Cherreads

Chapter 29 - 29

මුස්පේනුතුවා ....කව්ද පුතා මුස්පේන්තුවා

මම දෙකට කඩපු හාල් මැස්සව බලෙන් බල්ලගෙ කට ඇතුලට ඔබලා කතා කරපු කෙනාට මුස්පේන්තුවා කියලා මං තරහෙන් නැගිට්ටා .....

ඒ මනුස්සයට පුදුම හදිස්සියක්නෙ.....හරියට ඕන දේ කියන්නෙවත් නැතුව ඵෝන් එක තිබ්බා...හයහමාර වෙනකොට එන්න නැත්තන් එපා මොකක්ද ඒක ...එක විනාඩි පහක් පරක්කු උනොතින්????

මොනවද ලමයො කිව්වෙ???

ආප්ප ඉල්ලුවා....හ්හ්...හයා...මාර ...වෙනකොට.... ගේන්න ...ක්ක්....කිව්වා.....

මං අහක බලාගන අම්මට උත්තර දුන්නා..... හයහාමාර වෙනකොට ගෙනත් දෙන්න කියලා කියපු එක මං බරකරලම කිව්වා.....ඒ මනුස්සයා මූනවත් හරියට පෙන්නුවෙ නෑ.....ඊටත් අහපු ප්‍රශ්නෙ...

මං අයම ඉදගත්තා ....ඒකත් එක්ක තියන තරහට මම කොහොමද මං කරන්න ගත්තු වැඩෙ නවත්තලා යන්නෙ...මං ආයම හාල්මැස්සො කඩන්න ගත්තා හැබැයි කඩන හාල්මැස්සෙක් හාල්මැස්සෙක් ගානෙම මං හිතුවෙම මේ කඩන්නෙ මුස්පේන්තුවාගෙ අතපය කඩනවා කියලා ...මේ කඩන්නෙ මුස්පේන්තුවගෙ බෙල්ල කියලා .....

උඹට මන් බිත්තර ආප්පම කවන්නම්කො.....

මං ආයම හිතින් මූනවත් හරි පැහැදිලිවම නොදැකපු මනුස්සයට බනින්න ගත්තා...අවසානෙදි ඒ ආවේගෙම්ම මුලු හාල්මැස්සො උරේම කඩලා අවසානෙදි මෙච්චර වෙලාම මම දකින්නෙ නෑ කියලා හිතලා හාල්මැස්සො ඔලු හපන්නෙ නැතුව ගිලපු ජිමියගෙත් හොම්බ මිරිකන් මං නැකිට්‍ටා ....

ඔයාට කන්න දෙන්නද ....

හාල් මැස්සො කඩලා පිලීගඳ යන්නත් එක්ක මං දෙතුන් පාරක් සබන් දාලා හෝදනකොට අම්මා මගෙන් කන්න දෙන්නද ඇහුවා ....ඔය කන්න දෙන්නද අහන්නෙ තාත්තවත් එක්කන් එන්න කියන වචනෙට සමාන වචනයක් වෙන්කොට මං අතේ වතුරටික අම්මා අහක බලනකන් ඉදලා දොර රෙද්දෙන් පිහාගන තාත්තව හොයාගන දිව්වා ...

ජිමී....තාත්තා කනවා නේද තාම....

අපි තුන්දෙනාම උන්නෙ උයන කුස්සියෙ කෑම මේසෙ බැදපු පපඩමක් අස්සට බත් ඔබ ඔබ උන්න මගෙ කලවෙකට ජිමියගෙ බලු අත දෙපාරක් තුන් පාරක්ම තද වෙනකොට මං බත් එකෙ තිබ්බ මොන මොනවම හරි දැම්මා....අපි කන වෙලාවට ගැටගහලා තිබ්බොත් ඒකා රටම හොලවන හන්දා ඌට සදා කාලිකවම නිදහස දීලා තිබුනා .අපි කනකන් අපි ගාව ඉදන් ඉන්න ජිමියා වැඩි හරියක්ම කෙරුවෙ තාත්තගෙ හරි මගෙ හරි කලවෙකට ඒකගෙ බලු අතින් කතා කරන එක වෙනකොට මෙච්චර වෙලාම මට කතා කරපු ජිමියා ඊලග පාර තාත්තට කතා කරනකොට බත් කටක් කටේ තිබුන තාත්තා ඌට පොඩ්ඩක් ඉන්න කිව්වා ....

