නිරූ.......
මං කෙදිරුවා ...එයාට නින්ද ගිහින්....මගෙ එකම සැනසීම එයාගෙ පපුව උස් පහත් වෙන එක........
මං දන්නවා නිර්වාන් ...ඔයාට තරහා යාවි.....ඔයාට මාව එක මොහොතකට හරි රුස්සන්නෙ නැතිව යාවි....ඒත් ....සමහර වෙලාවට.....ගගක ගැඹුර බලන්න නම්....ගගට පනින්නම වෙනවා වගේ....මටත් සිද්ද උනේ එහෙම දෙයක් .....
නිර්වාන් ...දන්නවද...ඔයා නොදන්න හුගාක් දේවල් තිබුනා කියන්න.....
මං දන්නවා....ඔය පපුවට බර වැඩී කියන්න....උඹම අවසානෙදි දවසක් මටම කිව්වා...ඒ ඉන්නෙ මගෙ අම්මමද කියන්න මටත් සැකයි සයාශ් කියලා .....
නිරූ දන්නවද ..සමහර වෙලාවට පපුවට.... දැනෙන සමහර දේවල්.....තියනවා....ඒක හිතලුවක් නෙවෙ..ඒක තමයි ඇත්ත කතාව වෙන...
හැම ඇත්තම දැනගත්තටත් පස්සෙ...ඇයි අපි හැමෝම අන්දකාරෙ ජීවත් වෙන්නෙ ...ඇරත්...තමන්ගෙ අම්මා නොවෙන ගෑනියෙක් කොහොමද නිර්වාන් .....තව කාගෙවත් ජීවිතේක තීරන ගන්නෙ.....
සමාවෙන්න....මං ඔයාට මේ තාක් කරපු එකම වැරද්ද...ලොකුම බොරුව මේක...මට....අප්පච්චි ...ඩැඩා ගාව....විරුද්ද වෙන්න බැරි උනා නිර්වාන් ...මේ හැම දේම කරන්නෙ ඔයා නිසා කියන වචන උඩ මට බෑ කියලා පැනලා යන්න බැරි උනා නිර්වාන් ....
මං එයාගෙ ඔලුව අතගෑවා.....අඩලා අඩලම ඒ ඇස්පිහාටු ඉදිමිලා තිබුනා.....තොල කට වේලිලා ගිහිල්ලා...කොච්චර නම් ඇඩුවද.....කොච්චර නම් විලාප තිබ්බද....නැගිටපන් චූටි...අනේ මුව නැගිට්ටවපන් කියලා කොච්චර නැහුනද....ඒත්.. ඒ හැම දේම අහගන මට සිද්ද උනෙ ගොලු වෙලා ඉන්න..මට තිබුනෙ එයාගෙ වේදනාවට හිත යටින් අඩන්න.....
නිරූ.....අඩන්න එපා නිරූ චූටියා කරන්නෙ රගපෑමක්...නිරූ.....චූටියා කරන්නෙ බොරුවක් කියලා මට කෑගහන්න ඕනා උනත්....මට කරගන්න බැරි උනා.....
මං එයාදිහා ඇස් පිල්ලමක් වත් නොගහ බලන් උන්නා....නිර්වාන් ....නමට විතරක් නිර්වානයක් ගැන දැනන් උන්න මගෙ නිර්වාන්ගෙ මූනෙ වේදනාව පිරිලා තිබුනා...
මං ඉදගන උන්න තැනින් නැගිට්ටා....නැගිටලා එහෙම්ම නිර්වාන්ගෙ නලලට හාදුවක් තියලා මං ජනේලෙ ගාවට ගියා....
එලි වෙලා...අනෝමටයි....දුවටයි වෙන දේවල් හොයන්න මට උවමනාවක් නැති උනා.....ටානියට සිද්ද උනේ අවසානෙදි නැති කුනකට අත ගහන්න.....ටානියා බේරෙනවා...ඒත්...ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නෙ කට කහනවට නෙවෙනෙ...දැන හො...නොදැන .....ටානියට තිබුනෙම අනෝමගෙ කුහක ගති...මට විතරයි...මම විතරයි ...මට නැත්තන් තොටත් එපා සංකල්පෙ උඩ උන්නෙ...
මහ පොලවට එලිය වැටෙනවා...කුලියට ගත්තු මිනි පෙට්ටියටයි....හට් වලටයි මොනවා උනාද දන්නෙ නෑ.....ඔක්කොටම වඩා මට වේදනාව ලොකු නැන්දා ගැන....
මම දන්නවා....අනේ චූටියො....චූටි පුතේ ගගා අඩපු එකෙක් වත් දැන් ජීවත් වෙලා ඉන්න මට සලකන්නෙ නෑ....මං ඒ මිනිස්සුන්ව ඇඩෙව්වා....දෙන්න පුලුවන් ලොකුම වේදනාව දුන්නා...මැරිලා වගේ උන්නත් මාව නොමැරි මැරුනා....අම්මගෙ පපුව නවතී කියලා මං බයේ ගැහුනා...
මං දන්නවා...කාලයක් යනකන්...එයාලා මට කවදාවත් සමාව දෙන්නෙ නෑ...කමක් නෑ...මට පුලුවන් බලන් ඉන්න . .රිදුන හිතවල්...ආපිට සනීප වෙනකන් බලන් ඉන්න....මට පුලුවන් .....පෑරුන හිත් ආයම සනීප වෙනකන් ඉවසන් ඉන්න.....
මාව....විහිලුවක්ද සයාශ් ...??
න්...නිරූ...නි..රූ.....
ලගට එන්න කලින් මට උත්තර දෙන්න...ඇරත් ..මට දැන් ඔයාව තුරුල් කරන් ඉඹින්න තරම් මානසීකත්වයක් නෑ.....
විනාඩි ගානක් ගියා....මං උන්නෙ එයාලා මට සමාවක් දෙයිද නොදෙයිද කියන වචන ගැන හිත හිත වෙනකොට මගෙ ගාවින්ම ආව එයාගෙ කටහඩත් එක්ක මාව ගැස්සිලා ගියා.....
ඇයි නිරූ බැස්සෙ...මට කතා කරන්න තිබ්බනෙ....ඔයාට තිබුනනෙ අයියෙ මට කතා කරන්න....ඇයි තනියෙන් ආවෙ ..ඔයාට තිබුන..නෙ...
උඹට විතරක් නොකියා කරන්න හොද නම්.....ඇයි මට බැරි....අනික මගෙ කකුල් වලට මොනවත් වෙලා නෑ සයාශ් ....වෙන්න ඕන හැම දේම උනෙ මෙන්න මෙතෙනට...මෙන්න මෙතනට ...
නිරූ... අහන්නකො .....
..සයාශ් .....පැත්තකින් ඉන්න.....මට ඔයාව තුරුල් කරන් ඉඹින්න මානසීකත්වයක් නෑ...මං තවම ඉන්නෙ.....මං තවම ඉන්නෙ උඹගෙ මලකද ළඟ....මං තවම ඉන්නෙ අර පිස්සෙක් වගේ කෑගහන නිර්වාන් ළඟ.....
මාව විහිලුවක්ද...සයාශ් ....?? මාව....මගෙ .ආදරේ.....ඒක විහිලුවක්ද....ගෙදර මිනිස්සු ...උන්ගෙ හැගීම්....දැනීම්.....මේවා...උඹට විහිලුවක්ද සයාශ්.....කියපන්.....උඹට මේ දේවල්....විහිලුවක්ද...
.නි...රූ...මේ
උඹට මේක විතරද කරන්න තිබුන එකම දේ උඹ මගෙන් සමාව ඉල්ලන්නෙ කොහොමද ....වැරද්දෙ තරම දිහාව බලලා...සමාව ඉල්ලන්න....උඹට පුලුවන්ද ...
සයාශ් .....මං නොමැරි මැරුනා ..ගෙදර එවුන් නොමැරි මැරුනා.....එච්චර දෙයක් කරලා ....ආපහු මගෙ ගාවට එන්න ඔය කකුල් වලට පන තියනවද සයාශ් ?
එයා කියෙව්වා .....මෙච්චර වෙලාම ඇදෙ උන්න එයා කෙදිරියක් වත් නැතිව නැගිටගන ඇවිදින් මගෙ ගාවින් හිටගත්තු නිර්වාන් මට එයාගෙ ලගට එන්නවත් නොදීම කියවන් ගියා ....ඒ ඇස් රතු වෙලා...ඒ මූන සුදු මැලි වෙලා....ඇස් ඉදිමිලා....මාව ඉල්ල ඉල්ල අඩපු නිර්වාන් මාව ලගට ගත්තෙ නෑ.....එයා අහනවා මට සමාව ඉල්ලන්න දිව නැවෙනවද කියලා ...එයාගෙ ලගට එන්න මගෙ කකුල් පන තියනවද කියලා ...මුලු ගෙදරම අඩවපු මට මගෙ මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලන්න කොන්දට පන තියනවද කියලා .....
මම බිම බලාගත්තා.....වේදනාවෙන් තරහවෙන් උනත් එයා කියපු හැම වචනයක්ම ඇත්තක් වෙනකොට මම බිම බලාගන උන්නා වගේම ඒ එක්කම දොර ඇරුනා...
නිර්වාන් .....පුතේ .....
අප්පච්චියි...ඩැඩයි....ඒත් මම හිතනෙන් නෑ ...නිර්වාන් ඒ කාටත් සමාවක් දෙයි කියලා ....
නිර්වාන් .....උඹට කොහොමද පුතෙ.....
මං හොදින් කියලා...ඔයාලා කාටවත් පේනවද...සමාව ගන්න ආව නම්...හේතු කියන්න ආවා නම්....අප්පච්චි .....ඩැඩා....මං හිතන්නෙ....ඊට වඩා හොදයි....මං හේතු ගැන නාහ ඉන්නවා...
නිරූ ....
නිරූ .අනේ...යන්න...එපා...නිරූ....නවතින්නකො....
එයා එලියට ගියා....වෙනසක් නෑ...මං හිතුවා වගේමයි.....මට කතා කරපු විදිහමයි.....එයාට කියන්න ඕන ටික පුලුවන් තරම් කෙටියෙන් කියපු නිර්වාන් යන්න ගියා ..මාව අප්පච්චි ඩැඩා...අපි හැමෝවම දාලා එයා යන්න ගියා විතරයි මං එයාගෙ පස්සෙන් දිව්වා.....
