Cherreads

Chapter 29 - 29

හරිනේ.....හරිනේ....ඉල්ලන් ටින්කිරි පුකේ ගාගත්තා නේ උඹ.....දැන් ඉතින් හරි....දැන් ඉතින්...උඹට විනයබාර නැන්දම්මගෙන් ඩෑස් වදිනකොට කොහොමද ...

මම බලාගන උන්නා...මටත් නොදැනිම ආව නිම්න මාවත් දාලා අම්මලෙ දිහා යනවා කියලා ගස්සගන ගියා ...

එතන උන්නෙ චූචි බුංජියද...මහ එකාද.....මහ එකා නම්....මගෙ කන ගලවලා අතට දෙන්න ගියා....හැබැයි ඔතන උන්නෙ චූචි බුංජියා නම්....මොකටත් කියලා ඕඩික්ලෝන් බෝතලේකුයි පෙනඩෝල් කාඩ් එකක්.....බඩෙ කැක්කුමට බොන මොරිසන් එකක්.....දත් කැක්කුමට එනසාල් ඇටයක්...වාත අමාරුවට ඔය තැලුම් තෙල් ටිකක් වත් හොයා ගත්තා නම් හරි..මොකද ඔය නඩුව අහවර වෙන්නෙ කැක්කුම් ගොඩකට පස්සෙ.....

ඇයි.....දැන් උඹ යන්නෙ නැද්ද සනවසවලා එක්ක එන්න....

මොකට....එනවා නම් එන්නෙ නැතැයි..මොකො මං ඒකි එක්ක බුදියන්ඩ ගියාද කොලු කමට ඒකිට මං සුදු නංගි කිව්වා....ඒ කිව්වා කියලා ඒකි මගෙන් බඩ උනාද.....නෑනෙ....ඔය යන උන් අම්මලාගෙ ගෙවල් වලම නවතින්නෙ නැතෑ කොහොමත් අපේ කමනිත් රොහාන් එක්ක ඇරගත්තු දාට මහගෙදර ගිහින් පහුදාට ආයම නහයෙන් අඩනවා එක්ක එන්න කියලා ....කමනිගෙ බෑනනෙ....තව ටිකෙක් ඒවි.....

කල්පනයගෙ කතාවට උත්තර බැන්දෙ මම වට පිට බලබල...මොකද මන් දන්නවා.....ඔය අක්කරයක් වගේ පුක ගස්සවන්...පද්දවන් ගියාට කොහෙ හරි මුල්ලක හැංගිලා ඉදන් නියපොත්‍තක් හප හප ඇස් කරකව කරකව...ම්හුක්...ගග....හුකුක්...ගගා ඇති....

තව බන්ඩල් කීයක් කපන්න තියනවද උදාර....

දෙකක් විතර...මෙතන ඉදන් පිට්‍ටනිය ගාවටම දානවනෙ.....

මම කෝපි එකෙන් උගුරක් බීලා කල්පනයා දිහා බැලුවා...ගස්සවන්...පද්දවන්....ආවට මොකද මේක නිකන් පෙරුම්කායන් වගෙ....

කෝ...බන් මේකෙ සීනි....ඇටයක් නෑ..කෝපි ගෝනියක් විතර හලලා....හෙට උදේට ටොයිලට් එකට යනකොට ගල් කඩන කට්ටකුත් අරන් තමයි යන්න වෙන්නෙ...පුක කොන්ක්‍රීට් වෙනවා.....

හරි...මං හිතුවා වගේම...කල්පනයටත් ටේස්ට් එක ඇල්ලුවෙ නෑ...උදාරයා....ඌ කෝකටත් ඕකෙ එකා වෙච්ච කොට මීක් නැතුව කෝපි එක බොන කොට මං චොකලට් බිස්කට් එක අතට අරන් ඒක දෙකට මැදින් ගැලෙව්වා..දැන් ක්‍රීම් පැත්ත එක පැත්තක...අනික නිකන් පැත්ත..ක්‍රීම් පැත්ත පැත්තකින් තියපු මං නිකන් පැත්ත කටේ ඔබාගන්න ගමන් වටපිට බැලුවා....කොහෙ හරි ඉදන් බලාගන ඇති පුපුර පුපුර.....

මයුර....ඔතනින් අල්ලපන් ඕක....

මේ ඇද්ද...තව පොටක් නවපන්...

එතකොට කොටවැඩි වෙයිද රැල්ල....

නෑ...මෙච්චර දිගට ආවම බඩ වැල වගේ.....

හ්ම්...එහෙනම් නමමු.....

මම ආයාම ඉටිකොලෙ තව පොටක් නැවුවා...විනාඩි....පහක්...දහයකුත් ගෙවුනා....අම්මගෙ දිහ යනවා කියපු එකා තාම නෑ....කිව්වත් වගේ ඇත්තටම ගියා වත්ද ...ගිහින් තිබුනොත් නම්...මට සුචීගෙන් කන්න වෙනවා...සද බොද වෙලා තනකොල ගලවන් ගිහින්...ඇට්‍ටි හැලිලා බැට්‍ටි වැටෙන්න.....

කමක් නෑ....ඉවසමු....අපි ඉවසමු.....අම්මා ඇහුවොත් මන් කියනව...අනේ අම්මෙ කොලු කමට මිසක්...තුන් හිතකවත් ඔය නිම්නයා කියන තරම් දස වලත්ත කමක් නෑකියලා ...නැන්දම්මා බෑනලාට ආදරෙයිලුනෙ....

ඒ.උනාට....සුචීගෙ පාරවල්.මතක් වෙනකොට ....

මයුරයා...ඕක අල්ලකො....මොකද වෙව්ලන්නෙ....කුඩු නැතුව සික් එකද ...

වෙව්ලන්නෙ.....හාල්ද උඹට.....කොහෙමන් වෙව්ලුවෙ....

මූ බය වෙලා ඉන්නෙ උදාර...බුංජියා ගිය යාමට තනකොලත් ගලවන් ගිහින් තියෙන්නෙ..මං කිව්වා...මම..නම්...කිව්වා.....පලයාන්....

ගිහින්...ශේප් කරගනින් කියලා...මහ එකා වගේ නෙවෙ.....පොඩි පගයා...ඌ එක්ක ලේසි නෑ...ඌට ස්වරූප ගොඩයි...ඒකා නිකාන් දස අවතාරම් වගෙ...

එදා ඕකා ඔලුවට පොත පෙරලපු වෙලේම මට ඕකගෙ අහිංසක මූන පිටිපස්සෙ තියන දස වලත්ත මූන පෙනුනා...ඒ වැටුන පාර හරියටම වැටුනා නම්...මතකෙ උනත් අමතක වෙන්න ගියා....ඇත්තමයි....උඹම ඕකව ඉහ ගහන් ඉන්නවා මිසක්...මං නම්...ඔහොම ඉවසන්නෙ නෑ..කන පලලා හිටවනවා බන්.....ඩ...ක්....කා.....නෑ.....නෑ....මං...

එහෙම කරන්නෙ නෑ...

ආදරේ කරනකොට ඔහොම තමයි.....ඉවසන්න වෙනවා....දරාගන්න වෙනවා...ඒකනෙ ආදරේ කරනවා කියන්නෙ...මං නම් කියන්නෙ...උඹ දරාගනින් මයුරයා...

නේ ද උදාර...ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය....එ කිව් එකාගෙ කට කෑවත්...මදිය.....

යෝ..කැමැත්ත දෙන්න කලින් ඔහොම රවනවා නම්...කැමැත්ත දුන්නට පස්සෙ....කොහොම රවයිද.....දෙන්න උදාර හිස් කෝප්පෙ....මයුරයා..දීපන් ඔය කෝප්පෙ.....මගෙ මුනට රතු එකි වදිනවා මෙතන ඉන්න බෑ...

