Cherreads

Chapter 11 - 11

මයුර ....

මයුර.....

ඔයා අඩනවා....එතකොට කදුලු බින්දු ඇවිදින් කොලෙ තෙමනවා...අකුරු ලියවෙන්නත් කලියෙන් මැරිලා යනවා....ඒ කියන්නෙ...නිම්නට රිදෙනකොට ...මයුරට දැනෙනවා කියන එකද මයුර.....??

එයා මට කියනවා මම අඩනවා කියලා ....මගෙ කදුලු බින්දු කොලේ උඩට වැටිලා අකුරු ලියවෙන්නත් කලියෙන් මැරිලා යනවා .....නිම්නට රිදෙනකොට මයුරට දැනෙබවද අහනවා.....

ඒ වචන වලට ඇඩුන් නැති නම් හිතක් පපුවක් නැති අධමයෙක් වෙන්න ඕනා...

ඒ අත් රතේ රත ගහලා...අල්ලන්න අතගාන්න හිතුනත් මට බය හිතුනා...අනේ තවත් රිදෙයි කියලා ...

පොල් එක ගෙඩියක්..දෙකක්..තුනක්...හතරක්...

ලෙලි ගහන්න පුලුවන් කරත්තයක් ...??කරත්තයක් .....?? මූ මොන යකෙක්ද දෙයියනේ...මූ මොන යකෙක්ද....?????

මයුර.....

එයා කතා කරනවා....මම නෙවෙ ඔලුව ඉස්සුවෙ ,ලේසියකට කදුලක් හලන්නෙ නැති මගෙන් කදුලක් වැටෙනවා කියන්නෙම මට මාව දරාගන්න පුලුවන් සීමාවෙන් පිට පනිනවා කියන එක වෙනකොට වෙනදට එයා ලියන දිහා බලන් උන්න මං අද ඒ දේදුන්නට පාට තවරන්න ගත්තා.....

මයුර.....ඔයා....ගෙ....අනන්‍යාතාවෙ මොකක්ද....මං අහන්නෙ...ඔයා...ආස.....කාටද.....මොන අයටද....ඔයා දන්නවා....මං මෙ තටම තටම අහන කතාව.....

බයිසෙක්ශුවල්

මං දන්නෙ නෑ...ඇයි මං එහෙම කිව්වෙ කියලා ..මට බය හිතුනා නිම්න මං ස්ට්‍රේට් කෙනෙක් කියන්න...මට හිතුනා එයා

" තවමත්" මං එයාව පිලිකුල් කරනවා..මං එයාලට වෛරකරනවා කියන අර බීජෙ හිතේ තියාගන ඉදී කියලා ..මගෙ උත්තරේ අනුවයි එයාගෙ හිතෙ තියන අර බීජෙ මුල් අද්දන්නෙ...මං ගත්තු කටටම මම බයිසෙක්ශුවල් කිව්වා....

ඔයා...හිතන්න අමාරුයිනෙ....

කවරෙන් පොත මනින්න එපා නිම්න.....

ඒ කියන්නෙ...ඔයාට ඒ හැගීම් පිලිකුල් නෑ.....මන් අහන්නෙ....ඒ හැගීම් වලට ඔයා වෛර කරන්නෙ නෑනෙද මයුර ...අඩුම මේක මාන්සික ලෙඩක්.....නැත්තන් ...අපි ඉපදුනේම සාපයක් අතේ අරගන කියලා හිතන්නෙ නෑනෙද....නැත්තන් ...ඒක ඇවිත් අපරාදයක්....මම ආදරේ කරන්නෙ පිරිමි ලමයෙක්ට කියලා කිව්වම.....ඔයාට ඒක ඊයා...මූ ලෙඩෙක්....කියලා හිතෙන්නෙ නෑ...නැත්තන් .....ඒ අයව දැක්කම රිදවන්න ගහන්න...හිතෙන් නෑ....එහෙමද මයුර.....?

මොනවද වස්තුවෙ මේ හයියෙන් හයියෙන් අහන්නෙ.....ම්ම්ම්

ම්..මයුර.....

මං ලියන්න හදපු එක නවත්තලා එයා දිහා බැලුවා....මට දුක හිතුනා...ඒ පර්‍රිනත මූනෙ හරි අහිංසක හිනාවක් ඇදිලා තිබුනා.....ඒත් ඒ ඇස් වල කදුලු පිරිලා .....වේදනාවෙන් පුපුරු ගහන අත් දෙක තවම වෙව්ලනවා...මං හිතන්නෙ එයා උන්නෙ වේදනාවෙ උච්චෙ...

මට ඒ අත උඩින් මගෙ අත තියන්න හිතුනා....ඒත් එයාට රිදේවි කියලා ඊටවඩා මට බය හිතුනා....

ඊටත් මං කිව්වෙ වස්තුව කියලා ....හරියටම අඩන පුංචි උන්ව නලවන්න හුරතල් කතා කියන්න වගේ මං එයාට වස්තුව කිව්වා....මං හිතන්නෙ මට ඒ වචන කිය උනා....මොකද එයාගෙ අම්මා කියපු වචන එක්ක මගෙ හිත එසේ මෙසේ රිදිල්ලක් නෙවෙ....

මට කවදාවත් එහෙම හිතෙන් නෑ නිම්න....මට කවදාවත් ඔයාව එහෙම හිතන්නවත් බෑ....අනික....මේ ලෝකෙ මිනිස්සු එක වගේ නෑනෙ.....අතේ ඇගිලි පහම එක වගේ නෑනෙ නේද....

ඒ කියන්නෙ...ඔයාට මගෙ වේදනාව දැනෙනවා....

ම්න්.....හුගක්.....මට ඒ වේදනාව දැනෙනවා...

මං ආයම මගෙ ඔලුව බිමට හරවන් කොලේ දිහා බැලුවා...මට දැන් ලියා ගන්න දෙයක් නෑ...ගගක ගැඹුර බලන්න නම්...ගගට පනින්න වෙනවා වගේම ...මට සිද්ද උනා...එක මොහොතකට මන් ස්ට්‍රේට් කෙනෙක් කියන එක අමතක කරලා මං නිම්න කෙනෙක් උනා.....

මයුර.....

ම්ම්ම්ම්...

ඇයි ඔයාට ලියන්න දෙයක් එන්නෙ නැද්ද....අමාරුයිද ....නැත්තන් මං ඔයාට ලියන්න උගන්නන්නද....

ම්න්...එපා.....මං උත්සහ කරලා බලන්නම්....ලියන්න දේවල් එනවා...ඒත් මගෙ වචන ලස්සන නෑ ඒකයි...

මං අතෙ තිබුන පෑන කරකවන්න ගත්තා ...මට කියන්න ඕනෙ ආදරේ කියන්නෙ වේදනාවක් නෙවෙ හැමෝම විදින්න ඕන සුන්දර අත්දැකීමක් කියලා ....

සම හෝ විශම....ආදරේ කියන්නෙ ආදරේටමයි....

සර්වාංගෙ පුරාවටම දුවන්නෙ එකම ලේ වර්ගයක් ....

