Cherreads

Chapter 59 - 59

......

මෙතනින් එහාට මගෙන් පිට උනේ පුදුමාකාර බර හුස්මවල් ...උදාරගෙන් ආව මැසේජ් එක පුරාවටම තිබුනෙ අසිනි වැහි මැද ගහන අකුනු පාරවල්...

දෙයියනේ...වස්සාන හීනෙට යන පාර මේ තරම්ම වේදනාවයිද.....

සූකිරි.....පුතේ...ප්..පුතේ...කල්පන....

මං හිතන්නෙ මාව අඩි දෙක තුනක් පස්සට වීසි උනා.....හිතන්නෙ නේ..නෙවෙ...ඇත්තටම මට උනේ ඒක.....උඹ නැතුව අපිට අතගහන්න හයියක් නෑ.... ඒ වචන මොන තරම් බරද කියන්න ඒ වචන ටයිප් කරපු උදාරයටම දැනෙන්න ඇති....

අනූ....මගෙ මයුර...

එක විනාඩියක් ..මට එකම විනාඩියක් දෙන්න අයියෙ...නිම්න...එක..විනාඩියක්...මට ඊට එහා මොකුත් එපා....

මම නෙවෙ ඔලුවක් ඉස්සුවෙ...අඩි දෙකතුනක් පස්සට වීසි වෙලා ගියපු මං තාප්පෙට හේත්තුවෙගන බිම බලාගන ඉන්නකොට එයා හැදුවෙ මාව සනසවන්න. .තුරුල් කරගන්න.....මගෙ අනූ...අඩන්න එපා කියන්න.....

ඒත් දවසක් එනවා...අද හෙටම එයා මාව දාලම යන්න යනවා...එතකොට ...එතකොට කව්ද එන්නෙ මගෙ අනූ...මගෙ මයුර ගාන්න...එතකොට මොකාද එන්නෙ මාව සනසන්න.......?????

එතකොට මොකාද එන්නෙ මගෙ මයුර..අනේ වස්තුව නාඩපන්කො කියලා මාව තුරුල් කරගන්නෙ මොකාද.....

මං ටිකක් හයියෙන් හුස්ම ගත්තා...අප්පච්චි උදාර වෙලාහට එයා ගාවට වෙලා මං එනකන් බලන් ඉන්නවා ඇති....

වෙලහකට උදාරය අප්පච්චිගෙ හිත හදනව ඇති ....මොනවා කරන්නද අංකල්...අපේ එකාගෙ කරුමෙ.....අපි ඌව තනිකරන්නෙ නෑ අංකල් කිය කිය ඌ මං වෙනුවෙන් ශෝක වෙනවා ඇති.....

අනිත් පැත්තෙන් අප්පච්චි උදාරයව සනසවනවා ඇති....ඒත්..ඒ අතරින් පතර මගෙ කොල්ලව පිස්සෙක් වෙන්න නොදී බලාගනින් උදාර කියනවා ඇති....

මේ ඔක්කෝමත් අහගන අනෙ මගෙ කඩා වැටුන දුරුතු සඳ ඇස් පියාගන නිදාගන ඉන්නවා ඇති.....

තත්පර කටුව හති ඇර ඇර දුවලා...දුවලා විනාඩි වලට මාරු උනා....සමහර විට මගෙ හදවතට වගේම මා එක්ක ජීවිතේ දියකරන තත්පර කටුවටත් පුදුම තරන් මහන්සි ඇති...

මගෙ ජීවිතේ ගෙවුන මේ විසි පස් අවුරුද්දෙ මං ගෙවන කඨෝරම කාර්තුව මේක වෙන්න ඇති....මගෙ පපුවටත් ඒ තරම් උවමනාවක් නෑ....ගැහෙන්නම් වාලෙ ගැහෙනවා......නවතින්න ඕන කම ඕනාවටත් වඩා තිබුනත් හදවතටත් මගෙ අම්මා අප්පච්චි ගැන වේදනාවක් දැනිලා හන්දද කොහෙදෝ මාව දාලා නොයා හරි අමාරුවෙන් මාව අල්ලන් උන්නා...

අවසානෙදි මං කෙලින් උනා...තත්පර කටුවට විනාඩියට පනින්න දීලා අවසානෙදි මං කෙලින් උනා...අහස් ආගාධෙ නිල ගහලා තිබුනත් මහ මූසල පාටයි.....නිලකුත් නෙවෙ ඒක අලුවක්.... තනිකරම අලු පාටයි....

අහස අඩනවා.....වැහි කදුලු පිට නොදා හිත අස්සෙන් අඩනවා....මං හිතන්නෙ අහසත් දන්නවා මේ මයුර වගේම හිත ගල් කරගන දුක හංගන්න .....

අනූ....මට දැන්වත් එන්න පුලුවන්ද .....??

මාව සනසවලා....තුරුලු කරගන කදුලු පිහලා.... හිනස්සවන්නද.....දවසක උඹ යන්න ගියහම...එතකොට ....එතකොට කව්ද වස්තු මගෙන් ඔහොම ලගට එන්න අහන්නෙ.....?ම්ම්ම්ම්....උත්තර නෑනේද....වස්සාන සිහිනෙට ප්‍රතම වසන්තෙට යන පාර පුරාවටම මොකෙක් හරි හුත්තිගෙ පුතෙක් කටු ඉහන් ගිහින්.....ඒකයි මගෙ හදවත මේ පෙනේරයක් වෙලා තියෙන්නෙ....

........

කල්පනයා.....යමන් බන්...අප්පච්චි බලන් ඇති.....

මං නිම්න දිහා බලාගන උන්නා එයාට රිදෙන්න ඇති....ඇති නෙවෙ..... එයාට රිදුනා.....මම නපුරු උනා....මොකද මට දැනෙන වේදනාව එක්ක නපුරු වෙන්න හිතුනා. ..ඇත්ත මං අහන කතාව ඇත්‍ත නෙවේද...ඌ ගියහම මං කොහොමද දෙයියනේ ඉන්නෙ.....????ඌ නැති දවසක් ගැන මම දැනන් උන්නත් . ...එ දවස....අද...හෙට...අහවල් දවස කියලා දැනෙන තරමට ලන් වෙනකොට මට රිදෙන්නෙ නැද්ද දෙයියනේ....

