙන්කො අද ගෙදර...පසනා....සාලයො බැදලද කන්ඩ ඇහුවෙ.....???එක බල්ලෙක් නෑනෙ යකො.....මමම තනියෙන් කියවලා මමම උත්තර හොයාගන්ඩ ඕන...කරුම ජීවිත මෙව්වා...උඹලට තේරෙයි මන් නැති දවසක...)
තා....ත්...තේ....පසනගෙ කන් දෙක කැඩෙන්ඩ එන්නෙ තත්තෙ.....
මම නෙවෙ වචනයක් කිව්වෙ.....කට තනිකරම කතුරක් වගෙ වෙච්ච මගෙ සීදේවියගෙ කියවිල්ල අහන් උන්න මන් කරපු එකම දේ නම් මගෙ ඉස්සරහා ඉදන් උන්න මාමන්ඩියා දිහා බලන් උන්න එක වෙනකොට මන් බලාගන මෑන්ට සසර කලකිරීගන එනවා....ලයින් එකෙ උන්න පසනා අඩන්ඩ ඔන්න මෙන්න කතා කරද්දි ඌවත් සනසපු මන් අනිත්පාර කෝල් එක කට් කරලා දැම්මා...
ආ බන්......අරූ පොල්කටු කෑල්ල කොහෙට දානවා කියලද කිව්වෙ ???
උඹ යන්ඩද ඔය හදන්නෙ...මේ ගත්ත වහන්ගතෙ දැන් කන්නෙ නැද්ද.....
එපා....මන් යන්ඩ ඕන.....බඩගිනියි කියල මේක කෑවහම මට ආය බඩෙ ඉඩක් නැතිවෙයි සෝලංගාරච්චි ...
උඹ හදන්නෙ අරූගෙ හත්මාලුව කන්ඩද....
මන් හිනා උනා.....අත්දෙකත් පිහිදගන කාර්ඩ් එක අතට ගත්ත මන් අවසානෙදි නැගිට්ටා....
හත්මාලුව හරි මොන සෝරුව හරි.....මන් මගෙ කොල්ලට පොරොන්දු උනා සෝලංගාරච්චි ....ඒ අත් දෙකෙන් මොනවා හැදුවත් කනවා කියලා...පව්....ඌ පොල්කටු කෑල්ල ලිපට දායිද ....නැත්තන් කඩල එකට දායිද කියන්න මන් දන්නෙ නෑ.....හැබැයි කොහෙට දැම්මත් මන් කනවා...
හ්ම්ම්ම්ම්....උඹ ඌට සෑහෙන ආදරෙයි නේ බන්.....
සෑහෙන්න....???නොසෑහෙන්න ආදරෙයි සෝලංගාරච්චි .....අමාකර කියන කොල්ලා ගාව මේ හැන්නදිගෙ තනිකරම කොහොල්ලෑ ගුලියක් වගේ සෝලංගාරච්චි .......මන් ඌට ආදරෙයි....උගෙ වලව් වන්නම මෙලො යකෙක්ට අහන්ඩ බැරි බව ඇත්ත....ඒත් ඌ මගෙනෙ!යක්කුන්ට අහන්ඩ බැරි උනාට ම අහනවා...
මන් බලාගන සෝලංගාරච්චි යන්තමට හිනා වෙනවා.......යන්න ලැහැස්ති උන මම අනිත් පාර තවමත් ඉදගන මගෙ දිහා බලාගම මොනවම හරි දෙයක් කල්පනා කරන මගෙ මාමන්ඩියා දිහාව බලලා ඇහිබැමක් ඉස්සුවා...හරියටම ඇයි මොනව හරි දෙයක් මගෙන් අහන්න තියනවද කියන්නා හා වෙද්දි ඒ ලගම තිබුන වතුර වීදුරුව අතට අරන් එකම හුස්මට බීගන බීගන ගියපු තේජක සෝලංගාරච්චි අනිත්පාර නැගිටලා ඇවිත් මගෙ මූන ඉස්සරහින් හිටගන මගෙ නාහෙට තට්ටුවක් දැම්මා....
උඹ දන්නවද සුදුපුතා....කියන බොරුවක් බොරුවක් පාසාම නාහෙවල් දික් වෙනවා නම් අද මුලු ලෝකෙම පිනෝකියෝ ලාගෙන් වැහිලා යන්ඩ තිබ්බා....