..අරූ යන්න ගියා .....මට උපදෙස් දිදී උන්න කල්පනයා දිහා උදාරයා වචන නැතුව එක බැල්මයි දැම්මෙ බාගෙට බීපු මගෙ කෝපි එකත් උස්සන් සුසන්තිකා වැහිලා වගෙ කඩාගන බිදගන පිටිපස්සට් දිව්වා....

දැන් ඉතින් මෙතන ඉන්නෙ...මායි උදාරයි විතරයි.....රවිදුවා තවම කල්පනා කරනවා ඇති.....

අනිත් උන් දෙන්නා වගේ නෙවෙ...උදාර එක්ක තනියෙන් ඉනන් හැම වෙලාවකම...අපේ සමාගම ටිකක් ගැඹුරු වගේම...විහිලුවලින් තොර උනා...ඒකට එක හේතුවක් නම්...උදාරට වගේම මට තිබුනෙ ටිකක් එක සමාන ගති ලක්ශන...වැඩි පුරම ශබ්දකෝශෙ තිබුනෙම....ම්න් එකයි...හ්ම්ම්ම් එකයි....මං ඇවිදින් සමහරක් වෙලාවලදි අඩු කතාබහක් තියන මනුස්සයෙක්....

එත්...මගෙ චරිත ස්වාභාවය වෙනස් උනා....කතා බහ වෙනස් උනා....ඒකට එකම හේතුව මගෙ නිම්න.....

මිනිස්සු කියනවා....අදරේ කරනකොට මිමිස්සු ආදරෙ හන්දම වෙනස් වෙනවා කියලා...ඒක ඇත්ත...ඔයා මොන ජාතියෙ කෙනෙක්ද අහපු දවසේ...එයාට මං දෙපාරක් නොහිතම බයිසෙක්ශුවල් කියලා උත්තර දුන්නා...

මොකද ...නිම්න කියන්නෙම....බිදුන බිලින්දෙක්....බිදුන මිනිසුන්ව ආපිට එකතු කරගන්න හරි අමාරුයි....බිදුන හදවතට පැලැස්තර අලවන එක....ඒක ඊටත් වඩා අමාරුයි ...සමහරක් වෙලාවට.....පිපිරුම් තුවාල කොයි තරම් ගැඹුරුද කියනවා නම්...අලවපු පැලැස්තර එක නිමේශෙකින් ගැලවිලා යනවා.....

ඉතින්...මට වෙනස් වෙන්න සිද්ද උනා.....වෙන කවුරුත් නිසා නෙවෙ..මගෙ බිදුන බිලින්දා වෙනුවෙන්....මට සිද්ද උනා...වෙනස් වෙන්න....මට ඕන උනා එයාව තදින් වැලදගන්න...

ආදරෙ විතරක්ම දීලා.....තනි කලුවට හරි ගනකමට නැවතීම් තිතක් තියන්න.....මේක ඇවිදින්...අල්පමාත්‍රෙකින් වත්....සෘංගාරයක් නොගෑවුන ආදරයක්....

මට අමාරුයි.....කැලැල් පිරුන නිරුවත දැකපු මට අල්ලපු හිස රදේ එක්ක....අමු අමුවට ආයම ඒ ඇග උඩ දිගා වෙන එක....ඒක මට කරනවා තියා හිතන්නත් අමාරුයි.....

මට ඕනෙ ආදරෙ කරන්න...එච්චරයි ...ආදරේට සෘංගාරෙ ඕනමයි කියලා .....ලියලා නෑ....නීතිගත කරලා නෑ....රාගය නැති ආදරෙ හොදයි ලාදුරු වැලදුන උන්ට කිය කිය ඔය ලියලා තිබ්බට මොකද.....ඉනෙන් පහල ලැබෙන සැනසීම තියෙන්නෙ කකුල් වෙව්ලන කන් විතරයි...ඊට පස්සෙ එන්නෙ තෙහෙට්ටුවක්.....

ඒකත් හරියටම ...නස්තාර් වෙන්න බීපු එකෙක්...පන යනකම්ම කබරයා දානකොට හැමදාම කියන්නෙ ආය නම්.බොන්නෙ නෑ කියලා .....මෙතනත් ඒකයි...ආය නම්...බෑ...සංසාරේ එපා වෙනවා කියනවා.....හැබැයි....ඉනෙන් උඩ...පපු මැද්දෑවට ඔලුව තියාගන්න කිසිම එකෙක් අද වෙනකන් කියලා නෑ සංසාරෙම එපා උනා කියලා ....

විනාඩි ගානක් දාඩිය හලන් නහින එකට වඩා....මට නිම්නව තුරුලු කර ගන්න එකයි නිම්නට තුරුලු වෙන එකයි දැනෙනවා...

උදාර.....

හ්ම්ම්ම්...

උඹ කල්පනයට කැමතියි....මං කියන්නෙ....උඹ කල්පනයට ආදරෙයි...

හ්ම්....මං ඇහුවා උගෙන්.....උත්තරයක් දෙන්නම් කිව්වා...

ඕකා උඹට උත්තරයක් දෙන්නම් කිව්වට..මේ ආත්මෙට උත්තරයක් දෙන්නෙ නෑ....

හ්ම්...මටත් හිතෙනවා....හැබැයි.....උගෙ හැසිරීමයි....උගෙ හිනාවයි.....ඒ ඇසුයි මට උත්තරයක් දීලා තියනවා....ඒක හින්දා...මං උගෙන් ආය ඕක අහන්ඩ යන්නෙ නෑ...මූනටම මං උඹට ආදරෙයි..පරිස්සමින් ඉදපන් කියලා ගේ ලගින් බස්සනවා....කතාව එච්චරයි .....

ආය ඕකෙ අහන්න මගුලක් නෑනෙ....ඌ උඹට කැමතියි...

හ්ම්....ඒත් මට දැනගන්න කාරනාවක් තියනවා....ඌ ඇත්තටම මට ආදරෙයිද ...නැත්තන් ඌ කරන්නෙ අර කෙල්ලගෙ අඩුව මගෙන් පිරිමහන්න හදන එකද කියලා ....උඹ දන්නවා....ආදරේ ආදරෙ කියලා ...මගෙ ළඟ ඔය පාලු කැපිලි නෑ....ඔව් නම්....ඔව්...

මට ඕන සදුනිකෙක් නෑ උදාර...මං තමුසෙට ආදරෙයි....මට ඇති ගැට්ටෙ අමාරුවක් නෑ ඒකිගෙ අඩුව උඹෙන් පිරිමහන්න....ඇයි.....මොකද මං ස්ට්‍රේට් කියලා නලලෙ කොටල නෑනෙ...අනික ඔය ගිය උන් මත්තෙ නහින්ඩ....මට දැන් කොහොමත් අමාරුවක් නෑ....උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ....ඔව් මං උඹට කැමතියි....අපි ආදරෙ කරමු...දැන් හරිනෙ...මිනිස්සු වෙනස් වෙනවා.....මොකො වෙනස් උනා කියලා මට තව අලුතෙන් ඇටයක් ආවද නෑනෙ.....

මගෙයි අරූගෙයි ඇස් ලොකු උනා.....කොටින්ම..අපි දෙන්නගෙ ඇස් දෙක දොට්‍ට පනින්න ආවා...කෝපි කෝප්ප දෙක තියල රවිදුවව බලන්න යනවා කියපු මිනිහා උන්නෙ අපි ගාව වෙනකොට එක තත්පරේකට ඩිම් වෙලා ගියා....

හ්ම්....එහෙනම්....එච්චරයි ...ඇට ආවත් එකයි...නාවත් එකයි කල්පන....

හරි.....ඇට කතාව පැත්තක තියමුකො උදාර....

මං හිමීට මගෙ කනට බ්ලූටූත් එක ගහ ගත්තා ...මොකද මුන් දෙන්නා සම්බන්දෙ පටන් ගන්න කලින්ම කා කොටා ගන්න හදන්නෙ...මගෙ එකාට මොකක් හරි දීලා රවට්ටගන්න පුලුවන් ....ඒත් මූව....මූව බෑ..... මූ ඇවිත් හොදම එකෙන් ආදා...

