Cherreads

Chapter 55 - 55

...නැගිටපන්...

මගෙ නිම්න යන්න හැදුවා....අතේ තිඹුන කඹෙ ශාලිකගෙ කකුල් ගාවට වීසි කරලා මගෙ නිම්න හරි ලේසියට යන්න හැදුවා...ඒත් මම...

මම නවතීද....නෑ.....

අනූ.....

යන්න ගිය නිම්න ආපිට හැරිලා බැලුවා...මෙච්චර වෙලාම මුදු කෝමල ගෑනු ලමයිට අඩගහපු නලින් පෙරේරව තව දුරටත් ඇහෙන් නැති උනා...මං හිතන්නෙ ඔඩිටෝරියම් එකේ දොරවල් වැහුනද කොහෙද .....ඒක හොදයි.....එතකොට දැන් ඉන්නෙ අපි විතරයි...

මං ශාලිකට නැගිටපන් කිව්වා.....නිම්න මාව නවත්තන්න හැදුවා...එතකොට මම විදවන විදවිල්ල.....ඒකට කෝ සාදාරනයක්??

නිම්න...උඹ කියන්නෙ නිකම්ම නිකන් නිම්න කෙනෙක් නෙවෙ.....උඹ ඇවිදින් මේ පකෙ ලංකාව අස්සෙ සුළුතර ප්‍රජාව කියලා හංවඩු ගැහුන තවත් මිනිස්සු අහුරකගෙම නියෝජනයක්...මට කියපන් මොකක්ද ඔය සුලුතරේ...මොකක්ද ඔය බහුතරේ...???ඔන්න ඔය ලබ්බවල් අහක් කරලා ඔය ඇස් වල ගැටහහපු රෙදි කඩවල් අහක් කරලා බලන්න කියඔඅන් නිම්න....යකො අපි ඔක්කොම එකම ලේ ඇටමස් නහර තියන මිනිස්සු.....

උඹට ඕනෙ මේකගෙ මරනෙ මේකටම මෙහෙම ලේසියෙන් කරගන්න.දීලා තවත් නිම්ල ගොඩකට මෙහෙම විදවන්න දෙන්නද.....???ජනත්ලා කී දෙනෙක් තව එල්ලෙයිද....

කියපන් රත්තරන් ....එතකොට මයුරලා රවිදුවලා වගේ පිරිමි තව කීයක් තනිවෙයිද....උඹ කියන්නෙ අපි වගේ උන්ට හැමදාම මලකදන් එක්ක ආදරේ කරලා උන්ව දකුනු උරහෙ තියන් සුසානට ගෙනියන්නද බන්??????

මට රිදෙනවා යකො.....මට රිදෙනවා....

අනේ..අනූ..මගෙ....මයුර

නෑ...වස්තු නෑ...මේ ලෝකෙ...නෑ..මේ ලෝකෙ අතෑරපන්....මේ රට ගනින්.....අදින් පස්සෙ මේ රටෙ මොනම අහු මුල්ලක වත් නිම්ලා දුක් විදින්න බෑ...අදින් පස්සෙ ජනත් ලාට එල්ලෙන්න බාල්ක ඉතිරි වෙන්න බෑ...කොටින්ම මයුරලා රවිදුලා තව දුරටත් මේ විරහව අස්සෙ නොමැරි මැරෙන්න බෑ බන්....උඹ දන්නවද...ඌයි මායි ජීවත් වෙන්නෙ නොමැරි බැරි කමට බන්....එක අතකින් උඹල...අනිත් අතින් වදාපු අම්මා අප්පා...කාව අතාරින්නද ...කාව තෝර ගන්නද.....??.පාලම හැදුවට පස්සෙ අත් කඩාගන පුක ඉරාගන හබල් ගගා එගොඩින් මෙහොඩට අරන් ගිය තොටියට ස්තූතියි නොකියපු උන් පාලමෙ ගුන වයනව වගේ මට බෑ බන් මේ විසි පස් අවුරුද්දම තවමත් මගෙ බඩ වියත රකින අම්මා අප්පච්චි අඩවන්න....

මට අම්මා අප්පච්චි හන්දා උඹව නැතුවත් බෑ නිම්න.....මට ඕනෙ අපි හැමෝටම සර්ව සාධාර්නයක්...මට රිදෙනවා බන්....නින්දක් නෑ...සැනසීමක් නෑ.....උඹගෙ ඉස්සරහා හිනා උනාට මොකද....මිනිස්සු ඉස්සරහා හිනා උනාට මොකද මට දැන් රිදෙන්නවත් හිතක් නෑ නිම්න....ඒ තරමටමගෙ පපුව උඹ හන්දා විදින්න පුලුවන් දෙතිස් වදේම විදිනවා...මං මහ පව් කාරයෙක් රත්තරන් ..මන්දා..මොන කන්නෙ මං කාගෙ ආදරයක් කඩාකප්පල් කෙරුවද කියන්න මං දවසට විසි තිස් වතාවක් අර උඩ උන්න තිස් තුන් මහා දේවමන්ඩලෙම්ම අහනවා....අද වෙනකන් නෑ බන් මට උත්තරයක් ...දෙයියන්ටත් මගෙන් වදේ ඇති...ඇයි ඇයි දෙයියනේ ඇයි මගෙන් උඹව අතෑරුනෙ ඇයි අහනකොට දෙයියන්ටත් උත්තර නැතුව ඇති බන්....

මනිස්සු කියනවා ජීවිතේටත් ඍතු හතරක් තියනවලු කෝ බන් මගෙ වසන්ත ඍතුව...කෝ උඹගෙ වසන්ත ඍතුව...උඹ කියන්නෙ හැමදාම ඉඩෝරෙම විතරක් මූන දෙන්න කියලද.....

ඉඩෝර කාස්ටකේට මූන දීලා දීලම මගෙ මූන කලු ගහලා නිම්න.....උඹ දන්නවා...අම්මගෙ කටේ තියෙන්නෙම සූකිරි කියන නම....හොදට බලපන් මගෙ මූන ඇස් කට දිහා.....පාට වෙනස බලපන්...මගෙ ඇස් ගිලා බැහැල බන්...හකු යට ගිහින්...කන කෑම අල්ලන් නෑ...අජීර්නෙ වගේ.....දවසින් දවස ගෙවෙනකොට මට දැනෙන්නෙ එල්ලා මරන්න නියම උන හිරකාරයෙක්ගෙ මරන බය....

නෑ...නිම්න නෑ.....මුන් වගේ උන් දැනගන්න ඕනෙ වේදනාවෙ තරම...මුන්ට මරනෙ හොද වැඩී....මුන්ට මරනෙ කියන්නෙත් තෑග්ගක්....නෑ....මුන්ට ඕන උනත් මැරෙන්න දෙන්න බෑ...මම නෙවෙ...උඹත් නෙවෙ...මුගෙ මරනෙ මූම ඉල්ලන්න ඕනෙ....මාව මරපල්ලා කියන තැනට මූ එන්න ඕනෙ...යමන් වස්තු...උඹ යමන්....උඹට සැනසීමනෙ ඕනෙ......උඹ ගිහින් සැනසීමෙන් ඔය සින්දුව අහපන්.....