නිරූ...අනේ...ඔහොම කරන්න...එපා....නිරූ...
දුවපු මං එයාගෙ අතින් අල්ලගන එයාව නැවැත්තුවා....එයා නැවතුනා...හැබැයි.....එයාගෙ අත අල්ලන් ඉන්න මගෙ අත දිහාව බලලා මා දිහා බැලුවා.....
න්..නිරූ....
එයා මගෙ අත අහක් කෙරුවා.....නිරූ....උඹට තව දුරටත් මාව එපාද අහන්න වගෙ මං නිර්වාන් දිහාව බලාගන උන්නා....
සයාශ් ...මං උඹට ඉස්සර වගේම තවමත් ආදරෙයි.....ඒකෙ වෙනසක් නෑ...කලින් වගේම උඹටයි මටයි එකට ජීවත් වෙන්න පුලුවන් ...ඒකෙත් වෙනසක් නෑ....හැබැයි.....උඹ දැනගන්න ඕනෙ මගෙ වේදනාවෙ තරම...මට උඹ නැතුව ජීවත් වෙන්න වෙනවයි කියන හැගීම දැනුනනම මට දැනුන වේදනාව...
..සයාශ්....මං මගෙ ජීවිත කාලෙම අඩන්න පුලුවන් කදුලු එක දවසින් හැලුව මනුස්සයෙක් ඒ උඹ හන්දා...සයාශ් ....උඹට මගෙ අගේ දැනෙන්න නම්..... මාව දවසකට හරි උඹට නැති වෙන්න ඕන සයාශ් ....උඹට මං නැතුව ජීවත් වෙන්න බෑ කියන එක තේරුම් ගන්න උඹට මං නැති වෙන්නම ඕනා සයාශ් ....
Nirvan pov
මගෙ වස්තුව ජීවත් වෙනවා....මගෙ කොල්ලා හුස්ම ගන්නවා...ඌ ජීවතුන් අතර....මට ඌව තුරුල් කරන් වරුවක් විතර ඉඹින්න ඕනා උනා....ඒත්....ඌ කෙරුවෙ වැරද්දක්....ඌ කෙරුවෙ පොඩි පහෙ වැරද්දක් නෙවෙ....ඌ කෙරුවෙ මනුස්සයෙක්ට උහුලන්න අමාරුම වැරද්දක් වෙනකොට උගෙ ඇස්වල කදුලු කැට දැක දැකම මම එන්න ආවා...මං උඹට ආදරෙයි හැමදාම වගේ කිව්වා මිසක්කා ආයම ලගට අරන් තුරුල් කරගන්නෙ වත් නැතුව මං එන්න ආවා....
මාව මැරුනා...මාව නොමැරි මැරුනා....විදින්න පුලුවන් උපරිම වේදනාව විදපු මන් ඒකව ඉල්ල පොලවෙ පස් කෑවා.....මුලු ජීවිත කාලෙකටම අඩන්න පුලුවන් කදුලු එක දවසකින් මගෙ ඇස් වලින් ගියා.....උඹට තේරුම් යන්න නම්...උඹට රිදෙන්නම ඕනෙ රත්තරන් .....උඹගෙ නිරූගෙ දුක උඹට දැනෙන්නම ඕනෙ....
මං එන්න ආවා....අතේ සතපහක් නෑ...යන්නෙ කොහොමද කියන්න හිතා ගන්න බෑ...අප්පච්චි වගේම ඩැඩා මගෙ පස්සෙන් ආවත් ..අවසානෙදි මම විතරයි මේ හැම දේමනොදන්න එකම එකා කියන වේදනාවට මට කා එක්ක වත් වචනයක් කතා කරන්න හිතුනෙ නැති වෙනකොට මම එන්න ආවා.....
නිර්වාන් ...
මං නැවතුනා....ඇස්වලට උනන කදුලු තව ඇස් දකී කියන බයට මං මගෙ මූන් බිමට හරවන් එනකොට කවුරු හරි මට කතා කෙරුවා ....
මට ඔලුව උස්සන්න ඕනත් නෑ....ඒ කටහඩ කාගෙද කියන්න මං දන්නවා....මට ඒත්....ඒ ඇත්තට මූන දෙන්න හයියක් නැතිව යනකොට මම කොරිඩෝව මැදම මූන බිමට හරවන් ඔහේ හිටගන උන්නා....
මගෙ ඇස් අඩනවා....මොන රැවටීමක්ද.....මොන වේදනාවක්ද.....අවුරුදු විසි ගානක්ම මම රැවටිලා දෙයියනෙ.....ඇයි අම්මෙ මට මෙහම රිදවන්නෙ...ඇයි අම්මෙ...මට මෙහෙම කරන්නෙ.....ඇයි අම්මෙ මට චුට්ටක් වත් ආදරේ කරන්න බැරි ගගා නොලැබෙන ආදරයක් පස්සෙ මං දුවලා තියෙන්නෙ අඩලා තියෙන්නෙ හූල්ලල තියෙන්නෙ අනුන්ගෙ අම්මෙක්ගෙන් කියන්න දැනගත්තු මට වාවන්න බැරි උනා....
අනේ...අම්මෙ....මට...පින නැති උනා....
මට ඉකි ගැහුනා.....කොරිඩෝවෙ හිටගත්තු තැනම හිටගන ඉදන් මම ඉකි ගැහුවා...මේ ඉන්නෙ මගෙ අම්මයි කියන්න නොදන්නවා උනත්...එදා අවසානම වතාවට මගෙ අත අල්ලගත්තු ඒ අම්මා මං දිහා බලාගන ඉදලා මම එයා වගේමයි කියලා කියපු විදිහ මතක් උන මට දරා ගන්න බැරි උනා....
අනේ...අම්මෙ....ආයම...එන්න....මං....ඉන්නවා....අම්මෙ....මං.....ඉන්නවා....මම...අම්මගෙ.....අම්මෙ.....මමත්....අම්මගෙ...මටයි...කියන්න...අම්මෙක්....නැති කරන්න...එපා...අම්මෙ....ආයම....එන්න.....
...නිර්වා....න්
එයා ලගට ආව.....ඇවිදින් ඔහේ හිටගන ඉකිගහන මගෙ උරහිසට අත තියනකොට මම ඔලුව ඉස්සුවා....මං කොහොමද අයියෙ කියන්නෙ.....මං කොහොමද .....ඌයි මායි දෙන්නම..එකම අම්මගෙ බඩවැල කඩන් ආවා කියන්නෙ...අනේ අපි ගහගත්තා...මරා ගත්තා...ඌටයි මටයි දුවන්නෙ එකම ලේ කියන්න දන්නවා උනත්....ඌයි මායි නයාට අදුකොල වගෙ උන්නා...ඒත්....අද ඒ හැම දේම වෙනස් වෙලා...ඒ හැම දේම වෙනස් වෙලා ගිහින්...සංජනගෙ නපුරු ඇස් දෙක මැලවිලා ගිහින්...මාව දැක්කම මට නොතෙරෙන්න දත්මිටි කන සංජන වෙනස් වෙලා ගිහිලා....
.අම්මව...බලන්න...යන්න...එනවද මල්ලි....
මට මැරෙන්න හිතුනා...මට මෙතනින් පහලට පනින්ම හිතුනා...කවදාවත් මම හිතුවෙ නෑ...අනේ මං කවදාවත් හිතුවෙ නෑ...මට සංජන දිහා බලන්න හයිය මදි උනා...ඌ අහනවා..අම්මව බලන්න යන්න එනවද මල්ලි කියලා ....ඌ මට මල්ලි කියනවා.....
මං පිටිපස්ස බැලුවා.....අප්පච්චි වගේම ඩැඩා...ඒ දෙන්නටම මැද මගෙ වස්තුව ඉන්නවා...මාව නොමරා මරාපු මගෙ කොල්ලා බලාගන ඉන්නවා....මං තරහා උනත් මොකද...ඒ ඇස් කියනවා යන්න නිරූ අම්මව බලලා එන්න කියලා ....
"අම්මා..."
මෙච්චර කල් මම අම්මා අම්මා ගගා කතා කරලා තියෙනෙන් වැරදි මනුස්සයෙක්ට.....
ඉතින් මං දරාගන්නෙ කොහොමද ....?
මෙච්චර කල් ඇයි අම්මෙ උඹට බැරි මට ආදරේ කරන්න ගගා අඩලා තියෙන්නෙ හිතක් පපුවක් නැති වැරදි මනුස්සයෙක්ට.....
ඉතින් මං දරාගන්නෙ කොහොමද ....??
එනවද යන්න.....අම්මා බලන් ඇති මල්ලි.....
සංජන දෙවනි පාරටත් මට අඩ ගැහුවා...අම්මා බලන් ඇති මල්ලි කියන ගමන් මගෙ ඇස් වල කදුලු පිහදාපු සංජන මගෙ අතින් අල්ල ගත්තා....හරියටම ...උඹ මගෙ මල්ලි කියන්න වගෙ....මට නැති උන උඹ මගෙ මල්ලි කියන්න වගේ....වැරදි තැනක ඉදන් දුක් විදපු උඹ මගෙ මල්ලි කියන්න වගේ වෙනකොට එයා මාව ඇදගන යනකොට මම ඔහේ ඒ පස්සෙන් ඇදීලා ගියා....
.ආ.....මෙ...පහනට තෙල් දාන්න......
සංජන කියවනවා...ඒත්....මට සිහි නෑ...මං ඉන්නෙ මගෙ අම්මගෙ සොහොන ළඟ.....අම්මා බව නොදැන...මම එදා ඒ ගෙදර මලකදට උරහිස තිබ්බා.....
අම්ම බව නොදැන මම එදා ඒ මලගෙදර මිනි කොල වලට පාප්ප ගෑවා....ඒ ඉන්නෙ අම්මා මාව නම මහක් දරන් උන්නත් තුරුලු කරන් හදන්න පින් මදි උන අම්මා බව නොදැන අම්මගෙ ආදරෙන් එක බින්දුවක් ලබන්න පින් නැති මං ඉලව් රැක්කා.....
අම්මා...මං....අදත් ආවා...තනියම ...නෙවෙ.....මල්ලිවත්...එක්ක....ආවා...
අම්මා....මල්ලි...එයා....එයා ඉන්නවා....එයා....නැති වෙලා නෑ අම්මා.....අම්මවයි....ඩැඩාවයි....රවටලා....
අම්මා...අම්මගෙ....පුතාමයි....මේ....