හ්ම්....මොකක්ද කියන්න තියෙන්නෙ.....

කියන්න තියෙන්නෙ මේකයි ...මට ඔව්වා පහු පහු වෙනකොට කියන්න බෑ....දුරදිග යන්න කලින් මං කියන්නෙ....උඩ නැගිලි....යටවිලි ගැන මං කියන්න හදන්නෙ ...ඒක අමුතුවෙන් මං ඔයාට තේරුම් කරන්න ඔයා බබා හුකුන් නෙවෙනෙ උදාර .....එක්කො සම තැන....නැත්තන් මට උඩ....කැමතිද....කැමති නම්....එච්චරයි ...

හ්ම්.....සම තැන ලිස්ට් එකෙන් කපා ගන්න.....උඹට උඩ බැරි නම් ඕන තැනක නැගපන් කල්පන....ගහන්නෙ මම නම් එච්චරයි ....මට තැන අදාල නෑ...වදින්නෙ උඹට නම්....ඔන්න ඕක අල්ලපන් මයුරයා...

එ...ඒ....උ...උදාර....මේ...මට....ආ....යිශ්.....

උඹ වේසයි බබා ඇත්තමයි හරිම වේසයි....ආ...මෙ මගුල කරන්න බෑ....උඹ වෙන එකෙක් හොයාගනින් බබා...මං යනවා පිටිපස්සට අර නංගිලාට පොල් ලෙලි ගහලා ....එව්....නෑ...නෑ...උන් ඕන එකෙක්ට කියලා ලෙලි ගස්ස ගත්තු දෙන්....ශිහ්....ඔහොම බලන්ඩ එපා උදාර...හෙන වේසයි අප්පා....මේක කරන්ඩ බෑනෙ...

පොල් ලෙලි ගහන්ඩ ඔච්චරම ආස නම් මලගෙ පහුවෙනකන් ඉමූ.....යාලුවො ශෝක වෙනකොට අපිට ඔව්වා කරන්න හොද නෑනෙ....කන පලාගන්නෙ නැතුව ඉදගනින් ....ඔන්න ඕක අල්ලපන් මයුර...

අපරාදෙ මං මෙතන උන්නෙ...පවුල් ප්‍රශ්න විසදන්න උනොත් මට මුන් දෙන්නගෙන් ගන්න පැත්තක් නෑ....ඇරත් මං කාගෙ පැත්ත ගත්තා උනත් අවසානෙදි උන් උන් හොද වෙලා මං නරක මිනිහා වෙනවා.....

මං ආයම තව පොටක් නවලා ඉටිකොලෙ ඇල්ලුවා..කල්පනයා ඉන්නවා අහක බලාගන....ඒත් උදාරයා නෙවෙ ගනන් ගත්තෙ....උ පුරුදු ව්දිහටම මා එක්ක වැඩ කරනකොට කල්පනයා කකුලක් ගැසුවා....අතපයක් ගැසුවා ...හරියටම අවදානෙ ඉල්ලන මගෙ නිම්නයා වගෙ....

උදාර...කල්පනගෙ බඩ රිදෙනවනෙ.....ඇයි ඒ උදාර....

හරියටම හරි....

මගෙ අතින් ඉටිකොලෙත් ලෙස්සුවා...මේක නම් මගෙ මිනිහා විසින් ඇතිකරාපු අර්බුදයක් වගෙ....එක්සත් බොටම් සංගමේ ප්‍රහාරයක් මේක නම්...

උදාරයා මා දිහ බැලුවා ...හරියටම උඹගෙ බුංජියගෙ හපන් කම් කියන්න වගෙ....ඉතින් මං මොනා කරන්නද ...මුන් මුන් මොන මොන ප්ලෑන් ගහනවද කව්ද දන්නෙ ..

..උඹ මා දිහා ඔහොම බැලුවට වැඩක් නෑ උදාරයා ..මේක ඇවිත් හමාස් ඇටෑක් එකක්....ඔව්වා දරාගන ඉදලා...ඉදලා...අවසානෙදි ඇදලා ඇරපන් ආය මීක් කියන් නෑ.....

උදාර....

කල්පන මේ....විකාර කරන්ඩ එපා මේක මලගෙයක්...උඹට බුංජියව වැහුනද...

ඔය....මං හිතුවා.....බුංජියා කියපු කතාව ඇත්ත උදාර....තමුසෙයි මයුරයයි කියන්නෙ තනිකරම රෝමාන්තික බාවයක් ගෑවිලාවත් නැති නියන් කාක්කො දෙන්නෙක්....චපල මගුල් දෙක...මං යනවා යන්න...

හෙමින් පලයන් ..ඔය අඹරන ඇඹරිල්ලට තට්ටම් මැදින් ගම්මිරිස් කිලො එකක් තිබ්බොත් ගානට අඹරගන්න තිබුනා...

අනෙ උදාර මේහ්....මං යනවා.....ආ..මයුර ...බුංජි කියන්න කිව්වා.....හොයන්න එපා කියලා ....විස්කෝතු කවපු එකී එක්කම ඉන්න කියන්න කිව්වා...

ආ....අමොර්...අමොර්....හා අයියෙ කියපන්.....

කල්පනයා මිසින් උනා....දැන් ආයමත් ඉතුරු මායි උදාරයි විතරයි ..

ඔය කිව්වට ආය කොහෙන් හරි මතුවෙයි ...

ම්න්....උඹලගෙ ප්‍රශ්නෙත් හරි උදාර....ඒත්...අපි කාටත් උත්තරයක් නැතුව ඉන්නෙ...රවිදුගෙන් විතරයි .....

මමයි අරුයි ඉටිකොල කපන එක පැත්තක දාලා ඉදගත්තා ...වෙලාව එකොලගෙ කනිසමට ලන් වෙලා...මං බලාගන ජනත් අයියගෙ තාත්තා පාන් රාත්තල් වගයක් උස්සන් යනවා....

ජනත් නැවතිලා....මගෙ නිම්න විතරයි ආවෙ.....

අපි දෙන්නම ඉදගත්තු තැනට රවිදුවව පේනවා...ඌ ඔහෙ ඉදන් ඉන්නවා....හට් අස්සෙ කොල්ලො කුරුට්ටො කාඩ් ගහනවා...කැරම් ගහනවා....

ජීවිතෙ කියන්නෙ මහ පුදුම දෙයක් මයුර....මීට පැය ගානකට තිබුන ගෙදර .....දැන් මලගෙයක් ....මීට පැයගානකට කලින්...උන්න ජනත්.....දැන් එම්බාම් එක ගහනවා....

ජයවර්ධනයා කරන්නෙ....ආසියා ළඟ තියන් ඉදලා මුලින් පොඩි කොල දාන එක උදාර ....

හ්ම්....ඒක ඇත්ත....හැබැයි....කතාවෙ හැටියට දවසක.....උගෙ කතාවෙ ඉන්න මේන් පොරවල් ටික .....උඹ අපි වෙන්න වැඩි කල් යන එකකුත් නෑ මයුර....

කමක් නෑ....ඌට තුරුම්පු කියන්න දීලා බලන් ඉමූ....නොහිත වෙලාවලදි.....සමහර දේවල් වෙනස් වෙන්නත් පුලුවන් මයුරයා ...ඌ..මගෙ නිම්නව ගත්තා ....ජනත්ව ගත්තා.....ඊලගට ...උගෙ ඉලක්කෙ.....මම....නැත්තන් ...

කල්පන...ඌ කල්පනට අත තොබ්බ දාට....උඹට කලින් මං ඉක්මන් වෙයි...මට උඹට තරම් ඉවසීමකුත් නෑ...උඹ වගෙ.....ප්‍රශ්න අහ අහ...බාගෙට මරන සිරිතකුත් මගෙ ළඟ නෑ....ඇහිලි බැලිලි නෑ....ගියා කැපුවා ආවා...මේකෙ කෙරවලක් තියෙන්ඩ ඕනා මයුර....