වස්තු.....

එ...එපා..මයුර.... උඹ....නපුරු...වෙනවා...වස්තුව...මගෙ අවසානම දවස්වල....මගෙ අවසාන දවස් හුස්මක් තරම් ලන්වෙනකොට උඹ මට නපුරු වෙනවා මයුර.....රිදෙනවා....මටත්.....

අහස් ආගාධෙ මට කෑ ගැහුවා ...වැහි නොඑන ඉඩෝරෙක එකපාරම අර බුම්බන් උන්න අහස් කුස මට දෝශාරෝපනේ කෙරුවා.....

සමහර විට....මං එයාව රිදවපු තරහවට වෙන්න ඇති........

රත්තරන් ...

සමාවගන්නද හදන්නෙ මගෙ මයුර.....

න්..නෑ....

උඹයි මමයි දෙන්නම සාධාරනයි රත්තරන් .....සේපාලිකාවක් උනත් දැනගන්න ඕන මුලු රෑම අහසත් එක්ක කෝලම් කර කර උන්නට මොකද උන්ට මහ රෑ මිසක්ක...එලි උනහම ඔය අහස දිහා ගහෙ ඉදම්ම බලන්න බැරි විත්තිය.....

කරුමෙට මෙතන උඹයි මමයි හැම පැත්තෙම්ම තැලෙනවා මගෙ නිම්න....

මං එයාගෙ අත අල්ලගත්තා.....මූන අත ගෑවා...අවසානෙදි එයාගෙ නලලට මගෙ නලල හේත්තු කරගන තත්පර දෙකක් තුනක් ඉන්නකොට මං බලාගන නිම්නගෙ කම්මුල් දිගෙ උනුහුම් හැගීම් බින්දු ගලාගන යනවා....

චූචි බුංජියෝ...ඔයාට එන්න බැ නම්..අපේ කමනි එක්ක ඉන්න....ඒක අවුලක් නෑ නේ මයුරයා....

කමක් නෑ...කල්පන මං එන්නම්...

කල්පනයා හදන්නෙ නිම්නව තියලා එන්න....ඌ මේ ගිනි මැද හුරතල් වෙන්න හදන්නෙ මගෙ කොල්ලව රවට්ටලා තියලා එන්න...ඒත්....දැන් ඒ හැම දේම හීනයක් වගේ විතරයි ...එයා මට අනූ....චූචි බුංජියගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ...කියලා කියපු දවසක් මතක නෑ....එයා කිව්වෙත් නෑ...මං එයාට කියන්න දුන්නෙත් නෑ...

එයා නැග්ගා...වෙනදා වගේම ඉන වටෙ අත් පටලවන් උරහිස උඩට නිකට තියා ගත්තා...ඒත් අද කතා නෑ.....කතා පෙට්ටිය වැහිලා ගිහිල්ලා.....හෙල්මන්ට් එක දාගත්තු මන් එයා දිහා බැලුවා..කට කතා නොකෙරුවට මොකද ඒ ඇස් නම් හෝ ගාලා කියවනවා...දුක කියනවා....වේදනාව කියනවා........

වස්තු ...හයියෙන් අල්ලගන්න....

මැරිලත් හමාර වෙනකොට මේ මනුස්සයගෙ තව මොනවා පරිස්සන් කරන්නද හිතුනත්.....මගෙ හිත මේ තත්පරේට උනත් හිතන්නෙ නිම්න කියන්නෙ ජීවත් වෙන මනුස්සයෙක් කියලා ..මගෙ මුරන්ඩු හිත පිලිගන්නෙම නැතුව හිතන්නෙ නිම්න කියන්නෙ මගෙ වස්තුව කියන්නෙ.....අපි එක්කම එකට හුස්ම ගන්න මනුස්සයෙක් කියලා ...ඇත්ත මොකක්ද කියන්න අකුරක් නෑරම දන්න මගෙ හිතට ඕනෙ තවත් මාව මරවන්න වෙනකොට උඹ ඕන මගුලක් හිතාගන මාව මරවපන් කියලා මගෙ උඩු හිතට ඕන මගුලක් හිතන්න දීලා මගෙ යටි හිත එක්ක මම මගෙ වස්තුවගෙ මලකද ආපිට ගොඩ ගන්න යන්න ලෑස්ති උනා....

මයුරයා...හෙමින් යමන්....

ඔව්.....බුංජියත් පිටිපස්සෙනෙ...හෙමින් යමන් අර පකා දැන් ගිහින් මොනවා කරයිද දන්නෙ නෑ...

මොනවා කරන්නද රවිදුවා...අපේ සෙනේ කියනවා වගේ ඕකා පොර කුකුලා වගේ අනිවාර්යයෙන්ම රෑට ඒවි බිම පහුරු ගාන්න....ඕකට හම්බෙයි අද ඇට....ඒකාව දාන්න තිබ්බෙ අර වේසාවා ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එකට.....වෙන කවුරුත් නෙවෙ...රියල් වේසාවා ජයවර්ධනයා ....චූචි බුංජියො...මොකද කියන්නෙ...පවුලේ සැමට එකට ඉදන් නරඹන්න පුලුවන් ෆිල්ම් එක.....යන්ද වේසාවා බලන්න.....

මම නෙවෙ වචනයක් කියෙව්වෙ.....අරුන් දෙන්නා පාර බදු අරන්...එකක් පිටිපස්සෙ එකක් එන්න ඕන උනත් මම ගිහින් මොකක හරි ඇනගනී කියලද මන්දා උන් දෙන්නා මාව මැදි කරගත්තා...ඉස්සරහින් හරි පස්සෙන් හරි මොකෙක් හරි එකෙක් කාගන ආවොත් තුනම ඉවරයි...

කොච්චර රිදුනත් මොකද ගගක මූදක පනින්න එල්ලිලා මැරෙන්න තරන් මගෙ හදවත දුර්වල එකක් නෙවෙ කියන්න උන්ට එක්කො විස්වාස නැතුව ඇති .....ඊලග වසන්තයක් වෙනුවෙන් ජීවත් වෙන්න නම් මම මේ කාර්තුවෙම හුස්ම ඇරලා කොහොමද...ඇරත්....මගෙ වසන්තයක් වෙනුවෙන් විසි පස් අවුරුද්දක් හදපු අම්ම තාත්තගෙ පපු පලන්නෙ කොහොමද ....මට මැරෙන්න බෑ....මැරි මැරි ජීවත් උනත් මට මැරෙන්න බෑ....

