Cherreads

Chapter 73 - 73

සංධීර්ට ගුඩ් ලක් කියපු මම පාර පැනලා ගේට් එක ගාවින් ගියේ හරියටම සිංහයා වගේ.....ඉන්විටේශන් නොබලපු...මොකුත්ම නාහපු ගාර්ඩ්ලා මා දිහා බලලා හිනා උනා මිසක්කා වෙනමොකූත්ම නොකියනකොට මට කෝල් එකක් ආවා...ඒකත් ප්‍රනීත්ගෙන්.....

කරන්න දෙයක් නෑ....උඹට අදට විතරක් ඇමක් වෙන්න වෙනවා..මම දතකුත් කඩාගන මෙතනට ආවෙ සංධීර්ට මොකුත් වෙන්න දෙන්න නෙවෙ ප්‍රනීත්...

ප්‍රනීත්ගෙ නම්බර් එක ඩිස්ප්ලේ තියනකොට මම පැත්තක ඉදන් ආන්ස්වර් කෙරුවා ....

හෙලෝ....

හ්හ්..හෙලෝ....ප්ප්..ප්‍රනීත්...

ඔයා ඇතුලට...ආවද...

ඕ...ඔව්...

ම්ම්..මට....එන්න...වෙන්නෙනෑ බබී.....

අනේ ...ඇ ..ඇයි....

මාව ඇක්සිඩන්‍ට් උනා....

මම පුදුම උනා.....මම නොසෑහෙන්න පුදුම උනා...දුක් උනා...එයා කිව්වෙ නම් බයික් එකට බල්ලෙක් පැන්නා කියලා....අපි නොදන්න බල්ලා...හොම්බෙන් ගිය හැම බයික් කාරයෙක්ම කියන්නෙ බල්ලෙක් පැන්නා...බල්ලෙක් පැන්නා බල්ලෙක් පැන්නා.....ඔය කියන විදිහට බල්ලො පනිනවා නම් යකො මහ පාරෙ වාහන නෙවෙ යන්නෙ බල්ලො

...නෑ.එක අතකට මිනිස්සුන්ගෙ වෙස් ගත්ත බල්ලොත් යනවා...නැත්තෙ නෑ...ඒ බල්ලෙක් ගැන කිව්වද දන්නෙ නෑ....හබැයි... ඒ බල්ලා මගෙ සංදීර් කියන එක උඹ දන්නවා නම්.....මට උඹව බේරගන්න වෙන්නෙ නෑ ප්‍රනීත්...සොරි....මොකද...මට ඌ වෙනුවෙන් මුලු ලෝකයක් හරි නැති කරලා දාන්න පුලුවන් ...

මොකද....වීරයෙක් ලෝකය වෙනුවෙන් මාව අතෑරියට...එකම එක දුශ්ටයෙක් ඉන්නවා....මං වෙනුවෙන් ඌ මුලු ලෝකයක්ම නැති කරල දාන....

ප්‍රනීත්ට නිවන් සුව නොපතා ඉක්මන් සුවට ප්‍රාර්තනා කරපු මම සිල්වගෙ පුතා වෙනුවෙන් නිවන් සුව පතන ගමන් ඇතුලට ගියා....

යෙවීන් කේටර්ස් එකේ යුනිෆෝම්.ඇදපු කොල්ලො එහා මෙහා යනකොට ප්‍රින්ස් කියලා රත්තරන් නූලෙන් නම ගහපු යුනිෆෝම් ඇදපු රූම් බෝයිලා.....මම බලාගන උඩ තට්ටුවට යනවා එනවා...

මට මොන යුනිෆෝම් එක ඇන්දත් එකයි....

තාත්තගෙ වගේම බාප්පගෙ ඇස්වලින් බේරීලා මට ඕනෙ කොහෝම හරි ආශාන් කාරයගෙ ඇගේ හැප්පිලා හරි ඌ එක්ක ඇමිනෙන්න.....ඇමිනිලා උගෙ ආවතේව කාරයා වෙන්න....

නිල්පාටට මැජෙන්ඩා පාට එකතු වෙච්ච ලයිට් එලි අස්සෙ දියවන්නාවෙ අයිතිකාරයන්ගෙ තනි සුදු ඇදුම් දිලිසෙන්න ගත්තා....

ගෑනු දරුවන්ට ආරාධනාවක් නැතිඋනත්...පස්ස දොරෙන් හොර අඹුවන්ට ඇතුල් වෙන්න ඕනා තරම් අවසර තියනකොට ඉහ නිකට පැහුනත් අල්ල ගත්තු පුටුව දෙන්න අකමැති කලගෙඩි තරම් බඩවල් තිබුන මැති ඇමතිලා දිදාලයක් සයිස් බ්‍රැන්ඩි වීදුරු අතේ තියන් තැන් තැන්වල රටෙ ආර්තිකේ ගැන කතා කෙරුවා ....

හොදම විහිලුව...දවසේ විහිලුව කියන්නෙ...දියවන්නාවෙ රැස්වීමක් යන දාට....සුද්ද කුනුහර්ප පලන ....මේස උඩ කොල කෑලි ගිමි තියාගන හූ කියන මරාගන්න හැම එකෙක්ම මෙතන හරි අපූරුවට හිනා උනා...කතා කෙරුවා ...අතට අත දුන්නා...මන්ත්‍රී තුමා...ඇමති තුමා කිය කිය දිවෙන් දිව ගගා මදුවිතෙන් මත් වෙන හැටි මම එක මුල්ලක හිටන් බලන් උන්නා...

වැඩක් නෑ පුතා...මේ හැමෝම යාලුවො...

මං හිතන්නෙ...තිරේට පිටිපස්සෙන් තමයි හොදම කතා ලිය වෙන්නෙ....

පාට පාට එලි අස්සෙ කේටරින් එකේ කොල්ලො වයින් ග්ලාස් ...ශැම්පේන් අරන් එහා මෙහා වෙනකොට මම බාප්පා හඑඉ තාත්තා හරි ඉන්නවද බැලුවා...උන් නිකන් ඔඩිටර්ස්ලා වගෙව් කියන්නෙ නැතුව එළ පාර මැදට පැනල අඩුන්පාඩු හොයන්නෙ...එතකන් කොහෙට හරි වෙලා ඉදන් ඉන්නවා....මොන මගුල උනත් කමක් නෑ මාව.දකින් නැතුව...

