චූටියා....මට ලැජ්ජයි වගේනෙ ...අඩේ....
උඹ මොන ලබ්බට ලැජ්ජා වෙන්නද.....ඒ ආවෙ නිර්වාගෙ තත්තනෙ.....
ඒ උනාට....ඈ බන්....දැන් අපිත් බුලත් හෙප්පුව අරන් යන්න ඕනෙද....
ඔව්....අරන් යමන්...අරන් ගිහින් ගහපන් සෙනුවගෙ ඔලුවටම.....
මම උන්නෙ දොර රෙද්දට මුවාවෙලා....දොර රෙද්දෙ එල්ලීගන....මනමාලයා මම උනත්.....ලැජ්ජාව ඉහට ගහලා තිබුනෙ සැලාට වෙනකොට ඌ මගෙ පිටිපස්සෙන් ඉදන් හැන්ගි හැන්ගි විකාර කියෙව්වා.....
සාලෙන් එකයි සෙනග...
සාලෙන් එකයි කිව්වට...ඇත්තටම උන්නෙ සංජනයි....මටත් කොලේ වහලා යුග දිවිගමනට පා තබලා උන්න නලුවයි...ශෙනිරුවයි නිරුයි.....නිරූගෙ තාත්තයි...මගුල් කතා කරන්න ආවට මොකද අපේ මිනිහගෙ මූනෙ තාම දාඩිය පාරවල්...ගුටි කාලා උන්නත් මොකද...ඒ මූනෙන් එකයි සන්තෝසෙ....
ලොකූ.....
ම්ම්ම්....
කාමරේ අස්සෙ ඉදන් හොරගල් අහුල අහුල දොර රෙදි අස්සෙන් බල බල උන්න මගෙ උරහිසට නිකට ගහන් උන්න සැලාට මං හිමීට මිමිනුවා...
මං....අදයි හරියටම දැක්කෙ....නිර්වාන් එයාගෙ තාත්තා එක්ක ඔච්චර ළඟින් ඉදන් ඉන්නවා....
මිනිසු වෙනස් වෙනවා චූටි....ඇමතියා මොන තරම් නම් කුනු කතා අහගත්තද.....මොන තරම් දේවල් කියලා නම් නිර්වානයා ඒ මනුස්සයට බැන්නද.....
හ්ම්ම්ම්....
චූටියා....උඹ අහලා තියනවද කතාවක්.....බලාගන ඉන්න එක අසීමාන්තක උනහම....ප්‍රබලම හැගීම් පවා කල් ඉකුත් වෙනවා කියලා....
හ්ම්....
ඒත්....ඇමතියා....ඇත්තටම ...මොන නරක ගති තිබ්බත්...ඒ මනුස්සයා අපිට කරපු වරදක් නෑ අඩෙ...අපෙ....අර එක ගතියක් තියනවනෙ....යාලුවා මොකා එක්කද තරහා...අපිත් ඌ එක්ක තරහා ගන්නවා වගේ ලයිනක්.....ඒත්...ඒ මනුස්සයා....උඹට වත් මටවත් ...අඩුම ගානෙ නිර්වාන්ට වත් මොකුත් කෙරුවෙ නෑ...ඒ මනුස්සයා බලන් උන්නා.....අච්චර කුනු කතා අහන් උනත් ඉවසන් උන්නා.....අවසානෙදි ...ඒ මනුස්සයගෙ බලාපොරොත්තු හීන යතාර්තයක් උනා...ගෑනු දෙන්නෙක් උනත්...චූටියා...මිනිහා ළමයි ගැන බැලුවා....
සංජන ඇමතියා ගැන තරහ ගත්තා උනත්...සංජනව අමුතුවෙන් අයිතිකරගන්න දෙයක් තිබුන් නෑ....හැබැයි....නිර්වාන්ව ඕන කම හන්දා....මිනිහට සංජනව අතෑරුනා....
උඹයි මමයි...අපි හැමෝම දන්න කතාවලට වඩා....නොදන්න කතා ගොඩයි චූටි....
හ්ම්.....
මං හූමිටි තිය තිය අහන් උන්නා...සුරේන් ඇමතියා අර කලිසමයි ඇදන් උන්න ටීශර්ට් එකයි ගලවලා ආයම තනි සුදු සරමට බැහැලා.....නිර්වාන් නම් උන්නෙ බිම බලාගනම වෙනකොට සංජනයා නම්..අනේ....ලෝබ කමක් නැතුව කෝඩියල් බොනවා.....කපුටු සාත්තරෙ හරි...!!!!