.සරලයි ..

මහමන්දීරවල වගෙ හොදි ජාති දහයක් පහලවක් වත් දිලිසෙන පලතුරු තියන පලතුරු කූඩයක් නැතත් මට ඕන කරන ආදරෙ...ඒඅවදානෙ....ඒ හැමදේම තිබුනා .....කොච්චර කිව්වත් හිටඖ ගමන් කෙදිරි ගාලා බොරූවට බුරන ජිමියට අවසානෙදි ඒකගෙ වලද පිරෙන්න අම්මා බත් දාලා දෙනකො අපේ හුලගක් හරි එතනින් ගියෝතින් මූ විලිස්සන්න ගත්තා ...

බල්ලගෙ බලු ගතියනෙ.....

එකපාරක් නෙවෙ දෙවනි පාරටත් බෙදාගන කාපු මම අනිත් පාර අතපත ගාලා ටොපියක් හොයාගන සූප්පු කර කර කාමරේට ගියා ...

සියඹලා ටොපියක් .....රත්තරන් පාට කොලෙන් එතිලා එන සියඹලා ටොපියක් ....දැන් ටොපියක් පහයි.කලින් රුපියලට තිබුන ටොපිය දැන් පහයි..... මං කටේ දාගන උන්න ටොපියෙ ටොපි කොලෙ එහා මෙහා කර කර ඉන්නකොට අර මුස්පේන්තුවගෙ ටොපිකොලේ මතක් උනා 

හිටපන්කො....

මං අතේ තිබුන ටොපිකොලේ අරන් සමනලයෙක් හදන්න ගත්තා හෙට උදේට අප්පෙත් එක්ක මේක ගිහින් දෙනවා ....අම්මට බිස්නස් කඩන්න බැරි හින්දා ඉවසන් උන්නා මිසක්කා නැත්තන් ඒකගෙ පන්දහා ඒකට දීලා පිට්ටුව ආපිට අරන් එනවා....

කොච්චර කොහොම කලත් මට සැරින් සැරේටම මතක් වෙන්නෙ අර මනුස්සයම වෙනකොට ටොපිකොලෙන් හදපු සමනලයව මං අතේ තියන් බලන් උන්නා .....

ආයමත් බ්‍රේකින් නිව්ස් එකක් යනවා ....ජන්දෙ ලන් වෙන්න ලන් වෙන්න ඔහොමමයි ....සාලෙ විතරක් ලයිට් ඉතිරි වෙන්න අනිත් හැමතැනකම ලයිට් නිවෙනකොට මං අහගන ඉස්සරහා ප්ලාස්ටික් පුටුව සද්ද වෙනවා.....අනිවාර්යයෙන්ම ජිමී පඩත්තරයා නගින්න ඇති.....ඌට බිම නින්ද යන්නෙ නෑ.....

වටේ පිටෙ ගෙවල් වලින් ඇහෙන කෑ කෝ සද්ද ටිකෙන් ටික අඩු වෙලා ගියා ...බීපු මනුස්සයෙක් ඉද හිටලා සිංදු කියන සද්දෙ වගේම ටීවි එකක ගිය කතාවක සද්දයක් ලාවට වගෙ ඇහෙනකොට බාගෙට ඇරලා තිබුන ජනෙල් පියන් වලින් රෑ අහස දිහා උන්න මම පහට එලාර්ම් එක තියලා ගුඩ්නයිට් මැසේජ් එක දාන්න ඕන කෙනාට ගුඩ් නයිට් මැසේජ් එක දැම්මා ...ඒත් එයාගෙන් හැරෙන තැපෑලෙන් මැසේජ් එක ආවෙ නෑ....සමහර විට යන්න එපා කිව්වත් මං යනවයි කියපු හන්දා වෙන්න ඇති ....

ඒක පුදුම වැඩක්නෙ...

තවත් විනාඩි පහක් දහයක් බලන් උන්න මං ඵෝන් එක පැත්තකට දාලා ජනෙල් පියනෙන් අහස දිහා බලන් උන්නා..මොකද මට තව විනාඩි ගානක් ඕක දිහා බලන් උන්න ගමන් නින්ද යනවා ....

මේක කවදා තරම්ද ඕනෙ....?ටිකක් දවස් යයි මොකද මේ ඔක්කොම අයින් කරන්න එපැයි ....