ම්න්....කෙරවලක් තියෙන්න ඕනෙ....හැබැයි....ඒ කෙරවල...ජයවර්ධනයා ගෙ මල කද තියෙන්න ඕනෙ...

මමයි උදාරයි ඈතින් උන්න රවිදු දිහා බලාගන උන්නා....ඌ ඔහෙ ගේ දිහාව බලන් ඉන්නවා....සැරින් සැරෙ ඇස් පිහනවා....ඌ අහනවා....ඌ ජනත්ට ආදරෙයි කිව්වොත් මගෙ නිම්න වගෙ ළඟින් ඉන්න පුලුවන්ද කියලා ....පුලුවන් වේවි....හැබැයි.....මං වගේම ඌට හූල්ලන්න බලන් ආදරේ කටන්න වේවි....

මයුරයා....රවිදුවා එනව...

මං උන්නෙ පැත්තක් බලාගන කල්පනා කරන ගමන්....මගෙ කලවෙට ඇගිල්ලෙන් ඇනපු මයුර අපි දිහාවට එන රවිදුවව පෙන්නුවා. . .

මයුර...

වරෙන්...ඉදගනින් මෙතනින්...

මං තීරනයක් ගත්තා මයුර...මං.....සෑහෙන්න වෙලා...අරන්.....හිතුවා....හිතලා...හිතලා...මං මේ තීරනේ ගත්තෙ මයුර....මං උදාරයට වඩා.....කල්පනයටත් වඩා...උඹට මේ ගැන කියන්නෙ....මෙතනින්..මාව දැන් තේරුම් ගන්න පුලුවන් එකම...එකා උඹ හින්දයි මයුර....

කියපන්.....අහන් ඉන්නෙ...උඹට අඩන්න ඕනා නම්....ඒත් අඩපන්....මට පුලුවන් උඹ අඩලා ඉවර වෙනකන්....උඹව දරාගන ඉන්න...මොකද.....උඹ කිව්ව වගෙම.....අනිත් කාටත් වඩා....උඹව දරාගන්න තේරුම් ගන්න පුලුවන් එකම එකා මං රවිදු...මොකද....උඹයි...මමයි දැන් හබල් ගාන්නෙ....එකම බෝට්ටුව ...කියපන්...උඹට කියන්න තියෙන්නෙ මොනවද....

මන් මගෙ ලගට ආව රවිදුගෙ අඩලා රතු වෙලා..තිබුන...ලේ නහර ඉලිප්පුන වගේමආයමත් අලුතින් කදුලු පටලයක් බැදුන ඒ ඇස් දෙක දිහා බලන් උගෙ අත මිරික ගත්තා...

ඌ තීරනටක් ගත්තලු....ඌ ගත්තු තීරනෙ මොකක්ද කියන්න මට දැනටමත් දැනිලා ඉවරයි....ඒ හන්දමයි මන් ඌට කිව්වෙ....අපි දෙන්නම හබල් ගාන්නෙ එකම බෝට්ටුව කියලා....

මයුර...මං තීරනේ කෙරුවා.....ජනත් අයියට.....ආදරේ කරන්න...මේක...මං ...එක වතාවට...සිය දහස් වතාවක්...හිතලා....ගත්තු...තීරනයක් ...මයුර...මට...දැන්..මගෙ...ගැනම...

අනුකම්පාවක්...දැනෙනවා...මයුර.....

.රවිදු .....වා.....හොද කොල්ලනෙ....නාඩා...ඉදින්කො...මේ උදාරයා...කල්පනයා...මම...අපි තුන්දෙනාම ඉන්නවනෙ....බන්...මගෙ එකා...ම්ම්ම්

රවිදු මගෙ අත් දෙකම අල්ලන් මිරිකගත්ත...මට ඌ ගැන මහ වේදනාවක් දැනුනා....මේක උගෙ පටන් ගැම්ම....දවසක් එනවා....ජනත් අයියත්....මගෙ නිම්න එක්කම යන්න යන.....එදාට....ඌට මාවත්...මට ඌවත්.....නොසෑහෙන්න දරාගන්න වේවි.....

මයුර...යා...උඹට...මතක....ද....උඹ එදා කිව්වා....අපි...තුන් දෙනාම.....දවසක....පෝරුවට නගීවි...ඒත්...උඹට ඒ පෝරුව කැප නෑ කියලා ...දන්නවද...බන්...උඹ....දන්නවද....අපි....තුන් දෙනාම...හිතන්...උන්නෙ...අපිට...පුලුවන් ..විදිහට ...උඹගෙ...ආසාවට....පන දෙන්න....අපි විතරක් ..නෙවෙ...කාටත් හොරාවට ...උනත්....උඹට අපී ඉස්සරහා....ෆුල් සූට් අන්දවන්න....ඒකයි....සැරින්...සැරෙම...අපි උඹගෙන්....නිම්නගෙ....සයිස් ඇහුවෙ.....

ඒත්....එදා....උඹ ගැන දුක් උන...මමත්...අද උඹගෙ.....බෝට්ටුවෙ...උදාර...මට...මගෙ ..ගැනම....අනුකම්පාවයි...දෙයියනෙ..අනේ...මයුරයා.....මට...මේක...වාවන්නෙ...නෑ..බන්...මට....උඹ..විදින...දුක...මෙහෙම...අමු..අමුවෙම...විදින..එක...හරි...අමාරුයි....මයුරයා.....

ඌ ආපහු අඩන්න ගත්තා.....නිකන් නෙවෙ...උගෙ කදුලු මගෙ උරහිස තෙමලා දැම්මා...ඌ උගෙ වේදනාව...කදුලු...මේ හැම දේම මගෙ උරහිස උඩ තියනකොට ..මං අඩන රවිදුවව දරාගන උන්නා...මොකද ....උදාරයට වඩා....ඌව පරක් කරගන්න පුලුවන් එකම මනුස්සයා දැන් මම.....

මට උඹගෙ වේදනාවෙ තරම කොයි තරම්ද කියන්න දැනෙනවා....මයුර...

නාඩා ඉදින් .....රවිදු......නාඩා.ඉදපන්....

අපිට මීට වඩා තව හුගාක් දේවල් දරාගන්න වෙනවා.....මීට වඩා තව වෙදනාවල්.උහුලන්න වෙනවා.....ඒක නිසා...හිත හයිය කරගනින්.....උඹ ජනත්ට ආදරෙයි නම්....උඹ ආදරෙ කරන්න තෝර ගත්තා නම්.....මීට වඩා...හිත හයිය කරගනින් කොල්ලො...මොකද....උඹගෙ...මගෙ කතාවෙ...ඇරඹුමම...කදුලක් රවිදු....මේක වේදනාවක්.....මං උඹට...කියන්නම්....රවිදු....මේ ආදරේ...ගැඹුරට පරිමාවක් නෑ...පරිමාව...අනන්තෙටත් එහා නම්...එ වේදනාවටත් පතුලක් නෑ රවිදු.....

උඹට මට....සතුටුදායක අවසානයක් නෑ...මං කිව්වා....උඹට ආදරේ කරන්න වෙන්නෙ..මම වගෙ....වේදනාව හිතෙ හංගගන...එ මූනු ඉස්සරහා හිනහ වෙන එක තමයි...මේ ආදරේ අස්සෙ තියන ලොකුම කැප කිරීම...යන්න යන දවසට....හිනාවක් එක්ක ඒ අත අතාරින එක...

අනිත් උන්ගෙ ආදර මාවත පුරාවටම මල් පිපුනත්....උඹගෙ..මගෙ ආදර මාවත පුරාවටම තියෙන්නෙම කටු විතරයි රවිදු.....ඇවිදින්න තියෙන්නෙත්.....සෙරෙප්පු කුට්ටමක් වත් නැතුව....අඩිය තියනකොට...කටු ඇනේවි.....ඒත්...ඒ ඇස් ඉස්සරහා අඩන්න තහනම්...

යටි පතුල් පසාරු වේවි...ඒත්.....වේදනාව හංගපන්...