මෙහෙම කිව්ව්ට.....වරදවා හිතන්න එපා මහත්තයා....ලමයිගෙ අප්පච්චි ගෙ නම්...මුලදි නම් කැමැත්තක් තිබ්බෙම නෑ....ඒත්....පහු වෙනකොට ....ළමයි කියන්නෙ අපිට හැමදාම නීති දාන් හිරකරන් හදන්න වත් ..එයාලගෙත් සමහර තීරනවලට අපිට ඕනාවට වඩා බලපෑමක් ඇති කරන්න බැරි හන්දත් කැමති උනා...නිර්වාන් ලමයා ගැන....අනේ අපෙ හිතේ අබමල් රේනුවක වත්...අවිස්වාසයක් නෑ...ඒත්...මහත්තයා...අපි පොඩි මිනිස්සු....මාත් මේ ළමයි පොඩි කාලෙ ඉදන් රට රටවල නර දුක් වින්දා...ලමයිගෙ අප්පච්චි එහෙ කරන්නෙත් ඩ්‍රයිවර් රස්සාව.....එහෙම එකේ....
සයාශ්ගෙ අම්මෙ....මං ආවෙ ඇමති කෙනෙක් විදිහට නම් නෙවෙ..මං ආවෙ..මගෙ පුතාගෙ තාත්තා විදිහට.....මං ආවෙ....මගෙ පොඩි පුතාගෙ ඉල්ලීමට....මේ තාක් වෙනකන්..මගෙ කොල්ලා මගෙන් මොකූත්ම ඉල්ලලා නෑ...ඉල්ලපු එකම දේ....මට කවදාවත් නොදී ඉන්න බෑ....අනික....සල්ලි බාගෙ....අද තියෙනවා හෙට නැතිව යනවා...මේ තාන්න මාන්න....නම්....දැන් මටත් ඇති වෙලා...කොහොම උනත්.....මට ලමයිගෙ වැඩ පිලිවලක් උනහම ඕනෙ නිදහසේ ඉන්න...සයාශ්ගෙ අම්මා කලබල වෙන්න කාරි නෑ..මාත් සාමාන්‍ය මනුස්සයෙක්...ඊලග චන්දෙත් එක්ක මේ ඇමති පට්ටම් සේරම අහවරයි.....
මට ඕනෙ...දරුවව දෙන්න කැමැත්ත විතරයි....
මමයි ලොකුවයි අහාගන උන්නා....ඇත්තටම අර ඇමති ගෑනිටෙ මේ සුරේන් ඇමතියව හොද වැඩී...ඒ මනුස්සයා මගෙ අම්මා එක්ක කතා කෙරුවෙ හරිම යටහත් විදිහට ....හරිම සාමාන්‍ය විදිහට...ආඩම්බර කමක් ගෑ විලා වත් නෑ.....
ඒත්....මේ දරුවගෙ අම්මා....
සනාශ්ලගෙ අම්මට...මගෙ කැමැත්ත විතරක් ඇති නේද....අම්මෙක් උනහම.....අම්ම කම මතක් වෙන්න ඕනෙ මගුල් තුලා කතා කරනකොට විතරක් නෙවෙනෙ සනාශ්ගෙ අම්මෙ...මං කැමතියි ...අනෝමව....මගෙ ලමයිගෙ ජීවිතෙන් ඈත් කරලා තියන්න...මෙච්චර කල් බැලුවෙ නැති එකෙ...මෙතනින් එහාට බලලා තේරුමක් නෑ....නෙ.....කොහොමත් ....අනෝමව මං මගෙ දරුවන්ගෙන් බොහෝම ඉක්මනට ඈත් කරනවා.....එතකන්...මගෙ පුතා වෙනුවෙන් කතා කරන්න ආව තාත්තව අහක දාන්න එපා කියලා ඉලන්නවා....
මට දුක හිතුනා....සංජනවයි මගෙ නිර්වාන්වයි මැද්දෙන් තියන් උන්න සුරේන් ඇමති තුමා අනෝමද බොහෝම ඉක්මනට අයින් කරනවා....අම්මා නැති උනාට තාත්තව අහක දාන්න එපා කියල කියපු විදිහ දැකලා මට දුක හිතුනා....
" වස්තුව එලියට එන්න"
මං උන්නෙ තවමත් දොර රෙද්දෙ එල්ලීගන....ඉදන් උන්න තැනින් නැගිටපු නිර්වාන් එලියට යනවත් එක්කම දොර රෙද්දෙ එල්ලීගන උන්න මගෙ ඵෝන් එක ටින් ගෑවා.....
මැසෙන්ජර් එකට මැසේජ් එකක්...
වෙන කාගෙන්ද ඉතින්.....
මගෙ නිරූගෙන් මිසක්....
නිර්වාන් මට එලියට එන්න කියලා.....මං දන්නවා...අනිවාර්යයෙන්ම මට වගේම සතුටක් එයාගෙ හිතෙත් තියනවා....
උඹ ඔය කොහෙද යන්න යන්නෙ....
එලියට....
එලියට....මොන මගුලට එලියට යනවද.....
උඹගෙ මිනිහා ඇතුලෙ උනාට මගෙ එකා එලියෙ .....