නින්ද යාගන ආව මට තාත්තගෙ කටහඩත් එක්ක ආයම ඇහැරුනා . ...මේ රෑ මොකාද ....වාහනයක් වත් අරන් ඇවිත්ද ....??තාත්තා මොන මොනවදෝ කියනවා....අතන හදන්න ඕනා මෙතන හදන්න ඕනා ...දවස් දෙකකින් නම් දෙන්න බැරි වෙයි කිව්වා .....

කොහෙ හරි මගුලක ඇනගත්තු එකෙක් වෙන්න ඇති...සමහර උන්ට පුදුම හදිස්සියක් තියෙන්නෙ....

නින්ද යාගන ආව මට ආයමත් එක පාරින් ගැස්සිලා ඇහැරුනා වගේම කටහඩවල් ගොඩක් මැදින් ඇහෙන තාත්තගෙ කටහඩ එක්ක එ චුට්ටකින් හැම දේම නෑහිලා යනකොට මගෙ ඇස් පියන් වැහිලා ගියා....

පව් මගෙ තාත්තා....ඒ අත් වලට හෙට ඉදන් ආයම අලුත් කරගැට එකතුවේවි.....

ඩින්....ඩොන්....

එලාර්ම් එක.....

ඉර පායලා නෑ.....

අහස තවමත් අන්දකාර පාටයි.....

හඳ බැහැගන ගිහිල්ලා.....

අනිවාර්යයෙන්ම මගෙ එලාර්ම් එකට කලියෙන් කරමල තද රතු කුකුලා අඩන්න ඇති....

යටිපතුල් වලට සීතලයි....

ඇද රෙද්දෙන් කකුල් දෙක එලියට ඇවිල්ලා.....

තව එක විනාඩි පහක්.....

තව එකම එක විනාඩි පහක්.....

මගෙ ඇස් දෙක ආය ආයම නින්ද ඉල්ලනවා.....

හරි....ඔයාට තව විනඩි පහක් වෙනුවට මම පැය කාලකම දෙන්නම්....

ඒ මගෙ හිත.....ඇස් දෙක විනාඩි පහක් ඉල්ලනකොට හදවත එයාගෙ ගානෙ තව විනාඩි දහයක් වැඩිපුර දුන්නා....

මොකද මම එලාර්ම් දෙකක් තියනවා....හතරයි හතලිස් පහට එකයි...පහට එකයි...

පැය ගානක් නිදියලා නිදියලත්...අවසානෙදි අපි හැමෝම " තව චුට්ටක්...තව විනාඩි පහක් " බලාපොරොත්තු වෙනවා....

අන්න ඒ පහ තමයි තදින්ම නින්ද යන හොදම විනාඩි පහ ....

ඉතින් මං ආයම පැය කාලකට ඇස් පියා ගත්තා .....එලියට පැන්න කකුල් දෙක ඇතුලට ගත්තා ...නින්ද කොයි තරම්ද කියනවා නම්....අනිවාර්යයෙන්ම හැම රෑකම....නෑ...නෑ...මම කියන්නෙ අර බය හිතෙන හීනෙ නොපෙනුන හැම දාකම මට සිහිය නැති උනා....

ඩින්...ඩොන්.....

විනාඩි පහලව ඉවරයි.....ආය නින්දක් ඉල්ලන්න බෑ.....එලාර්ම් එක කන ගාවින් ඇහෙන් අ කලින් තැලෙන යකඩෙක සද්දෙ එක්ක ඉරපායන්නත් කලින් ගැරේජ් එකෙන් එන යකඩ තලන සද්දෙ එක්ක මට ආය නින්දක් ඕන් නැහැයි හිතුනා....

කුසියෙන් ඇහෙන හට්ටි මුට්ටි සද්දෙ එක ආයම නින්දක් ඕනෙම නෑමයි කියලා හිතුනා.....

රෑ අයන් කරපු යුනිෆෝම් එක ගාව තිබුන යට ඇදුමෙ ඉදන් සපත්තු මේස් දිහා බලපු මම ඇදෙන් නැගිටලා ඇද ගසලා දාලා හිටගන්නකොට යටි නඩ කොර කරන වෙලාවකට විනාඩි ගානක් යනකන් බාතෲම් එකේ හිරවෙලා ඉන්න වෙන දසුන අදත් මම.දැක්කා.....

