Cherreads

Chapter 63 - 63

.........

මං ඇස් ඇරියෙ ඉහ උස්සගන්නවත් බැරි ඔලුවෙ කැක්කුමක් වගේම මාගම් සෝලියෙ කොල්ලට ආව තරම් වතුර තිබහවක් එක්ක.....

මට මතකයි...ගෙයි ඉස්සරහා ඇස් පියවේගන වගේ ආව මාව හොද සිහියට ගන්න උදාරයා කෑ ගහපු කෑ ගෑම.....ජයවර්ධනයගෙ ගම් හතක් හෙලවෙන්න තියාපු හූව....මෙ හැම දේම මට මතක තිබුනා....

ඒ විතරක් නෙවෙ... බයික් එක ගන්නවත් හරි හැටි සිහියක් නැතුව උනත් වැටි වැටි මං උදාරයව පිට බැදන් බයික් එකත් ආන්බාන් කරන් හතර ගාතෙන් ආව හැටි මට මතක තිබුනා...කැරකොප්පුව ගාවදි ඇස් පියාගන ඇවිදින් පන්සලේ ගේට්ටු කඩාගන බෝධිය ගාව හතර ගාතෙන් වැටුන හැටි මේ හැම දේම මට මේ වේදනා මැද මතක තිබුනා....

මං හිතන්නෙ මේ ගෙවෙන්නෙ යක්ශයාගෙ හෝරාවෙ පටන් ගැම්ම...වෙලාව යන්තන් තුනෙ කනිසම පහු උනා විතරද කොහෙද ....මගෙ ඔළුව නෑ වගේ . ..වැටුන වැටිල්ලට හත් කඩකට පැලුනද කොහෙද....ඒ තරම්ම කැක්කුමයි....ඇස් පියන් ඇරියත් මොකද ඇරියෙ ඇයි කියලා හිතෙන තරමටම වේදනාව දෙනකොට මන් හරි අමාරුවෙන් අතපත ගාලා උදාරයව හොයාගත්තා.....

උ..උදාර...

මට පන නෑ....ඊටත් ඇස් වලින් ගින්දර පිටවෙන තරන් සහලවලා උන...

උ...දාර.....උ..උඹට ..මොකද...උදාර....

උපාසක මහත්තයට මොකද දැන්....

අ...අපෙ...අපෙ...හා...මුදුරුවනේ....

හාහා....ඔහොම ඇලවෙන්ඩ....ඔහොම ඇලවෙන්ඩ...මං ලොකු හාමුදුරුවන්ට කතා කරලා එන්නම්...ඒ මහත්තයා ඇහැ අරින්ඩ තව අඩ හෝරාවක් වත් යාවි...

මගෙ ඇස් වලට නිච්චියක් නැති උන හැටි...කාමරේ පුරාවටම තිබුන පන අදින මලානික ලාම්පු එලිය ගැන මට නිනව්වක් නැති උනා.....කමරේ මුල්ලක ලාම්පු දැල්ලට පොතක් අල්ලන් ඉන්න කසාවතව මගෙඇස් වලට නිනව්වක් නැති උනා.....

පොඩි හාමුදුරුවො ...ගමේ පන්සල නොවුනත් බය උන බයවිල්ලට ගේට්ටු කඩාගන අල්ලලා තිබුන පන්සලේ පොඩි හාමුදුරුවො මෙච්චර වෙලාම අපි දෙන්නව රැකවල් කරන් ඉදලා ඉදලා අවසානෙදි ලොකු හාමුදුරුවන්ව හොයන් යනකොට මං හරි අමාරුවෙන් උදාරයා දිහාබැලුවා....උගෙ කකුල වෙලලා....ඌට තවම සිහිය පතනෑ....

ඒඅස්සෙන් මගෙ දිව ගිලෙන්ඩ එනවා...

ඔය ලමයට කොහොමද කිව්ව නම්....

ල්...ලොකු හාමුදුරුවනෙ....මට..මට වතුර ටිකක්....

මං ප්‍රශෙනෙට උත්තර දෙනවා වෙනුවට කෙරුවෙ මගෙ ඉල්ලීම් ඉල්ලපු එක.....මට පිපාසාවයි....අර මං මුලින් කිව්වත් වගේ මට තිබුනෙම මාගම් සෝලියේ කොල්ලට ආව වතුර තිබහව...කල හතක් හිස් කරන්න පුලුවන් පිපාසාව.....

පොඩි නම ඔය ගුරුලේත්තුව ගෙනාවා නම්....

අහපු ප්‍රශ්නෙට උත්තර නොදී වතුර ඉල්ලපු මගෙ අත දිහාව බලන් උන්න ලොලු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට ගුරුලේත්තුව ගේන්න කිව්වා....මගෙ අතේ පිරිත් නූලක්...මගෙ අතේ විතරක් නෙවෙ උදාරයගෙ අතෙත්....මං හිතන්නෙ අපිට වෙලා නැත්තෙ ඇදි වතේ හුජ්ජ නොගිය එක විතරද කොහෙද.....

ඉදල්ලා...මේක බීල හිටියනම්....

ඔහොම හොදයි..අපෙ හාමුදු..රුවනෙ....