................??
ඒක පන මනුස්සයෙක්ගෙ අත් දෙකක් නෙවෙ.....
......................
පන මනුස්සයෙක්ගෙ අත් දෙකක් නම්.....ස්කින් ටෝන් එක....
මොකො...සිනමන් වෙනවද ම්ම්ම්ම්ම්ම්ම්ම්???
....................මට කියපන් මොන මලකදින්ද අත් දෙක වෙන් කරන් ආවෙ.....උඹ ඌව මැරුවෙ නෑ...මන් දන්නවා උඹ ඌව මැරුවෙත් නෑ ..ඌට මොනවත් කෙරුවෙත් නෑ....මට කියපන් ඔය අත් දෙක කාගෙද??? ඉතින් SI හැන්නදිගෙ.......මට උත්තර ඕන...
..................
මන් හිනා උනා......මගෙ මාමන්ඩිය මෙච්චර වෙලා කල්පනා කරලා තියෙන්නෙ අත්දෙක ගැන වෙනකොට හුරුවමක් බාපු මන් සෝලංගාරච්චි ගෙ කොන්ඩෙ මගෙ ඇගිලිතුඩුවලින් අවුල් කරලා දැම්මා....මිනිහා හිනා උනා....හිනා වෙනවත් එක්කම කම්මුල වල ගැහුනා.....
SI හැන්නදිගෙ....අමුතු ලල් එකක් තියනවා ඒ අකුරුදෙක ඇතුලෙ... සමුද්‍ර ඉන්දීවර් හැන්නදිගේද ....නැත්තන්....SENIOR INSPECTOR හැන්නදිගේද....මේ මාලුකාරයට එච්චර ලොකු පට්ටමල්...මාව ලැජ්ජ කරනවද ම්ම්ම්ම්....කමක් නෑ...ඔයාට හොද නම්....එච්චරයි ...ප්‍රශ්නෙට උත්තරේ නම්....
ඇත්ත...මන් මිනිහා මැරුවෙත් නෑ.....ඌට අතක් තිබ්බෙත් නෑ........සෝලංගාරච්චි .......කැලල එහෙම්මයි...තුවාලෙත් එහෙම්මයි..තුවාල වේදනාව අඩුවෙලා ගියත් කැලල ඉතිරි උනොත්....කැලල දකින වාරයක් පාසාම ආය ආයම වේදනාව මතක් වෙනවා.....
දන්නවද වස්තුව දවස් විතරයි මේ ගෙවෙන්නෙ......දුක...දුක තාම එහෙම්මයි.....ම්ම්ම්ම්.....වීදුරුවක් උනත් බිදුනහමයි භයානක කියනවා.....මේ හැන්නදිගෙ වීදුරුවක් නම්....යන්තම් පිපිරුම් පාරක් විතරයි ගියෙ තවම.....පිපිරුනහම....මීට වඩා තත්වෙ තව හුගක් වෙනස් වෙයි.....මන් අදට සෙල්ලම දැම්මෙ මලකදක් එක්ක ...ඉස්සරහට.....සෝලංගාරච්චි අමතක කරන්ඩ එපා.....අහම්බෙන් හම්බෙන හැම මලකදක්ම එක මැසේජ් එකක් දෙනවා.....මොකක්ද දන්නවද ම්ම්ම්ම්..."මේක නිකම්ම නිකන් මරනයක් නෙවෙ...මේක ඝාතනයක්"!හැබැයි කවුරුත් ඔය වචන ගැන හොයලා බැලුවෙ නැ සෝලංගාරච්චි .......දැන් මගෙ ටර්න් එක....පිපිරුන් කාපුවා වෙන් වෙන්න යන්නෙ.....
සුදු පුතා....උඹ.....
ම්ම්ම්... සෝලංගාරච්චි ....හැන්නදිගේගෙන් බේරෙනවා කියන එක....හීනයක්......හීනයක් කියන්නෙ හීනයක් විතරමයි........තේරුනාද......ම්ම්ම්.....
දෙයක් දැක්කොත් සද්ද වහලා ඉමු.....ම්ම්ම්ම්...මන් උදව් ඉල්ලද්දි උන් සද්ද වහල දැක්කෙ නෑ වගේ උන්නා....දැන්....????
ස මු ද්‍ර ..!!!
