Cherreads

Chapter 57 - 57

...රොහාන්.....රොහාන් ඔය කොල්ලව නවත්තනවා රොහාන්....

මට අම්මගෙ කටහඩින් ඇහුනෙ ඔය ටික විතරයි....අප්පච්චි නම් කිව්වෙ ජයවර්ධනයගෙ අනිත් අතත් කපනවා කියලා ...මට ඒ වචනත් ඇති....මට ඒ වචන ටිකත් හොදටම ඇති....යන යාමටම කුසියෙ පුටුව උඩ තිබුන අප්පච්චිගෙ ශර්ට් එක දාගත්තු මන් සරමත් පැත්තකින් උස්සන් සාලෙට ගියෙ අඩියට දෙකට වෙනකොට ජයවර්ධනයා සාලෙ උන්නා.....

ඔව්..ඒ මිනිමරුවා....ඒ පාප කාරයා සාලෙ පුරාවටම එහා මෙහා යනවා...

දොරකොඩ ළඟ හිටගත්තු මං අරකා දිහා බලාගන උන්නා.....ඌට සිහියක් පතක් නැතුවද කොහෙද ඇදගන ඇවිදින් තිබුන ශර්ට් එකත් ඌ ඇදගන ඇවිත් තිබුනෙ කනපිට වෙනකොට මං දත්මිටි කාගන උලුවැස්ස මිරිකගන බලාගන උන්නා....වෙන දේවල් දැක්කම ඕකට සිහිය ඉතුරුවෙයිද....????

මයුර....

ඇහෙන නෑහෙන ගොරෝසු කටහඩ විතරක් නෙවෙ මගෙ උරහිස උඩ නැවතුන ඒ ගොරෝසු අත කාගෙද කියන්න මට අමුතුවෙන් චරිත සහතික ලියන්න කමක් නැති වෙද්දි මං හාවක් හූවක් නැතුව මගෙ ආදරේ අමු අමුවට මරා දාපු ඝාතකයා දිහා බලාගන උන්නා.....

ජ| ය|ව|ර්|ධ|න ....අංකල්

ම්..මයුර පුතා!!!!

ඇයි අංකල් බය උනාද...???

නාකියව ගැස්සුනා...ගැස්සෙන්න ඕනා ඒකෙ වැරද්දක් නෑ මොකද මං ජයවර්ධන කියලා සෑහෙන වෙලාවකට පස්සෙයි අංකල් කිව්වෙ...ඒකත් ජයවර්ධන කියන නම අස්සෙම ඌට මං දුන්නෙ වර්නින් එකක් වෙනකොට දැනටමත් පිස්සු වැටිලා ඉන්න ජයවර්ධනයා ගැස්සුන පාරට ඒකගෙ පපුවත් මිරිකගත්තා ...

අංකල්....ඇයි මෙ.....

ජයවර්ධන අයියෙ මොකක් හරි ප්‍රශ්නයක්ද...අතත් පාරගන...

රොහාන්...මං..මං ආවෙ....වැදගත් කාරනාවක් කියන්න...

කතා කරගන්න දෙයක් කතා කරගමු අයියා ඔක්කොටම කලින් වාඩි වෙලා ඉමුකො.....මගෙ හිතෙ අයියා තේ එකක් වත් බීලා නැතුව ඇති...

න්..නෑ....නෑ...තේ එපා...තේ එපා...

එපා...අයියො එපා කියන්නෙ ඇයි....අපෙ එක්කෙනා අර පිට්ටු වගේකුත් තැම්බුවා...කොල්ලා ආසයි කියලා...පිට්ටු කෑල්ලක් කාලා තේ ටිකක් බීලා හිටිමු...කොල්ලා...අම්මට කියපන් අංකල්ටත් එක්ක පිට්ටු බෙදන්න කියලා ....

ප්...ප්..පිට්ටු.....?

ඔව්....අපෙ එකාගෙ ජාතික ආහාරෙ පිට්ටු...එක කොල්ලනෙ...මූව හැදුවෙත් එකා යකා කියලනෙ...ඉතින් අපෙ එක්කෙනත් කොල්ලා ආස මොනාද....අපිට නැතත් හදලා දෙනවා...මුන්ට නොකර අපි කාට කරන්නද ජයවර්ධන අයියෙ ....

හතරෙ පාරක්...හයෙ පාරක් ගහන්න බැට් එක උස්සපු අප්පච්චි අත දිගෑරලා හතරෙ පාරක් ගහලා හයේ පාර ගහන්න මට චාන්ස් එක දුන්නා.....මෙතනින් එහාට තියෙන්නෙ වඩාගන හැගීමක් වෙනකොට මං බලාගන අම්මා පොල්කටු හැන්ද අතේ තියන් මග නැවතිලා අහන් උන්නා...නිකන් නෙවෙ එක අතකින් මගෙ නිම්නවත් මිරිකගනම....නිම්න නිකන් හද පානෙ පෙම්වතා එක්ක පැනල ආව කෙල්ල වගේ අම්මගෙ පිටිපස්සෙන් ඉදන් හොරාවට බලාගන උන්නා..ඒ ඇස් ආයම බයවෙලා....මන් කොහොම මොනවා කිව්වත් විදෙව්වෙ එයා විතරක් වෙනකොට ඒ ඇස් බය නොවී තියේවිද...

මං ජයවර්ධනයා දිහා බලාගන උන්නා...උගෙ මූන පුරාවටම වැහිවලාකුලු අහුරකින් වැහිලා ගියා...හරියටම ගම් හතක් යට කරන්න අඩන්න බලාගන ඉන්න අහසක් වගේ.....ඒ තරමටම කලු ගැහුවා....

පිට්ටු කියනකොට ඒකව වෙව්ලුවා..ඔව්...පිට්ටු කියනකොට ඌව වෙව්ලන්න ඕනෙ...ඒක හරි.....ඌව පිට්ටු වලට නෙවෙ තව ඉස්සරහට යනකොට ඕකගෙ පපුව ගැහි ගැහි නතර වෙන්න ඕනෙ..... ...

මොකද කියන්නෙ අංකල්.....ගහමුද හොද ඉගුරු ප්ලේන්ටියක්.....අපෙ කමනි හදන පිට්ටුවට ගහන්න ආය එක යකෙක් නෑ....බම්බු පිට්ටුවයි...පොල්කිරිත් හෑව්...ලුනුමිරිසුත් හෑව්.....ආය එලවලු දාපු පිට්ටුත් හෑව්....කමුද....ආ..මස් හොදිත් තියනවා...

න්..නෑ..එපා ලමයො..මම ආපයින්ම යන්න බලන් ආවෙ.....

එපා කියලා කොහොමද අංකල්....අනික අපි ගෙදරට ආව හතුරෙක්ව වත් බඩගින්නෙ යවන් නෑ...නේ අප්පච්චි ???මිනිමරුවෙක් ආවත් අපි නෙවෙ බඩගින්නෙ යවන්නෙ....

හයේ පාරක්.....රොහාන් කලුතොටආරච්චි ගැහුවෙ හතරෙ පාරක්....අනුශ්ක කලුතොටආරච්චි ගැහුවෙ හයෙ පාරක්...පැත්තක ඉදන් උන්න කමනි බලන් උන්නෙ කොයි වෙලෙ හරි අරකගෙ ඔලුව පැලෙන්න බැට් එකෙන්ම කෙලලා අරින්න වෙනකොට මගෙ වචන වල බරටද මන්දා අරූට හීන් දාඩිය දාන්න ගත්තා....