සර්.....ශැම්පේන් එකක්.....

හොරගල් අහුල අහුල මුල්ලකට වෙලා ඵෝන් එක කකා උන්න මගෙ ගාවට ආව කොල්ලා අතක් පිටිපස්සට තියාගන ශැම්පේන් ග්ලාස් දෙක තුනක් තිබුන ට්‍රේ එක මගෙ දිහාවට දික් කරනකොට මමත් නිකන් මහ එකා වගේ තෑන්ක්ස් කියලා ශැම්පේන් එකක් අරන් පාර්ටියට ආව එකා වගේ නොදන්න එකෙක් එක්ක චියර්ස් කියලා නොබී බැරි කමට උගුරක් බොන ගමන් අශාන් මහත්තයව හෙව්වා....

ම්ම්...අර ඉන්නෙ...

එතකොට...අර ඉන්නෙ....

ඒකා උන්නෙ තනියම නෙවෙ...අශානයා උන්නෙ උගෙ බලඇනියක් එක්ක....ඇගවල් හදපු.....කොන්ඩා හදපු....පොරවල් හතරක් ...උන් ඇදන් උන්නෙත් ටයි කෝට්....

මුන් හතර දෙන්නා වෙන්න බැරිද.....

මම ඈත ඉදන් උන් හතර පස් දෙනාගෙ මුනවල් දිහා බලන් උන්නා.....උන් කියන දේවල් ඇහුන් නැති උනත් කට දිහා බලන් මම.ඒ කියන දේවල් තේරුම් ගන්න හැදුවා...

සැප කදන්...ආය.....

මම මිමිනුවා...උන්ගෙ තොල් දිහා බලන් උන්න මම වචනෙන් වචන තෝර ගන්න ගමන් මිමිනුවා වගේම මේ ඉන්නෙ උන් හතර දෙනාමයි කියන ගමන් හිමින් සීරුවෙ ඵොටෝ එකක් අරන් සංධීර්ට යැව්වා....

මුන් හතර දෙනාද...

ම්න්...

මැසේජ් එක ගිහින් තත්පරයක් ගියෙ නෑ.....එයා මගෙන් මැසේජ් එකක් එනකන් බලන් ඉදලා වගේ...එයා ම්න් ගානකොට මම ව්‍යා කොහෙද ඇහුවා. ව්‍යා ඇතුලට ආවද ඇහුවා....එයා ඒකටත් ම්න් කියන ගමන් එහෙම්ම මම ඉන්න තැන ඉදන් දකුනු පැත්ත බලන්න කිව්වා...

ම්න්.....දකුනු අතපැත්ත බලන්න....

දකුනු අත පැත්ත...

සාටක කාරයො ගොඩෙ....පැයට දෙකට සැප දෙන්න ගෙනාව රෝස බෝනික්කියො ගොඩේ මම එයාව හෙව්වා..අට හොයා ගන්න බෑ....අතේ තිබුන ශැම්පේන් වීදුරුවෙ රස මට නුහුරු උනත් මම මාවම සංසුන් කරගන්න මදුවිතට මගෙ ආත්මෙම අල්ල ගන්න දීලා රබර් පස්සක් කියල හිතෙන තරමට තට්ටම් ලොකු උන විලාසිනියක්ද.....නැතිනම්...කාගෙ හරි ගෑනියක්...දරුවෙක්ගෙ අම්මෙක්ද කියන්න නොදන්න ගෑනියක් ඇමති පුටුවකට පොර කන මිනිහෙක් ගාව හුරතල් වෙන හැටි බල බල එයාව හෙව්වා.....

එයා නෑ..මට එයාව හොයා ගන්න බෑ...

ඔයා කොහෙද සංධීර් ...මට හොයා ගන්න බෑ.....

මම ඔලුව එක තැන තියාගන ඇස් විතරක් කරකවනකොට සී කුයින්ස් අල්ලපු ගවුම් ලයිට් එලියට තව තව දිලිසෙන හැටි දැක්කා වගේම...ඒ එලි අස්සෙන් අන්දකාර නොවුනත්....හුදකලා මුල්ලක උන්න කලු දිවියෙක්ගෙ බැල්මක් තිබුන නපුරු ඇස් දෙකක් මම දැක්කා.....

..සංධීර් ....

එයා ආයම වෙනස් වෙලා....ගේට්ටුවෙන් ඇතුලට එනකොට එක විදිහකට ආව එයා දැන් ඉන්නෙ තවත් විදිහකට වෙනකොට සංදීර් ගාව කලු දිවියෙක් ඉන්දෙව්වොත්...මම හිතන්නෙ.....කලු දිවියා පවා එයාට ඔලුව පහත් කරනවා....

මම ආයම වෙස් මාරු කරන් උන්න සංධීර්ගෙ මූන දිහ බලන් උන්නා වගේම මම ලාවට ශැම්පෙන් ග්ලාස් එක උස්සනකොට එයත් එහෙ ඉදන් ඒක ඉස්සුවා....උස්සලා ලාවට ඔලුව පහත් කරලා මට සිගනල් එකක් දුන්නා...

මම අතේ තිබුන ශැම්පේන් ග්ලාස් එක පිටිම්ම රෙස්ට් රූම් එක පැත්තට ගියා....

දැන් හරි...

ඇදන් උන්න ඇදුම් වලින් උඩ කොටස ගලවපු මම YC කියලා ගහපු බාග කෝර්ට් එක ඇදලා බෙල්ලට බෝ එක ගැට ගැහුවා.....දැන් ඉතින් ඕන කරන්නෙ...පොඩි දේවල් දෙක තුනක් විතරයි .....

කන්නාඩියෙ උන්න මම මා දිහා බලාගන මා එක්කම හිනා වෙන ගමන් එලියට ආවා වගේම ටේබල් එකක් උඩ තිබුන ශැම්පේන් ග්ලාස් ට්‍රේ එක ගත්තු මම වෙන කොහෙටවත් නොයා කෙලිම්ම අශාන් මහත්තයා ගාවට ගියා ...ගිහින් මොකුත් නොදන්න ගානට අශාන් කාරයට නැතිව වෙන එකෙක්ට කතා කෙරුවා ....

සර්...

ශැම්පේන් .....