නිර්වාන් .....අම්මට මතකයිනේ ....මට....ඩැඩාව අත අරින්න උදව් කරන්න ..කියලා ගියපු...ළමයා...
මන් වගේම සංජන උන්නෙ ඉදගන ....මැටි පහන ඔහෙ ඇවිලෙනවා....මගෙ අම්මා එක්ක තවත් මිනිස්සු බර ගානක් සැනසීමෙන් නිදාගන උන්නා සමහරුන්ගෙ අලු තැම්පත් කරලා සමහරු පුච්චන්නෙ නැතිව වලලලා....සමහර මිනි කදු මහ පොලවට සමතලා වෙලා ගිහිල්ලා සමහර ඒවා හොයන්න බැරි වෙන්න තනකොල වලින් වැහිලා ගිහින්....කාලෙකට කලින් ආදරේ ලබාපු හො නොලබාපු මිනිස්සු අද මේ සුසානෙ තනිවෙලා .....
සංජන එයාගෙ අම්මා එක්ක කතා කරනවා ....
නෑ....වැරදුනා.....එයාගෙ නෙවෙ ...මේ ඉන්නෙ මගෙත් අම්මා .....
මේ ඉන්නෙ අපි දෙන්නගෙම අම්මා.....
අම්මෙක් කියලා මාව නාස්ති කරාපු ගෑනු පරානයක් මගෙ අම්මව මරා ගත්තා ....අදටත් මං අම්මා ළඟ උන්නා නම්...මගෙ අම්මා අදටත් ජීවත් වෙනවා .....
අම්මෙ....මං.....මන්...නිර්වාන් අම්මෙ...මං....ආවා....අම්මව.....බල....න්න...මං....ආවෙ....මගෙ....අම්මට....මං ඉන්නවා කියලා කියන්න.....
අම්මෙ.....මං .....ඉන්නවා ....අම්මෙ...
මං මිමිනුවා ....අඩලා අඩලම හෙම්බත් උන ඇස්වලින් තව වැටෙන්න කදුලු නැති උනා...හිත රිදිලා රිදිලම මට රිදෙන්න තව හිතක් නැති උනා....සංජන එහෙන් බලාගන උන්නා...අනිත් පැත්තෙන් මම බලාගන උන්නා ...ලස්සනම හිනාවක් එක්ක අම්මා සදහටම යන්න ගිහින් තියනකොට උපන් ගෙයිම අම්මගෙ ආදරෙ අහිමි මම කියන්න දේවලුත් නැතුව ඔහේ උන්නා.....
නිර්වාන් .....සයාශ් එක්ක තරහා පිරිමහන්න එපා.....එයා කෙරුවෙ ...ඔයාව බේරගන්න කරන්න පුලුවන් ලොකුම දේ....
මෙතනින් පස්සෙ .....වෙච්ච කෙරිච්ච දේවල් ආය හිතන්නත් එපා....හැමදේම ඉවරයි කියලා හිතාගන...ඔයාගෙ හැමදේම අලුතින් පටන් ගන්න....
මං දන්නවා...ඔයාට කියලා කවදාවත් සතුටක් තිබුන් නෑ...සැනසීමක් තිබුන් නෑ....කාලෙකට කලින් මටත් එහෙමයි...මිනිස්සුන්ට කවදාවත් සර්ව සම්පූරන සතුටක් ලැබෙන්නෙ නෑ මල්ලි....
සතුට කියන දෙ උපයගන්න වෙනවා...
මං කැමතියි...අදින් පස්සෙ...ඔයා හැමදේම අමතක කරනවා නම්....මගෙ ඩැඩා...කාලෙකට පස්සෙ සැනසීමෙන් හුස්ම ගන්නවා...ඔයාගෙ අප්පච්චි උනත්....මෙච්චර කල් විදවපු දෙවල්.වලින් අද යම් තාක් දුරට සැනසීමක් ලබනවා.....
ඔයා නැති උනා කියලා....එයා කවදාවත් ඔයාට ආදරෙ නොකර උන්නෙ නෑ නිර්වාන් ...හැබැයි....ඒ කියලා ...ඒ මනුස්සයා...දැන් ටානියව පිලිගන්න ලෑස්තිත් නෑ නිර්වාන් ....එයාට දැන් .ටානියව බන්දේසියක තියලා දුන්නත්.....මේ ඉන්නෙ මගෙ දුව කියලා අතින් අල්ලන්න හිතක් නෑ...ටානියට උනත්..මේ මගෙ අප්පච්චි කියලා හැගීමක් නෑ.....ගහේ කටු උල් කරන්න ඕන් නෑ නිර්වාන් ....
මනුස්සයෙක් විදිහට වෙච්ච කෙරිච්ච දේවල් එක්ක හුගක්ම දේවල් නැති උනෙ ඒ මනුස්සයට....කසාද ගෑනි...තමන්ගෙ දරුවා....තමන්ගෙමයි කියලා හිතාගන ඇහේ මූනෙ තියන් හදාපු උඹ....
මට වැල් වටාරම් කියලා .....විසදුන නඩු ආය ආය කතා කරන්න බෑ නිර්වාන් .....අවසානෙදි හරි මගෙ අම්මට...උඹග් අම්මට...අපි දෙන්නගෙම අම්මට සාධාරනයක් ඉෂ්ට උනා.....මේතාක් කල් අන්දකාරෙක ඉදන් විදවපු උඹ නිදහස් උනා... ....ඒකම ඇති අදින් පස්සෙ අලුත් පිටුවක් ලියන්න...
මේවා විසදුනෙ කොහොමද කියලා හොයනවට වඩා...උඹගෙ අප්පච්චි අපේ ඩැඩා.....වගෙම ශෙනිරුගෙ අප්පච්චි කියන්නෙ....දෙයක් අගිස්සන්න බැරි මිනිස්සු නෙවෙ කියන එක විතරක් මතක තියන්....අදින් පස්සෙ ඔයහිත නිදහස් කරන් ජීවත් වෙන්න අලුතින් පටන් ගන්න...
සයාශ් ආපහු ඉපදුනා වගෙ....මං විස්වාස කරන්නවා...නිර්වාන් අබේසේකර වෙනුවට....උඹ මගෙ වාසගම තියන මගෙ මල්ලි විදිහට ආයම අලුතෙන් ඉපදෙයි කියලා ...
මිනිස්සුන්ට හැමදාම ඉඩෝරෙ එන්නෙ නෑ...වසන්තෙත් කවදම හරි එනවා.....අනෝමා.ගැන කියනවා නම්...මනුස්සයෙක්ට දෙන්න පුලුවන් ලොකුම දඩුවම මරන දන්ඩනේ නෙවෙ නිර්වාන් ....හුදකලාවයි...අන්දකාරෙයි...තනිකමයි...
මං සංජන දිහා බැලුවා....එයා කියවල කියවලා අවසානෙදි මා දිහා බලලා ලාවට හිනා වෙලා මගෙ ඔලුව අතගෑවා....මගෙ ඇස් වලින් වැටුන කදුලු බින්දුව මහ පොලවෙ අතුරුදහන් උන.....
සහෝදරයො කවදාවත් මරාගන්නෙ නෑ මල්ලි.....බදාගන ආදරේ නොකිව්වත්...මං උඹව මරාගන්නෙ නෑ...අපි..අලුතෙන් ආයම ඉපදෙමු....මේ අම්මා ගාවම.....!
*...
*....
*....
*....

චූටි....
ම්ම්ම්....හ්
චූටියා.....නැකිටින්නෙ නැද්ද ම්ම්ම්ම්
මගෙ චූටියා තාම දොයිද.....
ම්හ්ක්...නිරූ...තා....චූට්...ටක්...
තා චූට්ටක් ගගා කීයෙ ඉදන්ද උඹ මෙතන....කෝ...නැගිටපන්කො වස්තුව ඇදට ගිහින් දාන්න...අයියත් දැන්නෙ ආවෙ....මහන්සි....නිදි මතයි.....වරෙන් දොයියන්න යන්න...
වෙලාව උදේ අට පහු වෙලා.....නයිට් ශිෆ්ට් එකට ගිහින් ආව මම ගෙට එනකොටම දැක්කෙ පාන්දර ජාමෙ ගෙදර ඇවිදින් ඇදි වත පිටිම්ම සෝෆාවෙ උන්න මගෙ කොල්ලව.....
එයාට නින්ද ගිහින්....මේකප් වලට..ලයිට් වලට ලස්සනට පෙනුනට මොකද...එයාව හැමදාම දකින මම මෙ ඇස් වල...මේ මූනෙ තිබුන මහන්සිය දැක්කා....
මගෙ වස්තුව ...මගෙ චූටි...මගෙ කොල්ලා...මගෙ පන....ස්ක්‍රින් එකෙන් දකින මිනිස්සු ගාව අදරනීයම චරිත මවන.....නපුරු චරිත මවන...ගුප්ත චරිත මවන...සයාශ් .....ඒත්....හැමදාමත් මෙ දොරකොඩ පැන්නම මගෙ චූටියා...මගෙ ළමයා....මගෙ වස්තුව ...අවුස්සනකොට මගෙ අලිවෙඩිල්ල ....
ගැට ගහන් උන්න ටයි එක බුරුල් කරපු මං එයාගෙ ගාවින්ම ඉදගන ආයම කටත් චූට්ටක් ඇරන් නින්ද ගියපු එයා දිහා මං ටික වෙලාවක් බලාගන උන්නා.....
ආවුරු ගානක්.....පහු උනා...මං උඹට මාස ගානකට සමාව නොදී උන්නා....මං වෙනුවෙන් මරු කටට පැනපු උඹ මිනි පෙට්ටියකින් ගෙදර ඇවිත් හොදම නලුවා සම්මානෙ අරන් අවුරුදු ගානක් පහු උනා.....
අවසානෙදි උඹ දිනුවා.....උඹ මාවත් දිනෙව්වා...
අවසානෙදි මම දිනුවා...මම උඹවත් දිනෙව්වා.....
මේ ඉන්නෙ මගෙ ජීවිතේ හැමදේම.....සුදු ඇදුමෙන් උන්න කැලෑ මලක් අහම්බෙන් ඇහැ වැටුන මං පිස්සුවෙන් වගෙ ආදරේ කරන්න ගත්තු මගෙ හැම දේම.....
තව සති දෙකයි....උඹට තිහයි චූටි...විස්වාස කරන්න පුලුවන්ද ....උඹට තිහයි....මට තිස් එකයි කියලා ...