අනූ...

ඇයි වස්තුවෙ...ම්ම්ම්

අඩන්නෙ නෑනේද කියන්න...එපා රත්තරන් ...අඩන්න...මමමනෙ මේ ළඟ ඉන්නෙත්...

අපි උන්නෙ ගේ ගාව...හරියටම ගේ ඉස්සරහා....මෙච්චර වෙලාම අගෙ උරහිසට නිකට තියන් ආව එයා අවසානෙදි අර වහන් උන්න තොල්වල මුද්‍රාව කඩලා දැම්මා....එයා මට අඩන්න එපා කියනවා....මගෙ ගාව ඉන්නෙත් එයාමනෙ කියලා එයා මට අඩන්න එපා කියනකොට මම හා කියල කියන්න ලාවට හිනා වෙලා ඔලුව වනනකොට මන් බලාගන අඹ අත්තෙ එල්ලලා තිබුන ඔන්චිල්ලාව අදත් හිමීට ක්‍ර්‍රී.....ස්....ක්‍රීස්.....ගගා ඉස්සරහට පස්සට පැද්දෙනවා ....

අක්කා ඇවිල්ලා....මට පේන්නෙ නෑ....හැබැයි මට දැනෙනවා...අනිවාර්යයෙන්ම අම්මත් ඉන්නවා...ඒ විතරක් නෙවෙ නන්දනීත් ඉන්නවා...මේ හැමෝවම මම දැන් නොදැක්කා උනාට මං දන්නවා....මේ හැමෝම බලන් ඉන්නවා....

මයුරයා....

මචන් එක්කො අපි දෙන්නා යන්නද...

ම්න්....අවුලක් නෑ...මං හොදින්...වරෙන් යන්න ...

කල්පනයා ආයම ආවා...නිකන් නෙවෙ....රවිදුවා ඇවිදින් මාව නවත්තලා උන් යන්නද අහනවා.....ඒත් මම ඉස්සර උනා ....මගෙ නිම්න විතරක් නෙවෙ...ඒ හැමෝම බලන් ඉන්නකොට මං ඉස්සර උනා.....මට දැනෙනවා...ගෙට ගොඩ වෙන්නත් කලින් මට ඒ වේදනාවෙ කුයිලෙ දැනෙනවා...

මට ඇහෙනවා.....ගෙට ගොඩ වෙන්නත් කලින් මලවුන්ගෙ වේදනාත්මක ශෝකාලාපෙ මට ඇහෙනවා...ජීවිතේ ඉල්ල ඉල්ල අත් වැදපු එයාලගෙ වේදනාත්මක විලාපෙ මට ගෙට ඇතුල් වෙන්නත් කලින් ඇහෙනකොට මං ඒ හැම දේම දරාගන ලී තරප්පු පේලිය නගින්න ගත්තා....

එයා දුවපු.....උගෙන් බේරෙන්න බඩ ගාපු ඒ තරප්පුව මට වෙනදටත් වඩා නගින්න අමාරුවක් දැනෙනකොට පරන කාලෙ කැටයම් කපාපි ගරාදි වැට අල්ලන් මං ඒ තරප්පු පේලිය නැග්ගා...නැගලා...නැගලා....අවසානම පඩියෙදි මං මගෙ පපුව පිරෙන්න ලොකූ හුස්මක් ගත්තා.....මොකද මේ හයිය මටදැන් ඉතුරු කරගන්න ඕන...මේ හයිය දිය නොවෙන්නමට ඉතුරු කරගන්න ඕන.....

අප්පච්චි .....

මයුර..උඹ ආවද....

මං කතා කෙරුවෙ අප්පච්චිට ..ඒත් මට ආපිට උත්තර ලැබුනෙ උදාරගෙන්....අප්පච්චි ඉදන් උන්නෙ නිම්නගෙ ඇද උඩ....ඒ කාමරේ ඇතුලෙ එක පේලියට නිදි කරවපු මලකදන් තුන සැනසීමක් නොලබා ඇස් පියාගන ඉන්න හැටි අප්පච්චි බලාගන උන්නා මිසක්ක උඹ ආවද වත් ඇහුවෙ නෑ...

මං ඒ සුදු රෙදි පොරවාපු මලකදන් දිහා බැලුවා...එයාලා ආවෙ නෑ...මේ ඉන්නෙ එයාල බව දැන දැන උනත් එයාලා වත් ලගට ආවෙ නෑ.....

කොහොම කියල නම් එන්නද....මොන වේදනාවක්ද.....

නොවදිනා වැදුම් වැන්දත් උරුමෙ මරනෙ විතරක් වෙනකොට ....

සුචිත්‍රම්මෙ...

මට මිමිනුනා....මුල්ම දවසෙ මගෙ පිට පුපුරන්න ගහපු...ඔලුවට ඇන ඇන....අරක අස්කරපිය මේක අස් කරපිය ගගා අපාය උන මගෙ කාමරේ මනුස්ස විමානයක් කරපු මගෙ අම්මට වත් හදන්න බැරි උන මාව දවසෙන් හදපු සුචිත්‍රම්මව දැකලා මට අම්මෙ කියල මිමිනුනා.....

අම්මෙක් නැති දවසක්....

ඇයි දෙයියනේ අම්මෙක් නැති දවස මෙච්චර බර....

හිත රිදෙනවා....රිදෙන්න පුලුවන් උපරිමේටම රිදෙනවා...ඒත් මගෙ ඇස්වල දැන් අඩන්න කදුලු නැද්ද කොහෙද ...

ඇරපු ජනෙල් පියන් වලට මල් පිපුන මුලු මහවැවම පේනවා....වැව සම්පූරනම රෝස පාට වෙලා.....ඕලු විතරමයි....ඒත් මේ ලස්සන දකින්න ඒ ඇස් තව පින් කරලා නෑය කියන්න මගෙ හිත මට ආය ආයම මතක් කරනකොට ..ඕලුවල රෝස පාට දිහාව අහස් ආගාධෙට රසවිදින්න දීලා...ඕලු වලට අහසත් එක්ක ප්‍රේම කරන්න ඉඩ දීලා මං ජනෙල් පියන් දෙක වහල දැම්මා.....