මම එක අතක් පිටිපස්සෙන් තියාගන හතර දෙනාම සූරයො වගේ උන්න ගෝලයො හතර දෙනාගෙ අතේ තිබුන දිදාලයක් සයිස් බ්‍රැන්ඩි වීදුරු ටික අරන් එතනින් දෙන්නෙක්ට විතරක් ශැම්පේන් වීදුරුවක් දෙනකොට අහක බලන් කෝල් එකක උන්න අශානයා හැරුනා...

OH ...බොසා....

ම්ම්..මහත්තයා ...

උඹ මෙයාව දන්නවද....

මම හිනා උනා.....අශානයා රොබිනා වගේම මට බොසා කියලා කතා කරනකොට මම කාන්දම වගේ ඒක ගාවට ගිහින් හිටගන්නකොට එතනින් අත් ගොබ ලොකුම එකා ඇහුවා මාව දන්නවද කියලා ....අශානයා හිනා උනා....

දන්නවා...නොදන්නවා...දෙකම...හැබැයි....දන්නවා...කියන පැත්තට.....වැඩි බරක් දෙන්න පුලුවන් ...එහෙම නේද....

එ..එහෙමයි...ම්ම්..මහත්තයා .....ම්ම්..මහත්තායට....ප්ප්..පින්....අයිති...වෙ...වෙන්න...එදා...දීපු...

හරි...හරි.....පේනවනෙ...මම උඹලට.කිව්වෙ...මෙන්න මේකයි....සිස්ටම් චේන්ජ් කරනවා කියන්නෙ මචන් ....තාප්ප තාප්ප ගානෙ ගිහින් චිත්‍ර අදින එකම නෙවෙ....

මම අහන් උන්නා...ඌ දීපු බඩු මල්ලෙන් අපි මාසයක් ජීවත් උනා කියන්න කට අරිනකොට අශානයා මාව ලගට ඇදලා අරන් මගෙ බෙල්ල වටෙ අතක් දාගන්නකොට මම හරී...බැහැපත් විදිහට හිනා උනා..

ඌ දන්නවා නම්...ඌ දීපු හාගත මල්ල දෙපිටින් යන්න මම එදා ගුටි කෑව කියලා ....ඒකෙ තිබුන මුලු බිස්කට් පැකට් එකම එක කටට අපේ ජිමියා ගිල්ලා කියලා.... බැදන් ඉන්න ටයිපටියෙන් බෙල්ලෙ වැල දාගන්නවා. 

මම අහන් උන්න....අරු මගෙ බෙල්ල වටේ අත දාගන ඉන්නකොට මම යටහත් පහත් විදිහට උන් කියන දේවල් අහන් උන්නා...අදාල තැනට බොරූවට හිනා උනා....උන් සිස්ටම් චේන්ජ් කරන්න කතාව...

තාප්පවල ඇදපු චිත්‍ර ගැන කතාව....හැබැයි ඒක නම් ඇත්ත ....අපේ ගෙවල් පැත්තෙ අම්බලමකුත් පාට කරල ගිහිල්ලා..හැබැයි එතනින් පස්සෙ ඇදපු රූප වැහිලා යන්නම ඉලුක් ගස් වැවිලා ගියා විතරක් නෙවෙ අම්බලම පාලු අම්බලමක් වෙලා ගියා....

දැන් බලපන්...එලිමහන් කලාගාරයක් කිය කිය නැටුවට....ඕකෙන් ඇති උන දෙයක් තියනවද.....

අනිවාර්යයෙන්ම ....

නිකමට ගිහින් බලපන් ඔය චිත්‍ර ඇදපු තාප්පවල තියන බුලත් කෙල පාරවල් .....

ඒකනෙ ...අපි කියන්නෙ....සිස්ටම් චේන්ජ් කරනවා කියන්නෙ රැල්ලට නෙවෙ කියලා...මචන්...අපි අත දෙන්න ඕනෙ මෙන්න මේ වගෙ ලමයිට....බලපන්...මේ ඉන්නෙ ඉස්කෝලේ යන කොල්ලෙක්....වයස ඕනා නම්...දාහතක්..දහ අටක්....නේ...

ද්..දහ..අටයි...ම්ම්..මහත්තයා ....

හරි...දහ අටයි. .දහ අටයි කියන්නෙ මේ ළමයි මේ වෙලාවෙ ඉන ඕනා පෑනක් පොතක් අතේ තියාගන. .එත්...මේ බලපන්...පෑන පොත අල්ලන්න ඕනා අතින් තමයි මෙ ශැම්පේන් ග්ලාස් අල්ලන්නෙ..මෙ ඉන්නෙ.අපේ රටේ අනාගතෙ.....

අම්මටම සිරි ....පුදුම වේදනාවක් තමයි මේක.....

මම කීකරු හා පැටියා වගෙ අනේ හැව් මහත්තයො....හනේ හැව් මහත්තයො ගගා ඔක්කොටම හූ මිටි තිබ්බා....මූ පෑන පොත අල්ලන අතින් ශැම්පේන් අල්ලන එක ගැන කිය කිය නැහුනට....පැන පොත අල්ලන වයසෙ උන්ගෙ කකුල් පලල් කර කර ඇර ඇර යන එක ගැන කියන්නෙ නෑ.....

මම.බලන් උන්නා...උන් උගුරෙන් උගුර වයින් තොල ගාන හැටි වගෙම තරුන ප්‍රජාව ගැන...අරක මේක ගැන මිනිස්සුන්ට පෙන්නන්න තියන බොල් හීන ගැන ලොකුවටම කතා වෙනකොට මම ඒ හැම දේම අහන් උන්නා.....මගෙ බෙල්ල වටේ තිබුන අශාන් කාරයගෙ අත ටික වෙලාවකින් ගැලවිලා යනකොට මම බලාගන පැත්තක උන්න සංධීර් ඒක නායක පැත්තක ඉදන් බලන් ඉදලා ලාවට ඔලුව හෙල්ලුවා....

මල්ලි....මේක අර අතන ටේබල් එකේ ඉන්න මිස්ලට ගිහින් දෙන්න.....

වැඩේ ශේප්.....

