Cherreads

Chapter 5 - 05

සයාශ් කට පියවනවා...මගෙ ඉස්සරහා උන්න හෙඩා ඒකා ගාව තිබුන පන්සිය පන්ස්ජාතකයක් තරම්.ලොකු පාස් පේපර්ස් පොතෙන් මේසෙට ගහන ගමං මට කෑගැහුවා....නිකන් නෙවෙ අනිකටත් රවාගන...රවාගන විතරක් නම් බැරියෑ...දත්මිටි කාගන.....

ම්හුක්....මූ එක්ක බෑනෙ ...මාවමනෙ කන්න හදන්නෙ...ඇරත් මූට අපි දෙන්නව බලාග කිව්වෙ ඉස්කෝලෙදි විතරනෙ...මෙහෙ නෙවෙනෙ....

මට තරහා ගියා..මටත් තද උනා.....හෙඩා අපිදෙන්නටම බනින ගමන් රවාගන ඒකගෙ පොතට ඇස් දෙක ඔබා ගන්නකොට මම මගෙ පොතේ පිටීම පස්සෙන් රූලක සයිස් කොල කෑල්ලක් ඉරා ගත්තා...

077 6014383

Please call me...

මං හිමීට කුරු ගෑවා..නිකන් නෙවෙ...එයාට මට කතා කරන්න කියන එකත් ලිව්වා...මොකද දැන් ඉදන් ඉන්න වෙන්න ගොලු බේත් බීලා වගේ හන්දම මම මගෙ නම්බර් එක ලියපු කොල කෑල්ල අතේ තියාගන හිමින් සැරේ මේසෙ යටින් කකුල දාලා අර කොල්ලට ඇන්නා ....

ම්හුක්...කෝ...බලන් නෑනෙ.....

පව් පව් ..අනින්න හොද නෑ...අපි හිමීට චුට්ටක් මගෙ කකුලෙන් ඒ කකුලට පොඩි ටච් එකක් දාමු....

කක්කුට්ටා වගේ උන්න මම මගෙ අඩු දෙක එහා මෙහා කෙරුවට අනිත් උන්ගෙ ඇස් වලට පේන්න පුදූ.....ම සංවර කමකින් පාඩම් කෙරුවා ...ඒ උනාට මේසෙට යටින් තිබුන මගෙ අඩු දෙක අර අයියගෙ කකුල උඩ ඩෙගා නැටුවා...

ඇයි අඩේ...මුගෙන් මීක් සද්දයක් වත් නැත්තෙ....

එක්කො මූට ඉනෙන් පහල පන නැද්ද...

දැනෙන්නෙ නැද්ද....

ලාදුරුද .....

නොම්බරේ දීගන්න විදිහක් නැති මම අර අයියගෙ කකුල මගෙ යටි පතුලෙන් කූරු ගාන ගමන් හීමීට උගෙ මූන දිහා බැලුවා..ඌට ගානක් වත් නෑ....අනේ...අසරනයා....මුගෙ ඉනෙන් පහල පන නෑ තමා...නැත්තන් අඩෙ..මගෙ කකුල මං දැන් උගෙ කකුල උඩ කොච්චර වෙලා තියන් උන්නද...බැරිම තැන මං ඒකගෙ කලවෙ උඩටත් කකුල තිබ්බනෙ...

පව්...මොකක් හරි ඇක්සිඩන්‍ට් එකකින් ඉනෙන් පහල පන නැතුව ඇති...ඒකයි දැනෙන්නෙ නැත්තෙ ...

අනේ ඒ අම්මා තාත්තාට මූ ගැන කොච්චර දුක ඇතිද...නෑ ඉතින් මං කියන්න දෙයියනේ...මෙහෙ ඉතින් මිනිස්සු පිස්සො පිහාට්ටො වගේනෙ වාහන වල යන්නෙ....

කිසීම හැගීමක් නැතුව මොකක්ද අදින අයියගෙ පොතට මං බෙල්ල දාලා බැලුවා...ආ...පුරුස ලිංගික පද්දතිය අදිනවා.....කොච්චර ලස්සනට රවුම් කරලා ඇන්දත් ඕකෙන් එක ඇටයක් පොඩීනෙ....අපරාදෙ...

කොල්ලගෙ පොතට එබුන මම ආයම මගෙ පොතට එබෙන්න හදනකොට මං බලාගම හෙඩා මාව අමුවෙන් හමගහන්න වගේ බලන් ඉන්නවා....

ඒ මොකද ඒ...ඇයි යකො...මේක හරි මගුලක් උනානෙ.....

මම හෙඩා දිහා බැලුවා....ඒකගෙ එක කනක් රතුම රතු වෙලා ගිහින් ...ඇලජික් එකක් වත්දෝ දන්නෙ නෑ....දලඹුවෙක් වත් වද්දගනද....එක අතකට උඹට හොද වැඩෙ මටයි ලොකුවටයි කරන අපරාද වලට...

සයාශ්.....

කනක් ගිනි රතු කරන් මාව මරන්න හදපු හෙඩා අනිත් පාර දත් මිටි කාගන වගේ කතා කෙරුවා ..කොටිම උගෙ උඩු තොලයි යටි තොලයි යන්තන් හෙල උනා විතරයි ...

ඇ...යි....

රවාගන යකාට ඇදගන උන්න ඒකා සයාශ් ගානකොට මං අනිත් උන්ට නෑහෙන්න ඇයි ඇහුවා....

තමුන්ට මොනවද වෙන්න ඕනෙ....

ම්..මට...මට මොකුත් වෙන්න එපා...

එයා අහනව මට මොනවද වෙන්න ඕනෙ කියලා...මට මොනවා වෙන්නද...ඒක හරි මගුලක් උනානෙ...මට මොනවද වෙන්න ඕනෙ අහන්න එයා කව්ද..මගෙ තාත්තද?

මගෙන් මොනවද වෙන්න ඕනා අහපු හෙඩා අනිත් පාර කෙලිම්ම මේසෙ යට දිහා බලාගන උන්නා...ඇයි ඇට වැටිලද දන්නෙ නෑ මේසෙ යටට....

එකා රවාගන කන්වලින් දුම් පිටකරගන මේසෙ යට බලනකොට මාත් මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න මේසෙ යටට ඇස් දෙක දැම්මා විතරයි මට උඩ ඉන්න තිස් තුන් කෝටියම එක පාරම ගල් ගැහුවා වගේ උනා...

අනේ....සන්තෝ..මගෙ වරත්තු අන්ඩ....

හරිම අගෙයි...හරිම අගෙයි...ඔය කරලා තියෙන්නෙ....