මං එයාගෙ අත අරගන මගෙඅතට පටලව ගත්තා...
මිනිස්සු දැන් මාව දැක්කම කියන්නෙ.....ඩොක්ටර් නිර්වාන් කියලා නෙවෙ....ඒ ඉන්නෙ....අර සයාශ්ගෙ හස්බන්ඩ් කියලා ....එක අතකට.....ඩොක්ටර් නිර්වාන් නොකිය.....උඹගෙ අයිතිය අයිති එකම එකා මම නේද කියන්න අයිතිය පපුවට දැනෙන වචන එක්ක මාව අදුනනකොට.....ඒක මට හරි ආඩම්බරයක් මගෙ සයාශ් ......
මං නැගිට්ටා...එයාව උස්සන් ගිහින් ආයම ඇදේ තිබ්බොත් අනිවාර්යයෙන්ම එයා ඇහැරෙනවා.... සපත්තු දෙකත් ගලවපු මං හිමින් සීරුවෙ කාමරේට ගිහින් බ්ලැන්කට් එක ගෙනත් එයාව පෙරෙව්වා....පොරවලා මගෙ නලුවට හාදුවක් තිබ්බා...
ඩ්ර....ර්...
එයාව පොරවලා එන්න හැරුනා විතරයි.....කන්ට්‍රි කෝඩ් එක හැට එක ආව නම්බර් එකකින් මැසේජ් එකක ආවා....
නිරූ....මං බබී....මේක මගෙ අලුත් නම්බර් එක අනේ...අපේ මිනිහා ආයමත් මගෙ නම්බර් එක මාරු කෙරෙව්වා.....හරි වදේ අනේ...මේ කොල්ලෙක් පස්සෙන් එනවනෙ...
මට හුස්මක් පිට උනා....රටින් පිට වෙලත් නාකි කෝලම් අඩු වෙලා නෑ...ඒව්.....මගෙ චූටියා බනින එක සාදරනයි....
මොකද මේ උදෙම්ම.....
මං ආපිට මැසේජ් එකක් දැම්මා.....වසරේ හොදම නලුවා...ජනප්‍රියම නලුවා....නැගී එන නලුවා....හොදම සහය නලුවා.....
රැක් එකෙන් එකයි මගෙ කොල්ලා දිනාපු සම්මාන...මං ඒ සම්මාන දිහා බලන් උන්නෙ පුදුමාකාර ආඩම්බරේකින් වෙනකොට ....රෝමියෝට රගපාපු මගෙ රෝමියෝගෙ අනිත් පලුව එහා පැත්තෙ ඉදන් පුලුවන් තරන් කෙටුවා ....
ඔන්න නිරූ.....තව සති දෙකයි.....අපේ හැපි ටූටූ එක....
ඉතින්....??
ඉතින් කියන්නෙ...අපිත් එනවනෙ....
වරෙන් ඉතින්....කව්ද එපා කිව්වෙ.....
අනේ...ඇත්තමයි නිරූ ...මෙච්චර වයසට ගිහිනුත් තාම බුම්මැට්ට ගතිය ගිහින් නෑනෙ.....මටත් ආදරෙන් කතා කරපල්ලකො....චිම්තකගෙ මුනුබුරගෙ ලොකු මාම මමනෙ...
ම්න්...එන්න...වස්තුවට කව්ද එපා කිව්වෙ....
එව්...ඒව්..ව්ව්...වස්තුවලු.....නිර්වානයා.....මං යනවා.....
මට හිනාවක් ගියා...තව සති දෙකයි...ඌ මුනුබුරාගෙ ලොකු මාමලු.....මන් උන්න තැනම හිටන් සෝෆාවෙ උන්න මගෙ කොල්ලා දිහාව බැලුවා....මගෙ වස්තුව....උඹට පුලුවන්ද දැන් අප්පච්චි කෙනෙක් වෙන්න.....

Sayash pov

අවාරෙක මෙහි ඇවිත්.....
මගෙ හද කියවන්න....
ලියාලමි ගැඹුරු තැන්.....
ආදරෙයි උතුරන්න.....
මං උන්නෙ දත් මැද මැද.....මගෙ නිර්වාන් අද ගෙදර....ඊයෙ මහ පාන්දර ගෙදර ආව මම නැගිටිනකොට දෙකත් පහු වෙලා... දවස් ගානකට පස්සෙ...හරියටම ...සති දෙකකට විතර පස්සෙ...මං හිතන්නෙ මට නිවාඩුවක් ලැබුනෙ...අසම්පූරන ගෙදර සම්පූර්න කෙරුවෙ අපේ අත් වලින් වෙනකොට මගෙ නිර්වාන් ගාව මං පුදුමාකාර සතුටකින් ජීවත් උනා...කලාතුරකින් නිවාඩුවක් ලැබෙන තරමට මට ඉස්පාසුවක් නැති ජීවිතයක් තිබුනත් මොකද....කීයට ගෙදර ආවත් මං එනකන් බලන් ඉන්න ඇස් දෙකක්...මාව තූරුල් කරගන්න ඔන්න ආදරනීයම මනුස්සයෙක් ගාව මං හැමදාම නිවුනා.....
මේ සතුට විදින්න.....අපි නොසෑහෙන්න දුක් වින්දා.....ඇස්වල කදුලු හිදෙනකම්ම ඇඩුවා....හීල්ලුවා...
අවසානෙදි ...එක දවසක හැම වේදනාවකටම සදහටම තිත වැදුනා.....
වේදනාත්මක අතීතය අතීතෙටම සීමා වෙනකොට ඒ යට ගියාව අපි හැමෝම සදහටම මරල දැම්මා....ඉතින්...මේ පටන් ගන්නෙ.....මේ පටන් අරන් තියෙනෙ....වසන්ත කාලෙ.....ඉඩෝරෙක වේලුන හැම බිම් අගලකම මල් පිපෙන කාලෙ....
එයා සින්දුවක් දාලා....
අදටත් එයා ආසම සින්දුව....අවාරෙක මෙහෙ ඇවිත්...
හරියටම කල්පනා කරලා.බැලුවොත් ...අවුරුදු ගානකට උඩදි....ආර්ට් එකේ උන්න කොල්ලෙක් වෙනුවෙන්....ඉස්කෝලේ උන්න හෙඩා තමන්ගෙ ෆ්‍රොෆයිල් එකට දාපු සින්දුව...
මම හිනා උනා.....මට හිනා ගියා.....
උඹගෙ ආදරේ තවමත්...ඒ වගේමයි....මගෙ නිරූ.....රෝමියෝට මැරෙන්න ඇරියට...සයාශ්ව මැරෙන්න නොදි රැකපු උඹගෙ ආදරේ...තවමත් එදා වගේමයි...
චූටි.....
සයාශ් ....
ලමයෝ....
ඕහ්...නිරූ...
කන්ඩ වරෙන්.....මිනිහා ඉව්වා.....
දත් ඇන්ද විතරක් එහෙන් මෙහෙන් මැදපු මං එයාගෙ කටහඩත් එක්ක කුසියට දිව්වා...
යෝහ්....නිරූ....එලෝලු බත් උයලා....ඇයි...අනේ..ඒ...අද...මොකක් හරි විසේසයක්ත නිරූ ....ඈ අනේ...
මං ගිහින් බෙල්ල දැම්මා...එදා ලුනු කායම් බත් ගිල්ලුවට මොකද මගෙ හොර දොස්තරයට දැන් පබිලිස් පරාදයි...එයා එලවලු බත් හදලා....චිකන් තිබුනා...පපඩම්...බෝංචි එක්ක අල විතරක් නෙවෙ.....කෝකටත් තෛලෙ පරිප්පුත් තිබුනා...
ඇයි නිරූ මේ...
ඇයි අහන්නෙ...උඹ ඉතින් හැමදාම ගෙදර නෑනෙ වස්තුවෙ ඒකනෙ....උඹගෙ මිනිහට සතුටුයි නෙ...නිරූගෙ වස්තුවනෙ උඹ.......
ම්හ්හ්.....නිර්වාන් .....
ම්ම්ම්ම්....
සමාවෙන්න....
ඇයි....
මට දුක හිතුනා.....නිර්වාන් උඹ මහ පුදුම මිනිහෙන් නිර්වාන් ...උඹ තනියෙන් නිදියන දවස් අනන්තයි අප්‍රමානයි ...උඹම තනියෙන් උයන් කන දවස් අනන්තයි අප්‍රමානයි ...මගෙ අතින් තේ එකක් බොන්න ලැබෙන දවස් අතෙ ඇගිලි ගානටත් වඩා අඩුයි...මහ රෑක තනියෙන් මං නැති පාලුව දරා ගන්න දවස් අනන්තයි අප්‍රමානයි ...ඒත් ..අද වෙනකන් උඹ මට කවදාවත් වචනෙකින් රිදවලා නෑ නිර්වාන් .....
මට රිදුනා.....මං නිදි අතරෙ උයපු එයා හරි ආසාවෙන් මං අද ගෙදරනෙ කියනකොට එයාගෙ මූනෙ හිනාවක් ඇදෙන තැන මට රිදුනා...මං සමාව ඉල්ලුවා ඒ තත්පරේම මං එයාට තුරුල් උනා.....
චූටි .....ඇයි...වස්තුව මෙ.....ඇයි සමාව ඉල්ලන්නෙ.....ඇයි මේ....
මාව...මෙහෙම පරිස්සම් කරන උඹ වෙනුවෙන් මට දවසක්...නෑ.....මං උඹ එක්ක උන්න කාලයක් මතක නෑ.....මට...උඹ එක්ක....බුදියපු කාලයක් වත් මතක නෑ...මට.....උඹව...නොසෑහෙන්න...මග ඇරෙනවා...මගෙ අයියෙ....ඒ අතින්....මං හරි...ආත්මාර්තකාමියි....මට සමාවෙන්න....මගෙ....අයියෙ....
ශ්ශ්....ශ්......ඇයි මේ....මං උඹට කවදාවත් බැනලා තියනවද .....ම්ම්ම්...මං උඹට අඩුපාඩු කියලා තියනවද ....ම්ම්ම්...නෑනෙ ....ඇයි අඩන්නෙ.....අඩන්න එපා වස්තුව ආදරේ කියන්නෙ...ඔය එකකට වත් නෙවෙ.....මේ මොහොතෙ උඹට මට දැනෙන දේට .....නාඩා ඉදින්...මං ආදරෙයි රත්තරන්ට ...අද හොද දවසෙ නාඩා ඉදින්...