අද තියන තත්වෙ අනුව කේටරින් එකේ උන්ට අකුත් මූන මේ පාට පාට එලි අස්සෙ හොයා ගන්න බැරි වෙනකොට මගෙ අතේ තිබුන ට්‍රේ එක අරන් ඒකට රතුවයින් ට්‍රෙ එකක් දීපු කොල්ලා ඒකත් අරන් යන්න යනකොට සංධීර් මගෙ ගාවට ඇවිදිම්.මගෙ සාක්කුවෙ තිබුන කී කාර්ඩ් එක අරගන කාටත් නොපෙනන්න මගෙ කම්මුලට දැනෙන නොදැනෙන ගානට හාදුවක් තියන් අතුරු දහන් වෙලා ගියා...මම අර අරුමෝසම් බෝනික්කො ගාවට ගියා....

වට් නොන්සන්ස් ඩාලින්...මේක එයා ගියපාර අරන් දුන්නෙ.....අනික....පැයට දෙකට මෙච්චර වියදම් කරන එයාලට මේවා මහ දෙයක්ද....

එකම පම්පෝරියයි.....

පටි නැති...පටි ඇති...ඇන්දත් බාගයක් එලියෙ...ඇදන් ආවට වඩා හෙලුවෙන් ආව නම් හොදයි කියලා හිතෙන තරමට ජවුසන් ඇදුම් ඇදපු ගෑනු රොත්තක් උන්ගෙ හිර මිනිස්සු අරන් දීපු වෛවාරන අරුමෝසම් බඩු ගැන එකාට එකා තරග කරන ගමන් උන්නා....

උන් ගාව තිබුන අල්ලක් සයිස් හෑන්ඩ් බෑග් එකක වටිනාකම ගත්තොත්...අපි වගෙ සාමාන්‍ය පවුලක මිනිස්සුන්ට මාස දෙකතුනකට බඩ කට පිරෙන්න කාලා ඇදලා ඉන්න පුලුවන් තරම් උනා....

මිනිස්සුන්ගෙ සල්ලි වලිම්ම බලේට එන....උන්වම සූරන් කන තම තමන්ගෙ පරම්පරාව විතරක් ගොඩ යවනවන ...අවුරුදු පහකට පාරක් ලැට් බාල්දියක්....උයනකොට බෙරිවෙන හාල් පැකට් එකක්...සිමෙන්ති කොට්ටයක් ...අද තාර දැම්මම හෙට වෝටර් බෝර්ඩ් එකෙන් කඩන පාරක්...නැත්තන් එක ටිපර් එකක් ගිය ගමන් මරියානා ආගාදෙ වගෙ වලවල් හැදෙන කාපට් පාරක් ගහන දියවන්නාවෙ වසලයො අපේ රීරි මාන්සෙ උරා සූරන් කනවා....

පාන් රාත්තලක් ගන්න එකසිය හැටක් ඕනා වෙනකොට සමහර මිනිසුන්ට අවසානෙදි පාන් පවා හීනයක් වෙලා ගියා...උදෙ ඉදන් රෑ වෙනකන් වහන කබක් එක්ක ඔට්ටුවෙන තාත්තට කකුල් කැඩෙනකන් පෙට්‍රල්.පෝලිමේ ඉන්නකොට මම ගාට ගාට පෙට්‍රල් පෝලිමට බත් ඇද්දා ..

අපෙන් කතිරයක් අරන් ගිහුන් උන් අපිට උදා කරපු සෞභාග්‍ය කියන්නෙ මේකයි.....බලාගන ඉන්නකොට තෙල් පෝලිම් වල මිනිස්සු මැරි මැරි වැටෙනකොට ගෑස් පෝලිමෙ උන්න අම්මට නැති ප්‍රෙශර් පව හැදුන වගේම පිස්සු බලු රෝගෙට විදින බෙහෙත් එක නැතුව පුත්තලම් පැත්තෙ පොඩි එකියක් ඇස් වහගත්තු හැටි පත්තරේ ලියවුනෙ අල්ලක් සයිස් තීරුවයි.....

මේකයිඋන් අපිට දීපු අනාගතෙ...දේශපාන වේදිකාව උඩ එකාට එකා කා කොටා ගත්තත් ....අන්ඩුව පෙරලෙන වාරයක් වාරයක් ගානෙ උන් ගෙම්බො වගෙ එහා මෙහා පනිනකොට තැලුනෙ අපි වගෙ අසරන මිනිස්සුයි...

ගෙන්දගම්පොලව විශ්වගම්මානයක් වෙනකොට කොළඹට කිරි ගමට කැකිරි වෙච්ච තැන් අනන්තයි අප්‍රමානයි...

උන් අපෙ හීන බොද කෙරුවා ....උන් අපේ හැමදේම අපෙන් උදුර ගත්තා .....

කොටින්ම...උන් අපෙ අනගතෙ උන්ගෙ අත්වලිම්ම නැති කරලා දැම්මා.....එහෙම නොවුනා නම්....එදා උන්ගෙ අතින් තැලුන හැම මලක්ම අද පර නොවී ඉන්න තිබුනා.....

මනාපයක් ඉල්ලන්න එන හැමදාකම.උන් කෙරුවෙ මිනිස්සු ඉස්සරහා ෆැන්ටසියක් මවපු එක...

පැයක දෙකකට ඇගම විකුනන තඩි බඩක් යට ඉදන් නොදැන සැප ගාව උනත් බලෙන් කෙදිරි ගාන්න හදන ලේ ගෑවුන අත්වලින් අරන් දුන්න ඉස්තරම්ම වෛවාරන බෝලතොරොම්බල් ඉස්සරහ කිචිබිචි ගාන ගෑනු දිහා බලන් උන්න මම අනිත් පැත්තට හැරිලා එන්න ආවා ....

පැයෙන් පැය පැයෙන් පැය ගෙවිලා යනකොට පස්ස දොරෙන් ඇතුලට ආව වීදි ගණිකා නොවුනත්.....ගණිකා තලේ උඩ ඉන්න මැඩම්ලගෙ සල්ලි උල්පත් එකින් එක සවුන්ඩ්ෆෲෆ් කරපු කාමර වලට යනකොට රටෙ සෞභාග්‍ය ගැන කතා කරපු අනාගත දරු පරපුර ගැන කතා කරපු හැට පැනල හොට බිම ඇනිලා...පහලට බර උන පුරුශ නිමිත්තට මුක්කු ගහලා කෙලින් කරගන්න ඕනා උන් ඇඹලයො වගෙ උඩට ගියෙ....තාම දහ අටක්වත් පිරුන් නැති පොඩි සමනලියන්ගෙ තටුවල අලුත් රස බලන්න වෙද්දි මම පහල ඉදන් බලන් උන්නා....