.කමනී.....කමනි.....

ඇයි ඒයි....

සුදු...මෙ ජයවර්ධන අයියටත් එක්ක බෙදමුකො.....

න්...නෑ..නෑ..නංගි කකා ඉන්න නෙවෙ ආවෙ....මං..මං මේ....

අයියො අංකල් ඇයි මේ....

ල්..ලමයො....ක්..කොල්ලො.....

හෝව්...හෝව්...ඇයි අංකල් මේ බයවෙලා..දාඩියත් දාලා...අයියෝ.....හ්....ඉතින් මේ මොන කලබලේකද අංකල් මේ ඇවිත් තියෙන්නෙ..ශර්ට් එකත් කනපිට ම්ම්ම්..කෝ මෙහෙ එන්න..මෙහෙ එන්න ඔයාට අතත් එක්ක බෑනෙ නේ?අංකල් හැසිරෙන්නෙ හරියටම මිනියක් මරල හංගපු එකෙක් ගානටනෙ අංකල්....නේ අප්පච්චි .....මොකද මොනවට හරි බය උනාද කෝ....පරිස්සම් අත උස්සන්න අංකල්....

ජයවර්ධනයගෙ පපුවට කතා කරන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම අත් අල්ලල වදිනවා....මොකද මගෙ කියුම් වලට ඌට කලිසමෙ බඩ යන තරමට ඒකව සුදුමැලි වෙලා ගියා...

ඔව්..මට ඕනෙත් ඒ ටිකමයි.....මට ඕනෙත් මුගෙ පන ටිකින් ටික යවන්නමයි...පිපෙන්මත් කලියෙම්ම ලස්සනම මල් පොහොට්ටු පිටින් අතින් පොඩි කරලා දාපු පාදඩයව මට ඕනත් නොමරා මරන්න වෙනකොට මං ඒ ඇස් දිහා බලාගන...හීන් දාඩියෙන් පෙගුන ඒ මූන හිමින් හිමින් පාන්කඩයක් වෙන හැටි බලාගන අර අත වෙනුවට හදවත පාරව පාරව අර කනපිට ඇදන් ආව ශර්ට් එක ගලවලා හොදපිට අන්දවනකොට මං බලාගන මගෙ පුංචි කැලෑ මල් පොකුර මූනත් මලවන් අපි දිහා බලන් ඉන්නවා....

නිම්න....වචනයෙ පරිසමාප්තියෙන්ම සුවදවල් දාහක එකතුවක එක්තුවකින් පිපෙන්න බලන් උන්න පුංචිම පුංචි මල්පොහොට්‍ටුවක්...හැබැයි මෘගයෙක් ගෙ අතින් ඕනාවටත් වඩා තැලිලා තැලිලා සුවද වෙනුවට ලේ ඉහිරවගන සදහටම පරවෙලා ගියපු...

"බයවෙන්න එපා...වස්තුවට අපි හැමෝම ඉන්නවා..." මම ඒ මැලවුන පුංචි කැලෑමල දිහා බලාගන ඒ ඇස් වලට මගෙ ඇස් වලින් පුංචි පනිවිඩයක් යවනකොට මං බලාගන එයා අර පුටුවෙ ඇන්ද තදින්ම කොනිත්තනවා.....මං හිතන්නෙ මීට එහා අපි මේකාර්ඩ් සෙල්ලම කරන්න ඕන නෑ...ඒක අපරාදෙ... තුරුම්පු ඔක්කෝම තියෙන්නෙ අපේ අතේ වෙනකොට මොන ලබ්බටද තවත් අදින්නෙ...හැබැයි.....දඩයම් කරන එකේ ආතල් එක දැනෙන්න නම් මිනිහා තව හති වැටෙනකන් දුවන්න ඕනෙ.....

ඔන්න හරි අංකල්.....ආව එකේ තේ එකක් බීලම කතා කරමු අංකල්.....යකෙක් කන්න බඩගිනී..මොකද මේ.දවස්වල අප්පච්චි යි මායි අම්මයි ඩොක්ටර් නාරායනගෙ ඩයට් ප්ලෑන් එක ෆලෝ කරනවා..කන්න පුලුවන් පැය 12ට සැරයක්....ඊයෙ හවස හතහමාරට කෑවා...දැන් අද උදේ හතහමාරට ආය කනවා.....මොකද මගෙ කොල්ලා කැමති නෑමන් මහතට ඉන්නවට...

ක්...කොල්ලා....

ඔව් අංකල්...කල්පනයා...අංකල් එදා බුක්ශොප් එකේ දැක්කෙ.....තව චුට්ටෙන් ඒවි.....

මං මහ නරුමයෙක්....ගහන්න පුලුවන් කොයි විදිහද....මං ඒ හැම විදිහටම ගහන්න පටන් ගත්තා...අප්පච්චි ඉන්න තැනම....මගෙ නිම්න ඉන්න තැනම මං ජයවර්ධනයගෙ ඔලුව පැත්තෙන් පැත්ත කන්න පටන් ගත්තා..මං බලාගන මෙච්චර දේවල් මැදත් මගෙ පුංචි කැලෑමලට ඇබිත්තක් විතර තරහා යනවා...එයා එක තත්පරේකට බාදුරාවක් උනා..ළඟින් ගියා නම් එයා අනිවාර්යයෙන්ම මගෙ කට කනවා....ඉතින් ආදරේ කරන හිත් ඔහොම්මයි....මැරෙන්න තරන් ආදරේ බව දැන දැන එක තත්පරේකට හරි ලේ රත් කරවන් ආදරේ උරච්චි කරලා පරිමාවයි වටිනා කමයි හොයනවා.....

කල්පන.....පුතාගෙ...ඒ සම්බන්දෙ ගෙදරින් දන්නවද....?

කිව්වට විස්වාස කරන්න මූ ඒක මගෙන් ඇහුවෙ හරි හිමීට...ඒත් මං කපටියි...මං හරි වංචාකාරයි ....මගෙ බෙල්ලට දාන්න තිබුන බිලි කොක්කම මං ජයවර්ධනයගෙ බෙල්ලට පටලලා තංගුස වටෙන් ඇදලා අරගත්තා....නොදැක්කා උනාට උගෙ බෙල්ලට තොන්ඩුව වැටිලා....

ම්න්...ඔව් අංකල්....මමම කිව්වා....ඕක හැමදාම හංග හංග ඉන්න පුලුවන් මගුලක් නෙවෙ අංකල්...ආදරෙයි කැස්සයි හංගන්න බෑනෙ.....මටත් හංගන්න බැරි උනා.....

ඉතින්...ඒකට.....අම්මලා කැමතිද???.

මං හිනා උනා...මිනිහගෙ මූනෙ තිබුන භාව ප්‍රකාශ වෙනස් උනේ හිතන්න බැරි තරම් වේගෙන් වෙනස් වෙනකොට මං ජයවර්ධනයා ගෙ වම් අත දිහා බලන් උන්නා...තිස්තුන්කෝටියක් දෙවිදේවතාවො ගොඩක් මැනික් කටුව ගාව හිර වෙලා...නිකන් නෙවෙ කිලිටි වෙලා.....ඌ මොන පෝයට පන්සලට ගිහින් අල්ලගත්තද කියන්න දන්නෙ නෑ...වරු තුනක් නෙවෙ....ඒමැනික් කටුව උඩ දේවතා මන්ඩලයම සෑහෙන දවසක ඉදන් හිරවෙලා !