ගුරුලේත්තුවෙන් වතුර එක වීදුරුවකටවත් දාන්න නොදීම මං පොඩි හාමුදුරුවන්ගෙන් මුලු ගුරුලේත්තුවම ඉල්ල ගත්තා...මොකද මං දන්නවා.... මට එක වතුර වීදුරුවකින් සෑහෙන්නබෑ....අමනුස්ස විලාප ගනින්න බැරි තරම් ගොඩක් මැදින් පන බේරන් ආව එකම ප්‍රාතිහාර්‍යක් වෙනකොට මට මහ මුහුදෙ වතුර හිදෙනකන් බිව්වත් මගෙ තිබහව හිදෙන්න නැති බව දන්න මං අර ගුරුලේත්තුවම කටේ ගහන් එකම බිදක් නැති වෙන්න බීලා ආපහු ඇදට වැටුනා.....

මට තෙහෙට්ටුයි...මට පන යන්න තෙහෙට්ටුයි ලොකු හාමුදුරුවො මොනවා අහයිද.....මොන මගුල කොහෙන් කොහොම මං උත්තර බදින්නද....ඇහුවම බොරු කියලා මාරු වෙන්නද. .. ...අනේ දෙයියනේ...උත්තර බදින දෙයක් හෙට උදේට...

ඔය ලමයට කතා කරගන්න පනක් වත් නැති එකේ...මං හිතන්නෙ මං මේ කරුනු කාරනා අහන එකේ තේරුමක් නෑ...එහෙමනෙ...හ්ම්...හ්ම්....තාම තුනෙ හෝරාව යන්නෙ.....එලි වැටෙනකන් නිදාගන්ඩ පුලුවන් ....

අපෙ හාමුදුරුවනෙ ....මගෙ යාලුවට

ම්ම්ම්ම්....ඒ හාදයගෙ කකුලට නම් මහ දෙයක් නෑ....පොඩි ඇමැට්ටියක් තියනවා...ටික දොහකින් කැක්කුම් ඇල්ලිල්ල අහවර වෙයි....

මං ඔය ටික විතරයි ඇහුවෙ කෙරුවෙ...කිව්වෙ කෙරුවෙ....ඉන් එහා මොකුත්ම නාහම මං ආපිට ඇදට වැටුන...මොකද මට නිදාගන්න ඕනා....බය වෙලා අපිව හොයන අම්මා අප්පච්චි කල්පනයලා..රවිදුවලා ගැන මට වගේ වගක් නැති උනා කොටින්ම නිම්නලා ගැනවත් මට කල්පනා කරන්න හිතක් නැති උනා ඒතරමට මට තෙහෙට්ටුව ...ජයසිංහයා එක්ක ඔට්ටු උන එකෙක්ට වත් නැති තරමට මට මහන්සිය.....

.ඇස් පියන් වැහුවත් මොකද මගෙ හිත එකලාසයක් ඇත්තෙම්ම නෑ...මානුශිය හැගීම් පැත්තකින් දැම්මත් හත්පාට ආදරයක් කියන්නෙ මේ දකුනු ආසියාවෙ කිසිම තැනකින් හොදක් අහන්න නොලැබෙන ආදරයක් හන්දා හාමුදුරුවන්ගෙ මූනෙ ඇල්මට බැල්මට මක්ක වෙයිද කියන්න නොදන්න මට ඒක ඊටත් වඩා හිසරදයක් උනා...

ලෙඩෙ නිට්ටාවටම සුව වෙන්න නම් හංගන්නෙ නැතුව ලෙඩ කියන්නම වෙනවා....හාමුදුරුවන්ගෙන් උදව්වක් ඕන නම් මට හැමදේම කියන්නම වෙනවා...කමක් නෑ...බුදුන් ගාව සැනසීමක් නැති නම්..කා ගාවද සැනසීම තියෙන්නෙ.....

ම්..මයුරයා.....උ..උඹ....හොදින්.....ද.....

පැලුන ඔලුව තවත් පැලි පැලි යනකන් දහසක් දේවල් හිතාපු මට වේදනා මැදම ඇහැපිය වෙන තත්පරේදි මට උදාරයගෙ කෙදිරුම ඇහුනා. ඒත් මට බැරි උනා ඌ අමාරු පිටම මං හොදින්ද අහලා කෙදිරි ගාපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මොකද ගුරුලේත්තුවෙ තිබුන අර සීතල වතුර බින්දු මගෙ උගුරෙන් පහලට ගිහින් තිබුනෙ මගෙ දිවත් එක්කම...

ආරිය දාස....ආරියදාස

අපෙ හාමුදුරුවනේ...

ඔය කසාය එක ගෙනාවනම්...ඕන් ඔහෙන් පොඩි හකුරු ඩීංගිත්තකුත් කඩන් වරෙල්ලා ඕකට කටම කාරවනවා...

අපෙ හාමුදුරුවනෙ...ඔබ වහන්සෙ හිතන්නෙත්....අනිත් මිනිස්සු වගේම....මූ කරන්නෙ ....මම කරන්නෙ වැරද්දක් කියලද...සම්ප්‍රදාය ගැන නෙවෙ අපෙ හාමුදුරුවනෙ.....මං අහන්නෙ මනුස්ස හිත අස්සෙ ඉපදුන ආදරේ ...ඒක පිලිකුලක්ද....

හෝරා ගානක පාපොච්චාරනේකට පස්සෙ මං උන්නෙ ආවාසගෙදර කනුවකට ඔලුව හේත්තු කරගන...