අම්මට එහා පැත්තෙන් නන්දනි.....නන්දනී ගාව අක්කා.....අක්කා චූට්ටකට නෑ....ඇට ගැහිලද කොහෙද ....

ගැට පිච්ච සුවද මැරිලා ගිහිල්ලා....

නෑ..ගැටපිච්ච සුවද අපේ ඇස් පනාපිට ඌ මරලා දැම්මා....උගෙ ආදරේ..ඌ එක පොලු පාරෙන් මරලා දැම්මා...

පරවුන ගැටපිච්ච මල් වල අයිතිකාරිගෙ සාරියෙ මඩ පාට ගැහුන බෝඩර් එක සුදු රෙද්දට යටින් ඇබිත්තක් විතර එලියට ඇවිදින් තිබුනා.....

ඒක මඩ පාටද....නැත්තන්...ලේ පාටද ... ...මඩපාට නෙවෙ...ඇත්තටම ..ඒ තියෙන්නෙ පන ගියපු ලේ පාට........

කොල්ලා....

අප්පච්චි මං හොදින්.....

වාහනෙ මගලු මචන්...උඹට එයාව ඕන තරම් බලන්න පුලුවන් ...ඒත් මෙහෙම නෙවෙ...මෙහෙම තියන එක ආදරේටත් නිග්‍රහයක් ...

වාහනෙ??මොන වාහනෙ...

මං උදාරයා දිහා බැලුවා....ඌ මගෙ ලගට ඇවිදින් ඌ කිව්වා වාහනෙ ලගයි කියලා..මොන වාහනේද....කොහෙ යන වාහනේද....

අප්පච්චි ....මො..මොන වාහනේද අප්පච්චි ??

......අපි එයාලව යවනවා.....

යවනවා කොහෙ...මගෙන් නාහ...කොහෙද යවන්නෙ...අප්පච්චි මූ මොනාද කියන්නෙ.....

උඹට එයාව වත් කාවවත් මෙහම තියාගන්න බෑ කොල්ලා...ඒක උඹ දන්නවා....ඒකියලා වල දාන්නත් බෑ.....ඔය කාලකන්නියා අද බිම් කරුවල වැටෙන්නත් කලින් මෙහෙට එනවා...ඇවිත් මේ ඔක්කොම අදිනවා....ඊට කලින් කරන්න ඕන ටික කරලා ඉදින්...ඔයතරම් ප්‍රශ්න අහන්ඩ එපා මයුර.....උඹගෙ නිම්නව පරිස්සම් කරන්න පුලුවන් තැනකටයි මේ අරන් යන්නෙ..... .

අප්පච්චි .....

මයුරයා .....බට්ටකොලනියෙ අජියා මහ බෝට්ටුවෙන් බැහැල.....

අජියා...

හ්ම්.....

උඹලා..හදන්නෙ....කොලනියෙ අජියව හම්බෙන්නද...

අප්පච්චි කතා කෙරුවා...හම්බ වෙන්න දෙයක් නෑ.....

මං මගෙ නිම්න දිහා බලාගන උන්නා...මෝචරියෙ අයිස් ලාච්චුවක සැතපෙනවා වෙනුවට මහබෝට්ටුවක මාලු දාන ලාච්චුවක සැතපෙන්න . .. ..

කමක් නෑ අනූ...

එයා මුමුනනවා...මං හිතන්නෙ එයා මගෙ ඇස් වල තිබුන අර වේදනාත්මක අසරන කම දැක්කා.....ගමටම මැරයා උන ස්කීපර් අජියා....මහ බෝට්ටු දහයක දොලහක අයිතිකාරයා...ස්කීපර් නැතිදාට මුදලාලි කම පැත්තක දාලා මහබෝට්ටු සුක්කානම අතට ගන්න අජියා....මූනෙන් එකයි කැපුම් පාරවල්...අතෙන් එකයි කොටාපු පච්චා...පපුව මැදම ජේසු පිහිටයි කියලා කොටන් ඉන්න මුලු ඔලුවම බූ ගාපු අජියගෙ සර්වගෙ රූප සම්පත්තිය තව විස්තර කරනවා නම් එක අතක අපලවට දාපු නවරත්තන් මුදුවක් තිබුනා....කසාද මුදුවෙ බර උගෙ කසාදටෙත් වඩා බර ඇති කියලා හිතෙන තරමට පවුම් ගානක් බර වෙනකොට මංචාඩි ගාන කියන මිනිහට හුස්ම හිර වෙන්න එනවා...

කොටින්ම බට්ටකොලනියෙ ස්කීපර් අජියා කිව්වම මතක් වෙන්නෙම දමිල සිනමාවෙ ඉන්න දරුනුම දුශ්ඨයගෙ හැඩ රුව වෙනකොට අප්පච්චි කොහොම ඌ එක්ක යාලුකමක් ඇති කරගත්තද කියන්න මං අදවත් දැනන් උන්නෙ නෑ....

එක්කො අප්පච්චි ත් මැරයෙක් වත්ද ...??????

උඹට පැය කාලක් තියනවා කොල්ලා...ඥන් පඥන් ගෑවිලි නෑ....ආව ගමං එතුවා පැටෙව්වා..වැහුවා ඇරියා...ඊලගට තියෙන්නෙ අරූගෙ ඇගේ ගානට සිරිපුරෙන් පෙට්ටිය ඕඩර් කරන එක.....ඒත් ඕකව මැරිල යන්න ඕනෙ බල්ලෙක් ගානට.....අනුකම්පාවක් කියන නාමයක් නැතුව....ඕකගෙ මරන මංචකේදි ඌම ඌව මරාගන්න තැනට ඌ අසරන වෙන්න ඕන මයුර.....ඉක්මන් කරපන්...වෙලා.නෑ හුරතල් වෙන්න.....මං උදාරයගෙ කීමට නැවතුනෙ.....හ්ම් හ්ම් ඉක්මන් කරපන්....