සංධීර් ඔයා කොහෙද ....අශාන් කාරයා නෑ...උගෙ අර බඩු හතරත් නෑ 

වටපිට බලපු මම ඈතින් එන බාප්පා දැකල මල් පදුරක් අස්සෙ හැංගෙන ගමන් එක පාරම අතුරුදහන් උන අශාන් කාරයා නැති එක ගැන මැසේජ් එකක් දැම්මා වගේම එයා ඉන්නෙ උඩ තට්ටුවෙ බාර් එකේ කියලා මැසෙජ් එකක් එව්වා...

මම එන්නද.....

විනාඩි පහකින්.....

එයා ආයම මැසේජ් එකක් එව්වා....විනාඩි පහකින් එන්නලු....

මම එහා මෙහා කැරකුනා.....පායපු හද මුදුන් වෙලා වලාකුලුවලින් වැහිලා යනවා ඇති...යක්කු ගස්වලින් බහින මහ රෑ ලබන්න තිබුනෙ තව හොඉරා බාගයක් වෙනකොට බීපු මදුවිත ඇගපත ගිනිකන්න ගන්නකොට තැන් තැන්වල උන්න උන් ටිකෙන් ටික අතුරුදහන් වෙන්න ගත්තා ...

තත්පර ගෙවිලා විනාඩි වෙනකොට සංධීර් මට දුන්න විනාඩි පහ ඉවර වේගන යනකොට නියෝන් එලි අස්සෙ මම හෙමින් හෙමින් උඩ තට්ටුවට නගින්න ගත්තා.....

ආදර කුරුල්ලො පෝලිමයි...

තඩි බඩවල් උඩ හුරතල් වෙන ගෑනුන්ගෙ ඇස් වල තිබුනෙම මිනිස්සුන්ට උන් හිටි තැන් විතරක් නෙවෙ උන්ගෙ තත්වෙ පවා අමතක කරන්න පුලුවන් සරාගි බැල්මක් වෙනකොට මදුවිතෙන් පදම් උන වයසක කුරුල්ලනට ඇදන් උඩ උස් පහත් වෙන්න තව තව මත් වෙන්න ඕනා වෙලා තිබුනා.....

බකාඩි ග්ලාස් එකක්.....

ඇදන් උන්න්න් ඇදුම හින්දම උන් මං ලවා එක එක දේවල් අද්දගන්නකොට මම බාර් එක ගාවට ගිහින් බලාඩි ගලාස් එකක් කියනද්දි අයිස් කැට දාපු පිත්තල කෝප්පයක් සද්දෙන් හොලවන ගමං පස්ස හැරිලා උන්න පිරිමි පරානෙ ඉස්සරහට හැරෙනකොට මම අඩියක් පස්සට ගියා..... 

ඇබිත්තම ....

ඉතින්.....

කොහොමද ....

ම්ම්ම්.....

ස්ස්...සංධීර්.....

මම මිමිනුවා.....

බකාඩි බෝතලයක් ගත්තු එයා කට කොනින් හිනා වෙනකොට මම බාර් එකේ කොල්ලා කෝ කියල ඇහුවා...

ස්ස්..සංධීර් ...ම්ම්..මේකෙ...උන්න....ක්ක්...

එයා නිදි.....

ක්ක්...ක්..කොහෙ...ද....

ශ්ශ්.....ශ්ශ්....සද්ද කරන්න...එපා...එයා ඇහැරේවි ම්ම්ම්....

මම අතින් කට වහගත්තා ..එයා කිව්වා සද්ද කරන්න එපා කොල්ලා ඇහැරේවි කියලා ...මම හිමිට බෙල්ල දාලා බලනකොට සිහිපතක් නැති උන කොල්ලෙක් මෙසෙ යට හතර ගාතෙ දාන් උන්නා වගේම බකාඩි ග්ලාස් එක ගත්තු මම ඉල්ලපු එකා ගාවට යනකොට ඒ ටිකකිම්ම රූම් නොම්මර පහෙන් ඕඩර් එකක් ආවා....

ස්ස්...සංධීර් ....

මෙක දෙන්න.....දීලා....මොකුත් නොකිය එන්න.....

අයිස් කැට දාපු රත්තරන් පාට බාල්දියකට වයින් බෝතලයක් බස්සවලා ග්ලාස් දෙක තුනක් එක්ක එයා ඒක මගෙ අතට දුන්නා...දීලා.මොකුත් නොකිය එන්න කියනකොට මම එයාට පිටින් නොයා කාමර අංක පහට ගිහින් දොරට තට්ටු කෙරුවා ....

නිකන් ඉන්නකො....

පිස්සු කෙල්ල.....ඇයි නිකන්වත් කතා නොකරෙ....

ඔයාලට ඉතින් දැන් අපිව මතක නෑනෙ....කොයිවෙලෙත් ටුවර්....ටුවර්....ටුවර් නෙ.....

මෙ කාලෙ ගන්න.තියන ෆන් එක ගන්න ඕනා බබා...කව්ද දන්නෙ...මුන් පුටුවෙ ඉදගත්තම ඔව්වට වෙලා තියෙයිද කියලා ....

එක පාරක් දොරට තට්ටු කරපු මාව එක පාරින් උන් ඇතුලට ගත්තා වගේම එක කෙල්ලෙට එතන කොල්ලො දෙන්නෙක් උන්නා...නිකන් කොල්ලො නෙවෙ....ඒකත්....ඇමතිපුතාගෙ යාලුවො දෙන්නා.....

ත්‍රීසම් එකක් වGAY....

ඇතුලට ආව මම පුරුදු කාරයා වගෙ උන්ට ආව තේවකම් කරනකොට අරකිට මොකා එක්ක හුරතල් වෙන්නද කියලා තේරුම් ගන්න බැරුවද කොහෙද ඒකි දෙන්න දිහා බලාගනම කැකිරි පැලුවා...

මුන් ඉතින් රජකරනවා...කාගෙ සල්ලිද.....

මිස්ටර් .....

ඔතන ටේබල් එකෙන් තියන්න...

.කාලක් විතර පුරවපු වයින් ග්ලාස් එක දිහා බලපු මම දොරත් වහගන එන්න ආවා.....කරන්න දෙයක් නෑ...එක කාමරෙන් මිනි තුනයි.......

ස්..සංධීර් ...

ම්න්.....

අරූ මොකේද ඉන්නෙ....