ශික්කෙ...මේ පොල්ල නම් කරුමයක්.....

කතා කරගන්න කොට ගොත ගහන මට තිබුනෙ ගිරවෙක් හා සමාන කච පච ගාන හදවතක් ...

මම පොඩ්ඩක් ඉස්සරහට ඉස්සුන කලිසම දිහා බැලුවා ....

දැන් ඉතින් මූන හෝදම්ම තමා අම්ම ගාවට යන්න වෙන්නෙ...මෙහෙම යන්නෙ කොහොමද ....මේක මහ වාතයක්...අනිත් දවසෙ නම් ජනේලෙ අරින් නෑ.....

නිදි මතේම ටී ශර්ට් එක හොයාග්ත්තු මම ඇදගන ඉස්සරහා හරියෙන් වැහෙන්න එක්ක කොන්ද පොඩ්ඩක් පාත් කරගත්තා අම්මා දැක්කොත් අහක බලාගනි....තාත්තා දැක්කොත් නමනින්දාවෙ බෑ....තාත්තා කෙලිම්ම කියනවනෙ මූට දැන් ගෑනියෙක් ඕන වයස කියලා ...යෝහ්...මේ තාත්තා නම්.....

දකුනු හක්කට තුන් පාරයි ...වම් හක්කට තුන් පාරයි....අසදාරනයක් වෙන්න දෙන්න බෑ....

කොමඩ් එක උඩ ඉදගන උන්න මම සාදාරන විදිහටෞඩ ඇන්දට යට ඇන්දට බ්‍රශ් එක යැව්වා.....සීතල වතුර අහකට යනකන් ශවර් එක ඇරලා තිබුනා...නැත්තන් සීතෙ ගල්වෙලා මැරෙනවා.....එක දිගට කිඹුහුම් යනවා....

මහපට ඇගිල්ල.....දැන් අනිත් කකුලෙ ඇගිල්ල ...දැන් වලලුකර....අතේ මැනික් කටුව ගාව...සම්පූරනම කකුලක්....අනිත් අත.....කොන්ද පොඩ්ඩක් ...දැන් පස්ස පැත්තා.. .

අ...අනේ...අම්...මේහ්හ්.....ඊ....ව්ව්ව්....

සීතලයි යකෝ...

වෙනදා වගේම අදත් ප්‍රතිපත්තිය අනුව සර්වාංගෙ එක එක කොටස වතුරට හුරුකරලා පස්ස ඇල්ලුවා විතරයි මට හැමදාම වගෙ කෑ ගැස්සුනා .....විනාඩියයි..දෙකයි....තුනයි...දැන් හරි...දැන් හුරු උනා.....

වතුරට හුරු උන මම ඇගපත හෝදන් ඇවිදින් ඇදගත්තා ...කුසියෙන් එක එක සුවදවල් එනවා....ළූණු තෙම්පරාදු වෙන සුවද .....ආයම බැදෙන සුවද ...තේ කෝප්පෙ අස්සෙ හැන්ද කැරකෙන සද්දේ ....

යෝ ....හ්..ජිමී....අහකට වෙයල්ලකො...ඔය ළූනු පොතු අදින්ඩ එපා....යන්ඩ ගිහින් අයියව අඩගහන් එන්න.....අහකට පලයන් අප්පා....කෝ...අහකට....යමන් ගිහින් දොයියපන් දැන් ඔය ඉව්වා මදැයි...පාන්දර ඉදම්ම අම්මා එක්ක උනයනවා නේ....

නිල්පාට ටයි එක අතට ගත්තු මම ටයි එක බැද බැද කුසියට ගියා...අදත් වෙනද වගේම අම්මයි පුතයි දෙන්නම උයනවා...අම්මා පාන්දර උයන හැම දවසකම ජිමි අම්මගෙ තනි රැක්කා...අම්මා උයලා ඉවර වෙනකම්ම ඌ කුසියෙ ඉදගන බලන් උන්නා....බිත්තර කට්ටක් හරි බිත්තර කෑල්ලක්..ඔය හදන දේවල් වලින් හැම එකෙම්ම ටික ටික කකා ඒකා අවසානෙදි ළූණු සුද්දකරලා ළූණු පොතු දාන පෙට්ටියටත් බෙල්ල දාන් අදින්න ගන්නකොට අම්මා ඒකට සැරකෙරුවා .....