ඇදන් උන්න ඇදුමත් පිලිවලට හදාගත්තු මම කොන්ඩෙත් සිය පාරක් විතර අතින් හදාගන සාලෙ මැදින් ආවෙ ආය ඔලුවක් වත් උස්සන්නෙ නැතුව මේ දැන් ඉපදුන පිච්චමල්බිසව්තමෝ කෙනෙක් විදිහට වෙනකොට මං බලාගන මගෙ මාමන්ඩියා මා දිහා බලන් ඉන්නවා...අනේ ඉතින් මාත් මට දෙන්න පුලුවන් උපරිම ලස්සන හිනාව දීලා රහසින් වත් පව් නොකරපු එකා වගේ එලි බැස්සා...
කෝ...මේකා....
අර ඉන්නෙ...
සේපාලිකා ගහයට සිමෙන්ති බන්කුව උඩ....
එලියට ආව මම නිර්වාන්ව දැක්කා.....එයා ඉන්නවා.....සිමෙන්ති බන්කුව උඩ උන්බ නිර්වාන් හිනා වෙනවා.....
හැබැයි මා එක්ක නෙවෙ...
තනියමත් නෙවෙ ....
නටුවෙන් ගිලිහිලා ගියපු සේපාලිකා මලක් එක්ක...එයා සේපාලිකාවට කතා කරනවා.....හද එලිය යට පිපුන මල් අද වෙනදටත් වඩා ලස්සනට තිබුනා හිතේ තියන සන්තෝසෙටද මන්දා....ඒ මල්වල සුවද අද වෙනදටත් වඩා දැනුනා....
අයි..යෙ...
මං එයා ලගට ගියා....වෙනද වගෙ දහයකට ගහගන්න යන තරම් වේගෙජින් නෙවෙ.....හිමින් ගමනින්..මට ලෝබ හිතුනා....අර සේපාලිකාව එක්ක හිනා වෙන එයාගෙ හිනාව මගෙ අඩි සද්දෙත් එක්ක මැකිලා යයි කියලා මටබය හිතුනා.
මොකද ...නිර්වාන්ට තිබුනෙ..හරි වටින හිනාවක්....කලු නික හොයනවටත් වඩා අමාරුයි...එයාගෙන් සම්පූර්න හිනාවක් දකින්න.....
එයා උන්නෙ වෙන ලෝකෙක.....මීට පැය ගානකට උඩින් ගුටි කාපු නිර්වාන්ම දැන් ඉන්නෙ පුදුමාකාර සතුටකින් වෙනකොට මං නිරූ කියන එක නොකියා.....කලාතුරකින් වගේ මගෙ කටින් එලි පනින අයියා කියන වචනෙන් මං හරී හිමීට එයාට කතා කරනකොට නිර්වාන් මගෙ දිහාව බැලුවා.....
පුදුමයි... අර හිනාව එහෙම්මයි..... නිර්වාන්හිනා වෙනවා.....එයා උන්නෙ හරි සතුටකින්.....කටින් එකම එක වචනයක් වත් කතා නොකලත්....නිර්වන්ගෙ ඇස් දෙක නම්..හෝ ගාලාම කියවනවා...මාත් එක්ක නෙවෙ...මගෙ ඇසුත් එක්ක...
නිර්වාන් මගෙ ඇස් එක්ක ප්‍රේම කතාවක පැටලෙනකොට අතෙ තිබුන් සේපාලිකාව අතින් බිමට වැටුනත්....ඒ මලට තනි රකින්න තවත් සේපාලිකාවො රෑනක් බිම උන්නා...මහ පොලවෙ උන්නත් මොකද සුවද බෙදුවා.....

මගෙ.....වස්තුව....
නිර්වාන් කතා කෙරුවා...මෙච්චර වෙලාම මගෙ ඇස් දෙක දිහාම බලාගන උන්න නිර්වාන් ආදරේ අන්තෙටම පිරුන කටහඩකින් මගෙ වස්තුව කියන ගමන් මාව කකුල් දෙක උඩින් ඉන්දවගන නලලට හාදුවක් තිබ්බා ....
නිරූ.....
ම්ම්...නිරූට අද සතුටුයි....දන්නවද මගෙ වස්තුව...මිනිස්සුන්ට.....පලවෙනි ආදරේම...අවසානම ආදරේ කරගන්න හම්බවෙන්නෙ හරි කලාතුරකින්.....
නිර්වාන්ගෙ ඇස් දිලිසෙනවා...නපුරු කොල්ලා...ඉස්කෝලෙ පටන් ගත්තු වෙලේ ඉදන් රවාගන ඉන්න නපුරුම කොල්ලා....ඒත්.....අද ඒ කොල්ලම මන් දැකපු ආදරනීයම චරිතෙ වෙලා මගෙ අවසානම ආදරෙ වෙනකොට මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා .....
මගෙ චූටිට සතුටු නැද්ද...
මට...සතුටට .....වඩා.....හරි ලෝබයි....නිරූ....
ලෝබයි.....ඇයි ඒ ම්ම්ම්.....