මාව රත් උනා...හරියටම සක්කරයගෙ අර පඩුකුල් ආසනේ ගිනි ගන්නවා වගෙ මගෙ පුටුවත් රත් වෙන්න ගත්තා .....මගෙ කකුල...මගෙ කකුල තිබුනෙ කෙලිම්ම හෙඩගෙ කලවෙ උඩ.....අනෙ දෙයියනෙ අරූට ඉනෙන් පහල පන නෑ ගගා දෙස් දෙවොල් තිබ්බට මම කකුල තියලා තියෙන්නෙ හෙඩාගෙ කකුල උඩට වෙනකොට මාව මෙතනම මැරිලා යන්න ආවා වගේම මම පපුවට අතකුත් තියා ගත්තා .

ගන්නවා කකුල....

ආ.ආහ්...ආ..අ..ස්..සමා..සමාවෙන්න..මං...මං....හිතුවෙ නේ අයියගෙ කියලා

අරූ අහරෙන් ආයම ගිගිරුවා...ගන්නවා කකුල කියන ගමන් ඒකා මගෙ කකුල එයාගෙ කකුලෙන් ගසනවා එක්කම මම පුටු පෙරලගන නැගිට්ටා ....අනිත් ඔක්කෝම කොල්ලො ටික මා දිහා බැලුවා....ඒ මදිවට මීට කලින් හිටි ගමන් අතුරුදහන් උන චූටියත් ආවා...

චූටි මොකද දගලන්නෙ...

අ..ආ..නෑ...චූටි අයියෙ...මං මගෙ කාමරේටම...කාමරේටම...යන්නම්.....

මේසෙ උඩ තිබුන පොත් ටික ගත්තු මම වැටුන පුටුවත්න්කෙලින් කරලා මගෙ කාමරේට එන්න හදනකොට මං බලාගන අරූ උගෙ රතු උන කන අතකින් පිහිදගන ඒ කන අතකින් වහගත්තා .....

ඌට මාව ඇලජික්ද???

අයියෙ....

කියන්න....

යන්න කියලා පොත් ටිකත් අතට ගත්තු මම අවසානෙදි අර මට පාස් පේපර්ස් පොතක් ගෙනත් දෙන්නම් කියපු අයියට කතා කෙරුවා .....

අයියෙ...මේකට මැසේජ් එකක් දාන්න...මං ගෙදර ගියහම විස්තර අහගන්නම්...

හා ..මං ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්නම්.....

මං එයාට මේසෙ දිගේ එයාට නම්බර් එක යැව්වා .....ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්නම්.කියපු එයා නම්බර් එක දිහා බලලා ඒක සාක්කුවෙ දාගන්නකොට මං බලාගන මීට කලින් කනක් වහගන ආපහු මොනවද ලියන්න ගත්තු හෙඩා අර කොල්ල දිහා ඇස් පිල්ලමක් වත් නොගහා බලාගන උන්නා වගේම ඒකගෙ අතෙ තිබුන රතුයි කලුයි නටරාජ් පැන්සල එක පාරම දෙකට මැදින් කඩලා ගියා .....

මේක හරි මගුලක් උනානෙ....ඇයි යකො...මං හොරෙන් කතා කෙරුවත් අමාරුයි ...අමෝර්...අමෝර්...නාසා එකට යන්න වෙන්න ඇති ඉන්නෙ...

මං එන්න ආවා..එක මොහොතක් නොරැදීම මම මගෙ කාමරේට එන්න ආවා...සනාශ් එන්නත් වෙලා තියනවා..පව්...ඌ කෑවද දන්නෙ නෑ...

මන් ඌයි මායි දෙන්නම නිදාගන්න ඇදට පැන්නා....

නේවි නිල් පාට ඇද රෙද්දක් දාපු ඇදේ දෙන්නට කොට්ටා දෙක දෙක හතරක් තිබ්බා... තනි අලුපාට කොට්ටා දෙකයි ...තනි කහපාට කොට්ටා දෙකකුයි ..එකක් ඔලුවට.....අනික කකුල් දෙක අස්සෙ ගහගන්න....අරූගෙත් එකක් ඔලුවට අනික ඌත් මං වගේම කකුල් අස්සෙ ගහගන්න.....ඒක අපි දෙන්නටම පුරුදු දෙයක්....කොට්ටෙ කකුල් අස්සෙ ගහගත්තම ඒකෙන් එන රස්නෙ‍ට අපි දෙන්නට සනීපෙට නින්ද ගියා ..නැත්තන් කොට්ටෙ නැති දාට අපි දෙන්ම කකුල් දෙක අස්සෙ අත් දෙක ගහගත්තා ...නැත්තන් උගෙ කකුලක් මගෙ ඇගේ...මගෙ කකුලක් උගෙ ඇගේ...කොහොම කොහොම හරි අපි දෙන්නා සමාදානෙන් නිදාගත්තා වගෙම bl එකක් බලපු හැමදාකම අපිදෙන්න හැමදාම මූනින් අතට නිදාගත්තා ..මොකද ඒකෙ ඉන්න උන්ගෙ ඇද රෙදි ඉහල පහල ගියපු හැමදාකම අපි දෙන්නත් නොසෑහෙන්න අසරන උනා.....

.

පාඩම් කෙරිල්ල සම්පූරනම පැත්තක දාපු මම අඩ බෙලි අතට ඇදේ වැටීගන ඔහේ උන්නා.....තනි සුදුපාට ගාපු සිවිලිමෙ එක කොනක පොඩි මකුනු දැලක් බැදල තිබුනා...මට එහෙම්ම අම්මව මතක් උනා.....

අම්මා වැඩද දන්නෙ නෑ....

පැත්තක තිබුන ඵෝන් එක අතට ගත්තු මම වෙලාව බලලා ඇගිලි වලින් අම්මගෙ වෙලාව ගනන් කරලා එහෙම්ම අම්මට මැසේජ් එකක් දැම්මා...

අම්මියෙ.....වැඩද....

"අම්‍මියෙ..." පොඩිකාලෙ කතා කරපු විදිහටම මම වගේම සනාශුත් තවම අම්මට අම්මියෙ කිව්වා...අවුරුදු ගානක්....අවුරුදු ගානක් අම්මා අපි ගාව ඉන්න නැතුව ඇති....අම්මා අප්පච්චි අපි දෙන්නව දාලා යනකොට අපි දෙන්නම අඩුම පහෙ වගේ වෙන්න ඇති....ආදරෙව් කරන්නම ඕන වයස...හුරතල් වෙන්නම ඔනා වයස....අම්මා අප්පච්චි ළඟ උන්නෙ නැති නිසාද මන්දා ඌයි මායි පුදුම තරම් අපිට ලගයි....