අම්මගෙ පුතා ඌයි.....

අ..අම්මා...

පන් වට්ටියෙ තිබුන ආප්ප වලින් කර වෙච්චම ආප්පෙ හොයාගන මම වාටියෙන් කෑල්ලක් කඩාගන කටේ ඔබා ගත්තා ....

ආමේක තාත්තට් දීලා එන්න.....

ම්ම්....

සුදු පාට මග් එකේ කලු පාට් අකුරින් තාත්තා කියලා ලියවුන මග් එක අතට දුන්න අම්මා තාත්තට ගිහින් දෙන්න කියනකොට අනේ තාත්තා මේ උදෙම්ම යකඩ එක්ක ඔට්ටු වේගන උන්නා....

ත්...තාත්තෙ...

තාත්තා උන්නෙ වාහනෙ යට ..රොද නැති වාහනේ ජැක් ගහලා උස්සලා තාත්තා වාහනෙ යට රිංගන් උන්නා....දනහිස් වලින් පහල එලියෙ තියනකොට ඉතුරු හරියම ඇතුලෙ තියනකොට මම හතර වටිම්ම එබි එබි බැලුවා ගහපු ජැක් එක තදට වැදිලද කියලා ...ගලවන් වැටුනොත් අම්මටයි මටයි අනාත වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැතිකොට මම තාත්තා වාහනයක් යටට යන හැමදාකම එබි එබි බැලුවා....

ත්...තාත්තෙ...

ඕ....

මේ...ත්තේ...ගෙනාවා...

මම තේ එක අතේ තියාගන තාත්තට කතා කරනකොට තාත්තා එලියට ආවා.... මජන් ගෑවුන රතු පාට ටී ශර්ට් එකක් ඇදගත්තු තාත්තා එලියට ආවා වගේම මම අතේ තිබ්බ තේ එක දුන්නා...

ක්ක්...කන්ඩ ඕන නැද්ද...අ..අම්මා...ආ..ප්ප හදනවා.....

ඕන් නෑ.....

මම වාහනේ දිහා බැලුවා. .හයියස් එකක්.....

ම්ම්...මේක...ක්ක්..කාගෙද....තා...ත්තෙ...

ඇමතියලගෙ.....

ක්ක්...කාගෙ....ම්ම්..මොකාගෙ....

සිල්වගෙ...

සිල්වගෙ ....මුන් මේක අද හෙටම ඉල්ලනවා ඇයි යකො....කියන හදිස්සියෙට දෙන්නද.....

තාත්තා අතේ තිබුන තේ එක බොන ගමන් මස් කරන්න තිබුන ඔන්න මෙන්න තිබුන වාහනේ දිහා බල බල බනින්න ගත්තා.....

මේ ඔක්කොම දැන් ටින්කර් කරන්න ඕනා.... 

මම වාහනේ දිහා බලාග ඒකෙ උන්න සිල්වා ඇමතියගෙ හිනාව දිහා බලන් උන්නා.....බලන් ඉදලා අවසානෙදි හිස් කෝප්පෙ ඉල්ලන් කුසියට ආවා...

පුතා . යනගමන් මේක දීගන යනවද...කන ගාන කිව්වෙ නෑනෙ...බිත්තර ආප්ප තුනයි නිකන් ආප්ප දෙකකුයි දැම්මා...

ම්ම්..මුස්පේන්තුවටද

ඔහොම කතා කරන්න එපා ලමයො.....පව්.....

ම්හුක්.....

නිල්පාට සිලි උරේ තිබුන ආප්ප දිහා බලාගන මුස්පේන්තුවටද කියලා අහනකොට අම්මා මගෙ පිටට හිමින් පාරක් ගැහුවා...ගහලා ග්‍රොසරි උරයක් අරන් ගලේ අඹරපු ළුණු මිරිස් දාලා ඒ බෑග් එක මගෙ අතට දුන්නා....

ඔයාට අද පන්ති නේද....

ම්ම්ම්.....

අම්මා මගෙ කෑම එක ඔතන ගමන් අද පන්තිනේද අහනකොට මම ම්ම් කියලා ඔලුව වැනුවා ....

අද පන්ති...ගෙදර එනකොට හතවත් වේවි.....ඇයි ඉතින් බස් වල යන්නයි....ආයම එන්නයි.....පන්තියෙ පැය දෙකහාමාරයි .....එනකොට ඉතින් රෑ වෙයි...

ආ....මේක...මේක කෑම එක....මෙ සල්ලි එක දවල්ට කන්න.....නඩ් දැවිල්ල හැදෙන අනම් මනම් කන්න එපා තේරෙනාද ...

අම්මා අතට දුන්න සල්ලි එක මම එහෙම්ම මගෙ පොඩි වොලට් එකදාගන එහෙම්ම අම්මගෙ කකුල් දෙක අල්ලලා වැන්දා...

මගෙ පුතා පරිස්සමින් ගිහින් එන්ඩ...

අම්මගෙ හාදුවයි අම්මගෙ ආදරෙයි එක්ක එලියට ආව මම තාත්තා ගාවට ගිහින් තාත්තගෙ කකුල් අල්ලා වැන්දා.....

පරිස්සමින් ගිහින් වරෙන් මගෙ එකා....

ඉස්කෝලේ බෑග් එක මුස්පේන්තුවා ගෙ කෑම එක හැඩල් එකේ එක්ක ගත්තු මම හයහාමාර පනින්න කලින් එකගෙ ගෙදරට පදින්න ගත්තා... ....

දැන් ඉතින් වරුවක් කතා කරපන්කො...මූ හින්ද අද මට ඉස්කෝලේ යන්නත් පරක්කු වෙයි....

සයිකලේ පදින ගමන් මම ගෙදරට යන්නත් කලින් ඒ මනුස්සයට හිතින් බැන්නා....මෙච්චර දුර ආව මම අර දෙවනි ලේන් එකේ ගෙදර පහු කරනවා එක්කම එදා කෑම දුන්න පොලිස් කාරයා තනි කලු පොරවන් හදිස්සියෙ හදිස්සියෙ කොහෙ හරි යන්න යනකොට එයාගෙ දොස්තරයත් එයාගෙ පස්සෙ දිව්වා ...ඒ දෙන්නා දිහ බලන් ආව මම අද වෙනදටත් වඩා දහපරක් විතර තුන්මන් හන්දියෙදි දෙපැත්ත බැලුව ...එදා කානුවට වැටිලා අච්චර දේවල් අහගත්තු එකේ අද උදේ පාන්දරම අහ ගත්තොත් දවසම ඉවරවෙයි කියන බයට මම ත්‍රීවිල් පාර්ක් එක ගාවින් ගොලු බෙලිගමනින් පැදගන එනවා එක්කම මට එදා බැනපු එකා ඒකගෙ ත්‍රීවිල් එකට දුම් අල්ලනවා....

කොට බරියා.....

ග්ග්...ගෙදර කව්ද...

හයයි විසිපහයි....

කකුල් දෙකට පින් අයිති වෙන්න මම මහ රජ්ජුරුවන්ගෙ ගෙදරට ආවා.....හැබැයි අප්ප මුල අස්සෙ තවත් බඩ්ඩක් තිබුනා....සමනලයෙක්....සියඹලා ටොපියෙන් හදපු සමනලයා....

ගේට්ටුව නම් මම එන හින්දම ඇරියද....නැත්තන්....ඒක වහලා නැද්ද කියන්න දන්නෙ නෑ අරලා තිබ්බ ගේට්ටුවෙන් ඇතුලට ආව මම එයාගෙ දොර ගාව ඉදන් තට්ටු කෙරුවා ...මීක් නෑ....

මම තව පාරක් තට්ටු කෙරුවා ...ඒත් මීක් නෑ...මේක එලියෙ තියල යන්නත් බෑ වරත්තුවෙ යන ටොම් කෙනෙක් වත් ඇවිත් කාලා ගියෝතින්.... ඊලගට ඒකටත් මොනව හරි අහගන්න වෙයි.....

මි....යැ.....ව්ව්ව්.....

හිතලා කට ගන්න හම්බුන් නෑ.....තාප්පෙ දිගෙ වරත්තු ටොම් කෙනෙක් යනවා එකා මේකගෙ පූසද දන්නෙත් නෑ...මහ මුස්පේන්තු මූනක් ඌටත් තිබුනෙ...

.ග්ග්...ගෙදර කව්ද.....ම්ම්..මහත්තයා...මේ කෑම එක ගෙනාවා....

මම ආයම තට්ටු කෙරුවා ...

හරියටම හයහ මාරයි.....

ක්ලික්....ක්ලික්....!!