මන්...උඹට හරි ලෝබයි.....ලෝකෙම ලැබුනා වගෙ .....මටම....මං ගැන ඊරිසියයි නිරූ. ....දන්නවද ...මං උඹට හරි ආදරෙයි අයියෙ...වෙලාවකට....මං උඹට ආදරේ කරන තරමට ....මට මාවත් අමතකයි...
මං දන්නවා...මගෙ මෝඩ කොල්කගෙ ආදරේ තරම.....ඉතින් කියපන්... උඹගෙ ලෝකෙම මම නෙවෙද ම්ම්ම්...මගෙ ඇට්ටර කොල්ලා උඹ ...කියන්න....ඔයාට සනීපද...සනීප නම්...විතරක් ...බඩුවක් තියනවා දෙන්න...හැබැයි....සනීපනම්....විතරයි .
බඩුවක්.....??
හ්ම්.....සනීප නම් විතරයි ...මට කියන්න...ඔයාට දැන් කොහොමද ....මුලු ලෝකෙම මං උනත්.....උඹ අසනීපෙන් නම්...උඹගෙ මුලු ලෝකෙම උන මාව හරි ඉක්මට කඩන් වැටෙනවා සයාශ්...මොනදෙ....මොන විදිහට දරා ගන්න හයිය ආවත්....සයාශ් කියන මාතෘකාව කියන්නෙ....මගෙ ජිවීතෙ මට තියන වීක්ම පොයින්ට් එක....දන්නවද පන...මිනිස්සු හැමදාම ආදාරෙ සීමා පන්නනකොට උන් නොදැනුවත්වම ආදරේ හන්දම දුර්වල වෙන තැන් තියනව...
ඉතින් මට කියපන්....යකඩ දැලෙ එල්ලීගන කෑ ගහලා....ඔය පපුවට රිදෙනවද.....???
නිර්වාන්ගෙ හිනාවෙන ඇස් අස්සෙ හැංගුන බයක් තිබුනා ....ඒකට එකම හේතුව වෙන කවුරුත් නෙවෙ මමම වෙනකොට ඒ උකුලෙ ඉදන් උන්න මම නිර්වාන්ගෙ බෙල්ල වටෙ අත් දෙක පටලව ගත්තා....
අනෙ නිරූ ....චූචියට දැන් සනීපයිනෙ ....ම්හුක්....දෙන්නකො...බඩුව....
රිදෙනෙ නෑනෙ කොහෙවත්...
හ්ම්...දෙන්නම් ඉතින්....
මගෙ යටි තොලට ඇබිත්තන් හාදුවක් තියපු නිර්වාන් සාක්කුවට අත දාලා කොලයක් ගත්තා.....අරන් ඒක මගෙ අත උඩින් තිබුනා....
ආ මේක....
න්.නි....නිරූ....අනේ නිරූ....මේක...
සයින් කරන්න...ඔයා ආසයි නේ...ම්ම්...මං විතරක් මගෙ හීනෙට තනියෙන් ගිහින් කොහොමද ....මං ආසයි උඹව ටීවි එක අස්සෙනුයි....අර ෆිල්ම් හෝල්වල ...තියන...ලොකූ...තිර අස්සෙනුයි දකින්න.....මන් ආසයි .....සයාශ් කියන නලුවගෙ ...හස්බන්ඩ් කියන්නෙ මම කියන්න මිනිස්සු අදුනනවට...නිර්වාන්ගෙ සයාශ් නෙවෙ ...සයාශ්ගෙ නිර්වාන් කියනවට.....මං ආසයි.....රත්තරන් උඹ සතුටුටින් ඉන්නවට....
මට ඇඩුනා...නිර්වාන් මගෙ අත උඩ තියලා තිබුනෙ රංගකලාව හදාරන නවකයන් බදවගන්න ඇකඩමි එකක ඇප්ලිකේශන් එකක් වෙනකොට ඒකට ලන්කාවෙ ප්‍රසිද්දම.. වගේම ප්‍රශශ්ත වේදිකා නාට්‍ය නලුවොත් සහභාගිවෙනවා කියලා තිබුනා.....
නලින් ලුසේනා ..මෑතකදි කොඩි ගහයටින් දැකපු පට්ටම චරිතයක් උන නලින් ලුසේනා කියන්නෙම වේදිකාව හොලවපු නලුවෙක් වෙනකොට මාධීනි නෝනා...රාජිත මහත්තයා ....අනෙ මන්දා සන්‍තෝසෙ වැඩි කමට මගෙ ඔලුවත් එක්ක කුරුවල් වෙන්න ආවා ...
මං නිර්වාන්ව බදා ගත්තා.....සතුට වැඩි කමට හැපුවා....ඉම්ඹා.....ඒ මූන මිරිකුවා....අවසානෙදි මං ඒ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා ....
"ස්තූතියි...මාව තෝර ගත්තට ....ස්තූතියි උඹ මාව උඹගෙ කරගත්තට....මං උඹට හරි ආදරෙයි මගෙ නිර්වාන් .....උඹගෙ හීනෙට පන පොවන ගමන්...මගෙ හීනෙටත්...හුස්ම පිම්බට....මං හරි ආදරෙයි මගෙ අයියෙ....."