මොනව කරන්නද...අම්මයි අප්පච්චි ගුය නිසනෙ අපිට ඉන්න ගෙයක් වත් තියෙන්නෙ.....තුන් වෙල බඩපිරෙන්න කන්නෙ.....ඒත්...අපි එයාලා එවන සල්ලි වලින් තුන් වේල බඩ පිරෙන්න කනවා....මාස හතර පහකට සැරයක්...නැත්තන් අවුරුද්දකට සැරයක් මුලු ගේම රට සුවදින් වැහිලා යන බඩු පෙට්ටි එනකොට මටයි ලොකූටයි හැමදාම අවුරුදු වගේ දැනුනා....

නොදන්න කමට නොතේරුම් කමට අම්මා අප්පච්චි කතා කරන වාරයක් ගානෙම අම්මියෙ මේක එවන්නකො...අප්පච්චි මේක එවන්නකො ගගා අපි දෙන්නා පොර කෑවට පස්සෙන් පහු වෙන්න පහු වෙන්න අපිට රට චොකලට් රසවල පැනි රස වෙනුවට ලුනු රස දැනෙන්න ගත්තා .....ඉස්සර වගේ බඩු පෙට්ටියක් කඩනකොට එන සබන් සුවද රට සුවද වෙනුවට දාඩිය සුවද දැනෙන්න ගත්තා ...

කොටිම්ම...අම්මා අප්පච්චි විදින දුක ගැන කියනකොට මට වගේම ලොකූට රට ටොපි එපා වෙලා ගියා....

තුන් වේලටම අපි බඩ පිරෙන්න කෑවත්...උදෙ ඉදන් කුසිය අස්සෙ තැම්බෙන අම්මට එයාටත් වඩා ලොකු හැලි වලන් එක්ක ඔට්ටු වෙලා වෙලා අවසානෙදි කන්නවත් පනක් නැති දාට වැටුන තැනම නින්ද යනවා කියනකොට මට වගේම ලොකූට ආයම කවදාවත් අම්මියෙ මේක එවන්න කියන්න හිත හදාගන්න බැරි උනා...

කොයි වෙලෙත් දූවිල්ල ගහන...රස්නෙ කාලෙට ඇහැක් අරින්න බැරි අව් පූටකෙ අප්පච්චි උන්ගෙ මාලිගා වගේ ගෙවල් වල ජනෙල් පිහිනව කියනකොට මටයි ලොකූටයි අලුත් ඇදුම් සපත්තු වලට තියන ආසාව නැති උනා....

එක හොද්දයි බතයි...නැත්ත දවස් ගානක් ෆ්‍රිජ් එකේ තිබ්බ දෙයක් රත්කරන් කන අම්මා අප්පච්චි දුක් විදින්නෙ අපි දෙන්නා හන්දනෙ මතක් වෙනකොට ඇයි අපි නොදැනුවත් කමට හරි ඉල්ලුවෙ කියලා හිතෙන තැන් වලදි මගෙ ඇස් වලට කදුලු ඉනුවා...

අම්මට මැසෙජ් එකක් දාපු මම අම්මා අප්පච්චි ගැන මතක් කර කර ඉන්නකොට ඉමෝ එකට මැසේජ් එකක් ආවා....

ස්ටිකර් එකක්.....

අම්මගෙන් ..

වැඩද....කෑවද...

අම්මට මැසේජ් එකක් දානකොට අම්මා මට වොයිස් වොයිස් එකක් එව්වා..

"දැන් චූටි කන්න යන්නෙ.....අප්පච්චි ගෙදර ගියාද පුතෙ...."

"අප්පච්චිට කියන්න චූටි අම්මට එනකොට කොන්දට ගාන බාම් එක එවන්න කියලා ...."

ඒ කටහඩ ඇතුලෙ තෙහෙට්ටුව පිරිලා.....අම්මට කතා කරගන්නවත් පා නැද්ද මන්දා...

අනේ අම්මෙ ඔය ඇති අම්මෙ එක්කො.....

මගෙ යටි හිත අම්මට ඇති කියනවා...ඒත් මායි ලොකුයි කොච්චර කිව්වත් එයාලා ඒවා අහන්නෙ නැ....අම්මයි අප්පච්චි දෙන්නම කියන්නෙ...අම්මා අප්පච්චි පොඩි කාලෙ මේ කිසිම දෙයක් තිබුන් නෑ කියලා ...එයාලා නොවිදපු සැප අපිටවත් දෙන්නලු එයාලට ඕනෙ....

මං හිතන්නෙ මේ ලෝකෙ ඉනන් හැම අම්මා අප්පච්චි ම එහෙම හිතාගන වෙන්න ඇති ඔහොම දුක් විදින්නෙ.....දරුවන්ට සැප දෙන්න අප්පච්චි ලා අම්මලා දුක් විදිනවා....

"මං කියන්නම් අම්මියෙ...පරිස්සමින් ඉන්න...බඩ පිරෙන්න ඔක්කොම කන්න...මායි ලොකුයි හුගාක් ආදරෙයි...."

මාත් එක්ක මැසේජ් කර කර උන්නොතින් කන එක වත් බඩට අල්ලන්නෙ නැති වෙයි කියන බයට මම අම්මට මැසේජ් එකක් දාලා ඵෝන් එක පැත්තකට දැම්මා....

කල්පනා කරන්න දේවල් හුගායි.....ඒත්...කලප්නා කෙරුවා කියල ඇති වැඩකුත් නෑ....

මං ඔහේ සිවිලිම දිහා බලාගන උන්නා....සැරින් සැරේම චූටි අයියගෙ කටහඩ ඇහුන වගේම ඉදහිටක එයා නිර්වාන් කියන නම දෙතුන් සැරයක් කිව්වා වගේම හෙඩත් ම්න්...ම්න්...ගාන සද්දෙ ඇහුනා..ඒ ඇරෙන්න ඒ පන්තියෙ වෙන පන්ති වල වගෙ ළමයි හිනා වෙන සද්ද නේ මොකුත් තිබුන් නෑ.....තනිකරම ගුල්ලො වගේ...

නිර්වානයා දස්සයා වගේ....නැත්තන් ඕකා කාගන පාඩම් කරන්නෙ නෑනෙ...ශුවර් එකටම ඕකා දොස්තරයෙක් වෙනවමයි...උඹ බෙගෙත් දිදී ඉදපන්..මං යනවා රගපාන්න....මට එක හොදයි....

උඩ බලාගන හෙඩාටත් සැරින් සැරේ හිතින් බැන බැන උන්න මම නින්ද යම්න එන ඇස් දෙක පියවනවත් එක්කම ආයම ගේ ගාවින් ත්‍රීවිල් එකක් නවත්තන සද්දෙ ඇහුනා...

බොරු කියන්න ඕන් නෑ...ගම වගේ නෙවෙ...මෙහෙ කොයි වෙලාවෙත් කන් කරච්චලේ පිරිලා...ගමේදි ගෙවල් ඈතින් ඈත තිබුනට මේ හැම ගෙයක්ම තිබුනෙ ළඟ ළඟ....ගමේ අක්කරයක් ගන්න යන සල්ලි මෙහෙ පර්චස් එකක් ගන්න වියදම් කරන්න ඕනා....