එයා මගෙ කදුලු පිහ දැම්මා.....අද හොද දවසෙ අඩන්න එපා කියපු එයා මගෙ නලලට හාදුවක් තිබ්බා...අද හොද දවසක්....මොකක්ද අද හොදේ.....
නිරූ...
ම්ම්ම්ම්...
අද දවසෙ තියන හොදේ මොකක්ද....
හොදේද.....කෝ ආගපන්කො..මං හොදේ මොකක්ද කියන්න.....කෝ.....කෝ.
..ආ.....
මං කට ඇරියා.....එදා වගේමයි.....එයා අදත් මට කැව්වා වගේම අවසානෙදි මගෙ කටට පපඩමක් ඔබලා මගෙ දිහා බලලා හිනා උනා.....
අද තමයි.....මං දන්න...මේ ලෝකෙ ඉන්න හොදම මෝඩ කපල් එක ඉපදුනෙ....මෝඩයා උඹ...අද උඹගෙ උපන්දිනෙ වස්තුව....
උ...උ....කෝ...කවුරුත් ...මට.....යා...
අපේ....ගෙදර එකෙක් වත් මට හැපි ටූටූ කිව්වෙ නෑ...සුතර්මා ..අනෙ..අනේ....
මෙහෙ වරෙන් කොහෙද ඔය දුවන්නෙ .. ..මෝඩයො...සයාශ් ....ලමයො වරෙන්කො මේක කවන්ඩ...
එයා කෑ ගැහුවා...මගෙ උපන්දිනෙත් අමතක මම කකා උන්න එක පැත්තක දලා ගිහින් ඵෝන් එක ඔබන්න ගත්තා....
කෝ....අ...ආ..ආ...හරිම...අගෙයි...හරිම...අගෙයි.....නොතරු පැංචගෙ හෙලිකුට්ටම අමතක වීඇති අයුරු නම්....බොහෝම...අගෙයි...
අමොර්...අමොර්.....වූම් මේට්ට වත් මතක නෑ....එක පකෙක්ට මාව මතක නෑනෙ...ආ...චිම්තක....බෑනා පොඩ්ඩටත් එලිය වැටෙන්ඩ කලියෙන් කතා කරලා මගෙ රත්තරන් බෑනට සුභ උපන්දිනයක් කිව්වා...මට....මාව මතකත් නෑ...සුතර්මා ...ඇහේ මූන්ව් තියන් හදාපු කොලු පැටියව අමතක කෙරුවා ඈ.....
මොකද...
ම්හු....ක්..මොකුත් නෑ අනේ....එක යකෙක්ට මගෙ උපන්දිනෙ මතක තිබුන් නෑනෙ...
උඹටවත් මතක තිබුන් නෑනෙ ඉතින්...ඔය ශීට් බෙල්ට් එක දාගනින්කො ලමයො...
කමක් නෑ...පරිනත වෙනකොට උපන්දින සමරන්නෙ නෑ....ඒකට කමක් නෑ....පිට උන් හරි මට හැපි බර්ත්ඩේ කියලා තිබ්බනෙ.....ඒකම ඇති
ම්න් ..එහෙනම් ඉතින් නහයෙන් අඩන්නෙ.....මොකටද.....
.......පලයන් නරූ යන්න....වේදනාවෙන් ඉන්නෙ මම...
මගෙ උපන්දිනෙ මටම අමතක උන මම අවසානෙදි හිතත් රිදවගන එයාගෙ කාර් එකෙ ගොම් බෙට්ටක් වගේ බුම්බන් ඉදගන උන්නා.....මං ඉන්න එකට සතුටුයි කිව්වට මොකද මේ මිනිහා මාවත් එක්කන් සප්‍රයිස් කරන්න එක්ක යනවා වෙනුවට එයාගෙ පේශන් කෙනෙක්ට අමාරුයි කියලා.මාවත් දක්කන් එයා වැඩකරන ඉස්පිරිතාලෙට ආවා.....
.ඈ නිරු....මෙතනින් පස්සෙ වත් මාව සප්‍රයිස් කරන මොකුත් නැද්ද අනේ.....
විකාරද ...උඹට මොකටද සප්‍රයිස් ...උඹ අර මිනිපෙට්ටියෙන් ආව දා ඉදන් මං මේ සප්‍රයිස් වෙන ඒවා මදිද....
ම්හුක්...මහ ලෝබයෙක්වනෙ මං බැදන් ඉන්නෙ....ඒකට.....අපෙ ලොකුවට...අරූ වෙලහට දියමන්ති මුද්දකුත් අරන් දීලා ඇති.....ඇයි අනේ ඔයාට බැරි....
මොනාද....දියමන්ති මුද්දක් අරන් දෙන්නද.....බැරි කමක් නෑ...ඒත් ඉතින් ශෙනිරු කැමති වෙයිද දන්නෙ නෑනෙ මාත් උගෙ මිනිහට ඔව්වා අරන් දෙනවට...
මො.....මං.....අනේ....හ්...මේ.....හ්....අනේ..නිර්වානයා....හ්....
මං කෑ ගැහුවා...මාව විහිලුවකට ගත්තු නිර්වාන් මගෙ ලේ කෝප කරනකොට මං යකා වැහුන එකා වගේ කෑගැහුවා...
කෝ....බැහැපන්.....තවත් නහිනවා.....ඔය කලිසමෙ රෙවෙයි තටමන තටැමිල්ලට....
අනේ නිර්වාන් ඇත්තමයි....මහ ඕන් නෑ අනෙ...
වත්තල හේමාස් එක ගාවින් කාර් එක නවත්තපු නිර්වාන් මාව අවුස්සලා අවුස්සලා අවසානෙදි මගෙ කොන්ඩෙ හැදුවා....
ජෙනරල් එකට නෙවෙද යන්නෙ නිරූ.....
නෑ....මෙයා චැනල් කරන්න ආව කෙනෙක් එන්න යමු....
මාවත් අතින් අල්ලගත්ත නිර්වාන් ඉස්පිරිතාලෙ ඇතුලට ආවා...මුනට හම්බෙන සමහරෙක් මා.දිහා බැලුවා...මගෙ නිර්වාන් දිහාව බැලුවා....අනේ එවෙලෙ එයාගෙ මූනෙ තිබුන ආඩම්බරෙ.....එ මූනෙ තිබුන සතුට ...හිනාව...
නිරූ....මේක...මේ.....බේබි වෝර්ඩ් එකනෙ...
ම්න්...
අනේ....චූටි බබෙක්ද නිරූ...අවුරුදු කීයක දරුවෙක්ද නිර්වාන් ....
අද ඉපදුන.....කෙනෙක්.....
අද..ඉපදුන...
මගෙ පපුවට මොකක්ද උනා...අද ඉපදුන දරුවෙක්.....අනේ....ඇයි දෙයියනෙ ඒ.....නොදරුවා මොනවා දන්නවා කියලද....මොනවා තේරෙනවා කියලද....මං හින්දම කාර්ඩියොලොජිස්ට් කෙනෙක් උන එයා අද ඉපදුන පුංචි දරුවෙක් කියනකොට මගෙ පපුවත් එක්ක මොකක්ද උනා....
ඔහොම ඉන්න වස්තුව....
මෙච්චර දුරක් මාව අතින් අල්ලන් ආව නිර්වාන් අවසානෙදි එක කාමරයක් ගාව නැවතුනා ...අහසෙ පියාඹන කොකොක් සුදු රෙදි මල්ලක බබෙක් උස්සන් පියාඹන් යන පින්තූරයක් දොරේ එල්ලලා තියනකොට නිර්වාන් කෙරුවෙ දොරට තට්ටු කරපු එක වෙනකොට ඒ එක්කම දොර ඇරුනා....මගෙ දිහාව බලන් උන්න නිර්වාන් මගෙ අතින් අල්ල ගත්තා...අල්ලන් හිනා උනා.....
න්..නිරූ ...ඇයි.....අපි...
සප්රයි.....ස්ස්ස්!!!!
මට ඇහුනෙ එච්චරයි ......දෙයියනේ...ලොකූ....ලොකූ...අනේ...ලොකූ ඇවිල්ලා.....
ලොකූ....
මං කෑගැහුවා....
චූටියා......
සුභම...සුභ...උපන්දිනයක්..මගෙ....
මල්ලි...
මගෙ ඇස් වලට කදුලු පිරුනා....කාත් කවුරුත් නැති බේබි රූම් එකක ඉදන් දොර අරිනවත් එක්කම ඇගට පැනපු සනාශ් මට සුභ උපන්දිනයක් කියනකොට අවුරුදු ගානකින් ඌව දැකපු මට කතා කකරන්න වචන නැති උනා....ඌ
ලස්සන වෙලා....තවත් සුදු වෙලා....අතේ තිබුන කසාද මුදුව ඌව තවත් සම්පූර්න කරලා තියනකොට මං ආපිට ඌට මගෙ ලොකූ කිව්වා...උගෙ කදුලු මන් එදා දැක්කා...උගෙ වේදනාව මං එදා දැක්කා.....
ඌට උතුරන්න හරි ගිහින්.....ශෙනිරුවාගෙ මූන දිලිසෙනවා....
සුභ....උපන්දිනයක් වෙවා...මගෙ ලොකු.....උඹගෙ....හැම....හීනයක්ම....සැබෑ...වෙන්න....කියලා...මං ප්‍රාර්තනා කරනවා...මගෙ...අයියෙ.....
මං හිනා උනා ආයම පාරක් ඌව තූරුල් කරගත්තා.....ඒත්...මුන් දෙන්නා මොකද මේකෙ කරන්නෙ...
මං ශෙනිරුවගෙයි සනාශ්ගෙයි මූන දිහා බලනකොට වැහිලා තිබුන දොර ආයම පාරක් ඇරුනා...
චූටි...
න්....නි....ර්
සුභම....සුභ උපන්දියක්...මගෙ...වස්තුවට ...වගෙම....මගෙ...දරුවගෙ....අප්පච්චිට...
න්..නිර්වාන් ...මේ....මේ....ල්..ලොකූ....
