.....අනූ...
ම්ම්ම්...
දවසක් ඇතුලත..නෑ...හෝරා ගානක් ඇතුලත වෙන්න ඕන මොනවද නැත්තෙ මොනවද කියන්න මම දන්නෙ නෑ... වෙන්න ඕන මොනවද....ඒහැම දේම නූලට තිතට උනා....
මීට හෝරා ගානකට ඉහලදි යකාගෙ කම්මල උනේ මයුරගෙ මේ පපුව....කදුළු පෙර පෙර තමන්ටම කෙල ගහගත්තු ශාලික අවසානෙදි අනුන්ගෙ කෙල වලින් නාන හැටි මං බලන් උන්නෙ හිතක් පපුවක් නැතිම ගානට වෙනකොට
ශාලිකගෙ මරනෙ කියන්නෙ නිම්නගෙ ශෝකාලාපයත් උගෙ පිලිකුලත් එකට හාමු උන හැගීමක් වෙනකොට අවසානෙදි මන් හරි සැනසීමෙන් පහල වෙල් යාය දිහාව බලාගන උන්නා......
මොකද ඌ මැරුනා...
මොකද මගෙ ඇස් පනා පිටම ඌ දගලලා..දගලලා...අර හුස්ම පොද අවසානෙදි නාස් පුඩුවලින් පාවෙලා යන්න යන හැටි මම ගහක් ගලක් වගේ බලන් උන්නා...
හරියටම ජනත් අයියගෙ එල්ලෙන මලකද දිහා බල උන්නා වගේම...හැබැයි එක වෙනසක් තියනවා.....සාතිශය සංවේගය කියන වචනෙ මගෙ හිතෙ අහලකින්වත් ගියෙ නෑ...
අපගෙ බලවත් කනගාටුව කියන අර වේදනාත්මක වදන මගෙ හිත කොනකවත් තිබුන් නෑ....
මට දැනුනෙ පුදුමාකාර සනීපයක් ...සැහැල්ලුවක්.....
හැබැයි ඒ සැහැල්ලුව තිබුනෙ මට විතරයි ...මට වගෙම මගෙ ආදරනීය හර්ද වස්තුව උන නිම්නට විතරයි.....
නිවනක් නෑ...ඵෝන් එකට නිවනක් නෑ.....ඊයෙ රැයෙන් පටන් ගත්තු සන්නිය තව අහවර නෑ...ගල් මුල් විතරක් නෙවෙ මිනිස්සුන්ගෙ කෙල පාරවල් ගනින්න බැරි තරමට නාපු ශාලිකගෙ හෙලුව දරාගන උන්න බාල්කෙ උන්නෙ උඹගෙ පව්කාර කුනත් මගෙ පිටින් එල්ලුවෙ ඇයි අහන්න වගෙ තරහවකින් බුම්මගන...මිනිස්සුන්ගෙ කැමරා කාච පුරා උන්නෙ ශාලික....
මං මගෙ ජීවිතෙ කිසිම තැනක මලකදක් දරන් ඉන්න බාල්කයක් පිලිකුලෙන් රවන් ඉන්නව දැකලා තිබුන් නෑ...ජනත් අයියා එල්ලුන දා ඇස්වලින් කදුලු හැලුවෙ සජීවි වස්තු විතරක් නෙවෙ...ඒ රාත්තල් ගාන දරාගත්තු ඒ අජීවි වස්තුව පවා ඉකිගහල ඇඩුවා...ඒත් ඊයෙ රෑ ජාමෙ.....ඒ රෑ ජාමෙ පුරාවටම තිබුනෙ ඇනුම් බැනුම් විතරයි...කාටත් නෙවෙ පිස්සුවෙන් වගේ මිනිස්සුන්ගෙ මනුස්ස ගති බුර බුරා නැගෙන ගිනි දැල් තනිකරම ඇවිලුනෙ නිම්න කියන අර අහිංසක කමේ ප්‍රතිමූර්තිය සදහටම පරකරාපු මෘගයන්ට විතරක් වෙනකොට හෙලුවෙන් ගම පුරාවටම දුවපු ඒ පිරිමි පරානෙටත් ස්ත්‍ර්‍රී පරානෙට වත් අනේ අපොයි කියන්න බල්ලෙක් උන්නෙ නෑ....
උන් දිව්වා.....ඇග පුරාවටම එකම නූල්පටක් නැතුව දුවාපු ස්ත්‍රී පරානෙ....දුවනවා..දුවනවා ඉවරයක් නෑ..කොහෙන් කොහෙට දුවන්නද ඒකිට නිනව් නෑ...දෙනෝ දහක් මැද ආප්පි....ආප්පි කිය කියා නිම්නාව පන පිටින් නිරුවස්ත්තර කරාපු ඒකිට වෙච්ච දේ ඒකිවත් දන්නෙ නෑ...මං බලාගන උන්නා... නිම්නා අක්කගෙ ආත්මෙ වැහුන සමාධිගෙ සිහිය කොහෙ තිබුනද කියන්න සක්කරයා වත් නොදන්න තරමට ඒකි අවුල් වෙලා ගියා...
හිනා උනා...හූ තිබ්බා.....ඒකිගෙ පාපොච්චාරනේ මුලු මීගමුවටම ඇහුනා.....
ස්ත්‍රී අගපසගට නිස් කාරනෙ හතර අතින් හුලන් වද්දවගන්න හේතු නොදන්න අතීත වස්තු කතාව නොදන්න බොහෝමයක් එවුන් මුලින් මුලින් ඊයෙ පෙරේදාවක තදටම හිට් උන් අර පපු කැහුතු කැඩෙන්න එක දුක්බරම සින්දු එක්ක "කවුරු උනත් මේත් කාගෙ අම්මෙක් නෙ...අක්කෙක්නෙ.....නංගියෙක්නෙ" කියලා කියන්න පටන් ගත්තා....