.ඉරපායලා...වෙනසක් නැතුවම මල් පිපිලා.....එක ජාතියක් නෙවෙ...ජාති සී‍යක් විතර...හැබැයි හේන්දිරික්කා විතරක් හවහට පිපෙන්න පොහොට්ටු හංගන් උන්නා...සූරියකාන්ත නැති උනාට මොකද ඒ ඉරමලේම පාට ගත්තු කැනස් පෝලිමක් අර පායපු අහන්කාර ඉර දිහාවයි...නිල් පාට අහස් ආගාධය දිහාවයි බලාගන ඉන්නවා.....ඊට තවත් චූට්ටක් එහායින් දාස්පෙතියා අහුරක්...කහ විතරක් නෙවෙ තැඹිලි පාටත් තිබුනා....ආයම ඇස් දෙකට නිවනක් ගේන අවුරුදු ගානක් වයස අරලිය ගහක් තිබුනා....පාට අරලිය නෙවෙ...කෙලින්ම මැද හරිය ඇබිත්තක් කහ ගැන්නුන සුදු අරලිය...

කදේ හැඩේ බැලුවම...කඳට වයස තිබම අනිත් මල් ගස් හැම එකකටම නෑ කම් කියන්න ගත්තොතින් අරලිය කියන්නෙ අත්තම්මෙක්ගෙ වයස...කැනස් වගේම වතුසුද්දයි දාස් පෙතියයි කියන්නෙ තුන් හතර පස් වෙනි පරම්පරාවක මී මුනුබුරෝ වගේ....අරලියාව තනිකරම එකම දතක් වත් නැතිව ලොඹු ගැහුන කටක් තිබුන වයසක අත්තම්මෙක් වගේ...ඒත් අත්තම්මලා මොන තරම් ලොඹු ගැහුනත් හරියට වටිනවා ඒ වගේමයි මේ වයසට ගියපු අරලියාව....කද කොයිතරම් නාකි උනත්.....තාම මල් පිපෙනවා....

ගංපතුලෙ හැංගුන සුදු වැල්ල දාපු ආවාස ගෙයි මිදුල පුරාවටම අරලිය මල් හැලිලා තිබුනා...සීනි නැතො කෝපි එකෙ ඉදන්...මං උඹට හරි ආදරෙයි මගෙ නිම්න කියන තැනට එනකම්ම මගෙ මනස්තාපනේ දික් උනා....මහපොලවට ඉර එලියෙ අර පුංචි පුංචි හිරිමල් රේන්ද එවන්නත් කලියෙන්ම ඇහැරුන මම මේ මොහොත වෙනකම්ම කෙරුවෙ මගෙ පපු කුහරෙ සුද්ද පවිත්‍ර කරගත්තු එක....

අර මං කලිනුත් කිව්වා වගෙ ලෙඩක් නිට්ටාවටම සනීප වෙන්න නම් හැංගි හොරා නැතුවමට කියන්න සිද්ද වෙනවා...

ඔව් මං කිව්වා.....හත්පාට ආදරයක් කියන්නෙ වරදක්ද අහපු තැන ඉදන් නෑ හත් පාට ආදරයක් කියන්නෙ වරදක් නෙවෙ තැනට එනකන් හුස්මක් ගන්නවත් නවතින්නෙ නැතුව කියවපු මං අවසානෙදි තවත් ගුරුලේත්තු තුන් කාලක විතර වතුර උගුරු සිය ගානක් බීලා අවසානෙදි මං දිග හුස්මක් ගන්නකොට උදාරයා අවසානෙදි මං වෙනුවෙන් හාමුදුරුවො එක්ක කතා කරන්න ගත්තා...

අපෙ හාමුදුරුවනෙ....

ආ...ආරියදාස ඕන් ඔය කසාය එක මේන් මේ උපාසක මහත්තුරුන්ට දුන්නා නම්.

....

ආරියදාස.....ඇබිත්ත කොලුවා කියන්ඩ බෑ...හැබැයි මීට අවුරුදු විසි තිහකට උඩදි නම් කොල්ලෙක් වෙලා ඉන්ඩ ඇති....කොන්ද දුනු ගැහුන වයසක උන්දගෙ අතක් පිරෙන්න තිස්තුන්කෝටියක් දෙවිවරුන්ගෙ කට්ටල දහයක් විතර පිරෙන්න තිබුනා...බෙලෙක් කෝප්ප දෙකක හරි අඩක් පිරෙන්ඩ තිබුන කහට පාට කසාය දැක්කත් ඇති එකෙ තියන කහකඩ ගතියයි තිත්ත කාඩි ගතියයි මගෙ උගුරට දැනුනා....

බීලා හිටියා නම්.....

දෙවනි පාරටත් හාමුදුරුවො මටයි උදාරයටයි අර තිත්ත කසාය එක බොන්ඩ කිව්වා.....කොහෙ බොන්ඩද.....කොහෙ කියලා නම් කටට ගන්ඩද..මේක තනිකරම කොහොඹ උරච්චි කරලා වගේ....

අපෙ හාමුදුරුවනෙ....

තිත්තයි...එහෙම නේද...

එහෙමයි...