ලේ ගලාවි.....ඒත්..මතක තියාගනින්....රවිදු....එ ඇස් පනාපිට...කදුලු තහනම්....මේකයි...උඹටයි මටයි ලැබුන පාර...

පිපෙන්න කලිම්ම පර උන මල් වලට ආදරේ කරන එකයි....රවිදු උඹගෙ මගෙ ඉරනම...ඒත්...එහෙමයි කියලා ....පරවුන මල තනි කරන්න පුලුවන් කමක් නෑ.....පිපෙද්දි බෙදන්න බැරි උන සුවද පරවුනාට පස්සෙ කොහොමද බෑ....ඒත්...එහෙමයි කියලා ....පරමල් උනත්....වැලලෙන්නම ඕනා කියලා නීතියක් නෑ.....

උඹට පුලුවන් මම වගේම...පරමල් අත් දෙකෙන් රකින්න....

මං.කියන්නෙ..මෙච්චරයි .....දරාගැනීම.....කියන එක...ප්‍රගුන කරපන් රවිදු...මොකද .....උඹට මට...ජීවත් වෙන්න තියන එකම ක්‍රමේ ඕක ....

ආදරේ කරන එක...මෙ තරම් ...වේදනාවක්ද....මයුර....පිපෙන්න කලින් පරවෙන එක...මොන වේදනාවක්ද .....ඇයි..බන්.....මට....

මෙහෙම උනේ.....අනේ...ඇයි...බන්..මට...මෙහෙම...උනෙ...

ඇයි..බන්...ඌට...බැරි...උනෙ...අනේ...ඇයි...බන්...

රවිදුව ඇඩුවා...හීල්ලුවා....ඌ ඒ ඔක්කොම කරනකන් අපි දෙන්නා බලාගන උන්නා..අහගන උන්නා.....අවසානෙදි ඌ ඇස් වල කදුලු පිහද ගත්තා...මගෙ උරහිසින් නැගිට්ටා...නැගිටලා උගෙ ඵෝන් එක අතට ගත්තා....

උඹලට...මේ දවස..මතකද...

ඵෝන් එක ඔබපු රවිදුවා අපේ පැත්තට ඵෝන් එක හරවලා ජනත් අයියගෙ පින්තූරයක් පෙන්නුවා.

මේ....ඉන්ටර්වීව් එකට ගිය දානෙ...

හරියටම ගනන් බැලුවම...එයා.....ගිය මාසෙ අද වගේ දවසක... ඉන්ටර්වීව් එකට ගියා....ඒත්.....අද...අද...එයා මේම...ඇදුම ඇදගන....පෙට්‍ටියක නිදාගන ගෙදර එනවා.....

මට ආය..කවදාවත් ...හිනා වෙනකොට මේ වල ගැහෙන කම්මුල්....දකින්න බැරි වේවි...

මං..ආයම..කාට ඩිම්පල් කියලා කතා කරන්නද...එදා...මෘදුවට තිබුන කම්මුල්....ටිකෙන් ටික ගල් වෙවී ....උඹ කිව්වා වගෙම...මේ පටන් ගැම්මම...මහ වේදනාවක්....

මට උඹලගෙ...න්...ඉල්ලන්න...තියෙන්නෙ...මෙච්චරයි .....මයුරයා...මට..මෙ වේදනාව...දරාගන්න ....උදව් කරපල්ලා.....මට..වාවන්නෙ නැති තැන මාව අල්ලගනිල්ලා.....අවසානෙදි මගෙන්.....එයාව උදුරගත්තු උගෙ ජීවිතේ සදහටම නැති කරලා දාන්න...උදව් දියල්ලා .....

උඹ...කිව්වා..හරි...උදාර...මේ ආදරේ.....පුරාවටම ....තියෙන්නෙ...

සැනසීමට...වඩා....වේදනාව විතරමයි...

කමක්..නෑ....මට..පුලුවන් ...මයුර....උඹ වගේ....නොමැරි....මැරි...මැරි....ආදරේ කරන්න....උඹ කිව්වා වගෙ...සුසානෙට යන දවසක්...එනකම්ම...ඒ හිතට ආදරේ කරන්න....මටත්...පුලුවන් ...අපි...

දෙන්නම...එකම බෝට්ටුව හබල් ගාමු.....

ඇරඹුමම කදුලක් වෙලා....

මා බලා ඉද්දී ඒ දිහා...

ආ දුරත් ..දුර..වැඩි නිසා...

අවසානයට පෙර...."ඔහු" ගියා....

ඉදා මයුරයා ...උඹ කඩපන්.....

අපි හතර දෙනාම උන්නෙ කැරම් බෝර්ඩ් එකෙ හතර පැත්තෙ ...යාලුවෙන්න කලින් මරාගත්තු කපල් එක මූනට මූන...මායි රවිදුවයි මූනට මුන...ආරංචි මාර්ගවල හැටියට මගෙ බුංජියා විරහ වේදනා මැකෙන්න කියලා බිස්කට් පෙට්‍ටියක් ළඟ මුරකරනවලු...දැන් මට වඩා ඒකට ගනු දෙනු තියෙන්නෙ කල්පනයා එක්ක වෙනකොට ...මිනිහා එහෙ ඉදන් විස්කෝතු ගිලිනකන් කල්පනයා උගෙ මිනිහව රකින එක පැත්තක දාලා මගෙ හැසිරීම් රටා අකුරක් නෑර මගෙ මලගිය ප්‍රේමවන්තයට රිපෝර්ට් කරන්න පටන් අරන් තිබුනා.....

මට මොකො...ආව දෙන්කො...ආව දෙන්කො...ඕකට කල්පනයා එක්කම ඉන්න කියනවා....මොකටද....මාව ඔය තරම්ම විස්වාස වන්ත නැති හින්දනෙ මං ගැන ඔත්‍තු බලන්නෙ...කව්ද දන්නෙ..ඕකත් ගිහින් කුසියෙ උයන කෙල්ලො දිහා බලන් ඔන්නවද කියලා....

මොකො මං හොයන්න යනවද....නෑනෙ...හිටපන්...ඔහොම්ම හිටපන්.....උඹ මාවත් එපා කිව්වා....දික්කසාදෙත් ඉල්ලුවා...හිටපියකො....වන්දි ඉල්ලනවා...ඇදිවත විතරක් තොට ඉතුරු වෙලා ඉතුරු ඔක්කොම මට එන විදිහට.....

.නිම්නයා ගැන හිත හිත උන්න මම රෙඩාගෙන් දමලා ඇරපු පාරට එකට එකතු කරල තිබ්බ ඉත්තො ටික සීසිකඩ ගියා ....

පියරු බෝතලයක් විතර හලාපු කැරම් බෝඩ් එකෙ ඉත්තො ටික ගානට ලෙස්ස ලෙස්ස යනකොට කල්පනයා සුදු ඉත්තෙක් වලට දැම්මා....

උන් දෙන්නා සුදු...මායි රවිදුවයි කලු.....

රවිදුවගෙ වාරෙ...ඌ වෙව්ලනවා.....ඉත්තට කලින් ඌ යනවා....උගෙ ඇගිලි හූනු ඇගිලි අගේ වෙනකොට රෙඩාට ඩම දාල ගහුවට මොකද...රෙඩා එතනම හිටියා....

අතින් ගහන්න බැරි නම් කකුලෙන් වත් ගහපන්කො.....

මේ ඇගිලි නම් සාපයක්.....

දියන් දියන්...

දැන් ඉත්තා උදාරයා අතේ...මට තමයි දෙපැත්තම බැලන්ස් කරන්න වෙන්නෙ...මං උන්නෙ කැරම්.බෝර්ඩ් එක දිහා බලාගන වෙනකොට අහම්බෙන් වගේ මං දැක්කා පිච්චමල් අත්ත ලාවට වගේ හෙලවෙනවා.....බඩු එනවා...බඩු එනවා...වට පිට බල බල....මෙලෝකෙ දෙයක් නොදන්න එකා වගෙ බඩු එනවා....