හයෙ...

හයෙ.....ඔ..ඔයා...ද්ද්...දැක්කද....

ම්න්.....

ත්ත්...තනියමද....ග්ග්...ගියෙ...න්න්.නැත්තන්.....

තුනක් එක්ක...

ම්ම්...මොකක්....තුනක්.....එ...එක්ක....එත්...ස්ස්.සංධීර් ...අපිට....ඒ..ඒකිලාව....

කලබල නොවී මෙක හතට ගිහින් දීලා එන්න.....එතනින් පස්සෙ අපි බලාගමු....ම්ම්ම්.....

එයා මගෙ අතට තවත් ට්‍රේ එකක් දුන්නා....වෙනමොකුත් නෙවෙ....මේ හැම බෝතලයක් අස්සෙම තියෙන්නෙ ඇපල් කුඩු.....කරන්න දෙයක් නෑ...උන් පව් කෙරුවා ...උන් උන්ගෙ තමතුරු හින්දා උන් උන් බේරුනා....ඒත්.....මැරුන උන්....උන් සංධීර්ගෙ නඩුව සම්පූරනම යට ගැහුවා...රොබිනට ස්තාන මාරුවක් පවා හම්බෙලා තිබුනා..ඒකත් නිකන් නෙවෙ...අවුරුදු පහක් යාපනේට.....උදානට...හද්ද වන්නියට....කිසිම.පහසුකමක් නැති මිනිස්සුන්ට වඩා අලි ඉන්න පැත්තකට.....

උන් කරපු පව් හංගන්න නඩුකාර හාමුදුරුවො පවා සාක්කුව අල්ලනකොට සාදාරනේ වෙනුවෙන් කතා කරන්න ගියපු උන් වන්දි ගෙව්වා...ඉතින්....එහෙම උන්ට මොකටද සමාව...

සද්ද නැතුව හතේ කාමරේටත් දෙන්න ඕන ටික දීලා ආව මම වෙනසක් පෙන්නනෙ නැතුව වයින් එකක් එහෙන් මෙහෙන් අල්ලන් යනකොට උඩට ආව බාප්පගෙන් බේරෙන්න මට වඩා සංධීර්ට අමාරු උනා.....පාටියට එනවා කිව්වා උනත් මම ඉන්නෙ කේටරින් එකෙ ඇදුමක් ඇදගන....සංධීර් ඉන්නෙ වෙනමම ලෙවල් එකක.....එයාටයි මටයි උනෙ හොරා පොඉස් සෙල්ලමක් අස්සෙ තවත් හොරාපොලිස් සෙල්ලමක් කරන්න වෙනකොට එළිපිට අඩ ආලිංගන පාපු උන් අවසානෙදි කාමරවලට රිංගනකොට බාල වයස් කියන්න පුලුවන් කෙල්ලො බලෙන් මහ ගෑනු වෙලා උන්ගෙ පස්සෙන් ඇදිලා ගියා.....

සංධීර්...මේ ඉන්නෙ...ක්...කෙල්ලො.....

අරූගෙ.....

එ..එතකොට....උ..උනට....ම්ම්..මොකද.....

පරිවාසෙ....කැමැත්ත....අකමැත්ත....වැඩක් නෑ....දහ අටට අඩු නම්.....යන්න පුලුවන් ...දහ අටටවැඩි උනත්...නීති විරෝදි නම්....ඒත්....ඇතුලට යන්න පුලුවන් ...

සංධීර් මිමිනුව....මෙතනින් පස්සෙ මටයි සංධීර්ටයි කරන්න තිබුන එකම සෙල්ලම එදා යෙවීනුයි මමයි කරපු එක වෙනකොට තනි සුදු පාට ටවල් තුන හතරක් ගත්තු මම හයේ කාමරේට ගිහින් තට්ටු කෙරුවා .....

දොර ඇරුනා...

ම්ම්..මහත්තයා ...ම්ම්..මේ....ට්ට්...

ඇතුලෙන්.තියන්න....

අශාන් කාරයා....ඌ බෙල්ල විතරක් එලිය දාලා ඇතුලට එන්න කියනකොට තව තත්පර ගානකින් කරන්ට් එක යන බව දන්න මම ඇද රෙද්දෙන් හෙලුව වහන් උන්න මැදිවයස් ගෑනු පරානෙ දිහා ඇස් කොනින් බලන ගමන් බාතෲම් එකට රිංගුවා...

ඒකි හිනා වෙනවා.....ඌ මුමුනනවා...තුවා තියන මුවාවෙන් ඇතුලට ආව මම උන්ගෙ හිනා වෙන ස්ස ඉද හිටක ඇහෙන කෙදිර් ගාන සද්ද අහන් තුවා ටික පිලිවලට තියලා ආයම හරි අහිසක විදිහට හිනා වෙලා එලියට එන්න දොර අරිවත් එක්කම හැම දේම කට්ට කලුවර කරන් කරන්ට් එක යනකොට මම සංදීර්ට එන්න දොර අරින් ගමන් ඇදේ උන්න එකීට සිහි නැතිවෙන්න බෝතල් පාරක් දුන්නා....

ආහ්.....ව්

ටානියා.....

අ...අශ....

තව පාරක්....පලවෙනි පාර පිට යනකොට දෙවනි පාර මම අත දිගෑරලම අරකිගෙ ඔලුව දෙදරලා යන්න දුන්නා...

පව් නෑ...

පව් නෑ.....

ටානියා ....

නමින් ටානියා විදිහට නියෝන් එලි අස්සෙ ඇග විකුනපු රූප සුන්දරීගෙ උප්පැන්නෙ නම තිබුනෙ තනූජා වික්‍රමරත්න වෙනකොට ....හද්ද පිටිසඑඉන් මැශින් පාගන්න ආව ඒකි අවසානෙදි නැවතුනෙ ඇවරිවත්තෙ රෑ සමනලියක් වෙලා....මුලින් මුලින් තවත් එකියකට මැඩම් මැඩම් කියපු එකී අවසානෙදි මැඩම් තනතුරට එන තැනටම මිනිස්සු අල්ලයන්නකොට එදා සෙව්වන්දිව විකිනෙන්න තිබුනෙත් මේකිගෙම මඩමට කියලා දැනගත්තු තත්පරේදි මම උන්නෙ ඒකිව මරල දාන සිහියෙන් උනත් සංධීර් මට සිහි නැති කරන්න විතරක් අවසර දුන්නා.....