ඔය ලමයිගෙ ඔය කියාපු ආදර කතාවත් හරියටම කසාය වගේ.....තිත්තයි....හැබැයි....කියාපු කරුනු කාරනා එක්ක...තිත්ත උනත් අහක දාන්ඩ බැරි ගුන හැංගිලා තිබුනා....ම්ම්ම්ම්

පඩික්කමෙ ගැට්ට රතු උනා....කටට ඇගිලි දෙක තියාපු හාමුදුරුවො පිත්තල බුලත් පඩික්කම් අරගන බුලත් කෙල පාරක් ගහන ගමන් සිවුර හදාගන මායි උදාරයයි දිහා බැලුවා....අපේ ආදරේ මේ කහට රහ උතුරන කසායට සමාන කරලා....හැංගුන ගුණ ගැන කියනකොට මං වගේම උදාරයත් කසාය බෙලෙක්කෙ දිහාව බලාගන උන්නා....

ඔය ලමයාගෙන් මං දෙයක් අහන්ඩ....ඇත්තම කියන්ඩ ඕන...

එහෙමයි අපෙ හාමුදුරුවනෙ.....

ඔය කියන රාමුවයි...ඕලාරික වත්පිලිවෙතුයි අහක් කොරාපුවාම...නිම්න කියන ඔය මලගිය ඇත්තව ඔය ලමයට දැනෙන්නෙ කොහොමදැයි කිව්වා නම්....

මට රිදුනා.....ඉපදෙන එක...ඉගන ගන්න එක....ආදරේ කරන එක බදින එක දරුමල්ලෙක් හදන එක ආයම බැදගත්තු බෙරේ ගහන්න ඕන කියන වචන මාලාවට යට වෙලා මැරෙන් තාක් කසාදයක් එක්ක දුක් විදින්න ඕන කියන අර සාම්ප්‍රාදායික වචන මාලාවට අහක් කරලා නිම්න කියන මලගිය ඇත්තව මගෙන් කොහොමද දැනෙන්න ඇහුවම මට රිදුනා..වෙනමොකටවත් නෙවෙ...මලගිය ඇත්තට කියපු එක නිකන් මගෙ පපුවට කිනිසි ඇන්නා වගේ උනා.....

මං හාමුදුරුවො දිහා වතාවක් බලලා ආපිට අහක බලාගත්තා .....ඇනපු කිනිසි පාර සුවකරන්න පුලුවනුත් එයාගෙ හිනාවකින් විතරක් වෙනකොට මං මගෙ හිතින් එයාව මවා ගත්තා . ...

ඒ හිනාව මවාගත්තා.....එ හුරතල් කතා බහ...ආදරේ පිරුන වචන...කියන්න කලින් මාව තෙරුම් ගන්න ඒ ආදරනීය මලගිය ඇත්තව මං මවාගත්තා

මං හිතන්නෙ මගෙ මූනට හිනාවක් ඇදෙන්න ඇති ...මේ ගිනි මැද උනත් මට හරි සැනසීමක් දැනුනා.....

නිම්න කියන්නෙ ....මට මුනගැහුන රත්තරම්ම හදවතක් තියන මනුස්සයෙක්....වෙලාවකට ග්ලූස්කෝස් වගෙ....වෙලාවකට උනුසුම් රතු වයින් උගුරක් වගෙ ....මොනම සීත ඍතුවක උනත් ඒ උරහිසට ඔලුව තිබ්බම මට ඕන කරන උනුහුම ඒ මලගියඇත්තා ගාව තිබුනා..මොනම කාශ්ටකේදි උනත් ඒ උරහිස ගාව මට ඕන සිසිලස තිබුනා.....මගෙ හිනහව...මගෙ සැනසීම...මගෙ ආදරෙ මගෙ ජීවිතේ.....මේ හැමදේම....

එකම අංශුමාත්‍රයක වත් ලාභ ප්‍රයෝජන නැතිවම මම ආදරේ කරපු...සහ මට ආදරේ කරපු මලගිය ඇත්තෙක්...මට ඔයින් එහා මහා පරිමානෙන් වචන කරන්න හරි මහන්සී අපෙ හාමුදුරුවනේ...මට ඔයිටත් වඩා තනි වචනෙකින් ඒ මලගිය ඇත්තව විස්තර කරනවා නම්.... සැනසීම .... මට ඔය වචනෙ තමයි අපෙ හාමුදුරුවනෙ දෙන්න පුලුවන් .....

මගෙ මූනෙ හිනාව ආයමත් මැරිලා ගියා....අතේ තිබුන කහට පංගුව ඇල් වෙලා.....මොකද මගෙ වචන ඒ තරමට මන්දගාමි වෙලා...මන්දගාමී වෙලා නෙවෙ...මං එයා ගැන විස්තර කරන හැම මොහොතකම එක තත්පරයක් උනත් මන් හරි ආසාවෙන් හරි ප්‍රවේසමට.විස්තර කරනවා..මට කාලය කියන දේ වටිනාකමක් දැනෙන්නෙ නැති තරමට මන් ඒ මලගිය ඇත්තා එක්ක බැදිලා උන්නා..හරියටම ගහක් තදින් ඇද බැදගත්තු වැලක් වගේ....