ඒ අප්පච්චි ගෙ අණ....වෙනදා වගේ විහිලු කරන මාව එපා කරවන අප්පච්චි අද වෙනස්...ඒ කතා බහ මේ හැම දේම අද වෙනස්....කොට්න්ම අප්පච්චිගෙ ඇසුත් රතුවෙලා...හරියටම තරහා ගියහම මගෙ රතු වෙනවා වගේම...

.

උඹට එයා එක්ක විනාඩි පහක් ඉන්න ඕනා නම්.....ඉදපන්......අපි එලියෙන් ඉන්නම්..ඒත් උඹට බෑ කියලා හිතුනොත් මට කතා කරපන්...මං දොරගාව ඉන්නම්

ම්න්...මට එක විනාඩි පහක් එයා එක්ක ඉන්න දියන් උදාර...

මචන්...මයුරයා....මං දන්නවා...මමවත්....සෙනේ වත්.....රවිදුවා වත්.....ජනා වත්...උඹට දැන් දුක් වෙන්න එපා...දුක්වෙන්න එපා කියලා මොන වැල් බයිලෙ හැහුවත් ඒවා තනිකරම වදුරු බණ කියලා...මං කියන්නෙ මචන් ... ....දුක උනත් බෙදාගන්න වරෙන්. උඹට මීට එහා දරාගන්න සීමාවක් නෑ බන්...උඹ හැම සීමාවම බිදලා ඉන්නෙ... අමතක කරන්න එපා. .අපි ඉන්නවා....චූචි බුංජියො...උඹගෙ අනූ ගාවින් ඉදපන් .මූට දැන් මේ ඉන්නෙත් උඹ කියන එක අමතක වේගනයි එන්නෙ බුංජියො... 

මගෙ මයුර.....

මම නෙවෙ එය දිහා බැලුවෙ.... . අහකට රෝල් කරපු අර බර බුමුතුරුනෙ යට උන්න එයාව එලියට ගන්න මං ලෑලි ගලවන ගමන් උන්නා මිසක්ක මම නෙවෙ මගෙ දුරුතු හද දිහා ඇහැක් ඇරලා බැලුවෙ....

අනූ....

........

මගෙ දිහ බලපන් අනූ....

ශ්ශ්...ඔච්චර හයියෙන් කියවන්න එපා වස්තු.....මගෙ නිම්න නිදිනෙ.....ඇයි මේ මාව හොලව හොලව වද දෙන්නෙ....

ඔහොම...හැසිරෙන්න...එපා....අනු...උඹ...ඉකන් මගෙන් පලිගන්නවා..වගේ...මල්ලි.....මම..හිතලා...මැරුන්...නෑ.... වස්තුවෙ....

දන්නවා...ඒත් උඹට ඇයි බැරි උනේ මාව මීට වේලාසන හොයන් එන්න . ....එහෙම උනා නම්....දැන් හැම දේකම අහවර පේන මානෙ තියෙන්නෙ නිම්න....ඔය හැටි කදුලු වියදම් කරන්න එපා.....

අවසානම ලෑල්ලෙ ඇනෙත් සස් ගාන සද්දෙත් එක්ක ගැලවිලා යනකොට සුදුම සුදුරෙද්දෙ එතුන මගෙ දුරුතු සද නිදාගන උන්නා.....මං හිතන්නෙ වැටුන හදටත් වඩා අහසටයි උහුලපු පොලවටයි රිදෙන්න ඇති ......

මගෙ ළඟ නිම්නල දෙන්නයි ..ඒත් .....ඒ දෙන්නගෙම එකම මයුර මම විතරක් වෙනකොට දෙන්නෙක් එකතු වෙලා මට දෙන දුක් ගින්න එසේ මෙසේ දුකක් නොවුනත් මං අද පර්වතයක් වගේ දරාගන උන්නා.....

නිම්න....

අනූ.....

දෙයක් අහන්නද වස්තු....

අහන්න...අනූ...මොනවද.....

මම උන්නෙ එයාල දෙන්නවම ළඟ තියාගන. ..අඩලා..අඩලම හුස්ම ඇරපු එයාගෙ ඇහිපිහාටු ඉදිමිලා මදිවට දැන් දැන් බලාගන ඉන්නකොට හම ගැලවෙන්න පටන් ගත්තා.....

අවංක කතාව කියනවා නම්....උහුලන්න බැරි තරම් ගදයි...ඒත් ජයවර්ධනයා ගද උඩට මතු නොවෙන්න පුලුවන් තරම් අලු ඉහලා තිබුනා....

අනූ...

මෙව්වා...ග්..ගැලවෙනවා....නිම්න....

උඹව....දිර...දිර...යනවා..රත්තරන් .....

මම දනෙන් නෑ....දෙවියො ඊයෙ පෙරේදා මගෙ හදවත ගලව ගත්තද කියලා ....සමහර විට ඔව් වෙන්න පුලුවන්....මට නින්ද ගියපු වෙලාවක මගෙ හදවත ගලවන් මට ගල් හදවතක් දෙන්න ඇති....කදුලු උනාපු මහෙ අහිංසක දුරුතු හදව ළඟ තියන් සදහටම ඇස් පියාගත්තු එයාගෙ අත .....අර කාලකන්නියා පුලුවන් තරන් රිදවපු අහිංසක අත.....පැලෙනකම්ම රූල් වලින් ගුටි කාපු අත මං කිසි හිරිකිතයක් නැතුවම අතට ගන්නවා එක්කම අනේ ඇගිලි වල මස නියපොතු මේ හැම දේම මගෙ අතට ගැලවි ගැලවි ආවා...

මගෙ නිම්නව දියවෙනවා....අනෙ මගෙ නිම්නව ආයම දූවිල්ලටම හැරෙන්න එනවා...දූවිල්ලෙන් සෑදුන නුඹ යලිත් දූවිල්ලටම හැරෙන්නාහ කියන වචන මගෙ ඇස් ඉස්සරහම යතාර්තයක් වෙනකොට මං නිම්නගෙ පැලුන නලල මගෙ ඇගිලි තුඩු වලින් අත ගෑවා...