මහ හිරකාරි ජීවිතයක්....කුරුල්ලෙක් කෑගහන සද්දයක් ඇහෙන්නෙ නැති තරම්...ඉවරයක් නැතිව ඇහෙන වාහන සද්ද...සමහරක් වෙලාවට අහල පහල උන්ගෙ කටවල් වල සද්ද...කොටිම්ම එහා ගෙදර එකා කිඹුහුමක් යැව්වත් මෙහා ගෙදරට ඇහෙනවා.....තාප්ප ගහන් ගේට්ටු දාන් උජාරුවට ඉන්න උන් ඉනන් ගොඩක ජීවත් වෙන එක මටයි ලොකූටයි වෙලාවකට මහ තෙහෙට්ටුවක් ගෙනාව.....

ගමේ ගෙදරදි ඌයි මායි කවදාවත් බාතෲම් එක අස්සෙ දත් මැද්දෙ නෑ.....රැට අදින කලිසන් කොට දෙක පිටින් බුරුසුව කටෙ ගහන් අපි දෙන්නම කෙරුවෙ ගෙට පිටිපස්සෙ තිබුන වෙලට බහින එක.....එක යායට තිබුන පීදෙන්න බලන් ඉන්න කොලම කොල ගොයම් ගස්.....ඈතින් පේන පන්සල.....කුඹුක් ගහ යට තියන ලිද....උදේ පාන්දර මහපොලවට වැටෙන පලවෙනි අවුරැල්ලත් එක්ක ඒ එලියට දිලිසෙන පිනි බින්දු....මේ හැමදේම එක්ක අපි දෙන්නා නිදහසේ උන්නා...ඉස්කෝලෙට ගියත් මෙහෙම තරගයක් තිබුන් නෑ.....කොටිම්ම...මේ ජීවිතෙ හරි වෙහෙසයි....තරගයක් විතරමයි.....

එක තත්පර ගානකට ගමේ ගෙදරට ගියපු මම ඊලග තත්පරේම මේ තාප්ප වලින් වට උන හිරගෙදරට ඇවිදින් ත්‍රීවිල් සද්දෙට ජනේල් තිරේ එහා මෙහා කරල බෙල්ල දාලා බැලුවා...

ලොකු නැන්දා...

ලොකු නැන්දා ඇවිල්ලා...

බඩු මලු දෙක බිම තියාගන ත්‍රීවිල් කාරයට සල්ලි දෙන්න පර්ස් එක අදින ලොකු නැන්දව දැකපු මම ඇදෙන් බිමට පැනලා හොරා වගෙ කාමරෙන් එලියට දිව්වා.....

ළොකු නැන්දේ...

චූටි...මේ බෑග් එක ගනින් පුතේ.....

මං එතනින් තිබ්බ බරම බෑග් එක ගත්තා .....

මොනාද ලොකු නැන්දෙ ගෙනාවෙ.....

ගන්න දෙයක් තිබුනෙත් නෑ චූටි.....මෙ බඩු මලු දෙකට පන්දහකටත් වැඩිය ගියා...කරවල පන්සීයම දාහයි ....

මට ඉස්සරහින් යන ලොකු නැන්දා බඩු ගනන් කියනකොට මට දවසටම එක වෙලක් කාලා ජීවත් වෙන්න හිතුනා....

ගොටු කොල මුකුනුවැන්න....කතුරුමුරුංගා කොල...බෑග් එකෙ උඩම තිබුනා...ගමෙ ගෙදරදි නම් ආච්චම්මා මේ හැම දේම කඩාගන්නෙ ඔය වට පිටෙන්නෙ.....එහෙ නිකන් කන දේ මෙහෙ ගිනි ගනන්...ගොටුකොල නැතත් කලවන් කොල මැල්ලුමකට වත් පැශන් වැලක් නැ...මොන මගුලක්වත් නැ....

බඩු මල්ල අරන් ගියපු මම නැන්දත් එක්කම කුසියෙ ඉදගන කෝප්පයක් හෝදන ගමන් අප්පච්චි ගෙ පැත්තෙ අනිත් සහෝදරයන්ට බනින්න ගත්තා ...හැබැයි ලොකු නැන්දට නම් මං වැඩියෙනුත් හොද කිව්වා....ඇයි ඉතින් අපි දෙන්නව බලාගන්නෙ ලොකු නැන්දනෙ...අනිත් උන්ට නම් ලොකු නැන්දත් බැන්නා...

ඒකනෙ ලොකු නැන්දෙ....පොඩි නැන්දා සීයා තාත්තා එක්ක කිව්වනෙ පහල වෙල ගාව කෑල්ල පොඩි නැන්දට දෙන්න කියලා ...

හැබෑට....?පොඩි නංගි එහෙම කිව්වද...?

ඔව්...මම අහගනනෙ උන්නෙ ඔක්කොම.....ලොකු නැන්දෙ කන්න මොකුත් ගෙනාවෙ නෑ.....

ඔය වඩ මල්ලක් ඇති...

හිරමනෙ උඩ ඉදගත්තු මම බඩු මල්ල කූරු ගාන ගමන් අප්පච්චිගෙ පරම්පරාව හෝදන ගමං කන්න දෙයක් හොයද්දි පොලට ගිහින් ආව ලොකු නැන්දා තේ හදන්න වතුර එකක් ගහල ඉගුරු කෑල්ලක් තලන්න ගත්තා ...

ඉතින් අපේ අප්පච්චි මක්ක කිව්වද....

ම්ම්ම්....සීයා තාත්තා...පෝ..මේකෙ තෙල් බූලියයි...කමක් නෑ...නැන්දා පව්නෙ එකක් කන්නම්.....

මම අතට ගත්තු උලුදු වඩෙ ඇගිලි වලින් මිරිකනකොට මගෙ ඇගිලි දිගේම තෙල් වැක්කෙරුනා...ඒකියලා මං කන එක නැවැත්තුවෙත් නෑ.....හිරමනේ උඩ බින්කුන්ඩා වගෙ ඉදගන ආයම කෝප්පෙ හෝදන්න ගත්තා ....

සීයා තාත්තා කිව්වා...ඒක ලොකු කෙලීට කියලා...අනික අපේ අප්පච්චි කිව්වෙත් පහල කෑල්ල ලොකු නැන්දට කියලා ...ඇරත්.....පොඩි නැන්දලාට අර කජු හිටවපු වත්තත් දුන්නනෙ....පොඩි මාමා ඉන්නෙත් රට...අපෙ අප්පච්චි ල වගේ නෙවෙනෙ...උන්ට එන්නෙ කොරියන් සල්ලිනෙ...