එයාගෙ මගෙ අතර තිබුනෙ ආත්මීය ආදරයක්...කව්ද උඩ...කව්ද යට කියන කාරනාව මං මේ වෙනකන් හිතලවත් නෑ....අනික එහෙම කාරනාවක් මට ඕන උනෙත් නෑ.....ඊටත් වඩා මං කොහොමද එයාට ආදරේ කරන්නෙ..ඊයෙට වඩාමන් කොහොමද අද ආදරේ දැනෙන්න දෙන්නෙ කියන්න හැමදාකම කල්පනා කෙරුවා.....

මගෙ මූන බෙරි වෙලා ගියා.....අර කහට කායම මගෙ උගුරෙන් පහලට යනකොට මගෙ මූන බෙරි උනා...ඒත් මම නෙවෙ ඒ උගුරක් වත් අහකට දැම්මෙ ....

හ්ම්....ඕකයි කතාව එහෙනම්...

එහෙමයි අපෙ හාමුදුරුවනෙ....මොන දේ උනත්...ආදරෙ කියන්නෙ ආදරේට...එහෙම කියලා අපි හිත හදාගන්නවා....රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් එන අපවාද නම් ඉහට උඩින් ....ඒත්...හිත නැවතුන තැන මෙතන නම්....මොනවා කරන්නද අපෙ හාමුදුරුවනෙ.....

උදාරයා ආයම මං වෙනුවට උත්තර බදිනකොට මම තිත්ත කසාය බීපු කෝප්පෙ ගැට්ට දිගේ මගෙ ඇගිලි තුඩු අරන් ගියා....හිතන්න දේවල් ගොඩයි....අප්පච්චි අම්මා පිස්සුවෙන් වගේ හොයනවා ඇති...ඒත් මගෙවත් උදාරයගෙ වත් ඵෝන් වල ඩිස්ප්ලේ නෑ....ඒවත් ඊයෙ රාත්තිරියේ අල්ලපු අඩව් එක්ක යන්න ගිහිල්ලා...

මගෙත් උදාරයගෙත් පාපොච්චාරනෙ අහන් උන්න ලොකු හාමුදුරුවො දහ වංගියකටත් වඩා කෙල ගැහුවා...අවසානෙදි නැගිට්ටා....නැගිටලා මිදුලට බැස්සා...

මයුර...

උදාරයා මාව කොනහනවා උගෙ කකුල දනිහෙ ඉදන් වලලු කරගාවටම වෙලලා කකුල පිට්ටු ගෙඩිය වෙලා...මගෙ ඔලුවෙ පිටිපස්සෙ කොන්ඩෙ පදාසයක්ම නැති වෙලා....ඇගෙන් එකයි සීරිම් ලකුනු....

මන්දා බන්...මොනවා කියන්න හදනවද කියන්න දන්නෙ නෑ...කාගෙ පැත්ත ගනීද කියන්න මං දන්නෙ නෑ උදාර.....කාගෙ පැත්ත ගත්තා උනත්...දෙයියො කෝප උනත්.....කාරි නෑ...මං පටන් ගත්තෙ මගින් නවතින්න බලන් නෙවෙනෙ.....වරෙන් යන්න...

මං නැගිට්ටා...මොකද සුදු වැල්ල ඉහාපු පොල් අත්තෙ හැඩෙට අතුගාපු මිදුල පුරාවටම අත් දෙකත් පිටිපස්සට බැදගන කෙටි අඩි තිය තිය එහා මෙහා ඇවිදින ලොකු හාමුදුරුවො දිහා බලන් උන්න මං යන්න නැගිට්ටා...මොකද මෙච්චර දේවල් අහගනත් ලොකු හාමුදුරුවන්ගෙන් හිත හැදෙන්න එක වචනයක් පිට උනේ නැති වෙද්දි මං උදාරයට යන්න අඩ ගැහුවා.....

උපාසක මහත්තරු යන්ඩද...

.

එහෙමයි අපෙ හාමුදුරුවනෙ....ඔබවහන්සේට පින්.....

ඔය මහත්තුරුන්ගෙන් දෙයක් අහන්ඩ.....

මොකක්ද අපෙ හාමුදුරුවනෙ...

විශේශෙම්ම...ඔය මහත්තයගෙන්...ඔය මලගිය ඇත්තට ලැදි වේගන ඉන්න මහත්තයගෙන්.....

.....මොකක්ද...අපෙ හාමුදුරුවනෙ

ආයමත් බුලත් කෙල පාරක්....පොල් අත්තෙ හැඩේට තිබුන රටාවමැදින්ම රතුපාට බුලත් කෙල පාරක් යනකොට ලොකු හාමුදුරුවො ගේට්ටුව දිහාව බලන් ඉදලා...ඉදලා අවසානෙදි මගෙ දිහාවබැලුවා....නිකන් නෙවෙ ඒ මූනෙ මහ බැරෑරුම් බැල්මක් තිබුනා...ඒ බැල්ම මටම විතරක් වෙන් උන බැල්මක්....

දන්නවද....බිදුන මිනිස්සුන්ට තමයි උපාසක මහත්තයො...ආදර්‍රෙ කියන විශය ලස්සනටම උගන්නන්න පුලුවන් ....විරහව කියන කාරනාව අහිමිවීමෙ ගැඹුර හොදටම දන්න මුනිස්සුන්ට තමයි...රහටම ආදරේ කරන්න පුලුවන් කියන්නෙ...

එහෙමයි අපෙ හාමුදුරුවනෙ.....