මට දැන් මේ ටික ලියා ගන්නම බෑ....මං මගෙ ඔලුව අත් දෙකෙම්ම බදාගත්තා...

මයුර....

ම්න්...

ලියන එක ....ඒක හිතන තරම් ලේසි නෑ....අකුරෙන් අකුර ගලපලා ලියන්න ඕනෙ ....ඒකට හිතන්න ඕනෙ ඔලුවෙන්ම විතර නෙවෙ...පපුවෙනුත් හිතන්න ඕන මයුර....

මං කියන්නද....මං කියන්නම්.....ඔයා ලියන්න....

ආදරේ කියන්නෙ හරියටම උනුසුම් කෝපි එකක් හා සමානයි...එක පාට උනත්....හත්පාට උනත්...ආදරේ කියන්නෙ...සීතලකදි උනුහුමක් දෙන හැගීමක් ...

පපු මැද්දෑව අස්සෙ ගැහෙන හදවත එක හා සමාන උනත්...සමහර හදවත් තනි රතුවෙන් පින්තාරු වෙනකොට ...සමහර හදවත් උඩින් දේදුන්නක් පායලා තිබුනා.....

ඉතින්.....ඒක වරදක්ද.....??

අසනීපයක්ද.....

නැත්තන්....කාගෙ හරි ඇහැකට පිලිකුලක්ද...????.

වැටෙනකොට අල්ලගන්න අතක්....විඩාව දැනෙනකොට ඔලුව ගහගන්න උරහිසක්.....ආදරයෙක් දැනෙන තැන කම්මුලක් උඩ නවතින උනුසුම් හාදුවක් ....රෑ දොලොස් පැය පහුවෙනකොට විදින්න පුලුවන් සාමකාමි රතියක්..අවසානෙදි ආදරේ ස්නේහෙ පිරුන පපුවකට ගුලිවෙලා හති ඇරීමක්....

මිනිස්සු ප්‍රාර්තනා කරන්නෙ ඔච්චරයි ....

රෝමාන්තික හැගීම් බෙදාගන්න හිතකට හදි ගැහෙන්න ඕනෙම කෝපි වගෙ මනුස්සයෙක්ව....මාත්‍රාව ඉහවහ ගිහින් බඩ වේලන කෝපි.උගුරක් නොවී....ආදරෙත් ඕවඩෝස් නොවි හැමදාම එකම විදිහකට දරා ගන්න මනුස්සයෙක්ව...මොකද ...විරහව කියන්නෙත්....ඕවර්ඩෝස් ආදරේක එක පැතිකඩක් ....

මිනිස්සුන්ට ඕන තමුන්ව දරා ගන්න පුලුවන් තැනක් මිසක් ....ආදරේ හැගීම් බෙදාගන්න සුව පහසු තැනක් මිසක්.....දෙපරැන්ද මැද්දෑව දිහා බලලා අදරේට කුල කියන තැනක් නෙවෙ....

මගෙ කැත අකුරක් අර හිස් පිටුව දිගෙ ලියවෙනවා....මෙ ඔක්කොම තනිකරම කතා කරන බාසාව....උක්ත ආක්‍යාත ....කාල වකවානු.....ඒක වචන බහු වචන එක්ක ලියවෙන සංකීර්න සංකීර්න සින්හල නෙවෙ....

ඇල්වතුර වගෙ හරි පහසුවට ගිලින්න පුලුවන් අකුරු ...

හැබැයි ..ඒ ඇල්වතුර තනිකරම ඇල් වතුර ...කියුලවත්....මඩවත් හාමු නොවුන ඇල් වතුර ...

ආදරෙත් ඒ වගෙ....පපුව හිර නොකර....උගුර හිර නොකර විදින්න පුලුවන් හැගීමක් වෙන්න ඕනෙ.....

මයුර....

ම්න්...

මගෙ අම්මා....

මං පෑන පැත්තකින් තියලා එයා ඩිහා බැලුවා...එයා අහනවා....නෑ...අහන්න හදලා නැවතුනා...එයා අහන්න හදන්නෙ අම්මා ගැන...මට අහන්න හිතුනා.....උඹම නේද අම්මව අක්කව ගෙන්නෙව්වෙ කියලා ...ඒත් අමු තුවාලෙට මොන හේතුවට මම ඉදි කටු තුඩුවලින් ඇන ඇන පාරනවා වගේ වැඩක්....

දෙයක් අහන්නම්.....එකම දෙයයි අහන්නෙ....නිම්න...එකට මට උත්තර දෙනවද.....

....හා...

ඇයි...නිම්නාව දන්නෙ නෑ කිව්වෙ.....

මං එයාගෙන් ඇහුවා ඇයි නිම්නා..එයාගෙ අක්කව දන්නෙ නෑ කිව්වෙ කියලා ...මං බලන් උන්නා...එයා උත්තර දෙනකන්...ඒ වෙනුවට එයා කෙරුවෙ එයාගෙ රතු වෙල පුපුරු ගහන අත් දෙක එකට එක අතුල්ලපු එක...

එපා.....රිදවගන්නෙ ඇයි මෙහෙම....

මං ඒ අත් දෙක උඩින් අත තිබ්බා...එයා ඒ අත් වලට තව රිදවනවා...එයා ඒ අත් වලට දෙන්න ඕන....උපරිම දෙතිස් වදෙ දෙනවා...

ඒවට ..රිදෙන්න...අදක...ඊයෙක නෙවෙ..මයුර....මගෙ හිත හන්දා....හැමදාම වේදනා විදින්නෙ මගෙ අත්....ඔයා..දන්නවද මයුර.....

මිනිස්සු....මැරිච්ච හැම කෙනාටම කියනව...සමාදානෙන් සැතපෙන්න කියලා ..ඒත් දන්නව්ද.....මයුර.....ඔය වචන ටික ලියනවා වගේ ලේසි නෑ සමාදානෙන් සැතපෙන එක...

යලි අප අතරම ඉපදේවා කියලා ලිව්වත්...ජීවත් වෙන කාලෙදි නොදුන්න ආදරේ මැරුනම දීලා ඇති පලේ මොකක්ද....

මයුර....දන්නවද ..එයා තනිකරම හිට්ලර් කෙනෙක්..නාසියෙක්...හිට්ලර්ට ඕන උනේ...මුලු ජර්මනියම සුද්ද කරන්න.....තනිකරම පිරිසිදු ලේ...ආර්‍ය ජාතියක් ඉතිකරලා....හැම යුදෙව්වවම අතුගාලා දාන්න... ....

එයා හිට්ලර් කෙනෙක් නම්....ඒ ඇස් වලට අපි යුදෙව්වො මයුර.....

මිනිස්සු නොදැක්කා උනාට.....නිදිකුම්බ මලුත් ආසයි.....හොරාවට පර නොවී...වසන්තෙ දැකලම පරවෙලා යන්න...

එයා කරන්නෙ....සුද්ද කිරීමක්.....මයුර ..ප්‍රවේසමෙන්...මයුර...ප්‍රවේසමෙන් .එපා ඒ වචන වලට අහු වෙන්න.....ආදරේ තියන ලස්සනම තැන් පෙන්න පෙන්න....දාන්නෙ තනිකරම බිලී කොකුවකට අමුනපු ඇමක්....

