වස්තු....ඔහොම්ම ඉදින්...නිම්න...
මම මේසෙ යට උන්න නිම්නව හැංගුවා....ගැට පිච්ච මල් අමුනන් උන්න ගෑනු කෙනා .....ඇත්තටම ...ගෑනු කෙනා කියන්නද...ආදරේ නාමෙන් ගෑනු ආත්මයක් ආරූඪ කරගත්තු පිරිමි කෙනා ඇස් වල කදුලු පිහ පිහ ඇවිදින් අපිට අතේ දුරින් ඉන්නකොට මම මේස රෙද්ද තවත් යටට ඇදලා මගෙ ගාව හැංගීගන ඉන්න නිම්නව කොහෙන් වත් පේන්නෙ නැති වෙන්න වහනකොට මේසෙ යට උන්න නිම්න මගෙ කකුල කෙනිත්තුව....
ඇයි.....
අ..අන්....මයුර....
නාඩා ඉන්න....ප්ලීස් ....නාඩා ඉන්න...ඔයාට මම මොකුත්ම වෙන්න දෙන්නෙ නෑ...වස්තු ප්ලීස්.....නාඩා ඉදින් රත්තරන් .....මං ඉන්නවා...මං ඉන්නවා..මං ඉන්නවා...උඹලා හැම කෙනාවම බේර ගන්න මම ඉන්නව නිම්න....ප්ලීස්.....මට මේ සාක්කි එකක් වත් නැති කරගන්න බෑ....මාව විස්වාස කරපන් රත්තරන් ....මගෙ ආදරේ ගැන වත් හිතලා විශ්වාස කරපන් නිම්න....
නිම්න නිකන් වෙඩි වැදිලා හරි අමාරුවෙන් කැලේ ඇතුලට දුවා ගත්තු මුව පැටියෙක් වගේ.....අනේ ඇස් තෙත් වෙලා...පපුව ගැහෙනවා එකසිය ගානට....නිම්නගෙ ජීවිතේ ජයවර්ධනයා කියන්නෙ වැද්දෙක් වෙනකොට ඌ දඩයම් කරපු අහිංසක ජීවිත දඩයම් කරපු ඒ සාප කාර පව් කාර අත් දිහා මං බලන් උන්නා...මගෙ නිම්නගෙ අහිංසක අත් වලට ගහපු ඒ පව් කාර අත් දෙක දිහා මං බලාගන උන්නා...
මං මේසෙ යට උන්න නිම්නව සනසවලා ආපිට හංගලා ජයවර්ධනයා දිහා බලන් උන්නා ...
ඔරෙන්ජ් එකයි.....ඇපල් ජූස් එකයි.....
ජයවර්ධනයා ජූස් දෙක ඕඩර් කරලා ගැටපිච්ච කෙල්ල ගාවට ඇවිදින් වාඩි උනා.....
නන්දනී...කියන්නද....නන්දන කියන්නද...මං දැන් මොන නමිම්ද කත කරන්න ඕනෙ....???
ඔයා ඔතනින් වැඩියෙම්ම ආදරෙ කෙරුවෙ කාටද.....එයාගෙ නම කියලා කතා කරන්න ජයෙ...
හ්ම්...නන්දන කියන්නම්...මට ගෑනියෙක් ඕනා නම්...ගෑනියෙක් ගන්නවා...උඹට ගෑනියෙක් වෙන්න කියලා කියන්නෙ නෑනෙ නන්දන.....උඹගෙන් මම බලාපොරොත්තු උනේ ඕකද...
ඇයි ජයෙ ඔයා ඔහොම කතා කරන්නෙ...මං ඔයා නිසා නෙවෙද මේ හැම දේම වෙනස් කරගත්තෙ....ඔයාගෙ අප්පච්චි මට නොකියපු දෙයක් නෑ .....උඹගෙ අම්මා මට නොකියපු දෙයක් නෑ....උඹට බැරි උනා ජයෙ උන් මාව බල්ලෙක් බලලෙක් ගානට පාර දිගෙ ගගහා එලවනකොට බේරගන්න...අනේ අම්මෙ...අනෙ අප්පච්චි එයාට ගහන්න එපා කියන්න....
හෙමින් නන්දන.....දෙයියන්ගෙ නාමෙට හිමින්.....
හිමින්...උඹට දැන් මේවා කියනකොට ලැජ්ජයි...මං පාරෙ වැටි වැටි දිව්වෙ....පාරෙ ඉන්න උන් මගෙ මුනටම කෙල ගගහා යනකොට .... උඹගෙ ආදරේ කොහෙද ජයේ තිබුනෙ....
උඹ මට ආදරෙ කරන්න ගත්තෙ මමත් පිරිමියෙක් බව දැන දැන....මුලු ලෝකයක්ම පිලි නොගත්තා උනත් මට දුක නෑ ජයේ...ඒත්....ඒත්....උඹත් මාව එදා පිලි ගත්තෙ නැති වෙනකොට මගෙ පපුව පැලෙන්න ආවා.....
උඹ දන්නෙ නෑ ජයෙ....මං එදා නොමැරි මැරුනා...
අවුරු ගානකට කලින් වෙච්ච කියකිය දැන් අඩන්න එපා නන්දන....ඒ දේවල් වෙලා ඉවරයි
ඔව්...උඹට කියන්න ලේසියි..... උඹට ඒ වේදනාව නොදැනුන හන්දා උඹට ඒ අතීතෙ අමතක කරන්න ලේසි ඇති....මිනිස්සු කෙල ගැහුවෙ මගෙ මූනට මිසක් උඹගෙ මූනට නොවෙනකොට...මිනිස්සු ගල් මුල් වලින් ගල්මුල් වලින් ගැහුවෙ මට මිසක් උඹට නොවෙනකොට .....මිනිස්සු පරුශ කතා කියනකොට ඒවා ඇවිදින් වැදුන් මගෙ පපුවට මිසක්...උඹගෙ පපුවට නොවෙනකොට .....මේ හැම දෙයක්ම උඹට අමතක කරන්න බොහෝම ලේසි උනත්...විදවපු මම අදටත් විදවනවා ජයේ....
මම මේ තත්පරේ වෙනකන් විදවනවා ජයේ....
උඹ දන්නවා..උඹගෙ අම්මා අප්පච්චි එකතු වෙලා මගෙ වස්තර ඉරලා දැම්මා...මං මගෙ හෙලුව වහගන්න උඹගෙන් වස්තරයක් ඉල්ලුව ජයෙ......ඒත් උඹ මට වස්තරයක් දුන්නෙ නෑ...උඹම හිතපන්...උඹට ඉන්නෙත් පුතෙක්....නිකන් නෙවෙ....මම.උඹ වගේම...එකම අත්තක වහන්න බලන් ඉන්න පුතෙක්....උඹ හිතපන්...මට උන දේ උඹගෙ පුතාට උනොත්...දෙනෝ දහක් මැද ඇගේ නූල්පටක් නැතිව අසරන වෙන්න උනොත්...උඹම....භ්භ්භ්...