රත්තරන් ....පොරොන්දු වෙයන් මගෙ නිම්න....උඹ කිව්වා වගේම.....ප්‍රතම වසන්තයක් අරන් ආපිට මගෙ ගාවටම එනවයි කියලා ....

මට සතුටු වෙන්න මහා ලොකු දේවල් ඕන නෑ නිම්න....ගහක් පිරෙන්න මල් පිපුනත් ඇති...මට කියපන් මගෙ නිම්න...එච්චර පුංචි දේකින් සතුටු වෙලා...කොල්ලෙක් එක්ක රස්තියාදුවෙ ගිහින් කන වෙලාවට ගෙදර ඇවිත් බරක්පතලක් නොතේරෙන මනුස්සයෙක් වෙලා උන්න මාව මනුස්සයෙක් කෙරුවා මදිවට....මගෙ හිත අස්සට ආදරේහැගීම් ඔබලා මේ තරන් අසරන කෙරුවෙ....

නෑවිදින් ඉන්න එපා රත්තරන් ....කල්ප කාලාන්තරයක් ගිහින් හරි වරෙන් අන් උඹ එනකන් බලන් ඉන්නවා....මිනිස්සු මැරුනට මතක මැරෙන්නෙ නෑ කියනවා රත්තරන් . .මං හුරු වෙන්නම්....උඹ එනකන් උඹ නැතුව උඹ එක්ක ජීවත් වෙන්න...ඒත් ආයම වරෙන් නිම්න.....

එකපාරක් කඩන් වැටුනා කියලා...හදකට බැරි නෑ රත්තරන් ආයම අහසට පායන්න....

නිම්න..මං අහසක් වෙන්න....උඹ මගෙ හද වෙයන් නිම්න...කවදාවත් උඹව මං වට්ටවන්නෙ නෑ රත්තරන් ..... ආයම වරෙන්...සීනි නැති කෝපි එකක් වෙනුවට.....රසම කෝපි එක්ක් ඉල්ලගන ...මට පුලුවන් නිම්න. .උඹට මේ ලෝකෙ තියන රසම කිරි තේ එක හදලා දෙන්න.....

ඇවිදින් මගෙන් අහපන් නිම්න.....හත් පාට ආදරයක් කියන්නෙ වැරද්දක්ද කියලා ....එතකොට මං මුලුරටටම ඇහෙන්න කෑගහලා කියන්නම්...ආදරනීයම හදවත් තියන ප්‍රේමනීයම මිනිස්සු ඉපදෙන්නෙ හත් පාට දේදුනු අස්සෙ කියලා මං කෑ ගහන්නම්.....නිම්න...ආයම ඉපදෙනවා නේද රත්තරන් ...

මව හොයන් වරෙන් ....නැත්තන් මට වෙන්නෙ ඉබාගාතෙ බලන් ඉදලා...පිස්සෙක් වගෙ මැරිලා යන්න....අනුන්ගෙ වේදනාවෙදිත් සංවේදි වෙන මාව නිස්කාරනේ මැරිලා යන්න දෙන්න එපා නිම්න...ආයම වරෙන්...මේ කඨෝර කාර්තු වලට ඉහලින් සැනසීමෙ වසන්ත වැහි වස්සවගන.....

"මං උඹට හුගාක්...ආදරෙයි මගෙ අයියෙ...."

මං අවසානෙදි නිම්න බලාගන ඉන්නකොටම නිම්නගෙ මස් වැදලි දියවි දියවි යන...ගැලවි ගැලවි යන..බුදු බණට අනන්තවත් දේශනා කරන යතාර්තෙ ඉස්සරහා මන් බින්දුවටම වැටිලා උන්නත් ආදරේ කියන පාරිශුද්ද හැගීම ඉස්සරහා මම එයාගෙ නලලට හාදුවක් තියලා කෙලින් උනා....

දැන් හරිද මගෙ අනූ.....

ම්න්...

අප්පච්චි ට එන්න කියන්නද 

එපා.....

අ..අනූ....

මගෙ ආදරේ බර මමම දරන්නම්....අප්පච්චි ඕන නෑ වස්තු...

මන් හිනා උනා....එයාව උඩට ගත්තු මං එයා එක්කම කියවල කියවලා මං උඹ හරි ආදරෙයි අයියෙ කියලා හාදුවකුත් තියපු මං එයාව ඔතනකොට අප්පච්චිව හොයන්න ගියපු නිම්නව නවත්තපු මං ඇස් පියන් උන්න එයාව හරහහට උස්සගත්තා...

අනූ...

ම්න්...

උලුවැස්ස පනින්න අඩියක පරතරයයි තිබුනෙ...සිනි ගද කාමරෙන් එකයි...මිනි කුනු ගද ගෙයින් එකයි....වෙන එකෙක් උනානම් වමනෙ දාලා මැරෙනවා..ඒත් මම....මම උන්නෙ එයාව හිරිකිතයක් නැතුවම තුරුල් කරගන වෙනකොට නිම්න මාව නැවැත්තුවා.... 

.... ඊලග වසන්තෙදි අපි අනිවාර්යයෙන්ම හම්බවෙමු මගෙ මයුර.....දන්නවද ...මගෙ ජීවිතේ කතාවක් නම්...ඒ කතාවෙ නම උඹයි මයුර...ඉවසීමෙයි දරාගැනීමෙයි තේරුම උඹයි මගෙ මයුර ...ඒ උඹම විතරයි ....ඊලගවසන්තෙදි අපි ආදරෙ විදිමු.....හැම අවසානයක්ම අවසානයක්ම නෙවෙ වස්තුව....අවසානයක් කියන්නෙ ආරම්බෙකුත් වෙන්න පුලුවන්...මයුරනිම්නෙක අවසානෙ අතෙ දුර උනාට...උඹට පේන්නෙ නැද්ද වස්තුව ඒ ලගම ප්‍රතම වසන්තෙක පටන් ගැන්ම දැන්ම ලියවෙන්න බලන් ඉන්නවා.....අපි ආදරෙ කරමු....මේ මූනට මං හිනාව අරන් එනවා වස්තුව..ඒක පොරොන්දුවක්

මං හිනා දුක්ඛ සන්තාප මැද අවසානෙදි එයාගෙ වචන තනිකරම ලැව් ගිනි මැදට වැටුන අසිනි වැස්සක් වගේ වෙනකොට ම්න් නිවුනා...සැනසුනා...හිනහ උනා.....ප්‍රේමයෙන් ඇවිලුන මම ඒ ගින්නෙම්ම නිවිලා සැනසුනා....!