ඔන්න....ඔන්න....මුන පුක වෙලා....ඇයි දන්නෙ නෑ ආවෙ.....කාලගෝලයා වගේ කාලා ඇති උනාද දන්නෙ නෑ.....

..කැරම් බෝර්ඩ් එක් දිහා බලන් ආව නිම්නයා ගස්ස ගස්ස එහා මෙහා යනවා....

මහ එකා නෙවෙ....වැහිලා ඉන්නෙ පොඩි පගයව.....අතෙත් මොනාද තියනවා....විස්කෝතු අහුරක් නේද....යෝ...මේකා......

ඔන්න...මා දිහා බලනවා...පව්.....තරහ වෙලා ගිහින් යාලු කරගන්න විස්කෝතු අරන් එනවද කොහෙද ...කමනිට හරියන්නෙම මූව තමයි..ඇයි කමනිත් රන්ඩුවෙලා ගිය දාට අප්පච්චි ව ශේප් කරගන්න මොනව හරි අරන් ඇවිත් හෙරක් වගේ ගේට්ටුව ගාවට වෙලා හොර ගල් අහුලනවනෙ....

මයුරයා....

ඔන්න දැන් රෙඩා.මගෙ ගාව....අරකා එබි එබි බලනවා...අරුන් කාටත් පේන්නෙ නෑ..මට විතරයි පේන්නෙත්...මූ ඉත්තන්‍ට අතින් ගහයිදො....සුදු ටික වලට වට්‍ටයිද දන්නෙ නෑ.....ඕකා මොකක් හරි කරන්න කලින් ගහලා අරින්න ඕනා....

ඇති යන්තන්...ඉත්තො දෙන්නෙක් ගියා...හරි...දැන් කල්පනයගෙ වාරෙ...ඔන්න එනවා...ඔන්න එනවා....ඔන්න...ඔන්න....එනවා...හරි ....ආවා ...ඔන්න පුටු ඇන්දෙ ඉදගත්තා ...දැන් ඉතින් දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ....

ම්හුක්....

ඉදහිට වත් මා...මතකෙට එන්නෙ වත් නැතිද.....

ඔව්...එන්නෙ නැද්ද...

අනූ.....බුංජියා ආවනෙ....

අනූ.....චූටි නිම්න ආවනෙ...

මං නෙවෙ ගනන් ගත්තෙ....එනව මෙතන ඉදහිටවත් මතක් උනෙ නැද්ද අහගන.....ඇයි ගියෙ මහ ගෙදර ඉන්න එපැයිනෙ.....

මා එක්ක යාලු වෙන්නකො අනේ.....

ඔයාට.....මං...මංචි චොකලට් බිස්කට් එකක් දුන්නොත්.....??

ම්හුක්...ගනන් ..ගන්නෙම...නෑනෙ...මාව....

ආස....කෙනා....හිතේ...ඇදුන...

කෙනා.....මටම..මවපු

කෙනා....ආආ...යි....ආ....යි.....යා....

යො....හ්.....කන් කරච්චලේ...මගෙ කන දැන් බීරි වෙනවා....මූ ඉනෝකක්කගෙ සින්දු අහනවද මන්දා.....

මයුරයා...මෙතන එකාට ගහපන්.....

මං තල්ලු කරන්නද අනූ.....නිම්නට පුලුවන් ...ඔව්වා ගහන්න...බුංජියට....අනූගෙ....චූචි බුංජියය පුලුවන්නෙ....👉👈

...මං නෙවෙ කටක් හෙලෙව්වෙ...මම උන්නෙ දැක්කෙ නෑවගෙ....ඇහුනෑ..වගෙ.....එනවා

මෙතන..බුංජියට ගහන්න දන්නවා කියාගන...

ම්හුක්....අනූ....කතා කරපියකො...කොල්ලො.....

මහම වේසයි අනූ...ඇයි...ඒ...චපල කම් කරල මදිවට....

ඉතින් අප්පා...ඔයා අරකිට සුදු නංගි කිව්වෙ ඇයි අනූ....

නිම්නට තරහා ගියානෙ.....නිම්න ආස නෑනෙ.....අනික...එතන උන්නෙ....බුංජියා නෙවෙ...ලොකු නිම්නනෙ...එයාට තරහ යනවනෙ...අනූ.....

උඹ මහ නරකාදියෙක් අනූ....මං බලන් උන්නා...මගෙ පස්සෙන් එනකන්....උඹට දැන් ඒකිලාව නෙ ලොකු....ඔව්...මං දන්නවා...මං දන්නවා...සවුත්තුවා....

චපලයා....

ම්හුක්...අනූ.....

මට ඕනෙ මං තරහා උනහම ඉකි ගහලා අඩන කොල්ලෙක්ව....

පොඩ්ඩ බැරි වෙනකොට .....ඩීපි එක අයින් කරන කොල්ලෙක්ව.....

අනූ...ඔයා පේස් බුක් ඉන්නවනේ...දාන්නකො අනෙ..

සබ්බ පාහිය ගමනීයන්...කියලා...අපි තරහා වෙලනෙ ඉන්නෙ...

දුක වැඩි..නෙතෙ....කදුලැලි..පිරේ....ඔබ නැති මොහොතෙ.....

යෝ....ගනන් ගන්නෙම නෑනෙ...ඇත්තමයි අනූ...දාලා යනවා ඈ...අහකට ගනින් අත.....පේනවද....ගල එලියෙ දාන් ඉදන් ඉන්න ලස්සන....රාබු අලයක් වගේ අනෙ....හරි සුදුයි....බුංජියගෙනෙ ඉතින්.....මාව ඉන්දගනින්කො.....ඔය කකුල උඩින්....මනමාල කමට ගල එලියෙ දාන් ඉන්නෙ ඇයි අනූ.....ඇත්ත...කල්පනයා කියපු කතාව ඇත්ත...උඹ මහ අනංගයෙක් අනූ....මනමාල පප්පෙක්...

මට දැන් මුගෙ කට අල්ලන් හපන්න තරම්.....පුටු ඇන්දෙ උන්න එයා මගෙ අත එහා මෙහා කරලා කකුල උඩින් ඉදගත්තා.....මොනාටත් කලින් මූව වහාම කල්පනයගෙන් ඈත් කරන්න ඕනෙ.....

අනූ.....යෝ.....ඇත්තමයි...මං මේ අවසාන පාරට කතා කරන්නෙ...හැබැයි....දන්නවනෙ....

ඇත්තමයි.....උඹනෙ අනූ වැරද්ද කෙරුවෙ...මං නෙවෙනෙ....

මං නැති ටිකට කෙල්ලො හුරතල් කෙරුවෙ උඹනෙ....

ඇත්තටම ඇයි මල්ලි ඒ....

මහ වේසයි.....හොදද.....ඇත්තමයි....

එක හිතක් නැතී...බවත්...ඔබ නොලැබෙනා....බව දැනත්.....මියදුනා....තෝ නිසා...මං බූරුවෙකි රත්තරන් .....

අනූ...මාව වස්ති එකේ රෙස්ටුරන්ට් එකට එක්ක යන්නකො...අප්පච්චිගෙ ඒවා කාලා ඇති වෙලා....

නැත්තන්...ජා ඇල මචන් එකට...

නැත්තන්....විනී එකට....

ඒත් නැත්තන්...බිකට....

ම්හුක්...බිකට කියා මාව පුකට වත් ගනන් ගන්නෙ නෑනෙ....

මේක හරියන්නෙ නැ අනු....අවංක ආදරේට කොහෙත් ගැරහුම්....පටන් ගන්නකොට නම්...කිව්වෙ කොහොමද ..අහස පොලව පහ උනත්...මං වෙනස් වෙන්නෙ නෑ කියලා ...

චපලයි....උඹ මහ චපලයෙක්....

මං අම්මට කියනව...ඇත්තමයි...මේ පාර නම්...අම්මට කියනව....මයි...

ඒක නෙවෙ..අනූ....අහන්නකො...මන්...ජනත් එක්ක ගිය වෙලේ.....මං දන්න යාලුවෙක් ව හම්බ උනානෙ....එයා නැති වෙලා...අවුරුද්දක් විතර....ලස්සනයි ඒ අයියා....

මා එක්ක හුගාක් වෙලා කතා කර කර උන්නා....මගෙන් ඇහුවා....මොන මිනිපිට්‍ටනියෙද ඉන්නෙ කියලා .....

මං...හිතන්නෙ...එයාගෙ හිතේ මගෙ ගැන.....මොනව හරි...තියනවද කොහෙද අනූ....

...පව්...ලස්සනයිලු ඒ අයියා...ඔය අහුවෙන්නෙ.....ඔය අහුවෙන්නෙ...මට දැන් එන තරහට මූට කැරම් බෝඩ් එකෙම්ම ගහන්න හිතෙනවා...කකුල උඩ ඉදන් නලියනවා මදිවට...හිටපන්....මං උඹේ මිනිය හාරන් ඇවිත් මගෙ කාමරේ වලලගන්නවා.....මගුල...මැරිලත් පරිස්සම් කරගන්න බැනෙ...

අනූ....මං අහන්න උන්නෙ...මේ විදිහට කොන්ඩෙ වවලා....මං ලස්සනද....මං අහන්නෙ...පැත්තට ඉන්නකොට...මං නිකන්...නික් ජෝනස් වගේද.....

මයුරයා...ගහකො...ඔය ඉත්තා මිරිකන් ඉන්නෙ තොට පිට් එකද...ගහපන්....

එහෙන් කල්පනයා කෑ ගහනවා..මට පිට් එක තමයි...

...ඒ උනාට...මං එයාට කිව්වා අනෙ.....මං දැන් in a relationship කියලා ...ඔය වෙන මිනිස්සු චපල උනාට මං එහෙම නෑනෙ....

වෙන උන්...ඉතින්..පන දෙන්න වගේ ඉදලා....ගෑනු හුරතල් කරාට..මං එහෙම නෑනෙ අනු....

හැමෝම ඉතින්...ගෑනු හොරු නෙවෙනෙ අනූ.....

ම්හුක්.....

අනූ.....නිම්නගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ...ඇයි..අනේ...

දතකුත්...කකියනවා....

වම් වකුගඩුවෙ...මැද හරියත් පොඩ්ඩක් රිදෙනවා....

දකුනු අතත් පන නෑ...ඇයි අනූ...ඒ...

වම් ඇහැත් පොඩ්ඩක් ...නටනවා...අනූ....මං හිතන්නෙ...මගෙ අවසානෙ...වගේ...

.මාව වෙව්ලනවත්...එක්ක.....

යටි බඩත්.....කොර ..වේනවා.....මං..

හිතන්නෙ...මට...ගලගන්ඩෙ...වගේ...

අනූ....

මං...නැති...දාක...හිනා..වෙ...භ්භ්න්හ්න්හ්භ්භ්...භ්භ්.....භ්භ්.....භ්න්හ්.....ම්හුක්...නරකයා....උම්මියක් දුන්නනෙ...ම්හුක්...මහ...වල්...අප්පා.....මං.කැමතිත් නෑ...

කමක් නෑ...චූචි බුංජියනෙ මේ ඉන්නෙ...

අනූ....බුංජියගෙ...ඔලුව චුට්ටක් විතර රිදීගන එන්නෙ ඇයි....අනූ...එ.....

කට වහපන්..කුඩික්කිය....උඹට ඔය අවදානෙ ඕන වෙලා.....පිස්සු හොල්මන මගෙ....පොඩ්ඩක් ඉදපන් වස්තු...අර ඉත්තව වලය දාගන්න...

මං ඌට අතින් ගහන්නම් අනූ....එක පාරයි...වලේනෙ...ඇ....අනූ...මං ඉත්තට ගහන්නද...

ම්න්.....කලු එකා විතරයි .....

ආ..ආ...ආ...මයුරයා.....තෝ...බුංජියා එක්ක නේද ඔය ඉන්නෙ...‍රෙඩාගෙ ඉදන් වලට දානවා.....

මට හිනා ගියා...මෝඩයට හොර වැඩක් වත් කරගන්න දන්නෙ නෑ....එකා.කලුයි සුදුයි රෙඩාවයි ඕක්කොම වලට දානකොට මන් මගෙ එක කකුලක් උඩ ඉන්දවන් උන්න නිම්නව මගෙ කකුල් දෙක උඩ ඉන්දවගත්තා... එක අතකින් තුරුල් කරන් චුට්ටක් දෙපැත්තට පැද්දෙව්වා.....හුරතල් කෙරුවා ....දකින උන්ට බම්බු ගහගනින් කියලා මං කොල්ලගෙ පිට මැදට චූටි චූටි හාදු වැස්සක් විතර වැස්සෙව්වා...

තරහා...මරහා...ඔක්කොම ඉවරයි....

වස්තුව මගෙ.....

අපෙ කැරම් ගැහිල්ල ඉවර උනා.....කල්පනයා උදාරයා එක්ක කිචි බිචි ගාන්න ගන්නකොට රවිදුවට උන්ගෙ අම්මා කතා කරලා පිටිපස්සට ගියා වගේම මන් මගෙ නිම්න එක්ක කතාවට වැටුනා....

වස්තු.....

ම්ම්ම්...

..මං ඒකිට බොරුවට සුදු නංගි කිව්වෙ....

ම්හුක්...ආය කලන් නෑ කියන්න....

...හුරතලෙ..මගෙ....ආය කලන් නෑ....

..දන්නවා...මගෙ අනූ බොරුවට එහෙම කිව්වෙ කියලා .....මං දන්නව අනූ...උඹගෙ ආදරේ තරම...මට ඒකට ආය උපමා ඕන් නෑ....

ජනත් අයියා....එයාට...මොකද වස්තු....

මං එයාගෙන් ජනත් ගැන ඇහුවා....මගෙ උකුලෙ පැත්තට හැරිලා ඉදන් ඉන්න නිම්නගෙ මුන වෙනස් උනා...ඒ මූන වේදනාවෙන් බර උනා....

....රවිදු...මොකද කියන්නෙ අනූ....

..එයා.ජනත්ට ආදරෙයිලු....වස්තු....උඹ වගේ...ජනත්ට ඌ ලගට එන්න බැරිද නිම්න....

...ඌට...උඹ වගේ...අවසානෙදි දරාගන්න පුලුවන්ද අනූ.....මේ හැම දේම අහවර දාට....ජනතුත්...මං වගේම..යන්න ගියොත්.....ඒක දරාගන්න පුලුවන් ...වෙයිද අනූ...

....ඌ හිත හයිය කරගනී.....ඌට පුලුවන් ....බෑ කියලා..කිව්වත්..දරා ගන්න එක ඇරුනම....වෙන කරන්න දෙයකුත්නෑ...වස්තු.....කමක් නෑ....ඌ ආදරෙ කරාවි....හරියටම ..මං මගෙ වස්තුවට ආදරේ කරනවා වගෙ.....ඌට මං ඉන්නවා..මට ඌ ඉන්නවනෙ...ඌව තනි කරන්න එපා වස්තු.....ජනත්ට...එන්න කියපන්...පන...

මං එයාගෙ අත අත ගගා ජනත්ට එන්න කියන්න කියනකොට මගෙ නිම්න මගෙ ඔලුව අතගාලා නලලට හාදුවක් තිබ්බා....

 මගෙ ආඩම්බරකාරයා.....මං උඹට ආදරෙයි මගෙ අනූ...ජනත් ඒවි.....එයා...ඉන්නෙ...එයා ළඟ.....එයා බලන් ඉනන්වා...එයාවම කපන කොටන හැටි.....එයාවම.නාවන හැටි....ජීවිතේ මහ පුදුමයි අනූ.....අපි ඉපදෙනකොටත්...අපිව නෑව්වෙ...වෙන කෙනෙක්.....අපි මැරුනමත්...අපිව නාවන්නෙ...වෙන කෙනෙක්...ඒක බලන් ඉන්න එක...ඒක ඔක්කොටම වඩා...හරි වේදනාවක්...අනූ....

..මන් එයාව එහෙම්ම..ඇදලා අරන් මගෙ ඇගට තුරුල් කරගත්තා....පැත්තට ඉදන් ඉන්න එයාගෙ කකුල් එල්ලෙනවා.....ඔලුව තිබුනෙ මගෙ උරහිසෙන් චුට්ටක් පහලට වෙනකොට මං මගෙ නිම්නව අත් දෙකෙම්ම බදාගන උන්නා.....මට අහන් ඉන්න හරි අමාරුයි....

.

හෙ...ලෝ....ඔයා...කල්පන නේද....

මම උන්නෙ නිම්නගෙ ලෝකෙ අතරමන් වෙලා වෙද්දි...අපි ඉස්සරහට ඔෆිස් කලිසමක් ඇදලා අත් දිග සුදු ශර්ට් එකක් ඇදලා....ටයි පොල්ලක් බැදපු බුවෙක් ආවා....ඇවිදින් උදරය එක්ක පෙම්.කෙල කෙල උන්න කල්පනයට කතා කෙරුවා....

ඌ එ එක්කම...මටයි උදාරටත් කතා කෙරුවා...මුගෙ ෆේස් කට් එක පුරුදුයි.....ඒත් මොකාද කියලා මීටර් නෑ....

කල්පනලාට...මාව අදුනගන්න බැරිද මන්දා .....

ම්ම්ම්...අදුනන්න..නම්...බෑ...මචන්....

කවුරු....හරි....සෙලිබ්‍රේටි කෙනෙක්ද....?????

කල්පන..නම්...එදා වගේම...යි.... හරි විහිලුයි.....කටහඩින් වත් අදුනන්න බැරිද....

කටහඩින් අදුනන්න....මචන්...උඹ ජෝතිපාල නෙවෙනෙ...ෆේස් කට් එකෙ...පොඩි...හුරුවක් තියනවා.....ඒත්....නිච්චියක් නෑ....උදාර....මයුර අදුනනවද ....

මමයි උදාරයයි දෙන්නම උරහිස් ඇකිලුවා ...බුවාව මීටර් වෙන්නෙම නෑ....මොනා උනත් ඌ හෙන පඩශෝ එකක් කියන්න මේ තත්පර ගානින්ම අපි දෙතුන් දෙනාටම මීටර් උනා වගේම මූ අපි ලගින්ම ඉදගත්තා ...ඉදන් උගෙ මාන්නෙ පෙන්නන්න කාර් එකෙ යතුර ඉනෙ පටලවන් අලුතින් රිලීස් උන ඇපලත් අපි ඉස්සරහින් තියලා හිනා උනා...

ඔයාලා තවම ඉස්සර වගේමයි....මාව එහෙනම් අදුනගන්න බැරි උනානෙ....මං.....ඔයාලගෙ...ක්ලාස් එකෙ මොනිටර් ....පැතුම්....

අ...ආ...අම්මටම....සිරි....මේ උතුම් පැතුම් නෙ...හරි....හරි.....ඕලෙවල් බැජ් එකෙ අපෙ පන්ති නායකයා.....හැමදාම පන්තියෙ පලවෙනියා උන උතුම් පැතුම් නෙ.....අර ගනන් සර්ට ගොට්ට ඇල්ලුවෙ.....ඒ පැතුම් නෙ...ශිශ්‍යය නායක පට්‍ටම ගන්න.....පිනාට ගොටු ඇල්ලුවෙ...හර්..හරි...මතකයි...

තව....උඹම නේ මචන් කෑම පෙට්ටියෙ කෑම ගෙනත් තනියෙන් කෑවෙ...විභහගෙට වහන් ලිව්වෙත් උඹනෙ ...අඩෙ....මතකයි....මතකයි...

උඹව මතකයි.....කෑ ගහනකොට අපේ නම් ලියලා පිනාට දුන්නෙත් උඹනෙ....අඩෙ මතකයි හුත්තො.....ඒ ගෝතයව මතකයි....අම්මට සිරි....ගොබ්බ ගතිය ගිහින් නෙ....අඩෙ හොයන්නෙ කොහොමද...

මම අතින් කට වහගත්තා....අරූ අවුරුදු ගානකට පස්සෙ ඇවිදිනුත් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගෙ වැඩක් උතුම් පැතුමට උනෙ.....

මීට අවුරුදු ගානකට කලින් අපිට පේන්නම බැරි ඩයල් එක උන පැතුමා නිසා අපිට පිනා එක්ක මීටින් නැති දවසක් තිබුන් නෑ.....මූගෙ පොතෙ උඩින්ම ලිය උනේම අපෙ නම.....මූ කෙරුවෙම අපිව ඔෆිස් එකට යවපු එක.....එව්...බේසිකයා...එදා වගේමයි පඩි ලයින.....

මූඅපිව දැකලා මෙතෙන්ට ආවෙ මරනෙ ගැන ශෝක වෙන්න වෙනුවට....ඌ ඉන්න තැන ගැන පෙන්නන්න කියන්න අපිට ඉවෙන් වගෙ දැනෙන්න ගද්දි කල්පනයා උගෙ පෙට්ටි කට මුවහත් කරන්න ගත්තා ....

.ඔව්.....ඒ පැතුම් තමයි.....ඉතින්....අවුරුදු ගානකින් නේ.....මං ...ඔයාලව අවුරුදු ගානකින් මේ දකින්නෙ....මන් ඒ ලෙවල්ස් වලින් පස්සෙ ඔසි ගියා....ඒ ගියපු පාර.....වැකේශන් ආවෙ ඊයෙ ....මේ ආරංචි උන ගමන් මේ දුවගන ආවෙ...ඔයාලා එදා වගේමයි....කිසිම වෙනසක් වෙලා නෑ.....ඉතින් කල්පන මොකද කරන්නෙ....

මූ අපිට කින්ඩියක් දැම්මා....ඌ ඔසිවල ඉදන් ආවෙ...උඹලා තාම එක තැන වගෙ ලයින් එකක් දාලා මහ කින්ඩි හිනාවක් දාලා කල්පනයා ගෙන් මොකද කරන්නෙ ඇහුවා ....

මොකද කරන්නෙ කියලද ඇහුවෙ පැතුම්.....උඹට මාව අම්බිලි මාමා වගෙ පේනවද මොකද කරන්නෙ මොකද කරන්නෙ අහන්න ...

උඹට දැනගන්න ඕනෙම නම් කියන්නම්.....මාත් ගිය සතියෙ ආවෙ මන් දැන් වැඩ නාසා එකේ...අගහරු වල ජනාවාස කරන ප්‍රොජෙක්ට් එකෙ හෙඩ් මම...ළඟදි හදට රොකට් එකකුත් යැව්වා.....

උදාරයා UK..මූ මිලිටරි ඔෆිසර් කෙනෙක්..... නිකන් නෙවෙ රෝයල් ගාර්ඩ් එකෙ .....

රවිදුවා එමීර් වල බෑන්කර් කෙනෙක් බුර්ජ් කලීෆවල ඌට රත්තරන් බඩු කඩයක් තියනව.....මියා කලීෆව තමයි බදින්න ඉන්නෙ.....

මයුරයා උතුරු කොරියාවෙ නම්ජූන්ගෙ අනදෙන නිලදාරි....ඇයි...උඹට යුදමය ප්‍රශ්නයක් තියනවද ....තියනවා නම් කියපන්.....සමතලා කරලා දෙන්නම්

.

........එ....එක්ස්..කියුස්මි...මට කෝල් එකක්...

ඒ...ඒ....පැතුම්.....උතුම් පැතුම්....නැවතියන්...

🤭ආය එන්නම්....ඈ.....

පයිස්සමින් ඉන්ඩෝ.....

ආතරෙයි අහස තරම්...

මම ජොබී

NEDEESHA

More Chapters