මං නිම්නව හැරෙව්වා.....මං ඒ මූන අත ගාලා කදුලු පිහදලා මගෙ නිම්නව ආපිට හැරෙව්වා....එක්කො එයා යාවි....නැත්තන් මගෙඇස්වලට වහන් වෙලා එයා බලන් ඉදීවී...ඒක එයාගෙ තීරනෙ....

මං ඉදගත්තා.....අරූ එහෙම්මයි.....වෙව්ලනවා.....අඩනවා...

හොටු වැක්කෙරෙනවා...කකුල් මැදින් හුජ්ජ ගද ගහනවා......

සිගරට් එකක් තියනවද....?

මම උදාරයා දිහාවට මගෙ ඇගිලිදෙක දික් කරනකොට මගෙ මැදැගිල්ලටයි දබරැගිල්ලටයි ඩන්හිල් එකක් හිර උනා..කල්පනයා ගින්දර දුන්නා.....රෝස මලක්....පුංචි පෙට්ටියක්...දැනටමත් ගෑස් ගිය යෞවනයේ පොපියන චමත් කාර දෙකක්....උන් හදලා තියෙන්නෙ කාටත් හොරාවට රෝමාන්තික වෙන්න....අහිංසකයන්ගෙ හිත් වල ප්‍රේමය සදහටම මලගම් යවලා මුන් අලුතින් ප්‍රේම කරන්න අත්තිවාරම් දානවා...කෝ බන් හිත්වල ආදරේ.....

මං හිනා උනා...කට කොනකින් හිනා උන මං මගෙ ඇස් මුල් තද කරගන තත්පර දෙක තුනක් උන්නා..මොකද ඇස් වල කදුලු නවත්තන්න බැදපු සිමෙන්ති ගැට්ට මටත් හොරාවට කැඩ්ලා ගිහින් ලුනු රස කවාපු හැගීම් බින්දු ලීක් වෙන්න ගත්තා.....

පව්..මගෙ ඇස් පව්...කොහෙද දෙවියොත් මටමනෙ ශෝකාලාප ලියන්න දෙන්නෙ...

ශාලික....

මං ශාලිකයා දිහා බැලුවා.....

මං අහගන උඹ අහනවා උඹලා කොල්ලො කොල්ලො කොහොමද හැමනෙන්නෙ කියලා...උඹ මගෙ නිම්නව උඹගෙ කකුල් ගාව දනගස්සවලා උඹ ඒ මූන මිරිකන් අහනවා උඹලා ලොල්ලො ලොල්ලො කොහොමද හැමනෙන්නෙ කියලා .....ඒ වාග් ප්‍රාහාර අශිශ්ටයි ශාලික.....නොසෑහෙන්න අශිශ්ටයි ....උඹ දන්නවද....මගෙ ජීවිතේ මං මේ තාක් දුරට දැකපු නොකිලිටිම හදවතක් තිබුනෙ නිම්නට.....උඹට ඒක පිලිගන්න පුලුවන්ද.....ම්ම්ම්ම්....මං කියන්නෙ අම්මා අප්පච්චිගෙ වපසරියෙන් පිට....යාලුවන්ගෙනුත් පිට...හැබැයි උඹලා ඒ ආත්මෙ කිලිටි කෙරුවා...

උඹලා ඒ හෙලුවට කෙල ගැහුවා...එකෙක් දෙන්නෙක් නම් කමක් නෑ....ඒත් උඹලා රෑනක්...මූනටම කෙලෙ ගැහුවා......උඹ උගන්නන්නෙ romant catholic නේ....ම්ම්ම්.....වෛශාවක් උන්නා...නම...මරියා... මිනිස්සු ඒකි එක්ක නිදි වැද්දා...අවසානෙදි ගල් මුල් අරන් පස්සෙන් පැන්නුවා....හැබැයි උඹ දන්නවද ඔතන ගල් මුල් අරන් පන්නපු එකම මිනිහෙක්වත් නිර්දෝශී නෑ...හරියටම උඹලා වගෙ.....ඇයි උඹලා එයාට කාරපු කෙල පාර උඹලට ගහගත්තෙ නැත්තෙ.....ම්ම්ම්.....??????උඹලා කියලා සර්ව සාධාරන මිනිස්සුද....ඇයි උඹල තනි උන අහිංසක කොල්ලෙක් අල්ලගත්තෙ....

උඹලගෙ ඇස් වලට ඌව නෝන්ජලයෙක් වගේ පෙනුනා...උගෙ නෝන්ජලයක් නෙවේ...ඒක තොපෙ ඇස් වල වැරද්ද...ඌට ජීවිතයක් තිබුන් නෑ යකො....ඌට උගෙ කොලු කම එලියට එන්න ගෙදරින්වත් තොපෙන් වත් ඉඩක් තිබුන් නෑ...ඇහුනද.....ඇහුනද තොට....ඌ කිව්වා.....මගෙ කොල්ලා කිව්වා බලන් උන්නලු....මං උඹලා මාව යාලුවෙක් කරගන්නකම් බලන් උන්නා ශාලික...

ඒකට උඹට රිදුන් නැද්ද බන්...දැනුත් ..මේ දැනුත් ඒ කොල්ලගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා...උඹ ඉන්නෙ හොද සිහියෙන් නම්...හොදට කල්පනා කරලා බලපන්මේ දැනුත් උඹගෙ ඇස් දිහා බලන් කියවනකොට නිම්නව වෙව්ලුවා.....

මැරිලත් සැනසීමක් නෑ...

මං හෙලුවෙන් උන්න ශාලික දිහා බලලාලාවට ඔලුව වැනුවා.....මං බනිනවා හැබැයි ගුගුරන්නෙ නෑ....මං බනිනව වෙනුවට කෙරුවෙ උගෙ රතුපාට කුටීර හතර අමු අමුවට ලියන්න ගත්තු එක.....

මගෙ වේලුන තොල්වලට ආයම ඩන්හිල් එක තද උනා...දත් හින්දා සිගරට් එකත් ව්දවනවා.....