දොර අගුල කැරකෙන සද්දෙ එක්ක දොර ඇරුනා...

ග්ග්....ගුඩ්...මෝර්නීන්.....ම්මේ...ක්ක්

මෝර්නින්...ඇතුලට .....

අදත් එහෙමයි..දැනුත් එහෙමයි....ගුඩ් නෑ මෝර්නින් විතරයි ....කෑම එක කියන්න හම්බුන් නෑ ඇතුලට කිව්වා...හරියට අපේ ජිමියට කූඩුවට කියනවා වගේ....ඇයි යකො මම නම් ගොත කියන්ඩ පුලුවන් මේකට ගොත නෑනෙ..."ඇතුලට එන්න....."ඔය වචනෙ කිව්වොත් කට ගෙවෙනවද....නෑනෙ නේ???

මොනවා කරන්නද....කටින් කතා කරන්න අමාරු මම හිතින් බැන බැන සිගරට් ගද ගහන මාලිගාවට ඇතුල් උනා.....

කර්ට්න් වහලා...

ටීවි එක වැඩ...

කනා මැදිරි එලියක් හා සමාන එකම එක එලියක් විතරක් ඇරෙන්න කිසිම එලියක් නැති වෙනකොට මට තවටත් එයගෙ මූන හරිම විදිහට බලාගන්න බැරි වෙනකොට එයාගෙ පස්සෙන් මමත් ගියා වගේම අවසානෙදි එයා කුසියෙන් නැවතුනා...මේසෙන් ඉදගත්තා ....

අඩේ...මෙ බලපියකො දැන් මම බෙදන්න ඕනද...?

මොනවද තියෙන්නෙ.....

ආප්ප....බි..බි

බෙදන්න.....

මට දැන් මාරයා...මාරයා කියන්නෙ මාරයගෙ උපරිමෙ....මූ මට ඊයෙත් බිත්තර කියන්න දුන්නෙ නෑ...අද දුන්නෙත් නෑ...ඒ අස්සෙ බෙදන්නලු.....ඇයි වදෙ මමමොකට බෙදන්නද.....මට ඉස්කෝලේ යන්න වෙලා යනවා....තනකොල උගුල්ලන්න තමයි....

ම්ම්..මහත්තයා ....මම...ඉ...ඉස්කෝලෙ යන්න ඕනා....

ම්න්....

ම්ට ...වෙලා....ය්...යනවා....

ම්න්....

බෙදා ගන්න ප්ප්...පුලුවන්...නේද.....?

.....

උත්තර නෑ...මෙච්චර වෙලාම ම්න් ම්න් ගගා උන්න එකාගෙන් උත්තර නෑ.....එයා උන්නෙ වෙන ලෝකෙක...වෙන කල්පනාවක.....

නම මොකක්ද කිව්වෙ ?

ස්ස්....සංජාන....

සංජා...න.....සංජාන...ම්ම්ම්...හරි.....

....නම ඇහුවා...එතනින් පස්සෙ ආයම මොකුත් නොකියා ඉදලා එයා මොකක් හරි ඇදලා අරන් කටේ තියා ගත්තා.....

සිගරට් ...යෝ...මේකා දැන් සිගරට් බිව්වොත් මගෙ ඇගත් එක්ක ගද ගහනවා...ඒ අස්සෙන් පොලිසියෙන් එනවා අපි අයිස් ගහනවද බලන්න සිගරට් ගද ආවොත් මාව ඇදන් ගිහින් ප්‍රශ්න කරන්න ගනි....ඇයි වදේ...

ම්ම්..මං..බෙද...න්නම්....

එපා....

ආ...හ්

එයා එපා කිව්වා....එයා එපා කියලා එහෙම්ම නැගිටලා ගිහින් කුසියෙ ලයිට් එක දැම්මා.....

කහපාට ලයිට් එලිය.....

මම එයාව දැක්කා....

මම එයාව දැනුයි දැක්කෙ.....

කොන්ඩෙ පැත්තට පීරලා....

තනි කලු ෆුල් සූට් එකක් ඇදලා...

නපුරු පාටයි....

හරිම නපුරු පාටයි...

මැදිවයස් වගේ...

අපේ තාත්තගෙ වයසෙ වත්.....??

අනේ මන්දා.....

