Cherreads

Chapter 4 - 04

අ..අනේ...හ්...අප්ප්...පච්චී.....හ්හ්....

මං බෙරිහන් දුන්නා.....මට යට ගිරියෙම්ම කෑ ගැස්සුනා...

දෙවියනේ...ඒ කව්ද....මට දැනුනා....මට දැනුනා...මොකෙක් හරි මගෙ කොදු නාරටිය දිගෙ අත ගානවා..... ඒ සීතල ඇගිලි මගෙ බෙල්ල වටේ යනවා...

ඒ විතරක් නෙවෙ මාව ඒ ඇගේ හැප්පෙනවා........මාව එ අත් වලින් තද කරගත්තා.....

ඒ හුස්ම.....

ඒ සීතල හුස්ම කෙලින්ම මගෙ බෙල්ල පිටිපස්සට වැදුනා...

හයියෙන් හයියෙන් හුස්ම ගන්න සද්දෙ මගෙ කන් දෙක බීරි කරන්න හැදුවා....

මගෙ පපුව පුපුරන්න වගේ ආවා...බයෙ ගැහුන මගෙ පන යන්න ආවා.....

මගෙ කොන්ද ....අනෙ....අම්මෙහ්....මගෙ කොන්ද......අනෙ....හ්.....

මට කෙදිරි ගෑවුනා...ලෙස්සලා වැටුන පාරට කරාමෙ ඇනුනෙම මගෙ පිට කොන්ද මැදටම වෙනකොට අමු හෙලුවෙන් උන්න මම බිම ඉදන්ම බයෙ ගැහි ගැහි මගෙ කොන්දට අත තියන් අනෙ අප්පච්චි ...අනේ....අප්පච්චි ගගා කෙදිරි ගානවත් එක්කම දෙවනි පාරටත් මං යටගිරියෙන් බෙරිහන් දුන්නා විතරක් නෙවෙ...කුනුහර්ප වලට යක්කු බයයි කියලා අහල තිබුන නිසා මං කුනු හර්ප කියන්න ගත්තා....

අනේ.....යකො.....තොගෙ ..ඇට....

දෙම...මං...ටම දාලා ...හැමනෙනවද....

කියල මං උගෙ වරිගෙ අවසාන කරන්න හැදුවා.....අල්ල ගත්තොත් ගලක් උඩ තියලා තලනවා ගගා බෙරිහන් දුන්නා ..හැබැයි මට එතනින් එහාට ඒකගෙ මොකුත් තලන කතා කියන්න බැරි උනා...මගෙ මුනටම ආව වතුර පාර හුස්මත් එක්ක හිර කෙරුවා..අඩුම ගානෙ මට කතා කරගන්නවත් බැරි උනා....වහල තිබුන හැම කරාමෙම ඇරෙන්න ගත්තා...සින්ක් එක පවා.....කොමඩ් එකෙ වතුර ඉවරයක් නැතුව ෆ්ලශ් වෙන්න ගත්තා.....කරස් කරස් ගගා කරාමෙ ඇරි ඇරි ඒ කරාමෙනුත් ආව වතුර පාර තනිකරම කරාමෙට ඔරොත්තු නොදුන්නකොට කරාමෙ ගැලවිලා වීසි වෙලා ගියා...

චස්.....

චස්.....

චස්.....

ආයමත්....අනේ...ආයමත්...ඒ අඩි සද්දෙ.....

අනේ....ම...ම්ම්..ම්මව....මාව....ම්....රන්න....එපා.....

චස්....

චස්....

චස්....

අ..අනේ...හ්....අප්ප්...අප්පච්චි...

නෑ...මං කාගෙවත්...ම්..මොකුත් තල..න්නෙ...නෑ...කාගෙවත්....මොකුත් තලන්නෙ...නෑ..අනේ...අප්ප...ච්චි...අම්මෙහ්....අනෙ..අම්මෙ....එන්නකෝ...

මෙච්චර වෙලාම මගෙ දිහාවට ආවට අඩි සද්දෙ එකපාරම නැවතුනා...අඩියක් තියනවා...නැති වෙනවා....අඩියක් තියනවා...නැති වෙනවා.....සැරේම හෙන පුපුරනවා...

මං බඩ ගෑවා....බිම දිගේ....වතුර ගොඩේ බඩගෑවා....ඔලුවෙ තිබුන සබන් පෙන වතුර මලෙන් එන වතුර පාරට හේදි හේදි යනකොට දනි පනි ගාලා නැගිටන් දුවන්න හදපු මාව ඒ සබන් ගොඩටම ආයම ලෙස්සිලා වැටුනා....නිකන් නෙවෙ....මගෙ සර්වාංගෙත් එක්කම හෙලවිලා යන්න මාව මුනින් අතටම වැටුනා.....

අනේ...අම්...ආව්....හ්.....ආ..ව්හ්...

මගෙ වැලමිට...අනේ...දනිහ...

මට මගෙ වැල මිට නවාගන්න බැරි උනා...මගෙ දනිස් පොල් කටුව නවාගන්න බැරි උනා....වේදනාවයි...ඒ තරමට වේදනාවයි.....

මං බඩ ගෑවා..... නැගිටලා හිටගන්න බැරි මම උඩ ඉන්න තිස් තුන් කෝටියටම මගෙ දුක කිය කිය මාව බේරගන්න ස්වර්ගෙන් හරි දූතයෙක් එවන්නයි කියලා මං බිම දිගෙ රූට රූට එලියට යාගන්න හැදුවා......

අම්..මේ....අනේ..අප්ප...ච්චී

වතුර නැවතුනා....!!

මෙච්චර වෙලාම ගංගාවක් ගලන්නා හා සමාන ගලපු වතුර කද එකපාර නැවතුනා...!!

අ...ම්..මේ...

මගෙ හුස්ම ගන්න සද්දෙ මටම කන් කරච්චලයක් වගේ දැනෙන්න ගත්තා....

පපු ගැස්ම මටම වදයක් වෙන්න ගත්තා.....

ගිඩි ගිඩි ගාන පපුව තනිකරම මේ දැන් පුපුරන්න ඔන්න මෙන්න තියන බෝම්බයක් වගෙ මගෙ පපුව ගැහෙන්න ගත්තා...

අම්...මා.....අම්මා...ඔයා....ආවා..නේද...

අම්මා....