උපාසක මහත්තයො...ජීවිතේ එකම මනුස්සයව දෙපාරක් හම්බ වෙන්නෙ නෑ...ඒ හම්බ උනත් ඒ මනුස්සයා පලවෙනි මනුස්සයම නෙවෙ වෙන්ඩ පුලුවන් ...එකම ආදරේ ජීවිතේ දෙපාරක් දැනෙන්නෙත් නෑ....එක පාර දෙන්නෙක්ට ආදරෙ කරන්නත් බෑ...හැබැයි....එක මනුස්සයට ක්‍රම දාහකට ආදරේ කරන්න පුලුවන් .....

සම්මත හෝ....අසම්මත හෝ වේවා.....ඔය ගනුදෙනුව අස්සෙ හෘද වස්තු අවංක නම්...අහස පොලව පාලක දෙවි දේවතාවෝ...පවා ආසිර්වාද කොරාවි.....ම්ම්ම්...ඔය උපාසක මහත්තුරු කොරන්න්ත් ඒකමයි....ඔයසා කැපකිරීම් කොරනවා කියන්නෙ මේ අබුද්දස්ස කාලෙ.....ම්ම්ම්....ඒකම වටිනවා මදිද. .

මොන දේ උනත්.....ඒ හෝරාවෙ මොන හේතුවට හරි ඔය උපාසක මහත්තුරු මෙහෙටම ආව එක වාසනාවක් ම්ම්ම්....

එහෙමයි අපෙ හාමුදුරුවනෙ...

.ගිහින් බලාපල්ලා....අරකගෙ කකුල් කඩිත්තුවත් අල්ලලා ඇති ....ඒකා දැන් රෑ වරුවෙ ඉදන් ඔතනට වෙලා ඉකි ගහනවා...

මාව නිකන් කරකවලා අතෑරියා වගේ උනා.....ලොඋ හාමුදුරුවො එක පාරම මගෙ දිහාව බලලා ගිහින් බලාපල්ලා කියලා කියනකොට මේ කියන්නෙ මොනවද කියන්න මට එක පාරම නිච්චියක් නැති වෙනකොට ගේට්ටුව දිහාව බැලුව මට මගෙ නිම්නගෙ කදුලු පිරුන ඇස්දෙක හදි ගැහුනා.....

අපෙ හාමුදුරුවනෙ ....

හ්ම්....උඹලයි ඔය පන ඇරන් ආදරෙ කොරන මලගිය ඇත්තා තමයි...ඕකගෙ කකුල් කඩිත්තුව අල්ලලා ඇති...ගිහින් බලාපල්ලා...අපෙ පැත්තෙන් කොරන්ඩ පුලුවන් උදව්වක්...පදව්වක්...මං ලොකු හාමුදුරුවො ලව්වා කතා කොරගන්නම්....

මගෙ ඇස් වලට කදුලු පිරුනා...මොන හේතුවට හරි ලොකු හාමුදුරුවන්ට සම්ප්‍රදාය අතික්‍රමනය කරන්ඩ හිතිලා....උදාරයා හරි අමාරුවෙන් හිට ගන්න හදනකොට ආරිය දාස උන්නැහැ ඌට උදව් කරද්දි අනේ මං එක හුස්මට අර වේදනා ඔක්කොම අමතක කරලා ගේට්ටුව ගාවට දිව්වා.....

වස්තු.....

මං එච්චරයි කිව්වෙ....ගේට්ටු පියන් ඇරන් එලියට ආව මගෙ බෙල්ල එක පාරම නිම්නගෙ දඩු අඩුවලට අහු උනා....

අනූ...ම්..මගෙ...අනූ....මගෙ....මයුර

රත්තරන් මං හොදින්නෙ.....

ස්..සමාව...මට...මට...

මං මොකටද වස්තුවෙ සමාව දෙන්න ඕනෙ....ම්ම්...කෝ....මූන වත් පෙන්නපන්කො....උඹ රෑ ඉදම්ම.මෙතනලු....කකුල් කඩිත්තුවත් අල්ලලා ඇති කියලා ලොකු හාමුදුරුවො කියනවා.....අනේ මූන පෙන්නපන්කො මගෙ නිම්න...

එයා ඉකි ගහනවා....අඩනවා....ඒ කදුලු වලින් මගෙ උරහිස් තෙමෙනවා....

මේ ආදරේ ආගමක් නම්.....නිම්න...උඹයි ඒ ආදරෙ වදින ගාථාව...රත්තරන් නාඩපන්කො.....

මං මිමිනුවා...එයාගෙ රාත්තල් ගානක බර සුසානෙට යන්නත් කලින් මගෙ උරහෙ උඩ පෙරහුරු බලන වෙලාවක මං අර ඇගේ අමාරුකම් ඔක්කොම තියන් එයාව මෙච්චල් කෙරුවා....

අනූ.....මගෙ...අනූ.....මට කියපන්...වස්තුවෙ....මගෙන් උඹට හීරුමක් වත් උනාද....

නෑ....

මං ඔලුව වැනුවා....අපි අතරෙ උස පරතරේ අගල් දෙකක් විතර ඇති....නිම්නගෙ රැවුල් කොට පිරුන නිකටට හාදුවක් තියන්න ඕනා උනත්....මේක රෝමාන්තික වෙන්න සුදුසු වෙලාවක් නොවෙන හන්දා එයාගෙන් මට රිදුමක් උනාදෝ හිත හිත කදුලු වක්කරන නිම්නගෙ කදුලු පිහ පිහ මං නෑ කියන වචනෙ සිය දහස් වතාවක් දිවුරුවා...අවසානෙදි ඉකිය නැවතුනා...ඒත් එයාට තිබුනෙ හරි හිතුවක්කාර ඇස් දෙකක්....

කියන දේ පොඩියක් වත් හිතට නොගන්න කදුලු කටාරමක්.....

අනූ....

ඇති වස්තුව....මට කියන්න.....ජයවර්ධනට මොකද....

අපි..එයා ගැන කතා කරන්න කලියෙන්...අපි ගැන කතා කරමු අනූ...මන්දා...මන් කලින් ආත්මෙ මොකක් හරි පවක් කරලා තියනවා අනූ....මෙච්චර ආදරෙ තියන මනුස්සයෙක්ව මට මුනගස්සවපු දෛවයම මගෙන් හරි කෲර විදිහට උඹව උදුර ගන්නවා කියන එක මතක් වෙනකොට මන් මෙ මොහොතෙත් මම කරපු පව මොකක්ද කියන්න කල්පනා කරනවා මල්ලි....

මයුර...දන්නවද.....මං කල්පනා කරන වාරයක් ගානෙම හිතනවා...මගෙ මයුර.....උඹ සසර පුරාවටම එක එක නම් වලින් මට විතරක් අයිති වෙන්න ඕන වස්තුවක් කියලා.....

මට බයයි....දවසක.....මෙ හැම දේම වෙනස් කරන හෝරාව එනකන්....උඹ සොහොන් කොත් ගාව තනි රකීවි කියලා...

රත්තරන් මං....මං උඹට අනූ නොකියා සුදු මල්ලි කියන්නද.....???

මන්දා....මං මේ කතාව පටන් ගන්න කලියෙනුත් කිව්වා....මේ දැනුත් කියනවා....ජීවිතේ අන්තෙටම කඩාවැටෙන හමාර බණවර කවි අහන දාට කලින් හන්දියක එයාගෙ මේ මලකද මගෙ උරහිස් උඩ අරන් යන දාටත් මේ විදිහටම කියනවා.....මාව මවාපු වෙලාවෙ මට දුන්නෙ මොන හිතක්ද කියලා මම ආය ආයම මගෙන්ම ප්‍රශ්න කරනවා....

අඩලා..අඩලමද කොහෙද වේදනාවක් දැනුනත් මට දැන් වියදම් කරන්න කදුලු නැති උනා....එයා මගෙන් අහනවා අනූ නොකිය සුදු මල්ලි කියන්නද කියලා .....

හා නොකිය මං වෙන මක්ක කියන්නද.....ඒ මූනට සැනසීමක් ගේනවා නම්....මං එයාගෙන් ඕන කතාවක් අහන්න කැමතියි....

..වස්තුට අයිතිය තියනවා ඕන නමකින් මට කතා කරන්න.....

සුදු මල්ලි.....මගෙ සුදු මල්ලි....

එයා පලවෙනි පාරට මට සුදු මල්ලි කිව්වා....හිත රෝමාන්තික වෙන්නද නැත්තන් අඩා වැටෙන්නද කියලා දෙගිඩියාවෙන් බැට කනකොට මං හරි අමාරුවෙන් හිනා කෙන්දක් හොයාගන මාව හිනැස්සුවා.....

මට කියන්න.....මට පොරොන්දු වෙන්න...මේ ටික කාලෙ ඇතුලත මං හින්දා ඔයා වින්ද දුක්ඛ කන්දරාව මනුස්සයෙක්ට උහුලනවා තියා හිතන්නත් අමාරුයි....මට පොරොන්දු වෙන්න...ඒ දවස මොන තරම් ඈතක උනත්....නිස්කාරනෙ නාස්ති වෙන්නෙ නෑය කියලා ....

මගෙ සැනසීම තියෙන්නෙ දැන්....මාව මරාපු එකාගෙ මරනීය විලාපෙ අහනවට වඩා...උඹ මම නැතුව උනත් හරි පිලිවල මනුස්සයෙක් විදිහට ජීවත් වෙන එක දකින එකෙන් සුදු මල්ලි.....මට බය හිතුනා...මගෙන් හීරුමක් වෙලාදො මගෙ හිතට මං තිත්ත කුනුහර්පෙන් බැන බැන මටම දෙස් දෙවොල් තියාගත්තා.....

මට අහන්න ඕන....ඔයාට කරදරයක් නෑ කියන වචන මගෙ පපුවට ඉස්තීර කරවන්න ඕන....

මං හිනා උනා..මගෙ ඇස් හිනා නොවුනත්...මං හිනා වෙලා රැවුල් කොට වැවුන ඒ මූන අත් දෙකෙම්ම අල්ලගත්තා...හාදුවක් නොතිබ්නොතින් එතන මහා හිස් කමක් වගේ හන්දා මන් ඒ හිස් කමත් හාදුවකින් පුරවලා නිම්නගෙ ඇස් දිහා බැලුවා.....හිනාවෙන කෝපි පාට ඇස් දෙකක්....ඒත් අඩලම ඒ ඇස් නාස්ති වෙලා ගිහින්....