ඉහලට ඇදපු දුම් උගුරෙන් හරි අඩක් උගුරෙන් පහලට යනකොට අනිත් අඩ මගෙ නාස් පුඩුවලින් එලියට ආවා....මයුර කියන ස්ට්‍රේට් ප්‍රේමවන්තයා....මං කියන්නෙ.... දෛවය කියන තක්කඩියා නිම්න කියන සුරදූතයව මට මුන නොගැස්සුවා නම්...මයුර කියන්නෙ කෙල්ලෙක්ට අම්මට සිරි වෙන්න ආදරේ කරන ප්‍රේමවනතයෙක් වෙන්න ගියා....හැබැයි මට මගෙ තක්කඩි දෛවය නිම්නව ගෙනත් දුන්නෙ ඒ ඇස් පිය උනාට පස්සෙ...ඇයි මට ඒ කොල්ලව ජීවතුන් අතර ඉන්නකොට මට ගෙනත් නොදුන්නෙ....එහෙම උනා නම් මම කියන්නෙ ස්ට්‍රේට් කියන වචනෙ කවදාවත් නාහපු එකෙක් ගානට මීටත් වඩා ආදරේ කරන්න ගිය පිරිමියෙක් වෙන්න තිබ්බා.....

ඉතින් මෙච්චර අසාදාරනයක් කරාපු මෙ දෛවයට මං තක්කඩියා කියන එක අසාදාරනද....පිරිමි පපු අමු අමුවට මරන මෙ දෛවයට් මං තක්කඩියා කියන එක අසාදාරනද....???

උඹ ජීවත් වෙලා තෙරුමක් නෑ ශාලික....ඒ කියලා උඹ හරි සිල්ලර විදිහට මැරිලා තෙරුමකුත් නෑ....උඹගෙ අත් වල ලේ ගෑවිලා තියනකොට කොහොමද උඹ තව ලමයිගෙ අනාගතෙ හදන්නෙ....ම්ම්ම්....බෑනෙ...ඒක මහ බයානක වැරද්දක්...ඒක වෙන්න බෑනෙ.....ම්ම්ම්ම්

මං තවත් දුම් උගුරක් ඇද්දා...නිම්න අඩ අඩ අනේ ශාලික මට යන්න දියන් ගගා අර හුජ්ජ ගොඩෙ මූට පසගව පිහිටව පිහිටව වදින හැටි අර වීඩියො එකේ ආයමත් යනකොට මං බලාගන උන්නා...

ඒක.මහ වේදනාවක්....හිනා වෙන මූනු ගොඩක් මැද එකෙක් අඩනවා කියන්නෙ මොන වේදනාවක්ද.....අමු හෙලුවෙන්....?????මට නම් නගරයක් ගහලා යනවා....උඹව මවපු මහබඹාට නඩු දාන්න වටිනව මගෙ නිම්න...මොන මගුලටද උඹට අහිංසක හදවතක් එබුවෙ අහලා බෙල්ලෙන් අල්ල පොලවෙ ගහන්න වටිනවා.....

උඹ ආවෙ උඹගෙ ආදරේ සමාධිට කියන්නද????සමාධි...මං ඔයාට ආදරෙයි....අපි ලස්සනට ජීවත් වෙමු....දරුවෙක් හදමු කියලා ලස්සන ජීවිතයක් ප්ලෑන් කරන්නද....උඹට හිතෙ නැද්ද.....නිම්නත් එහෙම හීන මවපු කොල්ලෙක් කියලා .....මාව හම්බ නොවුනත්....වෙන කොල්ලෙක් එක්ක හරි චූටි කූඩුවක් හදාගන හරි ආදරෙන් ජීවත් වෙන්න පෙරුම්පිරුව කොල්ලෙක් කියලා ...පිරිමින්ටත් අම්මා අප්පා වෙන්න බැරි කමක් නෑ බන්.....ඇම්මට හැමනිලා...අනාත කරලා කානු අස්සෙ..කක්කුස්සි වලවල් අස්සෙ....පදුරු අස්සෙ වදලා දුවපු එවුන්ගෙ දරු පැටව් ඕන තරම් ඉන්නවා ඔය මඩම් අස්සෙ..එහෙව් පැටියෙක්ට අප්පච්චි කෙනෙක් වෙන්න නිම්නත් බලන් ඉන්න ඇති.....උඹලා තවත් පවක් කරලා...දරුවෙක්ට ගොඩයන්න තිබුන පාරක් උඹලා වහලා දාලා ....උඹලා මාර පව් කරයි බන්.....අවංකවම.....වලලපු තැන්වලට හෙන වදින්න ඕන .....ඒතරම් පව් කාරයි...

ම්..මල්ලි...මට සමාවෙයන්...කොලු...කමට.....කරපු දේවල්...මල්ලි.....මම....ඔච්චර හිතුවෙ...නෑ....මල්ලි...අ..අපි...ඔය..තරම්..අනේ..දෙයියො....නිම්න...අපි ..හිතුවෙ..නෑ..යකොඩො....අනේ..හිතුවෙ..නෑ.....

හිතුවෙ නෑ....ඇයි නොහිතුවෙ...ම්ම්...අර බලපන්...ඔය ඇස් දෙක හොදට ඇරලා බලපන්....එතකොට මගෙ නිම්නගෙ ජීවිතේ....නිම්නගෙ...සුචිත්‍රා මැඩම්ගෙ....ඒ ජීවිත වල වටිනා කම...?? අර ඇහුනද....උඹ ඇහුවා ලොල්ලො ලොල්ලො හැමනෙන්නෙ කොහොමද කියලා ...දැන් උඹ සමාධි එක්ක හැමනෙන විදිහ අපි අහනවද...ම්ම්ම්ම්ම්ම්...ඔව්වා උඹලා නොහිත අහපු කතා නෙවෙ....උඹලා කල් බලලා අහපු කතා.....

ම්..මල්ලි.....

ශ්ශ්...ශ්ශ්.....මං අහන්නෙ....අපි එකෙක් වත් උඹ සමාධිගෙ ඇගට නගින විදිහ...ඒකිගෙ ස්ත්‍රී නිමිත්තෙ පාට සුවද තරම හැඩය ගැන ඇහුවද....නෑ....අපි උඹගෙන් ඇහුවද.....නෑ....උඹ ඒකිට ආදරෙයි....ඒකි උඹට ආදරෙයි....උඹලාබදින දාට අපි හැමෝම ආශිර්වාද කරනවා...සුභ පතනවා....කතාව අහවරයි....මං අහන්නෙ ඇයි.....ඇයි උඹලට අනිත් මිනිස්සුන්ගෙ ආදර කතාත් ඒ විදිහ්ට බලන්න බැරි.....????? යකො තොපි කරන්නෙ බොරුවක්නෙ....ආ.....නෑ බන් මං උඹට කියලා තේරුමක් නෑ.....උඹට කොහොමත් දැන් ජීවිතයක් නෑ...