අංකල්...ඕක දැන් වැඩක් නෑනෙ...වරුතුනනෙ....

මං කෝදුරුවෙක් උනා...මට ඕනෙ උගෙ තුවාලා හරි සියුමට රිදවන්න..හරියටම ලෙල්ල ගිහින් මස රතු වෙලා තියන තුවාලෙකට කෝදුරුවො විදිනකොට කෝදුරුවට ගහගන්නත් බෑ...තුවාලෙ කහගන්නත් බෑ..වේදනාව ඉවසගන්නත් බෑ වගේ සියුම් වේදනාවකින් ඌව රිදවන්න.....

වරු තුන මොකෝ.....අවුරුදු තුන මොකො පුතා....විස්වාසෙ තියනවා නම්.....

ඒක ඇත්ත...ඒත්....කල්පන මට තහනම් නියෝගයක් ගෙනාවා...

....

මට සිල්පද පහම රකින්න පුලුවන් නම් විතරක් ඔය කෝටි තිස්තුනටම මගෙ මැනික් කටුව ගාව නැවතිලා මාව රකින්න දෙන්න කිව්වා...ධර්මය අවබෝධයක් නැතුව...සිල්පද පහවත් රකින්න බැරි උන් පිරිත් නූල් ගැට ගහන් දෙයියන්ටත් අපහස කරනවා කියලා එයා මට තහනම් නියෝගයක් ගෙනාවා අංකල්

......

අරූ මීක් නෑ.....කල්පන ගැන කියනවත් එක්කම මිනිහා පැනපු ගමන් ඇහුවෙම අම්මා අප්පච්චි ලා කැමතිද කියන එක උනත් මං කෙරුවෙ රහම ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරෙ නොලිය වෙන කතාවක් ඇදලා ගත්තු එක...

මට මුසාවාදා වේරමනී කියන්න බෑ අංකල්...සුරාමේරෙ කියන්නත් බෑ අංකල්.....තව දවස් දෙක තුනකින් මට කාමයෙ වරදව හැසිරෙන්න එපා කියන එකත් බිදින්න වේවි අංකල්...මොකද...මං කොල්ලෙක්...මගෙ කොල්ලටත් රකින්න පරිස්සම් වෙන්න දෙයක් නෑ...ආදරේ කරනකොට මිනිස්සු ආසයිනෙ ඉතින් සමහර බැමි හදිසියෙ කඩන්න වෙනවා...මං හිතන්නෙ නෑ අපිට ඒක පාපයක් කියලා .....

හැබැයි ඉතින්...අර ඔක්කටෝම හරියන්න දෙයියනෙ කියලා ප්‍රානාතිපාතා වේරමනී සික්ඛාපදන් සමාධිආමි කියලා නම් සද්දෙට කෑ ගහන්න පුලුවන් ඇයි ඉතින් මං ප්‍රානගාතයෙන් තොරයිනෙ අංකල්.....

.

.ජයවර්ධන ...ජයවර්ධන ...මොකද උඹට කැස්සද....ම්ම්ම්...තව කැහැපන්....තව හොදට කැහැපන්....මට රිදෙයිද බලන්න තව කැහැපන්.....

ඔය හැම වචනයක්ම කිව්වෙ මගෙ යටි හිත....මම ප්‍රාණ ගාතයෙන් තොරයි කියලා බැලුවෙම ජයවර්ධනයගෙ ඇස් දිහාව වෙනකොට මිනිහගෙ ඇස් වල ලේ නහරවල පවා ලේ හිදෙන හැටි මං මේ ඇස් වලින් බලන් උන්නා....

ඒවා කහ ගැහෙනවා...ඒවල ලේ නහර හිතන්න බැරි වේගෙන් පුපුරලා යනවා....ඒත් මම නෙවෙ නැවැත්තුවෙ....මට පුලුවන්ද නවත්තන්න...????

රොහා...න්....

ඕ....සුදූ ලෑස්තිද.....?

ඔව්.....

ජයවර්ධන අයියේ....කෑම ලෑස්තිලු.....

මට එක තත්පරේකට මගෙ අඩිය පස්සට ගන්න උනා.....මොකද අප්පච්චි ට මේ කතා බහ අස්සෙ එක ලකුනක් ඕන වෙලා තිබුනා...

යමු...මල්ලි.....

හරි...අප්පච්චි ඉල්ලපු ලකුනම ජයවර්ධනයා දුන්නා...මෙච්චර වෙලාම යන්න තදියම කරාපු මිනිහා එකපාරම යමු මල්ලි කිව්වා...

""ඕකට ඕනා අනූ අප්පච්චි අම්මා ඒ සම්බන්දෙට කැමති උනාද අහන්න....නැට්ට ගිනි අරන් සර්වාංගෙටම ඇවිලුනත් කමක් නෑ..කාටහරි කෙලවන්න තියනවා නම්...ඒකයි ඔය...."

මගෙ පුංචි කැලෑ මල... මගෙ කන ගාවට ඇවිදින් මිමිනුවෙ මගෙ ආදර කැලෑ මල.....කැලෑ මල කියන්නද...ඩේසි මල කියන්නද...කෝක කිව්වත් මොකද...මලේ සුවද මට විතරක් සින්න වෙනකොට ....

මගෙ ගාවට ඇවිදින් මූනත් රතුකරන් මුමුනපු නිම්න දිහා බලන් උන්න මං ජයවර්ධනයා දිහා බැලුවා....ඇත්ත මිනිහට ඕනෙ මොක්ක හරි මගුලක් කරන්න.....කමක් නෑ....උඹ ඔය පත්තු කරන්න හදන හැම වෙඩිල්ලම පුස්...උඹ මේ තාක් දුරට පත්තු කරාපු හැම රතින්ඥ්ඥාවම පදිරියි මගෙ බීරංගෙට....

අංකල් වාඩිවෙන්න....

නිම්න මගෙ පස්ස පාරෙ....පැත්තකින් සරමත් උස්සන් කෑම කාමරේට ආව මම ජයවර්ධනට ඉදගන්න පුටුවක් ඇදලා දෙනගමන් අප්පච්චි දිහා බලලා ඇස් හීනීකෙරුවා...

අංකල් මොකක්ද ඇහුවෙ...කල්පනගෙයි මගෙයි සම්බන්දෙට ගෙදරින් කැමතිද කියලද ඇහුවෙ???අප්පච්චි ඔය පිට්ටු එක ලන් කරන්නකො.....

මම නෙවෙ මහා ගානකට ගත්තෙ..හිතා අස්සෙ ගොජ ගොජ ගාන තරහව පැසව පැසව මම අප්පච්චි ලව්වා පිට්ටුව ලන් කරන් අරුගෙ පිගානට බෙදනකොට මූ හොරා වගේ ඔලුව වැනුවා....මෙච්චර වෙලා යන්න තදියම් කරාපු එකා අනිත් පාර මගෙ කතාව අහන්න නැවතුනා....

ඔ..ඔව්.....

මෙහෙමයි ජයවර්ධන අංකල්....මම කියන්නෙ මෙහෙම හැගීම් තියන මනුස්සයෙක් කියලා කිව්වට පස්සෙ අම්මා අප්පච්චි දවසක් විතර අවුල් වෙලා වගේ උන්නා...මොකද එයාලාට බලාපොරොත්තු තිබුනා..එකම පුතාව හොද තැනකින් කසාදයක් කරගන්නවා බලන්න....අප්පච්චි ගෙ සරම් බොක්ක පිරෙන්න මගෙ දරුවො ඉන්නවා බලන්න ...ඒත් ඉතින් මොනා කරන්නද අංකල්...මං කැමති කොල්ලෙක්ට නම්.....මට අම්මා අප්පච්චි ගෙ සතුට වෙනුවෙන් මට මාව අඩවන්න බෑ අංකල්....

අනික මම ආස් කොල්ලෙක්ට...මම ආදරේ කරන්නෙ කොල්ලෙක්ට කිව්වම කාගෙවත් ඇගෙන් ඇටයක් යනවද.....??නැනෙ...ගෑනු මිනිස්සු එකතු වෙලා කරන්නෙත් ආදරේ...ගෑනු ගෑනු එකතු වෙලා කරන්නෙත් ආදරේ...පිරිමි පිරිමි එකතු වෙලා කරන්නෙත් ආදරේ....මොන යකා එක්ක හරි අපි කරන්නෙ ආදරේනෙ අංකල්.....නේ.....හැබැයි මෙහෙමයි මම ආදරේ කරන්නෙ කොල්ලෙක්ට කියලා කිව්වා...කතාව එතනින් අහවරයි....

අප්පච්චි මට ගහන්න බනින්න මරන්න ආවෙ නෑ....පොන්නයා...පිම්පියා...පොන්සියා සමනලයා කියන්න ආවෙ නෑ.....අඩුම ගානෙ අර සාම්ප්‍රදායික පඩත්තර කතාව මෝල් ගස් මෝල් ගස් මොනා කොටන්නද අහන බේකරි සංගම් ප්‍රශ්නෙ ඇහුවෙ නෑ...හැමනෙන එකම නෙවෙනෙ අංකල් ජීවිතේ කියන්නෙ...හැමනීම නම් ජීවිතේ මිනිස්සු උත්තරීතරයි කියලා කපල් එකගෙ නම් දෙක ලියලා එ මැදින් ආදරෙ නාමෙන් රතු පාට හදවතක් අදිනවා වෙනුවට නම් දෙක මැදින් ජුන්ඩෙක් අදිනවනෙ අංකල්....

අනික ...මිනිස්සුට බුදියනවට වඩා හිතන්න දේවල් තියනවා දැන්....නැද්ද අංකල්....මේක මගෙ කැමැත්ත...මගෙ ජීවිතේ....ගහන්න මරන්න අයිතියක් නෑ...වදන්නෙ මරන්න ගහන්න බලන් නම් ඉතින් මිනිස්සු ළමයි නොවදා ඉන්න ඕනා මොකො ඉපදුව පලියට ගහන්න බනින්න බෑනෙ....නැද්ද අංකල්...ම්ම්ම්.....මං ගේ කාරයෙක් කිව්වා කියලා අප්පච්චි ට පුලුවන්ද මාව මරන්න...???

පිට්ටු කෑල්ල අතින් තද කරන් උන්න මන් ජයවර්ධනයා දිහා මගෙ රතුවෙන්න පටන් ගත්තු ඇස් කොන් වලින් බැලුවා.....මොකද මගෙ සමහර වචන හරි බරයි.....පිහිපාරවල් වගේ....මාව මරන්න පුලුවන්ද ඇහුවා විතරයි හොදිත් නැතුව පිට්ටු කෑල්ල කටෙ ඔබාගත්තු නිසාද කොහෙද හුත්තිගෙ පුතාට පිට උගුරෙත් ගියා....

තවම මේ පටන් ගත්තා විතරයි ...තාම පටන් ගත්තා විතරමයි......

මොකො මං ආදරේ කරන්නෙ කොල්ලෙක්ට කියලා අප්පච්චි මාව මරලා හංගන්නද. ...නෑනෙ....දරු මුනුබුරෝ ඕනා නම්...කල්පනටයි මටයි කතා වෙලා දරුවෙක් අරන් හරි හදාගන්න පුලුවන් ...ආදරේ කරන්න තිබුනා නම් ඇතිනෙ.....

එ..ඒක්..කැහ්...කැහ්.....ව්..වතු....කැහ්...

යෝ....පිට උගුරෙ ගියා නේද...මේ හොදි ටිකක් දාගන්න ජයවර්ධන අයියෙ...උදේ හැදුවෙ...කොල්ලා වතුර එකක් වක්කරල දියන්...

ආ ජයවර්ධන අංකල් මේ වතුර එක....

කැහ්...කැහ්....කැහ්.....ඒක ඇත්ත.....ලමයො...ආදරේ...කරනවා...නම්...ඒ ඇති....එච්චර...යිනෙ...ඕනෙ...

ජයවර්ධනයා ඇස් වලින් කදුලු පැන්නා..ඒ තරමට ඒකට පිට උගුරෙ ගිහින් කැස්ස ඇල්ලුවා....මගෙ නිම්න ජයවර්ධනයා දිහා බලාගන රවාගන ඉන්නකොට මං එයාගෙ කලවෙට.අත තියලා හිමීට පිරිමැද්දා...

ඒක ඇත්ත අංකල්...ආදරේ තිබුනම ඇතිනෙ....මිනිස්සුන්ට ඕන ආදරේ කරන්න...වෙන මගුල් කරන්න නෙවෙ...ඔය කියන තරම් සමලිංගික ආදරවන්තයන්ට අසහනෙ නම්....පිරිමි ගණිකාවො කීයක් ඉන්න ගියාද අංකල්.....ඇයි මුන් හිතන්නෙ ආදරේ කරන්නෙ හැමනෙන්න බලාගන විතරයි කියලනෙ...එහෙනම් ඉතින් මේ මුලු ලෝකෙම වේසමඩුවක් වෙන්න ගියා ඔය කියන විදිහට ආදරේ වෙනුවට ඔව්වම කෙරුවා නම්...පිස්සුද අංකල් එහෙම.මගුලක් නෑ...මට නම් ඕනෙ සැනසීමෙන් ජීවත් වෙන්න.....එක එක පකයිගෙ හිත් හදන්න ගිහින් මට මගෙ ජීවිත කාලෙම අඩන්න බෑ....

අනික අයියෙ මූට අපි ගහලා බැනලා...කරලා කෙල්ලෙක් හොයලා බන්දලා දුන්නොත් මූ කරන්නෙ ඒ කෙල්ලගෙනුත් පලිගන්න එකනෙ.....මූ එතකොට කසාදෙට කරන්නෙත් වංචාවක්....අර හොයන් ඉන්න කොල්ලට කරන්නෙත් වංචාවක්...මූට කරන්නෙත් වංචාවක්....අවසානෙදි මූ ඔව්වල තරහව මුගෙ ලමයිගෙනුත් පිරිමාහාවි...ඇයි ඉතින් මූට ඕන දේ නෙවෙනෙ කරල.දුන්නෙ...අනික අපෙ එකා කැමති කොල්ලෙක්ට බව දැන දැන ගෑනු රවට්ටලා ගෑනු ගෙනත් දෙන්න බෑමයි කියලයි අපෙ කමනිත් මේකට කැමති උනේ...

එක ඇත්ත...අපි මෙ අයියා අපිට හිතවත් හන්දමයි මේ කතා කියන්නෙ...පිට උන්ට කියන්නත් බෑ...අද රටෙ තියන තත්වෙ අනුව හූ කියන්න බලන් ඉන්න එවුන්මනෙ හැමතැනම ඉන්නෙ...

මං හිතන්නෙ ජයවර්ධනයා පව්.....අඩුවට උන්නෙ අම්මා විතරයි .....අහිංසක බෑනා වෙනුවෙන් ඉස්සරහට ආව "රොමනි" කපල් එක හිටු කොයල අරකගෙ ඔලුව නරක්.කරන්න ගත්තා....

බොරු කියන්නෙ මොකටද අපෙ රොහාන් නම් මුලින් කැමති උනෙ නෑ....හිතේ තියන ලැජ්ජාව වහගන්න අපි කොල්ලව බොරු කියලා බන්දවලා අර කෙල්ලත් පව්.....බොරු කියලා ගෑනු ගෙනල්ලා අවසානෙදි ගෑනු දරුවො දුක් විදින්නද...රටට ලෝකෙට මූන දෙන්න බැරි කමට ළමයි හදලා අවසානෙදි ලමයිනුත් දුක් විදින්න...ඉන්නෙත් එකයි.....ඒකමයි මං අපේ එක්කෙනාට ඕක පැහැදිලි කරලා දුන්නෙ..අනික ලැජ්ජා වෙන්න ඕක මහ ලොකු දෙයක්ද....නෑනෙ.....

කමනී......

ඔන්න...කියනකොටම එනවා...කල්පන.....ලමයෝ.....මේ මෙහෙ....රොහාන් කල්පනට අඩගහන්න....

මං හිතන්නෙ රොමනි කපල් එකට එක්කො ග්‍රැමී සම්මානෙ දෙන්න ඕන.... ඒ තරම්ම තාත්විකයි....මගෙ නිම්නව එක අතකින් අල්ලන් උන්න අම්මා ජයවර්ධනයට කරුනු කාරනා පැහැදිලි කරලා දෙනකොට මං බලාගන ඌට කරගන්න ඕන මොනවද කියන්න ඕන මොනවද කියලා හිතා ගන්න බැරිව අරූ පුලුවන් තරම් කෝටා කන එලුව වගේ වම් අතින් පිට්ටු ගිලිනවා...

සුදු මහත්තයා ...ඔයා කොහෙද ...

බබා මං මෙහෙ...මේ කුස්සියෙ.....

නැකිටපන් වොට්සන් සෙල්ල්ම පටන් ගත්තා...දැන් ඉතින් මට කියන්න ඉතුරු ඔච්චරයි ....මොකද කල්පනයා විතරක් නෙවෙ උගෙ මිනිහයි කොට රවිදුවයි ජනා අයියයි පෝලිමට ඇවිදින් මේසෙන් ඉදගන්නකොට කල්පනයා හිතලමද කොහෙද ජයවර්ධනයා ගෙ තුවාල අත ගාවින්ම ඒ අත පාරගනම වාඩි උනා..අරූට කෑ ගැස්සුනා.....

ඒ අස්සෙන් සුදු මහත්තයා බබා කියාගත්තු නිසාද මන්දා ගේ අස්සෙනුත් පොඩි කරගදක් ආවා...

අ..අ...ආව්හ්....ආ....ව්ව්හ්....අත...අත...හ්

අනේ...අනේ...අංකල්...අයියො...කෝ බලන්න...අනේ...අංකල්....සොරි...සොරි ...අංකල්.....යෝ...ඉතින්...කල්පියට සිහියක් පතක් නෑනෙ...අනූ.....ඔයාව දැක්කම...

මං ලාවට හිනා උනා...මොකද රගපාන එක ඕනාවටත් වඩා තාත්ත්වික වෙන්න ගියෝතින් කමනිගෙ බූත බෑනා මගෙ බොටුව මෙතනම මිරිකනවා...උදාරයයි රවිදුවයි පුරුදු විදිහමයි.....ඵෝන් දෙක අතේමයි....එ උනාට උන් දෙන්නත් මේ නාට්ටියෙ ප්‍රධාන පාත්‍ර වර්ගයො වෙද්දි උදාරයා කටට අත තියාගන අපේ අප්පච්චි දිහා බැලුවා....

රොහාන්....

මොකද බන්...

මේක දැක්කද...

ඔය අර වීඩියෝ එක නේද....ඉස්කෝලේ ලමයිටිකක් එක කොල්ලෙක්ට ගහන එක නේද...

ඔව්....මෙ සක්කිලින්ගෙ කකුල් කඩන්න එකෙක් නෑනෙ...ඒ උනාට එකෙක් දෙන්නෙක් නම් ඊයෙ බෙල්ලෙ වැලදාගත්තලු.....වැලදාගත්තා නෙවෙ ඒකා අමු හෙලුවෙන් ටවුම පුරාවටම කරපු පව් කිය කිය දුවන්න ගත්තා....

ඔවුන්ට හෙලුවෙන් හිටගස්සවලා උනු තෙල් වක්කරන්ඩ ඕනෙ මං කියන්නෙ..ආ බන්...ඔය ලමයගෙ දෙමව්පියො කියන ජාතිය උන්නෙ නැද්ද ඔය ලමයා ඔහොම දුක් විදිනකොට .....???ඇස් කන් පියන් ඉදලද....පව් අහිංසක කොල්ලා...මොන හේතුවටද ඔය ඔච්චර වද දෙන්නෙ...ජයවර්ධන අයියා දැක්කද ඒ වීඩියෝ එක??

ක්..කෝකද.....

.අර කාලකන්නි ටිකක් ඉස්කෝලෙ ලමයෙක්ට ගහන්නෙ...ඒක....පව් අප්පා...කාගෙ උනත් ලමයෙක්නෙ....මුව මරන්ඩ වටින්නෙ....හොය හොය ගිහින් මරලා දාන්ඩ ඕනෙ....කාලකන්නි තිරිසන් හැත්ත...ඉස්කෝලවලට යවන්නෙ ඉගන ගන්න...මේ හුත්තිගෙ පුතාලා ගිහින් රට හදන්නෙ...අප්පගෙ රට හැදිලි...පකෙ ලංකාවට දැන් තියන ලොකුම ප්‍රශ්න ඔව්වා විතරනෙ.....ජයවර්ධන අයියා දැක්කෙ නැද්ද ඒක

මට ඵෝන් එකෙ ඉන්න වෙලාවක් නෑනෙ....මල්ලි.....පොත්වල ලියන වැඩ එක්ක.....

ඒ උනාට අංකල්ට බලන්න තිබුනෙ...පව්....බබා ඕක ටිකක් අංකල්‍ට පෙන්නන්න...කොහොම උනත් අංකල්....ඊයෙ රෑ තමා රෑ...හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්නෙ අංකල්.....අරුයි අරකියි දිව්වෙ අමු හෙලුවෙන් ආය.....හොද වැඩෙ....හොදම වැඩේ බේසිකයට.....අනේ . සාදු...සා...දූ........මීගමුව තාම ගිනි ගොඩක්ලු....

