මං හිතන්නෙ ජයවර්ධනයව ගැස්සුනා....මං හිතන්නෙ නෙවෙ....ඇත්තටම ඒක තමයි උනේ...ඒකව ගැස්සුනා මදිවට අපි දෙන්නා බලාගන ඉන්නකොට ඒකගෙ සර්වාංගෙම ලේ හිදීගන හිදීගන ගියා...හරියටම මහ මුහුදෙ රැල්ල ගොඩට ගහලා තෙත් උන මූදු පසෙන් ආපිට තෙත හිදිලා යනවා වගේ ...
ඌ බය උනා.....
ටිකක් නෙවෙ...නොසෑහෙන්න.....බය උනා...
සාධාරනයි .....උගෙ බය සර්ව සාධාරනයි...එකක් ඌගෙ මිනිමැරුම...අනික..අනුන්ගෙ ගෙදරකට අනවසර ඇතුලු වීම ඉතින් ඌ බය නොවී ඉදීද....
ජයවර්ධන .....අංකල්...ඉතින් මේ බිම වැටීගන මොකද කරන්නෙ කියමුකො....ම්ම්ම්ම්ම්ම්ම්...අංකල්
මෙහෙම තට්ට තනියම..අනුන්ගෙ ගෙදරකට රිංගන් මොනවද මේ වැටිගන හොයන්නෙ....
සාක්කු දෙකට අත් දෙක දාගන උන්න මං ජයවර්ධනයගෙන් අනුන්ගෙ ගෙදරකට රිංගන් මොනවද මේ වැටීගන කරන්නෙ ඇහුවා....හැබැයි මං හිතන්නෙ මං ඇහුවෙ මහ නරක වචනයක් ද කොහෙද....ජයවර්ධනයගෙ මූන ආයම වෙනස් උනා...අර බය උනායි කියලා කියපු මූන එක තත්පරෙන් ආයම ගොරකා යකාගෙ වගේ උනා....කෙලිම්ම බිල්ලට ගෙනාව කුකුලා ඇස් පනාපිට පැනලා ගිය නිදන් වදුලට අයිති භහිරවයා වගේ....එ ඇස් ලේ පාට උනා....
එ තත්පරෙන් ඒකා පරල උනා.....
අනුන්ගෙ...අනුන්ගෙ....මේක කොහොමද අනුන්ගෙ වෙන්නෙ...මේක...මේක මගෙ ගෙදර...තොපි බලෙන් අල්ලන් ඉන්නෙ මේක මගෙ ගෙදර යකො.....අනුන්ගෙ ගෙවල්....කොහෙවත් යන ගෙවලයො දෙන්නෙක් මගෙ ගෙදරටම ඇවිදින් අනුන්ගෙ ගෙවල් කියනවා.....හිතේ ඇති තොට මගෙ ගෙදර තව පිම්පියෙක් එක්ක පවුල් කන්ඩ...එහෙමනෙ තොපෙ අම්මා කිව්වෙ....යකො මගෙ ගෙදර ....මගෙ ගෙදර ....පිම්පින්ට ලගින්න මගෙ ගෙදර ??????
ආ..ආ..ආ..වැටෙයි....වැටෙයි...අනික මේ අත තවම සනිප නෑනෙ...මොකක්ද අංකල් ජයවර්ධන අර බලෙන් අල්ලන් ඉන්න කතාව?බලෙන්.....ම්ම්ම්...දන්න විදිහට අප්පච්චි ගෙවන්න ඕන සම්පූරනම මුදල ගෙව්වා.....අපෙ මේ ගෙදර හැම දේම.....අපේ නමට පවරගත්තෙ නීත්‍යානු කූලව.....එතකොට මට කියන්න පුලුවන්ද අංකල් ජයවර්ධන මොකක්ද මේ කියන අපබ්‍රංසෙ කියලා ම්ම්ම්ම්....අනික....මට ඒක ඇහුනා වැරදිද ..නැත්තන් එහෙමමද කිව්වෙ...මම පිම්පියෙක් කතාව...එතකොට මං බදින්න ඉන්න එක්කෙනා එයත් පිම්පියෙක් කියාපු කතාව....ම්ම්ම්ම්ම්ම්ම්
ඔව්....උඹට ඇහුනා හරි .....උඹට මං පිම්පියා කිව්වා...ඒක උඹට ඇහුනා හරියටම හරි....යකො මේක මගෙ ගෙදර...
ම්ම්ම්...ම්ම්ම්...පිම්පියා...පිම්පියා..හරි...මං පිම්පියා කියමුකො.....මං පිලිගන්නම්.....ඒත් මේ මට හිතන්න බැරි....විකුනගන්නකන් පුදුම පුකේ ඇම්මකුයි.... ගැට්ටෙ අමාරුවකුයි තිබුන නේ ගෙදරටම දැන් මේක මගෙ ගෙදර....ගගා උමතු වැටෙන තරමට අංකල් ජයවර්ධනට මොනවද මේ ගෙදර තියෙන්නෙ ම්ම්ම්ම්ම්ම්.....
නිධානයක්....???
නැත්තන්...අංකල්ම හංගපු නිධානයක්...???
නැත්තන් අංකල්ම හංගපු වස්තුවක්...????
රන් ඉල්ලමක්....මොනවද.....මොනවද මේ ගෙදර පන්න පන්න ඇවිදින් ගන්න තරම් තියන විශේශෙ... ආ ජයවර්ධන...??මොනවද මේ හොයන්නෙ එක්කො මාත් හොයන්නම්...ම්ම්ම්...නිදානෙකට පිම්පියෙක් අත ගැහුවට පව් නෑනෙ...නේ.....ම්ම්ම්ම්...
ජයවර්ධනයා මට පිම්පියා කිව්වා....හිත අස්සෙන් මගෙ තරහව ගොජ ගොජ ගානව....ජයවර්ධනයව පෙත්තෙන් පෙත්ත ගහන්න හිතෙනවා...තමන් ආදරේ කරපු පිරිමියව තුච්ච විදිහට අසරන කරලා...අනාත කරලා..අවසානෙදි තවත් ජීවිත තුනක් බිලිගත්ත කාලකන්නියා මගෙ ලේ අවුස්සන්.....උදාරයගෙ ඇස් රතුකරවන් ඒකා මට වගේම කල්පනයට පිම්පියා කිව්වා..හැබැයි අපි ඒ තරහව හිත් අස්සෙ හංග ගත්තා.....අපි පුලුවන් තරන් අපිවම හීලෑ කරගත්තා...මොකද මෙතන ඉන්නෙම හෙන්ඩු පිට හෙන්ඩු දාහක් ගෙනාවත් මෙල්ල කරගන්න බැරි තනි අලි දෙන්නෙක් හන්දා අපි අපිවම හීලෑකරන් ජයවර්ධනයාට ටිකක් නටන්න දුන්නා.....
මම හොයන මගුලක් නෑ යකො මගෙ අතේ තිබුන යතුර වැටුනා මං හොයන්නෙ ඒක.....නිධානයක්...නිධානයක් තියනවා අම්මගෙ රෙද්දක්...
ඇත්තට....යතුර යතුරක්ද නැත්තන් කන් හැන්දක්ද....ඇරත් මේ මේවත් උස්සගන.....මයුර යතුර වැටුනා කියන්නෙ.....අපිත් ආවෙ දාලා ගියපු යතුරු වගයක් හොයන්න ...දැනන් උන්නෙ නෑනෙ ජයවර්ධන අංකල් ගාව අපිට නොදීපු යතුරු තව තියනවා කියලා ....ආ මයුර...
ම්ම්ම්ම්ම්
උඹලා සම්පූරනම ගාන ගෙව්වා නම් උඹලට බැරි උනාද සම්පූරන යතුරු ගානත් ඉල්ලගන්න?මේ සෙල්ලම හරියන්නෙ නෑ මයුරයා ඉල්ලගනින් ඔය යතුර
ඒක තමයි මාත් මේ කල්පනා කරන්නෙ අපි දොරවල් හොදට වහලා කියලා කොහෙ හරි ගියත් වැඩක් නෑනෙ අනිත් යතුරු කැරල්ල පිට මිනිහෙක්ගෙ අතේනෙ....ගෙදර මොනවා හරි නැති උනත් අපි දන්නෙ නෑ...අපේ රොහාන්ට උනත් ඒ ගැන නිච්චියක් නැතුව ඇති ඒත් ඉතින් බන් කව්ද දන්නෙ ගෙදර අයිති එකාම මෙහෙම වංචා කරයි කියලා...
මායි උදාරයයි මාරුවෙන් මාරුවට ජයවර්ධනයව මහන්සි කරන්න ගත්තා... ඌ ආව කාරනාව මොකක්ද කියන්න ඌ නොදන්නවා උනාට අපිත් හොදටම දන්නකොට සුදු මැලි වෙලා උන්න ජයවර්ධනයට කියාගන්න කටට බොරු මදි උනා... කොටින්ම උගෙ යතුර හොයලා දෙන්නම් කියලා ඌ වලදාපු මගෙ නිම්න උන්න තැන දාලා තිබුන බුමු තුරුනෙ පවා අපි අහකට කරලා දානකොට ජයවර්ධනයගෙ ඇස් වලින් පන යන්න ආවා...
අන්න ඒකමයි වෙන්න ඕන.....ආන්න ඒකම තමයි වෙන්න ඕනෙ...කිසිම අපරාද කාරයෙක් එකපාර මැරෙන්න නරකයි...උන් මැරෙන්න ඕන....නිකන් නෙවෙ...උන් මරනය ප්‍රාර්තනා කරන්න ඕන...ජිවිතය අයදින්නාක් හා සමානව උන් මරනය ඉල්ලා අඩා වැටෙන්න ඕනෙ...
උන්ගෙ හෘද සාක්ශිය උන්ව පොඩි පට්ටම් කරන්න ඕනෙ...රැයක් එලිවෙකම්ම හිත අස්සෙ හොල්මන් කර කර වද දෙන්න ඕන නිකන් නෙවෙ....දෙන්න ඕන දෙතිස් වදේම දිදි හොද සිහිය එක දශමෙන් දශමෙ නැති කරන්න ඕන....ඇස් පියන් වහන වාරයක් ගානෙම උන්ට මගෙ නිම්න විදවපු වේදනාව ආය ආය පේන්න ඕන...
අංකල් ජයවර්ධන කෝ දැන් ඔය කියන යතුර.....
ඒ යතුර...ඒ යතුර තිබ්බා...මෙතන...මෙ..මෙතනට...තමයි....වැටුනෙ....
තිබ්බා නම් කෝ??ඇත්තටම තමුන් ඔය හොයන්නෙ යතුරක්මද....නැත්තන් මයුර කිව්වත් වගේ....මොකක් හරි නිධන් ඉල්ලමක් වත් මේ පොලව යට තියනවද
උඹට පිස්සුද යකො... එහෙම උනා නම් මම මේ ගේ විකුනනවද.....ආයම රෙද්දෙ නිදානයක් ගැන කියනවා.....තොට පිස්සුද යකො.....
මාත් අහන්නෙ උඹටත් පිස්සුද කියලා තමයි මොකද උඹත් මොකද මේ විකුනපු ගේම ආය ආය ඉල්ල ඉල්ල නහින්නෙ...උඹ කොච්චර නෑ කිව්වත්.....උඹ කොච්චර බොරු ගෙතුවත් උඹගෙ ඔය කපටි ඇස් කියනවා උඹමේ තරම්ම ආය ආයම පස්ස පාරෙ පන්නන්නෙ මොකක්ම හරි දෙයක් තියනවා කියලා....
නිකන් නෙවෙ..මේ ගෙයි පුරාවටම ....අස්සක් මුල්ලක් නෑරම මොනවාම හරි තියනවා කියන්න මට දැනෙනවනෙ ජයවර්ධන ම්ම්ම්...ඒකට..මොකද කරන්නෙ.....?මං අහන්නෙ මට දැනෙන එකට....අනික මට තියෙන්නෙත් එසේ මෙසේ හිතක් නෙවෙ...දෙයක් දැනුනොත් ආය ටක්කෙටම හරි........
ජයවර්ධන දන්නවද මේ ගේ මුලින්ම දැක්ක දවසෙ.....මං දැක්කා මේන්න මෙතන....මේම ජනේලෙ ගාව....හරියටම මේ ඉරියව්වෙම්ම ...ගෑණු කෙනෙක්
හිටන් ඉන්නවා....
මං කෙලිම්ම ජනෙලෙ ගාවට ගිහින් හිටගත්තා...නිකන් නෙවෙ ජනෙල් පියන් දෙකත් මහ සද්දෙට ඇරලා දාන ගමන් මන් කෙලින්ම අඩ අන්දකාරෙ වැටිලා තිබුන මහ වැව දිහා බලාගන උන්නා.....
ලයිට් එලිය වැටිලා...නෙලුම් කොල හීන් හුලගට වතුරෙ ඉදගනම ලාවට වගේ වෙව්ලවන් යනකොට වතුරෙන් උඩට මතු වෙලා ආකාස ආගාධෙ දිහාව බලාගන ඉන්න නෙළුම් මල් උඩට හද එලියයි පාරෙ කනුවල තියන ලයිට් එලියයි දෙකම වැටිලා තිබුනා...
මූසලයි...
නෑ මං කියන්නෙ මේ මොහොත මූසලයි...හද එලිය වැටුන වැව තනිකරම කිරි මූද වගේ පේන වෙලාවක හීන් හුලගට සියපතුන් එහා මෙහා යන හැටි බලන් ඉන්න එක ඇස් වලට මොන තරම් සනීපද ...ඒත් දැන් මේ මොහොත මූසලයි....මොකද අඹ ගහෙ අත්තක බැදලා තිබුන අක්කගෙ යකඩ ඔන්චිල්ලාව දැනටමත් හිමි හිමීට ඉස්සරහට පස්සට පැද්දෙන්න ගත්තා...
නිකන් නෙවෙ.....පැද්දෙන වාරයක්....වාරයක්...පාසාම යකඩ දම්වැල් මහ මූසල විදිහට අඩනකොට මන් බලාගන ඔන්චිල්ලාව උඩ ඉදගන උන්න නිම්නා එක පාරම බෙල්ල හරවලා ජනෙල් පට්ටමට බර දීලා පහල බලන් උන්න මා දිහා බැලුවා
.....මාව ගැස්සුනා...බොරු කියන්න ඕන නෑ...කොච්චර දන්නවා උනත්..... නිම්නා ගෙ ඇස් දැකපු මාව ගැස්සිලා ගියා...අඹ කොල අතරින් පතර පහලට පෙරුන හදඑලිය වැටුන ඒ මූන පුරාවටම තිබුන කැපුම් පාරවල් වලින් තවමත් ලේ ගලනවා...ඒ ඇස් ලේ පාට වෙලා...ඒ මූන නපුරු වෙලා...ඇස් පුරාවටම තිබුනෙ වෛරයක් වේදනාවක්....දුකක් විතරක් නෙවෙ පලිගැනීමෙ පිපාසයක් විතරක් වෙනකොට දෙවියනේ නිම්නා හිනා උනා.....
නිකන් නෙවෙ...අර රෞද්‍ර බැල්මත් එක්කම නිම්නා යකඩ ඔන්චිල්ලාවෙ ඉස්සරහට පස්සට යනගමන් මා දිහා බලලා මහ නපුරු විදිහට හිනා වෙනවත් එක්කම කට කොනකින් ලේ ගැලුමක් විතරක ගලාගන් ගියා.....නිකන් නෙවෙ ...නිකන් නෙවෙ දෙයියනේ...ඒ ලේ ධාරාව එක්ක නිම්නා ගෙ දත් පවා ගැලවිලා යන හැටි මං ඇස් දෙකටම දැක්කා...
මන්දා....මන් දන්නෙ නෑ... මං ඇත්තෙම්ම දන්නෙ නෑ...දෙවියො මාව අප්පච්චි ගෙන් ජාතක කරනකොට මට මොන ජාතියෙ හදවතක් දුන්නද කියලා ....මට මොන ජාතියෙ දරා ගැනීමක් දුන්නද කියලා ...මගෙ කොදු නාරටිය දිගේ පහලට ගියපු හිරි වැටීම නැවතුනේ කකුලෙ ඛෙන්ඩත් පෙරලිලා වෙනකොට නිම්නා එක පාරම පාර දිහාවට අත දික් කෙරුවා...
දෙවියනෙ නිම්න...අම්මා...
ගේට්ටුවෙ දොර ඇරගන එන්නෙ ඒ දෙන්නා....ඒ ඇදුම් ඒ මූනෙ රූප භාව ප්‍රකාශන හැම දේම වෙනස් වෙලා...කොටින්ම මනුස්ස පරානෙකට පියවි ඇස් වලට බලනවා තියා බලන්න හිතන්නත් අමාරු මූනුවර තිබුන අම්මා වගේම නිම්න ආවෙම මලගියපු වස්තර පිටින් වෙනකොට නිම්නගෙ ඇදුම් වලසුදු පාට තැනක්...කැපුමක් කෙටුමක් නැති තැනක් මට හොයාගන්න බැරි උනා....
මං හිතන්නෙ.....මගෙ වස්තුව කැමති නෑ මගෙ අත් වල ලේ ගෑවෙනවට....මම හිතන්නෙ..මගෙ නැන්දම්මා කැමති නෑ මගෙ අත් ඒ පව්කාර ලේ වලින් හෙදිලා යනවට ...හැබැයි ..මං පටන් ගත්තු කතාව අහවර කරන්න ඇවිදින් තිබුනෙ ඒ තිරිසන් අත් වලින් සදහටම පරවෙලා ගියපු උන් වෙනකොට මගෙ නිම්නගෙඅ අතින් අල්ලන් ආව් සුචිත්‍රම්මා නැවතුනෙ අඹ ගහ යට වෙද්දි මෙච්චර වෙලාම ඔන්චිල්ලාවෙ උන්න අක්කා නැගිට්ටා...
ඇත්තටම ඇයි දෙවියනෙ.....ඇත්තටම ඇයි.....මේ තරම් ලස්සන ජිවිත තුනක් ඌ විනාස කෙරුවෙ...ඇයි ඌ උන්ට ආස කරන ජීවිතේට නොයන්න නොදුන්නෙ....
ඌ විතරක් නෙවෙ...ජයවර්ධනයා විතරක් නෙවෙ... හත් පාට හිත්වලට වෛර කරන මේ මුලු ලෝකෙම එහෙමයි...දෙදුන්නට ආදරේ කෙරුවට...දේදුනු පාට හිත් පිලිකුල් කරන මිනිස්සු ප්‍රාර්තනා කරන්නෙ හැමදාමත් ඕලාරික ජීවිත...යාලු උනා බැන්දා ළමයෙක් හැදුවා.....ඔතනින් එහා.....කෝඑතනින් එහා දෙයක්....ජීවිතේ කියන්නෙ ඉපදිලා මැරිලා යන එකම නෙවෙ....ඒ අතර මැදට විරුද්ද ලිංගිකයෙක් ඔබාගන ප්‍රජනනේ කරන එකමත් නෙවෙ.....ඒත් උන් හිතන්නෙ ජීවිතේ කියන්නෙ ඔච්චරයි කියලා ...
නිම්නලා වගේ ජීවිත වලට ආදරෙ අකැපයි කියලා .....අනේ නෑ දෙවියනේ....ඒ මනුස්ස හිත් වලටත් ආදරේ ජීවිතේ ඕන....අර හැමෝම අදින වට රාමුව නෙවෙ...ජීවිතේ කියන්නෙ ඍතු වගේ....නිකන් නෙවෙ...නිමා නොවෙන ඍතු වගේ..... ඒත් ඌ නැති කෙරුවා ...ඌ ඒ අහිංසක මල් මුලින්ම උදුරලා දැම්මා...
මගෙ ඇස් තෙත් උනෙ නෑ.....හැබැයි මගෙ හිත මුලු ලෝකෙකටම රහසින් අඩනවා....ඒතරමටම මේ පපුව කකියනවා...අඹ ගහ යට උන්න ඒ තුන්දෙනා දිහාව මං බලාගන ඉන්නකොට ...ඒ තුන්දෙනා මගෙ දිහා බැලුවා....
හිනා වෙන්න ද...අඩන්නද....
මන්දා...මගෙ හිතෙන් ප්‍රශ්න ඇහුවත් තේරුමක් නෑ...මගෙ හිතත් ගොලුවෙලා...ඒත් මගෙ යටි හිත එක දෙයක් කිව්වා.....මුලු ලෝකයක් එකතු වෙලා චප්ප චිරිප්පන් කරලා දැම්ම දේදුනු හිත් දෙකක් මරනමංචකේදි පවා අත් නොහැරපු අම්මා කියන්නෙම සසරක්!පින් කදක්! කවදහරිම දවසක බුදු වෙන්නම ඕන චරිතයක්!
මයුරයා....අරූ බලන් ඉන්නවා....
මාව ගැස්සුනා.....,
තවත් වතාවක් මාව ගැස්සුනා.....ජනෙලෙන් පහල බලන් උන්න මගෙ උරහිසට අත තියාපු උදාර අරූ බලාගන ඉන්නවා කියනකොට මන් නවත්තපු කතාව ආයම ගොතන්න ගත්තා .....
දන්නවද ජයවර්ධන .....ඒ ගෑනු කෙනා ඇදන් උන්නෙ තනි පාට ඔසරියක්....
ගෑනියෙක්...මේක අස්සෙ...උඹ කියන්න හදන්නෙ මගෙ ගෑනි ගෙදර නැති වෙලාවෙ මන්වෙන ගෑනු ගෙනත් තියන් ජෝගි නටනවා කියලද මයුර.....ආ උත්තර දීපන් .....
හෝව්...හෝව්....ඇයි මේ.....මූ තාම කියලා ඉවර නෑනෙ....අනික මොකද මේ කියන්නත් කලින් මැරෙන්න හදන්නෙ...මූ කිව්වෙ මූ එහෙම ගෑනු කෙනෙක් දැක්කා කියන කතාව විතරනෙ...ඇයි මේ කලබල වෙලා....අ මයුරයා....අනික උඹ හිතන්නෙ මයුර විතරක් ඒ ජායාව දැක්කා කියලද....නෑ බොසා...නෑ.....ඒ ඔසරි ඇදන් උන්න ගෑනු රූපෙ මාත් දැක්කා.....හරි වැඩේ උඹ දැන් කියන්නෙ මූටයි මටයි සහලවලම පිස්සු කියලද???
මං හිතන්නෙ දැන් තියෙන්නෙ අපිට බලන් ඉන්න තියන වෙලාව.....ජනෙල් පට්ටමට බර වෙලා වැව දිහා බලාගන උන්න මං අවසානෙදි නිම්නාවයි....මගෙ නිම්නවයි දෙන්නවම අතින් අලන් උන්න සුචිත්‍රම්මා දිහාවට හරි ආදරනීය හිනාවක් පා කරලා මං ජයවර්ධනයගෙ ලේ පුච්චවන්න පටන් ගත්තා..මොකද....මටවත්...උදාරටවත් ලේ ගාගන්න තැනට මොනම වැඩක් වත් මින් එහා තිබුනෙ නැති උනා....
මම තමුන් ජෝගි නටන කතාවක් නම් කිව්වෙ නෑ ජයවර්ධන ...හැබැයි මං කියන්නෙ....රවුම්ම රවුම්...පිරුන මූනක් එක්ක කොන්ඩෙ ඔක්කෝම පස්සට පීරපු ගෑනු කෙනෙක්...මෙන්න මේ ජනෙල් පට්ටම ගාවට වෙලා මා දිහා බලන් උන්නා .....මගෙ මතකෙ හොද නම්...එයා ඇදන් උන්නෙ ලා තැඹිලි පාට ඔසරියක්...ඒකත් තනිම තනි පාට.....ආය ඩිසයින් බිසයින් මේ මොකූත්ම නෑ.....
හරියටම මෙන්න මෙතන...මෙන්න මේ ඉරියව්වෙන්...හැබැයි....හැබැයි එයා මා එක්ක හිනා උනා....ඒත්...ඒත්....එකම එක තත්පරයයි ....එයාගෙ මූ....ජ්..ජයවර්ධන
කොල්ලො....නවත්තපන්....ඕක කිව්වම අහල නවත්තපන්.....උඹගෙ බෙල්ල කඩලා දාන්න කලින් ඔය බොරු කතාව.....නවත්තපන්...යකො...
ජයවර්ධන !!!!අතෑරපන්...උඹ හදන්නෙ උඹගෙ අනිත් අතත් කඩා ගන්නද...උඹ හිතන්නෙ මයුර බොරු කියනව කියලද....නෑ...ඌ කියනවා වගේ මෙතන ගෑණු කෙනෙක් උන්නා....හැබැයි මූ කියනවා වගේ ඒ මූනෙ හිනාවක් තියනවා මං දැක්කෙ නෑ...ඒ මූන පුරාවටම තිබුනෙ වේදනාවක්.....දුකක්...ඒ සර්වාංගෙ පුරාවටම .....
ලේ පැල්ලම්....එහෙම නේද උදාර...ඒ තනි පාට ඔසරිය බලාගන ඉන්නකොට ලේ පාට උනා....ඒ මූනෙ තිබුන හිනාව...තත්පරෙන් තත්පරේ බොද වෙන්න ගත්තා
ඕක නවත්තපියව්....තොපේ බොරු කතා නවත්තපියව්.......තොපි දෙන්නටම කොල්ලො එක්කම මගුල් අහලා ඔලු නරක් වෙලා...මොක්කු ඉන්නද....මොක්කු ඉන්නද මගෙ ගෙදර....
ඇයි..අහන් ඉන්න බයද...උඹගෙ ගෙදර උඹ නොදන්න ගෑනියෙක් ඉන්නවා කිව්වම උඹ බයද ජයවර්ධන ...ඒ ගෑනි විතරක් නෙවෙ....උඹ නොදන්නවා උනාට..මේ ගෙදර අස්සක් මුල්ලක් නෑරම ලමයි අඩන සද්ද....බිත්ති හූරන සද්ද...මේ ලී පොලව පහුරු ගාන සද්ද.....රැයක් එලිවෙනකම්ම ඇහෙන්න ගත්තා...ටක්....ටක්...ටක්...
ඇති යකො තොපේ බොරු කතා නවත්තපියව්...
බොරු කතා....ඇයි අපි උඹට බොරු කියන්නෙ ජයවර්ධන ....සැරින් සැරේම..... ජනෙල් පියන් ක්‍රී...ස්...ගාලා ඇරි ඇරි වැහෙනකොට ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
හීනි හුලන් රැල්ලත් එක්ක එන නමක් ගොතාගන්න අමාරු අමාරුම මලකඩ සුවද එන අමු කුයිලෙ...මේ ගෙදර බිත්ති පවා යකාගෙ හොරාවෙදි ඇහැරෙනවා....
නවත්තපන්....නවත්තපන් මයුර.....කිව්වම අහලා නවත්තපන්.....උඹගෙ බොරු කතා ...නවත්තපිය...එහෙම දෙයක් නෑ...එහෙම දෙයක් නෑ යකො....එහෙම දෙයක් නෑ...නවත්තපියව්....
නවත්තන්න...ඇයි නවත්තන්න කියන්නෙ....උඹ මේ ගෙදර රැයක් ඉදලා බලපන් ජයවර්ධන .....උඹ මේ ගෙදර තට්ට තනියෙන් මහරෑ දොලහා පහු වෙනකන් ඉදලා බලපන්.....
සැරින් සැරේම දාලා තියන කහ ලාම්පුවෙ එලිය අඩු වැඩි වෙන්න ගත්තම.....ටිකෙන් ටික අඩු වැඩි වෙන කහ ලාම්පුව ගැහිලා....ගැහිලා...ගැහිලා.....අවසානෙදි .....ඩෝ...න්... ගාලා පුපුරලා යනවා....ඇය් ඒ....මේ ගෙදර තියන මහ අමූතූම දේ මොකක්ද ජයවර්ධන...සැරින් සැරේම පඩි පෙල දිගේ ඇහෙන වේදනාත්මක විලාපේ...හරියටම කවුරු හරි තට්ටම් වලින් බඩගානවා වගේ එන සද්දෙ....
..නවත්තපියාව්....!!!
උඹ මොනව වගේ ගෙයක්ද ජයවර්ධන අපිට දුන්නෙ ම්ම්ම්ම්ම්.....රැයක් එලිවෙනකම්ම විලාප සද්ද විතරක් ඇහෙන මේ ගෙදර ක්‍රීස් ගාන සද්දෙයි...මූසල ඇඩුම් විලාප එක්ක මතුවෙන නමක් ගමක් නොදන්න ගෑනු රූපෙ කාගෙද ජයවර්ධන ...ම්ම්ම්ම්ම්ම්....
ඒකාගෙද.....
ඒඇඩුම.....
ඒ විලාපෙ.....
ඒඅමු ලේ සුවද...
මේ බිත්ති පුරාවටම තියන ලේ පාට අත් පාරවල්...
බිත්ති සූරපු නියපොතු පාරවල් ...ම්ම්ම්ම්....
මේ තරප්පු පේලිය පුරාවටම තියන ඇදුන නියපොතු ලකුනු....ඒවා කාගෙද ජයවර්ධන ....ම්ම්ම්....ඒවා.....මේ එන සුවද... හොදට ඉව අල්ලපන්....ඔන්න...ආයමත් ඒ සුවද එනවා.....

හොදට ඇස් ඇරලා බලපන් ජයවර්ධන ...ආයමත් කහ ලාම්පු ගැස්සෙනවා....
හොදට කන් දීලා බලපන් ජයවර්ධන....ඔන්න...ආයමත්...මේ ගොම්මන පහු වේගන යන වේලාවෙ තරප්පු පේලිය සද්දෙ වෙන්න ගන්නවා.....
ඔන්න අහපන්.....ටකස්...
ටකස්.....
ඔන්න ඇහෙනවා.....හරියටම තට්ටම් වලින් බිම දිගෙ රූටනවා වගේ නේ...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

කහ ලාම්පු ආයම ගැස්සෙනවා ජයවර්ධන .....
අර....අහන් ඉදපන්.....ඔන්චිල්ලාවෙ යකඩ දම්වැල් අඩනවා....
හුලගක් වත් නැතුව...කව්ද ජයවර්ධන ඒක පදින්නෙ.....
අර බලපන්....අර...බිත්ති පුරාවටම ...අත් පාරවල් මතු වෙනවා
සුවදයි ...අමුම...අමු...ලේ.....සුවදයි ....
න්...නවත්තප....න්.....නවත්තපන්...මං දන්නෙ නෑ....මං දන්නෙ නැ...
මං දන්නෙ නෑ යකො....මගෙන් අහන්න ..එපා..මං දන්නෙ නෑ....මං....දන්නෙ නෑ...යකො......කිව්වම අහල නවත්ත්පියා....ව්!!
ජයවර්ධනයා මුලු වහලම හෙලවිලායන්න කෑ ගැහුවා...ඌට අහන් ඉන්න බැරි උනා....ඌට දරන් ඉන්න බැරි උනා....
ජයවර්ධනයා උගෙ කන් දෙකම අර අත නැති අත් කොටෙනුත් වහගත්තා..ඌව ගැහෙනවා....මගෙ වගේම උදාරගෙ කටහඩවල් තනිකරම.ඇහුනෙ රහස් මුමුනනවා වගේ උනත් ඒ කටහඩවල් අස්සෙ තිබුන ගනකමයි...උගෙ හිතේ බයයි මේ ඔක්කෝම එකතු වෙලා ජයවර්ධනයගෙ සිහිය කලතවන්න ගත්තා....
නිම්නගෙ යකඩ ඔන්චිල්ලාව අඩන්න ගත්තා.....නිකන් නෙවෙ...නිම්නා සින්දු කියනවා...
ඔව්.....ඒ ආත්ම එකින් එක...එකින් එක...මේ හෙදර දොර ජීවත් උන විදිහට ජීවත් වෙන්න පටන් ගන්නකොට නිම්නගෙ ඔන්චිල්ලාවෙ යකඩ දම්වැල වචන වලට විස්තර කරන්න අමාරුම මූසල කමකින් අඩනකොට නිම්නගෙ අපහැදිලි හිනා සද්දෙ ඇහෙන්න ගත්තා...අපිව පහු කරන් සුචිත්‍රම්මගෙ අඩි සෙරෙප්පුවල ටකස්.....ටකස්.....ටකස්.....ටකස්...ගාගන යනකොට ජයවර්ධනයා වෙව්ල වෙව්ල....පස්සෙන් පස්සට් ගියා....
ඌ එපා කියනවා....
එහෙන් කහ ලාම්පු එලි ගැස්සෙනවා.....
ක්‍රීස්....ගාන සද්දෙන් යකඩ ඔන්චිල්ලාව විතරක් නෙවෙ..ජනෙල් පියන් පවා හීනි හඩට ඇරි ඇරි වැහෙනකොට ඒ ඔක්කොම මැදින් පා සලඹක සද්දයක් එක්ක ගැට පිච්ච සුවදකිනුත් කාමරේ වැහෙන්න ගත්තා...

මයුරයා....
එයාලා ආවා....උඹටයි මටයි තියෙන්නෙ දොරවල් ලොක් කරලා යන්න.....
මයුර....ආයම මකුණු දැල් බදින්න පටන් අරන්....
ම්න්....බලපන්.....එදා තිබුන විදිහටම ආයම ගේ වෙනස් වෙනවා....බිත්ති වල ලෙ පාට ඇදෙන්න යන්නෙ.....
එ..එ.පා....එපා...නවත්තපල්ලා....
න්..නවත්තපල්ලා.....අනේ....කිව්වම අහලා නවත්තපියව්......ස්..ස්...සුචි....ත්‍රා.....න්....න්..නවත්තපන්....ඕක...නවත්තපන්...ගෑනියෙ...
එපා...ස්..සින්දු කියනවා.....අර...අර...සින්දු...කියනවා...
නවත්තපන්.....නවත්තපන්....ඕක....නවත්තපන්....නිම්නා....උඹට...උඹට...මං කියලා...තියනවා...
හිනා වෙන්න එපා....උඹට මං කියලා තියනවා..පලයන්...පලයන්...උඹට මං කියලා තියනවා...ලියන්ඩ එපා...ලියන්ඩ...එපා...උඹ ලිව්වම...කොහොමද .....උඹ....
නවත්තපියාව්....!!
එ...එපා...සුචිත්‍රා ...ල්..ලගට...ලගට...එන්න.එපා.....ලගට...එන්න...එපා...සුචිත්‍රා .....අහකට.....කිව්ව්ම අහලා...නවත්තපන්...
නන්දනී...උ..උඹ..
උඹලා...ඔ..ඔක්කොම.....
බේරගනින්....
ම්..ම්..මාව...බේරගනියව්....ම්..මාව...මාව....බේරගනි...යව්.....කො...
මායි උදාරයි කාමර්‍රෙ මුල්ලකට ගියා....ජනෙල් පට්ටම දිහා බලාගන උන්න ජයවර්ධන පස්සෙන් පස්සට දුවනවා....සුචිත්‍රම්මට එන්න එපා කියනවා...අක්කට සින්දු කියන්න එපා කිය කිය කෑගනවා..මගෙ නිම්නට ලොයන එක නවත්තපන් කියලා කෑ ගහනවා...නන්දනීට කෑ ගහනවා.....
අපි බලාගන ඉන්නකොට මුලු ගේම ආයම හැඩි වෙන්න ගත්තා ...කොටින්ම කාමරේ බාගෙට බාගයක් බැදලා තිබුන මකුණු දැල් ආයම එක තත්පරෙන් බැදෙන්න ගත්තා....
කර කර ගගා නිවි නිව් පත්තු වෙන කහ ලාම්පු එලි මුලු ගේ පුරාවටම පත්තු වෙන්න ගන්නකොට ඔන්චිල්ලාව මර ලතෝනි ගහන්න ගත්තා.....
මයුරයා....
මං හිතන්නෙ.....උදාර....උඹ මම මේ දැම්ම යන්න ඕන....එයාලට අපිව අදුන්න බැරි තරමට වියරු වැටිලා නම්....මං හිතන්නෙ උඹටයි මටත් ජයවර්ධනයා එක්ක යන්න ෆ්‍රී ටිකට් හම්බෙයි.....අනික...අනික අපි ආවෙත් කිල්ලට අහු උන ගෙදරක ඉදලා....
ආපහු යන්න ඕනෙත් කැරකොප්පුවක්පහු කරගන....යමන් උදාර යමන්...මං හිතන්නෙ නෑ අම්මට අපිව අදුනන්න පුලුවන් කියලා.....ජයවර්ධනයගෙ සිහියෙන් අපිව අදුනන එකක් නෑ...යමන්...යමන් හුත්තො යමන්
මං උදාරයව තල්ලු කෙරුවා....මොකද අපි හිතුවට වඩා ගෙයි ඇතුල භයංකාරෙන් පිරෙන්න ගත්තා....ඔන්චිල්ලාවෙන් විතරක් නෙවෙ...අක්කගෙ සින්දුවෙ සද්දෙයි නිම්නගෙ අපැහැදිලි හිනාවයි මොන තරම් භයංකාරද කියනවා නම් එක තත්පරයක් යන්න කලින් මාවම.දාඩියෙන් නෑවුනා...මෙච්චර ආදරේ දෙන මාවම බයට වෙව්ලන්න ගත්තා.....
ජයවර්ධන හූ තියනවා...නන්දිට කතා කරනවා...එපා කියනවා...සමාව ඉල්ලනවා... අනිත් පැත්තෙන් උදාරයා බය වෙලා.....ඌට ඇවිදගන්න බැරි තරමට කකුල් ලොක් වෙලා තියනකොට ජනෙල් පියන් ඇරි ඇරීම වැහෙන්න ගත්තා...
උදාර යමන්...යමන් උදාර...
බලාගන ඉන්නකොට මුලු ගෙදරම මකුනු දැල් වලින් වැහිලා යනකොට මුලු ගේ පුරාවටම නිම්නගෙ අකුරු ලියවුන සුදු පාට කොලගුලි වලින් හැඩි වෙන්න ගත්තා....එයාලගෙ අඩි සද්ද....හිනා සද්ද අපිව පහු කරන් ගියා මදිවට එයාලා අපිව හප්පන් මේ ගේ පුරාවටම එහා මෙහා දුවන්න ගත්තා....
ම්..මයුරයා...මගෙ..මගෙ කකුල පෙරලුනා....උ..උඹ පලයන්...මාව දාලා යමන්....මාව දාලා පලයන් ....මේ ගේ අන්දකාර වෙන්න යන්නෙ...
පිස්සු කරන්නෙ නැතුව නැගපිය...
උඹට මාව වාවන්නෙ නෑ මයුර...පලයන්.....අපි ආව වෙලාව වැරදි....යමන් මයුර.....මාව දලා...පලයන්...මේ ඔක්කොම ලයිට් බිදෙන්න යන්නෙ...කිව්වම අහලා.....උ..උඹව....වැටෙයි...මෙතන ඉන්නෙ නිම්නලා විතරක් නෙවෙ...යමන්....මයුර....මාව..දා...ලා...යමන්...බන්....අනික....නිම්නලාට...අපිව මතක නෑ.....
උදාරයා...මා එක්ක මොන අපායට යන්න උනත් කොහෙද යන්නෙ නාහම එන මගෙ දකුනු අත උදාරයා....බයවෙලා උන්න පාරට අනේ උගෙ කකුල පෙරලුනා...පෙරලුනා.කියන්නෙ ඌ නොකිව්වට උගෙ කකුලෙ කාව හරි හැප්පිලා බලාගන ඉන්නකොට කකුල අනිත් අතට ගියා....
ඌ කියපු කතාව හරි...මුලු ගේම අන්දකාර වේගන එන්නෙ...
මුලු ගේම මකුනු දැල්.වලින් වැහෙන්න යන්නෙ...
මුලු ගේම නොදන්න ආත්මවලින් පවා වැහෙන්න යන්නෙ.....
කොටහලුවකට ගිහින් ආව අපි දෙන්නව දැනටමත් කිලි පිට කිලි ගොඩකට අහු වෙලා කියන්නෙ උදාරයා ගාව හිටන් උන්න මගෙ උරහිස එක පාරම ගලවන් යන්න ගියා...ඒ තරම් වේගෙකින් කවුරු හරි මාව හප්පන් යනකොට උදාරයා පඩි පෙල උඩ වැටීගන යමන් යමන් කිය කිය තල්ලු කරනවා....
මයුර...පලයන්.....උන්...අපිවමරන එකක්..නෑ..එත්....ඔලුව නරක් කරවයි...පලයන්...මා දිහා නොබලා...පළය...න්...යකො...උන්...මේ තරප්පුවෙත් ඉදගන්න හදන්නෙ....යමන්....මාව...දාලා..පලයන්....
ඌ මාව තල්ලු කරනවා...මට යන්න කිය කියමාව එලවනව.....ඒත් මට පුලුවන්ද ....ඌ කිව්ව වගේම අපේ ඇස් පනා පිට නොදන්න එවුන්ගෙ නිදහස් නොවුන ආත්ම ගරාදි වැට පුරාවටම ඉදගන්නකොට මන් උදාරයව මගෙ කරට අරගත්තා ...මගෙ නිම්න කොහෙද...මොන ලෝකෙද කියන්න හොයනවටත් වඩා අපිට ඕන උනේ ගෙයින් එලියට පැනගන්න වෙනකොට බය වෙලා තියන එකේ උපරීමේටම බය වෙලා උන්න මාව ඌව අර තරප්පු පේලියෙ එක එකාගෙ ඇගවල් වල හැප්පෙන හැප්පිල්ලට වාරු නැතුව උඩ ඉදන් පහලට වැටුනා.....
අ...නෙ...අම්මෙහ්...
ම්..මයුරයා.....න්..නැගිටපන්....මයුර....මයුර...මයුර...නෑ...නෑ...හුත්තො...පිස්සු නම් කෙලින්ඩ....එපා...මයුර....කිව්වම..අහලා....ඉ..ඉතිපිසෝ....බගවා...අ..ආරහන්...මයුර...නැගිටපන්....ම...මයුර...අනේ...වේසාවො...නැගිටපන්...යකො...
..ඉතිපිසෝ ..භගවා...අරහන්.....ස...සම්මා....මතක...නෑ..යකො....මයුරයා....උඹට...මොකද....යකො.....නැගිටපන්....මයුර....මයුර...අප්පට...හැමිනෙනවා....
උ..උදාරයා..මගෙ...ඔලුව...මගෙ.....ඔලුව....නැගිටපන්....
මං හිතන්නෙ එක තත්පර ගානකට ඒ වැටුන වැටිල්ලට මගෙ සිහිය එක පාරම විකල් වෙලා ගියා.....උඩ තට්ටුවෙන් පහලට වැටුන උදාරයගෙ කකුල ගන්නම දෙයක් නැතුව යනකොට ඌයි මායි බලාගන ඉන්නකොට ජයවර්ධනයව තරප්පු පේලිය දිගේ ඇදීගන ගියා.....
ඌ හූ තියනවා...ඌ විලාප තියනවා....සුචිත්‍රම්මගෙන් සමාව ඉල්ලනවා....එන්න එන්නම මුලු ගේම ලේ කුයිලෙන් මූසල කමින්..... පිරීගන යනකොට ජනෙල් සරනේරුවලින් ගැල වෙන තරමට ඇරි ඇරි වැහිලා...වැහිලා...මුලු ගේම එලිවෙලා තිබුන සාලෙ ලයිට් එක මෙච්චර වෙලාම ගැස්සිලා....ගැස්සිලා...අවසානෙදි මහ සද්දෙට අර ලයිට් එක කුඩු පට්ටම් උනා...මුලු ගේම එක පාරම අන්දකාර වෙලා ගියා.....ජයවර්ධනයා එක පාරම ගම් හතක් හෙල වෙන්න හූ.....තිබ්බා.....
ද්....ද්..දෙයිය.....නෙ....මයුරයා.....!
☺️ආයම කොටසකි එනකන්...පයිස්සමින් ඉන්ඩෝ
👉👈ආතරෙයි හැමෝටම ගොඩා....ක්...
මම ජොබී බුංජියා....
Nedeesha ❤..