නෑ...මං පොරොන්දු වෙනවා.....මං නාස්ති වෙන්නෙ නෑ...මං දැන දැනමයි මේ ආගාධෙට පැන්නෙ...දවසක....එක මංසලකදි මම නවතින්නත්.....උඹ මාව දාලා ගව් ගානක් ඉස්සරහින් යන්නත් යන බවදැනගනමයි...මං මේ හත් පාට දේදුන්නෙ පැටලුනෙ...මගෙ හිත අවසානෙදි පදම් කරාපු රබන් හමක් වගේ පදම් වෙලා ගියා මගෙ නිම්න...මේ උරහිසෙ ඇට දැන් හයිය වෙලා.....දරාගන යන්න පුලුවන් උඹගෙ බර.....

උඹගෙ සොහොන් කොත ගාව අව් වැහි වලට තෙමි තෙමි යනවට වඩා...මට උඹ නැතුව උඹ එක්ක ජීවත් වෙන ගමන්....උඹගෙ අම්මා හදාපු පාරෙ යන්න තියනවා...මගෙ...අම්මා අප්පච්චිගෙ සතුට ගැන හිතන්න තියනවා...

මිනිස්සු...හම්බ වෙනවා...වෙන් වෙනවා.....ඒත්....මතක වලට ආදරේ කරන ප්‍රේමවන්තයො උන්නයි කියලා මං කොහෙදි වල් අහල නැති හන්දා....උඹත්...මාත්....ආයම හම්බ වෙනකන්...වැටුන.දුරුතු හද ආයම පායන කන් මට පුලුවන් මතක වලට ආදර්‍ර්කරන ප්‍රේම වන්තයෙක් වෙන්න...

වස්සාන කාර්තු ගිම්හාන කාර්තු...සිසිර....කාර්තු එකී..මෙකී...නොකී....හැම කාර්තුවක්ම ඒවි....මට පුලුවන් මතක ප්‍රවේසම් කරන් උඹ එනකන් බලන් ඉන්න....

උඹ හරි හයිය මනුස්සයෙක් සුදු මල්ලි....

ම්න්....මට කියපන් වස්තුව මොක්කද උනේ....

මරණයක් වෙලා....

මරණයක්....කාගෙද....

අවසානෙදි අපේ සමාගම අස්සෙ තිබුන මයුරනිම්න කියන මාතෘකාව අහවර උනා...දැන් තියෙන්නෙ අර ඊට වඩා වැදගත්කතා බහක්.....නිම්නගෙ මූන වෙනස් උනා...උදාරයා අරහෙන් ඉදන් නොන්ඩි කොට කොට බලන් ඉන්නවා.....

කාගෙද වස්තු මරනෙ....ජයවර්ධනයගෙ වෙන්න බෑ....ඌට ජීවිතේට වඩා මරනෙ වටිනාකම දැනෙන්න ඕනෙ...සුසානෙක තියන හුදකලාව ඒහීතල ඌට මේ තරම් ඉක්මනට විදින්න දෙන්න බෑ නිම්න.....

නෑ.....ඌට සිහිවිකල්ල විතරයි ....ඒකත් අඩ හෝරාවකට....දැන් ඌට සහලවලා උන....පිරිත් නූල් බදින්ඩ පන්සල් ගානෙ දුවාවි....ඒත් වැඩක් නෑ....මගෙ සුදු මල්ලි හිතනවද තිස්තුන් කෝටියකට පව්කාර අතක් උඩ ලගින්ඩ වෙන වැඩ නෑ කියලා ...

ඒකා නන්දනීට බයවෙලා....

මං මීක් නොගා නිම්නගෙ කතාව අහන් උන්නා....ජයවර්ධනයට සහලවලා උනලු....ඒත් තව කිව්වෙ නෑ මරනෙ කාගෙද කියලා ....

වස්තු.....

ම්ම්ම්ම්...

කාගෙද මරනෙ කිව්වෙ නෑනෙ.....

ජයවර්ධනයා එක්කම උන්න දකුනු අතකගෙ.....

ජයවර්ධනයා එක්කම උන්න.....වස්තු කියන්නෙ....එදා අර ඉස්පිරිතාලෙ උන්නෙ??

හ්ම්ම්....

මං තත්පර ගානක් බලාගන උන්නා...එකෙක් දැනටම මලවුන්ගෙ ලෝකෙට ගිහින්ලු....ඒත් කොහොමද ??

කොහොමද වස්තු.....?

.....හැප්පිලා කියන්නෙ....ඒක මහ දෙයක් නෙවෙ....පාර බලලා පනින්න එපැයිනෙ....අපි ගෙදර යමුද ...මට ඈතට වෙලා ඉදලා හරි මහන්සි මයුර....මට ළඟින් ඉන්න ඕනෙ...ඉස්සර වගෙ මට දැන් හයිය නෑ සුදු මල්ලි....යන්ඩ ළඟ නිසාදෝ...මට හරි මහන්සීයි....මාව එක්ක ගෙදර යමන් වස්තු....!

😒.....ආයම කොටසකින් එනකන් ...පයිස්සමින් ඉන්ඩ අනෙ....

ආතරෙයි හුගාක්

මං ජොබී බුංජියා

Nedeesha ❤❤❤

More Chapters