උඹට එළි බැස්සත් ජීවිතයක් නෑ...ඇතුලෙ උන්නත් ජීවිතයක් නෑ..මොකද ජුදාස්ට සමාවක් ලැබුනා කියලා මං දන්න තරමින් කොහෙවත් ලියවිලා නෑ...ජුදාස්ලා කවදාවත් ස්වර්ගෙට ගියෙ නෑ...උඹට උඹ ගැන තීරනයක් ගන්න පුලුවන් ....මොකද මං උඹව මරන් නැ....ඒක සිල්ලරයි....උඹ ඒ කොල්ලව පාවා දුන්නා.....කිසි හිරිකිතයක් නැතුවම කොල්ලව හංවඩු ගැහුවා.....ලමයි දාස් ගානක් ඉන්න පන්තියකදි උඹ නිම්නගෙ ආත්මෙ ලැජ්ජා කරලම මරලා දැම්මා....නිම්න නිම්නවම හොයා ගද්දි උඹ් ඒක පාව.දුන්නා....ඇයි...උඹලට තිබුන උදව් කරන්න.....උඹ වෙනස් නෑ නිම්න...උඹ අපි වගේමයි...වරෙන් මචන් කියලා උඹලට තිබුනා යකො ඌව යාලුවෙක් කරගන්න....

මට මහන්සී....මට නිම්නගෙ වේදනාව වගෙම උඹලගෙ පඩත්තර කම් බලන් ඉදලම මහන්සී.....එක්කො ජීවත් වෙයන්...නැත්තන් උඹට පුලුවන් උඹ ගැන තීරනයක් ගන්න...හැබැයි උඹ ජීවත් උනත් උඹට ජීවිතයක් නෑ ශාලික...උඹම මරනෙ ඉල්ලන තැනට වැටුනත් මං උඹව මරන් නෑ.....උඹ ජීවත් වෙන්න ඕනෙ...නිකන් නෙවෙ...උඹගෙ ජීවිතේ අපායක් වෙන්න ඕනෙ..... උඹ දැක්කද.....උඹලා මරලා දැම්මෙ සෑහෙන්න වටින මනුස්සයෙක්.....උඹ දැක්කද...එයාගෙ අත නෑ... උඹ දැක්කද උඹලා බිම දාගන පාගපු කොල්ලගෙ අත නෑ.... .....උඹලා නැති කෙරුවෙ ලස්සනම ජීවිතයක් ....පිපුනා නම් මුලු පලාත්කම සුවද කරන හරි ලස්සන මලක්.....

වැඩක් නෑ ශාලික...උඹලා හැමෝම ඒ මල් පර කෙරුවා....වැරද්ද මොකක්ද...ඇහුවම සාදාරන හේතුත් නෑ...

ශාලික...උඹ දන්නවා...උඹ ගුරෙක්නෙ...නිකන් නෙවෙ දේව ධර්මය පතුරන ගුරෙක්...ශුද්ධවපු පැය පොත අස්සෙ එක තැනක තියනවා ශාලික..... "මාගෙ පව් වලින් ඔබගෙ ශ්‍රී මුහුන හරවා නොගත මැනව"කියලා..කන්නලව් කරනවා දෙවියන්ට....පව් ගාවදි දෙවියන්‍ට අතාරින්න එපාය කියලා ....හිතලා බලපන්....උඹට ඔය පැය කරන්නවත් පුලුවන්ද...ම්ම්ම්ම්ම්ම්....උඹට පන්සිල්.ගන්නත් බෑ...දසපනත කියන්නත් බෑ....පනත් කඩපු මිනිහෙක්...උඹ මිනිමරුවෙක්....අහිංසක හදවතක් සදහටම මරලා දැම්ම ...

චටාස්.....!!!

කම්මුල් පාරක්.....අත පුරවලම වැදුනෙ කම්මුල්පාරක්....මාවත් ගැස්සුනා.....කොටින්ම උදාරයාල පවා ගැස්සුනා...අමු නිරුවස්තරෙන් උන්න ශාලිකයගෙ මූන එන්න එන්නම අමුතු වෙනකොට මන් බලාගන ඌ උගෙ කම්මුල පුපුරලා යන තරම් වේගෙන් ඌ ඌටම ගහගත්තා...මං හිතන්නෙ මගෙ වචන ඌව නොමරා මරනවා වගේ.....

මට වෙන්න ඕන එච්චරයි ....ඌ උන්මන්තකයෙක් ගානට වැටෙන්න ඕන....ඌ විදවන්න ඕන.....විදවීමෙ නිර්වචනෙ කියන්නෙ නිම්න නෙවෙ...ශාලික කියන.තැනට ඌ විදවන්න ඕන....

මං සිගරට් එකේ අවසානාම දුම් උගුර ඉහලට ඇදලා දුම් වලාවක් පිට කෙරුවා.....හැබැයි මට සැනසීමෙන් ඒක පිටකරගන්න උනෙ නෑ....මගෙ කන ගාවින්ම වීදුරුවක් කුඩුවෙන සද්දයක් ඇහුනා....ආයම සද්දයක්.....!!

යෞවනේ පොපියන චමත්කාරෙ සීසිකඩ .....වීදුරු කටු පුරාවටම ලේ බින්දු.....ශාලිකයා බෝතලේ බිදලා තියෙන්නෙ ඔලුවට ගහගන...මං බලාගන කල්පනයා කටට අත තියාගන්නවා.....

ම්..මට...සමාව දියන්...නිම්න...අනේ..මට....ස...සමාව..දියන්...මගෙ ජීවිතේ නැති...කරන්න..එපා...නිම්න....අනේ.මං...ජීවත්...වෙන්න...පටන්...ගත්තා විතරයි ....මගෙ ජීවිතෙ .....අනෙ...මට ජීවත් වෙන්න ඕන බන්...

මට හිනා ගියා.....නිකන් නෙවෙ මහ සද්දෙම්ම......ඒ හිනාව අස්සෙ තිබුනෙ තනිකරම අමුම අමු දුකක් වෙනකොට මෙච්චර වෙලාම පුටුවෙ ඉදන් උන්න මං නැගිට්ටා.....නැගිටලා අර ඵෝන් එක අතට ගත්තා....

ඒ මූනෙන් එකයි කෙල....ඒ මූනෙන් එකයි කදුලු ...වේදනාව....ජයවර්ධනයා ගහපු පාරවල් පිට පුරාවටම ...බෙල්ට් පාරවල් වලට මුලු පිටම නිල් වෙලා ගිහින්...එක අත්තෙ වහපු කුරුල්ලෙක් එක්කම ආදරෙන් බැදුන මහ එකා ඊරිසියාව පිට කරලා තිබුනෙ ලුනුයි බතුයි ගිලල පන ගැටගහන් ඉන්න උගෙම ලේ වලින් වෙනකොට මේ හැම වේදනාවක්ම මැද අම්මට අඩ ගහන මගෙ කොල්ලා දිහා මං යටි තොල් හපාගන බලන් ඉදල වීඩියො එක වහල දැම්මා...මොකද මගෙ හර්දවස්තුව තනිකරම චයිනා බඩුවක් වගේ...කොයි වෙලේ ගහලා යයිද කියන්න බැරි තරන් දැන් අඩාල වෙලා....