හැබෑව...මං අපේ අප්පච්චිට කිව්වා.....පොඩි නංගිට හැම එකම දෙන්න එපාය කියලා ....ඇරත් අර බැදපු නැති එකියක් එහෙම්ම ඉන්නවා...ළමයි හතරක් නම් හතරටම එක විදිහ වෙන්න ඕනා.....

නැතුව මායි ලොකුයි කියන්නෙත් ඒකනෙ...මහ ගේ අපෙ අප්පච්චි ට ලිව්වා කියලනෙ පොඩි නැන්දා ඔය ගේම කෝල් කරන්නෙ....

ඒක ඉතින් මල්ලිට නොදි කාට දෙන්නද....

ඒකනෙ...මටයි ලොකූටයි යන කලදසාවකුත් තියෙන්න එපැයිනෙ...ලොකු නැන්දෙ සීනි හැදි තුනයි අතට එකයි...

ඉගුරු සුවද කුසිය පුරාවටම යනකොට මම කන්න බෑ බෑ ගගා තවත් වඩයක් ගිලින ගමන් මම තේ එකට අවශ්‍ය සීනි හැදි ප්‍රාමානෙ කියන ගමන් පොඩ්ඩක් විරිත්තලා ඊලග කෝප්පෙ හෝදන්න පටන් ගත්තා ....

අර හංසියා කා එක්කද පැනල ගියෙ චූටි.....

අමෝර්...අමෝර්....ලමා තැනී...පිච්ච මල් බිසව....

ලොකු නැන්දා අතට දුන්න තේ එක දොහොත් මුදුන් දී පිලිගත්තු මම පොඩි නැන්දගෙ දූ සිගිත්තගෙ චරිත සහිතිකේ ලියන්න පටන් ගත්තා ....ඒකි පැනලා ගියා...බොරු කියන ඕන් නෑ..ඕකි පැනල ගියේ අපි දෙන්නට කියලමයි...කියලමයි කියන්නෙ...ඒකි අපි දෙන්නගෙ අතට කීයක් හරිදුන්නා....පොඩි නැන්දලා ඒකිව හොයන කොට මොකුත් දන්නෙ නෑ වගේ අපි දෙන්නටත් ඒකිව හොයන්න කියලා ....සල්ලි ගත්තු එකේ අපි දෙන්නත් ඒකිව හෙව්වා..ඒකි පැනලා ගියෙ ගමෙම එකෙක් එක්ක....

ඒකිගෙත් පුදුම ස්ටයිල් එකක් තිබ්බෙ...පොඩි නංගිලත් දුව නටන ඕනම නාඩගමකට ඉඩ දුන්නනෙ....

රට සල්ලිනෙ ලොකු නැන්දෙ.....

දැන් ඔය ගියා කියන එකා මොකෙක්ලුද...

බර අත්තක්.....ඒකනෙ පොඩි නැන්දා බෑනව දැන් ගෙට ගන්නෙ....

ශිහ්....ඒක තමයි පොඩි නංගි නිකන් වත් ඔය වගක් මතක් නොකරන්නෙ....

ඇබිත්තක් ගින්දර දාපු මම උනු තේ එකට කටින් පූ....පූ.....පූ.....ගාලා.නිවනිව බීලා.අවසානෙදි අන්තීම උගුරත් කටේ හලාගත්තු මම සින්ක් එක ගාවට ගිහින් කෝප්පෙ හෝදලා වතුර ගසලා රාක්කෙන් නැමුවා....

අනේද කියන්නෙ....එක අතකට අපිට මොකටද ලොකු නැන්දෙ අනුන්ගෙ එව්වා.....

අනේ අනේ උඹ....දුවපන් මෙතනින් .....

තේත් බීලා කෝප්පෙකුත් හෝදපු මං අනිත් පාර හොරපාරකිම්ම කාමරේට ඇවිදින් වෙලාව බැලුවා..දන්නෙම නැතුව හයටත් කිට්ටු වෙලා....තව ටිකෙන් ලොකු ඒවි...පව්...ඕකා දැන් එන්නෙ මග මැරිලා....චූටි අයියගෙ පන්තිය අදම ඉවරවෙන පාටක් නෑ..මං වත් ගිහින් ඕකව එක්ක එනවා.....

ඇදන් උන්න ඇදුම ගලවලා දාපු මම අනිත් පාර වෙන ඇදුමක් ඇදගත්තා...පීරුවෙ නැති කොන්ඩෙ අතින් චුට්ටක් අවුල් කරන් ජොන්සන්ස් එකෙන් ගහන දෙලුම් සුවද ක්‍රීම් එකයි....ඕඩික්ලෝන් අහුරකුයි ඇගට හලාගත්තු මං සපුමල් කුමාරයා වගේ කාමරෙන් එලියට ආවා...

චූටි කොහෙ යන්නද...

පොඩීව එක්ක එන්න...

මං යන්නම්....

ඕන් නෑ චූටි අයියෙ....තාම පන්තිය ඉවර නෑනෙ ....

තව පැය බාගෙන දරුවො....

කමක් නෑ....පුරුදු වෙන්නත් එක්ක.....

යන්න හදපු මාව නවත්තගන්න චූටි අයියා දහසක් කතා කියන්න ගත්තා ...අහ්හ දවසෙන් බාගයක්ම ලැජ්ජා උන මට ඕන උනෙත් කොහෙ හරි දුවාගන්න වෙනකොට යන්නම ඕනා කියපු මම විරිත්තන් එලියට එන්න හදනකොට මං බලාගන අරූ මා දිහා ඇස් කොන් වලින් බල බල අතේ බැදන් උන්න ඔරලෝසුව දිහා බලලා සාක්කුවට අත දාලා ඵෝන් එකක් එලියට ගත්තා...

ඇපලක්....නිකන් නෙවෙ යකෝ...අර අලුත්ම එක...මටයි අරූටයි තියෙන්නෙ සීත මෝසන් ගීත නාදෙන් සිත සැන්සුන් පුක එල්ජි....වගෙ සැම්සුන් දෙකක්.....

හෙඩා සල්ලි කදක් වගෙ...හෙඩා විතරක් නෙවෙ...අපෙ එකාව කන්න යන අර අනිකත් සල්ලිකාරයා වගෙ.....උන්ට විතරක් මොකද ඒ ඉස්කෝලෙන් අමුතු සැලකිලි....සමහර විට උන්ගෙ තාත්තලා ඕල්ඩ් බෝයි එකේ කනුද දන්නෙනෑ....නැත්තන් මුන් පිනාට පගාව දෙනවා ....

කොටනවා කොටනවා මේ පන්තිය මැද කොටනවා..අනිවාර්යයෙන්ම මූට හැම ඉස්කෝලෙකම කෙල්ලෙක් ඇති...මූට විතරක් නෙවෙ අරූටත් යනක්ලාස් එකක් ගානෙම කෙල්ලො ඇති...