එපා...මයුර අහුවෙන්න...

ප්‍රේමය කියන්නෙම...ගිලන් හදකට ඔසුවක් කියලා පටන් ගන්න පරිච්චේද වල අවසානෙ හරි අදුරුයි මයුර....

එපා...උත්තර බදින්න.....කිසිම තැනක...

ඒක...වේදනාවයි....ෆෝලික් ඇස්ඩ් වෙනුවට...සතකුප්පා පොවන්න තිබ්බෙ කියලා මගෙ අම්මට ගහපු කම්මුල් පාරට....රිදුනෙ....අපිට මයුර...

මේ...අත්....හරියට ..විදවනවා....

මම ලියන්නෙත්...ඒ දේදුන්න ගැනමයි....මම හැඩ කරන්නෙත්...ඒ පාට මිනිස්සු ගැනමයි....

මේක..දඩුවමක්...මයුර...

මේ ඇගිලි...පුරුක් වලට...පෑන අල්ලන්න බැරි වෙනකන්....තල තල...කරන්නෙ....සාතන්ට අහුවෙලා කියලා මාව...නොමරා මරන එක.....මයුර.....

.

මම...ලියන්නෙ.....මිනිස්සුන්ගෙ හිතට නිවනක්.....මම වගේ....බයෙන් හැන්ගිලා ඉන්න මිනිස්සුන්ගෙ හිත් හදන්න වචනයක් ...ඒත්....ඒත්..එයා කරන්නෙ...හැගීම් විකීනීමක්....තනිකරම ....දැල් එලීමක්....එපා...මයුර...කිසිම තැනක...අහුවෙන්න.....

වසන්තෙ උරුම මලුත් තියනවා...නැති මලුත් තියනවා කිය කිය.....උන් කරන්නෙ...අමු අමුවෙම...පෙත්තෙන් පෙත්ත ගලවන එක...

උඹ ලෙඩෙක්...උබ ලෙඩෙක්....උබ ඉපදුනේම සාපයක් අතේ අරගන....

උඹ පිලිකුලක්....

උඹ දකින එකත් පිලිකුලක්...ගගා.....නොමරා මරනකොට ...විදවන එක...මීක්...ඔගා...දරාගන්න..එක..ඒක..හරි..වේදනාවක්...මයුර....

මගෙ ලෝකෙම එක පාර කඩා වැටෙන්න ආවා.....මට ඉදගන උන්නත් මාව කැරකෙන්න ගත්තා.....අර ඇස් අස්සෙ වේදනාව උතුරනවා.....ඒ අතට පෑන ආයම අල්ලන්න බැරි වෙන්න කියලා ඒ අත් නොමරා මැරුවා කියනකොට මට දැනුන වේදනාව කොයි තරම්ද කියනවා නම්..මටනෝනා උනා ඒ අත් අරගන මගෙ පපුවට තදින් තුරුලු කරගන්න....

හැම කදුලකට පිටිපස්සෙම කතාවක් තියනව වගේ මං ඒ හැම දේම අහන් ඉදලා අවසානෙදි හරි අමාරුවෙන් හුස්මක් ගත්තා....මේක තනිකරම ඈන් ෆ්‍රෑන්ක්ගෙ දින පොත අස්සෙ තිබුන වේදනාව වගේ.....

එතකොට ....නිම්න කියන්නෙ....ඈන්ෆ්‍රෑන්ක්ගෙ වගෙ තවත් දිනපොතක් තියනවද.....?

හ්ම්.....ඔය ඔයා අතේ තියන් ඉන්නෙ....දෙවනි දින පොත.....මයුර...දන්නවද...සමහර දිනපොත් ..තනිකරම අමු කේදවාචක...

මගෙ අතින් පෑන ගිලිහුනා....එයා කියනවා මේකත් තව දින පොතක්ලු...ඈන් ෆ්‍රන්ක් නොවුනත් ..මේ යන්නෙ දෙවනි ලෝක යුද්දෙ නොවුනත්....නිම්නට අනුව...මේක තවත් ලෝක යුද්දයක්....

මයුර අහනවා...ඇයි මං....නිම්නා මගෙ අක්කා කියන එක නොකිව්වෙ කියලා ....

එයා අවසානෙදි කැරකිලා...කැරකිලා....මං අහපු ප්‍රශ්නෙ හිටගත්තා ....මං එයාගෙ අත් දිහා බලාගන ඉදලා ලාවට ඔලුව වැනුවා...

මයුර.....කවදාවත් ...ගොම ගොඩක අමු සුවද අස්සට කදුලු කලවම් කරලා තියනවද...??

මට බය හිතුනා....උඹත් මාව නාවයි කියලා ..මිනිස්සු දෙනෝදහක් මැදම....ගොම මුට්ටියක් අරගන...ඉහ මුදුනෙ ඉදන් මහපට ඇගිල්ල ගාවට යනකම්ම.....සුදු ඇදුම ගොම කොල වෙලා යන හැටි දෙනෝ දහක් බලන් උන්නා ...මට බය හිතුනා... උඹත් ආයමත්...මා දිහා මිනිමරුවෙක් දිහා බලන්න වගේ බලයි කියලා ...

මට බය හිතුනා...මයුර...උඹත් මට කෑගහයි කියලා ....මෙ ඉන්නෙ ආප්පයගෙ මල්ලි කියලා මුලු ටවුන් එකක් මැදම....

මට බය හිතුනා....මගෙ අම්මගෙ මූනට....ආප්ප නෝනගෙයි ගේ කුරුල්ලගෙයි අම්මා කියයි කියලා ...

මට..බය හිතුනා....උඹ...මගෙ මූනට.....පිම්පියට...නගින්නෙ නැද්ද අහයි කියලා .....මයුර..මට..බය හිතුනා....මගෙ බෑග් එකට ආයම ආප්ප මුලක් ඔතල දායි කියලා ....

මයුර..මට...බය...හිතුනා....

ශ්ශ්...ඇති....ඔය.....ඇති....හොදටම....ඔය...ඇති....ශ්ශ්.....තව...එපා.....ඔයාට...තේරෙනවනෙ....තව....වචනයක් වත්...එපා...ශ්ශ්......

මං එයාගෙ කටට අත තිබ්බා..සුදු මැලි මූන තවත් සුදු මැලි වෙලා ගිහින් තියනකොට අර ඇස් ගිනි ගින්දර වගේ රතු උනා....ලේ බිදක් නැති තොල්පට තනිකරම පොල් කෑල්ලක්වගේ වෙනකොට අහම්බෙන් අගේ මං එයාගෙ බෙල්ලෙන් පහල නිල් උන පාරක් දැක්කා විතරයි පැනපු ගමන් මං ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම මං ඒ ශර්ට් බොත්තම් ලෙහලා දැම්මා....

මගෙ....දෙ....වි...ය...නේ...න්....න්

ම්..ම්..මයුර...එපා....ර්.රිදෙනවා....

මාව් කඩාගාන වැටුනා...දෙවනි පාරටත් ....ඒ සර්වාංගෙන් එකයි...ඉදිමුම් පාරවල්.....දම්පාට පාරවල්....

න්..නිම්න....මට.....

වේවැල්....පාරවල් ...බෙල්ට්...පාරවල් ...

එයා එච්චරයි කිව්වෙ...ඉකි ගැහිලි...මේ මොකුත් නෑ...මගෙන් හංගපු පපුවම ඊලග තත්පරේදි ආයම මටම පෙන්නපු එයා හැගීම් නැති එකෙක් ගානට වේවැල් පාරවල් ...බෙල්ට් පාරවල් කියනකොට මම මගෙ ඔලුව මේසෙට ගහගත්තා.....

කව්ද...වස්තුවෙ...මේ....මෙහෙම...

කෙරුවෙ ....

එ..යා.....

එයා...කිව්වෙ.....???එයා කිව්වෙ...මොකාද....මට ඒකව හමගහන්න..මොකාද කියපන්..නිම්න...ඒ යක්ශයා...මොකාද...

මයුර....දන්නවද....මගෙ....ආගමෙ...

හැටියට....මං..දකින...එකම....යක්ශයා...මගෙ...අප්පච්චි .....එයා...මේ...හැම...දේම...කරන්නෙ...මට...වැහිලා...ඉන්න.....අශුද්ද....ආත්මෙ...එලවන්නලු...

වේවැලෙන් ගහලා...??නිම්න....හැගීම් එලවන්නෙ කොහොමද නිම්න..සර්වාංගෙට...වද දීලා...මට..කියපන්....වස්තුවෙ.....මේක අහපන්...උඹට ...කොච්චර ගැහුවද...උඹට....කීයක්...ගැහුවද.....

මගෙ...හැගීම්...දැනගත්ත...දා...ඉදම්ම...මම...ආදරේ...කරන්නෙ.....මට...ආදරේ....හිතෙන්නෙ...පිරිමි...හිතකට...විතරයි ..කියලා ..දැන...ගත්තු...දා....පටන්ම....ස්වයංවින්දනය .....පාපයක්.....සමලිංගික ආදරේ පාපයක්...ඒක...පිලිකුලක්...ඒකන්සාපයක්...මම.....නිම්නා...අපි....දෙන්නම...සාපයක් අතේ අරන් ඉපදුන උන්.....අපි..අශුද්ද.ආත්ම අරක් ගත්තු...එවුන්....

එහෙම කියලා .....යක්කු පන්නන්න බෙල්ට් වලින් ගහන්න...වේවැලෙන් තලන්න...

මං මේසෙට ගැහුවා....එයා කදුලු පුරවගන මා දිහා බලාගන උන්නා....මට වේදනාවයි...මට මැරෙන්න තරම් වේදනාවයි වෙනකොට මං ඒ අත් දෙක අරන් ඒ අත් උඩින් මගෙ මූන තියා ගත්තා.....

නිම්න ...මං.....උඹට.....උදව්...කරනවා....නිම්න...කවුරු...නැති....උනත්...මං....උදව්...කරනවා...

උඹට ....තවත් ඔහොම වෙන්න නොදී...මං උඹව...බේරගන්නම්...නිම්න...

මයුර.....

මං උන්නෙ අහක බලාගන...ඒත්....මගෙ අත් දෙක උඩ ඒ රත ගහපු අත් දෙක තිබුනා....

එයා මට ආයම කතා කරනවා....මට ආමාරුයි....ඒ මුන දිහාව බලන්න.....මට හයිය නෑ...ඒ මූන දිහාව බලන්න.....

මයුර....ඉල්ලීම්...දෙකක් තියනවා...

මට පුලුවන් කරන්න.....

මොනවද කියලා වත් අහන්නෙ නැතිව.....

ම්න්...මොනවද...කාවද අඩවන්න ඕනෙ....කාවද රිදවන්න ඕනෙ....ආපහු උඹව රිදවපු කව්ද.....මට නම් දිපන්...

මට...ඕනෙ...ඒක නෙවෙ.....

මොනවද....

පලවෙනි...දේ...කොතනකදි වත්....මා එක්ක බැදීමක් ඇති කරගන්න එපා මයුර .....එපා....එ එක පොතක් වත් කියවන්න.....

මම එයා දිහාව බැලුවා....එයා කියනවා...එපාලු...කොතනකවත් එයා එක්ක බැදීමක් ඇති කරගන්න..එපාලු අමේ මිනිහගෙ කිසිම දේකට අහුවෙන්න....

මම මොකුත්ම නොකිය බලන් උන්නා.....

තව දෙයක්....පුලුවන් නම්....අර සින්දුව කියනවද....?

මොකක්ද..

දුරුතු සඳ වැටුනි අහසින් කඩාගන....ඒක....කියනවද.....දුකයි වගේ....ඒත්...මං ඒකට ආසයි.....ඔයට පුලුවන් නේද ...

එයා මගෙන් අහනවා දුරුතු සද වැටුන හැටි කියන්න පුලුවන්ද කියලා .....

ම්න්.....මං....කියන්නම්.....ඒත්.....ඒකට කලින් එක ප්‍රශ්නයක්.....

ඔයා අහන්න හදන්නෙ.....ඇයි....ඔයාට මා එක්ක සම්බන්ද කමක්.තියාගන්න එපා කිව්වෙ කියන එක නම්...ඔයා බයිසෙක්ශුවල් කෙනෙක් නෙවෙ...ඔයා...ගේ කෙනෙකුත් නෙවෙ....ඔයාට එහෙම දෙයක් තිබුනා නම්...ඔයාට පිලිගන්න කොන්දක් නැති කමත් නෙවෙ නිම්න...අනුකම්පා හිතිලා...බලෙන් තමාව වෙනස් කරගනන්න එක...ඔයාට මට..දෙන්නටම පව්.....

ම්න්....කාට හරි ආදරේ කරලා තියනවද....

ආසයි....ඒත්...බයයි....මොකද ...

බයයි....අර මනුස්සයා මරලා දායි කියලා.....හරියටම නිම්නාව මැරුවා වගේම...අම්මව මැරුව වගේම......එහෙමද....

මං බලාගන උන්නා..එයා යටි තොල් හපාගන අතෙ ඇගිලි කිටි කිටියට මිරික ගත්තා...

ඔයාට ආදරෙ කරන්න..විදින්න පුලුවන් නිදහස් ලෝකයක් මන් හදලා දෙන්නම්....නිම්න...මාව විස්වාස කරන්න....

සින්දුව කියනවද.....?

ම්න්.....කියන්නම්.....

ඉදහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගන...

කහමල් කිනිති මහ පොළවට ඇස්

අයාගන...

ප්‍රේමය ගිය පසුව සුළගෙ

ගසාගන..

දුරුතු සඳ වැටුනි අහසින්

කඩාගන...

කොල්ලො....ඔය බත් එක කනවද නැත්තන් අත ගානවද.....රොහාන් ඔයාට තව බත් ටිකක් බෙදන්නද...