අම්මා වත් අප්පච්චි වත් තවම ආවෙ නැති බව දන්න මං මගෙ හිතේ බයට ආයමත් අම්මට කතා කෙරුවා...අම්මා නැති උනත් මොකද...අම්මෙ කියන වචනෙ ඇතුලෙත් මට ඇත්තු දහයකගෙ හයිය දැනුනා....අප්පච්චි කියන වචන ඇතුලෙම මට යෝධ බල යෝධ හයිය දැනුනා....

මං ඔලුව ඔබා ගත්තා.....මුනින් අතට වැටුන මං මගෙ මූන අත් අස්සෙ හංග ගත්තා ....වතුර එන එක නැවතුනා.....කැඩුන කරාමෙ වතුර එන එක නැවතුනා....සින්ක් එකේ....කොමඩ් එකේ....ශවර් එකෙ...මේ හැම තැනම වතුර නැවතුනා......

ඒත් මං නෙවෙ මගෙ ඔලුව ඉස්සුවෙ....මං නෙවෙ ආය නැගිටින්න හැදුවෙ ....අත් දෙක අස්සෙ මුන ගහන් උන්න මං කෙරුවෙ ඇස් දෙක ඇරගන මීක් නොගා හැල හොල්මනක් නැතිව උන්න එක...මගෙ කොන්ද වේදනා දෙනවා.....ටැප් එක ඇනුන පාරට මගෙ කොදු ඇට පේලිය මැදින් හිරියකුත් ගියා....

ආවා....!!!

දෙයිනගෙ පිහිටයි..!!

අනේ...කරන්ට් එක ආවා......!!

ඒත්....මට මගෙ ඔලුව උස්සන්න බයයි.....කවුරු හරි ඇති කියලා බයයි... ඒත්...මං කොච්චර වෙලා මෙහෙම ඉන්නද.....අම්මා ආවොත්...අප්පච්චි ආවොත්......ඒත් මට දැනෙනවා...කවුරු හරි මගෙ දිහාව බලන් ඉන්නවා...ඒක මට දැනෙනවා..... ඒක මට හොදටම දැනෙනවා.....

ටූත්ලස් බුරනවා...

බයික් සද්දෙකුත් ඇහෙනවා...

අම්මයි අප්පච්චි ආවා....අනේ....ඇති යන්තන් ...අම්මා ආවා....අප්පච්චි ආවා.....

මෙච්චර වෙලාම බිම දිගා වෙලා උන්න මං අම්මගෙ කටහඩ ඇහුනා විතරයි විදුලි ආදා වගේ මං නැගිට්ටා හැබැයි එක තත්පරයයි මං ආයම ගම් හතක් හෙළ වෙන්න හූ තිබ්බා.....

මට සිහි නැති වෙන්න ආවා.....මගෙ සිහි නරක් වෙන්න ආවා....සින්ක් එකෙන් පිටාර ගල ගල මෙච්චර වෙලාම ගංගාවක් වගෙ වතුර හැලුන හැම සද්දෙම නැවතිලා මුලු බාතෲම් එකම අමු සොහොනක් වගේ හැල හොල්මනක් නැතිව ගිහින් තිබුනා හැබැයි....මං රැවටුනා....මං නොසෑහෙන්න රැවටුනා......මං හිතුවෙ මොන මොන යකා උනත් අවසානෙදි මාව දාලා ගිහින් කියලා....

නෑ...

නෑ....ඒක බොරුවක්....මාව රවටපු මායාවක්....!

සින්ක් එක උඩ.....හරියටම ..සින්ක් එක උඩ.....සින්ක් එක උන්න මොකා හරි එක පාරම ගිහින් බිත්තිය මුල්ලෙන් හිටගත්තා විතරයි මං ආයම හූ තිබ්බා....

අනේ.....අප්පච්චි .....අප්ප....ච්චි...අනේ...හ්....මාව...බේ....රග.....න්න...අප්පච්චි ...

...කොල්ලො....කො...දෙයි..යනෙ....කොල්ලා....කමනෙ.....කමනෙ.....

අප්පච්චි ආවා....මං උන්නෙ බයේ බීරාන්ත වෙලා..අමුම අමු හෙලුවෙන්...මගෙ බෙරිහන් දීමට දුවන් ආව අප්පච්චි අනිත් පාර අම්මටත් කෑගහනකොට මං ඉක්මනට අප්පච්චි නැවැත්තුවා...මං හෙලුවෙන්...අම්මා උනත් මං අමු හෙලුවෙන්...

.

ඇයි....අනේ....මොකද මෙකා බෙරිහන් දෙන්නෙ...

අම්..අම්මෙ...මං..හෙලුවෙ...න්

මං.....උඹගෙ අම්මා.....

මේ මූ මුනින් දාලා ....කමනි ඔය තුවාය ගෙනාවා නම්....මොන සිහියෙන්ද උඹ යන්නෙ.....මොන සිහියෙන්ද....උඹට අවසිහියද කියපන්...උඹට අවසිහියද ... නැගිටපන්....කෝ....

අ..අනේ...අප්පච්චි ...ඇස් .වහග....ගන්....

ඇස් වහන් මං උඹව කොහොමද උස්සන්නෙ මරු කියවන්නෙ නැතුව නැගිටපන් මයුර ඔය බිජ්ජ දැක්කෙ මං ඉපදුන දාමයි...

අනෙ..අම්...මෙහ්...ද්..දනිහ.....

මට කෙදිරි ගෑවුනා....සත්තයි ...අප්පච්චිගෙ බලු බැනුම් එක්ක මට අර උන්න යකාට අහු උනා නම් හොදයි කියලා තිබ්බා...ඉස්සරහා හරිය අත් දෙකෙන් වහගන්නව දැකපු අප්පච්චි මාව ආන් බාන් කර කර ඔය බිජ්ජ දැක්කෙ ඉපදුන දාමයි කියනකොට මට විතරක් නෙවෙ...අප්පච්චටත් මේකක්මයිනෙ තියෙන්නෙ කියලා මේ අස්සෙ හිත හදා ගන්න හැදුවත් මට හිත හදා ගන්න බැරි උනා...

හෙ..හෙමින්..අනේ...අත...අනේ...අප්පච්චි ..අත...ඇනුනා....දනි ..හත්...ඇ...නුනා.....අනේ..අම්මෙ....

කමනි.....ඔය පරන කුසියෙ අප්පච්චි ගෙ කිහිලි කරුව ඇති අරන් ආවා නම්...

අනේ..අම්මෙ....වදින්නම්...එපා...සීයා මැරිලා...සීයත් මැරිලා...ඒකත් ආවොත්..අනේ...අම්මෙ..එපා...මං මෙහෙම්ම බඩගාන් හරි යන්නම්....අප්පච්චි .....