MNNN .....DID I MAKE YOU REALIZE THAT YOURE HUGGING A BLADE, NOT A LOVING SON IN LAW SWEETHEART ???
*
*
*
Amakara pov
සුදු අරලියා.....මල...
පිපුනෙ....ඇයි....
තනිව.....
ලෙන්ගතු ඇසුරකට....
මට දැන් අවසරද.....
කැතයො...අම්මෙ ඔහෙ කොහෙද...මේ පසනා හොයනවා....මේ පසනා ඔහෙව හොයනවා අම්මෙ.....සුදු අරලියා....මල........ලින්ගික ඇසුරකට.....
හ්ම්ම්ම්ම්....මන් මෙහෙ පසනා.....
අම්මෙ....ලින්ගික ඇසුරක් කියන්නෙ කාටද අම්මෙ....ඔහෙ දන්නවයි????මට දැන් අවස....රද.......
කඩේට යනකොට තිබ්බ සතුට එනකොට නැද්ද මන්දා.....ඩෙලාම්ව හම්බ උන තත්පරෙ ඉදන් මේ වෙනකම්ම මගෙ පපුව් කරවෙලා යන තරන් ලැව් ගින්නක් ඇවිලෙන ගමන් තිබුනා....
පැත්තක තිබුන පතෝල එල දහවතාවකට වඩා හෝදපු මන් මින් එහාට මොනවද දාන්නෙ මොනවද දාන්නෙ කල්පනා කරකරම අවසානෙදි අම්මා කරන්නා වගේම පිහියෙමොට පැත්තෙන් පතෝල කරලෙ අර අලුපාටට හුරු සිවිය සුද්ද කරලා අවසානෙදි ඇතුලෙ තිබ්බ ඇට අහුරට් අහක් කරලා ආයම හේදුවා...
ඔක්කොටම කලින් සැමන් ටික මලවගන්ඩ එපැයිනෙ...සැමන් මලවගන්ඩ කලින් අල තම්බගන්ඩ එපැයිනෙ...
හිත් වේදනා අස්සෙ උයන්ඩත් වෙලා...අනෙ යකො මේ මගුල මට කරන්න බෑ අනෙ....මට ඩිවෝර්ස් වෙන්ඩ ඕන.......පොල් ගාන්ඩත් ඕන...ඇයි යකො කීපාරක් පොළ් ගෑවද.....??තව ටිකකින් අපෙ එක්කෙනා ගෙදර එයි...ඒ ආවම කන්ඩ දෙන්නෙ ඇටද අඩෙ......තාම පතෝල හොද්ද විතරයි........
වෙන්දකඩුවගෙ පුතුපැටියා මන් වගේමයි කියන්නෙ......හහ්...මන්වගෙ වෙන්නෙ කොහෙද ඩෙලාම් තොට පිස්සුද අඩෙ එහෙමවත් අහන්ඩ....මන් වගේ ඉන්නෙ මන් විතරනෙ යකො....
මේ තියන ප්‍රශ්න මදිවට දෙයියො තවත් ප්‍රශ්න දෙන්නෙ දෙයියන්ට මාව ඩේලි කස්ටර්මර් කෙනෙක් වගෙ පේනවද මන්දා.......අනිත් පැත්තෙන් මිනාලයා...මූ දැන් victim card එක ප්ලේ කරනවා කියන්නෙ...ඔක්කොමත් හරි මේ රමනි අක්කගෙ බඩ කඩිත්තුවෙ සද්දෙ...ඇත්තමයි මන් මේකිගෙ ඔය ලබ්බ පොලවෙ ගහලා එනවා ඇයි යකො කනකට ඇහෙන්ඩ දාගන්කො....ගමටම බෙදන්නෙ මොකො මේකි සින්දු දන්සල් දාලද????
චක්කරෙ පාඩම් කරන්ඩ ගත්ත වෙලේ ඉදන් අම්මෙ හුම්මෙ ගගා නාහෙන් අඩපු පසනා මොනවදො මන්දා බහුබූතයක් ඇහුව මිසක් කුසියෙ පලාතෙ ආවෙ නැතිවෙද්දි අල උරෙ අතට ගත්ත මන් රමනියට දෙහි කපන්ඩ ගත්තා...