සමහරෙක් ඒ ස්ත්‍රී පරානෙ.....නෑ මං හිතන්නෙ මට වැරදුනා...වැරදිලා මිනිස් රූපයක් ගත්ත යක්ශ පරානෙව අර අහිංසක මනම්පේරි කරලා...සමහරක් ඒකිව පටාචාරෙක් කරවලා....
ඒකිගෙ හෙලුවට පාදක උන කිසිම ජඩ වැඩක කරුනු කාරනා නොදන්න තවත් සමහර එවුන් කෙරුවෙ ඒකිගෙ හෙලුව දිහා බලන් ඉදලා දෙපරැන්ද මැද තියන ස්ත්‍රී නිමිත්ත දිහාව හොරැහින් රහ බලපු එක....අනේ මුන් අර පටාචාරව හිත් ඇතුලෙන් කෙලසන්න ගත්තා....
මේක ඇවිදින් ෆිල්ම් එකක්....මොකක්ද කියන්න හේතුව නොදැන ඒකිව ඉහලින්ම වර්නනා කරන හැටි බලන්න ඕන උන්ට මං තවත් එකිව වර්නනා කරන්න දීලා අවසානෙදි උන් හැමෝගෙම අර මානුශීය හදවත් කුඩු පට්ටම් කරලා දැම්මා...
මිනිස්සුන්ගෙ හිත් වෙනස් උනා....ඒක හිතන්න අමාරු වේගෙන්....
ඒකෙත් හැටි පුදුමෙ කියන්නෙ කට පුරාවටම පටාචාරා කියාපු එවුන් දුක් උන එවුන් එක පාරම පටාචාරව වෙසගනක් කෙරුවා.....එතනින් එහා තිබුනෙම ස්ත්‍රී නිමිත්ත දෙබෑ කරන් පිරිමි නිමිත්තක් ඇතුලු නොකරම වාග් ප්‍රහාර වලින් සමාධිව බඩ දරු කිරීමක් වෙනකොට නම් ගම් නොකියා මේ ඛේදාන්තෙ අමු අමුවෙම රහ බලපු මගෙ රත්තරන් නිම්න ගැන වගේම නිම්නා ගැන වෙද්දි. මිනිස්සු පපු පලාගන දුක වේදනාව කිය කිය සමාධිගෙත් ශාලිකගෙත් ආත්මවලට පවා සාප ඉල්ලුවා...
ඒ විතරක් නෙවෙ...මගෙ කොල්ලව අමු අමුවෙ රිදවාපු එවුන් හැමෝවම මිනිස්සු හොයන් යන තැනට මේ සිද්දිය දරුනු උනා...
මෙච්චර කල් හැංගි හැංගි ජීවත් උන සමහරක් දේදුනු පාට හිත් තමන්ගෙ පේස්බුක් පිටුව අස්සෙ මගෙ නිම්න වෙනුවෙන් අක්කා වෙනුවෙන් එයාලා ගාව තියන ලස්සනම වචන වලින් හිත හදලා තිබුනා...
හිත හයිය කරගන්න...අපි ඉන්නවා ඔයාලා එක්ක කියලා තිබුනා ...ඒත් ඒ කවුරුත් දන්නෙ නෑ ඒ දෙන්නම අද ලෑලි පොලව ඇතුලෙ තදින් ඇස් පියාගන කියන්න....
අනූ.....
මගෙ රත්තරන් දෙවනි පාරටත් මට කතා කෙරුවා.....ඒත් මගෙ ඇස් තිබුනෙ පිනි බින්දු වැටුන කොලම කොලපාට අර වෙල් යාය දිහාවට වෙනකොට මං බලාගන මෙච්චර වෙලාම.හැංගීගන උන්න කොකෙක් උගෙ කිරි සුදු පාට අත් තටු පෙන්නගන පියාඹගන යනවා.....
සීතලයි.... ...
මෙච්චර වෙලාම යකාගෙ කම්මලෙ මයින හම ඇදපු මං මගෙ ගාව ඉදන් මගෙ අත් ගොබෙ හරි හිමීට පිරිමදින නිම්න දිහාව බලන් මිමිනුවා එයා හිනා උනා...
සීතලයි නේන්නම්..ඔයා මොකුත් උඩට ඇදලා නෑනෙ...
කව්ද.ඉතින් ගැලෙව්වෙ ම්ම්ම්ම්...
අනූ...හ්හ්
ඇයි ලැජ්ජද....මතක් කරනකොට ....ගලවන්න විතරද පුලුවන් අන්දවන්න බැරිද??
මං ඇස් හීනි අරගත්තා.....රෝමය ගිනි ගද්දි නීරෝ වීණා වාදනේ කෙරුවලු...ඇත්ත...මුලු ගමක්ම ගිනි ගන්නකොට ඊයෙ රෑ මගෙ කාමරේ පුරාවටම මධුර සුයාමයකින් පිරිලා ගියා....එකතු වීමක් නැති උනාට මොකද හාදුවක ගැඹුර හොයන්න ගිය මගෙ ඇග පුරාවටම නිම්නගෙ දත් පාරවල් ශේශ උනා.....
කොටින්ම මම උන්නෙ හරි සැනසීමෙන්...මගෙ නිම්න උන්නෙ හරි සැනසීමෙන්...ස්වයං පාපොච්චාරණයක් එක්ක තමන්ගෙ අතින්ම තමන්ව මරගත්තු ශාලික සමාධි මැරුනෙම මරනෙ ඉල්ලලා වැද වැටිලා වෙනකොට ඒ රෑ කියන්නෙ මට වගේම මගෙ නිම්නට පුදුමාකාර සැනසීමක් දැනුන රාත්තිරියක් වෙද්දි මම එයා එක්ක ඒ සැනසීම සැමරුවා...ඇග ගිනියම් කරන මදු විතවල් මගෙ උගුරෙන් පල්ලම් බැහැපු තැනක සන්තකේටම තිබුන අලුපාට බතික් සරම මගෙ නිම්න අතින් ගැලවිලා ගියා......