මගෙ හුස්ම යන්න ආවා....බැරි බැරි ගාතෙ තුවාය ඉනට පටලවන් අප්පච්ච්ගෙනුත් මූන හංගන් උන්න මං සින්ක් එකට වාරු වෙලා ඉන්න හැදුවත් සින්ක් එක උඩයි අරකි උන්නෙ මතක් උන මං වාරු වෙන්න ගියපු අත ආයම අරගන හොකරෙට බොකරෙට හිටගන්න හදනවා එක්කම අප්පච්චි අම්මට අප්පච්චිගෙ ඊයෙ පෙරේදා නැති උන අප්පච්චි ගෙ කිහිලි කරුව ගේන්න කිව්ව...

ඊට වඩා හොදයි අප්පච්චි මාව අර හොල්මන මරලා දැම්මා නම්...

මට කියපන් උඹ මොන මගුලද කරන්න ගියෙ...අදත් උඹ නානගමන් බයිස්කෝප් පෙන්නුවා කියලා නම් කියන්න එපා මයුර මං උඹගෙ හතර හන්දි කඩනවා.....

ඌඋ...හ්.....අනෙ...හිමින්....හිමින්....වැඩිය ගාන්න එපා....කරවල ගදයි...මහ හපුටු ගදයි ඕක.....

කට වහන් ඉදපන්කො කොල්ලො.....උඹලගෙ අත පය කැඩිලත් කට පියවන්නෙ නෑනෙ...බලපිය....බලපිය.....අර ළමයා රටෙම්ම එකලු....තොපි ඉස්කෝලේ යන කාලෙ ඉගන ගත්තෙ නෑ පුකෙන් පහලට අදින කලිසමේ හැඩයි...කොන්ඩෙ මෝසතරයි ගැන විතරයි සිහිය තිබ්බෙ.....

මං උන්නෙ මගෙ මුන පුලුටු කරගන.....කාමරේට ආව වෙලෙ ඉදන් අම්මා අප්පච්චිගෙ බැනුම් පටන් ගත්තෙ මං කිරි උරන කාලෙ ඉදන් කරාපු ජඩ වැඩත් උඩට ඇද ඇද වෙනකොට ඊයෙ පෙරේදා ඒලෙවල් කරපු ලමයිගෙන් දිවයිනෙ ප්‍රථමයා පෙන්නපු වෙලේ ඉදන් අවුරුදු ගානකට කලින් ඒලෙවල් කරපු මම මේ මගුල් අස්සෙත් බැනුම් ඇහුවා.....මට දැන් ඇගේ අමාරු වාශ්ප වෙන්න ගත්තා....

මෙච්චර වෙලාම මගෙ දනිස් පොල්කට්ටටයි වැලමිටටයි තැලුම් තෙල් අතුල්ලපු අම්මා අනිත් පාර කුප්පිය පැත්තකින් තියලා ඇද උඩ උන්න මගෙන් මොන මගුලද උනේ අහනකොට මං ඒ ටු ඉසෙඩ් කියන් ගියත් මට ලැබුන අවසානම කමෙන්ට් එක ඵෝන් එකේම එල්ලීගන ඉදලා මගෙ ඔලුව හොද නැති වෙලා කියන එක....

ගෙට උඩින් කාක්කෙක් පියාඹන් ගියත් ඒකටත් වැරදි මගෙ ඵෝන් එක....

ටැප් එක කැඩුවෙ මම නෙවෙ....අර ආව හොල්මනී කියලා කොච්චර කිව්වත් අප්පච්චි කිව්වෙම මම ජවුසන් නටලා කියලා ..මේ මගුල් ඔක්කොම අස්සෙ වැහි පිට වැහි දාහක් අස්සෙ ගෙට එහා පැත්‍තෙ එකා ටියුශන් පන්තියෙ සින්දුව දාලා තිබුනා..ඒකෙත් තිබුනෙ ජවුසන් ගැන්සියෙ ඉදගත් කුමරියෙ කියලා වෙනකොට ඒ ලිරීක්ස් වලට උපරිම සාදාරනයක් කරන්නද මන්ද මගෙ අත පය දිහා බල බල අප්පච්චි මට ආයම බැන්නා...

මාව එක පාරක් විස්වාස කරන්නකො අප්පච්චි ....

"විස්වාසෙ කඩ කරපූ.....උඹට හිත් දෙකක් සුදූ....."

ජීව්තේ පලවෙනි වතාවට මට මිනිමැරුමක් කරන්න හිතුනා.....මං උන්නෙ වේදනාවෙන්....මාරයගෙ කටින් බේරිලා ආව මගෙ බය වේදනාව දන්නෙ මම විතරක් වෙනකොට අප්පච්චි බනින වචනවලට සමාන වචනයක් කොහෙන් හරි ගාවලා අරකගෙන් සින්දුවක් ප්ලේ උනා.....මට ඒකව මරන්න හිතුනා....

විස්වාස කරන්න කියන්න....උඹ කියනව කරන්ට් ගියා කියලා ....අපේ ගෙදර විතරද කරන්ට් ගියෙ...මේ පලාතටම කරන්ට් තිබුනා....උඹ මොන මගුලක් හරි කරන්න ගිහින් අඩු කඩාගන බොරු ගොතන්නෙ නැතුව ඉදපන් මයුර.....

අප්පච්චිට මං මොක කිව්වත් වැරදි.....

.මම මීක් නොගා උන්නා...ඒ කියලා අප්පච්චි මගෙ ඇදෙන් නැගිට්ටෙත් නෑ.....අප්පච්චි ළඟ උන්නත් මට බයයි...මම දැක්කා...අප්පච්චි කොච්චර ඒක මගෙ මනස්ගාතයක් කියල මට බැන්නත් මං එකිව දැක්කා....ඇත්තටම ඒකි මෝහිනී වත්ද.....එතකොට ලමයා....කෝ ළමයා.....

අප්පච්චි .....

ආය මොකද.....

අප්පච්චි .....මෝහිනිත් පිරිමි නාන එක බලන්න එනවද.....

ඇයි..ඒකි පිරිමි නානවා බලන් ඉදලා තව ළමයෙක් හදා ගන්නද....විකාර නාහා ඉදපන් මයුර

අප්පච්චි ..අනේ මං කියන එක අහපල්ලකො අප්පච්චි සින්ක් එක උඩ උන්නා....ඒකි ගෑනියෙක්.....හැබැයි....හැබැයි....ලමයා උන්නෙ නෑ...

ලමයව ඒකි ඩේ කෙයාර් එකකට දාලා එන්න ඇති ...කට වහපන්....ලෑලි පුකක් තියන උඹ නානව බලන්න එන්න ඒකිට ගානක් දෙන්න ඕනෙ...

අපරාදෙ මට අර හොල්මන අතින් මැරිලා යන්න තිබුනෙ.....

මම සියවෙනි වතාවටත් එහෙම හිතුවා.....අප්පච්චි කිසිම හිතක් පපුවක් නැතුව මට ලෑලි පුක කිව්වා....

මට පේන්නෙ දෙවියො අනිත් හැමෝවම නිදහසේ ඉද්දි මවලා මාව විතරක් දුවන ගමන් මවලද කොහෙද ....නැත්තන් මට පුක තියන්න අමතක වෙලා...

ටින්...

අනෙ....හ් අ...

මොකද බන් උඹට වෙලා තියෙන්නෙ.....

මාව ගැස්සිලා ගියා ...මගෙ පපුවට මං අත තියා ගත්තා.....කොච්චර කිව්වා උනත් අප්පච්චි පිලි ගත්තෙ නැති උනත් ඒ අත්දැකීම විදපු මගෙ පපුව ගැස්සුන ගැස්සිල්ලට මැසෙන්ජර් එකට ආව මැසේජ් එකෙ සද්දෙටත් මාව ගැස්සුනා ....

මට කෑ ගැස්සුනා

උදාර...

මැසේජ් එක ඇවිත් තිබුනෙ උදාරගෙන්.....අප්පච්චි ගෙ වචනවලින් සුනාමියට අහු උන බෑන්ඩ් එකේ කී බෝර්ඩ් එක ගහන කොල්ලා.....

අප්පච්චි කොච්චර විහිලු කෙරුවත්.....අර්ධ සාම්ප්‍රදායික උනත්....මට විශ්වාසක් තිබුනා කවදම හරි දවසක "බ්‍රදර්ස්"එක....අනිවාර්යයෙන්ම අපේම හයියෙන් හිට ගනී කියලා ...

"හෙට උඹලගෙ ගෙදර කිරි අම්මා දානයක් කිව්ව නේ බන්....සුදුද ඇදන් එන්න ඕනෙ....?"

මං උදාරයගෙ මැසේජ් එක දිහාව බලන් උන්නා....මං ගෲප් එකය දැම්මෙ හෙට කිරි අම්මා දානයක් කියලා .....අප්පච්චි මට තර්ජනෙ කෙරුවා ගෙයින් එලි බහින්න දෙන්නෙ උන්ව හෙට ගෙදර සුද්ද කරන්නක ආවොත් විතරයි කියලා ....

නෑ ඕන් නෑ බන්.....උඹලා එන්නෙ කන්නනෙ.....ඔය පරන එකක් ඇදන් වරෙන්...

මන් කට තද කරන් හිත තද කරන් මැසේජ් එක දාලා උගෙන් ආයම රිප්ලයි එකක් එනකන් බලන් උන්නා...හිතපු විදිහටම මැසේජ් එක ආවා...

වැස්ස අඩු උන එකේ යමුද මයුරයා...

මං මට වඩා හරියටම අවුරුදු විස්සක් විතර වැඩිමල් අප්පච්චි දිහා බැලුවා ....ඉන්නවා ඉන්නවා....ෆේස්බුක් එකේ උඩ පහල යනවා... මට මෙහෙ යක්කු ගහලා කොත්තු බාස් ෆේස් බුක් යනවා....කොරියන් අක්කගෙ කෑම පේජ් එක බලනව.....ඔය මගුල බලලා මාත් දවසක් වට්ටක්කයක් පුච්චලා බැලුවා ඒකත් සීයගෙ දානෙට ගෙනාව එකක් ..තව ටිකෙන් එදා සීයගෙ තුන් මහ එක්ක මගෙ මලබත උයන්න වෙනවා....

(රොහාන් කලුතොටආරච්චි)

අප්පච්චි ....

ම්ම්ම්ම්.....

වැස්ස අඩු උන එකෙ මං යන්නද අප්පච්චි

කොහෙ .....

මියු...සි.....

කොහෙ මගුලෙ මියුසිකල්...කොල්ලා අත පය කැඩුනා නම් ඒ විදිහට ගෙදර ඉදපන්...

මොකක්ද අප්පච්චි .....දැන් ඔයා කිව්වා හෙට වත්ත සුද්ද කරන්න එක්ක ආවොත් යනවා කියලා .....දැන් උන් එනවා.....ඇරත් වැහැලත් ඉවරයි ....මේ කකුල චුට්ටක් රිදෙන එක විතරයි මං ලමිස්සි නෙවෙනෙ අප්පච්චි ගෙට කරන් හදන්ඩ...අප්පච්චි ගෙ කතාව නම් තිහ වෙන්ඩ කලින් මට ගෑනියෙක් ගෙනත් දෙන්ඩ ඒ උනාට ගෙදිරින් එලි බහින්ඩ මන් වදින්ඩ ඕන.....

ඇත්තටම උඹගෙ ඔය කට රිදෙන්නෙ නැද්ද මයුර...??

..රිදෙනවා.....රිදුනට මට නාහා බෑනෙ....මං යනවා....

යමන්....හැබැයි....උඹට ලොකු බයික් එක අල්ලන්ඩ තහනම්...ඒ යනවා නම් පලයන් ..නැත්තන් ගෙදර ඉදපන්....

අප්පච්චි ...සුපර්කප් වල යනවද දැන් කාලෙ කොල්ලො...ඇරත් මේ මියුසිකල් එකක් බලන්ඩ.....

නොන්ඩි කොට කොට උන්නත් යාගන්න ඕන හින්දා මං අමාරු නැති එකා වගෙ ඉදන් මගෙ ලාච්චුව ඇරලා බයික් එකෙ යතුර ගන්න හැදුවා විතරයි අප්පච්චි ආයම කෑ ගැහුවා ....

ඇයි යකොඩො සුපර්කප් වල දැන් කොල්ලො යන්නෙත් නෑ...මොන මගුලක්ද අප්පච්චි ....ගත්තු දා ඉදන් වහලා...

මම උඹට කිව්වනෙ මයුර.... ඕක ගන්නකොටම ...උඹගෙ තරමට එකක් ගනින්....රේස් යන්ඩ නෙවෙ.....ගමන් බිමන් යන්ඩ එකක් ගනින් කියලා ....උඹට ඕක ගත්තොත් වෙන්නෙ ගෙදරට කරලාවහලා තියලා දිරලා යන්න දෙන්න කියලා ..කිව්වම අහපන්.....යතුර ආපිට තියලා.....උඹ යනවා නම් පොඩි එකෙ පලයන් නැත්තන් මගෙ අනිත් එකෙ පලයන් . .නැත්තන් .....ගෙදර ඉදින්....

සීටි100එකෙ....අනෙ අප්පච්චි ....කෙල්ලෙක් වත් බලන් නෑ...උන් බලන්නෙ සද්දෙට යන ඒවල යනකොට ...වැටෙන්න එන කෑල්ලවත් වැටෙන් නෑ.....

උඹට කෙල්ලො වැටෙන් නැත්තන් කොල්ලෙක් වට්ට ගනින්...කොල්ලො දන්නවා තෙල් හොදටම වැඩ කරන්නෙ ඕකෙ කියලා ....උඹ යනවා නම් යමන්....නැත්තන් ඉදින්.....වැස්ස...පාරවල් ලෙස්සනවා.....මොනවා හරි උනොත් ඔය බලන එකීලා එනවනෙ බලන්ඩ....

තේරුමක් නෑ....අප්පච්චි නහරකාරයා....කිව්වොත් කිව්වා ....මං අතට ගත්තු යතුර ආපිට ඇතුලට දාලා උදාරට මැසේජ් එකක් දැම්මා....

මාව ගන්න වරෙන් බන්.....

මං එච්චරයි දැම්මෙ මූන පුලුටු කරන් අදින්න ගත්තා ....වැහි සීත හින්දම උඩට ඩෙනිම් ජැකට් එක ඇදපු මං ආයම ඒක ගලවලා ලෙදර් ජැකට් එක ඇදන් හැඩ වැඩ වෙනකොට මං බලාගන අඩුවයසින් දීග ගියපු අප්පා මා දිහා රබර් ඇහැ දාන් බලන් ඉන්නවා...

උඹට මං කොල කෑලි දෙක තුනක නම්බර් එක ලියලා දෙන්නද... 

ඒ මොකටද.....??

ඒ මොකටද අහන්නෙ මෙච්චර ලස්සන ඉලන්දාරියෙක් උනහම කෙල්ලෙක්ට නම්බර් එකක් වත් දාපන්...නැත්තන් මටයි අම්මටයි වෙන්නෙ මංගල කින්කිනියට දාන්න වෙයි....උඹලගෙ අම්මව අල්ලගත්තෙත් ඕකකින් තමයි....

ඇත්තට.....අප්පච්චි මට බැන්නට....අප්පච්චිත් ඒ කාලෙ යකඩ කෑලි වලට තට්ටු කරපු එකෙක් කියන්න අපි නොදන්නවා නෙවෙ අප්පච්චි ..දැන් මට උදැල්ල දැම්මට....මෙන්න මේක ගලවන් ඕක දෙන්න.....

මං මගෙ කනේ තිබුන කනෙ තිබුන කරාබුව ගලවලා අප්පච්චි අටවන් උන්න එක දාගන ෆර්ෆියුම් ටිකක් නාගන එලියට ආවා උනත් ඉබේටම බාතෲම් එක දිහාවට ඇස් ගියපු මගෙ කකුල් දෙක එක තැන නැවතුනා...

මගෙ තොල කටත් එක්ක වේලිලාගියා.....

අප්පච්චි කිව්වා මං බහුබූත කියවනවා කියලා ...

ඒත් ....අර දොර...

අ..අනේ...අප්.....ප

මට කතා කරගන්න බැරි උනා....කකුලුත් එක්ක වෙව්ලන්න ගත්තා....අම්මයි අප්පච්චි කියනවා කරන්ට් ගියෙ නෑ කියලා ...නෑ දෙයියනෙ...කරන්ට් ගියා. ..

මාව වැටුනා.....ඒත් මම නිසා නෙවෙ ටැප් එක කැඩුනෙ.....

ඒක කැඩුවෙ මම නෙවෙ....

අනේ...අම්මෙ...හ්

මාව ගැස්සිලා ගියා...මට ආයම කෑ ගැස්සුනා....ක්‍රීස් ගාන සද්දෙත් එක්ක ඇරුන ආයමත් මගෙ පපුව රිදවනවත් එක්කම මගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක රින්ග් වෙන්න ගන්නකොට මට එකපාරම කෑ ගැස්සුනා.....

මොකද බන් උඹට වෙලා තියෙන්නෙ...

අ..අ..අනේ...අප්පච්චි .....අර...අර..බාතෲම් ..එකේ.....අ..අනේ...එපා...එපා..අප්පච්චි ..අනේ..යන්න එපා....

ආය මොකද...බාතෲම් එකෙ ඇති යකෙක් නෑ මයුර උඹට මං කියලා තියනවා ඵෝන් එකෙ යන හැම මගුලම බලන්න එපා කියලා ..මෙ..පේනවනෙ.....මොකෙක් වත් නෑ...උඹ නම් හිත බය කරන් හොද නාඩගමක් නටනව මයුර.....

අප්පච්චි ගිහින් දොර ඇරලා මේ මොකෙක් වත් නෑ හුලගට දුර ඇරිලා තියෙන්නෙ කියලා පෙන්නනකොට මං ගැස්සුන පපුවට අතත් තියන් බලන් ඉදල නොන්ඩි කකුල කරේ තියන් එලියට දිව්වා.....

උ...උදාරයා.....

නැගපන්....මොකද උඹ සුදු මැලි වෙලා ගිහිල්ලා.....

අ..ආ...න්..නෑ බන්...මොකුත් නෑ...

ගෙදරින් එලියට බැහලා බයික් එක ගාවට යනකොට මේ රෑ උනත් මගෙ මූනෙ වෙනස දැකපු උදාර අනිත් අතට මොකද මුන සුදු මැලිවෙල තියෙන්නෙ අහනකොට මං මොකුත් නෑ කියන ගමන් මගෙ හෙල්මට් එක දාන් බයික් එකට නැග්ගා....

බයික් එක තනිකරම දඩු මොනරෙක්...පිටිපස්සෙ එකා ඉන්ඩ ඕනෙ ඉස්සරහ එකාගෙ කරේ...කෙලින්ම ඇලීගන වගේ.....

එ අස්සෙන් මට අර කොල්ලවත් මතක් වෙනවා...හත් පාට ආදරෙත් මතක් වෙනවා...මුගෙ කරේ යනකොට මට වෙන මගුලුත් මතක් වෙන්න ගන්නවා එක්කම මං වෙඩිල්ල වගේ පොඩ්ඩක් ඈතට උනා...

උඹලගෙ කිරි අම්මා දානෙ නම් ගෙදර වැඩ ඇතිනෙ බන්....

ආ....නෑ..නෑ....ඒක ගන්නෙ වෙන ගෙදරක...

ඌයි මායි උන්නෙ මේන් රෝඩ් එකේ.....වංගුව හරවලා ගන්නවත් එක්කම ඉතුරු අඩු පාඩුත් එකතු උනා ...වැහි වැහැලම තාර පාර වැහි වතුරට දිලිසනකොට මෙච්චර කල් කට්ට අව්වෙ ඉන්ඩ බෑ ගගා නහයෙන් අඩාපු අපිට අද ඒ ඔක්කොටම හරියන්න දොඹෙන් දුන්නා.....

මාරවිල ටවුන් එක ගාවින් බාලිකා එක පැත්තට දාපු අපි කුරුස පල්ලියට මෙහායින් තිබුන බෝයිස් එකට එහායින් ග්‍රවුන්ඩ් එකේ නැවතුනා....

වැහිපිට වැස්සා කියලා නෑ...කොල්ලො කුරුට්ටො...සුදු අම්මිලා...සුදු අප්පච්චි ලා වැහි වැහලා.....නවසිය නර ගණන්වල වගෙ සාර විට කාරයොත් එකෙක් දෙන්නෙක් කැරකෙනකොට කඩල කරත්ත වඩ කරත්ත කාරයො අද එක වඩයක් රුපියල් දාහට වික්කා.....

.මයුරයා....

ම්න්....

.රත් වෙන්ඩ මොනවා හරි ගන්නවද....

උඹල ගසන්ඩද යන්නෙ...මට එපා...මාව මරයි...ගෙදරින්

ගන් ගන්..බාගයක් හරි.....රට ඉදන් ආව එකෙක් දුන්නෙ....

එපා එපා බන්...උඹලා ගනිල්ලා....

එන්නත් කලින් වැහි හීතල යන්න කියල කල්පන රට ඉදන් ආව එකෙක් දුන්නෙ කියලා මැල්බරෝන් එකක් අරන් මගෙ දිහාවට දික් කරනකොට මං එපා කියලා සිගරට් නොබීම සාක්කුවෙ තිබුන පෝලෝ එක කටෙ ඔබාගත්තා....

මයුරයා....

ම්ම්ම්.....

මන් උන්නෙ බයික් එකට හේත්තු වෙලා...අරහෙන් චාමර රනවක බට දොඹ කැලේ කියන ගමන් සූර් වෙලා බෆල් එක උඩට නැග්ග එකෙක්ට දමාගන වදිනවා.....

මගෙ රත්තරන් මල්ලියෙ...ගත්තෙ අමාරුවෙන් රත්තරනේ....බැහැපන් ඕකෙන්...

ඕ....ඕ...යේ.....ඒ...යෙයි..යෙයි...යේ...ඔව්...ඔව් ..ඕ...

අර බෆල් එකෙන් බැහැපන් ගගා නහින්න හදපු චාමරම නටන උන්ගෙයි එහා මෙහා වෙන උන්ගෙයි අවදානෙ ගන්න යෝ....ඕ....ගගා කියවලා මයික් එක ඕඩියන්ස් එකට අල්ලනවා..ඒත් බලු බල්ලෙක් යැයි යැයි යෑ...ගෑවෙනෑ....වැහි හීතල යන්ඩ උන් හැමෝම හීනියට ගසලා....මියුසික් නැතුව උනත් නටන එක ඇරුනම උන්‍ට කොහෙද යැයි යැයි යෑ ....ගාන්ඩ සිහි .......

අත් ලොකු ටීශර්ට් ඇදපු නිබ්බො නටන නැටුම් මොනවද කියන්න වෙනම ජජ් බෝර්ඩ් එකක් ඕනා වෙනකොට මං බලාගන සුදු අම්මිට ඇති පදන් නටන්න දීපු සුදු තාත්තියෙක් රෝයල් ගාර්ඩ් එකෙන් වගේ ඒකි පිටිපස්සෙන් අත් දෙක බැදන් හිටන් ඉන්නවා.....

මං කල්පන දිහා බැලුවා...බයික් වලට හේත්තු උන අපේ උන් උන්ගෙ සුදු අම්මිලාව නලවන්න දාහක් මැසේජ් දානකොට කල්පනයා කතාව පටන් ගත්තා....

උඹලට හිතෙන් නැද්ද....මේ පාර දෙරනට දාන්න.....මයුරයා....උඹගෙ වචනෙ තමයි....අඩුපාඩු ටික කුලියට වත් ගත්තා කියමු...අඩුම ගානෙ...දින්නොත්.. ....අපේම කියලා බෑන්ඩ් එකක් තියනවනෙ....කවදා වෙනකන් අපි අනුන්ගෙ ඒවා බල බල හූල්ලන්නද බන්.....?

බයික් එකට හේත්තු උන මං කල්පනය කියන කතාව අහන් උන්නා...ඇප්ලිකේශන් බාර ගන්න අවසානම දවස....මෙ මාසෙ අවසානෙ...කිව්වත් වගේ...අපිට බැරි කමක් නෑ...අපිට තියන එකම අඩු පාඩුව අපිට කියලා ඩ්‍රම් සෙට් එකක් නැති එක....තව අඩු පාඩු කොච්චරද...

අනික බන්....අපිට අඩු පාඩු තිබ්බට වැඩ බැරි උන් නෙවෙනෙ මයුරයා.....මං නම් කියන්නෙ...අපි ඇප්ලයි කරමු... අපිට වඩා හොද උනුත් ඇති.....ඒත්..අඩුම ගානෙ...අපිට නමක් වත් හදා ගන්න...නැත්තන් අපිට හැමදාම වෙන්නෙ ෆ්ලෑශ් බෑක් සවුන්ඩ්ස් ලොරි දිහා බලන් හූල්ලන්න තමයි....

මම සාක්කුවට අත් දෙක දාගත්තා...උන් කියන කතාව සම්පූරනම ඇත්ත...දින්න නැතා..අඩුම ගානෙ...ගමේ මිනිස්සු හරි දැනගන්න මෙහෙම බෑන්ඩ් එකක් තියනවනෙ කියලා ....

.ම්න්...එහෙනම්..දාමු.....

විනාඩි ගානක් උන් කියන ඔක්කම අහන් උන්න මන් අවසානෙදි ඇප්ලිකේශන් දාමු කියලා තවත් පෝලෝ එකක් ගන්න කට අරිනකොට මං බලාගන කඩල.කරත්තෙ ගාව හිටන් ඉන්න කෙනෙක් මා දිහාව බලන් උන්නා...

කව්ද....ඒ

නිම්න.....

ඔව්මයි...ඒ නිම්න...අනේ දෙයියනෙ මේකා බලන් ඉන්නෙ අපෙ කොලු රැල දිහා...මූ මෙතනටත් ඇවිත් පොතක් දිග ඇරන් හත්පාට ආදරෙක ඇති වැරද්ද මොකක්ද ඇහුවොත් හත් පොලේ ගෑවෙනවා.....

මං ඉක්මනට අහක බලාගත්තා...දැක්කෙ නැති එකා වගේ අහක බලන් උන්නා...එත්...මට දැන් මේ කොල්ලව දැකපු විනාඩියෙ ඉදන් මගෙ ඇසුත් කොල්ලව හොයනවා...

නෑ...

මෑන් නෑ...ආය මිසින්.....වඩ ගන්න එන්න ඇති ....කා.....එක්කද දන්නෙ නෑ..ආවෙ...සමහර විට එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක....

එයා ආවෙ කා එක්කද දන්නෙ නෑ කියලා හිතුන මට එයා ආවෙ එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වෙන්න ඇති කියලා හිතෙනවා එක්කම මට ඒ බෝයි ෆ්‍රෙන්ඩ් කියන වචනෙ හරි අමුත්තක් දැනුනා....

කොල්ලෙක්....කොල්ලෙක් එක්ක....

කෙල්ලෙක්...කෙල්ලෙක් එක්ක.....

කොල්ලො කොල්ලො නම්....ඇත්තටම ...ලංකාවෙ ඇතුලේ ඒ මින්ස්සුන්ට දීපු නම් තිබුනා....

ලොල්ලා....කොලුකාරයා.....පිම්පියා....පී ඩයල් එක...

කෙල්ලන්ට....ආප්ප...නෑඹිලි....

ඒත් ඇයි ඒ එහෙම....???

මට හැගීමක් නැති උනත්....ඒක මහ අපරාදයක් වගෙ දැනුනා.....

ආවෙ ශෝ එක බලන්න උනත්....නිම්නව දැකපු තත්පරේම මට මහෙ ඔලුවට දාහක් දේවල් ගලන් ආවා.....මෙතන ඕන තරම් කපල් ඉන්නවා...නටනවා.....ඒත් ..ඒ නිදහසම...නිම්නලාට තියේවිද ...???

ඒ සතුටම...නිම්නලාට මේ මිනිස්සු විදින්න දේවිද...

මාව හිර උනා...නිම්‍නට විකාර කියලා මුනට කිව්වට මොකද ....සමහර දේවල් තේරුම් යන්න යන්න...මට එහෙම හිතන එක වැරදි කියලා හිතුනා...

.උදාර...උඹලගෙන් දෙයක් අහන්ඩද.....

අහම්බෙන් දැකපු නිම්නත් එක්කම මගෙ හිතට එයා අහපු ප්‍රශ්නෙම මගෙ හිතට එනකොට මං අපෙ උන්ගෙනුත් ඒ ප්‍රශ්නෙ ඇහුවා.....

අහපන්...මොකක්ද...

..මචන්...හත් පාට ආදරේක ඇති වැරද්ද මොකක්ද.....???

හත් පාට....මොනාහ බන්..හත් පාට...අහන එක හරියට අහකො.....

.කල්පනට තේරුම් ගන්න බැරි උනා....

උදාරටත් බැරි උනා.....එතන උන්න කාටත් තේරුම් ගන්න බැරි උනා....හරියටම එයා මගෙන් අහනකොට මට බැරි උනා වගේම....

මං අහන්නෙ....

මං අහන්නෙ බන්....

කොල්ලෙක්...කොල්ලෙක්ට ආදරේ කරන එක....වැරදිද....කෙල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරන එක වැරදිද....

මං එච්චරයි ඇහුවෙ....අරුන්ගෙ ඇස් ලොකු උනා...උන් මා දිහා බලන් උන්නෙ මාව නොදන්න එකෙක් ගානට වෙනකොට මටත් මොකක්ද වගෙ දැනුනා.....

මයුරයා....උඹ කියන්ඩ හදන්නෙ...මෙච්චර කල් තනිකඩව ඉන්ඩ හේතුව උඹ කොල්ලො කාරයෙක් කියලා නම්....ඒක නොකියා ඉදින්....උඹ කොල්ලො ගහන ලොල්ලෙක් නම් නොකියා ඉදින්....පිස්සුද හුත්තො උඹට...උමන් අස්සෙන් කෝච්චි යනවා මිසක් උමගක් අස්සට උමගක් ඔබන්ඩ පුලුවන්ද ?

පිස්සුද හුත්තො කොල්ලො ගහන්ඩ...ලොල්ලෙක්ද.....

මන් තත්පර ගානක් අහන් උන්නා....උන් මට දුන්නෙම නෙගටිව් උත්තර ....ඒක මචන් අපෙේ කැමැත්ත නෙවෙ...උන්ගෙ කැමැත්ත ...උන්ට හොද නම්... අපිට මොකද කියලා ඇහුවෙ නෑ...ඒත්..අපි හැමෝම...සමාජමාධ්‍ය අස්සෙ හැදෙන රට තොට එක්ක ගට්ටනේ වෙන අලුත් පරම්පරාවක්....ඒත්....උන්ගෙ කටින් ආවෙ.....

ඇත්තටම නිම්නට මගෙ වචන කොච්චර රිදවන්න ඇතිද .....අපේ තේරිම වෙනයි...ඒත්...අනිත් මිනිස්සුන්ගෙ තේරීම් වලට ආඩපාලි කියන එක.....මං අහන්නෙ ඒක අපිට අයිතිද.....??තව මනුස්සයෙක්ගෙ ජීවිතයක් ජජ් කරන එක....සාධරනී කරනය කරනවා නෙවෙ...ඒත් මං කියන්නෙ ඕන නෑ .....අපිට අයිති නැති ජීවිත ගැන ජජ් කරන්න අපි කව්ද.....

නෑ...මං කොල්ලො කාරයෙක් නෙවෙ යකො...හාල්ද තොපිට...මං ඒක නිකන් ඇහුවෙ...එහෙම දෙයක් වැරදිද....??

පිස්සුද මයුරයා...මොංගල්ද....මට කියපන් කොල්ලෙක් දාන් මොනවා කරන්නද...ඇනේකට ඇනයක් හරියන්නෙ නෑනෙ බන්.....ඔව්ව කාටත් ඇහෙන්ඩ අහන්ඩ එපා නෝන්ඩි වෙනවා ....

ම්ම්ම්....එහෙමද...ඒත් උඹලා අර ඩ්‍රාමා එකේ කලුවට පන ඇරලනෙ....

ඒක ඩ්‍රාමා එකක් පගො...මේක රියැලිටිය.....ඇත්ත ජීවිතෙ පටලගන්ඩ එපා ඔය කතාවලට....ඔය පෙන්නන තරම් සුන්දර් නෑ සම කේස්.....කලුවට ආසයි...ඒක වෙනම කතාවක්...

ඉතින්...ඇයි උඹලට දෙබඩි ජීවිත...

මේ...මෙ..උදාරයා....මූ පෙරේදත් මගෙ පුකට ඇනන් ගියා.....උඹ මට කියන්න නම් එපා...

පිස්සෙක් නොවී පල....අනින්ඩ පුකනෙ....මන් කොල්ලො ගහන්ඩ ගත්තොත් තොපි එකෙක් තියන්නෙ නෑ.....

එව්....http....

මේ වරෙල්ලා යන්ඩ මූට ට්‍රැක අද...

උන් යන්න ගියා...මට ඉස්සරහින්....මට ට්‍රැක කියපු උදාරයා ඒත් යන්ඩ ගියෙ මගෙ ඉස්සරහට තට්ටුවක් දාගන වෙනකොට මං ඉක්මනට අත තියාගත්තා....

නිම්න....උඹ හරි....අපි තාම ලින් පතුලෙ ඉන්න උන් බන්....අපි තාම එකම තැන බන්....මං හිතෙන්නෙ ආදරේ කියන විශය කාරනාවට කකුල් මැද තියන නිමිත්ත පටලවගන්නෙ නැතිව ආදරෙ විදින්න බැහැමද කොහෙද...

එහෙන් සින්දුවක් යනවා....පනපිටින් සඳමාලි ස්ටේජ් එක උඩ යනකොට පහල උන් මඩ නාගම නැටුවා....තාල නෑ.....සමහරක් තනිකරම අභිරූප රංගන.....

සුදු අම්මිලා වෙන ලෝක වල.....මට ඉස්සරහින් ගියපු උදාරයා අනිත් උන් එක්ක පැත්ත ගහන් එක තැන පොඩ්ඩක් ඇබරෙනකොට නොන්ඩි කොට කොට ආව මන් නිම්නව හෙව්වා.....

මට කියන්න ඕනා උන නිම්න....මගෙ කැමත්ත වැඩක් නෑ...ඒත්...ඔයාලා කැමති ලෝකෙ ඔයාලා හදාගන්න කියලා ....ආදරෙ විදින්න ඕන නම් විදපන් කියලා ....

.වැහලා...වැහිපිට වැහල වැහලා මහ පොලව මඩ වෙලා තනකොල ගැලවිලා තියනකොට සූර් වෙච්ච සෙට් එකක් පන පිටින් ඉන්ම සදමාලිගෙ පන යවන්න හද හද උන්න වගේම කොහෙවත් උන්න මගෙ ඇගෙත් එකෙක් නටාගන ඇවිදින් හැප්පුනා...කකුලකුත් නොන්ඩි මාව වීසි වෙලා ගියා....හැබැයි....වැටුන් නෑ.....

මාව වැටුන් නෑ...

කවුරු හරි මාව අල්ල ගත්තා...

..නිම්න....

උඩ බලන්ද යන්නෙ.....?

නිම්න.....ඒ එයා..මාව අල්ලන් තියෙන්නෙ එයා....නිකන් නෙවෙ...හොම්බෙන් යන්න ගියපු මාව නිමන් අල්ලන් තියෙන්නෙත් මගෙ බද වටින් වෙනකොට නිම්නගෙ ඇස් දැකපු මාව රත් වෙලා කනකුත් මොකක්ද වෙන්න ගත්තා...

මගෙ ඇස් දෙක දිහා බලන් උන්න නිම්න උඩ බලන්ද යන්නෙ අහනවා.....

මේ කොල්ලා මාව අල්ලන් ඉන්න විදිහටයි....මා දිහා බලන් ඉන්න විදිහටයි අරුන් නිකන් හරි දැක්කොත්.....

අනිවාර්යයෙන්ම මුන් හිතනවා..මං ....ගේ කුරුල්ලෙක්.කියලා ....

..නිම්න.....මාව අතාරින්න.....ද්..දකී...අපේ උන්.....

ඇයි....මන් වැරද්දක් නෙවෙ කරන්නෙ මයුර....අනික මං අල්ලන් උන්න කියලා බඩ වෙන්නෙ නෑ...

එයා මහෙන් අහනව ඇයි කියලා.....මාව බඩ වෙන්නෙ නෑ කියලා ....ඒකත් නිකන් නෙවෙ..මගෙ ඇස් දෙක දිහා බලන්.....අරහෙන් සින්දු යනවා...මිනිස්සු එකා කාරෙට නටනවා...ඇත්තටම මෙහෙම ගියොත් නිම්න...මගෙ අතින් උඹ බඩ වෙයි කියලා කියා ගන්න හැදුවත් මට කියා ගන්න බැරි උනා....කොල්ලො රොත්තක්ම මැටි පාගනවා වගේ නට නට ඇවිදි අපි දෙන්නව හප්පන් යනකොට මං නිම්නව වීසි වෙන්න නොදි ඇදලා අල්ල ගත්තා.....

අපි දෙන්නවම වැටුනා....

මං නිම්නව මිරිකලම අල්ල ගත්තා...

එයත් මා එක්කම වැටුනා.....

ඒකත්.....

නිමන්ව මගෙ පපුව උඩට.....!

🤭ආයම කොටසකින් එන්නම්....

🤭පරිස්සමින් ඉන්ඩෝ...

🤭හෙට.....ඊලගවස්සානෙ එක්ක එනකම්...පයිස්සමින් ඉන්ඩෝ.....

ආතරෙයි....

මම ජොබි

Nedeesha ❤💐

More Chapters