අමොර්....අමෝර්....සීනි තාත්තලා...ප්ලේ බෝයිලා...!

මන් එන්න ආවා ...අරූ මහ මුලෑදෑනියා වගෙ ඵෝන් එක කනකොට මන් එන්න ආවා වගේම ආයමත් චූටි අයියා කතා කෙරුවා ...

චූටි.....පාරෙ බලාගන යන්නෙ.....තාම බයිසිකලෙ පැදගන්නත් බැරි හන්දා එක්කො ගෙදර ඉන්න මං යන්නම්....

ඉව්ව්....මගුල..මට හොදට බයිසිකල් පදින්න පුලුවන් ....බැරිකමක් ණෑ.... වෙනසකට තියෙන්නෙ කවුරුත් නැති තැන හොදට පදින්න පුලුවන් සයිකලෙ වාහනයක් එනකොට හැඩල් එක පාර පැත්තට කැපෙන එක විතරයි ....නැත්තන් යස අගේට පුලුවන් ...

නෑ..දැන් මට පුරුදුයි .....ලොකු ඉගැන්නුවා...

දෙනොදහක් මැද මගෙ නොහැකියාව ගැන කියනකොට මටත් ලාවට තරහා යාගන ආව වගේම මං බලාගන අරූ ආයම ඇස් හීනි කරල මා දිහා බලාගන උන්නා..හරියටම "උඹට බැරි නම් නොකර ඉදින් " කියන්න වගේ...අද දවසෙම් චා උන මම ගෙදර වගෙ අනිත් අතට අඩි හප්පන්නත් බැරිව මට පුරුදුයි කියාගන මම එලියට බැස්සා....

හිටපන්කො...ලබන වෙසක් එකට ගහනවා ගෙ ඉස්සරහා තොරනක්..මට උන හැමදේම් දාලා ගහනවා සයාශ් සිටානොගෙ කතා වස්තුව කියලා ...

චූටි අයියගෙම සයිකලේ අතට ගත්තු මම හිමින් හිමින් වෙව්ල වෙව්ල පදින්න ගත්තා .....

පැඩල් එක පාගන වාරයක් ගානෙම මම හෙඩාටයි ඩිෆියුටියටයි බැන්නා වගේම වාහනයක් එන වාරයක් ගානෙම සයිකලෙන් බැහැලා ඒක යනකන් අගලට වෙලා හිටන් උන්නා..බයකට නෙවෙ...

යම් කිසි දෙයක් උනොත් ලක්මවට වෙන පාඩුව ගැන හිතලා....!

විනාඩි පහෙන් දහයෙන් එන්න පුලුවන් දුර තියන මහපාරට මම ගාට ගාට එනකොට පැය බාගයක් විතර යන්න ඇති....කොච්චර පදින්න ඉගන ගත්තා උනත් වාහන එනකොට පැදගන්න බය මම ගාට ගාට ඇවිදින් ලොකූ බස් එකෙන් බහින හෝල්ට් එක් ගාවට වෙලා හති අරින්න ගත්තෙ හපුතලේ කන්ද නැගපු ගොනා වගෙ වෙනකොට මම එහෙම්ම සාක්කුවට අත දාල ලොකූට මැසේජ් එකක් දැම්මා...

ලොකූ...කොහෙත ඉන්නෙ...

එහෙනම්...වේදිකාවෙ...නැගී එන...තාරකාවිය..දැන් පිලිගන්න....ආශාවරී සමග...ආක්ශා...චමුදී...

උල්ලැයි...උල්ලැයි....ඌ....ඌ...උල්ලැයි..උල්ලැයි...ඌ.....උල්ලැයි...උල්ලැයි...ඌ...ඌ....උල්ලැයි..උලැයි...ඌ.....හ්හ්...

මං උන්නෙ මහපාරෙ එකා කාරෙට යන වාහන දිහා බලාගන වෙනකොට පාරෙන් ඉස්සරහම තිබුන සුගත් සයිකල් කියලා ගහල තිබුන තට්ටු තුනෙ සයිකල් කඩේ කන පුපුරන්න දාලා තිබුන සින්දුවත් එක්ක මගෙ ඔලුව පැලෙන්න ආවා...වාහන එහෙන් යනවා...මෙහෙන් යනවා ඒ මදිවට දුම් ගද එකා කාරෙට වෙනකොට අර දාපු සින්දුවත් එක්කම මාව ෆුල් නස්තාර් වෙලා ගියා....

එව්ව්....යකො...

උල්ලැයි...උල්ලැයි ඌ....ගාන වරයක් පාසාම මගෙ කන කීන් ගෑවා...කන් කරච්ච්ලේ ඉවසන්න බැරිම තැන එක කනක් උරහිසට තද කරගත්තු මං ආයම ඵෝන් එක අතට අරගන බැලුවා ලොකූගෙන් මැසේජ් එකක්වත් තියෙනවද කියලා

තියනවා....

"මේ පාලම ගාව...තව විනාඩි පහයි....."

ඉකමනට වරෙන් එහෙනම්....

ඔන්ලයින් ඉන්නවා දැකපු මම ඌට ඉක්මනට එන්න කියලා ආපහු රිප්ලයි කරනකොට මං බලාගන අරූ ආයම ටයිප් කෙරුවා...

" ඉක්මනට එන්න කියන්නෙ මම නෙවෙ ඩ්‍රයිවර් ....."

ම්හුක්...උඹට කියන්න දේවල් හුගාක් තියනවා...අද දවස හොද නෑ ලොකූ....

" උඹට විතරක් නෙවෙ..මටත්.....ඉස්කෝලෙ විතරක් නෙවෙ....පන්තියෙත් සැනසීමක් නෑ...."

ඒ ඇයි....

" අර අරූ.....ආන් ඌත් ඇවිත් උන්නා....අපිට එහා පැත්‍තෙ ඉකෝන් ක්ලාස් එකට"

කවුරු ...අර ඩිෆියුටියා...??

" හැව්..හැව්...මදාවියෙක් වගේ කලු පොරෝගන....අනික බන්..උන් කන්නෙ අපි කන කෑම.නෙවෙද මන්දා...උන්ගෙ ලොකු බලපන්කො....."

අරූ අහරෙන් කොටනවා මං මෙහෙන් කොටනවා...ඒ අස්සෙන් ආක්සා චමුදි මැර්‍ර්න්න හදනවා....ඒ මදිවට මගෙ ගාවින් බයික් කාරයෙකුත් අනිත් කනත් බීරි කරවන් යන්න ගියා වගේම ඒත් මම ඔලුව උස්සන්නෙ නැතුව අරූට කොට කොට උන්නා....

ඌ නම් පන්තියට විතරනෙ....ආන් හෙඩා අපේ ගෙදර .....

" මොකක්....ඒ මොන මොන මගුලටද....?"