මට කතා කරගන්න බැරි උනා...නිල් පාටපැනල් රෙද්දක්න් ඔතාපු පැටියෙක්ව මගෙ අතට ගෙනත් දුන්න නිර්වාන් මගෙ මූන දිහාව බලන් මට " මගෙ දරුවගෙ අප්පච්චි " කියනකොට නිර්වාන්ගෙම පිටපතක් මගෙ අත් අස්සෙ හිර උනා....මේ. දරුවා.....මේ ...පැටියා....
නිර්...වානෙ...මේ...පැටියා.....
මට දෙන්න පුලුවන්...හොදම තෑග්ග....මට දෙන්න පුලුවන් ...වටිනම...තෑග්ග.......
මගෙ පුතා....උඹගෙ පුතා....අපේ පුතා.....ඉතින්...උඹට පුලුවන් ...නමක් හිතන්න........අවසනෙට මට පුලුවන් මගෙ නම දෙන්න.......
" සිහින ප්‍රාර්තන "
ම්ම්ම්හ්....ම්ම්.....
හරි...හරි....මගෙ....චූටි ....පැටියා...බයියන්න...මගෙ...පුතා...බයියන්න.....
මං උන්නෙ ප්‍රාර්තන දිහා බලාගන...මේ හැමදේම හීනයක් වගේ ....නිරූ.....අපි බබෙක් ගේමු කියපු දා.....උඹම බබෙක් කියපු නිර්වාන් මගෙ අත් වලට මේ පැටියව තුරුල් කරල අවුරුදු දෙකයි....ඒම මූන....ඒම...පාට...වෙලාවකට සුරේන් සීයා වගේ.වෙලාවකට නිර්වාන් අප්පච්චි වගේ....
මගෙ ජීවිතේ වෙනස් උනා....උඩ යට මාරු උනා.....සනාශ්ලා ආපහු මෙහෙ පදින්ංචියට ආවා ..නිකන් නෙවෙ....සනාශ් කියන්නෙත් කෙලි පොඩ්ඩකගෙ අප්පච්චි කෙනෙක්....පිරිමි පිරිමි බැදල කරන්න පුලුවන් මොනවද අහපු පොඩිනැන්දට වැදුන හොදම කනේ පාර උන නිර්වාන්ගෙම හැඩගත්තු මගෙ පැටියයි...ඇරපු අතක් නැති ශෙනිරුවගෙ මරමුස් ගති ගත්තු අර පොඩි එකියි වෙනකොට පොඩු නැන්දට අද අපිට මූන දෙන්න බැරි උනා...
මං මගෙ ගාව තුරුල් වෙලා ඉන්න ප්‍රාර්තන දිහා බැලුවා.....මටත් හොරාවට නව මහක් නිර්වාන් රැකපු මගෙ පැටියා දිහා මං බැලුවා....surrogate දරුවෙක් උනත් මොකද....මේ ඇගේ දුවන්නෙ මගෙ නිර්වාගෙන්ම ලේනෙ කියන හැගීම දැනෙනකොට මන් මගෙ පුංචි පැටියගෙ මූන ලෝබ කමින් අත ගෑවා.....
අවුරුද්දක්...හරියටම අවුරුද්දක්..මන් හැම දේටම තිත තිබ්බා...නිර්වාන් එනකන් මන් හැමදාම දොරකොඩ ගාවට වෙලා බලන් උන්නා....කාටත් වඩා....සුධර්මට වැඩ වැඩි උනා...නාවනකොට කවනකොට සුධර්මා මාව මරන්ඩ හැදුවා....අත්තම්මා උන මගෙ අම්ම පැත්තක වෙනකොට අත දරු කාලෙ ඉදන් අපේ බකල් ඇරලා නහයෙ ඇද ඇරපු ඒ ලොකු නැන්දම මගෙ දරුවගෙ.....සනාශ්ගෙ දරුවගෙ ඇද අරිනකොට මන් හරි ආසාවෙන් බලන් උන්නා...
ලොකු නැන්දා කියන්නෙ...මගෙ ජීවිතේ හැමදාමත් තවත් අම්මෙක්...ලොකු නැන්දා කියන්නෙ...මගෙ ජීවිතේ තවත් පහනක්...
වෙලාව පාන්දර පහයි...මං අද ආපහු ශූටින් යනවා...ඉස්සර වගේ නෙවෙ.....මගෙ ලෝකෙම පවුල වෙනකොට ....මං මට එන හැම දේම සීමා කෙරුවා.....මට මගෙයි නිර්වානගෙයි ලෝකෙ මැද අපේ පැටියව ආදරෙන් උස්මහත් කරන්න ඕනා උනා....ජීවිතෙ කිසි දවසක....දෙමව්පියන්ගෙන් හරි හමන් ආදරයක් නොලැබුන නිර්වාන් ...ප්‍රාර්තන ගාව දිය වෙන විදිහ දැක්කම මගෙ පපුව පත්තු වෙනවා....කට පුරාවටම අප්පච්චි ගෙ පුතා කියන නිර්වාන්ගෙ ආදරේට මම පවා ලෝබ කම් කෙරුවා ...
මං ඇදෙන් නැගිටා...පැම්පර්ස් එක පිටින් නිදියන් උන්න චූටුයගෙ එක කකුලක් නිර්වාන්ගෙ මූනෙ...අනික වෙන කොහෙවත්...මේකව එන්න එන්න මහත් වෙනවා...අප්පච්චි දොස්තර උනාට මොකද...ක්ලිනික් ගිය හැමදාකම දරුවගෙ බර වැඩී කියලා ඒකාබැනුම් අහන් එනවා....
ඇයි දෙයියනේ මේකට සලකන්න කියක්ද....ගුත්තිල කපල් එක හැමෝගෙනම අප්පච්චි ...සංජනගෙ වැඩේම එන එන පාර හොර හොරාවට ගිල්ලන එක...අප්පච්චි ගෙ වැඩේම ගිල්ලන එක...මගෙ කොල්ලව දැන් පුපුරනවා....
.උඹ හරි වාසානාවන්තයි පුතෙ....උඹට ආදරේ නම් ලැබ්නවා උතුරන්න...ලොකු අප්පච්චිලා නම්...කී දෙනෙක්ද.....
ඇදෙන් නැගිටපු මං නිර්වාන්වයි ලමයවයි පොරවල ඇවිදින් මූන කට හෝදගන පහන් පලේ පහන තිබ්බා.....අවසානෙදි නිර්වාන්ගෙ අම්මගෙ පින්තූරෙ ගාවත් මං පහන තිබ්බා.....
අම්මා...අපෙ....පැටියා දැන් ලොකුයි...ඉන්න තැනක ඉදන්...මාව නැතත්....අම්මගෙ පුතාව බලාගන්න...
හැමදාම වගේ මං ඒ අම්මගෙ හිනාවෙන පින්තූරෙට කතා කරලා කුසියට ආවා.....
නිරූ...මේක උදේ කිරි එක.....
අදත් මං ලේබල් එකක් ගහලා..අප්පච්චි ලා පුතාලට කෑම හදලා වහලා ඇදගන්නවත් එක්කම මාව ගන්න එන වාහනෙ හෝන් කරන සද්දෙ ඇහුනා.....තවත් පාරක් ඇද උඩ උන්න ඒ දේන්නා දිහාව බලන් උන්න මං අවසානෙදි දොරත් වහන් එන්න ආවා...
Nirvaan pov....

සුදු පුතා...ඒ.....හ්...මේ...සුදු පුතා...කොල්ලො...ආ..ආ....අර මෝඩ චූටිය වගේ තරහා ගිහින් නේද...
චූ...චියා....
ඔව්....මෝඩ චූටියා...කෝ...අප්පච්චි දිහාවට හැරෙන්නකො අනේ...
මාත් එක්ක තරහා වෙලා අලගෙඩිය වගෙ ඉදන් ඉන්න කොල්ලගෙ ඉනට මං ඇගිල්ලකින් ඇන්නා....අපි දෙන්නට තව බැරි උනා කටින් අප්පච්චි කියලා අහගන්න....චූචියයි -චිරුයි....අප්පච්චි කියන්නෙම නැති මේ කොල්ලා මට කතා කෙරුවෙම චිරූ කියලා.....බඩ ගිනි උනහමත්...චිරූ.....හම්..හම්....බඩ රිදුනත්...චිරූ....කා කා...මාසෙට පෝයට දකින සයාශයට චූචියා.....
මදැයි...අපිත් පෙරුම් පුරල ළමයෙක් හැදුවා.....
සුදු පුතා....අප්පච්චි දිහාවට හැරියන්කො.....උඹගෙ හෙන ගනන්නෙ....
මන් අරකගෙ ඉනට ආයම ඇන්නා...ඌ නෙවෙ මාව ගනන් ගන්නෙ...අවසානෙදි මම ඉතින් උගෙ අප්පච්චි නෙ කියලා හිතලා ඒ පැත්තට මාරු වෙනකොට ඉඹලා ඉඹලම කම්මුල් දෙක පිපිරෙන්න ඔන්න මෙන්න උන්න පොඩි නලුවා මට කට කොනකින් හිනා උනා....
.අප්පච්චි කියන්න පුතේ.....කෝ....අප්....ප...ච්...චි.....මේ කව්ද....අප්පච්චි .....මේ මෙතන ඉන්නෙ...කව්ද...අප්පච්චි ...කෝ....හොද පුතානෙ....අප්පච්චි කියපන්කො...බන්....
මං කොල්ලව අරගන අදත් ඒකට අප්පච්චි කියන්න අකුරු ඉගැන්නුවා ..ඒත් ඒකා නෙවෙ කට හෙලෙව්වෙ.....මගෙ කට දිහා බලන් ඉදලා ඉදල කට හදලා හදලා අවසානෙදි මගෙ මුන දිහා බලාගන චිරූ....ගෑවා....
චි...රූ.....
චිරූ ....කොහෙ ඉන්න චිරුවෙක්ද.....අප්පච්චි ...අප්පච්චි .....මේ ඉන්නෙ..මග්ව් පුතාගෙ...අප්පච්චි ..කෝ...අ...ප්...ප...ච්...ංහි....
ක්..චි..රූ.....
යෝහ්....කොල්ලො...කෝ..එහෙනම්...මේ ඉන්නෙ අලි වෙඩිල්ල කියන්න පුතේ.....මේ ඉන්නෙ...කව්ද.....අලි වෙඩිල්ල........මේ ඉන්නෙ.....අලි...වෙඩිල්...ල...මේ.ඉන්නෙ අප්පච්චි .....
ම්ම්ම්ම්....ම්ම්ම්....