ඇදන් උන්න ඇදි වතේ නූල්පටක් ඉතිරි නොවෙන්නම ඒ සුදු ඇගිලි මාව නිර්වස්ත්‍ර කෙරුවා ....ආදරනීයයි....නිම්නගෙ ආදරේ පුදුමාකාර තරම් ගැඹුරුයි.....ඒ හාදු අමෘතයක් සමානයි...නිලකපිතාන් මම උනත්....ගෙවුන රැය පුරාවටම සුක්කානම තිබුනෙ නිම්නගෙ අත් වල.....ආදර කතාවෙ තොටියා මම උනත්....ඒ ගෙවුන පැය ගාන ඇතුලෙ හබල තිබුනෙ එයාගෙ සන්තකෙ...
යටකරගන්න එකා මම උනත්.....හාදුවකින් එහා මොකුත් නොවෙන බව දන්න හන්දම ස්වකැමැත්තෙම්ම මං කපිතාන් තනතුර නිම්නට දෙනකොට මගෙ කපිතාන් කෙරුවෙම යකාගෙ කම්මල උන මගෙ පපුවට ආදරේ පුරවාපු එක.....සමහර විට මගෙ ඇද රෙද්දට අද හෙටම ඇඹුල් කන්න හිතේවි...කාමරෙන් එකයි වෙරලු මල් සුවද...ඊලග වසන්තෙකදි නම් ඒ සුදු කලවා වෙරලු මල් සුවදින් තෙමිලා යාවි ඒක නම් ඉරහදටත් වඩා ස්තීර උනත්....හාදුවකින් එහා මට ඒ බිදුනු බිලින්දව බිදින්න බැරි කමට වෙරලු මල්වල ගිනියමෙ රහ මං ඇද රෙද්දට බලන්න දුන්නා.....
අනූ ඉන්නෙ සතුටින්.....එහෙම නේද.....
ම්න්...
කොලම කොල පාට ගොයම හුලන් අතට එහෙ යනවා...මෙහෙ යනවා...ඒත් ඉතින් දැන් හැම දේම වල් වැදිලා....අදේට ගත්ත එවුනුත් දැන් දාලා ගිහිල්ලා...අතරින් පතර ඉතුරු උන ගොයමක් දෙකක් ඇරුනම මුලු වෙලම වල් ගස් බද්දට අරන් තිබුනා....කක්කුන් කෙකටිය විතරක් නෙවෙ..ඇබිති සයිස් මාලු පැටව් ගනසැරේට උන්ගෙ රාජධානිය පුරාවටම පිනුම් ගහනකොට වෙලෙන් එන අමූතු සුවදට ඉව අල්ලන් උන්න මගෙ දිහා බලන් උන්න නිම්න මගෙ ඔලුව අත ගෑවා....
සනීපයි.....පුදුමාකාර තරම් සනීපයි..... ඒ අත් වල ආදරේ පිරිලා....උනුහුම පිරිලා....අර කතාවක් තියනවනෙ මිනිස්සු උයනකොටත් ආදරේ කලවම් කරනවයි කියලා ....සමහර මිනිස්සුන්ගෙ සර්වාංග පුරාවටම ආදරේ පිරිලා තිබුනා....ඇල්ලුවත් ඇති හිතට සැනසීමයි කියන අත් මේ ලෝකෙ කොහෙත් තිබුනා..මගෙ නිම්නත් ඒ වගේ කෙනෙක්....ඒ අත් අස්සෙ ආදරේ පිරිලා තිබුනා...අනූ...චූචි බුංජියයි ඉව්වෙ කියන දාට හට්ටි අස්සෙ ආදර හොදි පිනි ආදරෙත් එක්ක සුවද ගැහුවා....
පව් කාරයා.....
මොකක්ද අනූ....කව්ද.....
මම මිමිනුවෙ මටම විතරක් ඇහෙන්න උනත් එයාට ඒක ඇහුනා....
පව් කාරයා කියලා කිව්වෙ....
කාටද....
උඹගෙ මහ එකා....
.....
ඔහොම බලන් ඉන්න එපා වස්තු..... ඉස්සරහට වෙන්න තියන දේ මොක උනත්...අද මං ඉන්නෙ හරි සතුටින්....මේ එලි උන පැයෙ ඉදන්...මහ පොලවට එලිය වැටුන තැන ඉදන් මං ඉරත් එක්ක තරහා බදින තරමට උඹගෙ ආදරෙ අස්සෙ ගිලිලා උන්නා...දන්නවද... මේ තත්පරේදි මන් හිතුවෙ ඇයි එලි උනේ කියලා....මට හරි ලෝබයි....උඹ ඒ තරම් ආදරෙ පිරුන හිතක් තියන මනුස්සයෙක් නිම්න....එහෙම මනුස්සයෙක්ව නිස් කාරනේ මරාපු ඌ පව් කාරයා නෙවෙද මගෙ නිම්න...
උඹගෙ ඇස් දුකින් පිරෙනවට මං කැමති නෑ නිම්න....දන්නවද...අපේ කමනි කිව්වා නිම්නට තියෙන්නෙ හිනා වෙන ඇස් දෙකක් කියලා .....ඒක මට නෙවෙ....රොහාන්ට කිව්වෙ...මට ඇහුනා...ඇත්ත....උඹට තියෙන්නෙ හිනා වෙන ඇස්.....හිනා වෙන ඇස් ආදරේ පිරුන අත් කියන්නෙ දේව ආශිර්වාද .....