*
*
*
*
.
Nirvan pov..
නිර්වානයා...එහෙනම් පාන්දරට වරෙන් ආ....ඔන්න දැම්ම කිව්වා මට නම් කෝල් කරන්ඩ එපා තොපෙ ගෙදර එන්ඩ කියලා ...
..හරි..බන් හරි....අරකා එක්කම ඉදලා උඹගෙ මොලෙත් එක්ක දැන් සවුත්තු වෙලා...එකම එක කියවනවා....
මං උන්නෙ ශෙනිරුවගෙ මාලිගාව ඉස්සරහා...අපරාදෙ කියන්න බෑ මේ දවස් ටිකෙ තෝරලා බේරලා කාපුවට්ත් එක්කම හරියන්න මං අද මගෙ චූටියගෙ අම්මා අතින් උයාපු බත් වෙලක රහ බැලුවා...එක පාරක් නෙවෙ...දෙපාරක්...
අපි හැමෝම හෙට හොරොව්පතානට යනවා...
හොරොව්පතානෙ අලි වෙඩි දෙක....
මගෙ මූනට හිනාවක් මතු උනා...කොහෙන්දො....කෙරවලකින් ආව උන් දෙන්නා අවසානෙදි....අපි දෙන්නගෙ මුලු ජීවිතේම උඩු යටිකුරු කෙරුවා...
සංජන අද ඩැඩා එක්ක ගෙදර ගියා.....
මට සතුටුයි...මම දිනපු හන්දා වත්....සංජන දිනපු හන්දා වත් නෙවෙ....සුරේන් ඇමති තුමා වෙනුවට මම ඒ මනුස්සයව මගෙ තත්ත විදිහට තුරුල් උන හන්දා....
මැච් එක පටන් ගත්තු වෙලේ ඉදම්ම එහාට මෙහාට දුව දුව කෝච්ටත් වඩා කෑ ගැහුවෙ මගෙ තාත්තා....
මම වැටුන වෙලාවෙ.....ඒ වේදනාව චූටියටත් දරාගන්න බැරිව ඇස් හැංගුවත්...නිර්වාන් පුතෙ නැගිටපන් කියලා කෑ ගැහුවෙ මගෙ තාත්තා.....
මම දිනපු වෙලේ...මටත් වඩාකෑ ගහලා උඩ පැන්නෙ ..මගෙ තාත්තා.....
එ තාත්තම...අද තත්තෙක් විදිහට ඇවිත්....සයාශ්ගෙ අම්මගෙන් අවසර ඉල්ලා දෙනකොට...මීටත් වඩා ඈතින් ඉදන් ඒ මනුස්සයට රිදවන්න මං අමනුස්සයෙක් නොවුනකොට...මන් මගෙ ජීවිතේ පලවෙනි වතාවට අද තාත්තව තුරුල් කරගත්තා....
ඒත්...සංජන- නිර්වාන්...
තාත්තෙ....උඹ මම....වගේම...ඌත් අසරන වෙන එකම තැන....මං දන්නෙ නෑ...උඹට එදාට කාගෙ පැත්ත ගන්න වෙයිද කියලා.....
මට කෑ ගහපු ඒ තාත්තම ඒ විදිහටම සංජනටත් වෙනසක් නොකර කෑගැහුවා...දිනපු ඌව මාව වගේම බදාගන මිරිකගන ඉඹගත්තා....මගෙ පුතා කියලා හැමෝටම පේන්න කෑ ගැහුවා...
ඒත් ඒ සතුට ...
මට හුස්මක් පිට උනා...
මෙච්චර වෙලාම ඩ්‍රයිව් කරන් ආව මම ගෙයි පෙනෙන මානෙ තියලා මං එහෙම්ම මගෙ කැබ් එක නැවැත්තුවා.....
මට කෝල් එකක් ගන්න තියනවා...අවුරුදු ගානකට පස්සෙ....මන්දා....එයා නම්බර් එක වෙනස් කරලද.....නැත්තන්...මගෙ නම්බර් එක දැකපුවාම ආන්ස්වර් නොකර ඉදීද ...
ඵෝන් ඩිස්ප්ලේ එක දිහාව ඇස් පිල්ලමක් වත් නොගහ බලන් උන්න මම අවසානෙදි හිතලා හිතලා ඒ නම්බර් එකට මං කෝල් එකක් ගත්තා....
බී.....ප්...
බී.....ප්
මගෙ හිතෙ ගැස්ම කොයිතරම්ද කියනවා නම්.....ස්ටියරින් වීල් එක උඩ තිබුන මගෙ ඇගිලි පුලුවන් තරන් ඒ මේ අත දිහුවා...වෙලාව රෑ එකොලහත් පහු වෙලා හන්දා නිදිවත්ද.....????
පලවෙනි පාර ආන්ස්වර් නොකරපු හන්දා මං ආයම ගත්තා...ආයම රින් වෙනවා....
බී....ප්....
බී.....ප්....