ඌ අපෙ ගෙදර ක්ලාස් .....

මම ආපහු රිප්ලයි එකක් දැම්මා...ඌටයි මටයි හෙනහුරා ලබලා තිබුනා.....හෙඩා අපේ ගෙදර කියලා මැසෙජ් එක සීන් කරපු ලොකූ ඕෆ් ලයින් ගියා..මං හිතන්නෙ ඌට සතුට දරාගන්න බැරිව යන්න ඇති.....හැබැයි ඒ ටිකකින් ආයම වට්සැප් එකට මැසේජ් එකක් ආවා..නිකන් නෙවෙ...උගෙම මුන දාපු මීම් එකක් එක....

.

" මේවට තමයි මට නගින්නෙ...."

ඒ එක්කම මාත් ඌට රිප්ලයි එකක් දැම්මා...

දෙන්ඩ හිතයි මූට.....!

සනාශ්ට මැසේජ් කරපු මම කියන්න ඕනම ටික පස්සෙ කියන්න තියාගන ඉක්මනට වරෙන් කියලා ඵෝන් එක සාක්කුවෙ දාගන්නකොට මං අහගන ආයමත් අර බයික් සද්දෙ ඇහුනා...නිකන් නෙවෙ...ඒක නිකන් බයික් එකක් රේස් කරන්නවා වගේ....

මම මගෙ ඇස් දෙක කැරකෙව්වා...මොකාද බයික් එක රේස් කරන්නෙ කියලා බැලුවා...එර් එක්කම සනාශ් ආවා.....

චූටි...

ලොකූ.....

අරූ තාම ගෙදරද....

ඔව්....විසේසඥයා තාම ඉගන ගන්නවා...2026 හදට යන ටීම් එකේ ඌත් උන්නව ඇති...එකයි ඔච්චර පොත ගිලින්නෙ.....අරුත් පන්ති ආවා කිව්වනෙ...ඔවුන්ව යවන්න ඕනෙ අගහරුවලට.....

ලොකූගෙ උරහිසෙ තිනුන බෑග් එක මම ගන්න ගමන් ඌට සයිකලේ දීපු මම හෙඩාට වගේම ඩිෆියුටියට බැන බැන මීක් නොගාන සනාශ් දිහා බලනකොට සනාශ්ගෙ මූන ආයම බෙරි වෙලා තිබ්බා...

ලොකූ....ඇයි බන්....

නෑ...උඹ කිව්වනෙ.....අරූ අපේ ගෙදර කියලා ....

ඔව්.....අර පොත කකා උන්නෙ....

එතකොට අර අතන ඉන්නෙ මොකාද...උගෙ ක්ලෝන් එකද?

කො..කොතන....

කෝප් සිටිය ගාව....

මූන දෙක කරන් උන්න සනාශ් මට කෝප් සිටිය ගාව ඉන්නෙ හෙඩාගෙ ක්ලෝන් එකද අහනකොට මම නිකමට කෝප් සිටිය පැත්ත බැලුවා.....

මාර දූතයො දෙන්නයි.....හෙඩා වගේම ඩිෆියුටියා.....දෙන්නම කලු පොරවන් මදිවට උන් දෙන්නම උන්නෙ පට්ට පහර වන්ඩි දෙකක් උඩ වෙනකොට හොරොව්පතානෙ ඉදන් ආව සැලලිහිනියයි මායි කට ඇරන් උන් දෙන්න දිහා බලන් උන්නා...චිත්ත රූප මවා ගන්න ඕනා නම්....මෙවෙලෙ අපි දෙන්නගෙම මූන අර කන්පියුස් උන්ගා බුන්ගා එකේ ඉන්න ආදි මානවයා වගේ වෙනකොට මං බලාගන ඩිෆියුටියා මොකක් හරි උරයක් හෙඩාට දෙනවා...

දැන් උඹ කිව්වනෙ අරූ උන්නෙත් ක්ලාස් එකේ කියලා ....එතකොට ..මෙ ඉන්නෙ උගෙ ක්ලෝන් එකද....

මන්දා...අඩේ.....චූටි.....අපි දෙන්නා උන්ගෙ පස්සෙ යනවද...නැතිනම්...අපි දෙන්නා යන තැන්වල උන් දෙන්නා ඉන්නවද.....

මන්දා ගොනා පස්සෙ එන රෝදෙ වගේ කොහෙන් ගියත් මුන් දෙන්නා ඉන්නවනෙ...

වර වර යන්න...උන් දකින්න කලින් මාරු වෙමු...නැත්තන් ආයම මෙතනටඑයි...

මොකක් හරි උරයක් තියාගන එකට බෙල්ල දදා බලන ඩිෆියුටියා වගේම හෙඩා දිහා බලන් උන්න අපි දෙන්නා කව්ද බෝයි එකෙ ජුන්ඩයුයයි මොටයියයි වගේ උන්ගෙ ඇස්වලට හොරාවට එතනින් මාරු වෙලා එන්න ආවා...

අම්මෙ...දැනෙන සැනසීම...අනෙ....අම්..මේහ් ...ය්..

යකෝ.....හ්හ්...මගෙ....ඇ....චූටි....හ්....

මං උන්නෙ පොල්ලෙ ඉදගන...සනාශ්ගෙ බෑගෙ එක තුරුල් කරගන....අරූ මාවත් දාගන පාගන ගමන් අම්මෙ දැනෙන සැනසීම කියනවත් එක්කම ඒ සැනසීම එක තත්පරෙන් නැති වෙලා ගියා.....සයිකලේ චේන් එක පැන්නා..හිටගන පැදපු අරූගෙ කකුලත් මොකක් හරි මගුලක් වෙලා ලෙස්සලා ගිහින් ඌව පොල්ල උඩට වැටෙනකොට සනාශයා ගමටම ඇහෙන්න බෙරිහන් දුන්නා...

කෝ බලන්න පෙන්නපන්....

ඔය ලබ්බෙ චෙන් එක් දාපිය.....ඉක්මනට...එකක් ගැල උනාද කොහෙද ...

පොත් බෑග් එක එක තැනක..කෝටු කෑලි

දෙකතුනක් එක්ක අත්වල මජන් අතුල්ලන් උන්න මම අත් දෙකෙම්ම කකුල් මැද අල්ලන් ඇඹරීගන උන්න සනාශ් දිහා බලන් කෝ බලන්න ගානකොට ඌ වේදනාවටද කොහෙද මාවත් කන්න යනකොට මම ආයම චේන් එක අටවන්න ගත්තා ...

මේ මගුලෙ තෙල් නෑ....

චේන් එක දාපු මම මජන් අතින්ම පැඩල් එක වටයක් කරකවන ගමන් තෙල් නෑ කියනවා එක්කම අපි දෙන්නා ගාවින් මොකක් හරි නැවැත්තුවා ...මම පැඩල් එක කරකව කරකව උන්නා.....

මොකද මල්ලි.....කරදරයක්ද

නෑ...එහෙම මොකුත් නෑ..මේ චේන් එක පැන්නා....

උදව්වක් ඔනෙද....

නෑ...එපා...චූටිට පුලුවන් ...

මං උන්නෙ පැඩල් එක කරකව කරකව...මෙච්චර වෙලාම කෙදිරි ගගා උන්න මගෙ නිවුන්නා එක පාරම හොදට කතා කරන්න ගත්තා වගේම නිකන් ගේම ඉල්ලන ටෝන් එකකින් කතා කරනකොට මම නිකමට ඔලුව උස්සලා බැලුවා....

ප්‍රීතී....ප්‍රීතී....හරිම අගෙයි....හරිම අගෙයි....මෙච්චරයි මදි වෙලා තිබුනෙ....දැන් ඒකත් සම්පූර්නයි....

චෙන් එකේ සිහියෙන් උන්න මට වට පිටේ වෙන දේවල් ගානක් නැතිව යනකොට අරූගෙ කටහඩ එක්ක ඔලුව උස්සලා බලපු මම එ සුන්දර මූනු දෙක දැක්කා...

ඩිෆියුටියා වගේම හෙඩා....උන්දෙන්නම අපි දෙන්න දිහා බලන් ඉන්නවා..ඒ එක්කම හිතට දිරිය ගත්තු සුජාත දියනි පන්තියෙ මම තවත් ලැජ්ජ වෙන්න බැරිකමට බිම තිබුන පොත් ටික අරන් සනාශ්ට දුන්නා....මොකද තව උන්නොත් ඌ අර වේදනාවත් ඩිෆියුටියා පිටින් අල්ලනවා.....

එන්න ලොකූ දැන් හරි ....

පැදගන යන්න බැරි බව දැන දැන්ම උනත් හදිසි අනතුරක් වෙලා ඉන්න ලොකූට කොහොමත් වෙලා තියන අනතුර එක්ක මෙවෙලෙ සයිකල් පදින්න බැරි බව දන්න හන්දා මම එයාට ඉදගන්න කියනකොට අරුන් ඉස්සරහා වේදනාව පිට දාන්න බැරි මගෙ නිවුන්නත් පපුව ඉස්සරහට දාන් ඇවිත් පොල්ලෙන් ඉදගත්තා ...

සයාශ් ....

මොකද .....

පදින්න පුලුවන්ද ....

ඔව්....මට පුලුවන්...අපෝ....මේ යස අගේට පදින්නෙ.....

ඔය චේන් එක ආය පනිනවා....

නෑ...පනින් නෑ...එහෙම වෙන්නෙ නෑ.....

ආව මෙතන මගුලක් කියාගන

බයික් එකෙන් බැහැපු හෙඩා මගෙන් පදින්න පුලුවන්ද අහනකොට මම මගෙ ගාව සනාශ් ඉන්න නිසාම හිතට ගට අරන් කතා කරනකොට ඒකා කට කොනකින් හිනා වෙලා අනිත් බමුනා දිහා බැලුවා .....

ම්න්...ඇත්‍තද....

ඔව්....ඇත්ත තමයි...

ම්න්....

සනාශ්.....ආ මේක....

මොනවද .....

...ඒ අනිකා.....මුන් දෙන්නා එකා මාරුවට එකා කතා කරනව...මගෙන් පදින්න පුලුව ද අහපු හෙඩා කට පියාගන්නකොට ඩිෆියුටියා ඇවිත් සනාශෙගෙ අතට උරයක් දුන්නා...මෙ අර උරේ...

පාස්ට්පේපර්ස්.....??මේ මොකටද...

...අනික මං ඉල්ලුවෙ නෑනෙ...

කාගෙන් හරි ඉල්ලන්න කලින් තමයි ගෙනත් දුන්නෙ....නැත්තන් තව තව කීයකට නම්බර් දෙයිද කව්ද දන්නෙ....

අනික...සයාශ්ගෙ....

මමත් ඉල්ලුවෙ නෑනෙ...

ඉල්ලල තියනවනෙ නෙ.....?

මේක හරි මගුලක් උනානෙ.....උරේ තිබුන bs පාස්ට්පේපර් එකයි ඩ්‍රාමා පාස්ට්පේපර් පොතයි දිහා බලන් උන්න අපි දෙන්නා මේවා ඉල්ලුවෙ නෑනෙ කියනකොට හෙඩා අහක බලාගන උන්න වගෙම ඩිෆියුටියා උත්තර බදින්න ගත්තා ...

මට අර අයියා ගෙනත් දෙන්නම් කිව්වා...

අනුන්ගෙ එව්වා මොකටද?

ඉතින් මේකත් අනුන්ගෙනෙ නිර්වාන්.....

".....නෑ එහෙම නෑ"

ඒක තමයි ....මායි චූටියි ඔයාලගෙ පොත් ඉල්ලුවෙ නෑනෙ ශෙනිරු...නිකන් මහන්සි නොවී ඉන්න..අපිට ඕනා නම්...අපි හොයා ගන්නම්...ඔන්න ඕක දෙනවා චූටි....ආවා මෙතන....

නයට කහින්න...ආ නිර්වාන්...ඔයාගෙ පොත....අපිට ඕනා නම් අපි ගන්නම්.....තෑම්ස්...වද උනාට.....

මං අතේ තිබුන පොත් උරේ හෙඩාගෙ අතට බලෙන් දුන්නා වගෙම ඩිෆියුටියා දිහා බලාගන බැනපු ලොකූ දිහා ඩිෆියුටියත් ලාවට ඔලුව වන වන බලන් ඉන්නකොට උන් දෙන්නට ගස්සවපු මම ලොකූවත් දාගන පදින්න ගත්තා..අපිට නෝන්ඩි උන උන් දෙන්නා පාරෙ හිටගන බලන් උන්න...හැබැයි...

කරුමකාරි දෛවය ආයම හරස් උනා....

පලවෙනි වටේට එහා මට පැඩල් එක කරකවගන්න බැරි උනා....

ඈතින් ලොරියක් එනකොට වාහන එනකොට සයිකලේ පදින්න බය මට හැඩල් එක එර් මේ අත කැපුන වගේම දාපු චේන් එක ආයම පැන්නා....සනාශයා ගෙ වේදනාත්මක හඩ විශ්වය පුරා පැතිරී යනකොට ලොරිය පාස් වෙනවත් එක්කම අගලට වැටුන සයිකලෙන් උඩින් ගිය අපි දෙන්නව වැටක පැටලුනා.....

ච්.....ච්...චූටි....යා...හ්හ්.....!!!!

🥲පුම්චි කමටනෙ මේ..ඔක්කොම...!

ආයම.එන්නාම්.....

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters