පලවෙනි පීරියඩ් එක පටන් ගත්තා...මට දැන් ඉගන ගන්නම හිත නෑ ඊටත් පරන සිලබස්.....ඒත් පරන උනත් අවුලක් ණෑ...මුල ඉදම්ම යන හන්දා.....පිටිපස්සෙම පේලියෙ උන්න මට එයාගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෙත් නෑ...
එයා නම් ඔහේ ඉන්නවා....සැරින් සැරේම ඔලුව අත ගාගන්නවා.....එයාට අර වැදුන පාර රිදිලද කොහෙද ...රිදෙන්නෙ නැතිවෙයිද...බල්ලා සමාව වත් ඉල්ලුවෙ නෑ....
ඔයාගෙ ඔලුවට වැදුන පාර රිදෙනවද.....
මං එයාට විතරක් ඇහෙන්න කුටු කුටු ගෑවා...එයා මා දිහා බලලා ලාවට හිනා උනා...ඒ හිනාව අස්සෙ වේදනාව පිරිලා තිබුනා.....පව්.....මට අර යකාගෙ ඔලුව පලන්න ඇති නම් මේ දැන් පලනවා....
ඒක හාර්ඩ් කවර් එකක්නෙ....ඒකයි....
මට මොකක්ද වෙලා ගියා....එයා හරි අහිංසක විදිහට ඒක හාර්ඩ් කවර් එකක් කියනකොට මං එහෙම්ම බෙල්ල හරවලා එයාට ගහපු එකා කොහෙද කියලා බැලුවා. ..ඉන්නවා...ඉන්නවා...පිච්චමල් පොන්නයා ඉන්නවා නිකන් නෙවෙ...ඌ බලාගන උන්නෙත් අපි දෙන්නා දිහා...අපි දෙන්නා දිහා කියන්නෙ ඌ, ඌ ගාව උන්න අනිත් එකාට මොනවා හරි කුටු කුටු ගගා කියවන්න ගත්තා.....එව්....විතරක් ....අනූ ගනන් වල නාකි හැත්ත.....
මුලින් මුලින් කුටු කුටු ගාන්න ගත්තෙ උන් දෙන්නා විතරයි...හැබැයි....ටිකින් ටික මුලු පන්තියෙම උන් එකා දෙන්නා...එකා දෙන්නා..... කුටු කුටු ගාන්න ගන්නකොට මට ඉස්සරහ ඩෙස්ක් එකේ උන්න කල්පනයා උගෙ පුටුවෙ පිටිපස්සෙ කකුල් දෙකකට බර දීලා එහෙම්ම පස්සට බර උනා....
මයුරයා....
ම්න්....
අර ඉස්සරහා ඉන්න එකාව පොඩ්ඩක් බලපන්.....ශේප් එකේ බලපන්...ගොන වගෙ එක පාර බලලා චා වෙන්න එපා...
කෝ.....මොකාද...
අර කොලේක මොනවද ලියන්නෙ...ඒකා උඹලා දෙන්නට මොනවා හරි කිව්වා.....ඔන්න බල...ඔන්න බල...අර..අර...උද්දික පුතා.....එව්.....හරි වේසයි වගේ නේ....
අරූ එක අතකින් කට වහන් කුටු කුටු ගගා බනින අතර පුලූවන් තරම් කුනුහර්ප පැලුවා...යාලු කම එන්න එන්නම තද වෙනකොට කුනුහර්ප කීමෙ සම්බාවිතාවයි වල් වනචරකමයි නොසෑහෙන්න ගැඹුරට යනකොට මට ඌ කියන ඒවා ගානක්ම නැති උනත් අරුන් කුටු කුටු ගාන ඒවා නම් නොසෑහෙන්න දැනෙන්න ගත්තා....
ම්....මයුර.....
මං උන්නෙ ඉස්සරහට බර වේගන....අරූ උන්නෙ පස්සට බර වේගන...මට එහා පැත්තෙන් උන්න මගෙ "පොඩි නිම්න" මට හරී හිමීට..දැනෙන නොදැනෙන ගානට තට්ටුවක් දානවා එක්කම මං අරූගෙ කතාව පැත්තක දාලා හරි ඉක්මනට එයා දිහාවට හැරුනා...
කියන්න වස්තු ඇයි....
...????
න්..නෑ..නෑ..සමාවෙන්න....නිම්න....
කියන්න..... මොනව හරි ඔයාට ඕනෙද....
මට වස්තු කියලා කිය උනා...මට වස්තු කියල කිය උනා.....අනේ දෙයියනෙ ලොකු නිම්නට කතා කරන පුරුද්දට මට එයාට එකපාරම වස්තු කිය උනා කොල්ලා බය උනා.....මං කොහොම තේරුම් කරන්නද නිම්න...කවදක හරි ආදරෙයි කැස්සයි හංගන්න පුලුවන් උනත්...මට කවදාවත් උඹ වෙනුවෙන් පැල පදියම් වෙන්න හදන ආදරේ හංගන්න බෑය කියලා.....
කියන්න නිම්න...ඔයා මොනවද කියන්න ගියෙ...මේ මූට වෙලාවකට පොඩි මාන්දන් අමාරුවක් ගහනවා....
එයා හිනා උනා..අනේ කොල්ලට ලැජ්ජා හිතුනා...වෙන මොකටවත් නෙවෙ....වස්තුව කියපු මං උන්නෙ ලව් සික් එකෙන් කියන්න තේරුන කල්පනයා වචනවලින් නිම්නව ඉක්මනට එයාගෙ පැත්තට හරවගත්තා.....
න්..නෑ..මන් කියන්න ගියෙ...තරහා නැතුව ඔයා මෙයා ඉන්න තැනට යනවද...
මෙයා නෙවෙ අනෙ...කල්පන..... බොක්කෙ පිට් එකටත් එක්ක කල්පනයා කියලා කියන්නකො...
හ්..හා.....කල්පන....මේ.. මයුරට පුලුවන්ද...කල්පන ගාවට යන්න....
ඇයි.....?? මොකටද...මොන හේතුවටද....
ඒ..ඒ..මයුරයා..මයුරයා...මොකද ඔය.....හෙමින්...ස්මූත් එකට අහපන්....ඒ ළමයා බය වෙනවනෙ....මන් කිව්වෙ අනේ....මේ දවස්වල මූනම පාත් වෙනවා මූට.....ගෙදර ගියහම බේසමකට ලුනු දාලා ඉන්දවන්න ඕනෙ.....
අරූ බහුබූත කියවනවා..මගෙ රෙදි ගලවනවා...
නෑ.....නිම්න...මට කියන්න...ඔයා...ඇයි..මට ඔයා ගාවින් යන්න කියන්නෙ.....ම්ම්ම්ම්?
එයා බය උනා....මට ඉවසීම නැති උනා...ඉවසීම නැති උනා....වෙන මොකටවත් නෙවෙ...එයා දැනටමත් මාව දාලා ගිහින්...එහෙම ගියපු එයාම....දැන් ආයම මට එයා ගාවින් යන්න මට රිදුනා...හැබැයි මම හරි ඉක්මනට මාව අයාම නිවා ගත්තා..මොකද ...මට නිම්නයක් ගිනි තියන්න ඕනෙ නැති හන්දා.....
ඇයි නිම්න....මට ඔයා ගාවින් යන්න කියන්නෙ.....?
මං දෙවනි පාරටත් එයාගෙන් ඇයි මට එයා ගාවින් යන්න කියන්නෙ අහනකොට එයා හරී බය විදිහට දැනටමත් එයාවයි මාවයි එයාවයි දිහාව මැජික් එකක් කරන් බලන් ඉන්න කොලු රෑනයි කෙලි රෑනයි දිහා බලන් හරි අමාරුවෙන් වගේ ඇඹරෙන්න ගත්තා...
ඔයාට තේරේවි...මයුර....මං....හොද කෙනෙක්...නෙවෙ....කියලා...එයාල ඔයාට කියන්න කලින්...ඔයාම...යන්න.....
.......?
...?
අනික...මෙච්චර කාලෙකට මගෙ ගාව කවුරුත් ඉදගත්තෙ නෑ....ඔයා අහනකොට මං හා කිව්වා...ඒත්.....
අනිත් උන්ට හොද නැති උනාට මට හොදයි....මේක මගෙ අවසාන තේරීම..මාව උස්සන් ගිහින් වෙන තැනකින් ඉන්දුවත්..මං යන්නෙ නෑ....
ම්...මයුර....
ශ්ශ්...මේක ඔයාගෙ බාප්පගෙ තැනක්ද මට වෙන වෙන තැන්වලට යන්න කියන්නෙ...නෑනෙ....මම ඉන්නවා...ඇරත්.....මට ඉගනගන්න පුලුවන් කෙනෙක් නෙවෙ නිම්න.....සිංහල වලට සී එකක්...ඒක කොහොම ආවද කියන්න දන්නෙ නෑ....ඔයාට පුලුවන්ද මට උදව් කරන්න....ම්ම්ම්ම්ම්.....
ස්..සී....එකක්....ඒ..එකක්...නෙවෙද....මන් හිතුවෙ ඒ..කියලා....
ම්ම්ම්හ්ක්...නෑ....නෙ...ඉංග්‍රීසි ලයිට් කනුවක්...මේ කල්පනයටත් එහෙමයි....හැමෝටම ඔයාට වගෙ මොලේ නෑ අනෙ....
මයුර බොරු කියනවා....ඔය ඇත්තමද....?
ඔව් අනේ...මූටත් බෑ...මූට නම් ඉංග්‍රීසි හෝඩිය හරි පුලුවන් මට ඒකවත් බෑ....නැද්ද මයුරයා...
..ඔව්...නිම්නට බැරිද අපි දෙන්නට උදව් කරන්න.....?
ම්..මේ...මම....??ඇත්තටමද ඔය අහන්නෙ???
අහලා තියනවද මිනිස්සු කියනවා පපුව හෝස් ගාලා යනවා කියලා .....
ඒක දැනිලා තියනවද.....?
මට උනෙත් ඒක...මගෙ පපුව හෝස් ගාලා ගියා...එයා හැසිරුනේ හරියටම ප්රාතිහාර්යක් සිද්ද උනා වගෙ...අනේ එයා ඒ කතා කරන විදිහ...පව් දෙයියෙනේ....උඹව ඕනාවටත් වඩා අහිංසක කරලා මවපු මහ බඹාට නඩු දාන්න ඕන වස්තු....
උඹ දන්නෙ නෑ නිම්න..මං පිච්චෙන තරම....උඹ දන්නෙ නෑ නිම්න උඹගෙ හුස්මකින් පවා මට රිදෙන තරම....
උඹගෙ හුස්ම සුවද මාව රිදවනවා මගෙ නිම්න....
එයාගෙ ඇස් දෙක ලොකු උනා....හරියටම එයාට අපිව විස්වාස කරන්න බෑ මයි කියන්න වගේ....නිම්න...ඒ ඇස් වල අහිංසක කම අනේ පිරිලා...එයා පුදුම උනා..අපි දෙන්නට උදව් කරන්න කියන්නෙ අහන්නෙ ඇත්තටමද අහනකොට අපි දෙන්නම ඔලුව වැනුවා....ඒ එක්කම කොල්ලෙක් මට චිට් එකක් එව්වා.....
මොකක්ද...
කව්ද දන්නෙ...
බලපන් ඉස්සරහ ඉන්න පෙට්ටි කිකිලියෙක්ගෙන් පෙම් හසුනක්ද කියලා.....ආව ගමන් අන්ගනාවො වැහි වහින්න වගේ යන්නෙ...ම්ම්ම්ම්.....හරිම....අගෙයි.....
මං නෙවෙ චිට් එක දිගෑරියෙ....එයා අහනවා මොකක්ද කියලා...අරූ කියනව පෙම් හසුනක් කියලා ...ඒත් කොලු නඩේගෙ මූනෙ තිබුන එක එක ජාතියෙ හැගීම් එක්ක....මං දන්නවා ඔය චිට් එක අස්සෙ තියෙන්නෙ නිම්නගෙ ඇස් රතු වෙන වචන වගේම මගෙ යකා ආවේස වෙන වචන කියන්න...මං.කොලේ ගුලි කරන් සාක්කුවට දාගන ඉස්සරහට හැරුනා.....
ළමයි.....මේක ලියාගන්ඩ.....
මෙච්චර වෙලාම නම් ලකුනු කරාපු සර් කාරයා සැලලිහිනි සන්දේශෙ පොත අතේ තියන් මේක ලියාගන්න කියනවත් එක්කම මං හොරාවට චිට් එක දිගෑරියා.....
මචන් දෙයක් කියන්න තියනවා....පීරියඩ් එක ඉවර උනහම එලියට වරෙන්...
ඇති යන්තන්....නිම්න උන්නෙ ඉස්සරහා බලාගන...මං හොරාවට චිට් එක කල්පනයට යවනකොට ඌත් අනිත් අතට මට කොල කෑල්ලක් එව්වා....අමු කුනුහර්පයක්....
ඇයි...තොලක් දාන්නද අහපන්.....මේවට තමයි මට නගින්නෙ මයුරයා.....
මොනවද මයුර....ලියලා තියෙන්නෙ...
ආ..ආ..මොනවද.....
මාව අහුනා....එවපු චිට් එකේම පිටිපස්සෙන් අරූගෙ කුනු කතාව කියව කියව උන්න මාව අහු වෙනවත් එක්කම එයා කොලේ ගනී කියන බයට මං කොලේ ගුලි කරන් කටේ ඔබා ගත්තා...දැන් ඉතින් එයාට ගන්න බෑ.....
කොල්ලගෙ ඇස් ලොකු උනා...!!!
ඒ...මූ කුනු හර්යක් එවලා..ඒවා ඔයාට කියවන්න හොද නෑ...ඊක්කා...හරි නෝටි එකක්.....ඒකයි....
ඔයාලා දෙන්නා කුනු කතාත් කියනවද....?
ඔව්....නහයෙන් පාතට තියනවා.....ඇයි....නිම්න කියන්නෙ නැද්ද.....???
ම්ම්ම්ම්..අම්මො..නෑ...අම්ම ගහනවා..කට පුච්චයි.....මගෙ...
මට හිනා ගියා....අනේ මේ කොලුවා උඹ නම් වස්තුවක්මයි නිම්න..අනේ...උඹ තනිකරම කාන්තාරයක් මැද තියන ක්ශේම භූමියක් වගේ නිම්න...ඇයි නිම්න උඹ ගියෙ අතීතෙට එන්න පුලුවන් නම්...ඇයි වස්තු....නැවතුන හුස්ම ආයම ගන්න බැරි....???
මම එයාගෙ අත් දිහා බලන් උන්නා...ඇගිලි දිහා බලන් උන්නා...දිගැටියි.....සිනිදු පාටයි.....උඹගෙ ඔය අත්වල පාරවල් නොසෑහෙන්න තිබුනා...වේදනාවට එකම හේතුව...මට උන්ව නවත්තගන්න බැරි එක....
වේදනාවට එකම හේතුව....උඹ විදින වේදනාව මගෙ ඇස් වලින් බලන් ඉන්න වෙන එක.....මේක මහ වේදනාවක්...උඹ දැනටමත් අඩි හයක් යට මහ පොලවට පස් වෙච්ච එකෙක් කියන ඇත්ත දරාගන ඉන්න මට වෙනම සම්මානයක් දෙන්න ඕනෙ නිම්න....
මේ ගින්දර උහුලන මට වෙනම සම්මානයක් දෙන්න ඕන බන්.....
එයා ඒ බොරුවෙන් සැනසුනාද කොහෙද ...කුනුහර්ප කියන්නෙ නෑ කියපු එයා අනිත් පාර පිස්සට හැතැප්ම නෑ වගේ කලු ලෑල්ලෙ ලියන සර් කාරයා දිහා බල බල ලියලා තියන එක පොතේ ලියා ගන්න පටන් ගන්නවා....
ඒත්...අනේ ඒත් මගෙ කොල්ලා පෑන ගන්නවා.... අකුරක් ලියනවා...ආයම පෑන පැත්තකට දාලා අත දිහා බැලුවා....
අර යකා ආයම පොල් ලෙලි ගස්සවලද???
කෝ අත.....
එ..අ...අනේ...ම්..මයුර...කවුරු හරි....ද්....
ශ්ශ්....මොනව වෙලාද මේ....
මොකුත් වෙලා....නෙවෙ.....ම්..මොකුත්...වෙලා...නෙවෙ..මේ හැටි...
එයා මගෙන් අත උදුර ගත්තා.....දන්නවද මං මේ අත් ආපිට අල්ලන්න පෙරුම් පුරවගන ආව තරම්....මම කොච්චර නම් හීන මැව්වද.....මම කොයි තරම් සතුටු උනාද...ලියන්න ගත්තු පෑන අතෑරල ආපිට පොත උඩට දාපු මගෙ පොඩි නිම්න එයාගෙ අල්ල දිහා බලන් ඉන්නවා එක්කම මං එයාට වත් හිතන්න ඉඩක් නොතිය ඒ අත් උදුර ගත්තා...එයා බය උනා....
ඒ අත් රත ගහලා....මං දන්නෙ එක දෙයයි...මේ අත් මෙහෙම වෙන්නෙ අර යකා මේ අත් වලට වද දෙන හන්දා....උඹ ලියන ඒවා නවත්තන්න මේ අත් වලට ඌ වද දෙනවද මගෙ වස්තුවෙ කියලා මට ඒ අත් මගෙ පපුවට තෙරපගන්න හිතුනත්....මට බැරි උනා..එයා අත් හංගගත්තා...අනිත් පාර එයා කෙලින්ම මගෙන් මූනම හංග ගත්තා .....
උඹ හැංගුවට තේරුමක් නෑ වස්තු ...උඹ මගෙන් හැංගුනාට තේරුමක් නෑ...මම මෙතනට ආවෙ උඹගෙ වේදනා දැනගනමයි මගෙ නිම්න....
මේ ආදරේ අසීමාන්තික වෙන තරමට...මගෙ වේදනාවත් අසීමාන්තිකයි.....
මට වෙන්නෙ ඇස් අස්සෙ ආදරෙ පුරවන්..හිත අස්සෙ වේදනාව හංගන් වචන කරන්න අමාරු වේදනාවක් එක්ක උඹ එක්ක ආදරෙන් බැදෙන එක නිම්න....අසීමාන්තික ප්‍රේමයක සමුගැනීම අද හෙටක නොවුනත්....දවසක් එනවා...උඹව තුරුල් කරගන්න බලන් ඉන්න මේ අත් වලින්ම මට උඹ වෙනුවෙන් ඉටිපන්දමක් අවුලලා මලවුන් ගොඩක් මැද මම උඹව තනි කරලා ආපිට නැගිටලා එන්න වෙන...
මං ඉල්ලන්නෙ මෙච්චරයි ...ඒ දවස එනකන් අපි එකට හිනා වෙමු.....එකට අඩමු.... එකට හීන මවමු.....මගෙ උරහිස උඩ උඹගෙ හැම වේදනාවක්ම තියනකන් මං බලන් ඉද්දි උඹ හරි සැනසීමෙන් මට තුරුලු වෙයන්...අවසානෙදි ....
අවසානෙදි ...දවසක.....අපි දෙන්නම හිනා වෙලා මේ වේදනාවෙන් සදහටම නික්මිලා යමු....
උඹව මට නොලැබීමත්.....ලැබිලා අත ඇරිලා යාමත්...මං හරි ඉවසීමෙන් දරාගන්නම්...නියම පිරිමියෙක් විදිහට මං ඒ හැම වේදනාව ඉවසන්නම්...උඹ නෑ කියන යතාර්තෙම දරාගන ඉන්න මට, මගෙ පලවෙනිම ආදරේ මලකදක් කියන.... ඒ හැම වේදනාවක්ම දරාගත්තු මට ඒ පලවෙනි ආදරේ අහිමිවෙනවයි කියන ඒ වේදනාවත් දරාගන්න එක....පුදුමයක් නෙවෙයි මගෙ නිම්න.....
මං මේ මුලු විශ්වයෙන්ම ඉල්ලන්නෙ එක දෙයයි.....අහේතුවකවම මයුර කියන මනුස්සයව වෙනස් කරපු මේ අසීමාන්තික ඒකපාර්ශවීක ආදරෙ කවදා හරි අවසන් වෙන්න ඕනෙ ශෝකාලාපෙකින් නෙවෙ....ආදරනීයම සමු දීමකින්.....ඉතින් මං ඉල්ලන්නෙ මෙච්චරයි ...අසීමාන්තික ආදරයක් දුන්න උඹව මට මාව මරාගන හරි නිදහස් කරන්න හයිය දෙන්න කියන එක විතරමයි මගෙ නිම්න.....

අපගෙ ප්‍රේමයට පසු වදන ලිව්වෙ....
කව්දෝ මං හොයනවා.....
එයා තවමත් ඒ විදිහමයි...මගෙන් අත් විතරක් නෙවෙ...මුනත් හංග ගත්තු එයා දැල් ගහපු ජනේලෙන් එලිය බලාගන ඉන්නකොට එයා හංගන තිත්ත වේදනාව දැනටමත් දන්න මං එයාගෙන් නාහම එයාගෙ පොත අරගන මේ කාලෙ එන්න හිතලවත් නැති සින්දුවක්...මගෙම වචන නොවුනත්...මගෙ හැගීම් එක්ක අකුරු කරලා එයාට නොදැනෙන්න පොත වැහුවා...
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්....?
මයුරයා....
ශ්ශ්....
ආපහු කල්පනයා මගෙ දිහාවට හැරිලා ඇස්වලින් මට නිම්නව පෙන්නවා එක්කම මන් ඌට ශ්ශ් කියලා නිම්නටත් එක්කම ලියන්න ගන්නකොට පිස්සට හැතැප්ම නෑ වගේ ලියාපු සින්හල ගුරා අර ලියපුවා මකාගන මකාගන යන්න ගන්නවා එක්කම කල්පනයා කෑගැහුවා.....
ඒ..ඒ...සර්...හ්හෝව්.... තාම....මග....කල්පනයා
මග තාම.....ආච්චි වැහිලා වගේ ලියන් ලියන් ගිහින් ඈනුම ඇරලා කට වහන තත්පරේට ලියපුවත් මකන් යනවා...නිදහස් අද්යාපනේ මේ තරන් වේගෙන් දුවනවා කියන්න දන්නෙ අදනෙ...සර්...
මං ඉක්මනට උඩ ඉන්න දෙවි දේවතාවුන්ට වගේම ලගදි මැරුන සීයට වන්දනාමාන කරන්න ගත්තා.....මොකද මූට අද තිස්තුන්දාහෙන් වදිනවා....සීයෙ...උඹලගෙ සූකිරියට අද හරි.....!
කල්පනයගෙ හැකර කට ඇරියා විතරයි මුලු පන්තියම හූ තිබ්බා උනත් ගුරාගෙ වේවැල එක තත්පරෙන් ඒ කටවල් ඔක්කොම වහල දැම්මා.....මෙච්චර වෙලාම මගෙන් හැංගුන මගෙ පොඩි නිම්නත් ඉස්සරහට හැරුනා . එයා බෝර්ඩ් එක බැලුවා...හුස්මක් පිට උනා...
අදත් මකලා නේද ...ඔයාටවත් ලියාගන්න පුලුවන් උනාද.....??
හිතන්න ඕන කාරනාවක් එක්ක එයා මගෙන් ප්‍රශනයක් ඇහුවා....
ලොකු හුස්මක්....
අදත් මකලා නේද....
ඒ කියන්නෙ....මේක උන පලවෙනි පාර අද නෙවෙ කියන එක....
නිම්න.....
ඔයාටත් ලියාගන්න බැරි උනාද....?අපරාදෙ ...ඔයාට තිබුනෙ ඉස්සරහට යන්න...එයා හැමදාම මට ඉස්සරහින් ඉන්න අය ලියා ගත්ත ගමන් මකනවා...
...නි..ම්න.....
.....ඔයා...ඉස්සරහට යන්න...
මම මොනවද කියන්න ඕනේ....කාටද බනින්න ඕනෙ...මට එක තත්පරේකට හිතා ගන්න බැරි උනා..එහෙන් කල්පනයා කෑ ගැහුවා.....කෑ ගහපු ඌ දිහා සර් බලන් ඉන්නවා..මෙහෙන් පෑන අල්ලගන්න බැරිව අසරන උන පොඩි නිම්න මට ඉස්සරහට යන්න කියනවා.....
ලියාගන්න...ඇයි අනිත් උන්ට ලියාගන්න පුලුවන් උනා නම්....උඹට ලියාගන්න බැරි උනෙ....?පස්සට රිංගපුවාම පේනවද....?
මම බලාගන උන්නා...එතකොට මේ මිනිහා හිතන් ඉන්නෙ ඔක්කොගෙම වේගෙ එකයි කියලා ...පස්සෙ එකා ලියන්න කලින් සර්කාරයා කලු ලෑල්ල මකනවා.....ඒකයි දැන් මේ වෙන්නෙ.....මං නිම්න දිහා බැලුවා..එයා හරි අහිංසක විදිහට ඉස්සරහ උන්න කොල්ලගෙන් පොත ටිකක් දෙනවද අහනකොට ඌ ගත්තු කටටම බැ කිව්වා...නිම්න හිනා වෙලා තව කෙනෙක්ගෙන් ඇහුවා....ඌත් බෑ කිව්වා...නිම්න එතනත් හිනා උනා....අහන අහන ඔක්කොම බෑ කිව්වා.....
තිරිසන් හැත්ත!
උඹ කරන්නෙ මාව අමු අමුවෙම මරන එක....
මම අනිත් පැත්තෙන් හිතනවා....ආදරේ මගෙ ඇගිලිතුඩු වලින් අතෑරෙන හැටි බලන් ඉන්න හිත හයිය කරගත්තා උනත්....වෙන අසාධාරනෙන් මගෙ එකා තැලෙන හැටි බලන්න හයියක් නැති මං නැගිට්ටා....එයාගෙ අම්මගෙ වචන එකක් නෑර ඇත්ත...
සර්...හැම එකාම ලියන්නෙ එකම වේගෙට නෙවෙනෙ සර්...ඇරත්...පස්සෙ ඉන්න අපි ඔලු කීයක් පාස් කරන් අපි ඇස් දෙක ලොකු කරලා බලන්න ඕනෙද....සර්ට පුලුවන් නම්.....ඊලග පාර පස්සෙ ඉන්න ළමයත් ලියලා ඉවර උනහම ඕක මකනවද.....
මන් හිතන්නෙ එක තත්පරේකට පන්තියම මීක් නැතිව ගියා...උන් ඔක්කොම මා දිහා බලන් උන්නා...වෙන ඉස්කෝලෙකින් ඇවිත් ආව මුල්ම දවසෙ ගේම කෝල් කරනවා කියලා උන් ඔක්කොම මා දිහා බලන් ඉන්නවා...
දැන් එතකොට මම උගන්නන ඕනෙ තමුසෙ කියන විදිහටද.....???විනාඩි හතලිහයි එක පීරියඩ් එකක්.....ඒ හතලිහ ඇතුලෙ ඉදන් මං තමුසෙලාට එ දවසට අදාල ටික කවර් කරන්න ඕනෙ...ලියන වෙලාවට ලියාගන්නෙ නැතුව ඉදල මැකුවම තමුසෙ කියවන්න එනවද...
සර්...විනාඩි හතලිහට සර් බලන්නෙ සර්ව කවර් කරගන්න මිසක්.....උගන්න අපේ ඔලුවට මේවා යනවද කියලා බලන්න නෙවෙනෙ.....අනික මං වැරද්දක් කිව්වෙ නෑ.....මං කිව්වෙ ඇත්ත....
ඇත්ත....සර්..අපෙ මයුරයා කියන්නෙ අමූලික ඇත්ත මූ කිව්වොත් ආය....එක හරි..... .....සර්ගෙ සයිස් එකටම ලෑල්ලෙන් බාගයක් වැහෙනවා...හොද වෙලාවට සර් සින්හල උගන්නන්නෙ .....ඉන්ග්‍රීසි එහෙම ඉගැන්නුවා නම්..සදා සොත්ති සර්....ඇයි ඉතින්...සර් ලෑල්ලෙ sussex කියලා ලිව්වොත් මට පෙන්නෙ sex කියන් කෑල්ල විතරයි .....ඇයි බාගයක් සර්ට වැහිලා.....
මං හිතන්නෙ කල්පනයා ඉල්ලන් කෑවද මන්දා.....
උඹ ඉල්ලන් ටින්කිරි පුකේ ගාගත්තා කල්පනයා....ගානට කියන් ආව එකට තෝ ඔය මොනවද කිව්වේ....ගැලපීමක් නෑ වගේ නැද්ද.....
මට මල පැන්නා.....ඇත්තනෙ.....බයිසන් හරකෙක් වගෙ ඇග....ලෑල්ලෙන් එකයි .....
යෝ...හ්...කල්පනයා....
අරකා තෝයි මායි දිහා බලන් ඉන්නවා.....
ආවොත් වෙලාව කරකවපන්....ආපස්සට තත්පරයක් අරන් මගෙ හැකර කට වහල දාපන්...කතාව ඉවරයි....
සර්කාරයගෙ ඇස් දෙක තනිකරම ගෙඹි ඇස් දෙකක්.උනා...ආව පලවෙනි දවසෙම කටෙ හයිය පෙන්නපු කල්පනයයි මායි දිහා බලන් උන්න සර් කාරයා තත්පර ගානක් බලන් ඉදලා..ඉදල.....අපි දෙන්නව පන්තියෙන් එලියට දැම්මා...අපි දෙන්නව විතරක් නම් කමක් නෑ මොකුත් නොකරපු නිම්නව පවා....
සර්.....
යමන් එලියට.....මම ගහන්නෙ නෑ...බනින්නෙ නෑ....යමන් දෙන්නම එලියට.....ඔය එහාට මෙහාට නැති එකා....උඹත් උගන්නනකොට අහක බලන් උන්නෙ...නැගිටපන්...යමං එලියට...
එයා අහක බලන් උන්නෙ නෑ....කට ගැහුවෙ අපි දෙන්නා....ඇයි නිම්නව එලවන්නෙ....
ආ...ආ...ආ....නිම්නට බනිනකොට ...මයුරට ඇයි රිදෙන්නෙ....මට පේන්නෙ.....වැඩි කල් නොයා කලු ගල් අතුල්ලයි වගෙ....මං කිව්වෙ..මං කිව්වෙ....ඇලීගන ඉන්නකොට ජාඩියට මූඩියක් තමයි ආවෙ කියලා .....
මොකාද ඔය....කට වහපියව්.....උඹලා තුන්දෙනා යමන් එලියට ...
දෙන්නයි සර්....මායි...මූයි.....නිම්න උන්න දෙන්...වැරද්ද කරන්නෙ මොකාද....ඌ විතරක් දඩුවම වින්දම ඇති....නයට කහින උන් ඕන් නෑ...ඒහෙම හොදයිනෙ...වරෙන් කල්පන යන්න....
මං පුටුවත් තල්ලු කරන් එලියට ආවා...ආවා කියන්නෙ...මට ගෙදර යන්න ඕනා උනා...කොච්චර කිව්වා උනත් උන් නිම්නවත් එලියට දානකොට එලියට ආව මට ගෙදර යන්න ඕන උනා.....ඒත් ...පැය අට යනකන් යෑමකුත් නෑ කියලා දන්න මන් හරි අමාරුවෙන් ඉවසන් උන්නා.....
කල්පනයා.....
මේක හරියන්නෙ නෑ මයුරයා....මට නගින්න එන්නෙ ...අර චිට් එකෙ තිබ්බෙ මොනාද ....මොන මගුලද ලියලා එවලා තිබ්බෙ.....
අර පඩත්තර කතාව කියපු එකා මොකාද කියපන්...
මම නෙවෙ නිම්න දිහා බැලුවෙ.....මම නෙවෙ ඔලුවක් ඉස්සුවෙ...ඒත් එයා ඉන්නෙ මගෙ ළඟ....කල්පනට වගේම නිම්නට මැදි වෙලා හිටන් උන්න මං කල්පනයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් නොදී උගෙන් ආපිට ප්‍රශ්නයක් ඇහුවා....
එයාගෙ නම....ප්‍රසන්න.....ඒක එයාගෙ හැටි. ..මයුර ඔව්වා හිතන්නෙ නැතුව ඉන්න...
මං දත්මිටි කෑවා.....මං ප්‍රශ්නෙ ඇහුවෙ කල්පනගෙන් උත්තර ලැබුනෙ පොඩි නිම්නගෙන් වෙනකොට මම දත්මිටි කාගන ඔලුව ඉස්සුවෙ අනේ යකො ඕනාවට වඩා දෝදුවෙක් වෙන්න එපා කියලා කෑ ගහලා බනින්න උනත්....ඒ මූන දැක්කම මට මගෙ දිව එලියට ඇදගන්න හිතුනා...එයා හරි උපේක්ශාවෙන් හැම වේදනාවක්ම දරාගන කලු ලෑල්ලෙ ලියන දේවල් දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලාගන ඉන්නවා.....
.
මට කියන්න හිතුනා...මට උඹ වෙනුවෙන් මුන් ඔක්කොම උනත් මරලා දාන්න හිතෙනවා කියලා ....ඒත් අවසානෙදි උඹ කියන කෙනත් නෑනේද මතක් වෙනකොට අර හයිය ඔක්කොම හේදිලා යනව.....

උගෙ නම ප්රසන්නලු...ප්රසන්නගෙ මූනත් අද අද අප්‍රසන්න වෙන්නයි යන්නෙ.....මං නම් කියන්නෙ ගහනවා නම්....ඇට තැලෙන්න ගහන්න ඕනා මයුරයා...
අරූ කියවනවා ....එලියට දැම්මා උනත් පොඩි නිම්න උගන්නන එක අහන් ඉන්නවා මං දත් කූරු හප හප කලු ගල් අතුල්ලන්න ගනී කියපු එකාව කොයි විදිහටද Bbq කරන්නෙ කිය කිය බලාගන ඉන්නවා...
කල්පන....රෙජිස්ටර් එක උස්සපන්....ගුරු නාමලේකනෙත් උස්සපන්..මට එකින් එකාගෙ ඇඩ්රස් එක ඕනෙ...මතක තියාගනින්...ගේට්ටුව ගාවදි හම්බුන මුල්ම එකා තමයි....අද මුලින්ම කන්නෙ....මන් ඕකට වෛරස් මොනවගේද කියලා පෙන්න පෙන්න ගහන්නෙ....
මං කිව්වනෙ බන්.....මේ මගුල...ඒකි කෙල්ලෙක්නෙ....ඔයාම කියන්න සධී....නිම්ට එහෙම බනිනකොට තරහා යන්නෙ නැද්ද...යනවනෙ...මට නම්..නගිනවා...ආ.....
ඕන මගුලක් මට ඔය සධී කියන එකයි...එයාට නිම් කියලා කතා කරන එකයි නවත්තනවකො....ඇගත් එක්ක මොකක්ද වෙනවා...
හරි....නමෙන් වැඩක් නෑ....මං කියන්නෙ වෙච්ච දේ.....යකො....මේක මේ.....මේ බලකො අඩෙ...හරි වේසයි ඒකිගෙ කටනම්.....
හරි...හරි...රවිදු....පොඩ්ඩක් ඉදපන්කො....ඒකිලා කෙල්ලොනෙ...අපිට ගහන්න බෑනෙ.....අනික මේ කෙල්ලො දෙන්නා මැද ඉදන් කුනුහර්ප කියන්ඩ එපා බන්....චක්කිය නෙ ..
ඇයි....ඇයි බැරි ..අපිට ගහන්න බැරි ඇයි .. උඹට ගහන්න බැරි අපි ඇදන් ඉන්නෙ කලිසමයි ශර්ට් එකයි හින්දා නම්...හිටපන් මං හෙට නංගිගෙ ගවුම ඇදන් ඇවිත් ඕකිගෙ කට කඩනවා....
හරි....හරි ....පොඩ්ඩක් ඉවසපන්කෝ.....ආවා විතරනෙ....
ඒ.....මයුරයා.....අර බලපන්කො...අර අරුන් හතර දෙනානෙ ...?
මං හිතන්නෙ අපි තනිවෙලා නෑ...කොරිඩෝවෙ හිටන් උන්න මං එහෙම්ම බෙල්ල හරවල බැලුවා...කොමස් එක ඉස්සරහා උදාරයයි රවිදුවයි කොලු බාගෙයි...නිම්නගෙ අක්කයි...උන්වත් එලියට දාලා.....රවිදුවා කොටට කොටෙ ඉදන් අත පය වන වන බනිනවා....නිම්නගෙ අක්කා බය වෙලා වගෙ රවිදුවා දිහා බලන් ඉන්නවා...හරියටම පොඩි නිම්න මගෙ කටට බය උනා වගෙ . ...
අනේ.....දෙයියනේ ...ඒ කෙල්ලගෙ ලස්සන.....
මං නිම්නගෙ අක්කව දැක්ක පලවෙනි තත්පරේ....
මට හීල්ලිලා ගියා....සධීරා ඉන්නවා...කොලු බාගෙ ඇස් පිල්ලමක් වත් නොගහා නිම්නා දිහා බලන් ඉන්නවා .....අපි දෙන්නටම උරුම එකම වේදනාව විතරක් වෙනකොට කොරිඩෝවෙ හිටපු අපි අපි....අපේ දිහාව බලන් උන්නා....
නිම්න එක පැත්තකින්....
නිම්නා අනිත් පැත්තෙන් .....
කටේ ඔබාගත්තු චිට් එක..
ගේට්ටුවෙන් ඇතුලට එනකොටම ඇහුන කතා...
පන්තියෙන් එලි දානකොට කියපු කතා.....
මේ ඔක්කොම එකින් එක එකින් එක මට වද දෙනකොට නිම්නා දිහා බලන් උන්න මං නිම්න දිහාවට හැරුනා.....
එයා තවමත් එකම විදිහමයි...රතු වෙච්ච අල්ල හංගන් හංගගනමයි...
නිම්න...
...ක්..කියන්න....
හැමදාම ....මෙහෙමද.....මං අහන්නෙ...ඔයාවත් මෙහෙම එලියට දානවද
එයා හිනා උනා.....එයා ඒකටත් හිනා උනා...හරි අහිංසක විදිහට හිනා වෙවි නිම්න මාව නොමරා මරනවා...
මේක මට පුරුදුයි....මයුර යන්න ඉස්සරහට ....පස්සෙන් උන්නොත් මයුරටමයි කරදර
ඇයි මං විතරක් .....නිම්නත් ඉස්සරහට යමුකො.....
......මයුර යන්න ...කමක් නෑ...මට පස්ස හොදයි...
එහෙනම් ඉතින් ..මටත් පස්ස හොදයි....මාත් දැන් ආසම පස්සට...
බෙල් එක වැදුනා ....කොමර්ස් එකෙන් එලියට දාපු උන් ඇතුලට යනකොට ආර්ට් එකෙන් එලියට විසි උන අපිත් හෙමීට ඇතුලට රින්ගුවා වගේම අහක බලපු එක තත්පරේට මගෙ ඉස්සරහින් ගියපු පොඩි නිම්න එක පාරම පන්තිය මැද වැටුනා ...ඒකත් මුනින් අතටම.....
අනෙ මගෙ කොල්ලව මුනින් අතටම වැටුනා.....
ඕ.....බේබී....මොකද ඇස් කටේ ගහන්ද යන්නෙ යන තැන පොලව ඉඹිනවා...
මොකද ...කකුල් පන නැද්ද.....
පන නැතුව ඇති බන්.....ඇයි ඉතින්.....කොච්චර වැඩ ඇත්ද.....පන තියෙයිද...
නිම්න...නිම්...න...නිම්න.....
ම්..මං හොදින්....මං...හොදින්....ක්...කකුල පැටලුනා....මයුර...
නිම්න...
එ...පා..මයුර...මට පුලුවන් ....මට....පුලුවන් ....
එයා නෙවෙ මට අල්ලන්නවත් දුන්නෙ.....එයා නෙවෙ මට එයාව නැගිට්ටවන්නවත් දුන්නෙ මුලු පන්තියක්ම එකට එකතු වෙලා හූ තියලා හිනා වෙනකොට ආත්ම ගාතකයො එයාට කියන කතා අහ අහ මං කොල්ලව උස්සගන්න හැදුවා ....එයා මගෙ අත් වලින් ගැලවෙන්න හදනවා.....
වට පිටාවෙ උන් හූ තියලා හිනා වෙන හැටි ඒ මූන දිහා බලන් අහන් ඉන්න බැරි කතා කියන හැටි බොද වෙලා අපහැදිලි ව ඇහෙනකොට මං කෙරුවෙ මගෙන් පැනලා යන්න හදන නිම්නව මිරිකලම අල්ලගත්තු එක වෙනකොට කකුල දාපු එකාගෙ කකුල දිහා මං බලාගන උන්නා....
මයුර බිදුනු බිලින්දා කියවලා තියනවද .....
මමත් ඒවගෙ බිදුන මනුස්සයෙක් ....ආපහු කෑලි එක්කහු කරලවත් හදා ගන්න බැරි තරමට බිදිලා ගිය....
මට එයාගෙම වචන ආපහු මතක් උනා....
උන් හැමෝම එකතු වෙලා මගෙ නිම්නව බිදපු හැටි දශමෙන් දශමෙ මේ ඇස්වලින් දැක දැක....මේ කන් වලින් අහන්න පටන් ගන්නකොට මං බිම වට්ටවපු එයාව නැගිට්ටවගන එයා ඉන්න පුටුවට ඇදගන වගේ ගිහින් පුටුවෙන් ඉන්දෙව්වා....
කොහෙද ...මට පෙන්නන්න ...කොහෙද තුවාල....මට පෙන්නන්න...කොතනද ඇනුනෙ....ඔයාගෙ මූන...නහය.....
මගෙ ඇස් වලින් කදුලු එනවා...නිම්න බය වෙලා හැංගෙන්න හදනවා....බිම වැටුන එයාම ලාවට හිනා වෙනවා.... ඒ ඔක්කොම අස්සෙ පිස්සෙක් වගෙ මං එයාට රිදෙන තැන් හොයනවා....
උහුලන්න අමාරුම වේදානවකින් සදාකාලිකවම නික්මිලා ගියපු මගෙ පලවෙනිම ආදරේ ගාව දන ඔබාගන මං ඒ කකුල් අතපය දිහාව බලනව....
තුවාල වෙලා නෑ...
ඇති යන්තන් මගෙ පොඩි නිම්නට තුවාල වෙලා නෑ...
පන්තියෙම උන් බලන් ඉන්නකොට බය වෙලා ගල් ගැහිලා අසරන විදිහට මගෙ දිහා බලන් උන්න නිම්නගෙ අත මං අල්ල ගත්තා ...
මං ඉන්නවා...ඒ ඇති....මං ඉන්නවා...රිදෙන්නෙ නෑ කියන්න....උඹට ....රිදෙනකොට පැලෙන්න එන්නෙ මගෙ පපුව...
ම්..මයු...ර
මචන් ....වරෙන් වරෙල්ලකො පොඩ්ඩක් එලියට ....
මං උන්නෙ මගෙ පොඩි නිම්න දිහා බලාගන ...මේ වෙනකොට මගෙ ඇස්වල කදුලු වේලිලා තිබුනා.....සින්හල පොතට මූන ඔබාගන ඉන්න එයා දිහා මං බලන් උන්නෙ දැහැන් ගතවෙලා වෙනකොට කොහෙන් හරි ආව පව් කාරයෙක් මගෙ දැහැන බිදිනවත් එක්කම නිම්නවත් ගැස්සිලා ගියා...
මේ ඉන්නෙ මට චිට් එක එවපු එකා.....මගෙ නිම්නව වට්ටවපු එකා...ඌ ඇවිදින් මටයි කල්පනයටයි දෙන්නටම එලියට අඩගහනකොට මං නිම්න දිහා බලන එකට කමාවක් තියලා එලියට ආවා....
කියපන්...ඇයි....
මමයි කල්පනයයි උන්නෙ එලියෙ ...චීත්ත මූනක් තිබුන ඌට තිබුනෙම ගුටිකන නිගන්ට ලයින් එකක්....
මචන් උඹලා අලුත් උන් හින්දා කියන්නෙ.....ඔය පිටිපස්සෙ එකාට ලෙඩක් තියනවා.....
නෑ.....බොරුනෙ.....අයියෝ.....පව්.....ලෙඩෙක් කියලා කියන්නත් බෑ...අනෙ බලපන් උදාරයා....අච්චර ලස්සන කොල්ලට ලෙඩක්ලු...
කල්පන මැදට පැන්නා...මොකද නිම්නට බනින වචනයක් පාසාම මගෙ පපුවෙ තියන භූ තැටි එහා මෙහා ගිහින් භූමි කම්පා පටන් අරන් ඔව්වා නාය යෑම් වලට වඩා හපන් භයානක අනතුරු වලට පෙරලෙනවා කියන්න ඌ දන්න හන්දා ඌ මැදට පැන්නා .....
විහිලු නෙවෙ බන්.....ඌ සම....
සම කිව්වෙ.....?සමන කිරීමද....???
උඹලා ඕකවත් දන්නෙ නැද්ද...ඌ සමලිංගිකයෙක්....පිම්පියෙක්.....නගින් නැති එකෙක්....ඌට ලෙඩක්....ඒක ලෙඩක් උඹලටත් බෝවෙයි....ඌ ඉදගන්න පුටුවක වත් අපි ඉදගන්නෙ නෑ...බෝ වෙනවා....උගෙ අක්කත් එහෙමයි.....අර කොමර්ස් එකෙ ඉන්නෙ....ආප්පි කියලා කියන්නෙ.....
ඒ මුන බලන් නම් පිම්පියෙක් කියන්බ බෑ බන්...නැද්ද මයුරයා....හැබැයි මචන් උඹනම් හෙනම පොන්න පැටියෙක් වගේ..... ....ඒ ලයින් එකමයි.....පැත්තට අමුම අමු පොන්න පාටයි.....පිච්චමල් පොන්නයෙක් වගේ.....අනික...ඉදගන්න පුටුවෙ ඉදගන්නෙ නෑ කියන්නෙ...ඇයි උඹට පුක තිබ්බොත් තියවෙන්නෙ නැද්ද??
මිනිස්සුන්ට ආප්ප කියන්න එපා බන්....තොපිට තේරෙයි....ආප්පයක් දැන් හැටයි...!
උඹට විහිලුද.....??????නැත්තන් උඹ ඉල්ලන්නෙ ගේමද....නැත්තන්...තොපි දෙන්නත් ඒ වගේ සමනල් ටයිප් දෙකක්ද...????
ඒ..එ....ඒ....මේ....
කල්පන.....ඇති...
මං.....කල්පනව නැවැත්තුවා...මොකද ...කල්පනයගෙ කටේ බ්රේක් ලයින් ඔක්කොම කඩලා ගිහිල්ලා.....මගෙ නිම්නට අරකා පිම්පියා කියනකොට මගෙ ඇතුලෙ උන්න යක්ශ ආත්මෙ අලු ගසගස නැගිටිනකොට මං හරී...ඉවසීමෙන් අහන් උන්නා..මොකද ....හවස් වෙන්න තව වෙලා තියන හන්ද...
මචන්...මෙහෙමයි...මූයි...මායි.....ආස්රෙ කරන්නෙ.....කව්ද කින්ද මන්ද...ඒක..මූයි මායි බලාගන්නම්....දෙක.....කලිසන් අදින වෙලේ කලිසම ඇදපන්...උඩට කලිසම ඇදලා....යටට ජොකා වෙනුවට..සීයට තුනක් දෙන මල්පෑන්ටි අදින එක කොලු කමටත් එක්ක ලැජ්ජාවක්....
උඹලා වගේ උන් තමා බුකියට අර ගෑනුන්ගෙ ආර්තවෙ ගැන හෑලි දාන්නෙ...
පොඩ්ඩක් ඉදින්කො....ඇයි මේ...හදිස්සි....ඇරත්...කව්ද බන් ඔය ඔලුවට බහුබූත දැම්මෙ.....ම්ම්ම්ම්ම්....
ඒ ළමයා අහිංසකයි....පව්...උඹලා මඩවනවා.....ඇයි ඒ...ලැජ්ජයිනෙ බන්.....පන්තියක් එකතුවෙලා..තනි එකෙක්ට ගේම දෙනවා කියන්නෙ....ඇරත් ඌ ආර්ට් එකේ උන්නට....ඒ නවය දාපු එකෙක්....උඹ....උඹ ගනන් ෆේල් නේ...ගනන් අරන් දෙන්නම් කියලා නේ ඒලෙවල් ආවෙ....නැත්තන් ඒකත් නෑනෙ.....??
අනේද කියන්නෙ මයුරයා....උඹලට මේ දෙසැම්බර් ආය ඕලෙවල්නේ.....අනුන්ගෙ සීනිකිරන වෙලේ ගිහින් ප්රයිතගරස් ප්‍රමේය කටපාඩම් කරපන්...නැත්තන්....ත්‍රිකෝනමිතිය....පාද කෝන...පාද....පකෝපා...!
අපි හිතුව හරි...මරු .....උඹලා දෙන්නට ඌට බනිනකොට ඔච්චර ඩෝන් යන්නෙ.....උඹලත් ඒකගෙම ජාතියෙ කියලා අපිට හිතුන එකේ වැරද්දක් නෑ....උඹලත් නගින් නැති සංගමේ කියන්න අපිට හිතුන එක හරි එහෙනම්...මරේ..මරු....ආර්ට් එකට දැන් සමනල්ලු තුනයි...අඩුවට තිබ්බෙ මෙච්චරයි ..
මයුරයා...සොරි....මට නැගන් එන්නෙ....උඹ වගේ ඉවසන්න අමාරුයි....නිම්නගෙ අම්ම නැති වෙලේ...හිතට එන ඕන වචනයක් මට කටින් පිට කරන්න අවසර දියන්...
මගෙ ඇස් කොන් රතු වේගන....රතු වේගන එන්න පටන් ගත්තා....පිට පිටම...පිට පිටම ඒකා මගෙ පොඩි නිම්නට ඉවරයක් නැතුවම අපහාස කරනකොට මගෙ අතපය නලියන්න ගත්තා.....අතින් පයින් බැරි උනත්..කටින් බඩකරන්න පුලුවන් කටක් තියන කල්පනයටත් රතු කටුව පැනන් එනකොට අරූ අපි දෙන්නටත් ලේබලේ ඇලෙව්වා විතරයි කල්පනයා මගෙ අත මිරිකුවා.....
මචන් ...උඹ .... පෛතගර්ස් ප්‍රමේය දන්නවනෙ....ටූ ෆයිව් ආර්...දෙකෙන් එකයි..යට එල් ඒ...කියලා .....තව ටික දවසකින්...ප්රමේයට තිබුනත් උඹට යටට එල්ලගන්න දෙකක් නැති වෙයි.....උඹ ඇහුවනෙ නගිනවද කියල නේ.....නගිනවද...නැද්ද බලන්න දීලා බලපන්.....ඇරලා පෙන්නන්නම්.....කට තිබ්බ පලියට සිපි කතා කියන්ඩ එපා මචන්....ඌත් කොල්ලෙක්....උඹලා අපි ඔක්කොම කොල්ලො...හැබැයි....උඹලා පන්තියම එකතුවෙලා ඌට කරන වැඩ....අන්තීම සවුත්තුයි.....ඈ.....කැතයිනෙ බන්...හරිම උද්දික පුතෙක්නෙ බන් උඹ.....මයුරයා...කියපන්කො....
මචන්....මෙහෙමයි...අපිට උඹලා එක්ක ගේම නෑ.....නිකන් චිට් එවලා...එලියට එන්න කියලා ...අර පාඩුවෙ ඉන්න කොල්ලගෙ චරිතෙ ගැන සහතික දෙන්න උඹ ග්‍රාමසේවක නෙවෙනෙ බන්.....අපි ආවා...ඉගන ගත්තා ගියා....ඌ අපෙ යාලුවෙක් වෙනවද නැද්ද...ඒක...අපේ අතෙ.....අදාල කරගන්න එපා....හැබැයි.....ලේබල් එක අලවන්න කලින්.....දෙපාරක් හිතපන්..මොකද ...රිදෙන එක...රිදෙන්න ගන්නෙ අදට නෙවෙ...තව අවුරුදු ගානක් ඉස්සරහට....හොදද.....උඹලට..ආතල් ගන්න ඕනා නම්...ඒකට වෙන උන් හොයා ගනින්...ඒකට...මම වත්...මූව වත්...නිම්නව වත් අල්ලගන්න එපා....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....ඔව්වට කියන්නෙ සිගිති ආතල් කියලා ....
මං එච්චරයි කිව්වෙ....මට තියෙන්නෙත් මහම සවුත්තුම කටක් වෙනකොට ආව පලවෙනි දවසෙම ඌට අයියා ලයින් එක දීපු මම කල්පනයා එක්ක ආපිට පන්තියට එනකොට නිම්න පොතක් කියවනවා.....
මොකක්ද ඔයා කියවන පොත...
මේක.....
ගොලු හදවත.....දම්මි සුගත් ඉන්නෙ...
එයා මට පොත පෙන්නුවා...මාත් එක්ක එලියට ගියපු එකා එකෙක් දෙන්නෙක් වට කරන් මොන මොනව හරි කියන ගමන් අපි දිහා බලනකොට මං බලාගන කල්පනයා නිම්නට හිනා උන එකියෙක්ගෙ රිබන් පටි දෙක පුටුවෙ යකඩ කූරක තියලා ගැට ගහනවා...
මයුර...
මම උන්නෙ ආයම අඩක් සමවැදිලා අතර මග නවත්තපු දැහැනට සමවැදීගන වෙනකොට මං නිම්නගෙ ලා රෝසපාට කට දිහාව බලන් උන්නා.....ඇස් පිහාටු.....ඒ මූන...
ඇත්තටම ..නිම්නයක් කියන්නෙම සරුසාර මහපොලවකට....මගෙ නිම්නත්...එහෙම්මයි...
..වස්තු...දවසක...අපි ආදරේ කරමු....
මම මා එක්කම කියවන්න ගත්තා....
මයුර.....
ම්න්.....
මයුරට...මං ගැන මොනවද කිව්වෙ කියන්න...මං නොදන්නවා නෙවෙ....මයුර යන්න....පස්සෙ පෝලිමෙ ඉන්න මට දැන් රිදෙන්න හිතක් නෑ මයුර.....මගෙ හිත හදන්න බලන් නවතින්න එපා.....
මට බෑ.....උන්ට විකාර .....නිම්නට මං රහසක් කියන්නද.....???
මම හිමීට කුටු කුටු ගානවා එක්කම එයා දම්මි ඇවිදින් සුගත්ට වෙරලු අහුර දෙන තැනට වෙනකන් කියවලා පොත වහලා මා දිහා බලාගන උන්නා....
ඔයාට...මා එක්ක බෙදා ගන්න රහස් තියනවද....
ම්න්...නැතුව....
මට කවදාවත් කවුරුත් රහස් කියලා නෑ...
එක එකාගෙ රහස් මොකටද....ම්ම්ම්...මගෙ රහස විතරක් හිතේ තියාගන්න....
මං ආයම හොරාවට කුටු කුටු ගෑවා...එයා අනේ මූන රතූ කර ගත්තා...
මෙච්චර ලස්සන උඹ අද දිරාපු පස් ගොඩක්.....!
එයා බලන් ඉන්නවා...මං රහස කියනකන්.....මට දුක හිතුනා...පව් කියලා හිතුනා.....
හත්පාට ආදරයක් කියන්නෙ...කවදාවත් වැරදි දෙයක් නෙවෙ නිම්න....රිදෙන පපුවට පැලැස්තර අලවලා...ආපිට සුව කරන්න පුලුවන් ආදරයක්..මගෙ ලගත් තියනවා.....
නිකන් නෙවෙ...දේදුනු පාට!

අවැසි නම් විමසන්න....
ඉරුන තැන් නොපෙනෙන්න...
මසා නිමකල හදවතක්....
විකිනීමට තිබේ...!!!
උඹ මොනවද කල්පනා කරන්නෙ මයුර...?
තවම ගෙවුනෙ එක දවසයි....පැය අටයි...එක පැය අටට ඔච්චර රිදෙනව නම්....උන්ට කොච්චර රිදෙන්න ඇතිද.....??
උඹ දැක්කා මයුර...මගෙ ලමයිට තියන තැන....ලියාගන්න කලියෙන් කලු ලෑල්ල මකපු ගුරුවරු උන්නා...ලියන්න පොතක් ඉල්ලුවාම...නොදුන්න එවුන් උන්නා.....
උන්....වත්..මමවත්...මැරුනෙ...අදක ඊයෙක නෙවෙ මයුර...අපි මැරිලා හුගක් කල්....
.මම උන්නෙ සාලෙ සෝෆාවෙ ඉදගන....ආයමත් වරතමානෙ....අතීතෙන් ආපිට ගෙදර ආව තත්පරේ ඉදන් මගෙ හිත දුවන්නෙම පොඩි නිම්න පස්සෙ වෙනකොට මගෙ ලගට ඇවිදින් කියවන නිම්න්ගෙ අම්මා මොනවා කියනවද අහන්නවත් මට උවමනාවක් නැති උනා.....
කෝ මගෙ නිම්න අම්මෙ.....?
මොකටද....?
බලන්න....මට එයාට කියන්න ඕනෙ මන් ඒ අත් ඇල්ලුවා කියලා .....
මට එයාට කියන්න ඕනෙ...අපි දෙන්නා ඉන්නෙ එක ළඟ කියලා .....
මං ඔහෙ කියෙව්වා....රවිදුවලා...කල්පනයලා ආපිට ගෙවල් වලට යනකොට සංගබොදියෙන් පැනපු එකා වගෙ කොන්ඩෙ කපන්.උන්න මං මගෙ ඔලුව කස කස කල්පනා කරන්න ගත්තා....
නිම්නගෙ අම්මෙ...උන් නිම්නව රිදවනවා....මට තියෙන්නෙ බලන් ඉන්න....මං කොහොමද බලන් ඉන්නෙ...ඇයි මට මෙච්චර අසාදාරනයක් කරන්නෙ.....මගෙ ආදරේ විදවනකොට මං නිකමා වගෙ බලන් ඉන්නෙ කොහොමද ???කමක් නෑ....මං එවුන් එකා....එකාව අඩනවා .....නිකන් නෙවෙ ..ඇස්වල කදුලු නැති වෙන තරමට අඩවනවා...
මයුර අහලා තියනවද ....කරුනාවන්ත හදවත් වලට ආයුශ ඇඩුයි කියලා .....
ඔය වගෙ කතාවලින් මට තවත් රිදෙනවා නිම්නගෙ අම්මෙ.....එයා ගෙදර ගියාද .....ගෙදර ගියාට පස්සෙ මොනවා වෙනවද කියන්න නොදැන මගෙහිත තවත් වේදනා විදිනවා.....ඒත්.....එයාට....වෙන්න ඕන ලොකුම කරදරේ වෙලා අහවරයි කියලා මතක් වෙනකොට .....
අනෙ නිම්නගෙ අම්මෙ මට හුගක් රිදෙනවා...
මන් මගෙ අත් දෙකෙම්ම ඔලුව බදාගත්තා ....හවස් වෙලා බුක් ශොප් එකට යන්න ඕනෙ.....වෙන මොකටත් නෙවෙ.....ජයවර්ධනයගෙ පොතක් අරන් මට කියවන්න ඕනා....රෑ වෙලා ගේට්ටුව ගාව සද්දෙ දාපු එකාව හොයන්න යන්න ඕනෙ...
අද මොනවද ඉගැන්නුවෙ...
මන්දා ....මට මතකනෑ.....මං බලන් උන්නෙ මගෙ නිම්න දිහාව ...
ආ...හරි ශෝක් උඹ...කොල්ලා දිහ බලන් උන්නම හරිද....
ඔව්....හරි....මගෙනෙ....මගෙ හින්දනෙ බලන් උන්නෙ...මට අනිත් මගුල්වලින් ඇති වැඩක් .....ආ....ව්ව්හ්....ඌ.....යි....කන ...කන....අදින්න එපා අප්පා .....ඌව්හ්....රිදෙනවා ...
ඌව්...හ්...තමයි....අනිනවා ඔලුව හිල් වෙන්න...මොන දේ උනත් .උඹලා හතර දෙනා පාඩම් කරන්න ලෑස්ති වෙන්ඩ ඕනෙ ...
අනෙ මේ.....විකාරද ...මොනපාඩම්....අපිට රෑට ගමනක් යන්න තියනවා....
කොල්ලා මගෙන් ගුටිකනවා...යන දේවාලෙක යන්න පුලුවන් ...පාඩම් කරලා.....
නිම්නට එන්න කියන්න....මං බලන් ඉන්නවා...
කමනේ....හ්..... කමනේ....සුදූ.....කෝ මගෙ රතු පාට ටී ශර්ට් එක....?
මොකද ඒයි බෙරිහන් දෙන්නෙ.....මොකද ...ආවා විතරයි මේ මිනිහා මැරෙන්ඩ හදනවා.. .කොල්ලගෙන් වත් මට මෙහෙම වදයක් නෑ....මොකද....
මගෙ රතු පාට ටී ශර්ට් එක කෝ...
අර අල්මාරියෙ නමලා තියෙන්නෙ ඇස් ඇරලා බලනවකො...ඇස් කටේ දාන් බලන්නෙ නැතුව....
එතන නෑ කමනි....මං දැන් කී පාරක් බැලුවද....තියනවා නම් මං තමුසෙට කියනවද .....නෑනෙ...සුදූ එනවකො.....
ඇත්තමයි රොහාන් මං දැන් ඇවිල්ලා ඕක හොයලා දුන්නොත් තමුසෙට ගහන එක ගහනවා...ඇයි යකො අතු ගාන්න ගත්තු වෙලෙ ඉදන් කමනී....කමනී ගානවා....
මං උන්නෙ අඹගහ යට....නිම්නගෙ අම්මා මගෙ කන ගලවලා අතට දීලා ගිහිනුත් සෑහෙන වෙලා....ඒත්.....නිම්න තවම නෑ...
ඉංග්‍රිසි ඉගනගන්න ගිහින් හවස ගෙදර ඇවිත් තිබුන මාව දැක්ක වෙලේ ඉදන් අප්පච්චි ගෙ රස්සාවම එක එක දේවල් අහන එක වෙනකොට මං දිස් වේ....දැට් වේ ගගා ඉදලා බැරිම තැන මගෙ ගිටාර් එකත් අරගන අඹ ගහ යට තිබුන සිමෙන්ති බංකුවෙන් ඉදගන එයා එනකන් බලන් ඉන්නකොට දෙන්නා දෙමහල්ලො අදත් කා ගන්න ගත්තා.....
මේ තියෙන්නෙ....මේ තියෙන්නෙ මොකක්ද ...ඔක්කොටම ඥැහ් ගානවා...
ඌයි ගෑනියෙ කොස්සෙන් ගහන්ඩ එපා රැවුල වැවෙන් නැතුව යනවා...
අප්පච්චි වෙලාවකට අවදානෙ ගන්ඩ හදනවා...
නිම්න.....ඇයි නිම්න එන්නෙ නැත්තෙ.....
අඹ අත්තක් දිහා බලන් ඉදලා....ඉදලා...අවසානෙදි මං පපුව හීරෙන හුස්මක් අරන් ඇහෙන නෑහෙන ගානට සින්දුවක් කියන්න ගත්තා ...
ඒකත්....නිම්නව මතක් කරගන....

මේ ගෙවන දවස් වුව
කමක් නෑ....විදගන්න.....
ආදරිය ආදරෙන්....
හෙටත් මා පුරවන්න.....
"නිම්න....මාව පුරවපන්...නිම්න.....මේ හිතම දැන් හරි හිස්වෙලා මගෙ නිම්න...."
ඒක ...ලස්සනයි...
නිම්න.....
හ්ම්...මහන්සිද ඔයාට..
ඔව්...
ඇයි?
වස්තුවක් එනකන් බලන් ඉදලා....
එයා ආවා...එයා එනකන් බලන් ඉදලා ඉදලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවක...මගෙ ලොකු නිම්න මාව හොයන් ආවත් එක්ක මට හරි සැනසීමක් දැනුනා ...එයා ඉන්නව...මට එහා පැත්තෙ..මගෙ ලගම....එයා අහන් ඉදලා ...
මයුරට අද මාව හම්බ උනාද?
ම්න්....පොඩි නිම්නව මට හම්බ උනා...නිම්න....දන්නවද .....මං අද...ඒ අත් දෙක අල්ලගත්තා...ඒ අත් පව්...නිම්නට තියෙන්නෙ හරි ලස්සන මූනක්.....අහිංසක හිනාවක්.....අහිංසක ඇස් දෙකක් .....ආදරේ හිතෙන නිම්නයක් ළඟ තියන් මං දවසම කෙරුවෙ නිම්න දිහා බලන් උන්න එක.....
නිම්න.....මට නිම්නට ආදරෙ කරන්න ඕනෙ....මට...මගෙ නිම්න කියලා ....එයාව තුරුල් කරගන්න ඕනෙ....කම්මුල් රතූ....වෙනකන්ම හාදු තියන්න ඕන ....මට මගෙ නිම්නව පරිස්සම් කරන්න ඕන ...
මට එයාට මේ ලෝකෙ මොන තරම් ලස්සනද උගනන්න ඕනෙ.....
මගෙ අතට ඒ අත පටලවන්.....හුගාක් දුර යන්න ඕනෙ...දන්නවද...මට ඒ කම්මුල් දැක්කම....පන්තියෙ ඉන්නෙ නොබලා ඉඹින්නමයි හිතුනේ.....
උන් මගෙ කොල්ලව රිදවනවා....නිම්නට රිදෙනකොට මට රිදෙනවා...මට හුගක් රිදෙනව නිම්න...
කවදාවත් හිමිවීමක්....කොතනක වත් නැති බව දැන..දැනම....මං ඒ නිම්නට පැලෙන්න ආදරෙ කරන්න අරන් නිම්න....
නිම්න..අහලා...තියනවද...සින්දුවක් තියනවා...නෙලා...ගැනුමට...නොහැකි වූවද.....අත්...හැරීමත්....නෙවෙ....ප්‍රේමය කියලා .....
.
විරහව කවාපු සින්දු පපුවට බරයි නිම්න...
මගෙ ආදරේ පිරෙන්න තියෙන්නෙම විරහව...ඒත්...මං හරි ආදරෙයි නිම්නට....

නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නෙවෙ ප්‍රේමය
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක සිර කිරීමය...
මං හිමීට කියවන්න ගත්තා....පොඩි නිම්නව මං වර්නනා කරන්න ගත්තා .....මට ඒ නිම්නට ආදරෙ කරන්න ඕනා කියලා මං මිමිනුවා....ඒත් එයා නෙවෙ වචනයක් කිව්වෙ...මං හරි ආදරෙයි කියලා සිය වතාවක් කිව්වා ....ඒත් නිම්න නෙවෙ වචනයක් කියෙව්වෙ.....
අවසානෙදි මන් මගෙ උකුලෙ තිබුන ගිටාර් එක පැත්තකින් තියන ගමන් නිම්න දිහා බැලුවා...නිම්න ඉන්නවා...හැබැයි පුම්බගන...හොම්බ දික් කරගන.....ඒ මොකද...?

වස්තු...
.....
ඇයි මෙ...මූන එල්ලන්....???
එයා එක්කම ඉන්න එපැයි....ඇයි ආවෙ.....
මො....මොකක්...?
.....මොකුත් නෑ...තරහා ගිහින් ඉන්නෙ හොදටම....
කා එක්ක.....මොනවටද???
මට තේරුම් ගන්න බැරිව ගියා....එයා ගෙ මූන දෙක වෙලා....නියපොත්තකුත් හප හප ඉදලා ආයම ගස්සලා අහක බලාගත්තා...ඇයි ආවෙ ඇහුවා...එහෙම ඉන්න තිබ්බනෙ කිව්වා...එයාට දැන් හොදටම තරහා ගිහින් කිව්වා...මොන හේතුවටද....???
නිම්න...ඇයි වස්තු.....තරහා ගිහින් ඉන්නෙ ඇයි....
.මොකටවත් නෑ.....
මොකටවත් නැත්තන් ඇයි මූන එල්ලන්
මගෙන් නිකමට වත් ඇහුවෙ නෑ...මං හොදින්ද කියලා ...
අ..ආ.....හ්
මගෙන් නිකන් වත් ඇහුවෙ නෑ...මාව මතක් උනාද කියලා .....ඇයි ආවෙ....එච්චර ලස්සන නම්...ඉන්න එපැයිනෙ...
..න්..නිම්න.....ඔයාට...මේ.....
ඊරිසියයිනෙ ...නිම්නට....👉👈
දෙයියනෙ...මේ මොන හුරතලයක්ද මේ....නිම්න නිම්නටම ඊරිසියා කරන්න අරගන....මගෙ පිස්සු හොල්මන....මන් බලාගන උන්නා....කුටු කුටු ගානවා...කියවනවා.....රවනවා....ඇයි ආවෙ අහනවා....
මනුස්සයෙක්ට තමුන්ටම ඊරිසියා කරගන්න පුලුවන්ද ???
නිම්න...
ඕන් නෑ...තරහ ගිහින් ඉන්නෙ...
වස්තු ...එ ඉන්නෙත් ඔයානෙ...ඇයි මේ.....ම්ම්ම්ම්...ඒ ඉන්නෙ මගෙ නිම්නම නෙවෙද...
ඒ උනාට මේ නිම්නව අල්ලන්න බෑනෙ.....ඒ නිම්නව අල්ලන්න පුලුවන් නෙ....එතකොට ඊරිසියයිනෙ....ඔයා එයාව ඉඹිනවද?මං අහන්නෙ හුගක් ....???
ම්න්....ඔව්.....මගෙනෙ...මන් ඉඹිනවා....තුරුල් කරගන්නවා.....තව....ආව්හ්.....හ්..
හපනවා....නේද....
එපා ඌව ඉඹින්න.....
එහෙනම් ?
එපා....
ඉතින්....දෙයියෝ....ඒත් උඹනෙ...ම්ම්ම්ම්ම්...මගෙනෙ මයුරගෙනෙ .....
මං...හරි...මෝඩයි...නේද....පපි.....
මාව මොකක්ද වෙලා ගියා .....එයා එක්කම ඊරිසියා කම් කරාපු නිම්න මාව හපලා....ඓපා ඉඹින්න කියලා මූන එල්ලන් ඉදලා අවසානෙදි මගෙ දිහා බලන් එයා හරි මෝඩයිනේද ඇහුවා ..
නිම්න....අපි....මේ මොහොතෙ ජීවිත් වෙමු.....වෙන්න තියන දේ ගැන හිතන්න එපා නිම්න....එතකොට රිදෙනවා වැඩී....
ඒත්.....මං....දැනටමත්....
ශ්ශ්...මං ආදරෙයි .....හොදද....
මන් ආදරේ නෑ...
නිම්න බොරු කියන්නෙ...උඹ මට ආදරෙයි වස්තු.....හිතන්න එපා....මං ආස නෑ මගෙ නිම්න අඩනවා බලන්න.....
.....ඒත්....
ශ්ශ්...මේ අහන්න ....මෙ බලන්න...මෙතන මේ ලියලා තියෙන්නෙ මොනවද කියලා .....
මූන නරක් කරගන උන්න නිම්නට මං මගෙ එෆ් බී වෝල් එක පෙන්නුවා...එයා ඇස් දෙකත් බෝල කරගන බලාගන උන්නා....
අනේ උඹ හරි පව් මැනික ආදරේ ඕන තැනදි...උඹ උඹත් එක්කම ඊරිසියා කරකම් කරගන්නවා මගෙ නිම්න.....
නිම්න .....දෛවයට පුලුවන් අපිව රිදවන්න විතරයි .....වට්ටවන්න බෑ.....ඉතින්....මේ මයුරටත් එහෙමයි...රිදවන්න පුලුවන් ....වට්ටවන්න බෑ....වස්තු....අපි ආදරේ කරමු.....
විකාර ...මට බෑ...
....හංග ...හංග රිදවන්න එපා නිම්න.....
අර සින්දුව දන්නවද මයුර....
මොකක්ද ?
මේ...ප්‍රතම වසන්තයයි....ඒක...
මං ලාවට හිනා උනා...කපටි අංකුට්ටෙක් ...මෙච්චර වෙලා මූන එල්ලන් ඉදලා .....එල්ලන් ඉදලා ආදරෙයි කියලා කියන් නැතුව වට වන්දනාවෙ යනවා ...කෙලින්ම කියපන්කො.....මයුර මං ආදරෙයි කියලා ....ඇයි බැරි.....පඩ ලයින් තමයි.....
ඒ කියන්නෙ.....මගෙ නිම්නට ප්‍රතම වසන්තෙ ඇවිල්ලා??
පිස්සු....විකාර ...මන් නිකන් ඒක කියන්න කිව්වෙ....
හ්ම්...හ්ම්...වස්තු දන්නවද .....කොහොමත් ...ළපටි තනකොල කන්නෙම....නාකි එලදෙන්නු කියනවනෙ ...
මයුර!!!!!මහ සවුත්තු කටක් ඕක...
දෙන්නද චුට්ටක් හපලා බලන්න සවුත්තු කට....
මහ....ඕන් නෑ..වල්
ම්න්...මං වල්....ඒක ඇත්ත....නිම්නට විතරක් ....ඔය ඇදුම හදාගන්න කුක්කු පේනවා.....අල්ලනත් බැරි එකෙ මන් පව් නැද්ද ඔහොම එලියෙ දාන් ඉන්නෙ සීලෙ බිදින්නද...
ඒ...මං යනවා...මයුර හරි වල්.....
මට හිනා ගියා ....චුට්ට ඇත්තනම් දුවන්න හදන එයාගෙ මූන ලැජ්ජාවටම රතු උනා මදිවට අත් දෙකෙන් පපුවත් වහගත්තා ....
යන්න එපා ...මං කියන්නම්.....
යන්න හදපු එයාව මන් ආපිට ඉන්දවගන්න ගමන් ගිටාර් එක අතට අරගත්තා ....එයා හරි ආසාවෙන් බලන් ඉන්නවා...ඒ මූනට ප්‍රතම වස්න්තෙ ඇවිදිල්ලා .....නිම්න මගෙන් හංගනවා...
නිම්න ....මට ඕනෙ.....ඔයාව සතුටින් තියන්න.....උඹ මගෙ ළඟ හෙලුවෙන් උන්නත්....කමක් නෑ වස්තු...මගෙ ලග උඹ හැමදාම පරිස්සම්...
මන්.....ආයම එක පාරක් අහන්නම්.....
අපි ආදරේ කරමු මගෙ නිම්න....??
මං එයා දිහා ඇහි පිල්ලමක්වත් නොගහම බලන් උන්නා....වෙලාව රෑ හතත් පහුවෙලා ගොම්මන කලුවරකට පෙරලිලා තිබුනා....නිම්න බලාගන ඉන්නවා ...අවුරුදු එයා හරි බර හුස්මක් අරගත්තා ....එයාගෙ ආත්මෙ හරී බරහුස්මක් අරගත්තා .....
ආදරෙයි....මගෙ මයුරට...!!!

මේ ප්‍රතම වසන්තයයි...!
🦚ආයම කොටසකින් එන්නාම්....පයිස්සමින් ඉන්ඩෝ...
ආතරෙයි .....ආතරෙයි පුතුකියලනෙ
මම ජොබී
Nedeesha ...😘❤️....