අරූ අඩනවා...ඌට සමාව ඉල්ලනවා....නිකන් නෙවෙ...පිස්සුවෙන් වගේ නලල අර වීදුරු කටු වලින් කපා ගන්නවා.....නිම්නගෙ නලල වගේ උගෙ නලලට ඌ වද දෙනවා...ඒත් මට නෙවෙ හැගීමක් දැනීමක් තිබුනෙ...

කියන්න සන්තෝසයි...චූදිතයො ඉස්සරහා නිම්නගෙ අනූ තනිකරම ලාදුරු කාරයෙක්...

අනේ..ම්...මාව...අතෑරපන්.....නිම්න....අපිට...අපිට පුලුවන් බන්....යාලුවො වෙන්න.....අපිට ..මං ..කියන්නම්...නිම්න...මං..හැමෝටම කියන්නම්.....අපිට යාලුවො වෙන්න පුලුවන් කියලා ...හැමෝටම...ක්..කියන්නම්.....

පි...න් අයිති වෙයි...පින්...අයිති වෙයි.....අනේ දෙයියනේ...මං ජීවත් වෙන්න පටන්.ගත්තා විතරයි.....

ම්න්.....ඇත්තට....උඹ ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි..... ...හැබැයි උඹලා හැමෝම එකතුවෙලා මරාගත්තෙ ජීවිතේ මොන පාටද කියන්නවත් හරියට නොදැකපු කොල්ලෙක්ව....ලස්සන හීන තිබුන කෙල්ලෙක්ව....අනික...උඹගෙ ඔය ප්‍රියම්බිකාව...ඒකිට පුලුවන්ද බන් අම්මෙක් වෙන්න....හරි....මේ අහපන්...මේ අහපන්....මං දැන් ප්‍රශ්නයක් අහනවා.....උඹයි ඒකියි බැන්දා කියමු....උඹගෙ දරුවෙක් ඔහොම උනොත්....උඹට පුලුවන්ද බාරගන්න.....නැත්තන් ...උඹට පුලුවන්ද මරල දාන්න...

ම්ම්..ම්...මල්..ලි....

නෑ.නෑ...හෝව්..හෝව්....ශාලික...උත්තර එපා...මට උත්තර එපා....එව්වා...උඹගෙ හෘද සාක්ශියත් එක්ක කතා බහ කරල උඹ විසදගනින්...මගෙ ටයිමින් හොද නම්...මේ වෙලාවෙ උඹගෙ ගෑනු පරානෙත් උඹ වගේම පිස්සුවෙන් ඇවිද ඇවිද....මං උඹගෙන් මෙවෙලෙ මේ දැන් අහපු ප්‍රශ්නෙටම උත්තර හොය හොය හෙලුවෙන් දුවනවා...

ශාලිකයව ගල් උනා.....සමාධි ඉන්නෙ සධීරගෙ අතේ කියන්න දන්න මට ඒකිගෙ කදුලු වල සුවදත් ඉවෙන් වගෙ දැනෙද්දි මං ශාලිකයගෙ සිහිය අගලෙන් අගල තවත් නැති කරලා.දැම්මා....

අනේ...එපා...ඒකිව...අයියො...එපා....සමාධි...අනෙ යකො තොපි මනුස්සයොද.....තොපි මනුස්සයොද යකෝ...

උඹලා මනුස්සයො වෙලා උන්නද ඇහුවොත්?????ශාලික...මේ ලෝකෙ කොහෙවත් පිම්පියො....පොන්නයො...සමනල්ලු...පී ඩයල් කියලා ජාතියක් නෑ...හැබැයි...උඹලා වගේ එවුන් ඉන්න තාක් කල් .....මිනිස්සුන්ට කවදාවත් උන් උන්ම වෙලා ජීවත් වෙනන් බැරි වේවි...මොකද උඹලා ලේබල් කරලා උන්ව

නොමර මරනවා....

උඹ හිතපන්....කවද හරි උඹගෙ දරුවෙක් නිම්න කෙනෙක් වෙලා...උඹල වහෙ එවුන් ගොඩකට කොටු උනොත්....හිතපන්.....හොදට හිතපන්...මොකද උඹලා උන්ව අමු අමුවට මැරුවනෙ....ඒ ගෙයි ඇතුල තවමත් අමු ලේ සුවදයි....එ ගෙයි ඇතුල.....අස්සෙ තවම උඹලා අතින් නොමැරි මැරුන නිම්නගෙ ලේ සුවදයි....උඹ දන්නවද.....බිත්ති පුරාවටම නිම්නලාගෙ වේදනාව ...ඒ අදෝනාව.....විලාප තිවිල්ල....තවමත් දෝංකාර දෙනවා.....

අනෙ....එපා.....මරන්න...එපා.....

මරන්න...එපා...ගගා..නිම්න...ලේ නාගන තට්ටම් වලින් බඩ ගානවා....ඇයි ඒ....ම්ම්ම්ම්....ඇයි ශාලික ඒ....

උඹලා හින්දා.....උඹලා උන්ව පිම්පියො කියලා හංවඩු ගහපු හන්දා...

හත් පාට ආදරයක් පිලිකුල් කරාපු උඹලා හන්දා...

උඹට අහන්න ඕනද...එයා කොහොමද ඇඩුවෙ....මරන්න එපාය කියලා වැද වැටුනෙ කොහොමද කියලා උඹට අහන්න ඕනද...ම්ම්ම්ම්...

අහන්න ඕනද...තට්ටම් වලින් අඩ අඩ පස්සෙන් පස්සට රූටනකොට ඒ පිම්පියගෙ ඔලුව මහ සද්දෙන් බිත්තියට ගහපු ගැහිල්ලට බිත්තිය අඩපු හැටි...ම්ම්ම්ම්....

කියපන්...උඹලා පොන්සියා කිය ජිය හංවඩු ගහපු ලස්සනම වචන තිබුන අද ජීවත් උනා නම්.....රහම වචනවලින් මිනිස්සුන්ව සනීප කරන්න පුලුවන් ඒ මනුස්සයගෙ අත් වලට වද දෙනකොට අත් එකතු කර කර ජීවිතේ හිගාකාපුහැටි අහන්න ඕනෙද.....

අනේ..අප්පච්චි ....එපා...ගෑවා...හරියටම අනේ ශාලික එපා ගගා උඹ ගාව වැද වැටුනා වගෙ......අප්පච්චි අනේ....මාව බේරපන් ගගා වැන්දා...හරියටම අනේ ශාලික මාව අතෑරපන් ගගා උඹගෙ කකුල් ගාව වැන්දා වගේ....

කියපන්.....උඹට අහන්න ඕනෙද....ම්ම්ම්...