ඒත් මං අදටත් මේ තත්පරේදිත් ඔය දේව මන්ඩලෙන් අහන්නෙ ඔය තරම්ම ආදරෙ පුරවලා අඹාපු මනුස්සයගෙ ආයුශ කෙටි කෙරුවෙ ඇයි කියලා ...ඒ තරම්ම ආශිර්වාද පුරවලා මවාපු උඹගෙ ජීවන රේකාව අල්ලි දෙකක් තරමට ඇන්දෙ ඇයි කියල මං මේ තත්පරෙත් අහනවා නිම්න....
උඹට පුලුවන් හිස්ම හිස් පිටුවක් අස්සෙදි හුස්ම ගන්න අකුරු ලියන්න....ආදරේ පාට මොකක්ද නොදන්න මිනිස්සුන්ට පවා ආදරෙ හැගීම් ඇති කරන අකුරු වලට පන ගස්සන්න...උඹට පුලුවන් නිම්න හත්කඩකට ඔලුව පැලෙන්න එන වෙලාවකදිත් එක ස්පර්ශෙකින් පවා ඒ ඉහෙ ඇම්ම නැති කරන්න...
මන් ආසයි නිම්න උඹට තුරුල් වෙන්න....පපු මැද්දෑවට මූන තියාගත්තම එන සුවදට මං හරි ලෝබයි නිම්න...මං උඹගෙ හාදුවලට හරි ලෝබයි නිම්න...මන්දා....උඹ කියන්නෙ ආදරෙ වෙනුවෙම්ම ඉපදුන මනුස්සයෙක්..ආදරේ මර්මස්තානෙ නම් උඹයි නිම්න....
ඉතින් උඹව නැති කරාපු ඌට මං පව්කාරයා නොකියා වෙන මොනවා කියන්නද .....මං ඌට සාප කරනවා ඇර තව මොනවා කියන්නද නිම්න....
ඇති ඔය.....මහන්සී ඔයාට....මං ආස නෑ මේ මුන තරහෙන් පිරෙනවට...
ම්න්.....ඒ හින්දද හැම වෙලාවෙම පුංචි හාදුවකින් හරි මාව ආදරෙන් පුරවන්නෙ....
....ඔව්.....මට ඕනෙ මගෙ මයුර ආදරෙන් පිරෙනවා දකින්න.....මගෙමයුර විතරක් නෙවෙ..මට ඕනෙ මේ ලෝකෙම මිනිස්සු සතුටින් පිරෙනවන් දකින්න..ආදරෙන් පිරෙනවා දකින්න....මිනිස්සු ආදරනීය වෙනකොට හරි ලස්සනයි මගෙ මයුර.....ජීවිතේ කියන්නෙ එක්තරා ඇස් බැන්දුමක්...හරි අඩක් හෝ...තුන්කාලක්ම පිරිලා තියෙන්නෙ වේදනාවෙන්....මිනිස්සු වේදනාව වහගන්න නොකරන දෙයක් නෑ මයුර....උන් උන්වම බොරුවලින් සනසවගන්න උන් උන්ටම බොරු කරගන්නවා...එහෙම බැලුවම ජීවිතෙ කියන්නෙ ඇස්බැන්දුමක් වගේම බොරුවක්...මිනිස්සු කොහෙන් කෙරුවත් හොයන්නෙ සැනසීම මගෙ මයුර....මට ඕනෙ ඔයා සැනසීමෙන් ඉන්නවා දකින්න...මට ඕනෙ ඔයා හිනා වෙලා ඉන්නව දකින්න....මොකද ඔයා මගෙ සැනසීම ප්‍රාර්තනා කෙරුවට...මගෙ සැනසීම කියන්නෙ උඹයි මගෙ මයුර....ඒ නිසා.... මගෙ ආදරනීය සැනසීම.... හිනා වෙලා ඉන්න.....

එයා අවසානෙදි මගෙ දිහා බලලා හරි ලස්සන තිබ්බා...නිකන් නෙවෙ මට අලුත් කාර්ඩ් එකක් එක්ක....මයුර...මගෙ අනූ....රත්තරන් කියලා කතා කරන එයා අද මට තවත් ආදරනීය නමක් එකතු කෙරුවා.....එයා මට කතාකෙරුවෙ එයාගෙ සැනසීම කියලා .....ඇත්ත....නිමනත්...මමත්...
අපි දෙන්නම.....අපි දෙන්නගෙම සැනසීම.....
ඇත්ත....ඔයගෙ වගේම මගෙ සැනසීම අපිමයි .....මං ඔයාට සරුංගලයක් හදලා දෙන්නද....??
කොච්චරවාත් සර සුරු ගගා එහා මෙහා වැනෙන වෙලේ වල් ගාල දිහා බලාගන මං එයාගෙන් සරුංගලයක් හදල දෙන්නද ඇහුවා...ඒ මුන හිනාවෙන් පිරෙන්න ඕන කරන්නෙ පුංචිම පුංචි දේවල් විතරයි කියන්න හොදටම දන්න මං බලාගන ඉන්නකොට ඒ මූන හිනාවෙන් පිරුනා...හිනාව පිටාර ගැලුවා.....
හා....මට දිග රැලි දාලා එකක් හදල දෙනවද....
ම්න්...
අනූ....ඔයාට නයෙක් වගෙ එකක් හදන්න පුලුවන්ද ...
ම්න්...
අනූ දන්නවද....
මොකක්ද.....
එයා මගෙන් දිග රැලි සරුංගලයක් අහනවා....නයෙක් හදන්න දන්නවද අහනවා...උඹ සතුටින් නම් මං නයෙක් නෙවෙ හුඹහක් හරි හදන්නම් රත්තරන් කියලා කියන්න හදපු මාව නැවතුනා..මොකද එයාගෙන් ආපහු හරි බර හුස්මක් පිට උනා... අර හිනාව එක පාරම වාශ්ප උනා.....එයා මගෙ ඵෝන් එකෙ මොනවා හරි දැක්කද.....