මම ඒකිට ගැහුවා . .දෙවනි පාර කෙදිරිගාගනම ඇද උඩට වැටුන ටානියට එහෙම ඉන්න ඇරපු මම.සංධීර් එනවා ඒක්කම දොර වහලා දොර ලොක් කරන ගමං අන්දකාරෙ එහා මෙහා වෙවී උන්න අශානයගෙ ඇගෙ මම හිතලම හැප්පුනා....

ආ..අහ්.....අ..අශ්...අශාන්...ම්ම්..මහත්තයා...

ලයිට් ගියා...මේ මගුල් වල ඉමර්ජන්සි ලයිට් එක්ක් වත් නැද්ද බලපන්

ඇද් රෙද්ද ඔතාගන උන්න අශානයා කට්ට කලුවරෙ බිත්ති අතපත ගානකොට මම ගිහින් ලොක් කරපු දොරාරින්න බෑ ගගා කන් කෙදිරි ගෑවා.....

ම්ම්..මහත්තයා ...ම්ම්..මෙ...මේ..ද්..දොර

ඇරපන් ඕක....මෙලෝ මගුලක්...ආව්හ්...ආ..ව්හ්....ටානියා.....ටානියා.....ටානියා.....ශිහ්...මේ ගෑනිට නින්ද ගියාද...කොල්ලො ඔය දොර ඇරපන් ..

අරූ මැරෙන්න හදනවා...මම දොරට ගගහා උදව් කරන්න ගගා බොරූවට ගොත ගහගනකොට ඇහෙන නෑහෙන ගානට හුරුවම් බාන සද්දයක් ඇහුනා වගේම මේ පාර සුමති සම්මාන උළෙල නවක නලුවට යන්න හිතාගන මම රගපාන්න ගත්තා.....

ම්ම්...මහත්ත...යා....අ .අනේ...ඒ...ඔයාද...එ...ඔයාද....

උඹට පිස්සුද යකො නේ කරන්ට් නැති වෙලේ හුරුවම් බාන්න මට මොලෙ හොද නැද්ද.....

හුරුවම් බාන සද්දෙ අඩු වැඩි වෙවී ඇහෙන්න ගන්නකොට දෙපාරක් තුන්පාරක් දොරට ගහපු මම බයයි කිය කිය ගොත ගගහා අශානයගෙ ඇගේ එල්ලෙනකොට අනාගත පරපුර ගගා ඔලුව අතගාපු මට මගෙත් හත්මුතු පරම්පරාවම මතක් වෙන්න බැනපු ඒකා මාව තල්ලු කරල දැම්මා වගේම ඌ මාව තල්ලු කරපු පාරට මාව ගිහින් ඇදපත්තෙ වැදුනා...

ආ..අහ්හ්ව්.....ම්ම්..මහත්ත...යා....

අහකට පලයන් යකො....තොපි මේවල වැඩ කරනවා නේද කරන්ට් එක ගියහම ජෙනියක්වත් නැද්ද .....

මම කොන්ද අත ගගා කෙදිරි ගානකොට අරූ මට බනින්න ගත්තා....තත්පරෙන් තත්පරෙ ගෙවිලා ගියා....

ම්ම්...මහත්තය...ම්ම්..මට...ප්ප්..පේන්නෙ...ම්ම්..මොකක්...හරි.....ප්..ප්‍රශ්...ණයක්...ව්ව්...වෙලා ...වගෙ....

මොන මගුල උනත්.උන් දන්නෙ නැද්ද ජෙනියක් තියා ගන්න...අනික මේක නිකන් මිනිස්සු ආව එකක්ද.....

ශිහ් ඒ අස්සෙන් මේ ගෑනිට මොන මගුල උනාද මන්දා.....ගෑනියෙ...ටානියා....ටානියා....

ටානියා....

ට්ට්... ට්ට්...ටානියා....

ම්ම්ම්..මහත්ත...යා....

ල්ල්..ල්...ලේ.....ල්ල්....ලේ එනවා.....

ක්ක්..කොහෙ...න්...අ..අ...අනෙ...ම්ම්..මහත්තයා...ම්ම්..මට....බ්..බයයිනෙ...අ.අ...පි....හ්..හිර...වෙ

කටවහපිය යකො....

මම අරූව බය කෙරුවා .....බෝතල් පාර කාපු ටානියව අත පත ගාපු ඌට ඒකිගෙ ඖවෙන් එන ලේ අතට දැනෙනකොට මිනිහා ටිකක් බය උනා වගේම හල්ගොත ගැහුවා.....ජනෙල් තිරයක් ඇරලා ජනේලෙ වත් ඇරගන්න යන්න පාර හොයා ගන්න බැරි තරමට කාමරෙ අන්දකාර වෙනකොට මම අපි කාමරේ අස්සෙ හිර වෙලා කිව්වා විතරයි මාව කරවටෙ අත දාන් ලන් කරන් උන්න පුතානො මගෙ පලු යවන්න ගත්තා.....

ඔය ඩ්ජොර අරින්න බැරිද බලපන්....

ශිහ්..මේ ගෑනිගෙ ඔලුවෙන් ලේ එන්නෙ කොහොමද ....මේකි මේකෙ මැරුනොත්.....

ම්ම්..මහත්තයා....එ..එයාට....ම්ම්..මොකද...උනෙ.....

මං දන්නෙ නෑ කොල්ලො...ඔය දොර අරින්න බලපන්...නැත්තන් දොර කඩපන්

උ...උද....උද....

අහකට පල තෝ ගොත ගගහා උදව් ඉල්ලනකොට එලිවෙයි....

හැප්පි හැප්පි ආව අශාන් කාරයා මාව ආයම තල්ලු කෙරුවා ...එ ටිජකින් ආයම හුරුවම් බාන සද්දෙ ඇහුනා...ඒක නිකම්ම නිකන් හුරුවම් බාන සද්දයක් නෙවෙ....තනිකරම ඇගම හිරිවට්ටවන හුරුවම් බෑමක්..... ඒ හුරුවම් බෑම ඔලුවම කරකවම මහා මූසල මියුසික් එකක් ඇහෙන්න ගන්නකොට වෙන දේ දන්න මම පවා අවංකවම බය උනා..වගෙම මටත් නොදැනිම මම ඔතන කව්ද කියල ඇහුවා....

ඔ..ඔතන...ක්ක්..ක්වද....

මොකාද යකො සෙල්ලම් කරන්නෙ...

හරි...මම බය උනෙ දැන දැනම වෙනකොට අශාන් කාරයා නොදැන බයවෙන්න ගත්තා.....ඌ මහ සදෙන් මොකාද යකො සෙල්ලම් කරන්නෙ අහනකොට ඌ බය වෙලා ඉන්නෙ කියන්න ඒ කටහඩ හිරවෙන ගතියෙන් මට දැනුනා...

ආයමත් හුරුවම් බාන සද්දෙ.....

සිගරට් එකක ගද...

ඇහෙන නෑහෙන ගානට මුනු මුනු ගාන සද්දයක් එක්ක ටිකකින් ඵෝමලින් සැරට සමාන...නෑ...නෑ..ෆෝමලින් ගදක් දැනෙන්න ගත්තා වගේම මම අශානයගෙ අතකින් අල්ල ගත්තා...

ඔ...ඔතන මොකාද ඉන්නෙ කියපන්.....

ඇහෙන නෑහෙන ගානට ඇහුන සද්දෙ එක්ක අශාන් කාරයා ආයමත් කෑ ගැහුවා.....

ඒ එක්කම...

ඒ එක්කම.....

ලබ් ඩබ්.....ලබ්....ඩබ්...

උගෙයි.මගෙයි පපු ගැහෙන සද්දෙ පවා පිටට ඇහෙන්න ගත්තා.....

දැන දැන උනත් මමත් බය උනා...

අන්දකාරෙට බය.....ජනෙල් තිරවලට බය මට මේ කරන්නෙ රගපෑමක් කියන එක අමතක වෙලා යන්න...තරම්.මට බය දැනෙන්න ගත්තා.....

ලබ්....ඩබ්.....

ලබ්...

ඩබ්....

ම්ම්..මහත්ත...යා....ම්ම්.මට.....

මට.....

බ්.....බ්බ්...බ....බයයි....

මම අත් දෙක් කන් දෙක වහගන කෙදිරි ගෑද වගෙම අරූ දොර අගුල කඩන්න හැදුවා.....

මෙච්චර වෙලාම ලාවට ඇහුන හුරුවම් බාන සද්දෙ එක පාරම නවතුනා වගේම මාව අතෑරල යන්න ගියපු ඌ අරකිට ගහපු වයින් බෝතලේ කටුවක් අරූ කකුලෙ ඇනගන්න ගමන් කෑ ගහනකොට ඇහැට පේන්නෙ නැති ලයිට් එකක් කාමරේ අස්සෙන් පත්තු උනා..... ඒ වගේම

ආයමත්....අර නැවතුන හුරුවම් බාන සද්දෙ ආය ආයමත් ඇහෙන්න ගත්තා....උගෙයි මගෙයි හදවත එලියට පනින්න තරමට ගැහෙන්න්න ගත්තා....

ලබ් ඩබ්.....

ලබ්...

ඩබ්...

තත්පර දෙකයි..

තුනයි ....

ඒ ටිකකිම්ම අශාන් කාරයා හූ තියලා කෑ ගැහුවා........

...

.....

....ඉතින්.....මිස්ටර්...අ..ශා..න්...

උඹ.....උඹ....ක්ක්..කව්ද....උ..උඹ.....උඹ...මොකාද....උ..උඹ.......

සංධීර් ....ජනෙල් තිර ගාව අහක බලාගන උන්නෙ සංධීර් ....නලලෙන් මතු උන දාඩිය බින්දුවක් මගෙ නාස් පොල්ල උඩ බම්ප් වෙලා බිමට වැටෙනකොට මෙතනින් එහාට මට සිද්ද උනෙ සංධීර්ව නොපෙන ගානට රගපාන්න උනා....

උ..උඹ.....උඹ.....උඹ මොකාද...කියපන්...

මි....ස්...ට....ර්....අශාන්.....කොහොමද ....ම්ම්ම්ම්ම්.....

ම්ම්...මහත්තයා ....ම්ම්..මහත්ත්....තයා ...ඔ...ඔය....ක්ක්..ක්ක්...කාටද මහත්තයා...ක්ක්..කතා කරන්නෙ....ම්ම්..මේ...දොර.....දොර....ඇරගන්න....උ...උදව් කරන්න...

සංධීර් ......

එයා හිනා උනා.....අහල බලන් උන්න සංධීර් එක පරම හැරිලා බලලා හිනා උනා විතරයි ආශාන් කාරයා මාවත් හපන් පස්සෙන් පස්සට ගිහින් දොරට හේත්තු උනා....හේත්තු වෙලා ගොත ගහන්න ගත්ත.....

ස්ස්.....ස්ස්.....ස්ස්...ස්.....

ඉතින්...මාව....අදුන ගත්තද.....ම්ම්ම්...

ස්ස්...සංධී...ර්.... උඹ....උඹ....න්න්..නෑ...නෑ...ඒක...එක...ඒක....වෙන්න....ඇරපන්...මේ....දොර...ඇර්පන්...මේ....දොර ඇරපන්....ය්..යකො.....මේ..දොර....

ඇරපන්...

මහත්තයා ....අ...අනේ....ම්ම්..මහත්තයා.....ඇ...ඇයි...මේ....

එතන.....එ...එතන....ඌ...ඌ ඉන්නවා....ඌ...උඉන්නවා....

ක්ක්...කව්ද...ක්ක්..අනෙ....ක්ක්..කව්...ද..

අ...අරූ....ඌ...ඌ....ඌ....ස්ස්...ස්ස්...සංධී

...ර්....ඌ....

ම්ම්..මහත්තයා ...අ..අනෙ.....එතන...ක්ක්..කවුරුත් ....නෑ...

ඉතින්....මිස්ටර් ....අ...ශා...න්න්...

එපා.....එ...පා....උඹව මං...උඹව...

මරනවා...එහෙමද ...ම්ම්...මම....එක පාරකුත්....මැරිලා ඉවරයි .....මිස්ටර් ....අශාන් ...

ලගට එන්න එපා...ඩ්.....ඩ්ඩ්...ඩැඩී...හ්හ්

🙂ම්හුක්....තිත්ත කැකිරි පන්තියෙ ජොබී නිදහාස්.... 

ආය එන්නම්...ඈ...

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters