අනූ මොකක්ද අනූ.....කව්ද කතා කරේ...
කියන්නකො.....මයුර....
ඇයි බන් මයුර කතා කරපන්කො අනූ...උඹ ගොලු වෙලාද.....
මයුර ඇයි මයුර උඹට කට නැද්ද බන් කතා කරපන්කො අනූ..කව්ද කතා කෙරුවෙ...මොනාද කිව්වෙ....අර....මනුස්සයද ...
ඇයි යකො කතා කරපියකො....
ඇත්තමයි අනූ උඹට මං හනස්සක් ගත්තොත් ගහන එක ගහනවා ...කතා කරපන්කො....
ම්හුක්...යෝ....අනූ....චූචි බුංජියනෙ දැන් ඉන්නෙ...කවුත අනූ ඒ.....කතා කෙරුවෙ.....මගෙ අනූත....කවුතඒ.....
මම බලාගන උන්නා...නිම්නට ටිකෙන් ටික තරහා යන හැටි වගේම මගෙ කටින් වචනයක් ගන්න බැරි තැන් වල සන්නි දහ අටම නටලා නටලා අවසානෙදි ම්හුක් හුකුක් ගාන්න ගත්තා....
කාලෙකට පස්සෙ චූචි බුංජියා ඇවිල්ලා....මේ වෙච්ච දේවල් එක්ක අතෑරුන චූචි බුංජියා ආයම ඉපදිලා තිබුනා..... ..
ම්හුක්....යෝ.....හ්...සූකි....රී...ඇත්තමයි අනූ...මන් කල්පියා එක්ක යනවා.....
ඌ වනචරයා....මන් රැකපු පතිවත ඕකා මගදි කඩයි කමක් නැද්ද....ම්ම්ම්....ඕන නම් දැන් එක්ක යන්න කියලා කෝල් එකක් දාන්නම්...කමනිටත් මං කියන්නම් බෑනා චපලයා කියලා ...රොහාන්ටත් කියන්නම්...හැබැයි ඉතින් රොහාන් නම් කමනි වගේ හැච හැච ගාලා නවතින එකක් නැ...දැක්කනෙ.....ආස්සරේ කරන්නෙ මැරයන්ව ආ....හොයන් ඇවිත් දෙසිය පනහෙ පෙති වලට කපයි...ඇයි ඉතින් එකම පුතාව රවටපුවාම තරහා යනවනෙ...
යෝ.....අනූ..ම්හුක්...මේ ඉන්නෙ චූචි නිම්නනෙ....පැනලා යන්නෙ නෑනෙ අප්පා...කල්පියා මහා වේසාවා නේ අනූ....හරී....වේසයි කල්පියා නම්...චූචි බුංජියා ඒම නෑනේ අනූට ආතරෙයිනෙ
👉👈....ම්හුක්...අනූ කියන්නකො අයියො....සූකිරී....කියන්නකො...කව්ත ඒ...
දොන්ත බිබික්කම උඹ...පන්සලේ ලොකු සාධු කතා කරේ වස්තු....
ලොකු සාධු...ඇයි ඒ....මං අහන්නෙ වයි අනූ??
වැඩකට.....
වැඩකට.....මොකක්ද...ලොකු වැඩක්ද....මීඩියම් සයිස්ද...නැත්තන්.....ස්මෝල් සයිස්ද....
3එක්සෙල් වගෙ වැඩක්....ඇයි මොකද උඹට ම්ම්ම්....
යෝ....මොකත අහන්නෙ...මටත් දැනගන්න එපැයිනෙ.....මම ඔයාගෙ වස්තුවනෙ..ඒ ඉන්න චූචි බුංජියා...මේ මෙතන ඉන්න්න් අනුගෙ චූචි බුංජියා...සූකිරිගෙ වස්තුවනෙ අනූ.....
ම්න්....උඹ මගෙ වස්තුව තමයි...ඒක ඇත්ත....උඹ ඇවිදින් සදහටම මගෙ වස්තුව...එහෙම නේද නිම්න.....
......මට උඹ ළඟ පැලවෙන්න හම්බ වෙන හැම සංසාර කන්නකෙදිම මම උඹගෙ සරුසාරම කන්නෙ වෙන්නම් මයුර...මන්දා...සාරාසංඛ්‍ය කල්ප ලක්‍යකට පෙරුම් පුරන්න පින් ඇතිවෙයිද...නැතිනම්....මයුරනිම්නට ජාති ජාතිත් එකට ඉපදෙන්න පින් ලැබෙන්න ඕන කියලා කවුරුත් ආශිර්වාද කරාවිද නියත විවරණ දේවිද දන්නෙ නෑ....එත් මම ප්‍රාර්තනා කරනවා....ඉපදෙන හැම තැනකම.....මම උඹගෙ වෙන්න කියලා.....
මං හිනා උනා...අඹ ගහ යටදි අපි තුරුලු උනා ...මට වඩා අගලක් දෙකක් උස උනාට මොකද එයා මගෙ පපුවට නැති උනත් බෙල්ල ගාවට මූන තියාගත්තා ..... චූචි බුංජියගෙ හුරතලේ මගෙ හිතේ තිබුන අර අයින් කරන්න අමාරුම දුක්ඛ වේදනා එලවල දැම්මෙ නැති උනත්....එයාට පුලුවන් උනා ...මං හිතන්නෙ මෙවෙලෙ මගෙ ඇස් දිලිසනවා ඇති....හරියටම තරු කැට වගේ....ඒත් මනුස්ස ඇස් දෙකක්....මනුස්ස හිනාවක්...පිරුනු උවනක් තරු කැටේකට සමාන කරන එක හරි වේදනාවක්..... මොකද තරු කැටයක් දිලිසුනාට මොකද....තරුවක් කියන්නෙම ඇවිලීමක්.....
හැබැයි මගෙ ඇස් තරු කැටයකට සමාන කෙරුවට කාරි නෑ...මොකද....දිලිසෙනවා වගේ පෙනුනට මගෙ ඇස් වේදනාවෙන් ගිනිගන්නවා.....
මං එයාගෙ අත් දෙක අල්ලගත්තා....සිනිදු අත්.....මෘදු අත්...දිගැටි ඇගිලි...එයාගෙ ප්‍රාර්තනා හැම එකක්ම හරි පිරිසිදුයි....නිර්මලයි...එහෙව් මනුස්සයෙක්ට හම්බවෙන්න ඕනම නිර්මල හාදු....
මගෙ උරහිසටත් බෙල්ලටත් මැදිව මූන ගහන් හරි හරියට මගෙන් සුවද හොරකම් කරන නිම්න ජයවර්ධන කියන බිදුන ලියන්නගෙ අත් දෙක දිහා බලන් උන්න මං තමන්ට නොලැබුන ප්‍රේමය...තමන් නොලද ප්‍රේමය සහෘද හර්ද වස්තු හොලවලා යන තරමට ප්‍රේමනීයව ලියපු ඒ ඇගිලි වලට මං හාදු තිබ්බා ...මෘදු...මොලොක්...වගේම නිර්මල හාදු....
අනූ....
එයා මට කතා කරනවා..මං දන්නවා එයා හදන්නෙ ලොකු හාමුදුරුවො මට මොනවද කිව්වෙ අහන්න...ඒත් මං උන්නෙ අර දිගැටි වගේම රවුම් ඇගිලි එක්ක ගැඹුරටම කිදා බැහැපු ගනුදෙනුවක....
මිනිස්සු මුලු ජීවිත කාලෙටම හොයන එකම දේත්...බලාපොරොත්තු වෙන එකම දේත්....කොච්චර තිබුනත් මදි මදි කියලා කෑගහන දේත් වුන "ආදරය..."අකුරු කරන මේ ඇගිලි කියන්නෙ මට දිව්‍යමය වස්තුවක්.....
එයාගෙ පොත් හැම එකක්ම හුස්ම ගත්ත්තා .ආදරේ කියන්නෙ ආදරේටම උනත්.....හැමදාමත් ඉතිහාසයක් එක්ක විදවන දානත් නැති ධාන්‍යත් නැති ..නෙක මල් පලතුරු පට්ට ගනන් උන මිනිස්සු හන්දම සුන්දර ඉස්සරට "අ" යන්න එකතු කරන්න වෙන සිරි බරිනියෙ පිලිකුලට ලක්වෙන ශානරයක් මේ තරම් මෘදුව....පරිස්සමට ආදරෙ පිටු අස්සෙනුත් වැක්කෙරෙන්න ලියාපු එයාගෙ පොත් හුස්ම ගත්තා.....
මං ඒ පොත් ඉබලා බැලුවා...සුවදයි...පුදුම තරම් සුවදයි....මේ තාක් දුරට මන්
හිතන් උන්නෙ ඒ එන්නෙ අලුත් පිටුවල සුවද කියලා ..ඒත් මං මේ නිම්න කියන සුන්දර මනුස්සයට පින් සිද්ද වෙන්න ඒ ඒක නෙවෙ කියලා දැනගත්තා....ඒ එන්නෙ ඒ පිටු අස්සෙ ජීවත් වෙන ඇත්තන්ගෙ ජීවන සුවද ..සම්මත වේවා...අසම්මත වේවා...ප්‍රේමයක් යනු ප්‍රේමයමයි කියන්න නිර්මලව ලියපු එයාගෙ පොත් හැම එකක්ම හුස්ම ගත්තා...
අවසානාව කියන්නෙ...මගෙ නිම්නට රැස් කරගත්තු පින් අහවර උනා.....ජීවන රේඛාව කොට වෙලා තිබුනා....එයාට බැරි උනා එයා මවාපු මිනිස්සු හුස්ම ගන්න සද්දෙ අහන්න....
ඇයි අනූ...
ලස්සනයි.....
මම.....
ම්න්....ඔයා තමයි.....කවදාවත් කවුරුත් කියලා නැද්ද...නිම්න උඹ ලස්සනයි කියලා .....
මට මතක නෑ.....නෑ...ඇත්තටම මගෙ ජීවිතෙ කිසිම දවසක මාව පිටස්තර ලෝකෙන් වර්ණනා කරලා නෑ....ඉතින්..මට උඹට දෙන්න පුලුවන් උත්තරේ....කෙටියෙන් නෑ කියන එක...
එහෙනම් මං වාසනාවන්තයි...."අසම්මත" කියලා අහක් කරන ඒත් සම්මත කාර්තු වලටත් වඩා හයිය කඨෝර කාර්තු වලට මල් පිපෙන්න සාත්තු සප්පයාන් කරන මනුස්ස හිත් හරි ප්‍රවේසමට අත ගාන උඹට ලස්සනයි කියන පලවෙනිම මනුස්සයා මම නම්.....මම හරි වාසනාවන්තයි නිම්න....මං උඹට ආදරෙයි...මන්දා...මට අකුරු නෑ.....ඒවට භාශාවෙ අකුරු මදි ඇති....මල් පිපෙනවා..පර වෙනවා...ගෙඩි එනවා....පැහෙනවා...සමහරක් වැටෙනවා....සමහරක් ගහේම ඉදෙනවා...සමහරක් ගහේම මැරෙනවා...කොල හැලෙනවා...ඒත් ඒ ගහම ආයම දළු ලානවා...මොන දේ උනත් ගහ ආයම දලු ලානවා...උඹගෙ මයුරත් ඒ වගේමයි...අවසානෙදි හෙන ගහලා ගියත් ..ඊලග ඍතුවෙදි මං උඹ වෙනුවෙන් දළු ලානවා..මොකද...මට බෑ උඹව මග ඇරගන්න.....
අනූ....
ම්න්..මන් කියනවා වැඩී...ඒත්....ඒකයි ඇත්ත.....සමහර විට....මගෙ වස්තුවත් අශෝකමාලා එක්ක මල් ආසනෙ අස් පස් කෙරුවද දන්නෙ නෑ.....ඒ හන්දා වෙන්න ඇති උඹ අරලියාවක් තරම් ලස්සන....හරි පින්පාට හිනාවක් තියෙන්නෙ.....උඹ යන්න ලගයි...මගෙ හිත පිස්සු නටනවා...රිදෙනවා...පුපුරපු තැන්වලට අලවපු පැලස්තර ගලවන් ලේ වැක්කෙරෙනවා....
අහල තියනවා...එකම මනුස්සයෙක්ව ජීවිතෙ දෙපාරක් හම්බ වෙන්නෙ නෑලු.....මං දන්නෙ නෑ.....මට පුලුවන් වෙයිද කියන්න...එත් මං නියතවිවරණ දෙනවා.....මේ නිම්න කියන ආදරෙ පිටාර ගලන සුන්දරම මනුස්සයව මට ආයම මුන ගැහෙන්න කියලා ....
නිකන් නෙවෙ...ආයම ඉල්ලපන්...කෝපි එකක්...මට පුලුවන් එදා වගේ නැතුව උඹට මගෙ ආදරෙත් කලවන් කරලා රහම කෝපි එක හදන්න....
අනූ කෝපි වලට ආසද.....
ආදරෙයි....ආසයි නෙවෙ ආදරෙයි....මොකද කෝපි උගුරකට පුලුවන් අතීත මතක ආපහු උඩට අදින්න.....මිනිස්සු වැස්ස වෙලාවට කෝපි උගුරක් හදාගන ජනේලයක් අයිනෙන් ඉදගන්න හේතුව සමහර විට ඕක වෙන්න ඇති නිම්න...
මං එයාගෙ නලලට මගෙ නලල හේත්තු කරගත්තා....මෙච්චර කාලයක් ආකාසෙ තරු දිලිසෙනවා කියලා හිතන් හිත රවට්ටගත්තට මට මගෙ නිම්න ගාවදි තරු දිලිසෙනවා කියල මගෙ හිත රවට්ටගන්න බැරි උනා.....
රෑ අහසෙ තරු ගිනිගන්න මොහොතක කියාලා මං ඒ හරිය ආයම හරි ගැස්සුවා...අම්මගෙ අත් ගුනේ හන්දා පනගහල දලු ලාන සමන්පිච්ච වැලේ මල් වල සුවද අපි දෙන්නා මැදින් එහාට මෙහාට යනකොට අවේලාවෙ කඩන් වැටුන අඹ කොලයක් මගෙ උරහිස උඩ නැවතිලා අපි දෙන්නා ආතරට තුන්වෙනියෙක් උනා..ඒත් මම නෙවෙ එයාගෙන් අහක් උනේ වත්...එයාට අහකට කෙරුවෙ.....
දන්නවද...ජීව්තේට මුනගැහෙන්න ඕන ග්ලූකෝස් වගේ මිනිස්සු...මාමයිට් වගේ මිනිස්සු හයිය නැතුව ඇදගන වැටෙන මොහොතක පන ගස්සවන්න පුලුවන් ශක්තිජනක මනුස්සයෙක්.....මගෙ නිම්න කියන්නෙත් ග්ලූකෝස් රස මනුස්සයෙක්...උනුසුම් මාමයිට් කෝප්පයක්.....මං ඉන්නෙ වැටිලා...ඒත් එයාගෙන් එක හෘදයාංගම වැලදගැනීමක් ඇති....මට පුලුවන් ආයම පන ගහන්න....
ඒත්....වේදනාවට කාරනාව නම්.....එයා නැති දවසක කෝ ඒ ග්ලූකෝස් රස....උදේට නැගිටලා බලනකොට එයා නැහැනෙ කියන වේදනාව.....මං කොහෙන් කොහොම කියලා වාවගන්නද......
අනූ...
ම්න්...
මට කාරනාව නොකියා මෙහෙම්ම තුරුල් කරගනම ඉන්නද කල්පනාව....
ම්න්....ඒකට වඩා..මේක වටිනවා.....ඇරත් මගෙවස්තුට එතන කරන්න දෙයක් නෑ....
ඒ උනාට මට අහන්න අයිතියක් තියනවනෙ....කියන්නකො...
ම්න්...කියන්නම්.....අප්පච්චි අම්මා එක්ක ගිහින් තියෙන්නෙ ලොකු සාධු හම්බ වෙන්න.....
ඉතින්...
පන්සලේ අර පිටිපස්ස කොටස හදන්න දැන් අවුරුදු ගානක ඉදන් ඔට්ටු වෙනවා වෙනවා...එක්කො ආධාර නෑ...නැත්තන් බඩු නෑ...ඇරත් දැන් මිනිස්සුන්ට එහෙම පූජා කරන්නත් සල්ලි නෑ නිම්න...මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන්...ඉස්සර මස් කිලෝ එකකින් ගහන ගේම සමහරක් වෙලාවට අප්පච්චි දැන් මස් පන්සීයෙන් ගහනවා..කොත්තුවෙ මසට වඩා කටු අහුවෙන්නෙ....එක්කො හොදි...වංචාව නෙවෙ...ඒත් දැන් ඒ ගානට කරන්න වෙන්නෙ ඔච්චරයි ...කුකුලම දාහ පන්නලා...මිනිස්සු කනවට වඩා ලෙවකනවා....
ඉතින් පන්සලෙන් දැන් ආධාර එකතු කරන්න මොකක් හරි කරන්නද යන්නෙ අනූ...
මං එයා දිහා බලාගන ඉදලා අර වැවුන සිනිදු කොන්ඩ කැරල්ල කන පිටිපස්සට කෙරුවා...ලස්සනයි....නිවෙන රූපයක්...බුද්දහගමෙ මිනිස්සුන්ට නත්තල් සීයට ලියුමක් ලියන්න බැරිද දන්නෙ නෑ.....එහෙම ලියන්න පුලුවන් කමක් තිබුන නම් මං ජින්ගල් බේල්ස් ගාන ඍතුවෙ ලියමනක් ලියනවා....හරිම කෙටි ලියමනක්...හැබැයි...අත්‍යාවශ්‍ය ඉල්ලීමක්.....ස්වර්ග දොරටු අරිනවා වෙනුවට නිම්නව ආපහු මිහිපිටටම තල්ලු කරන්න කියලා ..නිකන් නෙවෙ...ඒකත් මගෙ අත් දෙක උඩට.....පස්සෙ ඕක පුච්චලා දානවා...චිමිනියෙන් එන්න වයස වැඩි නම් උඩින් යනගමන් මගෙ අත් දෙක උඩට වට්ටවන් යන්න කියලා හරි මං ලියනවා.....
හ්ම්.....එහෙම දෙයක් කරන්න යන්නෙ...ශෝ එකක් එක්ක...නාට්ටියක් දවස් දෙකක වැඩක්....
ශෝ එකක්...එක්ක නාට්‍ටියක්.....
හ්ම්...අපි කාලයක් තරුන සමිතියෙ උන්නා....ඒත් පහු පහු වෙනකොට මිනිස්සුන්ට පන්සල මතක් වෙන්නෙ අවාරෙට වගේ.අපිටත් ඔය සමිති සමාගම් අත් වලින් මගෑරුනා....
අනූ....ප්..පොඩ්ඩක් ඉන්න...ඔයා කියන්න හදන්නෙ....නාට්ටියක් කියලා....
ම්න්....ජාතක කතාවක් වෙන්නම ඕන් නෑ...ස්වතන්ත්‍ර එකක් උනත් කමක් නෑ......හැබැයි මෙතනදි ඔයාට කරන්න දෙයක් තියනවා.....නැත්තෙමත් නෑ....
මං එයාගෙ මූන දිහා බලන් ඉදලා අවසානෙදි අත් දෙක පිටිපස්සට බැදගන කලුපාට අහස දිහා බැලුවා....පායපු හද සැරින් සැරේම වලාකුළු එක්ක ආදරෙන් වෙලෙනවා...මොන මොනවදෝ රහස් මුමුනනවා........මගෙ ඇස් දිලිසනවා...නෑ..නෑ.....අර මං කලින් කිව්වා වගේ.....තරු කැට වගේ ගිනිගන්නවා....වෛරයෙන් ..පලිගැනීමෙ චේතනාවෙන්.....මගෙ අතට හිර වෙන්න තිබුන ග්ලූකෝස් කෝප්පෙ සදහටම බිදලා දාපු මිනිහා වෙනුවෙන් ඉපදුන අසීමාන්තික තරහවෙන්.....
මට....මට මොනවද කරන්න පුලුවන් අනූ...??
කතා ලියපු...උඹට බැරිද උඹ ගැනම නාට්ටි පිටපතක් ලියන්න....ම්ම්ම්ම්ම්...පුලුවන් නේද....පලවෙනිම...ආරාධිත අමුත්තා..ජයවර්ධන .....ඇතුල් උනොත් ඇතුල් උනාමයි...ආය නාට්ටිය අහවර වෙනකන් නැගිටලා එලියට යාම් නෑ........
බුංජියා මොකෝ....මූන පුක කරන්.
....අපෙ එකා මොනව හරි කිව්වද...කමනි කෝ සුදූ මේ සම්බෝලෙට දෙහි...සබන් රහයිනෙ.....
දෙහි ගනන් ඒයි.....
ඉතින්....සබන් රහ එන්නෙ මොකද
දෙහි ගෙඩි දාහක බලේ තියන විම් කැටයක් කුඩු කරලා දැම්මා රොහාන්...ගෙඩියක් පනහයි සීයයි....
මං අන අන උන්න ඉදි ආප්පෙ පැත්තකට දාලා රොමනි කපල් එක දිහා බැලුවා...අමු බොරු ..සම්බෝලෙ වෙනදා වගෙම රසයි....එයාලා ඇයි මේ හිතලම බොරු කරන්නෙ...මගෙයි නිම්නගෙයි මූනට හිනාවක් ගේන්නද.....
බුංජියා....
අප්පච්චි
මොකද ඔය අතගාන්නෙ ...
ඇති අප්පච්චි
ඇති.....මොකො අපේ එකා ඩයට් කරන්න කිව්වද
න්..නෑ...නෑ...අප්පච්චි ...එහෙම නෙවෙ කන්න බෑ.....
හ්ම්...කන්න බැරි කම...ද....නැත්තන්....කන්න ඕනා උනත්...හිතේ ගැස්ම හන්දා කාගන්න බැරිකමද...ආ නිම්න...කොල්ලා...උඹටත් ඒකමද තියෙන්නෙ....???.
හ්ම්.....ඒක තමයි අප්පච්චි ...
හ්ම්...හ්ම්.....උඹ කාලයක් මැරීගන උන්නා නේ යකඩ කෑලි ගොඩක් ගන්න ඕනයි කියලා .....
අ..අ...අප්පච්චි .....
ඇයි උඹට දැන් ගොතද මයුර....මොනාද හොද..යමහද.....?
මාව ෆුල් හොල්මන් වෙලා ගියා...කොච්චර කිව්වත් මගෙ කීම කනකට නොගත්ත අප්පච්චි අද මගෙන් එකපාරම ඕනෙ යමහද ඇහුවම මට ඉබේටම නිම්න දිහා බැලුනා.....
අප්පච්චි ....ඕන් නෑ...ඕන් නෑ.....එක දවසකට කුලියට ගත්තම ඇති...ආය ඔච්චර වියදම් කරන්න එපා අප්පච්චි ....
හ්ම්...හ්ම්....කාලා බීලා අහවර නම් ඕක ටූත්ලසයට ඉදුල් දාලා පිගන් හෝදපන් අම්මටම ඔක්කොම තියන්නෙ නැතුව....නිම්න උඹත් ගිහින් නිදියපන් අර කෙල්ලව හෙට නාවන්නෙ පහටලු උඹලා යන්නෙ නැද්ද....
අප්පච්චි මාවයි නිම්නවයි එලෙව්වා...ඉස්සර වගෙ නෙවෙ...අප්පච්චි ගෙ හැසිරීම් රටාවෙ පොඩි පොඩි වෙනස් කම් ගොඩක් තිබුනා.....සැරින් සැරේම අම්මට හොරාවට ඵෝන් එක බැලුවා....ගෙයි ඇතුලෙ ඉදන් සිගරට් එකක් පත්තු කරගත්තා...එලියෙ ඉදන් හැටක් ගැහුවත් ඇතුලෙ ඉන්නකොට අමද්‍යප වෙන අප්පච්චි මොකක්දෝ මට හැංගුවා...
කිව්වත් වගේ..නිවිලා උන්නට අප්පච්චි කියන්නෙ අලු යට හැංගුන ගිනි පුපුරක්ද?????
අනූ ඕක දෙන්න....
නෑ..නෑ...එපා එපා....අනේ...අම්මෙ නැන්දම්මා ගහපු පාරවල් වලට තාම කසනවා...අහකට වෙයන් බුංජියා.....ටූත්ලස් වර...වර කන්න දෙන්න....
මගෙ පිගාන හෝදන්න හදපු නිම්නගෙන් මං පිගාන උදුර ගත්තා....උදුරන් ගිහින් අම්මගෙ සුදු පුතාට කානුවෙන් ඇහිදන් ආව මං කන්න දීලා අත හෝදන් වෙනදා වගේ දොරරෙද්දෙන් නැතුව අත පිහන රෙද්දෙම්ම.පිහාගන වෙන කොහෙවත් නොයා කෙලින්ම කාමරේට ආවා.....
මට පේන්නෙ මට වඩා ගේම අදින්නෙ අප්පච්චිද මන්දා...
අනූ....
ම්න්....අප්පච්චි ට මොකක්ද වස්තු එකපාරම උනේ...
එකපාර නෙවෙ අනූ.....හිත් අස්සෙ පපු කැක්කුම් තියන අප්පච්චි ලා කොයි වෙලෙත් ඒ කැක්කුම එලි නොදැම්මට ඕනම වෙලාවට එලි දානකොට ඒක නිකන් අමුතුයි වගේ...මං හිතන්නෙ.....මේ දාම් ඇදිල්ල අද හෙටකින් අහවර වෙයි...
........
නිම්න කියවනවා...ඒත් මගෙ අත් වල ඇගිලි වට්සැප් කීබෝර්ඩ් එක උඩ සට සට ගාලා එහා මෙහා දුවනවා...මට උන්ට කියන්න ඕන...මටත් වඩා ගේමට බැහැලා ඉන්න අප්පච්චි ගෙ විපරියාසෙ ගැන මට උන්ට කියන්න ඕනා.....
කිව්වද.....
හ්ම්....කිව්වා...මන් හිතන්නෙ..අප්පච්චි ට ඕන මගෙ වේදනාව උරාගන්න ....මගෙ හුස්ම නවතී කියන බයටද මන්දා අප්පච්චි හදන්නෙ මට කලින් පාර සම්පූරනම සුද්ද කරලා දාන්න...හරියටම ...පොඩි කාලෙ හෙම්බිරිස්සාව හැදුනම හුස්ම ගන්න බැරි වෙන වාරයක් ගානෙම හිරිකිතයක් නැතුවම මගෙ නහයට කට තියන අප්පච්චි මාව ඒ හිර වෙන හිර විල්ලෙන් බේරගන්නවා වගේ......
...මොන දේ උනත් ...මගෙ අනූට ඉන්නෙ හරො ආදරනීයම අප්පච්චි කෙනෙක්....ඉතින් එහෙම අප්පච්චි කෙනෙක් වෙනුවෙන් මට මේ වේදනාවට උර නොදී බෑ අනූ...එයා හදන්නෙ වෙලිලා ඉරිතැලුන මහපොලවට පැන් ඉහින්න.....ආයමත් දලු ලාන සාර සොබාව කන්නෙට මහ පොලව හරි ගස්සවන්න...මගෙ මයුර....දියන් පන මට හිස් පොතකුයි පෑනකුයි....ජාතක කතාවක් නොවුනට ඇස් බැදි කලු රෙදි කඩ ගලවන්න අකුරක් දෙකක් අමුනන්න මට බැරි කමක් නෑ....
මං මැරිලා ගියේ නිස්කාරනේ.....
මගෙ අම්මා මැරිලා ගියේ නිස්කාරනේ.....
මගෙ අක්කා මැරිලා ගියේ නිස්කාරනේ...අප්පච්චි කෙනෙක් වෙන්න සුදුසුකම් දශමයක් වත් නැති මෘගයෙක් ජීවිත කීයක් බිලිගත්තද මයුර.....
උඹ උහුලන වේදනාව...උඹගෙ ඇස් වලින් ගලන කදුලු වලට හේතුව ....මගෙ හීන අමු අමුවෙ මැරිලා යන්න ගියපු කාරනාව මේ හැම දේටම පිටිපස්සෙන් උන්නෙ එකම එකයි....ඒ ඌ විතරයි මගෙ මයුර...ඌ ගෙවන්න ඕන...ඌ විතරක් නෙවෙ...මූනටත් වඩා බර වෙස්මූනු දාගන ඉන්න උන් හැමෝම අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන...උන්ට ජීවත් වෙන්න සුදුසු කම් කොහෙන් වත් නෑ මයුර....
මං හිතන්නෙ කවදටත් වඩා මගෙ නිම්න අද පරල වෙලා...මගෙන් හිස් පොතකුයි පෑනකුයි ඉල්ලගත්තු එයා එයින් එහා කිසිම දෙයක් නාහා එයාගෙ මරනීය විලාපෙ අකුරු කරන්න ගත්තා...මොන අසම්මතයක්‍ය කියලා හංවඩු ගහල මුලු ලෝකෙම්ම හංගන්න හැදුවත් පන්සලේ ලොකු හාමුදුරුවො අද නිර්දෝශී මනුස්සයෙක්ගෙ ශෝකාලාපෙ රගදක්වන්න ඒ වේදිකාවෙ ඉඩ දුන්නා....
එයා ලියනවා....බාගෙට ඇරලා තිබුන ජනෙල් පියන් අස්සෙන් ඇතුලට එන රැහැයියන්ගෙ සද්දෙ.....වන්ඩිල්ලන්ගෙ කෲස්.....කෲස්...ගාන සද්දෙ....අප්පච්චි ගේට්ටුවට ඉබ්බා දාන සද්දෙ....ටූත්ලසයා කන්පට ගසලා සැප පහසුවට රෙදි එලාපු ඒකගෙ සිංහාසනේ සිංහාරූඪ වෙන සද්දෙ ...මේ ඔක්කොම අහගන මං තවත් කොලයක් පෑනක් කරගන විරහා ගීත විතරක්ම ලියන්න ගත්තා....
පපු හාරවන.....ඇස් අඩවන සින්දු විතරක් තෝර ගත්තා...මොකද...අප්පච්චිගෙ අදහස අනුව ප්‍රධානම ආරාධිත අමුත්තා ජයවර්ධනයා ....
ප්‍රධානම ආරාධිතයා ඒ ප්‍රාණ ගාතකයා.....
මම එකින් එක එකින් එක සින්දු කියන්න ගත්තා....මගෙ නිම්න ලිය ලිය කොල ගුකි කරනවා...ඉදගන්නවා...හිටගන්නවා...එයාම ලියාපු දෙබස් එයාම කර කර එහා මෙහා යනවා.....එයාලගෙ මුලු ඛේදවාචකේම විනාඩි ගානකට කැටි කරන්න හදන එයා මූනෙ හැගීම් භාවප්‍රකාශ වෙනස් වෙන හැටි බල බල මම මගෙ අවුරුදු ගානක් පරන බොක්ස් ගිටාර් එකේ තතෙන් තත තද කරන්න ගත්තා....හෙට කොටහලු මගුල.....එයින් පස්සෙ තියෙන්නෙ වෙනම නාට්‍ටියක්...
අනූ....
ම්න්....
බිදුනු තටු....ඒක හොදද....නැත්තන්.....බිදපු තටු...
මං උන්නෙ නන්දා මාලනී නෝනගෙ සින්දුවක ගිලිලා.....හරියටම යක්ශයාගෙ හෝරාවෙදි එයා මගෙ උරහිසට අත තියලා හෝරා ගානක එයාගෙ ශෝකාලාපෙට තියාපු නම කිව්වා....ව්‍යා මගෙන් අදහස් අහනවා....අනුන්ගෙ වේදනාවල්.....අනුන්ගෙ මලගෙවල් වල වේදනාව අකුරු කරාපු එයා අද එයාගෙ මරනීය විලාපෙ අකුරු කරන් මගෙ දිහා බලාගන ඉන්නකොට මං නන්දා මාලනියගෙ සින්දුව හරි ප්‍රවේසමට මුමුනලා එයා දිහා බැලුවා....
හදවත නැති මිනිසා ඔබ...
නෙත කදුලැලි ගෙනාව...
මා සදට කැමති බව දැනගන ඔබ සද අයින් කලා අහසින්....
බිදුන තටු....බිදපු තටු...ම්ම්ම්ම්....ම්ම්ම්.....
ඔයාට එකක් තියනවද මයුර.....
"සමනල විලාපය"....ඒක හොද නැද්ද....ම්ම්ම්ම්ම්.....
සමනල නැතුව...සමනල් කරමුද....
වස්තුවට පහසු විදිහක්...
මං අවසානෙදි හිනා උනා.....හතරට කිට්ටුයි.....කාමරෙන් එකයි ගුලි ගැහුන කොල....උදාරයගෙ නංගි නාන්න ලෑස්ති වෙනවා ඇති.....
අනූ...
ම්න්....කියන්න වස්තු.....
ඉල්ලීමක්....
මොකක්ද.....
මං වෙනුවෙන්.....මයුරනිම්නගෙ වේදනාව අකාමකා වෙලා යන්න අර සින්දුව කියන්න පුලුවන්ද .....
මං එයාගෙ අතට හාදුවක් තිබ්බා...මිනිස්සුන්ගෙ හදවත අතගෑව....වරදක් නැතුවම දඩුවම් ලබාපු අහිංසක අත.....
මොකක්ද වස්තු....ම්ම්
ගලනා ගංගාවො...
නිහඩව මුහුදු ගියෝ....
සැබැවින් පෙම් බැන්දෝ...
සසරෙ එක්වූවෝ...

ඇත්තටම උඹගෙ ආදරෙ සෙත්කවියක්මයි මගෙ මයුර...!!!
🥺ආයාම කොටසකින් එනකන් පරිස්සමින් සතුටින් ඉන්න....
ආදරෙයි ගොඩාක්..
මම ජොබී බුංජියා...
Nedeesha ❤❤....