යකො මිනිස්සුන්ට තියන ප්‍රශ්න වැඩි වෙනවනෙ.....මුන් නම් කිසිම සන්වේදිකමක් ගෑවිලාවත් නැති එවුන්....මුන්ට බැරිද ඔව්වා කනට ඇහෙන ගානට දාගන්ඩ.......ලමයෙක්ට පොතක් පතක් වත් අල්ලන්ඩ පුලුවන්ද....බෑ.....
මේකට ලුනු ඇතිද මන්දා......ම්හුක්...මේ මොකත අනෙ මේ...පතෝල පාවෙන්නෙ.....මක්කවත් වරදක් වත් වෙලාතෝ....අම්මියෙ...පුතාගෙ පතෝල හොද්දෙ පතෝල පාවෙන්නෙ ඇයි අම්මියේ....ඔවූ...මන් අහන්නෙ වයි අම්මියෙ.....එක්කො පරිප්පු වැඩිද....වෙන්ඩ බෑ.....වෙන්ඩ බෑ.....පරිප්පු දෙසිය පනහක් විතර දැම්මනෙ අනෙ.....වෙන්ඩ බෑ........කහපාට ගතිය පොඩ්ඩක් විතර වැඩිද මන්දා....කමක් නෑ අපෙ එක්කෙනා ඇහුවොත් කියනවා කහ කන එක ඇගට පතට මුත්‍රා අමාරුවට හොදයි කියලා....
සුදු අරලියා.....මල......
අලටික සුද්දකරන්ඩ ගත්තා උනත් මොකද කුලුදුලේම උයාගත්ත පතෝල හොද්දෙ වරුනෙ බලන්ඩ ගියපු මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා කට මෙහෙක් වෙලා ගියා....පතෝල පාවෙනවා......ඊටත් මුලු පතෝල හොද්දම තනිකරම සිගනල් ලයිට් එකක් වගෙ කහම කහපාට වෙද්දි නිකමට වගෙ ලුනු ඇබුල් බලන්ඩ ගියපු මගෙ බඩබොකුත් එක්ක මොකක්ද වෙලා ගියා...
ඩින්ගිරිත්තක් විතර තිත්ත ගතියයි.....ලුනු ටිකක් දැම්මා නන් හැබැයි තිත්ත ගතිය මගෑරෙන්න ගියා.....එක්කො කහ වැඩි උනාදො.....යකො පොල්කටු හැදි බාගෙනෙ කහ දැම්මෙ....එක්කො මිරිස් ටිකක් දැම්මා නම්.....නෑනෑ...මේක තමයි පදම.......ආ...හරි පුකක්නෙ අනෙ මෙහෙම නේන්නම්...කාට කාටත් වැරදිලා තමා හරියන්නෙ........
ඊව්.....ඊ...කුචී...කුචි....පසනො.....හපන්ඩ එපා.....අනෙ...හි ..හිහි.....අම්මෙ....කැතයො....මේ බලනෝ...පසනව තාරුකයයි දෙවනි පසනයි හපනෝ.......
ලමයො........ඔය බල්ලො දෙන්නා එක්ක ඇදෙ නගින්ඩ එපා කොල්ලො...පසනා....අම්මා හනස්සක් ගන්ඩද ආ....මුන් එකෙක්වත් කියන දෙ අහන එවුන් නෙවෙ....මුන් එකෙක් වත් කියන දේ අහන එවුන් නෙවෙ...උඹලා ඔක්කොම මගෙ ඔලු කනවා බන්....උඹලා ඔක්කොම මගෙ හිත පොඩි කරනවා....වරුවක් හිනා වෙලා උන්නොත් දවස් ගානකට අඩන්ඩ වෙන මොනවම හරි වෙනවා...
මෙච්චරවෙලාම ඇරගන බලාගන උන්න පතෝල හොද්ද මන් ඇතිලියෙන් වහල දැම්මා....පසනට වචනයක් දෙකක් කියෙව්වට...ඉස්සර උන්නා වගෙ හෑලි ගනන් කියෙව්වට මන් දන්නවා මගෙ උඩු හිත විතරයි පරන අමාකර වෙන්න හදන්නෙ....පසනට සැර උනාට මොකද ඩෙලාම්ගෙ වචන තනිකරම අලුයට හැන්ගුන ගිනි පුපුරු වගේ සැරින් සැර්‍රෙම උඩ ඇවිදින් මන් නොදන්න හේතුවකට මාව රිදවන්න ගත්තා...කොටින්ම එවෙලෙ ඩෙලාම්ගෙ ඇස්වල තිබුන බැල්ම පවා ඒ කටහඩෙ විලාසෙ පවා රත් උන යකඩ කූරක් හා සමානව ඇවිදින් මාව පුච්ච්න්න ගත්තා...
ඉශිත කියන්නෙ කලින් ඕඅයිසිගෙ පුතා........
සිහත් විස්වාස කරනවද ඉශිතට තියෙන්නෙම සිහත්ගෙ හැඩරුව කියන එක......
ඇයි ඩෙලාම් උඹ මට එහෙම කතාවක් කිව්වේ....කමක් නෑ...උඹ මන් සමහර විට ඌව දැකලා නැති හන්දා එහෙම කිව්වා වෙන්න පුලුවන් ...ඒත්....ඒත් උඹ යන්තමට හිනා උනා ඩෙලාම්.....
අතේ තිබුන අලගෙඩියත් පිහියත් මිරිකගත්ත මන් හිතේ තිබ්බ ආවේගෙන්ම අලගෙඩියෙ පොත්ත රහින්ඩ ගත්තා....
ඉශිතට තියෙන්නෙ සිහත්ගෙ හැඩ රුවමයි කියනවත් එක්කම ඒ මුනෙ ඇදුන හිනාව ඒ තත්පරේදි මට ගානක් නොවී උන්නට මේ ගෙවි ගෙවි යන තත්පරවලදි ඕනාවටත් වඩා පපුවට බරවෙන්ඩ ගන්නවත් එක්කම හීනෙකින් වත් නොහිතපු විකාරයක් මගෙ හිතට එනවත් එක්කම මගෙ ඇගිල්ල කැපිලා ගියා...
ආ.....හ්හ්..... ..අනෙ....ස්..සමුද්‍ර!!!
මගෙ ඇස්වලට කදුලු උනවා....ගෑවිගන ගියත් ඇගිල්ල වෙන් වෙන තරමට පන පොවලා තිබ්බ පිහියට මගෙ ඇගිල්ල කැපිලා ගියේම ඇහිපිල්ලමක් වත් ගහන වේගේටත් වඩා වැඩියෙන් වෙද්දි ගිනි මද්දහනෙ හිතුමනාපෙට ගලන ලේ ගගට වඩා වැඩියෙන් මගෙ ඇහිවිල් වලින් කදුලු කඩාවැටෙන්ඩ ගත්තා....
සුදු අයියෙ......බැරිවෙලාවත්...අනෙ බැරිවෙලාවත්.....උඹයි ඌයි ආදරෙ කෙරුවද මගෙ අයියෙ???????නැත්තන් උගෙ මූනෙ එවෙලෙ එහෙම හිනාවක් ඇදෙන්නෙ ඇයි අයියෙ.....
මගෙ අතම ගැහෙනවා....කැපුන ඇගිල්ලෙන් උකුවෙලා කැටිති වෙන ලේ බිදිති ඇගිල්ල දිගෙ හීන් සීරුවෙ පෙරීගන ඇවිත් සිමෙන්ති පොලවට වැටුනත් මට මගෙ ඇගිල්ලෙන් නෙවෙ දෙයියනෙ වේදනාවක් දැනුනෙ.....මට මගෙ ඇගිල්ලට වඩා පපුවෙනුයි වේදනාවක් දැනෙන්න ගත්තෙ...
නෑ...නෑ...මේක මගෙ මනස්ගාතයක්.....ඌ මන් වගේ කියලා අරූකිව්ව් පලියට මොනවටද මන් නැති ප්‍රශ්න මවාගන්නෙ.....
විකාර නොකර ඉදින් අමාකර....උඹම නඩු හදාගන උඹම ඒව සාදාරනී කරගන්නවට වඩා හොදයි උඹගෙ මනුස්සයව සැක නොකර ඉන්න එක.....උඹට පිස්සු.....
හරි.....උන් දෙන්නා අතර මීට කලින් සම්බන්දයක් තිබිල තිබුනමයි කියමු....
ඉතින් මොකද....ඉතින් මොකද බන්...
උඹට ඒ මිනිහගෙ ජීවිතෙ පලවෙනියා වෙන්නම ඕන කියලා නීතියක් තියනවද.....????