මන් ශාලිකයගෙ ඔලුව අත ගෑවා....ඒත් මාව වෙව්ලනවා....මන් උගෙ කදුලු පිහ දැම්මා...ඒත් මාව වෙව්ලනවා...මගෙ කටහඩ තනිකරම දාම ඝාතකයෙක් හා සමානයි.....තනිකරම ඇස්කබාන් වල ආත්ම උරාගන්නෙක් හා සමානයි.....මගෙ ඇස් රතු වෙලා..ලේ නහර ඉලිප්පිලා.....මට ආදරේ කියල දුන්න...මට ජීවිතේ කියලා.දුන්න මගෙ දුයිශේන් ගැන කියනකොට මගෙ ඇස් වල ලේ නහර පුපුරන්න තරම් ඉලිප්පුනා....

ශාලිකයා ගල් ගැහිලා...කොටින්ම ඌගෙ හුස්ම නෑ.....එහෙන් දැන් ලීක් කරාපු වීඩියෝ එකට දැනටම මානුශීයත්වෙ ගැන හෑලි වැටෙනව...ඔස්තාර්ලා.....අම්ම අප්පගෙ සල්ලි වලින් බුකිය කලබන පකෙ ඔස්තාර්ලා.....ඒ අස්සෙන් හෘදයාංගමව දුක් වෙන මිනිස්සු....සමහරු මේ තත්පර ගාන ඇතුලත ඒවට බැක්ගෘව්න්ඩ් මියුසික් පවා එකතු කරලා...තනිකරම ඇගිලි සලකුන වගේ....

කණාමැදිරි රාත්‍රිය පටන් ගන්නකොට දාන අර ඇග හිරි වැටෙන මූසල ඈඩියාව එක්ක මගෙ නිම්න අත් එකතු කර කර වදින වීඩීයො එක සමාජ මාධ්‍ය කලබන්න ගත්තෙ එක විනාඩියක් වෙනකොට මේ කිසිම දෙයක් නොදන්න එක කොට්ඨාසයක් තවම නලින් පෙරේර්ගෙ වශී ගුලි කාලා සින්දු අහනව....

ම්...ම්..මල්ලි..අනෙ...නිම්න...

ශ්ශ්....ඇයි....අහන් ඉන්න අමාරුද.....උඹ ඌව මැරුවා....උඹලා හැමෝම එකතු වෙලාඒ අම්මා පුතාව දුවව අමු අමුවට මරාගත්තා....උඹ දන්නවද...මං.දැන් උඹව වත්තන් කරන් ඉන්න අත් වලින්මයි මගෙ නිම්නව ගොඩ ගත්තෙ.....

මං උඹව වත්තන් කරන් ඉන්න අත් වලින්මයි ඒ මූන අත ගෑවෙ....මං ඒකව මගෙ පපුවට තුරුල් කරගත්තා.....වැඩක් නෑ...මගෙ බිදුනු බිලින්දා යන්න ගිහිල්ලා...

මන් ඒ කටට මගෙ කට තියලා හුස්ම පිම්බා....වැඩක් නෑ...මගෙ අහිංසක කොල්ලා ජීවතුන් අතරින් යන්න ගිහිල්ලා....

උඹ දන්නවද....මන් මේ අත් වලින් ඒ පපුව තෙරපුවා...තෙරපුවා...තෙරපුවා....නෑ....බන්....නෑ.....මගෙ අහිංසකයා...උඹලගෙන් අනක් ගුනක් නැතුව ගුටි කාපු ඒඅහිංසකයා....එයා නෑ...මගෙ කොල්ලා යන්න.ගිහින්...

යන්න.ගිහින් නෙවෙ....උඹලා...හැමෝම එකතුවෙලා හවුලෙ ඌව මරා ගත්තා...

ඇහෙනවද උගෙ මරනෙ විලාපෙ...ම්ම්ම්ම්ම්

අනේ....ශාලික....මාව අතෑරප්න් ගානකොට ඒ ඇස් වල තිබුන වෙදනාව මනින්න උඹට මිනුමක් නැති වෙයි...

උඹ ඌව මරාගත්තා....

එපා යකො....එපා....ඕක ...ඕක....නවත්තපන්....ඕක..නවත්තපන්...දෙයියන්ගෙ...

නාමෙන්.....ඕක නවත්තපන්....නිම්න.....අනෙ..උඹට දෙයියො වදින අත් එකතු කරල වදින්නම්...සමාව....සමාව..දියන්.....මං උඹව මැරුවෙ.නෑ...නෑ..නෑ...මොන පිස්සු කතාවක්ද....

නිම්න...මම උඹවමරා ගත්තෙ නැ.....මං උඹව මගෙ යාලුවෙක් කරගන්නම්...වරෙන්..නිම්න...වරෙන්....මේ බලපන්...මේ... උඹගෙ වගෙම තුවාල මගෙ ඇගෙත් තියනවා....මට කියපන් නිම්න....මට කියපන්....මා එක්ක යාලු වෙනවා...නේ....

ආ නිම්න...මට කියපන් මචන්....උඹ මාඑක්ක තරහ නෑනෙ...මෙ...මෙ බලපන්...මගෙ අත...මේ..මං කපා ගන්නවා...මේ.....මේ බලපන් නිම්න...මුන් මාව නැති කරන්න හදනවා.....මුන්ට පිස්සු බන්....මං උඹව මැරුවෙ නෑ මචන්....මෙ බලපන්...මං උඹ්...වගේමයි..මට කියපන්...මං...කොච්චර හයියෙන්..ගහගන්න..ඕනද....නිම්න...මාව...මාව..බේරගනින් නිම්න.....

සාක්කුවට අත් දෙක ඔබාගන උන්න මං ඇස් හීනි කරන් අමු හෙලුවෙන් ඉදන් උම්තුවෙන් හිනා වෙන අඩන ශාලික දිහා බලන් උන්නා....

මයුරයා...

ඇරපන් දොර.....ලීක් කරන්න පුලුවන් කොහොමද....හැම විදිහටම දාපන්....

මං බලාගන උන්නා...අරූ උමතුවෙන් අර වීදුරු කටු අරන් උගෙ අත මැල්ලුම් ලියනවා වගේ ලියාගන්න ගමන් පුලුවන් තරම් වේගෙන් නලල බිත්තියෙ ගහගත්තා.....බේර ගන්න කියනවා...සමාව ඉල්ලනවා...පාපොච්චාරනෙ කරානවා...උගෙ පපුවට ගහගගන්නව...පුලුවන් තරම් කම්මුලට ගහගන්නවා....

න්..නිම්න...වරෙන්...නම්න...මට..මට කෙල ගහපන්...මං...මන් තරහා නෑ...

මට කෙල ගහපන්....මට ගහපන්....නිම්න...