ඒත් ...ආන්ස්වර් කරන්නෙ නෑ...
බී.....හෙ..ලෝ...
ආන්ස්වර් කෙරුවා.....අවසානෙදි.....ඒ කටහඩ අවුරුදු ගානකට පස්සෙ මං ආපහු ඇහුවා....
අප්ප..ච්චි....මං....නිර්වාන්...
ඒසි එක ඇතුලෙ උන්නත් මට දඩිය දාන්න ගත්තා...එහා පැත්තෙන් උන්න අප්පච්චිගෙ කටහඩ ඇහුනත් ඇති..අර හිතේ තිබුන ගැස්මටම මට දාඩිය දාන්න ගන්නකොට මම වාහනෙන් එලියට බැස්සා......
අප්පච්චි....හොදින්ද.....
.......
විනාඩි ගානක් ගියා....මගෙ අර පපුවෙ ගැස්ම ආපිට යතා තත්වෙට ආවා....ඉස්සර උන්න අප්පච්චි විදිහට කතා කරනකොට මං කාත් කවුරුත් නැති පාර පුරාවටම ඇවිද ඇවිද මං අප්පච්චි එක්ක කතා කෙරුවා.....
අප්පච්චි....දෙයක් අහන්න තියනවා...අහන්න තියනව කියන්නෙ....අප්පච්චි ඒක නොදැන ඉන්න විදිහක් නෑ කියන්න.....හොදටම දන්න හන්දයි.....මං අප්පච්චිගෙන් අහන්නෙ
.......
අප්පච්චි.....එදා සංජනගෙ අම්මා මැරුන වෙලේ....අම්මයි...අප්පච්චි කොහෙද උන්නෙ.....??
නිර්වා....න්
....
කෝ ඩැඩා.....??කෝ සංජන...මට කියන්න එපා...ඩැඩා ආපහු අරූ එක්ක අරකිගෙ පාලු බංගලාවට ගියා කියලා....
මං තවම ගෙයි පඩිය උඩ...මට ගෙට එන්නවත් ඉඩක් දෙනවද....ඇරත් මොනවද අම්මා මේ කට්ට අන්දකාරෙ ලයිට් එකක් වත් නොදා මේ කරන්නෙ.....තවපොඩ්ඩෙන් බය වෙලා මැරෙනවා...
ම්ම්....උඹලා හැමෝට්ම තව ඉස්සරහටත් ඔය විදිහටම ගියොත් බොහෝම ඉක්මනට මැරෙන්න වෙයි....නිර්වාන්...
මගෙ පපුවත් එක්ක මොකක්ද උනා අප්පච්චි එක්ක කතා කෙරුවට පස්සෙ මගෙ ඔලුව තවත් අවුල් වෙලා ගියා...ලොකු අප්පච්චි කියපු කතා අහලත් බාගෙට පිස්සු හැදිලා උන්න මං ඒ කල්පනාවෙන් ගෙට එනකොට කෑලි කපන්න පුලුවන් අන්දකාරෙක ඉදන් අම්මා කතා කරනවත් එක්කම මගෙ පපුව ගැස්සුනා...
මං ලයිට් එක දැම්මා.....සීතම්මා නෑ...සීතම්මා මේ වෙලෙ කොහොමත් ඉන්න වෙලාවක් නෑ.....උන්දා කාලා බීලා කාමරේට වෙලා ඇති....ඒත්....අම්මා...අම්මා මොන මගුලද මෙතන කරන්නෙ....
නිර්වාන්....
...
නැවතියන්...
මට මහන්සී අම්මා...මං ආපහු හෙට පාන්දරම යන්න ඕනා...ඔයාට ඩැඩා ගැන නම් අහන්න තියෙන්නෙ...ඩැඩා සංජන එක්ක ගෙදර ගියා....
මං අම්මගෙ මූන දිහා බැලුවා....වැඩි වෙලා පහල උන්නොත් අනිවාර්යයෙන්ම ලෙඩක් කියන්න දන්න මම ඉක්මන්ට උඩ බඩගානවත් එක්කම අම්මා මට කතා කෙරුවා..නැවතියන් කිව්වා.....
ඉහලට ගත්තු ආපිට හුස්මවත් පහලට නොදා මං ආයම සාලෙට ආවා.....
ඉදගනනින්.....
මට මෙතන පැය ගනන් ඉන්න බෑ අම්මා....ඔයාට කියන්න තියන දෙයක් වැඩි වෙලා නොගෙන කියන්න...
උඹ කවදද ටානියගෙ ගෙදර යන්න එන්නෙ...
කවදාවත් නෑ....එකම දේ ආය ආයම අහ අහ....මට වදයක් වෙන්න එපා.....ඩැඩා තනුන්ව මග අරින තරහවත් මගෙ පිටින් යවන්න හදන්න එපා.....
ඉදගනින්.....උඹ නැගිට්ටෙ ගුබ්බෑයමට රිංගන්නද....?