ඒත්...ඒත්...මම නේන්නම් පලවෙනියා....ඇයි බන් අමාකර උඹම උඹට තුවාල කරන් අඩන්නෙ.....ඇයි උඹ ඕනාවට වඩා හිතලා තව ප්‍රශ්න ඇති කරගන්නෙ....
මට ඇඩෙනවා....මමම ප්‍රශ්න දාගන මමම උත්තර හොය හොය කදුලු හලනවා...
ඇගිල්ලෙන් කාන්දුවෙන ලේ බිදිතිවලට ඔහෙ වැටෙන්නන් වාලෙ වැටෙන්ඩ දුන්න මන් අවසානෙදි කදුලු පිහදගත්තා....පිහිදන් කෙලින්ම පසනා ගාවට ගියා...
පසන්....
මන් යනකොටත් පසනා බලු පැටව් දෙන්නා එක්ක ඇදෙ නැටිල්ල...ඒත් මන් නෙවෙ ඌට බැන්නෙ...මන් නෙවෙ සැර උනෙ...කරපු එකම දේ නම් තුවාල ඇගිල්ල හන්ගන් ඇහෙන නෑහෙන ගානට කතා කරපු එක ව්තරක් වෙනකොට බලු පැටව් දෙන්නව ඉඹලම කන්න හදාපු පසනා අනිත් පාර මගෙ දිහා බැලුවා....
ඕ....ඇයි.....ඇයි කැතයො...ඔහෙට පසනා ලව්වා කුසිය අතුගාවගන්ඩ ඕනද..
නෑ පසන්...
එහෙනම්...ඔහෙට කුසියට වතුර ඕනද ...අපෙ තාත්තා පසනට මෙව්වා උගන්නලා තියෙන්නෙ හරිය.....ඔහෙට උයන්ඩ දන්නෙ නැත්තන් පසනට කියන්ඩ...පසනා දන්නවා පරිප්පු උයන්ඩ...අපෙ තාත්තා පසනට ඉගැන්නුවා...පරිප්පුයි මිරිස් කුඩුයි කහ චුට්ටයි ඔහෙට බැහැ නම් දොඩන්ඩ ඕන හරිය...පසනට ඇහැක් හරිය...
.............
අම්මෙ.....සිහත්තයියෙ....ඔහෙ...ඔහෙ අඩන්නෙ ඇයි අම්මෙ.....ඔහෙ අඩන්නෙ ඇයි කැතයො...ඔහෙට මොකාද බැන්නෙ...ඔහෙට මොකාද බැන්නෙ....ඇත්තමයි පසනට දැන්නම් තරහා යාගන එන්නෙ අඩෙ...දොඩපන්කො.....
ප්...පසන්....දෙයක් අහන්නද....ඇත්ත කියනවද පසන්....
කොච්චර නාඩා ඉන්ඩ හැදුවත් මොකද.මගෙ හිතට බැරි උනා ඇස්වලට දුක වාන් දාන්ඩ අවසර නොදී ඉන්ඩ...මොනම හේතුවටද මන්දා පිලිකාවක් හා සමාන විකාරයක් මගෙ සර්වාංගෙම අරක් ගන්නකොට මන් අවසානෙදි පසනගෙ අතක් අල්ලන් ඇත්ත කියනවද අහනවත් එක්කම ඌත් නිකන් අඩන්න වගේ මගෙ මුන දිහා බලාගන උන්නා....
පසන්.....ඉ...ඉශිත....ඉශිත කියන්නෙ කව්ද පසන්....
ඉ...ශි...ත....
ඔව්...ඉශිත වෙන්දකඩුව කියන්නෙ....පසන් එයාව දන්නවද පසන් .....
ආ....වෙන්දකඩුවගෙ ඉශිතයා....ඔව්නෙ...එයැයි ඔහෙගෙත් යාලුවෙක්ද....
ඇයි....එයා තව කාගෙ හරි යාලුවෙක්ද පසන්....??...
අපෙ තාත්තගෙ ......ඔහෙ එන්ඩ කලින් අපෙ තාත්තා පසනවයි සයුරියවයි එයැයිවයි තමා ඉස්කෝලෙ ඉදන් එක්ක ආවෙ....එයැයි අපෙ තාත්තා පස්සෙමනෙ.....
...........එ...එයාව...ත්????
.
🪻❤ආදරෙයි හැමෝටම!!!