මම එයා දිහා අස්පිල්ලම්ක් වත් නොගහා උන්නා....එයා උනත් මා දිහා බලනවා තියා මාව තඹේකට මායිම්.නොකර උන්නා...

එහෙම්ම එයා සුදු පාට ප්ලේට් එකක් අරගත්තු එයා ගිහින් මේසෙන් තියලා වාඩි වෙලා බාගෙට ඔලුව උස්සලා.අගෙ දිහා බැලුවා.....

මට ව්ස්තර ටිකක් කියන්න....

ම්ම්..මොනවා...ග්... ගැනද?

එයාගෙ ප්ලේට් එකට ආප්පයක් දානකොට එයා මගෙන් විස්තර ටිකක් ඇහුවා.....මොනවා කියන්නද මම...අනික මම සෙලිබ්‍රේටි කෙනෙක්ද මගෙ විස්තර කියන්න.....

.......

ම්ම්...මගෙ...විස්ත්...

වට පිටාව ගැන විතරක්... මිනිස්සු ගැන interest එකක් නෑ....

අනේ.....ඉතින්...මට එන තරහව.....මිනිස්සු ගැන ඉන්‍ටරෙස්ට් නෑලු...වටපිට ගැන කියන්නලු....ඉතින් අඩෙ වටේ පිටේ ඉන්නෙ මිනිස්සුනෙ....මම වෙලාව බැලුවා....හතයි...අද තනකොල තමයි...අද නම්තනකොල ගලවන්න වෙනවා.....ඒක ඇත්තයි...දැන්නම් එන තරහවට මට මේ නාකි පප්පගෙ පිටට එකක් අතාරින්න හිතෙනව සට පට සත්ත පඩි වෙන්න....

ව්ව්....වටෙ....පිටේ...කියන්නෙ.....ගෙවල්...ත්ත්...තමා....තියෙන්නෙ...ඒවල...ම්ම්...

මිනිස්සු....කියලා...ජාතියක්...ඉ..න්නවා.....

ඇයි මොන.මගුලටද මමත් සෙකන්ඩ් වෙන්නෙ..මට අද ඉස්කෝලේ ගියත් එකයි නැතත් එකයි...උඹ ඊයෙත් මට බිත්තර කියන්න දුන්නෙ නෑ...අද දුන්නෙත් නෑ...

ම්න්.....

එයා ආප්ප කෑල්ල ඇල්ලුවෙ ඇගිලි තුඩු වලින්...අයියො...පව්.....හිතුවද දන්නෙ නෑ ඕක හැදුවෙ හොරි දාපු අතකින් කියලා...

මම බලන් උන්නා ..එයා වැඩියම මූන පෙන්නුවෙ නෑ....වැඩිය කතා කෙරුවෙත් නෑ....ඇදන් උන්න බ්ලේසර් එක වත් පොඩ්ඩක් ඉස්සුවෙත් නෑ.....එයා ආයම උරේ දිහා බැලුවා...ඒදිහා බලලා ඇහිබැම අකුලගත්තා .....උරේ අස්සට අත දැම්මා....

ආප්පයක් ගන්නද...???

සමනලයා.....

නෑ...එයා ගත්තෙ අර සියඹලා ටොපියෙන් හදපු සමනලයව....එයා කකා උන්න අප්පෙ පැත්තට කෙරුවා ...හරියටම ආප්පෙ එපා උනා වගේ....ඇහි බැම තවත් එකට එකතු වෙනකොට එයා ඒක ලයිට් එලියට ඇල්ලුවා...එතකොටයි මම දැක්කෙ එයාගෙ අතේ කැලලක් තිබ්බා...

හරියටම පිච්චුන කැලලක් වගේ.... .

එයා කව්ද .....??

ඊටත් ඒ මූන.....ඒ ඇස් දෙක...මට දැකලා පුරුදුයි වගේ....ඒත් කොහෙද කියලා මට මතකයක් නැති වෙනකොට මම එයා දිහා බලන් උන්නා....

එයා අර ටොපිකොලේ දිහා බලාගන ඉදලා මොනව හරි හරි හිමින් මිමිනුවා ..හැබැයි ඒක එයාගෙ ගාව උන්න මට හොදටම ඇහුනා.....

" ඇබිත්තම...ඔයා නැතිවෙලාලු...."

🥺ජොබීත මේස් එකක් දෙම්න....

🙂ආය එන්නා....ම්

අග්ගියා එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩ....හයිතෙ....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters