Cherreads

Chapter 27 - 27

මඩේ ලගින තාරාවන්

නාවන්නද මං

ඌරු දලෙන් මොන ගජමුතු

අරගන්නද මං

චපල හිමිට සිරියහනෙ

රැවටෙන්නද මං

එහෙම කලොත් ඔබ කියාවි

මෝඩ ගෑනි මං

මෝඩ ගෑනි මං.....

මං අත් දෙක පිටි පස්සට බැදන් පහසුවෙන් ඉදන් වහල දිහා බලාගන ඇගේ හයිය කටට අරන් මඩේ ලගින තාරාවව කියනකොට සර්කාරයා ඩොල්කිය පැලුවා....නලුවත් මං බලාගන සැරින් සැරේ ලාවට හිනා උනා...අනේ...නලුවෝ...යන්න කලින් ඔටෝ ග්‍රාෆ් එකක් දීලා යමන්කෝ...

කොලයක් හම්බුන් නැති උනොත් පපුවෙහරි ගහපන් නලුවෝ...අනේ....

උඹ මගෙ හදවතේ පැලවුනා...!!

අපේ කොල්ලා හොදයි නේද ශාක්‍ය.....

මම බලාගන උන්නා..මේක නිකන් සිරස සුපස්ටාර් ගිහින් වගේ... කියපු සින්දුවෙ ගුන දොස් ටික කියන කන් සින්දුව කියපු එකා බලන් ඉන්නවා වගේ හැගීමකින් මං මගෙ අතේ හිරි කඩ කඩ බලාගන උන්නා....

මන් ආස සුපස්ටාර් විතරයි...හිරු ආස නෑ.....දෙරනට නම් ආසම නෑ අනේ...සින්දු කියනවා වගේ නෙවෙ අනෙ අර කොන්ඩෙ වවන් ඉන්න නදීක මහත්තයා කොල බොක්කෙ ඉදම්ම ගැඹුරින් කියන ඒවා තේරුම් ගන්න ගියහම උනඩුක පුච්චෙට නාවික ගැට වැටෙනවා.....ඒතරම් හරි බරයි....

හොදයි....ඔය තියෙන්නෙ හොදට...මඩේ ලැගන් උන්නා ඇති....කෝ වරෙන්කො තාර පැටියා....

යෝ...දැන් ඉතින් මෙච්චර කල් කතා කෙරුවෙ සැලලිහිනියගෙ මල්ලි කියලා අද ඉදන් මට තාරා පැටියා කියයිද...

හරි වැඩේ තමා චින්තකගෙ දරුපැටියට උනේ....එක්කො පහු කාලෙක සර් කාරයා තව ටිකක් පිට් උනාම කියන්න ඕනෙ මට එක එක නම් වලින් කතා කරන්න එපා හෙඩ් පිපෙට් අයියගෙ අභිමානෙට කැලලක් වෙයි කියලා .....

.හෙඩ් පිපෙට් කියනකොට මතක් උනේ....මගෙ නිරූ මොනා කරනවද දන්නෙ නෑ...අනේ ඉතින් මට ඒ මූනවත් බලන්න බැරි උනානෙ.....මොනා උනත් කමක් නෑ නිරූ....ගැහුවොත් ගහපන් අනේ දත් ටික ලෙප්ට් වෙන්න....ඇයි වදේ.....එක එකාට ගහ ගහ යන වෙලාවෙ අපේ මිනිහට බැරි උනානෙ අර ඇමතියට සත පට සත්ත පඩි වෙන්න කෙලින්න...

කොල්ලො.....

ඇයි වදෙ මට නම් මාර කේන්තියි ආ...

සයාශ් කන ඇහුනද...

ඒ උනාට ඕඅයිසී මාමන්ඩියා නම් ටිකක් හරි හොදයි වගෙ ..නිරූට ආදරෙයි .

ශාක්‍ය ඔන්න ඕකට දෙකක් ඇනපන් නියන් කාක්කා වගෙ කටත් ඇරන් ඔහේ ඉන්නවා....මට ඕක තමා කරන්න බැරි මුන්ගෙ සිහි එක එක දිහාවලටනෙ...

සයාශ් මෙ සර් කතා කරනවා.....

මොනවා උනත් ඕඅයිසී මාමා නම් ඇබැක්කිට කැමති නෑ වගේ..නැත්තන් අනේ ජවුසම කියයිද

ඔන්න ඕකට ගහපන් මල්ලි දෙකක්..යකො සයාශයා...

ඔ..ඔහ්.....ඕහ්...ඇයි...සර්...

මන් දැන් කීපාරක් නම් කතා කෙරුවද ආ...කී පාරක් කතා කෙරුවද මොන සිහියෙන්ද ඉන්නෙ කියනවා...සයාශ් කල්පනාවෙන් වැඩ කරනවා..මං තමුන්ට මෙ චාන්ස් එක දුන්නෙ තමුන්ගෙ ඇගෙම ඒ ගතිය තියනව කියලා දැනුන හන්දා....ඒ තියාගන තමුන් මෙතන විකාර හිතනවා...

මන් බිම බලාගත්තා ...නිර්වාන් ගැන හිතන්න ගත්තම සිමාවක් නැතුවම හිතන මට සර්ගෙන් කුනු බැනුම් අහන්න වෙනකොට මං බලාගන නලුව මා දිහා බලාගන ඉදලා ලාවට හිනා උනා..නලුවා නලුවා කියලා බලන් නෑ උඹ පෝර දාන් ආවොත් මම නලුකම කියලා බලන්නෙ නෑ කෙලිම්ම මගෙ නිරූට කියනවා.....ඇයි වදේ... .....

ගනින් මේ ස්ක්‍රිප්ට් එක කියවපන් ඔය ඔතන තියන දේදුනු කියලා නම තියන එකාගෙ කොටස...

දේදුනු....අනේ..සර්...දේදුනුද නම.....

දේදුනු හරි හත්දින්නත් තරු හරි මොන මගුලක් හරි ඕක කියපන් සයාශ් ..කියලා මට පෙන්නපන්...නිකන් ලාහට ගෙම්බො එකතු කරනවා වගේ නෙවෙ පන ඇතුව කියපන්....

ශාක්‍ය ඔයා ඊට පහලින් තියන කෑල්ල නිකමට කියන්න.....

ඇනිත් කැරැක්ටර් වලට ගන්න අයව මං අරන් ඉවරයි...කෝ පටන් ගන්න....ඔතන දේදුනු දකින්නෙ හීනයක්...එයා හීනෙන් අඩනවා....ලැජ්ජා වෙන්නෙ නැතුව කරන්න...එතකොට ශාක්‍ය තමයි එයාගෙ ලගම යාලුවා ..අරයා හීනෙන් බයවෙලා අඩනකොට .....මං ශාක්‍යට කියන්න ඕන් නෑනෙ...කෝ අපි හිමින් ගමු...තාරාවට මේක ෆිට් උනොත්...දිගටම තාරාවා තමයි දේදුනු...මං පොඩි අදහසක් ගන්න දේදුන්නා ගැන පොඩ්ඩක් කියන්නම් ඕනා නම්....

ඔතන දේදුනු කියන චරිතෙ හරි මුරන්ඩු දගකාර කටකාර වගේම පන්ඩිත කොල්ලෙක්....හොදද...මූට ඕනෙ හෙන විරයා වෙන්න....කියන්නෙ මෑන්ගෙ ලෝකෙ තනිකරම ඉන්නෙ ඔය සුරංගනා කතාවල වීරයො.....සෝරො...එතකොට ඔය ස්පයිඩර් මෑන් සුපර් මැන් වගේ වීරයො...මූට ඕනෙ වීරයෙක් වෙන්න....මූට ඕනෙ වීරයෙක් වගේ රගපාන්න.....පොත් වල තියනවා වගේ සුපිරි බලයක් එක්ක මෑන්ට් ඕන උඩින් යන්න පාවෙන්න...එහෙම ගිහි ලෝකෙ බේරගන්න....ඒ උනාට මූ වටෙ ඉන්න යාලුවන්ට ඕනෙ මූට උගන්නන්න....අහංකාර කම පැත්තක දාලා ඇත්ත ලෝකෙට ඇවිදින් ඇස් ඇරවලා බලවන්න....පොත් අස්සෙ ඉන්න සුපිරි වීරයො නෙවෙ....සැබෑ ලෝකෙ වීරයො.....හිත හොදින් කරන පුංචි උදව්වකින් පවා...අපිට කෙනෙක්ගෙ හිතේ වීරයෙක් වෙන්න...කවදාවත් අමතක නොවන චරිතයක් වෙන්න පුලුවන් කියන උගන්නන්න....හරි...

කොහොම හරි...සයාශ් තමුන් ගාව ඔය තියන පොලවෙ ඉන්න බැරි ගතිය....නැචුරලිම මේ කැරක්ටර් එකට එන්න දෙන්න....හරි....

මං අහන් උන්නා...මට දුන්න කැරක්ටර් එකේ හැටි.....කතාවෙ සාරාංශෙ ගැන කියනකොට මම ස්ක්‍රිප්ට් එක දිහා බලන් උන්නා....

ඔක්කොමත් හොදයි සර්.....මේ...අපි....මේකෙ දේදුනු වෙනුවට වෙන නමක් දාමුකො සර්....මට දේදුනු කියනකොට එව්...වගේ...නේ...නිකන්....මේ..

හා..හා.. එව්...වගේ නම් මං ඒ වෙනුවට උඹට srk කියලා දාන්නම්කො දැන් පටන් ගනින්.....

මං සර් අතට දුන්න ස්ක්‍රිප්ට් එක එහා මෙහා කර කර ඇස් කැරකෙව්වා ...එව් මේකෙ නමෙ හැටි...දේදුනු....මට දේදුනු කියනකොට මතක් වෙන්නෙ මල්සරාව ඇයිද මන්දා....අඩුම ගානෙ.....වෙන නමක් තිබ්බා නම්..ඒ.ඇත්තටම දෙදුනු වෙනුවට නිරූ කියලා දාන්න බැයිද දන්නෙ නෑනෙ...

දේදුනු.....ඒ...ඒ අස්සෙන් චන්දන ලියනාරච්චි වත් මතක් වෙනවා.....

දේදුන්නක් වී සිට් අහසට ඔබ එන්න...ම්හුක්....!.මල්සරා .....

මං ස්ක්‍රිප්ට් එක දිහා බලන් ඉදල

දේදුණු-: අනේ.....අප්පච්චි ....දාලා යන්න එපා අප්පච්චි ....ඔහොම නවතින්නකො අප්පච්චි ....දාලා යන්න එපානෙ....අනේ..බාබයිගා යකින්නියෙ.....එපානෙ....එ..එපා මගෙ අප්පච්චිව ගෙනියන්න.....

"එපා..." එපානෙ නෙවෙ....කමක් නෑ ඔහොම කියන්න....

නිදාගන උන්න දේදුන්නා හීනෙන් අඩන විදිහටම මම හිටගන උනත් අත නිදාගන ඉන්න එකෙක් අතපය ගසගසකෑ ගහනව වගෙ මූනත් බෙරි කරගන අඩාගන වගේ කියවනකොට වැරදුන තැනක් දෙක් සර්ම හැදුව...මගෙ ගාව උන්න නලුවා...එයත් එයාගෙ කොටස දගලන මගෙ උරහිසට තියලා මාව පරක් කරන විදිහට රගපාන ගමන් කියනකොට මං බලාගන අපේ සර්කාරයා ලාවට ඔලුව වනනවා.....

රයිට්.....ඔය තියෙන්නෙ.....දේදුනුවගෙ කැරැක්ටර් එකට නම් තාරාවා ඉන්නවා..දැන් ඉතින්...මේ යාලුවගෙ කෑල්ලට තමයි එකෙක් ඕනෙ.....ම්ම්ම්...ම්ම්

ඇයි සර් මෙයා නෙවෙද ඒක කරන්නෙ.....

නෑ බන්...මෙයා කොහෙ කරන්නද ලමා නාට්‍ය කියනකොට ගන්නෙ ලමයිව.....

අපරාදෙ ....මට එයා එක්ක රගපාන්න තිබ්බ චාන්ස් එකනෙ....යෝ...ලමා නාට්‍ය එක ඇයි අපිට විවුර්ත නාට්‍ය ගනේට දාලා මේ නලුවව ගන්න බැරි....එහෙම උනා .....අනේ..අම්මෙ...නලුවෝ...

මං ස්ක්‍රිප්ට් එකෙන් මගෙ කට වහන් ඇස් දෙක කරකව කරකව නලුවා බලන් උන්නා.....තියන සෝබනේටද කොහෙද කකුලක් පිට කකුලක් දාගාන ඒකගෙ ඵෝන් එකට කොට කොට උන්නා මිසක්කා එතනින් එහා ඌ නෙවෙ නිකන් වත් මා දිහා බලලා මල්ලි ගුඩ් ජොබ් කියලවත් කිව්වෙ...ඇයි යකො කියකො....කට ගෙවෙනවද...මුන් නලුවො උනාට අම්මට සිරි වෙන්න අහංකාරයිනෙ...අපේ නිරුවට හපන් වගෙ.....

ම්හුක්...ඒත් මොකද...මං ආසම නලුවනෙ....

මං නලුවා දිහා බලාගන උන්නා...හිතේ වම් පැත්ත ඒකගෙන් අත්සනක් ගනින් ගනින් කියනකොට දකුනු පැත්ත නලුවගෙ පලු යැව්වා...ඒ කොහොම උනත් හිතේ වම් පැත්ත පලු යවන පැත්තට වඩා බර වෙනකොට මට ඕම් සාන්ති ඕම් එකේ srk දීපිකා අක්කගෙ පස්සෙන් ඇදිලා ගිය හැටිත් මතක් උනා වගේම කරුමෙට එතන තිබුනෙ උන් දෙන්නගෙ මුනවල් දෙක වෙනුවට මගෙයි නලුවගෙයි මූනවල් දෙක වෙනකොට අනේ මට නලු ඌස්නෙ නම් ඉහටම ගැහුවා....

මං නලුවා දිහා බලාගන මනෝ පාර ගහන්න ගත්තා ....සාරුක්කානුත් ඒකෙ නලුවෙක් වෙන්න ආසාවෙන්නෙ උන්නෙ.....දීපිකා අක්කා දිහා එන දිහා බලාගන උන්නා වගෙ ඔටෝග්‍රාප් එකක් ඉල්ලන්න බලන් උන්න මං ඒ මූන දිහා බලාගන ඕම් සාන්ති ඕම් මගෙ හිතින් රගපාන්න ගත්තා ...

අකොමෙ තෙරී....අ ජබසියෙ....ජබසියෙ....ම්ම්ම්ම්ම්...ම්ම්ම්....අනේ...මගෙත් ඇදුමෙ කෑල්ලක් නලුවගෙ ඇගේ පැටලිලා...ඇදීලා ගියා නම්...කෙහෙතේ....හේ...ඕම්...සාම්තී.....ඕම්....

ඕම් සාම්ති ඕම් බැරි නම්...ඕන් නිසාන්ති ඕන් හරි...අනේ නලුවො ඔටෝ ගාර්ප් එකක් දීලා පලයන්...මාත් නලුවෙක් උන දාට එතකොට මට කියන්න පුලුවන් මගෙ idol උනෙ උඹ කියලා .....

මාත් නලුවෙක් උනදාට...??අම්මෙ....කාටද ආඩම්බර ...ඈ..ඈ....

හොරොව්පතානෙ අභිමානේ ....!!!

අම්මො...අපේ නිරූට කියන්න ඕනෙ එතකොට නම් මට ගස්සන්න පද්දන්න එපාය කියලා ...ඔය මිනිහා මන් නලුවෙක් උනහමත් එකොලහ වෙනකොට අල්ලන් බුදි කරවයිද දන්නෙ නෑනෙ.....

නැතිවෙයිනෙ...නලුවන්ට ඉතින් සෝසල් මීඩියාවල නෙ රගන්න තියෙන්නෙ....

නලුවෙක් උනාම යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න ඕනෙ...කාට සබ්ස්ක්‍රයිබ් කරන්න දුන්නත් පොඩි නැන්දට නම් කොයන්න නරයි...ඔය ගෑනි මගෙ චරිතෙ පට්ට ගහයි...ලමා කාලෙ වගේද නලුවෙක් උනාම....

ම්ම්ම්ම්....සයාශ් .....actor sayash!

සුමති සම්මානත් හම්බෙයි...සාරංගයා මටත් මයික් එක අල්ලල හිතට දැනෙන දේ වචන කරන්න කිව්වොත්..මාත් පන්ඩිතයා වගෙ සින්දුවක් කියනවා...

අර උමාලි හැමදාම ඌට බැනලා සින්දුවක් කියන්නෙ...චේ ගුවේරා වගේ මොකක්දෝ කියලා .....ම්ම්ම්....

තාරපැටියා...ඔය ස්ක්‍රිප්ට් එක තියාගනින්....හරි...කෝ අහන්ද ඉන්නෙ උඹ...

මගෙ මනෝපාර කුඩු සුන් වෙලා ගියා....කුඩු කියන්නෙ කෑලි හොයන්න බැරි වෙන්න බිදිලා ගියා..සුමති සම්මානෙට අත ගැහුවා විතරයි...එව්...අනේ...එව්...

හ්...හ්....හා සර්....

හා සර් නෙවෙ....ගෙදර ගිහින් ඔය කතාව හරියට කියවලා...තමුන්ට අදාල දේවල් ටික හොද සිහියෙන් හිතට අරන් කියවපන්...මං ස්ක්‍රිප්ට් එක ප්‍රැක්ටිස් කරන්න හැමෝටම ලේසි දවසක් බලලා අද යන්න කලින් කියන්නම්.....ඊට පස්සෙ තියෙන්නෙ හිමින් හිමින් ඩ්‍රාමා එක ප්‍රැක්ටිස් කරන්න....

හා සර්.....මං කියවන්නම්.....

මම ස්ක්‍රිප්ට් එක මගෙ පපුවට තුරුල් කරගත්තා .....කතාවෙ නම..." වීරයන්ගෙත් වීරයා"ලමා නාට්ටි ඔහොමයි...හරි සරල නම්...ලමයිගෙ හිත්වලට කාවදින නම්....

ස්ක්‍රිප්ට් එක බලාගනින් කියලා සැර් නොවී සැර උන සර්කාරයට ඵෝන් කෝල් එකක් ඇවිත් එයා එතනින් එලියට යනකොට මායි නලුවයි විතරක් තනි උනා....තියන අහන්කාර කම.....පොඩ්ඩක් ඔලුව උස්සලා බලපියකො....මේ ඉන්නෙත් අනාගතෙ පායන්න ඉන්න තරුවක් නේන්නම්...ඒකට මොකද මුන් කැමරාව ඉස්සරහට ගියහම නම් රගන රැගිලි...මන්ත්‍රීලා ට හපන් ...

යන්න හදපු මං අවසානෙදි ඔලුව පහත් කරන් උන්න එකා දිහා බලලා මගෙ උගුර පෑදුවා...ඒ එක්කම අහන්කාර නලුවා ඔලුව ඉස්සුවා...මේකා මගෙ නිරූට හපන්

ශාක්‍ය .....

උවමනාවක්ද.....

මං යන්න කියලා ....

....ස්ක්‍රිප්ට් එක බලාගන්න...ඔයාට පුලුවන් ...මං හිතනවා...කවදා හරි දවසක අපිට එකට වැඩකරන්න පුලුවන් වෙයි කියලා ...

...

මං හිනා උනා මගෙ ...මගෙ හදවත පුපුරන්න වගේ....හීන අස්සෙ ආසාවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට මේ වගෙ වචන මහ මෙරක් වෙනකොට හිනා උන මං එයා ගාවට ගියා ....

ශාක්‍ය ....

කියන්න....මොනවහරි අහන්න ඕනෙද ...

අහන්න නෙවෙ....ඉල්ලන්න....

මොනවාද...

ඇත්තටම ...ඔයා කියන්නෙ...මං ආසම කරන

ඔටොග්‍රාප් එකක්ද....

මං කටට අත තියා ගත්තා ...මේකට හිත් කියවන්න පුලුවන්ද ....මං කියන්නත් කලින් ඔටෝග්‍රාප් එකක්ද ඇහුවා...එත් අත්සන් කරන්නෙ කොහොමද ....මොකක් වත් නෑනෙ....

පොතක් තියනවද

නැනෙ....

ම්ම්...එහෙනම්...

මම වටපිට බැලුවා...ඔලුව කැහුවා....එයාට..බැරිද දන්නෙ නෑ.මා එක්ක ඵොටො එකක් ගන්න නේහ්....මං හොරා වගේ ඇස් කැරකෙව්වා....

තරහ නැතිනම්....මට ඵොටො එක්ක්

එන්න....

අනේ එයා එන්න කිව්වා...එයා එන්න කිව්වනෙ...නිරූ....ඔයාගෙ චූචිට...හරියන්නයි යන්නෙ...හ්හ්....

මං පැනලා ගිහින් එයා ගාවින් හිටගන සෙල්ෆියට විරිත්තුවා...එයාගාව බයෙමන් බයෙන් වගෙ හිටගත්තා උනත් එයා මගෙ උරහිසට අත තියනවත් එක්කම හැම බයක්ම නැති වෙලා යනකොට සෙල්පියට විරිත්තනවා එක්කම ඵොටෝ එක වැදුනා!!!

මගෙ පලවෙනිම ඵොටො එක!!!

ඉර මුදුන් වෙලා.....නලුවා එක්ක ඵොටෝ එකක් ගත්තු මං හිත සතුටින් එලියට ආවා උනත් සයන්ස් එක දැක්කා විතරයි මට මගෙ නිර්වාන්ව මතක් උනා...

ඔයත් උන්නා නම්.....

මට හරි පාලුයි නපුරෝ...කොච්චරවත් රවාගන ඉන්න නපුරු ඇස් දෙක අද මේ කොහෙවත් නෑනෙ කියලා දැනෙනකොට මට හරි පාලුයි නිර්වාන් .....

මං පිහිඹියා ගහ යට තිබුන බෙන්ච් එකේ ඉදගන ස්ක්‍රිප්ට් එක රෝල් කරන් ඔහෙ ග්‍ර්වුන්ඩ් එක දිහා බලන් උන්නා...උදේ දැක්කයින් පස්සෙ සැලලිහිනියගෙ පිහාටුවක් වත් නොදැක්ක මං නිර්වාන්ගෙ වචනවලට පිටින් යන්න බැරි කමට පිට්ටනියට නොයා පිට්ටනිය දිහා බලාගන උන්නා...අද හවුස් ගහන්න පටන් ගන්නවා...එයාගෙන් අහන්න ඕනා රෑට ආවට කමක් නැද්ද කියලා .....

අපේ අරූ නම් පැනගන එයි...ඌ එනවා නම් මටත් එන්න පුලුවන් නෙ...නේද....යෝ...හ්...මෙ නිර්වාන්ගෙ නීති අප්පා.....හරියට

අනේ අප්පච්චි ...අප්පච්චි වත් නොදාපු නීතිනෙ මේ නිර්වානයා දරුපැටියට දාන්නෙ.....

මං ඔහේ ලමයි දිහා බලන් උන්නා...හවුස් ගහන හරිය වෙනම ලොකූවට තියනකොට දුවන පනින තැන් වෙනම තිබ්බා....සැලලිහිනියාව බේතකට වත් හොයා ගන්න බැරිවෙනකොට මට අර දැනෙන පාලුව දෙගුන තෙගුන වෙලා දැනෙද්දි කරන්න දෙයක් නැති හන්දා බිමට වැටුන පිහිඹියා කොලයක් අරන් මං නටුවෙන් අල්ලන් එහා මෙහා කැරකෙව්වා

චූටියා....

සයාශ් .....

යෝ....චූටියා උඹ කොහෙද අඩේ ගියේ...

ලොකූ....!

අම්මෙ....බුදුන් දැක නිවන් දැක්කා වගේ...පට්ට පාලුවෙ වාත වෙවී උන්න මට එකපාරම අපේ සැලාගෙ කටහඩ ඇහෙනකොට මං හැරිලා බැලුවා .....

අම්මටම සිරි.....ඌනෙ යකෝ කෑල්ල ...මු මොනා කරන්න ඉන්නවද ....

කොට කලිසම ඇදලා ගිනි ගහන අව්වෙ ජැකට් එකකුත් අටවන් උන්න සැලලිහිනියා දිහා දැනටමත් පොඩි පොඩි මනමාලියො දෙතුන් දෙනෙක් බල බල යනකොට මං අපේ එකාට ඉදගන්න කියලා බෙන්ච් එකට තට්ටුවක් දැම්මා...

උඹ මොනාටද ඉන්නෙ ලොකූ...බිත්තර අල්ලනද?

ඇට බෝල අල්ලන්න...බිත්තර අල්ලන්න උඹ හිතුවද මේක මේ හොරොව්පතානෙ අලිවෙඩි සංගමෙන් කරන බක්මහ උළෙල කියලා .....පාන්ද උඹට

නෑ පරිප්පු....ඉතින් අගෙ නොකර කියකො.....කැටයම වගෙ රගන්නෙ නැතුව....

දුර පනින්න යන්නෙ....

ලොකූ මාත් එන්නම්....

මේ මේ...චූටියා....චින්තකලත් ළඟ නැති වෙලේ....උඹට මොකක් හරි උනොත්...උඹ නෙවෙ සුධර්මා මටයි ගහන්නෙ....ඊය ගහපු ගැහිලි වලට මගෙ පුක තාම දනවා ...දලඹුවො වැදිලා වගෙ පලුත් දාල..ඇරත් උඹෙ හෙඩා මට සියපාරක් කිව්වා උගෙ ලමයව බලා ගන්න කියලා ...

අපෙ නිරූ....එයා එහෙම කිව්වද...ඈ ලොකූ....

හැව් හැව්...උඹෙ නිරූ තමයි...ඒ හින්දා තමයි මං මේ පිස්සට හැතැම්ම නෑ වගෙ උඹව හෙව්වෙ ...නැත්තන් උඹෙ එකා අපෙ සෙනූගෙ ඔලුව කයි.....

එයා මං ගැන හිතන තරම....

ලොකූ...චූටි අයියගෙන් ඵෝන් එක ටිකක් ඉල්ලන් මැසේජ් එකක් දාලා බලමුද....

බඩු හෑව්....වරෙන් ටොයිලට් එක පැත්තට යන්න....

මං සනාශ් දිහා බැලුවා.....මාව බලාගන්න කියපු නිර්වාන්ගෙන් ඔයා මොකද කරන්නෙ කියල හරි අහන්න හිතුන මම සනාශ්ට චූටි අයියගෙ ඵෝන් එක වත් ඉල්ලගමුද අහනකොට ඌ සාක්කුවට තට්ටුවක් දානගමන් ටොයිලට් එක පැත්තට යමු කියනවත් එක්කම මං පැනල නැගිට්ටා ...නැගිටලා ඌ එක්කම ඒ පැත්තට දිව්වා ....

යෝ.....මේ...ඉන්නෙ.....

සෙනූ...මං බබී....මායි චූටියයි ටොයිලට් එක අස්සෙ ඉන්නෙ...මේක චූටි අයියගෙ ඵෝන් එක....ඔයාලා දෙන්නා හොදින් නේද අනේ...

අරූ කොටනවා....

ටොයිලට් එකේ අවසානම එකට රිංගපු අපි දෙන්නා චූටි අයියගෙ ඵෝන් එකෙන් සට පට ගාලා ඩිපූටියට කොටන්න ගත්තා .....

බබී.....මොකද කරන්නෙ....

මතක් වෙනවනෙ සෙනූ...මේ අපෙ චූටියටත් එහෙමයි.....ඔයාල එන්නෙ නැද්ද අනේ.....

ලොකූ අපේ නිරූ කෝ කියලා අහපන්කො....ඵොටො එකක් එවන්න කියකො....සාංකාව වගෙ මට....

අරූ කොටනකොට මං පැත්තක ඉදන් ඌට පෝර දැම්මා...

සෙනූ...අපේ චූටියා නිර්වාන්ව අහනවා...පාලුයි අනේ...බබීට ඵොටො එකක් වත් එවන්නකො.....

නිර්වානයා මේ ඉන්නවා පාලුයිද.....මගෙ බබීට...කොච්චර පාලුද.....

පුත්තලමේ කර වෙන ලූණු වගේ පාලුයි අනේ....අනේ ඔය ගහගත්තා ඇති සෙනූ....වරෙන්කො අනේ....

එන්න රෑ වෙයි.....ඔයා කාලා බීලා පරිස්සමින් ඉන්න....සෙනූ ආදරෙයිනෙ.....

යෝ....ආතරෙයි මගෙ සෙනූ.....

ඇයි යකො ඵොටො එකක් එවන්න කියකො මන් දැන් තොට කියෙ ඉදන්ද කියන්නෙ...මගුල ලව් කරන එකත් එක්ක එපා වෙනවා....

මං රවාගත්තා .....නිර්වානගෙන් කිසිම මැසේජ් එකක් නැති මට අරුන් දෙන්නගෙ ආදරෙ පෙරෙන මැසේජ් හිස රදයක් වගේ පෙනුනා....අපේ එක ඉවරයක් නැතුවම ආදරෙයි කියනකොට ඩිපූටියා උම්........ම්මා ගගා මැසේජ් හැට හුටාමාරක් එව්වා....මගෙ ගාව උන්න සැලලිහිනියා පුලුවන් තරම් උගෙ පෙට්ටි කට එහා මෙහා කර කර තවත් කෙටුවා....

ආදරෙයි සෙනූ...බබි ආදරෙයි හාද....

උම්ම්ම්ම්මා...බබීටත් ආදරෙයි ඉතින්...

පරිස්සමින් හොදද...තුවාල කරගන්න එපා සෙනූ....

එව්....යකෝ..එව්...දෙන හිතයි මූට....මනමාලන්ගෙ මූනෙ මනමාල කම පෙරෙනවා...අමොර්...අමොර් ...තුවාල අරගන්නත් එපාලු....

හරිම අගෙයි..ආ...හරිම අගෙයි.....චින්තකගෙ වැඩිමහල් පුතුනුවන්ගෙ කුලුජුල් ආතරෙ නම් හරිම අගෙයි.....මෙව්වනෙ ආදර කතා...සාලිය අසෝක මාලා මොක්කුද ඩිපූටියයි සැලයි එක්ක බලනකොට ...රහසින්වත් පව් නොකල තැනැත්තා...පිච්චමල්බිසව්තමෝ !!ප්‍රීතී ....ප්‍රීති..ආය....හැප්පි...හැප්පි...හෑ.....පී....!!

මං රවාගන උන්නා...අරුන් දෙන්නගෙ පෙම් කෙලිල්ල බලන් උන්න මටත් නිකන් මෝනින් සික්නස් වගේ එනකොට මගෙ ගාව උන්න සැලාව මං පුලුවන් තරම් කෙනිත්තුව....ඩිපූටියගෙ මැසේජ් වල බලේ කොයි තරම්ද කියනවනම් මන් කොච්චර කෙනිත්තුවත් අපේ එකගෙ සෙන්සරෙ ගහලා ගිහින් තිබ්බා.....

අව්ව්..හ්...ඇයි යකෝ..අනින්නෙ...

දැන් වත් ඵොටො එකක් එවන්න කියපන්කො ලොකූ...මගුල....

මෙච්චර වෙලාම ඉවසන් බලන් උන්න මං අනිත් පාර අරූගෙ ඇලපතේ ඇලවෙන්නම.එකක් ඇනලා දැන් වත් ඵොටො එකක් එවන්න කියනවත් එක්කම ඌ කෙදිරි ගගා ඵොටො එකක් ඉල්ලනකොට ඩිපූටුයා සට බට ගාලා ඵොටෝ දෙක තුනක් එවලා ඕෆ් ලයින් ගියා.....උගෙ මැච් එක දැන්ලු...නිර්වාන්ගෙ පැය දෙකකින්ලු...

යොහ්...ලස්සන...

රවන් උන්නත් ලස්සනයි.....

මගෙනෙ....ඉතින්....

ම්හුක්....නිරූ...චූචිට ලෝභ හිතීගනනෙ එන්නෙ....හ්

අනේ...චින්තක....බාල බෑනා හරි හැන්සම්නෙ...ම්හුක්....

ආතරෙ...මන්තිරේ...සතලු තල එලිවෙලා....!

ම්හුක්.....උම්ම්ම්ම්...මියා.....මගෙනෙ.....

හා හා මෙහෙ දිපන් චැට් එක ඩිලීට් කරල ඵොන් එක ගිහින් දෙන්න.....ඔය මදැයි ඕක දැන් හැට වරුවක් උඹ දමාගන ඉම්බා...ඌ ආවම ඉඹගනින්.....දැන් ඕක මෙහෙ දියන්....

අහංකාර විදිහට බලාගන ඉන්න මගෙ නපුරු නිර්වාන්ගෙ ඵොටො එකට සියපාරක් උම්මා දීපු මා දිහා බලන් උන්න සැලා අනිත් පාර ඵෝන් එක උදුරනවත් එක්කම මං ඉක්මනට නිර්වාන්ගෙ පික්කුව මගෙ ඵෝන් එකට යවලා චැට් එක ඩිලීට් කෙරුවා ....

දැන් හරි.....!

චූටියා...ලොකූ.....උඹල දෙන්නගෙ කම් ඇහෙනවද ආ.....ඇයි අම්මෙ...මට මේ කුසිය අස් කරගන්න ඇවිල්ලා කාපල්ලකො ආව වෙලේ ඉදන් ඕකෙ රිංගන් ඉන්නෙ...

.මේ...එනවා....සුතර්මා ....විනාඩියයි.....

විනාඩියයි....දැන් උඹ ආව වෙලේ ඉදන් විනාඩි කීයක් ඉල්ලුවද...ලොකූ.....කන ඇහුනද උඹගෙ....

ඉස්කෝලේ ඉවර උනා...ගිනි ගහන අව්වෙ ග්‍ර්වුන්ඩ් එක පුරාවටම උන්න ළමයි අව්වෙ කර වෙලා ගෙවල් වලට යන්න යනකොට සාරි පොටවල් වලින් ඔලු වහන් උන්න මිස්ලා බලාගන ළමයි ඔයාලා වැටෙයි අනේ ගගා ඉදලා උනුත් ගෙවල් වලට යන්න ගියා...වෙනදා නම් ඉස්කොලේ ඇරුනම කොහෙ හරි මුල්ලකට දුවලා මලක් කඩලම ගෙදර එන මායි ලොකුවයි දෙන්නම අද ඉස්කෝලේ බෙල් එක වදින්නත් කලින් ගෙදර ආවා වගේම ආව වෙලේ ඉදන් ඇදුමක් වත් මාරු නොකර ඵෝන් කන්න ගත්තා ....

චින්තකගෙ ලොකු අක්කගෙ කින්කිනි නාදෙ උච්ච සුවරෙට යනකොට විනාඩියක් ඉන්න විනාඩියක් ඉන්න.ගගා උන්න මං නිර්වාන්ට මැසේජ් එකක් කෙටුවා ....

නිරූ.....චූචි හෙදර ආවනේ...

මං මැසේජ් එක සෙන්ඩ් කරා.....ඒ.විනාඩ් දෙකකින් මට ආපහු රිප්ලයි ආවා.....

කෑවද .....

නෑනෙ ඔයා කෑවද

නෑ තවම....යන්න වොශ් එකක් දාන් කන්න....

හා.....ඔයා නැතුව පාලුයිනෙ අයියො....

මං ආයම මැසේජ් එකක් කෙටුවා....

ම්න්...

ඉක්මනට එන්නකො නිරූ...

ම්න්.....

චූචි බලන් ඉන්නවනේ...

ම්න්....

ඇයි අම්මෙ...මුන් දෙන්නාතාම මේ ඉස්කෝලේ ඇදුම් පිටින්නෙ...චූටියා නැගිටපිය...නැගිටු...ගිහින් කාපිය....

ඌව්ව්....හ්...සුතර්මා ...ඔහොම ගහන්න බනින්න එපා අනේ...දරු පැටියගෙ හිසෙ රුජාවනෙ....ඊයෙත් ගැහුවා....අදත් ගැහුවනේ....

ගහන්න ගහන්න නෙවෙ වටින්නෙ තව ඔබපන්.....තව ඔබපන් එතකොට තව රුජාවල් එන්නනෙ නැතෑ...උඹලට ඕක ඔබනකන් කිසී ලෙඩක් නෑ....දෙයක් කිව්වොත් තමයි රුජාවල් එන්නෙ නේ....ලොකුවා නැගිටපිය...නැගිටු...ගිහින් කාපිය...

උව්...ඌව්ව්හ්හ්...ඊයෙ ගහපු තැනටම ගහන්න එපා..අනේ.....හ්....රිදෙනවානෙ....

ආදර ලෝකෙ වෙලිලා ගිලිලා කොට්ටා කාගන නයි පොලොන්ගු වගේ ඇඹරීගන උන්න මගෙ තට්ටම හරහ වැදුන හැදි මිටෙ ඩෑස් එකත් එක්ක මම තට්ටම කස කස එක අතකින් ඵෝන් එකත් ඔබ ඔබ කුසියට ගිහින් අත හෝදන් මගෙ අඩු දෙකත් පුටුව උඩ ගහන් ඉදගත්තා ...

නිරූ...චූචි බයි කනවා.....

"ම්න්...ඔක්කොම කන්න..."

ඔයාටත් බයි කටක් කවන්නද අනේ...කෝ...ආ ගාන්න....

මම සුදු බත් කටකට ගොටුකොල සම්බෝලෙන් ටිකක් දාගන ගොටුකොලයි බතුයි අනපු බත් කටක් කටේ ඔබාගන්න ගමන් ආයම නිර්වාන්ට මැසේජ් එකක් දාලා ආ ගන්න කිව්වා.....එයාගෙ අට යටින් ටයිපින් කියලා වැටුනා....

ඒ එක්කම මැසේජ් එකක් ආවා...මැසේජ් එක දැකපු මගෙ මූන හතරැස් වෙලා ගියා....

" ඔහෙ ඉදන් බත් කවන්න බෑනෙ....විකාර නොකර බත් කන්න "

මූ නම් මහ මොකෙක්ද මන්දා.....රොමාන්තික බාවෙ කියන එක නම් නැත්තටම නෑනෙ.....

එහෙම නෙවෙ අනේ.....

මං ආයම මැසේජ් එකක් යැව්වා මට එහාපැත්තෙ උන්න සැලලිහිනියා අර කොල ගෙම්බා වගේ අරූට ආදර හසුන් පිට හසුන් කොට කොට යවනකොට රොමෑන්ටික් කියන නාමයක් නොදන්න නපුරු නිර්වානයට මං ආයම මැසේජ් එකක් කොටන ගමන් තවත් බත් කටක් ඇනුවා.....

" එහෙම නෙවෙ නම් කොහොමද "

අන් බත් කටක් අනලා ඵොටො එකක් අරන් නිර්වාන්ට යැව්වා..යවල ආයම මැසේජ් එකක් යැව්වා....

ආ ගන්න නිරූ....චූචි කවන්නම්....

මං බත් කටේ ඵොටෝ එක යවල නිකමට අපේ.එකාගෙ ඵෝන් එකට එබුනා...ඌත් බත් කටක් යවලා...අරු රසයි කියලා එවලා....

ම්ම්ම්ම්.....රසම රසයි .....

දෙන්න හිතයි මූට....!

ආවෙස උන කොල ගෙම්බා වගෙ මැසේජ් කරන ලොකූවගෙ මැසේජ් වලට බෙල්ල දාන් උන්න මාව එකෙ තිබුන ආදර වදනවලටම භ්‍රමබය වෙන ආවා....

ඔක්කොම..හබුන් කාලා සෙනූගෙ බබී පරිස්සමින් ඉන්න....

බබීගෙ සෙනුත්....බන්ඩි ගෙඩිය පිරෙන්නම කාලා....ඔතන ඉන්න ඔක්කොටම ඩිශුම් ඩිශුම් ගාලා ගහන්න ඕනෙ...හරිතේ.....

ආ..ආ....ආ....හරිම අගෙයි ආ...චින්තකගෙ ලොකු පුතුකිගෙ ආදරේ භාසාව නම්..හරිම අනර්ගයි....අමොර්...අමොර්....මේවනෙ ප්‍රේම පුරාන.....ප්‍රීතී....ප්‍රීතී ....

රවාගන උන්න මං උගෙ ඵෝන් එක ශිහා බලාගනම අත පත ගාල මස් කෑල්ලක් කියලා ගොරකා කෑල්ලක් කටේ ඔබා ගන තියනකොට මගෙ මුනත් එකක ඇබුල් වෙලා ගියා ඒ එක්කම මගෙ නිරූගෙනුත් මැසේජ් එකක් ආවා...

එයත් රසයි කියලා එවලද දන්නෙ නෑ.....

"කන්න තියන වෙලේ විකාර නොකර කන්න...ඔහොම කැව්වා කියලා මට කැවෙන්නෙ නෑනෙ..... මන්‍ යනවා ..."

අනේ අත්තමයි...මූට...දෙන්න ඇත්නම්.....

කිසිම ආදරයක් නෑනෙ කිසිම ආදරයක් නෑනෙ....

මං ඵෝන් එක මුනින් අතට හැරෙව්වා ...ඒත් ඒ ක්ශනිකවම මං මට නපුරු කම් කරන නිර්වානයට බැනලා මැසේජ් එකක් දැම්මා....

කමක් නෑ..ඔයාට මාව විකාරයක්නෙ....මං දන්නවා ඔහොම කැව්වට කැවෙන් නෑ කියලා ...ඒත් මං එහෙම හරි එව්වෙ මට මතක් උන නිසා ....ආයමත් මේ විකාරයගෙන් වදයක්ද වෙන්නෙ නෑ නිර්වාන් .....

ඉන්න තැන කොහෙ උනත් පරිස්සමින් සතුටින් ඉන්න...

ආය කවදාවත් මේ විකාරයා එන්නෙ නෑ..."

දුක හිතෙන මැසෙජ් එකක් එක්ක ඵොටෝ එකකුත් යැව්ව මං අනිත් පාර ඵෝන් එක පැත්තකින් දාලා සුදු බත් හරිය ගිලගන ගිලගන යද්දි ලොකු නැන්දා ආවා...

චූටියා තව හොදි ටිකක් දාන්නද...

ඔන්න ඔහෙ දෙන්න සුතර්මා ...හිතෙ තියන වේතනාවට දරු පැටියට හිරත් වෙනවා...

කඩ්ඩ බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි....නිද්ද ඩෑ කියයි මගෙ කවි තාල නෑ කියයි...

ම්හුක්... බගී ඩරු පැටව් අහසට දැත දිගු කිරන්.....

යෝ....හ්.....අම්මියෙ...වේදනාවයි...!

කියවිල්ල නවත්තලා අල්ලපන් ඕක බත් එක එහෙම්ම...මේ අනිකා මේ... ආව වෙලේ ඉදන් එබිල්ල එබිල්ල.....ලොකූ අල්ලපන් බත් එක...මං දැන් බලන් උන්නෙ....උඹලගෙ එබිල්ල වැඩී ආ...චූටියා....උඹට තමයි දෙන්නෙ මුලිම්ම....

ආ...හොද වැඩේ . ....ඇයි සුතර්මා මේ වෙනස් කම්....ඇරත්.....අනේ..මේ කාලෙ ඔබා ගත්තොත් තමා...පේනවනෙ අනූ ගනන් වල ඉපදුන අපේ චූටි අයියා....මං නම් කියන්නෙ සුතර්මා...දැන් නම් මුනුබුරෙක්ගෙ මූන බලන කාලෙ ඈ.....

හාහා..ඌ බලාගනී උඹ කට පියන් කාපන්කො.....ඌත් ආවදෙන්කො ගෙදර...මගුල් හොයලා විසේ යනවා අර කිව්වත් වගෙ මූට ළමයි දෙන්නෙක් වත් ඔන්න ඕන වයසනෙ...

ඒකනෙ...කියන්නෙ..අපේ ලොකුව නම්....අවුරුදු විසි පහ වෙනකොට තිදරු "මවක්" වෙනවා.....

මොකක්.....

ඌ බොටම්නෙ...ඒකයි

චූටියා....තොගෙ.....මං....

හා හා කටවහන් කාපියව් බල්ලො බලලු වගේ කා ගන්නවා....

.නැන්දා ලව්වා හොදි දම්මන් බත් කාපු ඒ අතර මැදට ඕපදූපත් කියවපු මං අනිත්පාර ගිහින් ඇග හෝදගත්තා ....මං නෙවෙ ආයම ඵෝන් එක දිහා බැලුවෙ .....කොයි වෙලෙත් නපුරු කම් කරන නපුරු නිර්වාන්ට මැසේජ් එක දැම්මෙන් පස්සෙ ආයම මොකූත් නොදාපු මං ඔහේ ඇදෙ පෙරලිල උන්නා ....

ම්හුක්...මතක් වෙනවා.....!!

මගෙ මූන දැන් තිත්ත කැකිරි පන්තියෙ පූසා වගේ....නිකන් වත් හිත හැදෙන්න මැසේජ් එකක් එව්වෙ නෑනෙ....දැන් වෙලාව කීයද උදේ ඉදන් මට කොච්චර නම් මතක් උනාද...ඇයි එයාට බැරි පොඩි දෙයක් වත් කියන්න...අඩුම ගානෙ...එයාට බැරි උනා මේ වෙනකන්..මට ලිප් කිස් එකක් වත් දෙන්න.....

නෑ ඔක්කො ඕන් නෑ....බලෙන් මොකටද.....

මුනින් අතට උන්න මං අනිත් පාර ඔලුව උස්සලා ආයම ඵෝන් එක අතට අරන් මම හවුස් හදන්න යනවා කියලා මැසේජ් එකක් ටයිප් කරන්න ගත්තා ....

නිර්වාන් විකාරයා හවුස් හදන්න යනවා....

පරිස්සමින් ඉන්න...විකාර වැඩ කෙරුවත් ම්න් පරිස්සමින් ඉන්න කියන්නෙ හදවතිම්ම...නැතුව මූනිච්චාවට නෙවෙ...

අපි දෙයක් කිව්වොත් විකාර....

වෙන කවුරු හරි කිව්වා නම්....

කමක් නෑ.....ඔයා පරිස්සමින් .....ආය විකාරයගෙන් වදයක් නෑ..

මං දැන් කදුලු පුරවන් ටයිප් කරනවා කොච්චර වදයක් වෙන්නෙ නෑ කිව්වත් මම ඒකම කිය කිය එයාට මැසේජ් දාලා අවසානෙදි අඩන බනානා කැට්ගෙ පින්තූරෙකුත් යවලා මං ඵෝන් එක ඕෆ් කෙරුවා ...

දුක තද කරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔඹ නැතුව නම්....!

Nirvaan pov.....

" ඔහොම කවන්න බෑනෙ,මං ආවම හුගක් කවන්න....කොහෙවත් නොයා ඇග තලා ගන්නෙ නැතුව පරිස්සමින් ගෙදර ඉන්න මගෙ ලමයො"

එයත් ඵෝන් එක ඕෆ් කරලා...

මම පැරදුනා....මගෙ ඔලුවට වැදුන එකපාරක් එක්ක කටට දාලා තිබුන ප්ලාස්ටික් ගාර්ඩ් එක ගැලවිලා ගියා විතරක් නෙවෙ මට තත්පර ගානකට මගෙ ඔලුව මට කෙලින් කරගන්න බැරි උනා....ඒ තරම් සැරට මගෙ ඔලුවට පාරක් වැදුනා..ඒක තනිකරම හිතලම එච්චර වේගෙන් ගැහුවා වගේ පාරක් වෙනකොට මට නිකන් එවෙලෙ කලන්තෙට වගේ ආවා.....

නිර්වානයා.....

වෙච්ච සිද්දිය ආය අයම මතක් කර කර මං උන්නෙ සින්ක් එක දිහාවට ඔලුව පහත් කරගන....මගෙ ඔලුව කැක්කුමයි.....අරූ ගහපු පාරට මගෙ ඔලුව තාම කැක්කුමයි..... එහෙන් අම්මා ඉවරයක් නැතුවම කෝල් ගන්නව..මට කියන්න දෙයක් නෑ...එයා දැනගන ඉවරයි....මට නැශනල් ටීම් එකට සිලෙක්ට් වෙන්න තිබුන චාන්ස් එක ඉවරයි...

නිර්වානයා.....

ශෙනිරු මාව හොලවනවා....මට කියාගන්න දෙයක් හිතා ගන්න බෑ.....මට කියාගන්න දෙයක් කියන්නෙ....කවදාවත් පැරදිලා නැති මට පරාජය කියන දේ දරාගන්න බැරි වෙනකොට මං අත දිගෑරලා අර කන්නාඩිය කුඩු පට්ටම් වෙන්න ගැහුවා.....

මගෙ පපුවට බරයි....

මගෙ ඔලුවට බරයි....

මං නිකන් මුලු ලෝකෙ ඉස්සරහම පරාද උන එකෙක් වගේ දැනෙනකොට මමමගෙ කොන්ඩෙ අහුරු පිටින් ගැලවිලා එන තරමට ඇදගත්තා .....අර කන්නාඩියෙන් මාව දකින වාරයක් පාසාම අත කැපි කැපි යන බව දැන දැනම කකන්නාඩිය පතුරු ගැල වෙනකම්ම මං ගැහුවා...

ශෙනිරුවා ක ගහනවා.....

ඒත් මන් නෙවෙ නැවැත්තුවෙ මං කෑ ගැහුවා....පුලුවන් තරම් අර කන්නාඩිය කුඩු පට්ටම් කෙරුවා ....කන්නාඩියෙන් මාවම දකින වාරයක් වාරයක් පාසාම මතක් වෙන්නෙ ඇමතියව වෙනකොට මං මගෙ අත් කැපෙනකම්ම ගැහුවා....මට දරා ගන්න බැරිම උනා...මම පැරදුනා...මම පැරදුනා කියලා කියගන්න ඕන පලවෙනිම කෙනා සයාශ් වෙනකොට එයා පවා මොන මොනවදෝ මැසේජ් ගොඩාක් දාලා ඵෝන් එකත් ඕෆ් කරන් තිබුනා....

මේ ඔක්කොම එකට එනකොට ඉවරයක් නැතුව අම්මගෙන් එන කෝල් ආන්ස්වර් කරන්නත් කලින් මගෙ ඔලුව හත් කඩකට පුපුරන්න ගත්තා ....

නිර්වාන් එපා...නවත්තපන්....නවත්තපන් යකො...නවත්තපන් නිර්වානයා...ඕක නවත්තපන්...

ශෙනිරුවා මාව අල්ලගන්න හැදුවා ....ජීවිතේ පලවෙනි පාරට පරාදයි කියන හැගීම මාව උම්මන්තකයෙක් කරනකොට මට සයාශ් කියපු විදිහට දරාගන්න බැරි උනා...එයා උගන්නපු විදිහට මට ඒක බාරගන්න බැරි උනා....කොටිම්ම අම්මගෙන් පපුවපැලෙන කතා අහන්න වෙයි කියන බයට මම පිස්සෙක් වගේ කෑගැහුවා...

.නෑ....නැ.....මං පැරදුන් නෑ...මං පැරදුන් නෑ....මං කිව්වනෙ...මං කිව්වනෙ...මං...මං...පැරදුන් නෑ යකෝ....මං පැරදුන් නෑ....

නිර්වාන් ....නිර්වාන් ඕක නවත්තපන්....උඹට පිස්සුද යකෝ....උඹව කැපෙනවා නිර්වාන් ...යකො...ඕක නවත්තපිය.....නිර්වානයා....පිස්සුද උඹට...

ඔව්..ඔව්..ඔව් මට පිස්සු.....මට පිස්සු.....මට දැන් පිස්සු යකො.....මට පරදින්න බෑ...මට..මට...මට පරදින්න බ...ශෙනිරු.....අනේහ්...අනේ....හ්...

මට...පැරදිලා....ගෙදර යන්න.....බෑ.....ශෙනිරු....මට..පැරදිලා....ගෙදර.....යන්න...බෑ..මාව........මාව....අනෙ..මට....යන්...න....බෑ...බන්....

කන්නාඩියටමගෙ පිට අල්ල කැපිලා කැපිලා ගිහින් රතුම රතු ලෙ වලින් අත වැහිලා යනකොට මං මට ගෙදර යන්න බෑ...ගෙදර යන්න බෑ කියන ගමන් මගෙ අත් දෙකෙම්ම කන් දෙක වහගන එහෙම්ම බිම ඉදගත්තා ....

මට...ගෙදර ..යන්න..බෑ....

මං..පැරදුන්..නෑ කියපන්.....

අනේ.....මං...පැරදුන්නෑ...කියපන්...මට....මගෙ ඔලුව...මට බැරි උනා.....මට සිලෙක්ට් වෙන්න බැරි උනා....මං..ඉදලා...ඉවරයි.....මං....ඉදලා....ඉවරයි....අනේ....බ්න්...මං...

නිර්වාන් ...නිර්වාන් ...කෝ...හොද එකානෙ....හොද එකානෙ..කෝ..මගෙ දිහා බලපන්කො....මේ අවුරුද්දෙ බැරි උනාට...අපිට පුලුවන් නෙ...මේ බලපන්..කෝ....මේ.අහපන් කෝ....මාත් පැරදුනානෙ...

නෑ...උඹ ඒක අතෑරියා ....උඹ...මටබොරු කෙරුවා..මං..පැරදුන...හන්දා...උඹත්....ඌට...දිනුම..දුන්නා.....නෑ..නෑ...එක වෙන්න බෑ...මට...මට...අයම...ආයම....චාන්ස් එකක්....ඔව්...මට...ආයම....චාන්ස් එකක්.....ඕනා...අම්මගෙ නම...කියලා හරි...කමක්..නෑ....

උඹට තේරෙනවනෙ....අම්මගෙ නම කිව්වොත්....අම්මගෙ..නම...කිව්වොත්

බැරි නෑ.....මට ගෙදර නම්..යන්න..බෑ..මට..ගෙදර ඔව්...ඔව්...මට..ගෙදර නම්...ශෙනිරු මාව....මට...කනක්..ඇහෙන්න...වෙන

එකක්..නෑ....

මං කියෙව්වා ..අත පය කපා ගත්තු මම ලේ පෙරාගන හිගන්නෙක් වගේ බිම ඉදගන මට තව චාන්ස් එකක් ඉල්ලා දියන් මට ගෙදර යන්න බෑ...අම්මගෙන් බේරුමක් නැති වෙයි ගගා අරූව හොලව හොලව කියවනකොට ඌ උමතුවෙන් වගේ දගලන මාව තද කරලාබදාගන්න හැදුවා....

ඌ පැරදුනා....

නෑ..නෑ...ඌ මං හිනදා..උගෙ මැච් එක අතෑරියා .....

ඌ දන්නවා...මම පැරදිලා ඌ දිනලා ගියත්...ඒකට හදවතින් සතුටු වෙන්න ඉන්න මගෙ අප්පච්චි විතරයි කියලා ...අම්ම තරහවත් මගෙ පිටින් යවන බව දැන දැන ඌ මං වෙනුවෙන් පැරදුනා.....

මට දරා ගන්න බෑ.....මගෙ මුලු ඔලුවම ගිනි ගන්නවා..මගෙ ඇගම ගිනි ගන්නවා වගේ...ඌ කෙරුවෙ බොරුවක් වගේම මං පරාදයි කියන දේමතක් වෙන වාරයක් ගානෙ මං කෑ ගහනකොට මං බලාගන කෝල් සීයක් ගත්තු අම්මා අනිත් පාර මැසේජ් එවනවා....

ඕක ආන්ස්වර් කරපන් නිර්වාන් .....

උඹ මොකක්ද කෙරුවෙ....

ඔක්කොම කාගන නේද....

නිර්වාන් ....ආ ආන්ස්වර් කරපන් ඵෝන් එක...

ශෙනිරු ....ශෙනිරු ....මට...මට තව එක චාන්ස් එකක් අරන් දියන් ...අනේ....මට එක පාරක් අවස්තාව දෙන්න කියපන්...මට බැරි නෑ..මට...පුලුවන් ...බන්....මට....පුලුවන් ...

නිර්වාන් ...නිර්වානයා...මේ.අහපන්....මේ අහපන්කො.....බන්.....අනේ...කිව්වම අහලා ඕක නවත්තපන් යකෝ...ඕක නවත්තපන්...ඕක නවත්තපිය....තෝව පිස්සෙක් වෙයි දැන්.....ඕක නවත්තපන් කිව්වම අහලා ඕක නවත්තපිය....අම්මගෙ නම කියලා ආය චාන්ස් ඉල්ලන්න තොට පිස්සුද....අනික....යකො....මේක මේ.තරගයක්....මෙතනින් එහා ඉවරයි...උඹගෙ අම්මට මොලයක් නැති උනාට උඹට තියනවා නිර්වාන් .....කරුනාකරලා උඹ උඹවම මරාගන්න හදන එක නවත්තපන්.....

උබ පැරදුනෙ අද විතරයි ...කරුනාකරලා පිස්සෙක් නොවී ඉදපන්...උඹගෙ අත් වල කෑලි නෑ...යි යකො...මේ.....ඇයි නිර්වානයා ....අඩේ...ඇයි යකො...මටයි රිදෙන්නෙ....තෝව මෙහෙම දකිනකොට මටයි රිදෙන්නෙ....

මට....තව...එක...පාරක්...අනේ...බන්....

මට...අනෙ...අම්මගෙ.....නම...කියලා...

බැරි...නම්....

මම බිම ඉදන් මගෙ ලේ පෙරෙන අත් දෙක එකතු කර කර ඌට තව පාරක් ඉල්ලා දෙන්න කියනකොට අම්මගෙන් ආයම කෝල් එකක් ආවා වගේම අපි දෙන්නා උන්න බාතෲම් එකේ දොර ඇරුනා.....

මිනිස්ටර් කාරයගෙ පුතා...මගෙ ඔලුව හෙලවෙන්නම ගහපු එකා...

ඌ හිනා උනා....මාව දැකපු උගෙ මූන පුරාවටම තිබුන සමච්චල් හිනාව දැකපු මගෙ ඇගේ ලේ රත් වේගන ආවා උනත් මගෙ ගාව උන්න ශෙනිරු මාව අත් දෙකෙම් මිරිකලා අල්ලන් මගෙ දිහා බලන් උන්නා....උගෙ ඇස් අපි මෙතනින් යමු කිව්වා.....මෙතන ප්‍රශ්නයක් දාගන්නෙ නැතුව ඉමු කිව්වා...

නිර්වාන් ...වරෙන් අපි මෙතනින් යමු.....

ශෙනිරුවගෙ වචනවලට ඔලුව නවපු මං නැගිට්ටා...නැගිටලා හිටගත්තා ....මට නිකන් හෝන්දු මාන්දුවට වගේ....අරූගෙ මූනෙ තිබුන හිනාව දැක දැක මට එන්න හිතක් නැති උනත් මම බිම බලාගන එන්න ආවා...හැබැයි ඌ මාව නවත්තගත්තා ....

නිර්වාන් අශේන්ද්‍රන් .....මම දිනුවා...

ම්න්...Congratulations ...

නිර්වාන් ඔයා...ට...මේක...සැටිස් නැතිනම්...මට පුලුවන් ඔයා වෙනුවෙන් එක පාරක් අහල බලන්න....ආපහු චාන්ස් එකක් දෙන්න පුලුවන්ද කියලා ....

මං හිතන්නෙ.....ආයම එහෙම දෙයක් ඕන වෙන එකක් නෑ ගොඩක් ස්තූතියි ඇහුවට....වරෙන් නිර්වාන් යන්න....

නෑ..මං...ඇහුවෙ...එයාට..මේක පිලිගන්න අමාරු.....නම්.....අපිට පුලුවන් ..අහලා බලන්න...මොකද....නිර්වාගෙ....

මිනිස්ටර් තාත්තාගෙ නම කිව්වොත්.... අපිට බැරි වෙන එකක් නෑ...

......

සංජන..මං හිතන්නෙ...තමුන් සීමාව පනිනවා.....කරුනාකරලා ....තමුන්ගෙ සීමාවෙ ඉන්නවා හරි.....කරුනාකරලා .....උඹගෙ සීමාවෙ ඉදපන්....නිර්වාන් ...වරෙන් යන්න.....

සීමාවෙ...නෑ..මං වැරදි දෙයක් කිව්වෙ නෑනෙඑහෙම නේද නිර්වාන් ...මිනිස්ටර් ....සිංහවංශගෙ පුතා කිව්වොත්.....

මොකක්ද යකො තෝ කියන්නෙ...

නිර්වාන් ..නිර්වාන් ...අතෑරපන්..නිර්වාන් .....

නිර්.....වා....න්..අතෑරපන්.....!

🙂ආය...එන්නම්...ඈ....

පයිස්සමින් ඉන්ඩෝ .....

මම

ජොබී.....තාරාවා....!

More Chapters