කට වහපන්....තව එක වචනයක් කියන්න එපා...පරට්ටයා...මන් මෙතනට ආවෙ...උඹව අවසානම පරට බලන්න මිසක්....නැතුව උඹගෙ දුක අහන්න නෙවෙ නන්දන...මට ගෑනියෙක් ඉන්නවා...ළමයි දෙන්නෙක් ඉන්නවා.....
උඹට ගෑනියෙක් ළමයි දෙන්නෙක් ඉන්නවා නම්.....ඇයි කියපන්...ඇයි කියපන්.....ගිය මාස ටිකේම රැයක් දවාලක් නැතුව මගෙ ඇග උඩ නැග්ගෙ.....උඹගෙ ගෑනි බඩින් උන්න නම මාසෙම...උඹගෙ ඇගේ අමාරුකම් යවාගත්තෙ කාගෙ ඇග උඩ නැගලද.....උඹට සහ ගහනවා ජයේ....උඹ උඹගෙ අප්පච්චි ලා මට කරපු අපරාදෙ දෑහින්ම දැක්කා.....මට ඉන්නෙ අම්මා විතරක් බව දැන දැන....මමයි මගෙ පව්ලෙ බර අදින එකා බව දැන දැන...උන් මං වැඩ කරන තැනට පවා ඇවිදින් කෑ ගැහුවා....
උඹගෙ අප්පච්චි ට සාප වෙනවා ජයේ.....මං උඹගෙ අප්පච්චි ගෙ මලකදට පවා හෙනගහන්න කියලා සාප ඉල්ලනවා....
මමයි මගෙ දුප්පත් අම්මව බලාගන්නෙ....උන්දගෙ බේත් පෙත්තට මගෙ රීරීමාංසෙ යනකනන් වැඩ කර කර ඒ පන කෙන්ද රැකගන්න නැහෙන්නෙ මම බව දැන දැන....මං වැඩකරන තැනට ඇවිදින් උඹගෙ මහ එකා මගෙ චරිතෙ කෑවා ජයෙ....උඹගෙ අම්මා ඇවිත් උන් හැමෝම ඉස්සරහා මගෙ කන රත් කෙරුවා....දන්නවද....උඹ දන්නවද....උඹගෙ අම්මා අප්පා හන්දා මට රස්සා කීයක් නැති උනාද....
උන් මාව එලියට දැම්මෙ මේ මුලු ලෝකෙම්ම දැකපු පිලිකුල්ම සතෙක් ගානට....
උන් මට කතා කෙරුවෙ මේ ලෝකෙ උන්න ලැජ්ජ නැතිම එකා ගානට....මං මෙච්චර වේදනා විදිනකොටත් මගෙ ආදරේ මැරුන් නෑ ජයේ....උඹත් ගෙදරට හිර වෙලා දුක් විදින බව දැනන් මම ඒ ආදරෙට මැරෙන්න දුන්නෙ නෑ ජයේ.....ඒත්.....උඹගෙ මහ එවුන්...මාව ගමෙනුත් පැන්නුවා ..ජයේ...උඹගෙ මහ එකා....ගෙදරට ඇවිත් ගොම ගහනකොට මගෙ අසනීප අම්මාගෙ පපුව පැලුනා.....යකො.....මගෙ අම්මගෙ මරනෙට හේතුව තොපෙ තාත්තා...මගෙ අහිංසක අම්මා ඉස්සරහා තොපෙ මහ එකා පට්ටන්දරේ දිගෑරලා උඹ වදලා තියෙන්නෙ රෙද්දෙ පිහන්න ඕන එකෙක් කියලා ඒ මූනටම කියනකොට මගෙ අම්මහෙ ඇස් වලින් පන යන හැටි මං දැක්කා ....
තොගෙ මහ එකා මගෙ අම්මගෙම මූනට උඹ වදලා තියෙන්නෙ පොන්නයෙක් පිම්පියෙක්...තනිකරම වේස බල්ලෙක් කොලු කාරයෙක් කියලා කියන්න පුලුවන් උනත් මනුස්සයෙක්ට අහන් ඉන්න බැරි තරම් අසමජ්ජාති කත කියනකොට යකො මගෙ අම්මගෙ ගැහෙන පපුව ටිකෙන් ටික නැහෙන එක නැවතුනා ජයේ...යකෝ...එදා....මහ රාත්තිරියේ මගෙ අම්මගෙ හුස්ම ගියා...ඒ තොපෙ මහ උන් හන්දා....කියපිය....මගෙ අම්මව මරාගත්තු එකාගෙ පුතාට තවටත් ආදරෙ කරන මම මොන තරම් පව් කාරද කියපන් ජයෙ....
ජයෙ....උඹගෙ අම්මා අප්පා එදා මාව මහ පාර දිගෙ එලවනකොට මිනිස්සු මාව දැක්කෙ අම්බපාලියෙක් ගාවට.....එදා බුදුන්ගෙ දවස අම්බපාලිට ගල් මුල් විසි කර කර ගැහුවෙ කොහොමද ...මටත් ඒ වගේම ගැහුවා ජයෙ...
පටාචාරට හැම දේම නැති උනා වගේ...උඹට ආදරේ කරපු මමත් අවසානෙදි පටාචාරෙක් උනා ජයේ....වෙනසකට තියෙන්නෙ...පටාචාරාට බුදුන්ව හම්බුනාට...මට බුදුන්ව හම්බ නොවී එතනින ගිනි ගන්න හිතට නිවනක් නොලැබි තාම උඹ පස්සෙන් දුවන් එක ජයේ.....
මට හරි මහන්සී ජයෙ...උඹ දන්නවා...මන් මොන ජීවිතයක්ද ගෙව්වෙ....උඹ මාව එදයින් එදාම අතෑරියා නම්...මට කොහොම හරි හිත හදාගන්න තිබ්බා....ඒත් උඹ මොකක්ද කෙරුවෙ....සැරින් සැරේම ඇවිදින් මට ආදරේ දිදී මාව අසරන කරපු එක...
උඹගෙ ගෙදරින් කවදාවත් මාව පිලි නොගන්න හන්දා අවසානෙදි මම මගෙ පිරිමි ආත්මෙ සදහටම ඉගිල්ලුවා ජයේ...මේ සර්වාංගෙ හැම අංශුවක් ගනෙම මං වෙනස් කරගත්තා ජයෙ.....උඹ දන්නවා...මං මොන තරම් නැහුනද කියන්න....ඇයි ජයෙ..මෙච්චර කැපකිරීම් කරපු මාව දැන් මෙහෙම මග අරින්නෙ...
මම උන්නෙ හුස්ම හිරකරගන...මං දන්නෙ නෑ මේසෙ යට ඉන්න මගෙ නිම්නගෙ හුස්ම වැටෙනවද කියන්නවත්....
මට ඒ මූනවත් බලන්න හයියක් තිබුන් නෑ වගේම ජයවර්ධනයගෙ මූන දිහාවත් මට හැරිලා බලන්න හිතක් තිබුන් නෑ...මොකද මට ඒ තරමටම ජයවර්ධනයව පිලිකුල් උනා.....ආදරෙ වෙනුවෙන් මෙච්චර වේදනා උහුලපු නන්දන අවසානෙදි තමන්ගෙ පිරිමි ආත්මෙ මුලින්ම උගුලලා දාලා ගෑනු ආත්මයක් ආරූඪ කරගන්න තරමට ආදරේ කරපු නන්දනීගෙ ජීවිතේ අපායක් කරපු ජයවර්ධනයව මට මෙතනම මරන්න හිතුනා...
නන්දනී.....මගෙ ළමයි දැන් ලොකුයි...මට ඉස්සර වගේ ඔයා ලගට එන්න බෑනෙ...අනික සුචිත්‍රා ඉස්කෝලේ මිස් කෙනෙක්...ඔයා දන්නවා...මට ඉස්සර වගෙ එන්න බෑ....ඒත් එහෙමයි කියලා මට ඔයාව අමතක නෑ.....
ඔයාට මේ හැම දේටම කියන්න පුලුවන් ඔච්චරද ජයේ.....මෙච්චර දුක් විදපු මං වෙනුවෙන් කියන්න පුලුවන්ද ....මගෙ ලගට නාවත් කමක් නෑ..අනේ...රත්තරන් .... දවසට එකම පාරක් වත් මට කතා කරපන් ජයේ.....කෝ ජයේ උඹගෙ පොත් වල තියන ආදරේ.....ඒ අකුරු අස්සෙ තියන ආදරේ කෝ ජයේ...
ඒ මගෙ රස්සාව නන්දනී....එකම දේ ආය ආය අහන්න එපා...මන් කරන්නෙ පොත් ලියන එක..ඒක මගෙ රස්සාව.....මං කවදාවත් උඹට මේ වගේ වෙන්න කිව්වෙ නෑ නන්දනී.....මං කිව්වට උඹට ගෑනියෙක් වෙන්න කියලා ...ඇරත් ...මගෙ කොල්ලයි කෙල්ලයි මගෙ පාරෙ යන්න පටන් අරන්...ඇත්ත....අප්පච්චි කියපු කතාව ඇත්ත...මේ කරුමෙ බෝ වෙන ලෙඩක්.....මේක සාපයක්...මොන නමනින්දාවක්ද....
මං එක පාරක් හැරිලා පිටිපස්ස බැලුවා.....ඌ කිව්වෙ මගෙ නිම්නයි නිම්නගෙ අක්කයි ගැන වෙනකොට ම්ම ඒකගෙ මූන දිහා බැලුවා.....ඌ මෙතනත් කියනවා එක කරුමයක්ලු...බෝ වෙන ලෙඩක් කියලා ..අනේ අර ගැට පිච්ච මල් අමුනන් උන්න ගෑනු කෙනාගෙ ඇස් වල කදුලු පිරිලා ...ඒ ඇස් පුදුම විදිහට අසරන වෙලා....ඒ ඇස් වලින් ඉවරයක් නැතිවම කදුලු වැටෙනවා...දෙවියන් කදුලු වැටෙන්නෙ නැති වේවිද...මෙච්චර අදරේ කරලා ඔය වගේ කතා අහගන්නකොට....
.ජයෙ....
...
පුතා මොකද කියන්නෙ ජයේ....
ඌ හදන්නෙත් උඹ වගේ පිම්පියෙක් වෙන්න....අරකි හදන්නෙත් ඒ පාරෙ යන්න.....
ඔහොම කියන්නෙ ඇයි ජයේ.....ආදරේ කෙරුවෙ උඹයි මමයි දෙන්නම....ඒත්....ඒත් මෙතනදි ඇයි මම විතරක් දුක් විදින්නෙ...ඇයි මටම විතරක් නින්දා කරන්නෙ...මේ ලෝකෙ මහ අසාදාරනයි ජයෙ....ගනිකා මඩම්වල ඉන්න ගනිකාවට බනින්න මුලු ලෝකයක් එකතු වෙනවා....ඒත්.....ඒකිලාගෙ ඇග උඩ නගින්න යන එක හුත්තිගෙ පුතෙක්ට බනින්න එක පකෙක් ඉන්නවද කියපන්....
උඹගෙ කතාව අනුව..මම පිම්පියා....මට කියපන්...ජයේ...උඹ...එතකොට ...උඹ...
උඹ මලෙන් උපන් එකෙක්ද....ඇයි උඹත් මට ඔහොම කරන්නෙ....උඹයි මායි මේ මොහොතෙත් ආදරේ කරනවා...උඹ දරු පවුලට බොරු කියලා මා එක්ක කී අරුරුද්දක් හැමනුනාද කියපන් ජයේ...මට මේ කෙරුවාව ඇති වෙලා.....
දෙයියන්ගෙ නාමෙය කට සද්දෙ අඩු කරපන් නන්දනී...යකො වට පිට උන්ට ඇහේවි....උඹට ඕන මාව ලැජ්ජා කරන්නද...කියපන්....මං ළමයි දෙන්නෙක්ගෙ තාත්තෙක්.....
උඹට දැන්ද ලැජ්ජ...උඹට දැන්ද ජයෙ ලැජ්ජ....එතකොට ...මෙච්චර ...කාලෙකට පස්සෙ..උඹට අදද ලැජ්ජ.....උඹගෙ ගෑනි හරි පව් ජයේ....උඹ මට මගෙ හිත හදාගන්න දුන්නෙත් නෑ...උඹ මේ වගේ කියන්න දන්නවා නම් ඒ ගෑනිගෙ පපුව පැලෙයි ජයේ.....ළමයි හම්බුවෙන්න ඉසිපිරිතාලෙ ගෙනිච්ච දාත් උඹ ඒ ගෑනිට බොරු කර කර මා එක්ක හැමනුනා කියන්නන්දන්නවා නම්....අනේ ඒ අසරනීගෙ පපුව පැලේවි ජයෙ.....
මට මෙතනින් දුවන්න හිතුනා...අනෙ මගෙ නිම්නගෙ හුස්ම හිර වෙලාද කියලා බලන්නවත් මට බැරි උනා... ඒ කියලා මට ඒ මූනවත් බලන්න හයියක් නැති උනා.....අර ගෑනිගෙ දුක කොයි තරම්ද කියනවා නම් ඒක මටවත් අහන්න ඉන්න හයියක් නැති උනා.....මොන අපරාදයක් ද...දෙයියනේ...අනේ මේ මොන අපරාදයක්ද...මූ හැසිරෙන්නෙ සාන්තුරවයෙක් වගේ....ඒත් ජයවර්ධනයා කියන්නෙ මොන තරම් තිරිසන් මිනිහෙක්ද කියන්න කන් වලින් අහපු මට මහ කලකිරිමක් වගේම ඉවසන්න බැරිම තරහක් දැනෙද්දි මන් හරී අමාරුවෙන් ඉවසගන අහන් උන්නා....
..දැන් ඕක ඇති...මං ආවනෙ....ඕක බොන්න...මැනික...මං උඹට ආදරෙයි
ඔයා හැම වෙලාවෙම මෙහෙමයි...මගෙ
කදුලු අවුස්සලා...අවුස්සලා අවසානෙදි මැනික කියලා කියනවා....එක අතකට පන ඇරගන ආදරේ කරන උන් හරි පව් ජයේ.....ගිනි තියලා....ගිනි තියලා...මුලු පපුවම අලු කරලා දාලා අවසානෙදි මැනික කියන වචනෙ කියලා අර ඇවිලුන පපුව නිවලා දානවා....අපිටත් ඒ වචනෙ විතරක් ඇති ජයේ.....
.රන්ඩුව නිවුනා...අනෙ අර ගෑනු මනුස්සයා මෘගයගෙ වචන එක්ක නිවිලා ගියා.....
ජයෙ.....
ම්ම්ම්ම්ම්
නිම්න.....එයා මොනවද කිව්වෙ...ඔයාගෙ තීරනේ මොකක්ද...පව් ජයේ...ඒ දරුවට අපිට කරපු අපරාදෙ කරන්න එපා ජයේ....
..ඒක තමුන්ට අදාල දෙයක් නෙවෙ නන්දනී.....කෑලි කපලා ගෙයි මැද වැලලුවත් මම ඔවුන්ට ඔය ලැජ්ජ නැති වැඩේ කරන්න දෙන්නෙ නෑ.....
ඔයා කිවේ ලැජ්ජ නැති වැඩේ කියලද....එතකොට .....තවමත් උඹයි මමයි කරන්නෙ ලැජ්ජා නැති වැඩක් නෙවෙද ජයෙ...උඹගෙ පොත් වල උඹ හරි ලස්සනට ආදරේ වපුරනවා නොසෑහෙන්න...ඒත් කෝ ජයේ යතාර්තෙ අස්සේ ඒ ආදරේ.....උඹගෙ පොත් අස්සෙ උඹ මවන ප්‍රේම වන්තයො හරි හයියයි ජයේ....මං උඹ මගෙ ලග නැති අඩුව මකාගන්නෙම එ පොත් ඇතුලෙන්.....මං උඹගෙ අකුරු අස්සෙන් ඒ ප්‍රේමවන්තයො එක්ක ආදරෙන් බැදෙනවා....ඒත්....කෝ ජයෙ....ඒ ආදරෙ අකුරු කරන උඹ ගාව ආදරයක් ...
මං කලිනුත් කිව්වනෙ නන්දනී...පොතේ අකුරුයි.....සැබෑ ජීවිතෙයි සෑහෙන්න පරස්පරයි...මං අප්පච්චි කෙනෙක්.....මගෙ ළමයි හැදෙන්න ඕනෙ මගෙ වචනෙ උඩ....උන්ට බෑ මට පිටින් යන්න....මං කිව්වනෙ....කෑලි කපලා මරලා දැම්මත්....උන්ට මගෙන් ඔව්වට ඉඩක් නෑ කියලා ....කොල්ලෙක් නම් ඌ හැදෙන්න ඕනෙ කොල්ලෙක් විදිහට...නැතුව පොන්නයෙක් ජාතක කෙරුවෙ නෑ මම.....
ජයේ දන්නවද...මුලු ලෝකෙම අපිව පිලි නොගත්තත් උහුලන්න පුලුවන් ...මුලු ලෝකෙම අපිට ඇගිල්ල දික් කරල නින්දා කෙරුවත් උහුලන්න පුලුවන් ...ඒත් තමන්ගෙම දෙමව්පියො තේරුම් නොගන්නකොට....පිලි නොගන්න කොට....අවමන් කරනකොට ඒ වේදනාව දරාගන්න හරි අමාරුයි ජයෙ.....කමක් නෑ...මං මීට වඩා මොකුත් කියන්නෙ නෑ...මොකද.....මට උඹ එක්ක රන්ඩු කරලා හරි මහන්සී...මාස දෙකතුනකට පස්සෙ....වැදලා වැදලා උඹව මං ගෙන්න ගත්තෙ රන්ඩු වෙන්න නෙවෙ....එදත් උඹ මාව යන්තන් බලලා ගියා....ප්ලීස් ..අදවත් මා එක්ක ටිකක් ඉන්නවද......අනික..සුචිත්‍රා එනකොට දෙක පහු වෙනවනෙ...ප්ලීස් ...මාව මෙහෙම මග අරින්න එපා ...මග අරිනව නම්...මට උඹව සදහටම අමතක කරන්න දියන් ජයේ.....ඒ කරන්න දෙන්නෙත් නෑ....
රන්ඩු කරන් ගහ මරා ගත්තට මං ආදරෙයි නන්දනී...ඒත් මට උඹ කියන කියන වෙලාවට එන්න බෑ...මට පවුලක් ඉන්නවා...ගෑනියෙක් ළමයි දෙන්නෙක් ඉන්නවා....
ඔව්....උඹට පවුලක් ඉන්නවා...ඉඹ මත්තෙ නැහුන මට....කතා කරලා.වැඩක් නෑ...කොහෙන් කැරකුනත් එන්නෙ එකම තැනට....
එහෙනම් කියවන්නෙ නැතිව ඕක බොන්න.....
හ්ම්...මට ඕකෙනුත් චුට්ටක් දෙනවද...
මෙච්චර වෙලාම වීදුරුව මිරිකන් උන්න මම අවසානෙදි මේස රෙද්ද ඉස්සුවා.....එයා ඉන්නවා.....කෑ ගහල අඩන්න බැරි කමට මගෙ අහිංසකයා අත හපාගන උන්නා...කටින් පිට වෙන ඉකිය නවත්තගන්න එයා එයාගෙම අත හපාගන උන්නා...අනේ ඒ ඇස් රතු වෙලා...මුලු මූනම වෙව්ලනවා....ඇත්ත..එයා කොහොම විස්වාස කරන්නද.....තමුන්ගෙ අප්පච්චි කියන්නෙ මේ තරම් මෘගයෙක් කියන්න නොදන්න එයා අද මේවා කොහොම කියල නම් විශ්වාස කරන්නද.....
මං ආපිට කෙලින් උනා....අඩන්න එපා මගෙ රත්තරනේ කියලා එයාටත් නෑහෙන ගානට මුමුනපු මම ආපිට කෙලින් වෙනකොට අර සාරිය ඇදන් උන්න නන්දනී නැගිට්ටා....
කොහෙද යන්නෙ....
වොශ් රූම් එකට.....සාරි ඇදන් හිරකරන් ඉන්න අමාරුයි ....
හ්ම්...
මං බලාගන උන්නා....අර ගෑනු කෙනා යනවත් එක්කම සාක්කුවට අත දාපු ජයවර්ධනයා මොකක් හරි සුදුපාට කොලයක් ගත්තා...මොකක්ද ඒ...
දෙයියනේ...මේ යකා මොනවද අර අහිංසකග ගැනිගෙ බීම වීදුරුවට හැලුවෙ.....
වට පිට බලපු ජයවර්ධනයට පිටිපස්ස බලන්න අමතක උනා වගේම මූ වොශ් රූම් ගියපු නන්දනී ආපහු එයිද බල බල සුදු පාට කුඩු එකක් අර බීම වීදුරුවට හලලා මොකුත් නොවුන එකා වගෙ ඉනන්කොට මං දඩ බඩ ගාලා සපත්තුව අස්සෙ ඵෝන් එක හංගන් ඉන්න කල්පනයට මැසේජ් එකක් දැම්මා...
"කල්පන.....හදිස්සියක්...අපේ හන්දියෙ වපර සුජියගෙ ජූස් බාර් එකට වරෙන්..."
මේක දැකපු ගමන්ම ඉක්මනට වරෙන් යකො ලත වෙවී ඉන්න නම් එපා.....
මං හිතන්නෙ මගෙ ඇගිලි වලට කරන්ට් එක වැදුනා වගේ වෙන්න ඇති....කල්පනයට මිස් කෝල් ගගහා..ගගහා...මන් කෙරුවෙ මැසෙජ් යව යව අර ගෑනු කෙනා එනවද බලපු එක...අනේ ගෑනි බිව්වත් කොහොම කියලා නවත්තන්නද.....
ඇයි අනූ...කාටද...ඔයා ඔය කොටන්නෙ....
කල්පනයට වස්තු.....කල්පනයට...ඔයිට වඩා නම් මෙතන ඉදන් අඩන්න එපා නිම්න...උඹගෙ නාහෙත් එක්ක බර වෙලා...උඹලගෙ අප්පච්චි අර ගැනු කෙනාගෙ වීදුරුවට මොන මගුල හැලුවද මන්දා වස්තු....මේ හුත්තාට අද ලාදුරුද මන්දා....මෙච්චර මැසේජ් දානකොට මුගෙ කකුල දෙදරන්නෙ නැද්ද....
යකො ඕක බලපන්කො...හදිස්සියක් කල්පන....වරෙන්කො....
මම දෙකට නැවීගන තවත් මැසේජ් එකක් යවනකොට අනේ අර ගෑනු කෙනා ආවා.....දැන් ඉතින් ඕක බොයි.....ඕක පොවලා කොහෙ අරන් යයිද...කාමරේකට....මූගෙ තියන දසවලත්ත කමට දැම්මෙ ව්‍යග්‍රා පෙත්තක් කුඩු කරලද කව්ද ද්න්නෙ...ඒත්..ඒක එයාට දන්නෙ මොකටද....
ඩ්‍ර...ර්
දෙවියො මගෙ මූන බැලුවා.....අනෙ අවසාන විනාඩියෙදි දෙවියො මගෙ මූන බැලුවද කොහෙද ....කල්පනයගෙන් මැසේජ් එකක් ආවා ..
"බේසමෝ කොහෙද යකො අතුරුදහන් උනේ...මං තොපි දෙන්නව හෙව්වෙ නැත්තෙ පිනාගෙ ජොකාගෙ අස්සෙ විතරයි....."
"සැමන් කුමාරයා කිව්වා අපෙ බුංජියට උන ගැනිලා සික් රූම්.ගියා කියලා ....සික් රූම් එකෙන් තොපි හනිමූන් ගියාද...."
" වපර සුජියගෙ ජූස් බාර් එක කොහෙද දැන්...දැන් එතන තියෙන්නෙ මිරිස් මෝලක්නෙ...මෝල්ද තොට...."
"ආ...සොරි...සොරි....සිදුවූ ප්‍රමාද දෝසෙට මාගෙ පූර්න කනගාටුව...අපි ඉන්නෙ ඈත අතීතෙනෙ නේ.....".
අරූගෙන් එකම දිගට මැසේජ් එන හැටි මන් බලාගන ඉදලා ඉදලා බේරුමක් නැති තැන කල්පනයට ආයම මැසේජ් එකක් දැම්මා....
ආවම කියන්නම් ....මගෙයි නිම්න්ගෙයි බෑග් දෙක අරන් වරන් මේ ජයවර්ධනයා ගෙ ගේමක්...
මං එච්චරයි දැම්මෙ....අරූ කොහෙ ඉදන් කොටනවද මන්දා හරෙන තැපෑලෙන් මැසේජ් එකක් ආවා.....
"ආ...අ...ජයවර්ධනයා ...මදර් පකර් ...ඔක්කොටම කලින් මට කියපන් ඔය කුත්තර බච්චා අපෙ චූචි බුංජියට හිංසාවක් පීඩාවක් කෙරුවද කියලා ...ඇත්තමයි මයුරයා. ඕකා අද තමයි මේ කල්පියගෙ හැටි දැනගන්නෙ....විනාඩියක් දියන්.....බඩු ඔතන ....පරිස්සමින් ඉදපන් victorygrowth මේ කල්පනයා හොදට හොදයි...නරක අන්තිම නරකයි.....සට පට සත්ත පඩි වෙලා ඇට කොස් ඇට වෙන්න දෙන්නෙ...මං එන්නම්...මේ එනගමන්"
මන් කල්පනයගෙ මැසේජ් එකදිහා බලන් උන්නා.....ඔක්කොම පැහැදිලියි....මේ victory growth ???මන්දා මුගෙ අපබ්‍රංස මුටම හොදයි.....
මේක බොන්න මැනික...කූල් එක ගියහම මෙලෝ රසක් නෑ.....
මං මේසෙ යට උන්න නිම්න දිහා බලලා ආපහු ජයවර්ධනයා දිහාවට කන දැම්මා...මූ අර පහාර වැඩේ කරලා අර අහිංසක මනුස්සයට ආදරේ කරන විදිහ ..ඇත්තටම නන්දනී හරි...ජයවර්ධනයා උගෙ පොත් අස්සෙ ආදරේ වපුරනවා....ඒත්....උගෙ සැබෑ ජීවිතෙයි පොත් අතරයි හදට වඩා දුරක් තිබුනා.....
අපි දැන් කොහෙද යන්නෙ ජයෙ....
ගෙදර ....
.ගෙදර ....කාගෙ ...ඔයාලගෙ....
හ්ම්....ඔයාට පෙන්නන්න දෙයක් තියනවා....අලුත් පොතෙ ප්ලොට් එක...
අලුත් පොතෙ....කවුරු ගැනද ලියන්නෙ ජයේ
මං උන්නෙ බයවෙලා වගෙ.....අරූ අච්චර දෙයක් කරලත් මොකුත් නොවුනා වගෙ ඉදන් අර ගෑනු කෙනාව ගෙදර එක්ක යන්න හදනවා. ...
ජයෙ හදිසියෙ වත් කවුරුත් එයිද .....
ඔය විදිහට ඉන්නකොට කවුරුත් අදුනන්නෙ නෑනෙ ....මට ඒක ඔයාට පෙන්නන්නම ඕනෙ...මොකද ...ඒකෙ ඔයත් ඉන්නවා....
මොකක්...මමත්...අනේ..ජයෙ.....ඔයා මොකක්ද මේ පාර ලිව්වෙ....
උඹගෙ මගෙ ආදර කතාව.....
මං අහගන උන්නා...මූ මේ කියන්නෙ.අර එදා මට දුන්න පොත ගැනද...????
"මං තව විනාඩි දහයෙන් ඔතන.....යුනිෆෝම් පිටින් මුගෙ පස්සෙ පන්නන්න බැරි හන්දා මං ළඟ ගෙදරක කම්බි වැටක වේලෙන්න දාලා තිබ්බ ටීශර්ට් තුනකුත් උස්සන් ආවා..කරුමෙට එකක සරුංගල් තටු වගේ එල්ලෙනවා..ඒක අපි බුංජියට අන්දවමු....."
ජයවර්ධනයා දිහා බල බල කල්පනා කර කර උන්න මගෙ කල්පනාව එක පාරම අතේ තියන ඵෝන් එක උදුරගද්දි මම කල්පනගෙන් ආව මැසේජ් එක බැලුවා...මූ හදන්නෙ රෙදි හොරකමේ ගිහින් ගුටි කන්න...එහෙන් අර යකා තාම ලොටෝනවා.....
මගෙ බීම එක ඇල්ම වෙලා ගිහිල්ලා....අනේ පව් මගෙ කොල්ලා දැන් වරුවක් තිස්සෙ මේසෙ යට....අර ගෑනිට මොනවද මන්දා බීම එකට දැම්මත් තාම මොකුත් උනෙ නෑ.....
මූනෙන් හැගීම් එලි නොදා උන්නත් මොකද ජයවර්ධනයගෙ කටින් පිට උන වචනයක් මගෙ පපුව අමු අමුවෙ ගිනි තියලා දානකොට කොච්චර ඉවසන් උන්නත් මගෙ පපුව නිනක් පුපුරපු විසුවියස් කන්ද වගේ දැනුනා...
කෑලි කපලා ගෙයි ඇතුලෙ වැලලුවත් ඔව්වා කරන්න දෙන්නෙ නෑ...මේ තිරිසනා කිව්වෙ එහෙම....අනේ....රත්තරන් ....ඒක නම් වෙන්න එපා නිම්න....උඹ දැනටමත් නෑ කියන්න දන්නවා...ඒත් මේ ඇස් උඹව ඔය විදිහට දකින්න ඒ තරම් පව් කරලා.නෑ කියපන් මගෙ නිම්න...
මගෙ පපුව පැලෙයි බන්...උඹව හම්බ උන දා ඉදම්ම මට පැලෙන්න පපුවක් නෑ....ඒත් මං ඉවසනවා කියලා කොච්චර නම් ඉවසන්නද නිම්න....හමුවෙන්න පින් තිබ්බට...කෝ රත්තරන් අපිට හිමි වෙන්න පිනක්.....
අනේ ඇයි බන් අපිට මෙහෙම උනේ....ඇයි මගෙ නිම්න...අනේ ඇයි බන් ඒ.....මං එදා ඇහුවා වගේම අදත් අහන්නෙ...ඇයි නිම්න.....පටන් ගන්නත් කලින්..මගෙ අහසින්.දුරුතු හද කඩන් වැටුනෙ.....මේ ඇස් ඒ තරම්ම පව් කරලද බන්.....ඇත්ත....නන්දනීගෙ කතාව ඇත්ත...මුලු ලෝකෙම උන් උඹව තේරුම් නොගත්තට කාරි නෑ...අනේ...අම්මා අප්පා තේරුම් නොගත්තොතින්.....
මං මගෙ නලල අත් දෙකෙම්ම මිරිකන් මේසෙය වාරු වෙනකොට ජයවර්ධනයා හිටු කියලා මුමුන මුමුන පෙම් බස් දොඩවනවා.....
අම්මෙ....අයිස්කීමුත්...දාන්න කියන්නකො.....
අයිස්ක්‍රීම් හොද නෑ....ඩොක්ටර් අංකල් මොනාද පනු බේත් දෙනකොට කිව්වෙ....
ඒ ඉතින් පනුවන්ටනෙ....මට නෙවෙනෙ...උන්ට අයිස්කීම් හොද නැති උනාට මට හොදයිනෙ අම්මෙ
ඔයාටත් හොද නෑ....දැක්කනෙ අර මයුරට කූල් බීලා...බීලා...දැන් උන ගැනිලලු...ඔයාටත් ඒක තමයි කියන්නෙ....එපා කියලා ....
ඉතින්....මං බේත් බොනවනෙ නේ අම්මෙ...අම්මගෙ කුක්කු බෝලෙ බේත් බොනවනෙ නෙ අම්මෙ.....අම්මෙ...පනුවන්ට අයිස් කීම් කන්න එපා කියලා කෑවොත්....ඒත් උන් ඒවා කයිද අම්මෙ....
ලමයො....පනු බේත් බිව්වෙ කවදද....
මට මතකද.....නෑනෙ.....බොරු කියලා ....පනු බේත් පොවාගත්‍තා...දැන් අරන් දෙන්නෙ නෑ...ඇත්තමයි ....අරන් දුන්නෙ නැත්තන්....මං...හෙටත්...ඉස්කෝලෙ ගිහින් මට එහාපැත්තෙ ඉන්න සසිදුවට ගහනවා....
හෙටත් මට ඉස්කෝලෙට එන්නද...?මුරන්ඩු කම්.කරන්න එපා.ඇත්තමයි.අම්මා කොයි වෙලේක හරි අල්ලන්.ගහනවා ඔයාට ආ...
මං ගෙදරින් යනවා යන්න...කන්න දෙන්නෙත් නෑ.....හැමදාම මාව ඉස්කෝලේ යවනවා....අද විතරක් යන්න හෙට යන්න එපා කියලා ....හැමදාම.ඉස්කෝලේ යවනවා....ඇයි අම්මෙ...හැමදාම යවන්නෙ...ඇයි ඒ.....
ආ මේක බොන්න...
කෝ...ඉතින්..අයිස්කීම්...
ඒවා ඕන් නෑ..ඒවල.පනුවො
පනුවො අහක් කරලා කන්නම් ඉතින්....
කල්පන...මුරන්ඩුකම් කරන්න එපා ලමයො...ලාමයිට ගහලා හැමදාම නඩු අහන්න ඉස්කෝලේට යන්න ඕනෙ...මේ කී වෙනි දවසද
ඉතින් ඌ මගෙ කට පෙට්ටියක් වගේ කිව්වේ ඇයි.....මගෙ කට පෙට්ටියක් වගේද අම්මෙ....ඇයි ඒ...ඇයි ඔයාට බැරි උනෙ වෙන කටක් දෙන්න.....මට මෙ කට එපානෙ අම්මෙ...වෙන කටක් අරන් දෙන්නකො.....
මන් උන්නෙ මගෙ ඔලුව.මේසෙට ගහගන පපුව පාරවන මහ වේදනාවකින්.වෙද්දි පොඩි එකෙක්ගෙ ඈඩියාවක් ඇහි මන් ඔලුව උස්සලා බැලුවා විතරයි ..මගෙ දුක වේදනාව කොහෙන් ගියාද නැති උනා....
දෙවියනේ...කල්පනයා.....පොඩි පඩත්තරයා ..මූ මොකද ඉස්කෝලේ ඇදුම පිටින්....
මං බලාගන.....ඌට නගින්න උස නැති උසම පුටුවකට උන්ගෙ අම්මා කල්පනයව උස්සලා ඉන්දුවම කකුල් වන වන අරන් දීලා තියන බීම එක අත් දෙකෙම්ම.බදාගන බොන කල්පනයා අනිත් පාර ඌට වෙන කටක් අරන් දෙන්න කිය කිය නහයෙන් අඩනකොට කාගෙ වෙලාවටද මන්දා මහ පඩත්තරයත් ඉස්කෝලේ කලිසමට අනුන්ගෙන් හොරකම් කරපු ශර්ට් එකක් ඇදන් කගවේනා වගේ ඇතුලට ඇවිදින් මාව හොයනකොට මං හොරාවට අත වැනුවා...මූ කඩාගන වගේ මහෙ දිහාවට ආවා.....මරු.....දැන්...කල්පනයලා
දෙන්නයි.....
මයුරයා....
ශ්ශ්...ශ්...හෙමින්....
කෝ අපේ චූචී බුංජියා
මේසෙ යට....වැඩිය සද්ද දාන්න එපා බන්...අර එහා පැත්තෙ අරකා....
ආ..ආ....හරි සෝක්....වෙරි බියුටිපුල් ....අර ඉන්නෙ නාකි මනමාලන් නේද.....ම්ම්ම්...හරිම අනාන්ද ජනකයි ජොනී සීන්ගෙ හැසීරීම් කලාපෙ.....
ම්ම්ම්....කල්පන...මූ අර ගෑනු කෙනාගෙ බ්ම එකට මොනවා හරි හැලුවා බන්...
අම්මෙ....මේ ඇතිනෙ...මේකෙ සීනි නෑනෙ.....කුක්කු බෝලෙගෙ බීම එකට විතරක් ඇයි අම්මෙ සීනි මදි...ඇයි එ....පනුවන්ට සීනිත් හොද නෑ කිව්වද අම්මෙ.....
ඔය සීනි ඇති ඕනාවට වඩා සීනි බීලා ආච්චිට වගේ සීනි එන්නද
ආච්චිට වගේ මටත් සීනි ආවොත් දත් කැඩෙයිද අම්මෙ...ඇසුත් පොට්‍ට වෙයිද...ආ අම්මෙ....එතකොට මටත් රතු බත්ද අම්මෙ කන්න වෙන්නෙ...ආ අම්මෙ....රතු හාල්ද මටත් උයන්නෙ.....
මම කිය කිය උන්න එක බාගෙට නවත්තන්න උනා...මෙච්චර වෙලාම සාමකාමිව තිබුන කඩේ පොඩි කල්පනයා ආවා විතරයි පලස්තීනයක් වෙලස් යනකොට උගෙ බීම එකට සීනි මදි ගගා ආයම කියවන්න ගන්නකොට එක පාරටම නිච්චියක් උනෙ නැති කල්පනයා ඌටම බනින්න ගත්තා
අර අතන ඉන්න පොඩි ජඩයා ගන්ටාරයක් ගිලලද මන්දා මයුරයා....උඹ මොකක්ද කිව්වෙ බන් ඇහුනෙත් නැ අරු අම්මෙ හුම්මෙ ගගා නාහෙන් අඩනවා ඇත්තමයි මේ පොඩි පගයිගෙ කටවල් තනිකරම වක්කඩ වගෙ....
උඹට පොඩි කාලෙ අම්මා මොකා කියලද කිව්වෙ...
ඇයි....ඒ තරම්ම නිච්චියක් නෑ...කුක්කු බෝලෙද...සීනිබෝලෙද ඔහොම නමක් බන් මට මීටර් නෑ...ඒක ඇයි දැන් මෙතනට...
උඹට ඒ පොඩි ජඩයා මොකාද කියලා අදුනගන්නම බැරිද කල්පනයා .....
මං මේසෙ යට උන්න පොඩි නිම්නට කල්පනයගෙ බාල කාලෙ පෙන්නන ගමන් අරූගෙ මූන දිහා බලනකොට කල්පනයා එක අතකින් කට වහන් මගෙ දිහා බැලුවා ...
මයුරයා....ඒ කොළඹ කාක්කා වගෙ කෑ ගහන්නෙ කල්පනය නේත යකෝ....යෝහ්...අම්මගෙ කුක්කු බෝලෙ මොකද මේ අවේලාවෙ ඉස්කෝලෙන් ඇවිත් තියෙන්නෙ....අදත් කාට හරි මොකකින් හරි කෙලලා ඇරලාදෝ.....
ම්ම්....සසිදු කියලා එකෙක්ට උඹ ගහලා ....ඒකයි ඔය හාෆ් ඩේ දීලා තියෙන්නෙ.....
කල්පනයගෙ මූන මට හපන් උනා.....මීට කලින් චූටි මයුරයා හන්දා රෙදි ගලවගත්තු මන් දැන් කල්පනයා දිහා බලන් ඉන්නවා.....උගෙ කට සිල්ලූඩියක් වගෙ.....කකුලකුත් වන වන හෙන බීම වීදුරුවක් ගහපු මෑන් උගෙ ශර්ට් කොලර් එකෙ කටුවක් ගහලා එල්ලලා තිබ්බ ලේන්සුවෙන් කට පිහාගන ඌන්ගෙ අම්මා දිහා බැලුවා ...
චූ බරයිනෙ අම්මෙ.....
ඔහොම ඉන්න ඔහොම ඉන්න අහල එක්ක යන්නම්....
කලිසමෙ යන්න වගේනෙ.....අම්මෙ....කල්පනට කලිසමෙ යන්න වගේනෙ.....ඉක්මන් කරපියෝ....මං කිව්වා....පනු බේත් දෙනකොටම මං කිව්වා..ඔව්වට චූ බරයි ජී බරයි එනවා කියන්න ....
.
කල්පනයට විතරයි චූ බර හැදිලා තිබ්බෙ....හැබැයි ඌ ඒක කියපු සද්දෙට අපි ඔක්කෝටම උගෙ චූට චූ බරක් ඇවිත් කියන්න දැනගන්නකොට මගෙ ළඟ උන්න ක්ලපනය මේසෙට ඔලුව ගහගත්තා
මූ මගෙ නම්බුව කනවා හාලි කුයින් වගෙ ගමටම ඇහෙන්න චූ බරයි කියනවා මයුරයා .....කට අල්ලා ගලක උලන්ඩ ඕනා ඕකගෙ...යෝ...චූචි බුංජියත් මේවා දකිනවා....
කල්පනා උගෙ කුඩා අවදිය ගැන නොසෑහෙන්ඩ ලැජ්ජ වෙනකොට මෙච්චර වෙලාම හොර හොරාවට පෙම් කෙල කෙල උන්න ජයවර්ධන නන්දනී කපල් එක යන්න නැගිටිනවත් එක්කම මං කල්පනයගෙ ඉලේකට ඇනලා ජයවර්ධනයව පෙන්නනවත් එක්කම ඌත් මා එක්ක හොරාවට ජයවර්ධනයා දිහා බැලුවා ...
ජයේ ...ආ....හ්...
බලාගන ප්‍රවේසම් ලමයො....බැරි මගුල් ඇදන් එනවා ...
නැ ජයෙ....මගෙ ඔලුව....මගෙ ඔලුව කැරක්නවා වගෙ...
මංහිතන්නෙ අව්වට....අපෙ ගෙදර ගිහින් චුට්ටක් නිදා ගම්මු....එතකොටයි ඕක ඇරිලා යාවි.....එන්න යමු....
මයුරයා...අරුන් එලියට යනවා.....අපිත් නැගිටිමුද.....
පොඩ්ඩක් ඉදපන්...කාර් එකට නගිනකන්....මුන් ඔය යන්නෙ ගෙදර ...නිම්න ...වස්තු එලියට වරෙන්...ඉක්මනට වරෙන් ....
හිතුවා හරි ජයවර්ධනයා නන්දනීගෙ බීම එකට දාලා තියෙන්නෙ මත් කුඩු එකක් වෙද්දි මොකුත්ම නොදැන බීම එක බීපු අහිංසක ගෑනි ගියේ විසිවෙවි වෙනකොට මම් මේසෙ යට උන්න නිම්නව ඇදලා එලියට ගත්තා වගේම ජයවර්ධනයා ගෙ කාර් එක හරවන් යන්න යනවා එක්කම අපි තුන් දෙනත් නැගිටන් දොරකොඩ ලගට දිව්වා...
මයුරයා ...මොකද කරන්නෙ....
නිම්නගෙ ගෙදරට යමු...මූ මොන මගුල කරන්න.යනවද දන්නෙ නෑ.... ගිහින් ත්‍රී වීල් එකක් කතා කරන් වරෙන් මං සල්ලි දීලා එන්නම්.....
අනු...එතකොට...මම....මම කොහෙද යන්නෙ.....
කොහෙ යන්නද අපිත් එක්කම යමු.....අර මනමාලන් හදන්නෙ අර ගැනිට මොකක් හරි කරන්න...අරන් ගියෙ මරන්නද දන්නෙත් නෑ... .
අනේ...මයුර.....
වස්තු බය නම්...ඉස්කෝලෙට පලයන්...නැත්තන් මා එක්ක වරෙන්.....දෙකෙන් එකක් තෝර ගනින් නිම්න....
.ඔයා...එක්ක...එන්නම්.....මයුර...
මෙච්චර වෙලාම අඩලා උන්න ඒ ඇස් දෙක ඉදිමිලා රතු වෙලා තිබුනා.....ජයවර්ධනයා ගෙ හැසිරීම කතා විලාසෙ කිව්වෙම මොකක් හරි නරකම දෙයක් වෙන්න යනවා කියන එක වෙද්දි බය වෙලා උන්න මගෙ නිම්න මා එක්ක එන්නම් කිව්වා විතරයි මං කොල්ලව අල්ලන් එලි බහිනකොටම ත්‍රී වීල් එකක් අරන් එන්න ගියපු කල්පනයා එලියෙ ඉදන් කෑ ගැහුවා ...හැබැයි මටයි නිම්නටයි කලින් තව එකෙක් ඉස්සර උනා....
මම ඔලුවට අත ගහගන්නකොට ජයවර්ධනයටත් වඩා පොඩි කල්පනයට බය උන නිම්නගෙ ඇස් දෙක එලිය පනින්න හැදුවා
මයුරයා වරෙන්....බුංජියො....වරෙල්ලා...
වරෙල්ලා....අරූ ගියා...ඉක්මනට වරෙව්....
අම්මෙ....අපෙ....රතු පාට තී වීල් එක ඇවිල්ලා.....අම්මෙ....අර...අපේ....තී වීල් එක...
කල්පන.....ඕක අපෙ නෙවෙ.....ඕක...අපේ එක නෙවෙ...ලමයො...සල්ලි ගෙව්වෙ නෑ..කොල්ලො..ඕක අපේ එක නෙවෙ.....කල්පන....දුවන්න එපා කොල්ලො.....වැටෙයි කල්පන...
අම්මෙ.....හ්හ්...මෙන්න.....අම්මෙ....හ්හ්...අපේ...තී විල් එකට වෙන මිනිහෙක් නැගලා.....අම්මෙ....හ්....හ්හ්.....මෙන්න අම්මෙ....හොරෙක් ...නැගලෝ...අම්මෙ......හ්හ්හ්
මිනිහෙක්.....කව්ද බොල මිනිහා... දුහපිය අම්මා ගාවට...!!! හයියෙන්....හයියෙන් දුවපිය!!!හොරාලු....ගත්තනෙ මං උඹගෙන් මොනව හරි දුවපිය පොඩි ගස් බල්ලා ආව මෙතන ...මයුරයා වර නැගපිය....ඕකා මං නෙවෙ ....වෙන කාක්කෙක්....ජයා යනවා ඇති....වරෙල්ලා .....ගැටපිච්චෙව බේරගන්න තියන අවසානම අවස්ථාවයි රට බේරගන්න තියන අන්තීමට අවස්තාවයි මේක වෙන්න ඇති....වරෙන් මයුරයා ...වරෙන්..
වස්තු වරෙන් යන්න.....!
🤭ආයම එනකන් පයිස්සමින් ඉන්ඩො
ආතරෙයි ....
මං ජොබී
Nedeesha
.