ගුබ්බෑයම උනත්...මට ඒ ගුබ්බෑයම සනීපයි....මට තමුන් එක්ක කතා කරලා ලේ රත් කරගන්නවට වඩා....
නිර්වාන්....ඉදගනින්.....
...
උඹ....ඉදගන්නවද.....නැත්තන්....මම එක වචනෙන් උඹව ඉන්දවන්නද නිර්වාන්.....???
.....
උඹ ටානියට අකමැති වෙන්න හේතුව...අර ගොඩෙ කොල්ලා හන්දද.....?ආ.නිර්වාන්...මොකද....උඹගෙ ඩැඩා මගුල් තුලාව හොදට කතා කෙරුවද....????
කිව්වත් වගෙ මාව ආපිට ඉන්දවුනා....
අම්මට තිබුනෙ ඉවසන්න අමාරු දරුනුම බැල්මක්.....ඒ ඇස් රතු වෙලා...අම්මගෙ අතෙ විස්කි ග්ලාස් එකක්.....
මන් එහෙම්ම එතන තිබුන ටේබල් එක දිහා බැලුවා...හරි අඩක්ම හිස් උන විස්කි බෝතලයක්...
ඔයාට මොනවද දැනගන්න ඕනෙ...ඔයාට මොනවද කියන්න ඕනෙ....ඔයාට වෙන ඕනෙ මොනවද...කියන දෙයක් කියන්න පුලුවන් ...හැබැයි ..ඒ එකම තැනකවත් මගෙ සයාශ්ගෙ නම නොකියා...
වෙන්ඩ ඕනෙ මෙච්චරයි...උඹ ටානියව බදින්න ඕනා...ඊලග ඉලෙක්ශන් එකට තව මාස දෙකයි...උඹ දන්නවා.....
මට බෑ....
නිර්වාන්....උඹ මගෙ හැටි දන්නෙ නෑ....නිර්වාන්.....උඹ් මේ අම්මගෙ හැටි දන්නෙ නෑ නිර්වාන්...
අම්මගෙ...???? අම්මගෙ....මොන...කාගෙ.....කොහෙද....කොහෙද මට අම්මෙක්...මට අම්මෙක්.....මගෙ අම්මා.....???
මං දත්මිටිකෑවා...මං මගෙ අත් මිටිමොලව ගත්තා...අම්මා කියන වචන ඇහුවමත් මගෙ ඉහමොල රත් වෙන තරමට මට යකා ආවේස වෙලා ගියා.....
අම්මා....මගෙ අම්මා.....??මගෙ අම්මා නම් කොහොමද මාව තමුන්ගෙ වාසියට පාවිචි කරන්නෙ....අම්මට මාව අම්මගෙ පුතා වගෙ පේන්නෙ...මෙ වගෙ තැන්වල විතර නම්...මට කවදාවත් තමුන්ව මගෙ අම්මා වගේ දැනුනෙත් නෑ....කතාව මෙතනින් අහවරයි...
මන් පටන් ගන්නෙ නැතුව උඹ කොහොමද අහවර කරන්නෙ....උඹ ගෙයක් එහෙමත් හදලලුනෙ...නරක නෑ....මං කැමතියි....උඹයි....ටානි එහෙ නවතිනවට....
මම මේ කොහෙවත් යන එකියෙක්ව ගේන්න ගෙවල් හැදුවෙ නෑ...කරුනාකරලා ඔයාගෙ ඔය මන්ස්ගාත නවත්තගන්න...මොකද ඔයාගෙ මනස්ගාත මට දැන් හිසරදයක්...මට විතරක් නෙවෙ.....ඩැඩාටත්.....
නිර්වාන්...මං කැමතියි උඹ මගෙ වචනවලට පිටින් නොයා ඉන්නවට.....මං උඹට මේ කතා කරන්නෙ බොහෝම හොදින්....හොදින් කතා කරනකොට මං කියන දේට කීකරු වෙයන්...උඹ දන්නවා....තව මාස දෙකයි.....මට උන් නැතුව මේ දේවල් කරගන්න බෑ....
.ඉතින් යකො....ඒකට මාව බිල්ලට දීලා හරියනවද...උඹ අම්මෙක්ද??????
නිර්වාන්....
ඉදලා ඉදලා ගෙදර ආවමත් නිදහසක් නෑනෙ....ඔලුව කන්ඩ හදනවා...මොන කරුමයක්ද මේ.....
ඔව්...උඹට දැන් මේ තරම් ඉක්මනට නැන්දම්මගෙ බත් රහ වැටිලනෙ....ඒකනෙ උඹ එදා ටානියව අරන් එන්න කියපුවාම ඒකට බෑ කියලා ඒකගෙ අම්මව ගේන්න දුවලා තිබුනෙ....නේ...නිර්වාන්...මං මේ උඹට කියන අවසානම වතාව...මං දැන් උඹගෙ තාත්තා කාරයටත් ගන්නවා.....ඌට දැන් ආයම අර මැරුන එකීව ඕනා වෙලා.......එහෙ මගුල් තුලා කත කරන්ඩ ගියාට වැඩක් නෑ...උඹ හෙට උදේ යන්ඩ එන්න ඕනා....එච්චරයි...
අම්මා...
නිර්වාන්.....උඹ ඒකව අතාරින්ඩ ඕනා.....උඹට ඒකා එක්ක දිග යන්ඩ කොහොමත් මං ඉඩ තියන්නෙ නැ නිර්වාන්....
මන් නවත්තන්නෙ නෑ....මං ඌව අතාරින්නෙත් නෑ....අරකිව බදින්නෙත් නෑ....මන් මගෙ ජීවිත කාලෙ තනිකඩව උන්නත්...මං ඕකිව කරගහන්නෙ නෑ...මං කොහොමත්...අරූව අතාරින්නෙත් නැ....
ම්ම්ම්....උඹ එහෙමද.....උඹ දැන් කියන්නෙ....උඹට් අතාරින්න බෑ කියලනෙ.....හරි...
ඔව්....අතරින්න බැ නෙවෙ....මන් අතරින්නෙ නෑ....
දැන් එහෙමද...උඹ කියන්නෙ.....
ඔව්...ඇයි.....මොනවා කරන්නද.....ගහන්නද.....බනින්නද.....
මං දත්මිටි කෑවා....එහෙමයි කියලා...අම්මා අතෑරියෙත් නෑ....එහෙමයි කියල අම්මා කට වැහුවෙත් නෑ....මම වගේම අම්මත් වෙව්ලුවා....දත්මිටි කෑවා.....මගෙ සයාශ්ව අතාරින්න කියපු අම්මා අරකිව කරගහගන්න කියලා කැ ගහනකොට මන් මගෙ තරහව පිටකරගන්න බැරිව එතනම තිබුන වීදුරු මල් වාස් එකට් පයින් ගහනකොට මෙච්චර වෙලාම තමුන්ගෙ වාසිය වෙනුවෙන් කෑ ගහපු අම්මා අතේ තිබුන විස්කි ග්ලාස් එක පැත්තකින් තියලා ඉදන් උන්න පුටුවෙ කුශන් එක අස්සට අත දාලා මොකක් හරි අතට අරගත්තා.....
උඹට තියෙන්නෙත් ඒකගෙ මුරන්ඩු ලේ.....ඒකා ආපහු අර මැරුන එකීට වහ වැටිලා....මෙහෙන්...උඹ.....උඹ....කරන්නෙ..මට ලැබෙන්න තියන පට්‍ටම් නැති කරන එක...උඹගෙන්..මං අවසානම පාරට අහන්නෙ.....උඹ..හෙට මා එක්ක යන්න එන්නවද....නැද්ද....උඹගෙ උත්තරෙ අනුව මම කරන දේ තීරනෙ කරන්නම්.....
මාව තත්පර ගානකට ගොලු උනා.....ඒක පිස්ට්ල් එකක්....බල තන්හාවෙන් පිස්සු වැටිලා උන්න අම්මා ස්ටූල් එක උඩින් තිබ්බෙ පිස්ටල් එකක් වෙනකොට මං අම්මා දිහා බැලුවා...
අම්මා කියන්නෙම දැන් බල තන්හාවෙන් පිස්සු වැටුන උන්මන්තකයෙක්....
නිර්වාන්...මට උත්තර දීපන්.....උඹගෙ උත්තර අනුව.....මට පුලුවන් ...තීරන ගන්න....උඹගෙ උත්තර අනුව වෙන්න්න් තියන නරක.දේ උනත්....වෙනස් වෙයි....
කුඩු උන වීදුරු වාස් එකේ කටු සීසීකඩ ගිහින් තිබුනා....බෝතල් බාගයක් අමුවෙන්ම බීලා උන්න අම්මා පලි ගන්නෙ මගෙන් විතරක් නෙවෙ.....ඩැඩාගෙනුත් එක්ක වෙනකොට එයා ස්ටූල් එක උඩ තිබ්බ පිස්ටල් එක දිහා මං තත්පර ගානක් බලන් උන්නා....බලන් ඉදලා ඇස් හීනි කරන් අම්මා දිහා බැලුවා...
මන් තමුන්ට උත්තර දෙන්නම්.....තමුන් මගෙ ප්‍රශ්නෙට උත්තර බැන්දොතින්.....
????
සංජනගෙ අම්මව තල්ලු කෙරුවෙ....කී වෙනි තට්ටුවෙන්ද???????? ඒකට උත්තර නැත්තන්....එවෙලෙ තමුන් හිටියෙ කොහෙද.....?????මට උත්තර ලැබුනොත්...මං උත්තර දෙන්නම්....
🙂ආයම කොටසකින් එන්නා....ම්
🙂 වටු කුරුල්ලා එක්ක එනකන් පරිස්සමින් ඉන්ඩෝ....
🙂මම....ජොබී.....
ආතරෙයි...අනෙ...හැමෝටම....
Nedeesha 😘❤❤❤❤❤❤😘