මම බලාගන උන්නා...කල්පන උදාර බලාගන උන්නා...අරූ අමු හෙලුවෙන් ඌගෙම ඇගටම කෙල ගගහා අපේ පය පාමුලට මාරුවෙන් මාරුවට රූට රූට කෙල ගගපන් නිම්න...ගගා උමතුවෙන් කෑ ගගහා අඩනකොට මං බලාගන උන්නා...

ඌ අඩනවා...සමාව ඉල්ලනවා...ආය කවදාවත් එහෙම කරන් නෑ කියනවා....ඌට ජීවත් වෙන්න දෙන්න කියනවා......ඌ වරදී කියනවා.....

කාලකන්නි...මොකට ජීවත් වෙනවද....තොපිට වැහි නැති හෙන ගහන්න ඕන....

Http උඹට හෙන ගහපන්....

සක්කිලි....රෙද්දෙ පිහන්න ඕන උන් ඉපදිලා.....

අනේ...අර කොල්ලට ඇයි දෙයියනෙ ඔහොමකරන්නෙ....බුදු සරනයි රත්තරන් පුතේ.....

අරූ ඌවම කපා ගන්නාවා....ඌටම.වද දීගන්නවා...ඒ අතර මම අර වීඩියෝ එකට සට සට ගාලා වැටෙන කමෙන්ට් බල බල ඉදල මගෙ ගාවට ඇවිදින් මගෙන් කෙල ගහන්න කිය කිය අඩා වැටෙන ශාලික දිහාවට නැවුනා....ඌට දැන් අපි හැමෝවම පේන්නෙ නිම්න වගෙ...ඌ අපි හැමෝටම කතා කෙරුවෙ නිම්න කියලා.....

නිම්න..මං...මං උඹව යාලුවෙක්.....කරගන්නම්.....මට..මට කෙල ගහපන්...නිම්න....

ශාලික.....මෙ.....බලපන්....උඹට දැම්මම නිවන් සුව පතලා....හරියටම උඹ නිම්නගෙ මූනටම පිම්පියට නිවන් සුව කියලා කෙල ගැහුවා වගේ....මේ...මේ බලපන්....මේ....මේ බලපන්...උඹලට සාප ඉල්ලලා.....උඹලා වගේ උන් සරමෙ පිහන්න ඕන කියලා හෑලි ලියවිලා...හිතපන්...උඹලා පිලිකුල් කරපු කොල්ලගෙ පැත්තට මෙහෙම මිනිස්සු එකතු උනා කියන්නෙ.....

න්..නිම්න....නිම්නට...පුලුවන් ...නේද...මාව..බේරගන්න.....

අනිවාර්යයෙන්ම .....නිම්නට පුලුවන් ...අනිවාර්යයෙන්ම පුලුවන් .....ඒ විතරක් ..නෙවෙ...නිම්න...උඹට සමාවත් දුන්නා....

ස්..සමාව...එයා...මට...සමාව...නෑ...මං...මං..නිම්නව...රිදෙව්වා...මං...නිම්නට...කෙල..ගැහුවා....මං....ඒ.කොල්ලගෙ...මූනටම...කෙල.....ගැහුවා...ඌ...ලව්වා...මං...මගෙ...සපත්තු...පිහ..දැම්මෙව්වා....මං...මං.....උගෙ...රෙදි....ඉරුවා.....

ම්ම්ම්ම්.....ජීවත් වෙන එක සාදාරනද....මං උඹට සමාව දුන්නා....මගෙ නිම්නත් සමාව දුන්නා....උඹට මතකද උඹ මුලු ටවුමක් ඉස්සරහම කොල්ලට කුනු බිත්තර ගැහුවා...ගැන්සියක්ම. එකතුවෙලා....ම්ම්ම් මතකද.....

ම්..මතකයි...මං..නිම්නව....ලැජ්ජා...

කෙරුවා....එකෙක්...දෙන්නෙක්...නෙවෙ...කො..කොහෙද....කොහෙද....ඉන්නෙ...

නිම්න....කොහෙද...මට..නිම්න...ගාවට...යන්න..ඕනෙ....නිම්න..මං..උඹට...කෙල ගැහුවා...මං...උඹව...පිලිකුල්...කෙරුව....මා...ව..මරපන්...නිම්න.....මාව...මාව...මරලා..දාපන්.....නිම්න...

උඹට යන්න පුලුවන් .....උඹට...ඕන....තැනක යන්න පුලුවන් ...ගිහින්...උඹ කියපු..කරපු....ඔක්කෝම....හැමෝටම...කියන්න ඕන....පුලුවන්ද ....????ම්ම්ම්...උඹ අහිංසක කොල්ලෙක්ට කරපු අපරාදෙ කියන්න පුලුවන්ද ....යමන්...උඹට පුලුවන් ....උඹට...පුලුවන් .....දැනටමත් ඔඩිටෝරියම් එකට උඹගෙ කෙරුම තිරගත වෙන්න පටන්.අරන්....අනිත් පැත්තෙන්.උඹගෙ ආදරේ....සමාධි.....

හිතපන්...ජීවත් වෙන එක සාධාරනද...ම්ම්ම්....ඔරලොසු කනුව ගාව..දෙනෝ දහක් මැද...ආප්පි....ආප්පි.....ගගා...අර කෙල්ලට හූ කියපු හැටි මතකද.....ම්ම්ම්

.....නෑඹිලි අතුල්ලලා.මහන්සිද...ආප්ප දාලා...අමාරුද...ගගා හූ කියපු හැටි උඹට මතකද.....සෙනග ගොඩක් මැද.....නිකන් නෙවෙ...සෙනග ගොඩක් මැද.....උඹට ඕන සමාවද.....

ස්..ස්..සමාව....සමාව...මං...හූ කිව්වා....සුචිත්‍රා...මැඩම්ට...මං....කැලෑ...

පත්තර....ඇලෙව්වා.....නිම්න...අපි...උඹව...නොමරා..මැරුවා...සමාව...මට...සමාව...නිම්න....නිම්න....උඹ...කොහෙද...මං..එනවා.නිම්න....මං...එනවා...නිම්න.....

මයුරයා...

යන්න ඇරපන්.....ඔය උමතුවෙම්ම යන්න ඇරපන්.....දැනටමත් ගමම කැලඹිලා අහවරයි...මේ යන්නෙ ජයවර්ධනලගෙ කාලෙ.නෙවෙ.....මේ යන්නෙ හත්පාටටත් ආදරේ කරන්න පටන් ගන්න මිනිස්සු ඉන්න කාලෙ...යන්න ඇරපන්....මනස්තාපනේ වෙවී...සිහි විකල්ලෙන් යන්න ඇරපන්.......

කල්පනයා මගෙ අත මිරිකගත්තා....අමු හෙලුවෙන්....ඇගේ නූල් පටක් නැතුව...පුලුවන් තරම්.බිත්තියෙ ඇනගත්තු නලලෙන් වැක්කෙරෙන ලේ ගංගා එක්ක.....වීදුරු කටු වලින් මැල්ලුම් ලියන්න වගේ ලියාගත්තු අතේ මස් වැදලි එල්ලෙන වෙලාවක....ශාලික දිව්වා..හිනා වෙවී...අඩ අඩ.....මන් නිම්නට මෙහෙම කිව්ව....මං නිම්නට අරහෙම කිව්වාගගා දුවනකොට කල් යල් බලලා යවපු බිදුනු බිලින්දෙක්ගෙ ශෝකාලාපෙ අමු අමුවෙ මේ වෙලාවෙ තිරගත වෙනගමන් තිබුනා වගේම.වැහුන ඔඩිටෝරියම් එකේ.දොරවල් සට සට ගාලා ඇරෙන්න ගත්තා...

ශාලික දුවනවා...අමු හෙලුවෙන්....වාහන වලට හැප්පෙන්න යනවා.....බේරෙනවා....වැටෙනව...අත පයවල ලෙලි යනවා...මම ඒ කොල්ලට දෙන්න පුලුවන් දෙතිස් වදේම දුන්න ගගා මාකට් පාරෙ දුවන ශාලිකයා දිහා මිනිස්සු කටට අත් තියාගන බලාගන උන්නා.....

අංජලිකට වෙන් උන අර රමනීය රාත්‍රිය අහවරයි...

මගෙ ඇස් වලින් කදුලු වැටෙනවා....එහෙන් වීඩියෝ එක සට සට ගගා ශෙයාර් වෙනවා....

අ...අනූ...

ඉවරයක් නෑ....ඇස්වලින් කදුලු ගලනවා...හරියටම මහ මුහුද වාරකන් ගහනවා වගෙ.....

අනූ..ශාලික....

ශාලිකයා.දුවනවා...හූ.කියනවා..

කොන්ඩෙන් ඇදගන්නවා.....නිම්නව දැක්කට පස්සෙ සිහිය විකල් වෙන්න.ගත්තු උගෙ සිහිය ඌ කරපු වැරදිම.ආපිට රිපීට් වෙනකොට නැත්තටම.නැති වෙලා.යන්න ගත්තා...

මේ.යන්නෙ අර තිරිසනා...

අයියෝ...මූ.නේද.අර වීඩියෝ එකේ.කොලුවට ගැහුවෙ....

මූනටම කෙල ගැහුවෙ මූ තමයි....

කාලකන්නියා....

මුන් පව්කාරයො....

අයියො...අර අසරනය ඇදුම්.ඉලල අඩනවා දෙයියනේ...

ලැජ්ජා නැති එකා....මූ පව් කරලා.තව.කියවනවා....

පිම්පියලු...මොකාද යකො පිම්පියා...

ඕකටයි කෙල ගගන්න ඕන...තිරිසනා.....තව උන් ඉන්නවා....!!

ඇහෙනවද මගෙ වස්තු...මිනිස්සු උඹලගෙ පැත්තට කතා කරනවා...ඇහෙනවද...මගෙ.....නිම්න...

මුලු මාකට් පාරම තනිකරම දෙබරකූඩෙට ගල් ගැහුවා වගේ....ශාලිකයා අඩ අඩ.හින වෙවී...හූ.තිය තිය දුවනකොට තව පැත්තකින් සමාධි දුවලා තිබුනා.....එක පොදියට පොරකන මිනිස්සු ගොඩෙ ඉදන් කරපු පව් කිය කිය දුවන ශාලිකයා දිහා බලන් උන්න මං එයාගෙ දිහා බලනකොට මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනා....

ශාලිකයා මහ පොලවෙ පස් කනවා.....වැලි අහුරු පිටින් ඔලුවෙ.හලාගන නිම්නගෙ මරනෙට ඌත් වග කියන්න ඕන ගගා කෑ ගගහා අඩ අඩ මාව මරපල්ලා ගගා වැද වැටෙනකොට මං බලාගන මිනිස්සු ඌට කෙල ගහනවා...

අමානුශීයයි....නිදන් කතාව නොදන්න එවුන්ට...

අමානුශීයයි...බිදුන බිලින්දගෙ වේදනාව නොදැක්ක එවුන්ට....

මං....ඌව මැරුවෙ නෑ....රත්තරන් ....ඌටම...මැරෙන්න පාර කැපුවා....ඒ ලේවලින් මන්...නිදහස්...මගෙ..නිම්න.....ඌම...

ඌව මරන්න..කිය කිය කෑ ගහන හැටි අර ඇහෙනවද....

ඔය කෑගහන්නෙ ඌ නෙවෙ...

උගෙ හෘද සාක්ශිය....අහලා තියනවද....මොන සෙල්ලම් දැම්මත්..හෘද සාක්ශිය නඩු අහන දාට ගැලවීමක් නෑ කියලා .....මට කියපන්.....

උඹට සැනසීමක් දැනෙනවද මගෙ රත්තරන් .....උඹගෙ මූනට වැදුන කෙලපාරවල් වල ගන්දස්සාරෙ අහවරද කියපන් මගෙ රත්තරන් .....උන් උඹව දනින් ඇවිද්දෙව්වා..සමාව ගන්න කිව්වා...ඒ වේදනා අහවරද මගෙ රත්තරන් ....

උඹ...මහන්සියෙන්...මගෙ මයුර.....

හ්ම්.....මාව....ලගට ගනින්...නිම්න....මාව...වැටෙන්න නොදී...අල්ලගනින්....කකුල්...පන...නෑ.....ගැහුවෙ...උඹට....රිදෙන්නෙ...මට........

මේ සෙනග ගොඩේ තෙරපි තෙරපි උන්න මාව විසික් වෙලා ගියා....ශාලිකයගෙ විලාපෙ.....සමාව ගැනීම් විතරක් නෙවෙ...අවසානෙදි උගෙම.මරනෙ...ඌම ඉල්ලන තැනට වැටිලා වේදනාවෙන් දුවනකොට මගෙ නිම්න මාව අල්ල ගත්තා.......

අදින්...පස්සෙ....නිම්නලා...ජනත්ලා..

වෙනුවෙන්.....ටිකෙන්...ටික....මිනිස්සු...

එකතු...වෙයි....මගෙ...නිම්න.....

අනේ..මාව...මරපල්ලා...මං...ඒ...අසරනයව...නොමරා....මැරුවා.....මාව..ත්...මරපන්...නිම්න.....උඹ්ට...දුන්න...වේදනාවට...මාව....ත්...මරපන්...මට...බැරි...උනා....උඹව...යාලුවෙක්...කරගන්න...

මාව....ත්...මරපන්....බන්.......

🥺....ආය කොටසකින් එනකන්...පයිස්සමින් ඉන්ඩ...අනේ.....

😓ආතරෙයි අප්පා...මෙ.යස්ස බුංජියා හැමෝටම

මම.ජොබී බුංජියා

Nedeesha ❤

More Chapters