වෙන්න බෑ.....මං ඵෝන් එක වහලා දැම්මා....මොකද සමාජ මාධ්‍ය පුරාවටම තිබුනෙ ශාලික සමාධි ....මට එක තත්පරේකට ඒ ගිනිගන්න ලෝකෙන් ඈත් වෙලා එයා එක්ක තනි වෙන්න ඔඉන හන්දම මං ඵෝන් එක වහලා දැම්මා....ඒක නිසා එයාගෙ හිනාව වාශ්ප වෙන්න ඵෝන් එක හේතුවක් නෙවෙ...
මොකක්ද මැනික....
මං දෙවනි පාරටත් එයාගෙන් මොනවද අහනකොට මගෙ නිම්න වෙල් යායෙ ඈතම කෙරවල දිහා බලාගන උන්නා....
මං කවදාවත් සරුංගලයක් ඇරලා නෑ....
.......
න්...නෑ.....මට අරින්න දුන්නෙ නෑ....නූල් පන්දුවක් අතට අරගන සරුංගලයක් උඩ අරින ආසාව තිබ්බට.....රැලි රැලි තියන සරුංගලේ නිල් අහසෙ පාවෙන හැටි බලන් ඉන්න ආසාව ඕනාවටත් වඩා තිබුනට ඒ ආසාව මගෙන් නැත්තටම නැති වෙලා ගියා...
මට හිතාගන්න පුලුවන් උනා....එකම පුංචි හේතුවකින් හිත සනසගන්න පුලුවන් මගෙ කොල්ලගෙ හිත ගිනිතියන එකම තිරිසනා කව්ද කියන්න මට හිතාගන්න පුලුවන් උනා....
මෙච්චර වෙලාම සරම ලෙහාගන කකුල් වහන් උන්න මං නැගිටල හිටගන කැහපට ගහගත්තා...තනිකරම අප්පච්චි වගෙමයි....අප්පච්චි ගෙ කපාපු පලුවමයි....බෙල්ල වටේම මදුරුවො විදපු රතු ලප....එහෙමයි අම්මව රැවැට්ටුවෙ....ඒත් කොහොම කියලා රවට්ටන්නද....අම්මා අප්පච්චිත් මගෙ වයස පහු කරලයි මේ වයසට ආවෙකොට...පපුවෙ වම් පැත්තෙම දත් පාරක්....එකක්ද..නෑ....දෙක තුනක්...නිම්න කියන ආදරනීය පිරිමියට ගෙවුන රැයේදි ආදරෙ පාලනයක් නැතුව ගියා.....කමක් නෑ....ඒකත් මට පුදුමාකාර සතුටක්...මොකද මගෙ නිම්නගෙ සීමා මායිම් බිදින්න පුලුවන් එකම කෙනෙක් උනා නම් මේ මයුර විතරක්ම හන්දා....
උඩට මොකුත්ම නැතුව සරම පිටුන් උන්න මම අත් දෙක පිටිපස්සට බැදන් වෙල මැදම තිබුන අර වෙල් ආතා ගහ දිහා බලන් උන්නා...ගෙඩි පිරිලා...කන එකෙක් නම් නෑ.....කන උන් ඉන්නවද දන්නෙත් නෑ...නිම්න තවම ඉදගන....සරුංගලයක් හදලාදා දෙන්නද අහපු මෝඩකම....අර හිනාව සම්පූරනම වාශ්ප උනා...
අම්මා හදපු සරුංගලයක් අප්පච්චි පිච්චුවා....ඒකත් මගෙඇස් ඉස්සරහම....කියන්න තේර්‍ර්න්නෙ නෑ ඇයි කියන්න...එයාට මේ කසාදෙ කියන්නෙ හරි පිලිකුල් බන්ධනයක් මයුර...තනිකරම වදක බන්ධනයක්...වංචාවක්...එක මනුස්සයෙක්ට විතරක් නෙවෙ.....අම්මට එයාට.....එයා ආදරෙ කරපු අර පිරිමියට....අපිට මේමුලු ලෝකෙටම කරාපු වංචාවක්...කොටින්ම නිම්නා මම කියන්නෙ....ඒ ඇස් වලට පිලිකුලක්....
නිම්න අපි හරි ආස උනා අප්පච්චි මාව ලගට අරන් හරි ආදරෙන් පුතා කියනවා අහන්න...ඒ කියන්න බැරි නම්...මෘදු විදිහට නිම්න කියලා කතා කරනවා අහන්න.....ඒත් කවමදාකවත් මට ඒ වාසනාව තිබුන් නෑ අනූ....
ඌට අප්පච්චි කෙනෙක් වෙන්න පින තිබුනට....පීතෲත්වෙ දරන්න පින නෑ...ඒකට හයිය නෑ නිම්න.....එහෙව් උන්ට අප්පච්චි පට්ටම දෙන එකත් පවක්.....උඹට ඌ නැති උනාට දැන් අප්පච්චිලා දෙන්නෙක්ම ඉන්නෙ...
අ..අනූ.....
ඇයි...පුදුමයක්ද...ළමයි නැති උනාට මොකද මටත් පුලුවන් ඒ විදිහට ආදරේ කරලා හොයලා බලන්න...මේ ලෝකෙ හැම පිරිමියම එක නෑ වස්තු.....මං උඹට ආදරෙයි ...ඒ ආදරේ සංසාරිකයි....මට හිතෙන්නෙම එහෙම...මැරුන සරුංගලයක් ගැන හිතලා පපුවට රිදවගන්න එපා වස්තු ...කදුලු අපරාදෙ....කදුලු වලටත් හිනාව වගේම වටිනාකමක් තියනව නිම්න....මං උඹගෙ කදුලු වලටත් ලෝබයි...ලුණු රස තිබුනට මොකද දිය වෙන්නෙ පපුවෙ හැගීම් නිම්න...එහෙම උනහම ඒ කදුලු වටින් නැද්ද.....ම්ම්ම්ම්ම්.....මගෙ පුතාට මං සරුංගලයක් හදලා දෙන්නම්....
දෙයියනේ අනූ....
ඇයි ලැජ්ජද....පුතා කිව්වම....ම්ම්ම්ම්.....පුතා කිව්වම ලැජ්ජද උඹට....එහෙනම් ඔය ආදරෙන් මුසපත් වෙච්ච උන් දෝනි අප්පච්චි කියලා කතා කරන්නෙ....ලැජ්ජ නම් මටත් සුදු අප්පච්චි කියපන්...ඔය අපේ කමනි රොහාන්ගෙ පොකට් එකට විදින්න ඕන වෙනකොට එහෙන් කූරු ගාලා මෙහෙන් කූරු ගාලා බෙල්ලෙ එල්ලිලා...සුදු අප්පච්චි ගාපුවාම අපෙ රොහාන් කන් පාත් කරලා වල්ගෙ වනලා.ඔය පර්ස් එක දෙන්නෙ.....හැබැයි ඒ කියලා මගෙ බෙල්ලෙ එල්ලිලා සක්කුවට අත දැම්මොත් අහුවෙන්නෙ ඇට දෙක තමයි...
අනේ...අනූහ්....මහ...ශිහ්....සවුත්තු කටක් අනේ...
අමොර්...අමොර්.......ඒ.ඇටේ එලි වෙනකන් කටේ ඔබාගන්නකොට නම් ඔහොම.....ආව්....ආව්....හ්හ්...ගහන්නෙ ඉතින්.....
මෝඩයා වගේ කියවනවා අනූ...පිස්සෙක්
ම්න්...මෝඩයෙක්...උඹ හින්ද මං කොහොමත් පිස්සෙක් තමයි වස්තු.....මං හදල දෙන්නම්.....
මං හරි ආදරෙයි මයුර....
දන්නවා.....දැනෙනවා...අර මොහාන් සරුත් එක තැනක ලියලා තියෙන්නෙ....ගෑනියෙක්ට අර මොකක්ද මන්දා මට මතක නෑ.....හැබැයි ඒ වගේමයි ...උඹ මට ආදරෙයි කියන හැගීම තරම් සතුටක් තවත් නෑ නිම්න ....
මං හිතන්නෙ මගෙ ඇස් දෙක හැගීම් වලින් බර උනා...නරුමෙයක් හන්දා පපුව රිදවගත්තු මගෙ කොල්ලා මාදිහාව බලාගන බලාගන ඉදලා අවසාන මොහොතෙ මගෙ උරහිසට හාදුවක් තිබ්බා...කිව්වට විස්වාස කරන්න ඒ හාදුව හන්දා මගෙ හෘද වස්තුව ආදරෙන් පුපුරන්න ආවා..
වේදනාවට පුපුරන්න එන හදවතම ආදරේ වාන්දානකොට මං නිම්නගෙ අර ලස්සන ඇස් දෙක දිහා ඔලුව අංශක දෙකක් විතර ඇලකරන් පහලට බරකරන් බලාගන උන්නා.....
නිම්න...මං දැකපු සුන්දරම මනුස්සයා.....සුන්දරම සිනහවක අයිතිකාරයා.....
දන්නවද.....මට වසන්තෙ සුවද ළඟ ලගම දැනෙන්න පටන් අරගන....
මං උඹට හරි ආදරෙයි නිම්න...දන්නවද...මට ආදරේ පරිමාව මැනගන්න මිනුමක් නැති තරමටම මං උඹට හරි ආදරෙයි නිම්න...!
එච්චරයි මං එයාට කිව්වෙ...මොකද මීට වඩා දේවල් කියවනවට වඩා මට හෘදයාංගම වැලදගැනීම රහයි කියලා හිතුනා...මං අත් දෙකෙම්ම එයාව හරි ආදරෙන් වැලදගත්තා .....
ඔව්මයි.....වසන්තෙ සුවද හරි ලගයි....!!!
දන්නවද වස්තුව....මගෙ අත් වලින් ඔයාව වැලගන්න බැරිදවසක මං ඔයාව හදවතින් වැලදගන්නවා....
සූකිරි...සූකිරි....
අනේ..අනූ...අම්....ම්හ්...භ්...ද...දකී...
අපරාදෙ.....
මං මූන පුලුටු කරගත්තා...වැලදගැනීමෙ හොදම හරියෙදි අම්මා ගෙදරට කියන නම කියලා යට ගිරියෙන් කෑ ගගහා එහා මෙහා යනකොට මං රවාගන එයාගෙන් ඈත් වෙන්න හැදුවා ඒත් මං හිතන්නෙ අම්මට කලින් අප්පච්චි දැක්කා....අපරාදෙ ...මං එයා එක්ක ආදරේ උනුසුම විදින්න පලවෙනි පඩිය නැග්ගා විතරයි.....
ආ....කමනි මේ මූ මෙතන පෙම් කෙලිනවා ...අන්න අම්මා උඹව හොයනවා...
මොකට??
මොකටද අහන්න් මං අම්මද?ගිහින් අහගනින්...පොල් ගෙඩියක් අතේ තියන් උන්නෙ...
ආ...ආ....මේ..මේ....අප්පච්චි හැමදාම මං ලව්වා පොල් ගාවගන්න මට බෑ....
බැරිනම් ඉතින් මං පොල් ගාන්නම්...උඹ වෙලට බැහැහලා කංකුන් කඩපන්...
අප්පච්චි ..මං ගාන්නම්...කමක් නෑ.....අනූ වෙනුවට මං ගාන්නම්....
කියපන්...උඹට කෝකද හොද...පොල් ගාන එකද....වෙලට බැහැලා කන්කුන් කඩන එකද.....????
අප්පච්චි මට කඩේ යන්න ඕනෙ...මෙයාට සරුංගලයක් හදන්න සව්කොල ගේන්න...