රොහාන් අයියා....

අජියා.....කටේ කෙල බිදක් හලන්ඩ එපා මචන්....

පිස්සුද බොසා.....එහෙම කාලකන්නිවැඩ කරනවද අපි...අනික උඹලා...අපි...එක ගමෙ...එක ඉස්කෝලෙ එක ගමෙ එවුන් ....අපෙ මහ එකා පැලිලා..පැලිලා එනදාට උයාගන හොද්ද පින්න සීසිකඩ යනකොට උඹලා කී දවසක් නම් අපෙ බඩකට පිරෙව්වද ...ඒවා අමතක නෑ බොසා...මෙ අජියා දස කැරියා...ඒත්....නොතිබ්බ කාලෙ බොක්කෙ තිබ්බ දේත් දුන්න උඹට...බුදුන්ට වදින අත් වලින්ම වදින්ඩ මේ හිත දෙපාරක් හිතන් නෑ....

මම උන්නෙ මගෙ නිම්නව දාපු අයිස් ලාච්චුව දිහා බලාගන....."ස්කීපර් අජිත්" කියලම ලොකු අකුරෙන් ගහපු අයිස් අදින ලොරිය අස්සෙ මාලු දාන අයිස් ලාච්චු අස්සෙ උන්නෙ මට ජීවිතේ ඉගන ගන්න බැරිව ගිය සමහරක් දේවල් කියලා දුන්න ප්‍රේමනීයම මිනිස්සු දිහා වෙද්දි අප්පච්චි අර මැර පාටක් තිබුන අජිත් එක්ක හරි හරියට කතා කරන සද්දෙ මට ලාවට වගේ ඇහුනා...

මයුරයා.....

.....

මචන් දැන් ඔය ඇති...බැහැපන්කො.....උඹ වරුවක් තිස්සෙ ඔය සීතෙනෙ...නිම්න බලාගන උඹ ඔහොම බලාගන ඉන්නකොට ඒ හිත රිදෙනව බන්....

එයාව මීටත් වඩා දියවෙන එකක් නෑනේද උදාර....ආ රවිදුවා....මට කියපන්...මට ඕනා එයාට ලස්සනට අන්දවලා....මලක් ගහන්න...මනමාලයෙක් විදිහට ලස්සනට යවන්න...සුසානෙට උනත් කමක් නෑ....අප්පච්චිට කියපන් උදාර මාව බන්දවන්න කියලා .....

උඹ වෙනුවෙන් අපි නොකරපු දේවල් නෑ මයුර.....උදාරයා උඹ වෙනුවෙන් නාහපු දෙයක් නෑ...කල්පනයා උඹ වෙනුවෙන් නොකරපු උදව් නෑ....අපි අපිට හරි ආදරෙයි ඒකයි මේ තාක් අපි තවමත් එකට ඉන්නෙ.....උඹට අපි ඉන්නවා...උඹට ඕනෙ ඒක නම්...අපි ඒකත් කරලා දෙන්නම් ...ඒත් දැන් එලියට බැහපන්....රොහාන් අංකල් ඔය ඔහොම ගලිසා වගේ ඉන්නෙ උඹ කඩන් වැටෙයි කියල.....උඹත් වැටිලා ඉද්දි එයත් වැටුනොත්...බැහැපන්...බැහැපන්...හොද එකානෙ...

මගෙ දෙපැත්තෙන් උන්න රවිදුවයි උදාරයයි දෙන්නම හිත හදනකොට පහල ඉදන් මා දිහා බලන් උන්න මගෙ නිම්න ගාව කල්පනයයි ජනතුයි උන්නා .කල්පනයගෙ වැඩේම මහ එකා වගේ....චූචි බුංජියො....බුංජියො ගගා එයාව මොනවම හරි දේකින් හිනස්සන්න හදපු එක වෙනකොට අවසානෙදි මන් අයිස් ලාච්චුව වහලා දාලා පහලට බැස්සා...

*

*

*

යෝ...සෙනේ....කුඩම්මව හෙට නාවනව නේද ...ඇදුමක් වත් නෑ අනේ...නෑනනෙ නාන්නෙ.....

හ්ම්...ඇයි උබත් කොටහලු උනාද අලුට් ඇදුම් හොයන්නෙ....

යෝ...සෙනේ...නිකන් ඉන්නකො ඒයි...නරකයා....ඇහුනනෙ බුංජියො එන්න ඕනා ඈ....ඔයා නැතුව කොහොමද...අනික බය වෙන්න ඕනෙයි කිලි වලින් ගැලවෙන්න ඕනයි ජීවත් වෙලා ඉන්න කුතාඩියන්ගෙන් මිසක් උඹලා වගේ එවුන්ගෙන් නෙවෙ අනේ .....කල්පියනෙ කියන්නෙ.....එන්න අනේ....කැවුමක් කාලා කහට ඩිංගක් බීලා යන්ඩ...නේ සෙනේ....

මං බලන්නම් කල්පන...

බලන්නම්ලු...මොනා බලන්නද.....ඇත්තමයි චූචි බුංජියො....අකීකරු කම් කරන්න හැදුවොත් ගහනවා පුක....න්...නෑ....නෑ...අම්මො....ඕක වර්ජින් කියලා අපේ සෙනේ කිව්වා...ගහනවා පිට පුපුරන්න ...විකාර හිතනවා.....අපේ නෑනගෙ කොටහලුවට එන්නම ඕනා ඈ.....

අනූ.....අපිට යන්න හො.....ද....

නෑ.....එන්නම ඕන....මගෙ නංගිට උඹලගෙන් කවදාවත් කරදරයක් නෑ කියන්න උඹලා කියන්න ඕන් නෑ නිම්න...මයුර එක්ක වෙලාවට එන්න....හිත විතරයි නිම්න සුද්ද වෙනන් ඕන...ඒ ඇරෙන්න වෙන මොක සුද්ද උනත් වැඩක් නෑ.....ඇහුනනෙ.....හෙට වරෙන් මයුරයා...