ම්ම්ම්....හ්හ්හ්....එපා මේ ඇති.....බඩ එනවා සුදු...මේ රෑට මෙච්චර රහට උයන්න එපා ගෑනියෙ.....මහ පාන්දරට ඇහැරිලා අයම කන්න හිතෙනවා

ඇයි...රහට ඉව්වෙ නැත්තන් උඹලා වෙන ගෑනු පස්සෙ යන්නද....කව්ද රොහාන් අද අර ඇවිදින් තිබුන ගෑනි....

ජිම් එකටද.....

හ්ම්ම්ම්ම්...

මට්ට සුජියගෙ ගෑනි....කල්පනයගෙ නැන්දම්මා....දැක්කනෙ ඒකිගෙ මූන

කොරහක් වගෙ.....අරකව එක අතෙන් උස්සලා පොලවෙ ගහයි ඒයි....

ඒක තමයි මං අපේ හරකටත් කියන්නෙ.....ගන්නකොට ගෑනි විතරක් නෙවෙ නැන්දම්මා දිහාත් බලපන් කියලා ඔව්වා ජීවිත කාලෙටම අපිත් කරගහන්ඩ එපැයි...පේනවනෙ ලූර්දු අක්කගෙ කට ඇරියම...

නිකන් ඉන්නවා ඒයි....අපෙ අම්මා මෝඩ වෙලා මාව තමුසෙට දෙන්න ඇහුවට ඉතාලි කාරයොත් ආවා මාව බදින්න අහගන.....ඒ එකක් බැන්ද නම් අද ඉතාලි....

ම්ම්ම්...හම්මෙ...ඔව්...කමනිගෙ ඉතාලි යෑම...එහෙනම් මොකටද මං නවත්තන්න ගිය වෙලේ කෝච්චියට පනින්න ගිහින්

රොහාන් ඇති රොහාන්.....

ඔය පේනවනෙ අහන් ඉන්ඩ බෑ....පහයි කාලෙ කෝච්චියට බෙල්ල තියන්න යනවා කියල ගිය ගෑනි මං එනකොට කුසියෙ ඉදන් අඩ අඩ බත් කනවා.. ඇයි ඇහුවම පවර්සෙට් එකට බෙල්ල තියන්න බය හිතුනා කිව්වා...අනෙ මගෙ ගෑනියෙ.....

රොහාන් කාලා ඉවර නම් යනවා ඒයි...කොල්ලො....උඹත් කාපන් ඉක්මනට මහ එකා වගේමයි උඹත්.....අතගගා ඉන්නවා....

මං උන්නෙ බත් එක අත ගගා...වෙලාව රෑ නවයට කිට්ටුයි.....මෙච්චර වෙලාම ඇහුනෙ හැමදාම අපේ කුසියෙ යන අම්මගෙයි අප්පච්චි ගෙයි රෝමාන්තික වලි වෙනකොට කොහෙන් ගියත් අන්තීමට බැනුම් අහන ඵෝන් එක වගේ අප්පච්චි ගෙ වචන වලට මාත් බැනුම් ඇහුවා.....

මට කන්න හිතක් නෑ.....අප්පච්චි ගෙයි අම්මගෙයි පුරුද්ද...හැමදාම හවසට ජම්බුවලගෙ ජිම් එකට යන එක....කිව්වත් වගෙ කල්පනයගෙ නැන්දම්මා තනිකරම එල්ටිටීඊ කොටියෙක් වගෙ ....ඇගෙ තරමයි මූනෙ තියන නපුරු පාටයි එක්ක ගත්තම ඔය ගෑනි කොයි වෙලෙ හරි කල්පනයගෙ අංගජාතකෙ කපලා ගොරකා වේලනවා වගෙ අව්වෙ දාලා වේලනවා.....

මොකද.....උඹට කන්න හිතක් නැතුවද ඔය ...

 මට ගැස්සෙන්න දෙයක් තිබුන් නෑ...බය වෙන්න දෙයක් තිබුන් නෑ....ඒ කටහඩ...ඒ සීතල මං දැන් අදුනනවා....ගෙදර ආව වෙලේ ඉදන් මගෙ ඔලුවෙ හොල්මන් කෙරුවෙ දුරුතු සද.....

එයාගෙ අත් දෙක.....එයාගෙ දම්පාට උන සර්වාංගෙ ....මං කොච්චර ඇහුවද...මගෙ ගෙදර එක්ක ඇවිත් තියාගන්නද කියලා ....

ඒත් එයා කිව්වෙම බෑ කියලා ...මටත් මොකක් හරි කරයි කියපු එයා වෙලාවට කලින් ගෙදර උන්නෙ නැත්තන් මැරුම් කන්න වෙයි කියලා එයා දුවපු හැටි මතක් වෙනකොට මන් කොහෙ කන්නද....

මගෙ කොල්ලා ආසම කෑම...

මම මීක් නොගාපු නිසාද කොහෙද එයා ආයම කියෙව්වා...නිම්න ආසම කෑම කිව්වා....

මොනවද....පොල්සම්බල්ද....නැත්තන් ඇඹුල්තියලද ....

දැන් ඉතුන් මට කන බත්කට වත් කන්න පිරිය නෑ...අම්මා නැතිව ජීවත් වෙනවා කියන්නෙ ජීවිතෙ අමාරුයි කියන එක....ඒකත්....අපායක ජීවත් වෙනවා කියන්නෙ.....රීරී මාන්සෙ උරා බොන යකෙක් එක්ක...

ආස කරන දෙයක් වත් උයලා දෙන්ඩ දුන්නෙ නෑ මගෙ අසරනයන්ට....

මොනවා උනත්....උඹට ඉන්නෙ හොද අම්මෙක් අප්පෙක්.....අපි කෙරුවෙ පූරුවෙ කරුම ගෙවපු එක.....

එයා දිගින් දිගටම කෙරුවෙ කතා කරපු එක.....මට දුකයි...මට නිම්න ගැන වේදනාවයි....ඇත්තටම නිම්නට ලැබෙන්න තිබුනෙ මගෙ අම්මා අප්පච්චි වගෙ දෙන්නෙක් ...

ඇයි නිම්නට ඔච්චර වද දෙන්නෙ.....

ඒ අත්....ඒ අත් පුපුරු ගහනවා....ඇගෙ එක අගලක් නෑ.....දම් වෙලා....ඇයි ඔයාලා කාටවත් ඒ අසරනයව බලන්න යන්න බැරි මොකද ....මං අහන්නෙ මට ගහනවා බනිනවා....ඇයි...අර මිනිහගෙ අතපයක් අබරවන්න බැරි...??

මං අතෙ තිබුන බත් එක පැත්තක දාලා ඇයි නිම්නට උදව් වෙන්න බැරි අහනකොට එයා මීක් නොගාඋන්නා...අනෙ නිම්න විදවනවා...

මගෙ පුතාට ඉන්න තිබුනෙ....උඹ වගෙ නහර කාරයෙක් .....පොඩ්ඩ බැරි වෙනකොට තරහා ගිහින් ගමකට ගහන්න හදන නහර කාරයෙක් ...

එහෙනම්...මගෙ කොල්ලා ඉස්කොලේ අච්චර දුක් විදින් නෑ....උඹ...දන්නවද ....උන් මගෙ ලමයව.....රැග්කෙරුවා.....අමු....හෙළුවෙන්....අවසානම ටොයිලට් පේලිය...අස්සෙ...කොල්ලව....මං ඇහැට දකිනකොටත් නිල් වෙලා හුස්ම හිරවෙලා උන්නා...

මගෙ නහරත් එක්ක රත් වෙන්න ගත්තා....

ඔච්චර මගුල් කරපු ඉස්කෝලෙන් ඇයි අයින් නොකෙරුවෙ....ඇයි ආපහු ඉස්කෝලේ යැව්වෙ...

අවසර නෑ...ගෙදර ඉන්නත් .....ඉස්කෝලෙන් මාරු වෙන්නත්...සමලිංගිකයා ලේබලේ මුලින්ම දුන්නෙ ඌව ජාතක කරන්න ධාතුව දුන්න උගෙ අප්පච්චි ...මගෙ කොල්ලට වත් ..කෙල්ලටවත්....ලෙඩක් තිබුන් නෑ දෙයියනෙ...

මේක කරන්න පුලුවන් කවදටද...මට පුලුවන් දැන් උනත් කියන තැනකට යන්න....මොකද ....ඕනම මනුස්සයෙක්ගෙ ඇතුලෙ අමනුස්සයෙක් ඉන්නවා කියනවා ...යකා ආවේස උන වෙලේ....

ඉවසපන්.....ඒකට බටලන්දක්ම තියනවා.....මෙතන අපි දෙන්නෙක් නෙවෙ....හුගක් ඉන්නවා.....

මං නැගිට්ටා ...ඉවසපන් ඒකට බටලන්දෙ වගේම වදකාගාරයක්ම තියනවා කියනකොට මං නැගිට්ටා...

හොයා ගන්න බැරි ඒ තැනද...??මොන ජාතියෙ උදව්වක්ද ඕනෙ....මම කරනවා.....

මං උන්නෙ ඇස් හීනි කරගන.....මට මේ ඔක්කොම දමලා ගහලා කෙලින්ම එයාලගෙ ජීවත් උන...දැන් අපි ගන්න හදන ගෙදරට යන්න ඕනා උනත්...යන්න හදපු මං ආපිට නැවතුනා...

ඇයි....

කෑම එකක් ඕනෙ....නිම්නට....මං දන්නවා..ඇත්තටම එයාට මාව දැන් විකාරයක් වගේ පෙනෙයි...බත් මුල් අදිනකොට ..ඒත්....ඔයාට....ඒත්....

.යන්න හදන ගමන යන්න ...එයාට ඔයා මොනවා ගිහින් දුන්නත්....රස බලන්න අයිතියක් නෑ.....ඇල්වතුරයි බතුයි....ලුනුයි බතුයි....පොලුයි බතුයි...ඒක වදකාගාරයක්...හිත හදාගන්න තිබුනා...එක පාරම ගෑස් කාමරේට ඔබලා කරාමෙ ඇරියා නම්....ඒත්....ඒක එහෙම නෑ..අපේ ජීවිත හරියටම ...යුදෙව්වො අරන් ගියපු කෝච්චි පෙට්ටි වගෙ....කට කපලා සෙනග....ඒත් පෙට්ටියෙ එක මුල්ලක මල මූත්‍ර.....

මං කැමතියි ...ඒත් ....අනිත් තුන්දෙනා .....

එක පාරක් කතා කරලා බලන්න...බැරි නම්....ම්ම්ම්....අපි බලමු....

 ම්න්.....

කාමරේට දුවපු මං දූවලා ගිහින් ලෙදර් ජැකට් එක අරගත්තා... ඒ එක්කම මං ගෲප් චැට් එකට මැසේජ් එකක් දැම්මා හදිස්සියක් ....අලුත් ගෙදරට එන්න කියලා ...

මට දැනුනෙ ලෝකෙ අන්තීම වෙන්න යනවා වගේ...එහෙන් මෙහෙන් පටලව ගත්තු ජැකට් එකත් දාන් යන්නෙ එන්නෙ කොහෙද කින්ද මන්ද නොකියා අප්පච්චි ගෙන් නාහම මං ලොකු බයික් එක ස්ටාර්ට් කරන් කන්බෙර කීන් ගාන්න රේස් කරන්න ගත්තා...

කොල්ලා.....

කොල්ලා...කමනි මෙන්න මේකා මේ දඩාවතෙ යනවා.....

කොල්ලා...ඔහොම....නැවතියන් ...කොලා.....කමනි...කමනෙ...කන ඇහෙන්නෙ නැද්ද .....

මං උන්නෙ පාලුපාරෙ.....අප්පච්චි කතා කෙරුවෙ නෑ...බෙරිහන් දුන්නා..ඒත් මම නෙවෙ නැවතුනෙ....වෙලාව එකොලහත් පහු වෙලා.......සිල්වර් ටවුම් පාර යකෙක් වත් එන්න බැරි තරමට පට්ටම පාලුවට ගිහින් තිබුනා....

බලු බල්ලෙක් නෑ.....පාරෙ ඇවිලෙන ලයිට් පවා අද මලානික වෙලා තිබුනා....සැරින් සැරේටම අඩන කැලෑ නරින්ගෙ මූසල ඈඩියාව වගේම කැරකොප්පුව හරිය පහු වෙනවත් එක්කම අලුතෙන් වලදාපු ඉලව්ව ගැන තවත් කම්පාවෙන මූසල උල ලේනියෙක් ඉහට උඩින් පියාඹන් යන වෙලාවක මට අදත් බයික් එකෙ පිටිපස්ස බර වෙනවා දැනුනා...

සීතල අත් දෙකක්...

සීතල හුස්මක් එක්ක හුලන් පාරට ගහන් ආව මිනි කොලයක් කෙලින්ම මගෙ මූනෙ වදිනවා එක්කම මං බයික් එකෙ ආව ස්පීඩ් එකම අඩු නොකරම මං ඒ කොලේ ඇදලා අරගත්තා...

සිරිපාල මුදියන්සේලාගෙ නවන්ජන සදකැලුම් තරුන මහතා....

මං ඒක නවලා කෙලින්ම සාක්කුවෙ දාගත්තා ...අද වලදාලා තියෙන්නෙ..මොනවා වෙලාද කියන්න දන්නෙ නෑ....හැබැයි...මගෙ පිටිපස්සෙන් ඉන්නෙත්...ඒකමද කියන්නත් මං දන්නෙ නෑ.....

මයුරයා...

මේ...මොන මගුලටද බන් උඹ මේ රෑ එන්න කිව්වෙ...මගෙ අතේ ලෙලි නෑ.....අප්පච්චආව මරයි දන්නවා නම්...

සදූ....දැන් තමුසෙට මාව එපා නම්...හරි..හරි...යනවා...යනවා.....උඹට ඉගන ගන්න හින්දා නම්...යන්න ඕනෙ...යමන්...අනේ...ගිහින් ඉගන ගනින්...හැබැයි.....උඹ යන්නෙ මට පච දාහක් හලලා ..නම්.....බලම් ඉදින්.....උඹට වඩා දවසක මට ඉදි හොදකෑල්ලක්....මං....මෝඩයා උනා සදුනි...ගහන්නෙ ඩබල් ගේම් කියල දැන දැන් මං ගොනා උනා....උඹට දාසය උනාට...තියෙන්නෙ තිස්දෙකේ අම්මන්ඩියෙක්ගෙ කට්ට මොලේ...මේක නවත්තන්න ඕන නම්..නවත්තලා පලයන්....ඉදලා හිටලා ශොට් එකක් ගැහුවට.....පෑන්‍ටියක බෙල්ල වැලදාගන්න තරම් පූකේ...අමාරිස් නෑ සදුනි.....හරි...එහෙනම්....පරිස්සමින් ඉදපන්...අදින් පස්සෙ....මම උඹව දන්නෙ නෑ..හැබැයි ....වටේ ගිහින් කලපන හුයියෙ ගාන් ආව දාට මං උබව කොහු අඹරනවා වගේ අඹරනවා....

මං උන්නෙ ජනේලෙ ගාව...අපි හැමෝම.උන්නෙ මගෙ කාමරේ.....තරිදුවා ගෙදරින් පැනලා තියෙන්නෙ ජනෙල් දිගේ බඩගාල වෙනකොට රෑට අදින සරමෙත් බාගයක් ඉරිලා තිබුනා....උදාරයා උන්නෙ ගල් ශෝට පිටින් වෙනකොට කල්පනයා...අද නම් මට්ටා සදුනියට සදහටම තිත තිබ්බා.....

මයුර...උඹ මේ රෑ අපිව ගෙන්නුවා...එදා...බහුබූතයක් කියෙව්වා....දැන් කියපන්.....මොන රෙද්දටද....උඹ අපිට යක්කු.ගස් වලින් බහින වෙලේ උන්න කිව්වෙ.....?

ඔව්...කියපන්...අප්පච්චි රෑට බෙල්ල දාලා බැලුවොත් ...මට අපේ සීයට කියන්න වෙනවා වලෙ ටිකක් .ඉඩ තියන්න කියලා ....

කියන ලබ්බක් කියපන් මයුරයා....සදුනියා ගිය දුකට....උඹ අද මිනියක් හාරන්න යමුයි කිව්වත් මං එනවා...

උඹට විස්වාසද කල්පන.....??????

මේවා හොද සිහියෙන් කියන කතා...කියපන්....මොන මගුලද....

මං තත්පර ගානක් උන් තුන් දෙනා දිහාව බලාගන ඉදලා ඉදලා අවසානෙදි මගෙ සාක්කුවෙ තිබුන කොලේ අතට ගත්තා.....අතට අරන් කෙලින්ම කල්පනයි රවිදුවයි දිහාව බැලුවා.....

මෙන්න මේක...කරන්න...මේක.....කරනවමයි....ඒ වගේම....උඹලා...තුන් දෙනාම.....අනිවාර්යයෙන්ම ඉන්න.....ඕනමයි....

Charli....charli....are....you....here!!!

 ඒ..ඒ.....මේ.....උදාරයා.....මේ වර යන්න...රවිදුවා...අනෙ...මෙන්න මේ හුත්තට ගැට්ටෙ අමාරුව ගහලා...අනේ...අම්මෙ.....හ්.....

කල්පනයව මුන් මරනවා...

ඒ....මයුරයා....පිස්සෙක් වෙන්ඩ එපා....උඹට කිව්වා....මේ විකාරෙ නවත්තපන් කියලා ...උදාර මූව නවත්තපන් යකෝ....මොන මගුලක්ද මූ මේ ඉටිපන්දම් අව්ලවන් කරන්නෙ.....

මන් උන්නෙ බිම ඉදගන...එයාලව මට ආය ගෙන්නවන්න දෙයක් නෑ....මෙච්චර කල් ඒ දෙන්නා උන්නෙ මෙහෙ කියලා දැනගත්තොත් මුන් තුන් දෙනා මෙතන මැරෙන බව දන්න නිසා මන් යෙස් නෝ කොලේ බලාගන චාලිට කතා කරනකොට රවිදුවයි කල්පනයයි හූ තියන්න ගත්තා .....

මයුර.....ඔය වැඩේ නවත්තපන් ....

උඹට විස්වාස නැද්ද උදාර .....උඹලා කාටවත් මාව විස්වාස නැද්ද....ඉල්ලන්නෙ අපෙන් උදව්වක් විතරයි ....ඇයි උඹලට බැරි ..????

මොන මගුලක්ද බන් උඹට වෙලා තියෙන්නෙ මන් යනවා යන්න.....

මෙච්චර වෙලා කියව කියව කෑ ගහපු කල්පනයා ගෙදර යන්න හදනවත් එක්කම මෙච්චර වෙලාම එහාට මෙහාට වැනි වැනි තිබුන ජනෙල් පියන් දෙක දඩාස් ගාලා මහ සද්දෙන් වැහි වැහි ඇරෙන්න ගන්නවත් එක්කම එකපාරම කාමරේ දොර වැහිලා ගියා.....!

වෙලව.....හරියටම දොලහයි...!!

ටික්....ටික්...ටික්...ටික්....

අත් ඔරලෝසුව කැරකෙනවා...

ලබ් ඩබ්..ලබ්.....ඩබ්....ලබ්...ඩබ්...

අපි හතර දෙනා උන්නෙ හතර දිහාවක වෙනකොට කල්පනයව දොර ගාවම ගල් ගැහිලා ගියා.....

ම්...ම්...මයුර....මේ....ද්....ද්....දොර.....ඇරපන්....මයුර....පිස්සු නටන්නෙ නැතිව....

ඌ කියවනවා.....

ඒත්....අපි තුන් දෙනාම උන්නෙ සුදු මැලි වෙලා වෙනකොට අඹ ගහෙ තිබුන ඔන් චිල්ලාව පැද්දෙන්න ගත්තා .....නිකන් නෙවෙ...සින්දුවකුත් එක්ක....

ලාමක්ස් කටහඩක්....

ලාමක හිනාවක් එක්ක පපුවම කීරි ගැහෙන දම්වැල් සද්දෙ එක්ක ඔන්චිල්ලාව් පැද්දෙන්න ගන්න හැටි උඩ උන්න අපි හැමෝම දැක්කා...

අපි හැමෝටම ඇහුනා..

මයු...ර...මචන් ....මේක...සෙල්ලමක්.....නෙවෙ.....

උදව්...ඉල්ලනකොට .....බෑ කියන්නෙ කොහොමද උදාර...

උඹට මොන පිස්සුවක්ද බන් මේ ගැහුවෙ....අනේ .....උදාරයා...ඇහෙනවා.....ඇහෙනවා..පඩිපෙල....දිගේ කවුරු හරි එනවා .....

ටකස්...

ටකස්....

ටකස්....

ඇත්ත...කල්පනගෙ කතාව සම්පූර්නම හරි.....එහෙන් ඔන්චිල්ලාව සද්ද වෙනකොට මෙහෙන් පඩිපෙල සද්ද වෙනවා....ඉටිපන්දම් දැල්ල පිස්සුවෙන් වගේ නටනකොට අපි තුන් දෙනාම එකට ගුලි උනා වගේම කල්පනයා බිම දිගේ බඩගාන්න ගත්තා...

ටක්ස්...

ටක්ස්.....

ටක්ස්....

එපා...යකෝ....බය කරන්න....අපි...ආවෙ...උදව්වට.....මේ...මූ....අපිව....එක්ක....ආවෙ...අනේ....

කියපන්......මයුරයා....

කල්පනයා මැරෙන්න හදනවා...ඒත් අපි උන්නෙ නිල් වෙලා...සුදු මැලි වෙලා වෙනකොට මෙච්චර වෙලාම ඇහුන අඩි සද්ද නැවතුනා.....

මෙච්චර වෙලාම ඇහුන ඔන්චිල්ලාවෙ සද්දත් නැවතුනා....සින්දු කියන සද්ද මේ හැම දේම නැවතිලා ගියා වගේම මුලු ගේම එකපාරම පාලුවට ගියා....

ලබ්ඩබ් .....

ලබ් ඩබ්....

ලබ්...ඩබ්....

මං උන්නෙ හුස්ම ඉහාලට අල්ලන් .....මං විතරක් නෙවෙ ...අපි හතර දෙනාම....මුලු ගේම එකපාරම තනිකරම කැරකොප්පුවක් වගෙ නිහඩවෙලා යනවත් එක්කම මුලු ගෙදරම ලයිට් නිවි නිවි ඇවිලෙන්නත් එකම දිගට බල්ලො රෑනක්ම ගේ දිහාව බලාගන උඩ බුරන්නත ගත්තා.....

මං උන්නෙ උගුර කට නැති එකෙක් ගානට.....ගැහෙන පපුවල සද්දෙ කාමරේ පුරාවටම දෝන් කාර දෙන තරම් වේගෙන් ගැහෙනකොට එක පාරම වැහිලා තිබුන දොර ඇරුනා....අපි.හතර දෙනාම යටි ගිරියෙන් හූ තිබ්බා....හැබැයි...කරුමෙ කොයි තරම්ද කියනවා නම්...මේ වෙනකොටත් අපි ගොලුවෙලා උන්නා....

ඒකි එනවා....තනි සුදු ගවුම ඇදන්...ලේ පාරවල් පොලව පුරාවටම ඉතිරි කර කර ඒකි එනවා .....

කාමරේ පුරාවටම සිනි ගද .අමු ලේ ගද පල් ලේ ගද පුරව පුරව ඒකි අපි ලගට එනවත් එක්කම මැරෙන්න තරම් බය වෙලා උන්න අපි පස්සෙන් පස්සට බඩගානව එක්කම ජනෙල් පට්ටම උඩිනුත් කටහඩක් ඇහුනා විතරයි...මායි උදාරයයි ඇරෙන්න අනිත් උන්දෙන්නටම කලන්තෙ දැම්මා....නිම්නගෙ අම්මයි...අක්කයි කාමරේ ඇතුලෙ හිටගන උන්නා ...

නිම්නා.....ඔය ඇති!

(සුචිත්‍රා...)

(නිම්නා...)

මයුර....

එයා මට කතා කෙරුවා ....නිම්නගෙ අම්මා...උදාරයා උන්නෙ කලන්තෙ දාන්න ඔන්න මෙන්න වෙනකොට නිම්නගෙ අම්මා මට මයුර කියලා කතා කෙරුවා විතරයි උදාරයට කලන්තෙ දැම්මා මදිවට කල්පනයට ඇගේම සුලු දිය පහවෙලා තිබුනා.....

මයුර.....සමාවෙන්න....

මං නෙවෙ මීක් කිව්වෙ ...බොරු කියන්න ඕන නෑ මම් උන්නෙත් කලන්තෙ දාන්න ඔන්න මෙන්න වෙනකොට නිම්නගෙ අම්මා එයාගෙ අක්කා ගාවට ගිහින් සමාව ඉල්ලන ගමන් හිටගන්නකොට මගෙ බෙල්ලෙ තිබුන මාලෙ එක පාරම එහා මෙහා දගලන්න ගත්තා.....

ඒක..එයා....ගෙ....

ක්...ක්..කාගෙද....

එයා කිව්වා...ඒක එයාගෙ කියලා...කාගෙද...මොකාගෙද...

ඒකට අයිතිකාරයෙක් ඉන්නවා...මයුර.....ඕක....මගෙ පුතා...නිම්නගෙ...ඕකෙ...අයිතිකාරයා ...මගෙ....නිම්නයි....මයුර....

.කලන්තෙ දාන්න ඔන්න මෙන්න උන්න මං බිත්තිය දැතින්ම අල්ල ගත්තා....මේ මාලෙ නිම්නගෙ කිව්වා...ඇයි...ඇයි එයා නිකන් වත් නොකිව්වෙ...එයාගෙ අම්මයි....අක්කයි මා දිහාව බලාගන උන්නා...

එයා ඔයාව රවට්ටන්න හිතුවෙ නෑ...එත්.....එයාට....

කරුනාකරලා....න්..නිම්න...කෝ...කියන්න...මට..වැල්...වටාරම් ...අහන්න....ඔ..ඕන...නෑ.....නිම්..න...කෝ.....

මං නිම්නව ඇහුවා..එයාගෙ අම්මා කියන්න ගියෙ මොනවා හරි හෑල්ලක් වෙනකොට මට ඒක අහනවට වඩා දකින්න ඕන නිම්නව විතරක් වෙනකොට මං නිම්නව බලන්න ඕනා කියලා කෑ ගැහුවා විතරයි ....ඒ එක්කම මගෙ පිටිපස්සෙන් තිබුන ජනෙල් තිරේ එහා මෙහා වෙලා ගියා වගේම බිත්තියෙ තිබුන කන්නාඩියෙන් රූපයක් ඇදුනා...

 න්න්න්..නෑ....නෑ.....නිම්න...අනේ...නිම්න...ඒක ...ඒක....වෙන්න.....ඒක.....වෙන්න....බෑ..නිම්න...උ..උඹත්...

සමා...වෙන්න.....මයුර....මම....මම....හැංගු...වා....මට...බැරි...උනා.....

ම..යුරට....ඇත්ත...කිය....න්..න....

මට එච්චරයි කියන්න හම්බ උනේ....මට එයාගෙනුත් එච්චරයි අහන්න හම්බ උනෙ...කන්නාඩියෙ උන්න නිම්න ගෙ ඇස් වල කදුලු කැට දකිනවත් එක්කම මාව එහෙම්ම ඇදගන වැටුනා...

දුරුතු සද වැටුනි අහසින් කඩාගන...!

🥺යෝ.....හ් ජොබී.....හ්හ්හ්...

ම්හුක්...නරකයා.....වුබර්!

ආය එනකන්...පයිස්සමින් ....ඉන්ඩො....

ආතරෙයි මගෙ...දුරුතු හදවල් ඔක්කොටම!

ජොබී...

Nedeesha

More Chapters