කමක් නෑ අනූඔයා යන්න මං ගාන්නම්....
යමන් යමන් ගිහින් පොල් ගාපන් ඊලග පාර උඹලගෙ අම්මා පොල් ගෙඩියෙන් ගහලා උඹගෙ ඔලුව පලයි...
අප්පච්චි ...
........
ඇයි අප්පච්චි මං තුන් වංගියක් කතා කරලත් මාව නෑහුනා වගේ ඉන්නෙ...
ඇත්ත මං බලන් උන්නා.....අප්පච්චිගෙයි මගෙයි සංවාදෙ මැදට පැනපු නිම්න දෙතුන් පාරක්ම අප්පච්චි දිහාව බලලා පොල් ගාන්නම් කිව්වත් අප්පච්චි අද මගෙ කොල්ලව.මග ඇරියා.....
කියන්න...ඇයි අප්පච්චි .....මගෙ අතින් වැරද්දක් උනාද...
රොහාන්.....ආ මේ ඉන්නෙ....මයුර මට අර පොල් ගෙඩිය ගාලා දීපන් පිට්ටු ටික තම්බ ගන්ඩ....
අමෙ.මං ගාන්නද.....
මයිර උඹට කන ඇහෙනවද....??
මං අම්මා අප්පච්චි දෙන්නම දිහා බලන් උන්නා...අප්පච්චි විතරක් නෙවෙ....අනිත් පාර අම්මත් මගෙ නිම්නව මග ඇරලා මටම පොල් ගාන්න කියනකොට අනේ ඒ ඇස් වල හිනාව රතු වෙන්න පටන් ගත්තා....
ඇ..ඇයි....අම්මෙ....මට...මෙහෙම....කර...න්නෙ...මගෙන් මොකක්ද උන අඩුපාඩුව.....මගෙ අතින්...මොක්....
ශ්ශ්...ඇති.....ඔය ඇති....මොකුත් කියන්න ඕන නෑ.....ඌ උඹට පුතා නොකිව්වට මං කියන්න ඉන්නවනෙ.....උඹට කොයි විදිහටද පුතා කියන්න ඕනෙ කියපන් රත්තරන් ..මගෙපුතා කියන්නද...සුදු පුතා කියන්නද.....
අ...අප්ප්...පච්චි....
ඔය අම්මා පිට්ටු තම්බන්නෙ උඹට කන්ඩ...ඇයි අර ලියලා තිබුනෙ පිට්ටු කන්ඩ ආසයි කියලා...උඹ පව් මගෙ පුතෙ....උඹ කොහොමද රත්තරනෙ අච්චර දෙයක් ඉවසන් උන්නෙ..ඇයි බන් ගහන්ඩ එපැයිනෙ.....උඹට අඩුම ගානෙ අර යකා උගන්නලවත් තිබුන් නැද්ද ගහනකොට ගහපන් කියලා.....ආ.....උඹ ඔය තරම් අහිංසක උනේ ඇයි පුතේ....
මං වත් අම්ම වත් උඹ එක්ක තරහා නෑ නිම්න....මමවත් අම්මා වත් කවදාවත් උඹ එක්ක තරහක් නෑ නිම්න.....ඊයෙ රෑ ඉදන් නින්දක් නෑ....පපුව හිරකරනවා ඉවරෙකුත් නෑ...කතා කෙරුවොත් තවත් රිදෙයි කියන බයටයි අපි නෑහුනා වගෙ උන්නෙ...නැතුව උඹ එක්ක තරහක් නැ රත්තරන් පුතෙ.....
මං බිම බලාගත්තා අම්මගෙ අප්පච්චිගෙ වෙනසට හේතුව වේදනාව.....මං ආපිට ඵෝන් එක ඔන් නොකරන්න හේතුවත් වේදනාව වෙනකොට අම්මයි අප්පච්චි අවසානෙදි කතා කෙරුවා...මොකද.මගෙ නිම්නගෙ ඇස් අඩන්න ලෑස්ති උනා...කට පුරාවටම අප්පච්චි කියන්කොට වෙනසක් නොකර ඇයි අහන්න මනුස්සයා එකපාරම වෙනස් වෙනකොට එයාට ඒකට රිදුනා...අනේ ඒක මට දැනුනා...
මෙහෙ වරෙන්..මෙහෙවරෙන්...උඹව ටිකක් තුරුල් කරගන්න...උඹට අපි ආදරෙය් නිම්න....අම්මයි මායි උඹට ආදරෙයි....දැක්කද...මෙච්චර කාලෙකට හැංගිලා උන්න උඹලා වගේ හත්පාට මිනිස්සු උඹ වෙනුවෙන් එලි බහින්න අරගන....උන් කෑ ගහනවා...උන් සාධාරනයක් ඉල්ලනවා....
උන් උඹ වෙනුවෙන් සාදාරනයක් ඉල්ලනවා.....උඹලා අපි වෙනස් නෑ කිය කිය කෑ ගහනවා...දන්නවද....උඹට රිදවපු උන් හැමෝම ගෙවන්න ඕන නිම්න...අරකට ලැබුන දඩුවම හොද්ස් වැඩී....ඒකට තිබුනෙ විදව විදව ජීවත් වෙන්න අරින්න....මරන එක නෙවෙ නිම්න දඩුවම....බලපන්....උඹ වෙනුවෙන් කී දෙනෙක් කෑ ගහනවද....උඹගෙ මහ එකාට අද හෙටම පපුවක් ගේන්න වෙයි.....අල්ලන පපුවෙ ඇම්මවල් වලට ඔය පපුව නැවතුනෙ නැත්තන් ලෝක පුදුමයක් නිම්න....