ඔව් ඈ...බුංජියො....ඇහුනනෙ.....සෙනේ....

ඔයාගෙ බබාව ගෙදරටම ගිහින් දාන්න ඒයි....නැත්තන් ඔයාගෙ රත්තරන් පව්නෙ.....

හ්ම්...මගෙ රත්තරනේ පව් තමයි...

..අනූ....

ම්ම්ම්...කියන්න වස්තු....ඔයාට අමාරුද....

නෑ....ඒත් හිතේ දුක මේකත් එක්ක ඇවිලෙනවා නම් මුලු ලෝකෙම මිනිස්සු සිගරට් උරවන්න ගියා....ඔය ඇති මගෙ අනූ....දැන් කීයක්ද....

වෙලාව රෑ දහයටත් කිට්ටු වෙන්න ආව..ජයවර්ධනයා තවම ගෙදරලු.....අප්පච්චිත් අම්මා එක්ක පන්සලට ගියාගියාමයි තවම නෑ....කන්සාටන් සතුටු සුරංගයා මේ වෙනකොටත් අම්මගෙ සුදු පුතා එක්ක අනියම් සම්බන්දයක් පටන් අරන් හමාර වෙද්දි උන්දෙන්නා දැන් එකට දඩාවතේ යන්න පටන් අරන් තිබුනා...

සමන්පිච්ච වැල එහාට වැනෙනවා...මෙහාට වැනෙනවා...වැනෙන වාරයක් පාසාම මල්සුවද උඩු හුලගත් එක්ක එහා මෙහා යනකොට සිගරට් කොට දුසිමක් විතර දැනටමත් මගෙ කකුල් ගාව ඉතිරි වෙලා තියෙද්දි මෙච්චර වෙලාම මගෙ උරහිසට ඔලුව තියන් උන්න එයා ඉවසන්න බැරිම තැනද කොහෙද මගෙ අතින් සිගරට් කොටෙ ඇදලා ගත්තා ...

ජයවර්ධනයා ඇවිත් නෑ වස්තු....

ඔයා හිතනවද මෙච්චර වේලසන එයි කියලා ...නෑ අනූ...මුලු රටම නිදාගත්තම ඒවි.....ඇවිදින් හංගන්න හදපු හැම දේම උඩට අදින්න ගනී.....

ම්න්....

ඇයි අනූ අම්මයි අප්පච්චි පන්සල් ගියෙ...

ලොකු සාධුගෙ පනිවිඩේකට....සමහර විට පන්සලේ ඉතුරු අඩුපාඩු හදාගන්න උවමනා කරන සල්ලි හොයා ගන්න මොකක්ද කරන්න ඕනෙ කියලා කතා කරගන්න වෙන්න ඇති....

ඒකියන්නෙ රැස්වීමක්.....

ම්න්.....

එයා ආයම මගෙ උරහිස උඩ.....රවිදුවයි ජනායි තාම ජයවර්ධනයගෙ ගේ ගාව....මු එලියට බහින්නෙම නැති පාටයි කිය කිය රවිදුවගෙන් මැසේජ් සීයක් විතර එනකොටත් මම බලාගන උන්නා.....මචන් ජයවර්ධනයා ගියා කියන මැසේජ් එක එනකන්.....

ටික්....ටික්...ටික්.....ටික්........

බිත්ති ඔරලෝසුවෙ තතපර කට්ට රිලේ දුවනවද කොහෙද ...සද්දෙ මෙතනටත් ඇහෙන වෙලාවක මගෙ නිම්න මගෙ අත්ගොබේ අත් දෙකෙම්ම මිරිකන් ඇස් පියන් නිදාගන උන්නා.....හැබැයි එක තත්පරයයි එයාගෙ නින්ද තිබ්බෙ....මගෙ අතේ තිබුන ඵෝන් එක මහසද්දෙන් රින්ග් උනා....

අ...අනූ.....අ .අනේ...අනූ...අප්පච්චි ...අප්පච්චි ..ආවා...

කෝල් එකක්....කෝල් එකක් රත්තරන් ..නිම්න....වස්තුව...කෝල් එකක්....මේ....නිම්න....මේ...ඒ තිරිසනා නෑ....ඒකා නෙවෙ....

එයා බය උනා.....ඒ හිතාස්සෙ තවමත් යට ගිය වේදනා තියෙද්දි මරුනත් එයා බය උනා.....

ක්...කෝල් එකක්....

ඔව්.....මේ....

ක්...කව්ද.....

ඇත්තටම කව්ද....ලෑන්ඩ් ලයින් නම්බර් එකක්.....මං නම්නර් එක දිහා බලාගන ඉදලා ආන්ස්වර් කෙරුවා .....

එතනින් එහා මට එහාපැත්තෙන් ඇහුන දේවල් එක්ක මගෙ මූනෙ තිබුන හැගීම් එන්න එන්න වෙනස් උනා....අත් මිට මෙලවුනා....කන් දෙපැත්තෙන් දාඩිය බින්දු වැක්කෙරුනා.....නලල පුරාවටම දාඩිය බින්දු මතු උනා විතරක් නෙවෙ මගෙ තොල කට පවා වේලිලා ගියා...

අ..අනූ.....

අනූ.....ඇයි අනූමෙ.....

අනූ...කව්ද කියන්නකො.....

මයුර කව්ද කියන්නකො...

නිම්න පස්ස පාරෙ එනවා...කව්ද අහනවා...ඒත් මට උත්තර දෙන්නවත් වෙලාවක් නෑ.....එහාපැත්තෙන් ඇහෙන ගනකම් ගම්භීර පිරිමි කටහඩ මගෙ තොලකට වේලවලා ඇරියා.....අවසානෙදි මට අවසානම තත්පරේදි කතා කරගන්න පුලුවන් උනා....නලලට දාපු හැම දාඩිය බින්දුවක්ම පිහිදගත්තු මං කටකොනින් මහ නපුරු විදිහට හිනා උනා.....

එහෙමයි.....එහෙමයි අපෙ හාමුදුරුවනෙ.....!!!!

😒ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ....

ආතරෙයි ....

මම ජොබී

NEDEESHA ❤️❤️

More Chapters