ඇයි උන් හැමෝවම හොයනවලු අනූ.....එකෙක් ඉතුරු කරන එකක් නෑලු....නෑලු නෙවෙ..නෑ තමයි...ඒ වීඩියො එකට පැත්තම ඇවිලුනා...මාර සෙනගක්....අර හැමිල්ටන් ඇල පැත්තෙන් එකයි සෙනග....

මරන්නමලු හොයන්නෙ...අර අතේ ඇගලි පහ වගේම එක වගේ නෑ කියනවනෙ....ඒ වගෙ තමයි...ඒ කියලා අපි ඇගිල්ලක් කපනවද....නෑනෙ...ඒ වගේ තමයි මේ ලෝකෙ මිනිස්සු තමන්ට සැනසීම තියන තැනනෙ නවතින්නෙ...මේ කමෙන්ට් එහෙම තියෙන්නෙ...ඒ ළමයා මෙහෙම ළමයෙක් අහිංසකයි අරහෙමයි මෙහෙමයි ...පන්තිය අස්සෙදි හරියට කොන් උනා කියලා ....

පන්තිය අස්සෙදි කොන් උනා නම් අනිත් උන් බලන් උන්නද....දෙමව්පියන්ට බැරි උනාද ලමයා දුකෙන් ඉන්නකොට ඇයි මේ කියලා හොයන්න....මොන ජාතියෙ දෙමව්පියොද මන්දා...කාලකන්නි...මගෙ එකාට උනා නම් ළමයි කියලා බලන් නෑ හතර හන්දි කඩනවා...

"ඒකා ඇවිදින් පිරිමි වේසාවෙක්"මේ ඔක්කොම පැත්තකින් තියලා වේසාවා බලන්න යන්ද මයුරයා....

මං උන්නෙ ඇස් දත්මිටි නොකා...දත්මිටි කාගන....අරූට පිට්ටු හිරවෙනවා ඉවරයක් නෑ..අප්පච්චි අම්මා.....කල්පනයා..උදාරයා .... මේ හැමෝම කියෙව්වෙම අර වීඩියෝ එක ගැන විතරක්ම වෙනකොට මං බලාගන ජයවර්ධනයට අර පිට්ටු කෑල්ල උගුරෙන් පහලට බස්සව ගන්න වතුර ලීටරයක් විතර බොනවා...

අංකල් .....මෙ වතුර එක.....මං දැනන් උන්නෙ නෑනෙ අංකල්ට සැරකෑම කනකොට මෙච්චර දාඩිය දානවා කියලා ම්ම්ම්ම්ම්ම්.....

න්..නෑ..මට සැර කන්න බෑ...

ඇත්තට.....ම්ම්...අංකල් ඔය වෛරල් වෙන වීඩියෝ එක.....ඔය මැරුන ගුරයි ගුරියි...ඔය දුක් විදපු ලමයයි අංකල්ලගෙ ඉස්කෝලෙ කියලා ආරංචියි.....

අ..අපේ...එකෙ....නෑ වෙන්න බෑ...අපෙ ඉස්කෝලේ ඔහොම උනේ නැ...අනික....ඒ ලමයගෙ අම්මා අප්පලා නැද්ද...එහෙනම් අපි දැනගන්නවනෙ.....

නෑ...අංකල්ලගෙ සේනානායකේ කියලා කියන්නෙ....මොකද ගුරා ඒ ඉස්කෝලෙ නම්....අර ගුරිත් ඒ ඉස්කෝලෙ නම්.....ඒ ළමයි දෙන්නා ඒ ඉස්කෝලෙ නෙවෙද අංකල් ම්ම්ම්ම්ම්.....ඇරත්...ආරංචි හැටියට....ඒ ළමයා....නොසෑහෙන්න කොන් උන කෙනෙක්...ලමයා නෙවෙ...ළමයි දෙන්නා......

මම ගිහින් ජයවර්ධනයා ගාවින් ඉදගත්තා....මගෙ පුංචි කැලෑ මල බයවෙලා....කාටත් කලින් ඒ මලට දාඩිය දානවා...එ ඇස් කතා කරනවා...ආදරේ කියන්නෙ හරියටම තේ කෝප්පයක් වගේ....ඉගුරු සීනි පදමට වැටුනම ආය තුන් වරුව නෙවෙ...විසි හතර පැයම අපුලක් නැතුවම නොන තරමට මිනිස්සු ආත්මීයව බැදෙන.....මම නිකම්ම නිකන් තේ කෝප්පයක් නම්...මගෙ නිම්න ඇවිදින් පදමට ඉගුරු සීනි එක්කාසු කෙරුවා...ඉතින් දෙයියනේ මං දැන් තුන් වේලටම තේ බොන්න නහින එක අහන්න දෙයක්ද...

ජයවර්ධනයා වෙව්ලානවා....හිර වෙන පිට්ටුව ගිලගන්නද ..නැත්තන් මගෙ නඩුවලින් පැනලා යන්නද මන්දා වෙව්ල වෙව්ල හොදි බෙදාගන්න ගිහින් මුලු හොදි පීරිසියම මේසෙ උඩ හලාගත්තා අම්මගෙ ආසම මේස රෙද්ද සම්පූරනම රතු පාට වෙලා ගියා හරියටම දැන් ලේ හැලුනා වගේ... ...

කමක් නෑ අංකල්....මං අස්කරන්නම්.....

දැන් මගෙ කටහඩ විතරයි....කන්සාටන් සතුටු සුරංගයා අම්මගෙ සුදු පුතාව මොන මායම දාලා අල්ලගන මන්දා..ඒකා අප්පච්චි ගෙ කකුල් ගාව උන්න ටූත්ලස්ගෙ කකුල් අස්සෙ ඉදගන බල්ලගෙ වල්ගෙ ට අතින් ගහනවා.....

මං ජයවර්ධනයගෙ සන්තකේටම තිබුන ඉතුරු අතත් අල්ල ගත්තා...මොකද ඔය අතත් අයිති මට.....මගෙ කොල්ලගෙ පිට පුපුරන්න ගහපු බෙල්ට් එක අල්ලපු අත අයිති මට....ඉදුල් අස් කරන්න ගියපු ජයවර්ධනයා ගෙ අත අල්ලගත්තු මං උගෙ අතෙ ගෑවුන හොදි ටික පිහන ගමන් ඒ ඇස් දෙක දිහා බලාගන උන්නා....

අතට කොටන්න ආව එකා මොකාද කියලා තවම අහු උනෙ නැද්ද අංකල්....පොඩ්ඩක් පොලිසියට කියලා උනන්දු කරවලා කොටපු එකා හොයා ගන්න මොකද....ඌ අතට කොටන්න උස්සපු එකම ආපිට බෙල්ලට කොටන්න බැරි කමක් නෑනෙ ම්ම්ම් ....මිනිස්සු අමු තිරිසන්නු වෙලා.... නැත්තන් ඉස්කෝලේ යන ලමයිට ඒ වගේ අපරාද කරන්න පුලුවන් කාටද.....?????

ජයවර්ධනයා පව්...ඌට පව් කියනවා ඇරෙන්න මට වෙන කියන්න කතා නෑ..අතට කොටපු එකාම බෙල්ලට කොටයි කියලා කියනකොට මං බලාගන ඒකට ගිලින්න ගියපු කෙලත් හිර වෙනවා....මං හිතන්නෙ ගහනවට වඩා මේ ක්‍රමේ පුදුමාකාර වේදනාවයිද කොහෙද

අංකල් දන්නවද...මමයි මගෙ කල්පනයි අම්මට අප්පච්චි ට පින් දෙනවා.....අපිව තේරුම් ගත්තට.....මොකද .... ඔය වෛරල් වෙන වීඩියෝ එකේ ළමයා....අංකල් දන්නවද ඒ ලමයට ඒ ලමයගෙ අක්කට අප්පච්චි කියලා කියන තිරිසනා නොසෑහෙන්න වද දීලා තියනවලු....

ක්..ක්..කව්ද කියන්නෙ...

කියන්නෙ කියන්නෙ ඔය වීඩියෝ එකට යටින් වැටෙන කමෙන්ට් වල අනේ තියෙන්නෙ...අපේ අනූ මට ඔය හැම එකම පෙන්නුවා ...අපූරු කොල්ලෙක්ලු.....නම මොකක්ද කියලා දාලා තිබුන් නෑ අපරාදෙ නමයි මූනයි වහලා...අනේ කොල්ලා කොහෙ ජීවත් වෙනවද දන්නෙ නෑ.....හැමෝම කියන්නෙ ඒ ළමයා තමන් කැමති පිරිමි ලමයිට කියලා ගෙදරට කිව්වට පස්සෙලුනෙ ඔය හැම කරදරයක්ම පටන් ගත්තයි කියන්නෙ.....නේ අනූ.....

ම්න්...කොල්ලගෙ අප්පච්චි කියන එකා ඒ කොල්ලට නොසෑහෙන්න වද දුන්නලු.....කෙනා කව්ද කියන්න කාටත් හොයාගන්න නෑ..මොකද ඒ සිද්ධියට ගෑවුන ගෑවුන එවුන්ව එකෙක් නෑරම දැන් සමාජෙ මිනිස්සු හියනවා...අහු උනොත් මරලා දානවා කියනවා.....

පේන්නෙ නැද්ද...ආදරේ කියන්නෙ මිනිස්සුන්ගෙ මූලික මිනිස් අයිතිවාසිකමක් කියලා ලියලා ලජබට කොඩිය ගහලා තියනවා.....ඒක ඇත්ත....අංකල් ජයවර්ධනම කියන්න...ලේ ඇටමස් නහර වලින් නම් හැදිලා තියෙන්නෙ සමලිංගිකයි කියලා මිනිස්සු විශම ලිංගික මිනිස්සුන්ගෙන් වෙනස් වෙන්න බෑනෙ නේද....ඒ මිනිස්සුන්ට නිදහසේ සම්පූරනම ජීවත් වෙන්න අයිතියක් තියනවා...සතුට ආදරේ සැනසීම...මේ හැම දේම ඒ මිනිස්සුන්ට අයිතියි....නැද්ද ජයවර්දන අංකල්...

ඒ නඩුව කතා කෙරුවෙ උදාරයා...උගෙ අතේ තිබුන පිට්ටුව මිරිකන් උන්න තදෙටමද කොහෙද ඇගිලි කරු අස්සෙන් එලියට පැන්නා.....ඒ තරන් තරහවකින් ඌ ඉන්නෙ..එහෙන් ඊයෙ රෑ නාඩගමෙ ඇවිලුන ලැව් ගින්නෙ උනුහුම තවමත් අහස උසට බුර බුරා නැගිනකොට දත් තිස්දෙක මැද හිර උන දිව වගේ ජයවර්ධනයා අපි හතර පස් දෙනා.මැද හිරවෙලා ගුරුලේත්තු දුසිමක තරම් වතුර බීලා.....උදාරයා දිහා බලන් කට පිහාගන හරි අමාරුවෙන් ඔලුව වැනුවා....

ඔය පේනවනෙ...සමලිංගික විශම ලිංගික කියලා ලබ්බක් නෑ...තිබ්බත් අපිට අදාලත් නෑ අංකල්....මොකද අපි හැමෝම මිනිස්සු...ඔය නැහීගන රකින අර අවුරුදු ගානක් පරන සංස්කෘතිය යකාට ගියාවෙ කියලා ඇයි මුන්ට මනුස්ස කම රකින්න බැරි....

මං නම් කියන්නෙ මරලා දාන්න ඕනා...එකෙක් නෑරම මරලා දාන්න ඕනා....පේනවද...හැංගිලා මුලුගැන්විලා ඉන්න දේදුනු කොඩි කෑ ගහනවා.....උන් ඉල්ලන්නෙ උන්ගෙ අයිතිය.....උන් ඉල්ලන්නෙ උන්ටත් ජීවත් වෙන්න නිදහස...නැතුව වෙන මොකුත් නෙවෙනෙ....නේ ජයවර්ධන අංකල්.....

අනික....ඔය ලමයගෙ අක්කව එහෙම ටවුන් මැද හිටගස්සලා හූකිව්වලු....ආප්පි කිව්වලු...අංකල්.....ඔයා හිතනවද ඒක හරි කියලා....ම්ම්ම්....අංකල්ගෙ ඉස්කෝලේ ..අංකල් oba එකේ ...අංකල්‍ට හිතෙනවද මේ තිරිසන්නු කරපු දේ හරි කියලා...ළමයි කියන්න බෑ....ඔවුන්ට ළමයි කියන්න වටින් නෑ......සමනලයා....ආප්පයා...පිම්පියා...පොන්නයා.....පොන්සියා....නෑබිලි නෑබිලි අතුල්ලල මොකද කරන්නෙ ඇහුවලු...මොකද ඒකෙල්ල හාල් ගරන්නද ආවෙ...ආ අංකල්....අර කොල්ලගෙන් මෝල් ගස් කතාව අහ අහ වද දුන්නෙ ඌ පිටි කොටන්න බේකරි කාරයෙක්ද අංකල් ආ????නෑ.....මං නම් කියන්නෙ ඔය ළමයි දෙන්නව විනාස කරපු උන්ව මහ පාර මැද හිටවලා ගොම ගහලා ගිනි තියන්ඩ ඕනෙ...කටවල් ඉරලා දාන්න ඕනෙ..කොටින්ම ඔවුන්ව අලි ලව්වා පාගවන්න ඕනෙ.....උන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද අංකල්.....ආ..මමයි කල්පනයි ආදරේ කරන එක වැරදී කියලා මගෙ අම්මා අප්පච්චි මාව මරන්න ඕනෙද...මරලා හංගන්න ඕනෙද ....ආ අංකල්....?????අපිවගේ එවුන් පොන්නයොද...මන් දන්න තරමින් පොන්නයො කියන්නෙ කෙලින් නොවෙන උන්ට...අයියො අපරාදෙ කියන්නෙ මටයි මගෙ එකාටයි දෙයියන්ගෙ පිහිටෙන් කෙලින් වෙනවා...අහිංසක මිනිස්සුන්ට පොන්නයො කියන එවුන්මයි පොන්නයො...නැද්ද අංකල්....මට කියන්න...අංකල් ඒ ලමයිට උන දේ හරිද ....????...

ඒ ළමයි එහෙම දුක් විදින්න ඕනද.....ආ අංකල්....????

ඒ ලමයිට වෙච්ච කෙරිච්ච දෙයක් වත් නෑ....මං අහන්නෙ ඒ ලමයිට උනේ මොනවද කියන්න ඒ මහ එවුන් හෙව්වද ...????

මගෙ තරහව නිම්හිම් නැති උනා....මාව වෙව්ලන්න ගත්තා....කොටින්ම වචනෙන් වචනෙ අහ අහ උන්න මාව මටම පාලනේ කරගන්න බැරුව යනකොට මන් අර හොදි හැලුන මේසෙ රෙද්දට ගගහා යක්සාවේසෙන් කියවනකොට මගෙ නිම්න අනේ අනූ ..අනූ ගගා මාව ඉන්දවන්න හදනකොට මං එයාට පවා කෑ ගැහුවා...හැබැයි ජයවර්ධනයා හිතුවෙ මං කෑ ගැහුවෙ කලප්නට කියලා.....අප්පච්චි නම් තව බැනු තව බැනු කොල්ලා ගගා සංඥ්ඥා දෙනකොට කමනි අරුන් එක්ක එකතු වෙලා අනේ...අපොයි...අයියො....ගහා මාව ඇවිලෙන්න තව පෙට්‍රල් ගැහුවා....

මං නම් කියන්නෙ අංකල් ඔවින් හැම එකාවම මරන්න ඕනෙ එහෙම නේ....ම්ම්ම්....එකෙක් නෑරම...මරන්න ඕන නේ අංකල්...ඒ අපරාදෙට අත දාපු උන්ව අමු අමුවෙම හම ගහලා මරන්න ඕන නේ අංකල්...ආ අංකල්....එහෙම නේද වෙන්න ඕනෙ.....

.......

ඇයි අංකල්...ඒහෙමනෙවෙද වෙන්න ඕන.....අපි හැමෝම කියන්නෙ එකම දේ...අපි හැමෝම ගන්නෙ ඒ හත්පාට ලමයිගෙ පැත්ත....අංකල්...අපිට කියන්න...අංකල්ගෙ තීරනේ අංකල් කාගෙ පැත්තෙද.....ඔවුන්ව හැදිගෑවිලා යන්නම....අංකල් කාගෙ පැත්තෙද....?????

මං හිතන්නෙ ජයවර්ධනයට එකපාරම හිරු ස්ටාර් අවසානම වටේ අවසානම තත්පරෙට ගියා වගේ හැගීමක් දැනෙන්න ඇති ....මොකද උගෙ පපුව ගැහෙන සද්දෙ පවා මට ඇහුනා...මං බලාගන.....අපි බලාගන .අපි හැමෝම උන්නෙ ජයවර්ධනයා දිහා බලාගන වෙනකොට මගෙ හත්පාට මල සදහටම අතින් පරකරලා දාපු පරයා ණැගිට්ටා..... ...නැගිටලා අපි හැමෝ දිහාම බලාගන ඉදලා හරි අමාරුවෙන් උගෙ වේලිලා ගියපු උගුර තෙමා ගන්න අර වතුර ජෝගුවම අරන් වීදුරුවකට වත් නොදාම එහෙම්ම කට තියාගන බීගන බීගන බීගන ගියා කොටින්ම ඒකගෙ තනි අත විතරක් නෙවෙ...අර අත් කොටෙත් වෙව්ලන්න ගත්තා...ඇගේ ඉදම්ම වතුර නාගන.....ඒකා අම්මගෙ කුසිය ඌරුවලක් කරලා අවසානෙදි අපි දිහා බැලුවා....

ම්..මං...ඔයාලගෙ...ප්..පැත්තෙ....

මොකක්ද අංකල්...ඇහුන් නෑ..මොකක්ද අංකල් කිව්වෙ...අපේ පැත්තෙ කියලද.....අංකල් විරුද්ද නැද්ද ඒ කියන්නෙ.....අංකල් පොත්වල ලියන ආදරේම යතාර්තෙදිත් ඇස් පනාපිට දකින්න ආස වෙනවද ඒ කියන්නෙ....ආ අංකල් ම්ම්ම්ම්ම්

ඔ..ඔව්...අනි...වාර්‍යෙම්ම...

එහෙනම් එච්චරයි ...අපිටත් ඕනෙ එච්චරයි ..අපි හැමෝටම ඕනෙ ඒ හත් පාට දේදුනු ආදර කතාවලට උදව්කරන්න...ඇහුනද අප්පච්චි ජයවර්ධන අංකල් කැමතීලු...බොසා...ආය එල කොල්ලෙක් හරක් හොරෙක් ආ....අංකල් මේ කුකුලා අරන් පාන්දරම ගෑටුව කාරනාව....?

මන් හිනා උනා..මහ නරුම විදිහට හිනා උනා මදිවට ජයවර්ධනයට බොසා කියලා ඒකව ඇදලා අරන් මගෙ ඇගටත් තදකරහන මගෙ කොල්ලා දිහා බලලා ඇහැකුත් ගහනකොට අනේ ඒකා බය වෙලා බලන් උන්නා..මගෙ අහිංසකයා.....

රොහාන්...මල්ලි...මට...හදිස්සියක් වෙලා..අපේ පව්ල එනවා...යතුර ගන්න පුලුවන්ද ..මං සල්ලි ආපිට දෙන්නම්....

පවුල එනවා?????

ඔ...ඔව්...මගෙ...පවුල.....

අනේ ජයවර්ධන අයියෙ ....තරහා වෙන්න එපා....ඒක නම් ආය දෙන්න බෑනෙ....මායි අපේ පවුලයි හිතන් ඉන්නෙ ඒක අපේ කොල්ලට හදලා දෙන්න වෙඩිමක් ගත්තෙ නැති උනාට අපිට ඉන්නෙ මූ විතරනෙ...බදින්නෙ කොල්ලෙක් උනාට මට මූව මගෙ දරු කමෙන් අහක් කරන්ඩ බෑනෙ අයියෙ...ගෙදර නම් සුපිරි....අඩුවක් කියන්න නෑ...හැබැයි එකම අවුල කොල්ලා කැමති නෑ අර ලෑලි පොලවට.

ඔව් අංකල්.....අපි හිතන් ඉන්නෙ ලෑලි ගලවලා ටයිල් කරන්න...

ල්....ල්..ලෑලි.....ග්...ගලවන්...න.....

😊ආයම.හෙට එන්නාම්...පයිස්සමින් ඉන්ඩෝ...ආතරෙයි හමෝටම

OL විභහගෙන් සමත් උන හැම පුංචි කාවයි පැටියෙක්ටම හදවතින්ම සුභ පතනවා...❤️❤️❤️💚💚💚☺💛💛 ඒ වගෙම අසමත් හෝ.....බලාපොරොත්තු උනාට වඩා අඩු ප්‍රතිඵල ලැබිලා දුකින් ඉන්න හැමෝටම මං හුගාක් ආදරෙන් කියනවා.....අතාරින්න එපා....ආපහු ලියමු.....කලින්ටත් වඩා හයිය වෙලා අපි ආපහු ලියමු...!!!

ආදරෙයි ඔයාලහැමෝටම...

මම ජොබී.....☺️💛💚❤️

යෝහ්...ජොබී 8 වෙනි සිකුරාතා සසි අක්කා එක්ක කැන්ඩි එනවෝ!!!!!

මම ජොබී බුංජියා

Nedeesha ❤️🥺🥺

More Chapters