එක තත්පරෙන් හැම දේම වෙනස් උනා.....මගෙ නිම්නව මග අර ඇර න්න අම්මයි අප්පච්චි එක පාරම එයාව තුරුල් කරගත්තා.....අප්පච්චි කියනවා එ හැමෝමදැන් කෑගහනවලු ...හැංගිලා උන්න දේදුනු හදවත් එලි බැහැලලු....ඒ කියන්නෙ....ජයවර්ධනයා ගෙ විදවීම ලගයි.....!!
මං ඉක්මනට ඵෝන් එක ඔන් කෙරුවා...ටින්...ටින්...ටින්....සට සට ගාලා.මැසේජ් වදිනවා..කල්පන...උදාර රවිදු.....
කොහෙද හුත්තො ඉන්නෙ....
ඕක ඔන් කරපන් ඉක්මනට....
බලපන් මයුරයා....ජයවර්ධනයා දොඹෙන් යන්න යන්නෙ.
අපෙ බුංජියට කරපුවට අරූට පව පඩිසන් දෙන්න අරන් මයුරයා...බුකියෙන් එකයි යකො දේදුනු කොඩි!
මට කියවගන්නත් බෑ....ඒතරම්.මැසේජ් ගොඩකින් මගෙ ඵෝන් එක පිරුනා...ඒ කියන්නෙ දේදුනු පාට හදවත් මීට පස්සෙ හැංගෙන එකක් නෑ.....
මීට පස්සෙ ජයවර්ධනලාට ඉඩක් නෑ වගේම මගෙ නිම්නලාටත් තව හැංගෙන්න දෙයක් නෑ....ඒක නෙවෙද මේ වෙන්න යන්න....
අනූ.....
වස්තු....මේ...අප්පච්චි ...මේ....
එයාලා.....අනු...එ..එයාලා...අපි...වෙනුවෙන් ....කතා කරන්න ...පටන් අරන්...
මගෙ නිම්නට ගොත ගැහෙනවා...
මුලු වෝල් එකම දේදුනු හිත් බදු අරගන...එයාලට සාදාරනයක් ඉල්ල් ඉල්ල මිනිස්සු කෑ ගහනවා....නිම්නලාට නිම්නලාට අනාගතයක් ඉල්ල ඉල්ල මිනිස්සු කෑ ගහනවා.....
අප්පච්චි ...එයාලා...එයාලා මේ කෑ ගහන්නෙ ....
උඹ වෙනුවෙන් ...උඹලා හැමෝම වෙනුවෙන් නිම්න...මේ ලෝකෙට තවත් ශාලිකලා ජයවර්ධනලා සමාධිලාට ඉඩක් නෑ නිම්න.....
ඇත්ත.....අප්පච්චිගෙ කතාව සම්පුරනම ඇත්ත...මගෙ කොල්ලා ආසයිනෙ කියලා පිට්ටුවක් හදන්න ගියපු අම්මා ආපිට පොල් ගෙඩියත් අරගන යන්න යනකොට මම නිම්නව තුරුලු කරන් කියවන අප්පච්චි දිහා බලලා නිම්න දිහා බලලා එන්න හැරුනා...
වෙන මොකටවත් නෙවෙ....එයා ඉල්ලපු සරුංගලේට හත්පාටකින් වල්ගයක් දාන්න සව්කොල ගේන්න....ඇත්ත ....හත්පාටට ආදරේ කරන මිනිස්සු අද එලි බැහැලැ....
මයුර.....ඒයි.....රොහාන්...අන්න....
අන්න....අර යකා ඇවිදින් ....අර
යක්සයා ඉස්පිරිතාලෙන් හොරෙන් පැනලද මන්දා රොහාන් .....
කව්ද කමනි මොකාද ????
අම්මා මාව අල්ල ගත්තා....හිමින් නෙවෙ....අම්මට නොදැනුනාට අම්මා මාව මිරිකගනම අල්ලන් උන්නා....ඒ ඇස් බයවෙලා .....ඒත් ඒ ඇස් අස්සෙ තරහවකුත් තිබුනා කියන්න මට දැන් පාට හතකින් සව්කොල ගේන්න යන්න වෙන්නෙ නෑ...ඊලග ගොදුර ගෙදරටම ඇවිල්ලා....
කමනි...මොකාද ආවෙ අර බල්ලා යටගිරියෙන් බුර බුර මැරෙන්ඩ හදනවා...
අප්පච්චි ළඟ උන්න නිම්නව ටිකක් එහාට කරනකොට පුලුවන් ඉක්මනට අපෙ ගෙදර වරෙන් හුත්තිගෙ පුතා ගෙදර ඇවිල්ලා කියලා සට සට ගාලා කුනුහර්පයක් ටයිප් කරපු මං කල්පනයට මැසේජ් එක යවලා ඇදන් උන්න සරමෙ ගැටේ තදකරන් එක පැත්තකින් සරමත් උස්සන් අඩියට දෙකට පිඹගන වහෙ යනකොට අම්මාම මැරෙන්න හැදුවා ....
මයුර නැවතියන්.....උඹ යන්ඩ ඕන නෑ...රොහාන් කොල්ලව නවත්තගන්නවා රොහාන් ....දෙයිය්න්ගෙ නාමෙට කොල්ලව නවත්තපන් රොහාන් ..!
කෑ නොගහ ඉන්නවා කමනි...රටම ඇවිලුනාට පස්ස් පොල්කට්ටකින් වතුර ගහලා ලැව් ගිනි නිවන්ඩ පුලුවන්ද ....??දඩයමම ගෙට ආවට පස්සෙ වෙඩි තියනවා මිසක් කන්න බොන්න දීලා හුරතල් කරන්නෙ නෑ.....මරල දානව මිසක්ක....!!
කොල්ලා ඔහොම නැවතියන් මාත් එනවා ඕකගෙ අනිත් අතත් කපලා දාන්ඩ....
❤️.....ආයම කොටසකින් එනකන්....පයිස්සමින් ඉන්ඩෝ
ආතරෙයි අහස තරමට
මම ජොබි බුංජියා
Nedeesha ❤️..