උඹ මහ කපටි ඇටයෙක්...අනිත් ඔක්කොම කියන්න ඔය කුඩික්කිය ඇරෙනවා...අප්පච්චි කියන්න කට අරෙන්නෙ නෑ...පොඩි බතලයගෙ....
ප්..පො..ජි.....
ඔව්...පොජි.....තමයි...පොජි...පොඩි බතලයා.....පොඩි බතලයා කියන්න.....බලන්න....බබ...බතලයා...
හී...නො...නෝ....
ආ...ආ....ඒවට නෝ නෝ.....කපටියා....
ම්ම්ම්...
අප්පච්චි කියපන්කො...පුතේ....එපා වෙනවනෙ....බන්....කියකො...ජබ්බයො....තරහත් යනවා.....මගෙනෙ කියලා ඉන්නවා....
ම්ම්ම්ම්ම්...
මම උන්නෙ ඇදේ...උදෙ ඇස් ඇරෙනකොට මගෙ වස්තුව උන්නෙ නෑ....එයාගෙ සුවදයි...ආදරේ පිරුන ලියුම් කඩදහියකුයි ඉතූරු කරපු මගෙ නලුවා ගිහින් උන්නා.....
මං උන්නෙ මගෙ කොලු පැටියට අප්පච්චි කියන්න උගන්න උගන්න....එයා හිනා වෙනවා.....කෑ ගහනවා...ඇද පුරාවටම අඩිය දෙක ඇවිදිනවා.....හුරතල් ලෝකයක්........
මගෙ ජීවිතේ මේ ගෙවෙන්නෙ සන්තෝසෙ උතුරනම දවස් ....ගෙදර ඉන්න දාට ප්‍රාර්තන මගෙ මුන හිනාවෙන් පුරවනවා...කාලෙ ගෙවෙන එකවත් මට නොදැනෙන තරමට මගෙ දරුව මට ලන් වෙනවා...උදේට ගියපු එයා එනකන් මං කොල්ලව ඇහැරවගන තියා ගන්නවා.....මමයි එයයි දෙන්නම නැති දාකට අම්මා ඇවිදින් ළමයා බලාගන්නවා...ඒ නැතත් මගෙ කොල්ලට ආයම්මලා නම් කෝටියයි...
සයාශ් ....වස්තුව ඔයා කීයටද එන්නෙ.....
මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇද ඇද මොන මොනවදො කියන පුංචි එකා නිදා වැටි වැටි උනත් හිනා වෙනකොට මං එයාට මැසේජ් එකක් දැම්මා....ඒ චුට්ටකිම්ම මට රිප්ලයි එකයත් ආවා.....
මේ මග නිරූ...
අන්න.....එනවලු....
ම්ම්ම්.....අ..න්න....
ඔව්..අන්න තමයි...අලි වෙඩිල්ල මගලු...
........ම්ම්ම්
අප්පච්චි කියන්න .....අප්පච්චි මග එනවලු....කෝ..මහෙ පුතා.....අප්පච්චි ..කියන්න...
ම්ම්ම්ම්...
ම්ම්ම්...තමයි....ඔක්කොටම ම්ම්ම්...එච්චරයි දන්නෙ....පොඩි බතලයට......
ම්ම්ම්.....පොජි
ඔව්...පොජි...තමයි.....
නිරූ....හ්...චූචියා...ගෙදර ආව...හොර දොස්තරයගෙ.....නොතරු...පැම්චෝ....
අප්පපච් ගෙදර...ආවා....අප්ප....ච්චි...ගෙදර...ආවා.......!!!
ම්ම්...අ...අ....යි...එ...දි...ල්...ල.....ආ.....
මාව තක් බීර් වෙලා ගියා...සාලෙ පැත්තෙන් චූටියගෙ කට හඩ ඇහුනත් හරි මගෙ කොන්ඩෙ කකා උන්න පුංචි එකා අප්පච්චිගෙ කට හඩ අදුනගන දගලනකොට මං ලමයව වඩාගන කාමරෙන් එලියට ආවා විතරයි මට මතක....මගෙ අතේ උන්න කොල්ලා සාලෙ උන්න චූටියව දැක්කා විතරයි ...කට හදලා...හදලා...හදල එක පාරම අයි එඩිල්ල ආවා...ගෑවා විතරයි මාව හොල්මන් වෙලා ගියා....මං වගේම ගොලු බේත් බොන පොඩි ඇටයා ගේ ඇතුලෙ සිරියාවක් කෙරුවා....
මො...මොකක්.....මොකක්ද...පුතේ කිව්වෙ.....
අයි....එ....ම්ම්....අ..අයි...එදි..ල්...ල...ආ.....වා
අලි වෙඩිල්ල ආවා....මො..මොකාද මගෙ ලමයට ඔව්ව උගන්නන්නෙ....මොකාද
මට උත්තර නෑ....මහ අප්පච්චි මගෙ දිහා රව රව මොකාද ඔව්වා උගන්නන්නෙ අහනකොට මට යන්තන් සැනසීමක් දැනුනා මේකා ඔච්චර කියවන්නෙ නැති හින්දා කියලා ...ඒත්...මං හිතන්නෙ.....මට වැරදුනා...මගෙ ජාන තිබ්බත් මොකද...මේකා තනිකරම හොරොව්පතානෙ අලිවෙඩිල්ලට හපන් උනා .. මගෙ මූන දිහාව බලලා...තටමලා...තටමලා...මාව පාවා දුන්නා...
ප්...ප්....පප්...පච්...චි.....
න්..නිර්වා...නයා.....හ්හ්හ්!!!!!....
මහන්සිද රත්තරන් ....
තුරුල් කරගන්නකො නිරූ...ම්හුක්...චූචියට මහන්සී....නෙ.....යෝ..හ්..නිරූ...දැන්...දෙක...ගහනකොට බඩ වදිනවනෙ...අප්පා.....චුච්චක් අඩු කරගනනකො...අයියො....ම්හුක්....මහත් වෙලා අප්පා....දැන්.....සැප...සැප....මේ මිනිහට...
මට හිනා ගියා...ගෙයි මැද පලස්තීනයක් මවාපු මගෙ පොඩි නිර්වානයාට තොටිල්ල මැද හොදටම නින්ද ගිහින් තිබුනා.....
මං හිතන්නෙ...මාස ගානක්...ඔව්....මං එයා ගාවට ලන් උනේ මාස ගානකට පස්සෙ.....හැමදාම තුරුල් කරන් නිදාගන්න එක ඇරුනම....හාදුවක් තියලා නිදා ගන්නවා ඇරුනම ඇගපත තෙහෙට්ටුව මාව වගේම එයාව හැමදාම අඩපන කරනකොට මට වත් එයාටවත්....එයාගෙයි මගෙයි ලෝකෙකට යන්න බැරි උනා....
හද පායලා.....මාසෙ පෝය ලගද කොහෙද ......අම්මගෙ දානෙත් ලන් වෙනවා.......හද එලිය ජනෙල් තිර අස්සෙන් හීනි හීනි තීරුවට පෙරිගන එනකොට මං බලාගන චුටි නිර්වානයගෙ චූටි කට ඇරිලා සූප්පුව කොට්ටෙ උඩට වැටුනා....මට ලෝබ හිතුනා...බෝල ගෙඩියව තනියෙන් නිදි කරවන්න පව් කියලා හිතුනා...මගෙ අත් ගොබේ උඩ නිදි කරවන් උන්න සයාශ්ව එක තත්පරේකට මගෙන් ඈත් කරලා....එයාගෙ මගෙ ප්රාර්තනාවෙ යතාර්ත්වෙ මං අතට ගත්තා.....
සිහින.....මගෙන් සයාශ්ගෙ හීනෙ...ප්‍රාර්තන....මගෙ වස්තුවගෙ ප්‍රාර්තනාව....සිහින ප්‍රාර්තන.....
නිරූ....
දැන් ඉතින් දෙන්නම මගෙ අත උඩ....කාමරෙන් එකයි ඕඩ්ක්ලෝන් සුවද...මගෙ චූටි වස්තුවගෙ නින්ද කොයි තරම්ද කියනවා නම්.....පොඩි එකාව එහා මෙහා කරනවා වත් එයා දන්නෙ නෑ...
කියන්න වස්තුව .....
හද එලිය යට එකම ඇද රෙද්දෙන් පොරවන් උන්න මගෙ සයාශ් තවත් චුට්ටක් මට ලන් උනා....එයා මොනවා හරි කියන්න හදනවා....කියන්න යන දේ මොක උනත් ලොකු දෙයක් කියන්න ඒ ඇස් වලින් මං දැක්කා....
නිරූ....මේ ෆිල්ම් එකෙන් පස්සෙ...මං හැම දේකිම්ම අයින් වෙනවා
චූටි....
එයා අයින් වෙනවලු....මේකඑයාගෙ ආසාවනෙ...ඇයි ඒ.....
මට...තවදුරටත් ...නලුවෙක් වෙන්න ඕන් නෑ නිරූ...මට....උඹවයි.....දරුවවයි මග ඇරෙනවා නිරූ...දැන් ඇති.....මට ලැබෙන්න ඕන දේවල් ලැබුනා ...මන් ප්‍රාර්තනා කරපු ආදරේ .ඒ පව්ල.....ඒ ජීවිතෙ හැම දේම මට ලැබුනා ....මට ඕනෙ....හැමදාම හවසට උඹ එනකන් බලන් ඉන්න...
මගෙ අතින් තේ එකක් හදලා දෙන්න.....
මගෙ ඇස්වලට හොරාවට එයා ලොකු වෙනවා ....මට මේ හුරතල් මග ඇරෙනවා.....සල්ලිම නෙවෙයි නිරූ ජීවිතෙ ....
උඹ මේ අවුරුදු ගානට ඕනාවටත් වඩා මාව ඉහලින් තිබ්බා....ඉතින්....මට ආදරේ කරන මිනිස්සු ටීවි එකෙන් මාව නිතර දෙවෙලේ දකින්න ඕනා නෑ....මට ආදරෙයි නම්....අවුරුදු ගානක් ගෙවුනත් මං ඒ හිත් අස්සෙ ඉන්නවා නම්....ඒ ඇති....
මට ආසයි....ආපහු පරන චූටියා වෙන්න...මගෙ කොල්ලට ආදරනීයම අප්පච්චි කෙනෙක් වෙන්න.....රෑ ගනන් මේ ඇද මට තවත් හිස් කරන්න බෑ නිරූ...මට දැන් මගෙ පවුල එක්ක ඉන්න ඕනා.....
මං හිනා උනා.....එයාට තව දුරටත් කැමරාවක් ඉස්සරහට රගපාන්න බෑ කිව්වා ....ඒ ඇස් වලට හොරාවට පුංචි එකාට ලොකු වෙන්න දෙන්න බෑ කිව්වා....එයා ආසයි කිව්වා මං ගෙදර එනකොට දරුවත් එක්ක මග බලාගන ඉන්න....
මගෙ හිතට සතුටක් දැනුනා...එයාගෙ හීනෙට යන්න මං උදව් කෙරුවත්....එයාව දිනවන්න මං පස්සෙන් උන්නත්....සමහර දවස් තිබුනා මට සයාශ් ව මතක් නොවෙන වාරයක් නැති.....තුරුල් වෙන්න ඕනා වෙලාවන් තිබුනා එයා මගෙ ළඟ උන්නෙ නැති.....
මං ප්‍රාර්තනා කරන එකම ජීවිතෙ....එයාගෙ හිනාව ආදරේ සතුට .....මගෙ පුංචි එකාගෙ හුරතලේ පිරුන ආදරනියම පවුලක් වෙනකොට එයා මගෙ ඔලුව අත ගාලා මා දිහා බලන් මට ස්තූතියි කියනකොට මං හිනා උනා....
ස්තූතියි .....මෙච්චර කල්...මං නැති අඩුව දරාගන මාව දරා ගත්තට......පටන් ගත්ත දා ඉදන්...ආදරෙ අඩුවක් නැතුවම බෙදනවට.....හැමදාමත් ඇස් දෙකෙ තියන් මාව පරිස්සම් කරනවට...රටෙ තොටෙ උන්ට මම මොන චරිතයක් උනත්...හැමදාමත් මාව උඹගෙ චූටිම කරගන ඉන්නවට....
ආදරනීයම පවුලක්....පිරිමි පිරිමි මොනව කරනවද කියලා අහල රිදවන උන්ට දැනෙන්නම...මට ආදරනීයම ජීවිතයක් දුන්නට...
නිර්වාන් ...මගෙ හෙඩා.....මගෙ නිරූ...මං උඹට පුදුම තරම් ආදරෙයි මගෙ අයියෙ.....මං උඹට පුදුම තරන් ආදරෙයි....නිර්වාන් .....උඹ මට හැමදාමත් නිර්වානයක්මයි...නිර්වාන්...
මගෙ ඇස්වලින් කදුලු කැටයක් වැටුනා.....අවසානෙදි එයා මගෙ දිහා බලාගන ආදරෙයි කියලා..මගෙ නලලට හාදුවක් තියනකොට මං හිනා උනා....
නිදා ගන්න වස්තුව ....අද රෑට වඩා....හෙට එලිවෙන දවස ලස්සන වෙයි...මං උඹට හැමදාමත් ආදරේයි...දැක්ක පලවෙනි දවසෙ ඉදම්ම...ඒ ආදරේ එහෙම්මමයි.....
මං උන්නෙ ප්‍රාර්තනව වඩාගන....
" හත් පාට හීන" එයාගෙ අලුත්ම ෆිල්ම් එක....මං කිව්වෙ නෑ...මං එනවයි කියලා මං කිව්වෙ මට අද හදිසි සර්ජරි එකක් තියනවා කියලා ...මං නාවට මොකද....පවුලෙ අනිත් අය එනවනෙ වස්තුව කිව්වත්...මගෙ කොල්ලගෙ මූන අදුරු වෙලා තිබුනා....
එයා ඉන්නවා...එයයි...එයගෙ ලගම එයාගෙ සම සහය නලුවයි...
හත්පාට හීන....බැලූ බැල්මට....ඒ නම හරි සරලයි...ඒත්....කතාව අස්සෙ තියෙන්නෙම පතුලක් නොපෙනෙන ආගාදයක්...
"පිරිමි පිරිමි මොනවා කරන්නද....ගෑණු ගෑනු මොනවා කරන්නද"අහන මිනිස්සුන්ගෙ ඇස් කන් හරහා පපු කදට කතා කරන කතාවක්.....
මං දන්නවා..මේ ලන්කාව ඇතුලෙ මේ හත්පාට හීනෙ බීශනයක් ගෙනේවි.....එක පැත්තකින් ...දේදුනු පාට ආදරවන්තයො හත් පාට හීන වෙනුවෙන් හිට ගනීවි...
තවමත් පරන රාමුවේම හිර වෙලා.....ආදරෙ කියන්නෙ රාගෙ මත පදනම් කරගත්තු එවුන් තව පැත්තක හිටන්ගනීවි.....
ඒත්...හත් පාට හීනෙට නෙවෙ.....මොන දේටත් මං හැමදාම එයා ගාව ඉන්නවා.....
පප්.....ප....පප්....
ඕහ්...ඔහ්.....අර ඉන්නෙ පප්පච්චි.....
ම්ම්ම්....අයි. ...එ...බ්භ්....
අම්මො...නෑ....නෑ....අප්පච්චි ....මගෙ පුතා එහෙම කියන්නෙ නෑ...
චූ.....චි...
චුචි තමයි....
අම්මා...අප්පච්චි සනාශ් මේ හැමෝම එයාට කතා කරලා ෆිල්ම් හෝල් එක ඇතුලට ගිහින් තිබුන එයාගෙන් මට මේවෙනකොට මැසේජ් බර ගානක් ඇවිත් තිබුනා ...
නිරූ.....පාලුයි ....
නිරූ මතක් වෙනවා...
නිරූ.....මගෙන් අත්සනක් ගන්න එනවා කිව්ව මුල්ම කෙනා ඔයයි නිරූ...
වැඩ ටික ප්‍රවේසමෙන් කරගන්න නිරූ.....චූටියා ආදරෙයි හැමදාමත් ඔයාට....
මන් එයාගෙන් එවපු අවසානම මැසේජ් එකත් සීන් කරලා ලොකූවට තිබුන එයාගෙ පින්තූරෙ දිහාව බැලුවා....
හත් පාට හීන...
"සයාශ් අබේසේකර ..."
මගෙ හිතම පිරුනා.....තවමත් අබේසේකර නමින් ඉන්න මගෙ නමම එයාගෙ නම පිටිපස්සෙන් තියනකොට මට ආඩම්බර හිතුනා....
හොරොව්පතානෙ ඉදන් ආව කොල්ලා....බොටමට ටී ශර්ට් එකක් ඇදන් ඉස්කෝලේ රගපාන්න පුරුදු උන කොල්ලා....
මගෙ කලිසමක් නාස්තිකරපු කොල්ලා....
නිරූ....නිරූ.....අනෙ නීරූ ගගා යකඩ දැලේ එල්ලීගන අඩන කොල්ලා.....
එයා අද මේ රටම දන්න නලුවෙක් වෙලා තියනකොට ඒ හීනෙ පාට කරන්න පාට කූරු දුන්න මට මේ හිනව දකිනවා ඇරෙන්න වෙන සතුටක් නැති උනා....
.ඉතින් මැනික ....අවසානෙදි උඹ දිනුවා ..මාව උඹ දිනා ගත්තා.....කරපු පව්වලට සමහරු තවම පව් ගෙවනකොට උඹයි මායි යන්න පුලුවන් උපරිම දුර ගියා.....
අම්මගෙ ආදරෙ අහිමි මට....උඹ මට තවත් අම්මෙක් ගෙනත් දුන්නා ...ආදරේ පිරුන පව්ලක් දුන්නා....සයාශ් ....උඹ කියන්නෙම "සතුටට කියන තවත් නමක්"
"ඉතින් වස්තුව.....උඹ කිව්ව දේ ඇත්තයි....සදා කාලික ආදරයක් තියන හාදුවකට පුලුවන් ...මලකදක් පන ගස්සවන්න.....ස්තූතියි ගොඩාක් උඹට....හැමදාමත්...නිර්වාන්ගෙම උනාට"
මන් හිමින් සැරේ එයා ගාවට ලන් උනා මන් බලාගන හැමදාම වගෙ මගෙ දුකේ සතුටෙ හැමදේකදිම ළඟින් උන්න ශෙනිරු සනාශ් වගේම දරුවවත් වඩාගන මා දිහාව බලන් ඉන්නවා....අනිට් පැත්තෙන් මගෙ අයියා උන සංජන එයාගෙ ආදරෙ එක්ක හිටන් ඉන්නවා.. ..
ඉතින්.....මේ තමයි මන් ප්‍රාර්තනා කරපු ජීවිතය....
නම මොකක්ද දාන්නෙ....
එයා ඔලුව පහත්කරන්ම නම මොකක්ද දාන්නෙ අහනවා ...
උඹ මේලෝකෙන් වැඩිපුරම ආදරේ කරන කෙනා කියලා නොකියා මං වෙන මොනවා කියන්නද.....උඹට එදා ඉදන් ආදරේ කරපු නිරූ නොකිය මං වෙන මොනවා කියන්නද ..
"සයාශ්ගෙ නිර්වාන් ...."

මන් එච්චරයි කිව්වෙ....මෙච්චර වෙලාම බොරු හිනාවක් මවාගන උන්න එයා ඔලුව උස්සලා බැලුවා විතරයි ඒ ඇසුත් හිනා උනා.....ඒ මූනෙ හිනාව දෝරෙ ගැලුවා.....
නිරූ.....
ප්ප්...පප්...පප්පච්චි....යෙ !!!!
ඉතින් ....නලුවෙක් උනහම මන් අත්සනක් ඉල්ලුවා....දෙන්න පුලුවන්ද ...?
නම.....
සයාශ්ගෙ නිර්වාන් කියලම ලියන්න...නිර්වාන්ගෙ සයාශ්ට වඩා .. සයාශ්ගෙ නිර්වාන් කියන එක ඝනකම්!!!!

සමාප්තයි !
🥺ස්තූතියි...කොටස් හැත්තෑ හයක් වෙනුවෙන් දීපු ආදරේට...
🥺ආයමත් එනකන්....පරිස්සමින් ඉන්න.. ..
.හැමෝටම හුගාක් ස්තූතියි ...නිර්වාන් සයාශ් ශෙනිරු බබී එක්ක මේ තරම් දුරකට ආවට
Anastasiawang27 තැම්කිව්පැස්තො...හැමදාම ලස්සන කවර් එකක් දෙනවට....